Monday, October 3, 2011

නා ලොවින් නයා, බුලත් ගේන කොට දුම් කොළත් ගෙනාවැයි?

කුඩුකාර, බේබදු කතා ලිව්ව ඇතියි කියල හිතුනා.... හැක් හැක්.. කොව්ව උනත් අද මෙව්වා එක ලියන්න හිතුනෙ මුක පිළිකාව ගැන පත්තරේකින් දකින්ට ලැබුනායින් පස්සේ...

අපේ රටේ සංස්කෘතියත් එක්ක ගහට පොත්ත වගේ බැඳිලා තියෙන දෙයක්නෙහ් බුලත් කොළේ කියන්නේ. විජ්ජාත්මකව නම්, Piper beetle කියලත් පාලියෙන් නාගවල්ලී කියලත් සංස්කෘත වලින් තාම්බුල කියලත් කියන්නෙ ඔයිකටම තමයි.  අහ් බුලතේ උපත ගැන කියවෙන කතා අතරින් ජනප්‍රිය එකක් නොවැ නා ලොවින් නයෙක් බුලත් කොලයක් ගෙනාපු කතාව. නොදන්න අයටත් එක්ක ආයේ කියල ඉඥ්ඥං...

අපි දන්නව නොවැ සස ජාතකය. අර හඳේ හාව ඇදුනු කතන්දරේ... සක්කරයට බඩ කින්නක් ආපු වෙලාවෙ ඒකාලෙ අපේ බොධිසත්වයන් වහන්සේ ඒ බඩගිනි නිවන්ට ගින්දරට පැන්නලු. ඊට අනුකම්පා හිතුනු සක්කරයා තමයි ඔය හඳේ  හාව ඇදල තියෙන්නේ. ඔතනින් සස ජාතකය ඉවර උනාට හොඳම හරිය අන්තිමට. කොහොම හරි ඒ සක්කරය හදේ හාවව ඇඳපු බ්‍රශ් එක නාලොවට විසිකරල තියේ. ඉතින් ඒකාලෙ මුචලිද පට්ටම* අරන් තිබුනු නාග රාජයටත් කට පියන් ඉන්න බැරි කමට ඔය විසික් කරපු බ්‍රශ් එක ගිලලා හත් දොහක් ඇතුලත් මැරුනලු. ඉතින් ඒ මැරුනු තැන  භූ මියෙන් තමයි මෙව්ව ලැබිල තියෙන්නෙ. ඒ තේරුමෙන් නොවැ බුලත් කියන නමත් හැදිලා තියෙන්නේ. ඉතින් පස්සෙ ඔය එතන වැවුනු අමුතුම ජාතියෙ ගහෙන් කොලයක් දෙකට නවල කටේ ගහගෙන එතන වුන්නු පරිවාර නාගයෙක් මනු ලොවට ඇවිත් තියෙනවා. එහෙම තමයි ඕන් පෘතුවි තලේට බුලත් ලැබෙන්නේ.ඒත් බුලත් කියන්නේ ඔය අක්කපාන වගේ කොලවලින් මුල් අදින ගහක් නෙවේනේ. පටක රෝපණයෙන් වෙන්ටෑ ඔය කොළේ පැල කොර ගත්තේ. හැබෑ අපි දන්න එකක් යෑ ඔය බුලත් ව්‍යුත්පන්න උනු වල් දර්ශකය එහෙම කොළෙන් මුල් අදින එකක් ද කියලා. ඒක නිසා අපිට මේ වගේ කතා නිකම්ම ප්‍රබන්ද හැටියට අහක දාන්ට බෑ.

කොහොමින් හරි අදත් බුලත් කන අපේ ඈයො ඔක ප්‍රබන්දයක් ය කියල හිනාඅ වෙවී හෝ නොවී වේවා බුලත් නැට්ටේ සහ අනික් කෙලවරේ නයි විෂ තියෙනවයි කියලා උපකල්පනය කරමින් ඒ කොටස් දෙක කඩලා දානවා.

අහ් ඔහොම මනුලොවට ආපු බුලත් ලංකාවට එන්නේ දැනට අවුරුදු 2600ට කිට්ටු කාලෙකට වුඩදි. අර ගෞතම බුදුහාමුදුරුවො චුල්ලොදර මහොදරලගෙ වලිය මෙව්වා කරන්ට ලංකාවට වැඩම කරපු දවස් වල. ඒ දවස් වල යක්ෂ ගොත්‍රිකයොයි නාග ගෝත්‍රිකයොයි වලිය කාලේ ඔය දෙපාර්ශ්වයම තම තමන්ගේ ගැන්සි ගෙන්නන්ට ඇති ලංකාවට. ඔය අතර ආපු නාග ලොකේ ඇත්තෙක්ගේ අතින් අමතක වෙලා ලංකාවෙ බුලත් දඬු කිපයක් වැටිල යන්ට අඑති. කොහොමින් හරි එව්වා අහුල ගත්තු උමා කියන දෙවඟන ඒ දඩූ අඹගහක් වටේ ඉන්දලා තියෙනවා. එහෙම තමයි ලු ලංකාව පුරා බුලත් ව්‍යාප්ත වෙන්නේ... 

දැන් මගේ ප්‍රශ්නෙහ්... නා ලොවින් නයා, බුලත් ගේන කොට දුම් කොළ පුවක් එහෙමත් ගෙනාවැයි? ඇත්තටම දුම් කොළ පුවක් එහෙම මනු ලොවට ආවෙ කොහොමද. නෑ මනුලොවත් ඔනි නෑ. බුලත් තදින්ම බැදිල තියෙන්නෙ අපේ සිංහල සංස්කෘතියත් එක්ක නොවැ. හැබෑට සිංහල දේසෙට කොහින්ද පුවක්, දුම් කොළ..? ඒක නම් නොවිසදුනු ගැටළුවක් මටනම්...

කොහොම හරි එදා හෙළෑ දිවේ බුලත්එක්ක දුම් කොළෑ කෑම පිලිබදවනම් තියෙන සදහන මෙහෙම,
.....සමහරු දුම්කොළ ද මත් ද්‍රව්‍යයක් සේ සලකා දුම්කොළ හැපීමෙනුදු වැළකෙති.
ඒත් එහෙමවත් පුවක් ගැන සෘනාත්මක දෙයක් සදහනක් කරලා නෑ. දැන් හරි. දැන් මුක පිළිකාව එක්ක බුලත් කෑමේ මෙව්වා එකේ සම්බන්දය බලමුකො.

අලුත් පරියේශන වලින් හොයා ගෙන තියේලු මේ පුවක් වල පිළිකා ජනක ගුනයක් තියේ කියලා... දුම්කොළත් එහෙම්මමලු. අහ් බුලත් වලට් නාරටි ආශ්‍රිතව පිළිකා ජනක රසායනික ද්‍රව්‍යක් තියේලු. ඒක තමයි මං මුලින්ම කිව්වෙ නිකම්ම නිකන් ප්‍රබන්දයි කියල ඔය නයි විෂ තියෙන කතා සලකන්ට බෑ කියලා.. ඒකනෙ අපේ ඉස්සර ඉදන්ම තිබුනු සම්ප්‍රාදායට බුලතේ දෙකෙලවර කඩලා දාන සිරිතත් ඇතුල් වෙලා තියෙන්නෙ.. අහ් ඒ පත්තරේ බාබුල් ගැනත් කියලා තියේ. ඔය හැම පැකට් කරන ලද පුවක් වල ඒ පිළිකා ජනක හැකියාව වැඩිලු.

අහ් කෑමට ගන්න හුණු ත් ඔය පිළිකාවට් දායක වෙනපලු. හැබැයි ඒ මෙහෙම. හිරිගල් වලින් එහෙම ගන්න හුණුවල තමයි ලු ඔය ගුනේ තියෙන්නෙ. අර සිප්පි කටුවලින් ගන්න හුණුවල  ඒ ගුනේ නෑලූ.  අන්න එකනිසා අපිට පොඩ්ඩක් ධනාත්මකයි. මොකද අපේ සංස්කෘතියට අනුව විට-හණු ගන්නේ වැරෑටි කියන ගංගා බෙල්ලගෙන්. :)  දැන් ඉතුරු වෙන්නෙ පුවක් විත්‍රයි. කොහොමත් රොබට් නොක්ස් කාරයා* කියන විදියට ඒ කාලෙ අපේ මිනිස්සු වෙනින් ආහාරයක් ගන්න කොට ඇරෙන්න අනික් හම වෙලාවකම විට කෑවයි කියලා.. එක එහෙම නම්, ඔය කියන විදියට පුවක් වල පිළිකා ජනක තත්වයක් තියේනම් අද වෙනකොට සිංහල මිනිස්සු බොහො දුරට වඳවෙලා ගිහින්  ඉන්ට එපෑය.

කොව්ව කොහොම වුනත් මේ එක එක අලුත් සොයා ගැනීම් නිසා අපේ පැරැණි සිරිත් විරිත් එහෙම්මම අහක දාන්ට බෑ නොවැ. :)

ප.ව.
*මුචලින්ද කියන්නෙ පට්ටමක් මිසක් එක පුද්ගලයෙක් නෙවෙයි. හරියටම ජනාධිපති පට්ටම වගේ. කාලෙන් කාලෙට ජනාධි පති මාරු වෙනවා. ඒත් එයා ඉන්න ටික කාලෙ ඉන්නෙ ජනාධිපති කියන පුග්ගලයෙක් විදියට. මුචලින්ද විත්‍රක් නෙවේ ඔය පට්ටමට අයිති වෙන්නේ. සක්කර කම කියන්නෙත් පට්ටමක්. ඔය කවුද කලින් හිටපු බුදු කෙනෙක්ගේ කාලෙ ගෞතම බොදි සත්වයන් වහන්සෙත් සක්කර පට්ටම හොබවලා තියෙන්නේ. හැක් හැක්. ඒක නිසා මුචලින්ද කියල සස ජාතකේ මැරුනු කෙනා නෙවෙයි අර ගෞතම බුදුහාමුදුරුවන්ගෙ සයවෙනි සතියේ ඉන්නේ හරිය...?

*රොබට් නොක්ස් කාරය කිව්වට කවුරුත් කලබල වෙන්ට එපා. ඒ ප්‍රින්ටින් මිස්ටේක් එකක් නෙවෙයි. මං එක ඉච්චානුගවයි කිව්වේ. :) එදා හෙළෑද්ගිව උනත් අවදානෙන් කියෙව්වොත් එහෙම කිව්වට ඒ හැටි කලබලයක් වෙන්නේ නෑ මයෙ හිතේ...

ප. ප. ව.
මුක පිළිකාව ගැන ගියේ ගිය සතියේ විදුසර පත්තරේ. :) ඒකෙ තිබුනු බාබුල් කතාව දැක්කාම ඇගේ මයිල් කෙලින් වුනා.. ඇයි හත්දෙයියනේ  ඔය පැකට් කරපු පුවක් විච්ච, බාබුල්, මාවා, පැණි පුවක්, ඈන්ස් වලින්නේ අපි ඉස්සර දවස ගෙව්වේ... :O

12 comments:

  1. සුපිරි පෝස්ට් එකක්.... මටත් බුලත් කන්න ආසයි... ඒත් ඕව කෑවහම හබුං කන්න බෑනෙ බං.. :(

    ReplyDelete
  2. නියම ලිපිය..අන්තිම ටික වැරදිලාද??? :D

    ReplyDelete
  3. හි හි , මුචලින්ද බ්‍රෂ් එක ගිලපු කතාව නම් මරු...

    ReplyDelete
  4. අර අන්තිම ටික මොකද මන්දා කුරුටු ගාලා.. ඉතිහාස කතාවනම් මරු....

    ReplyDelete
  5. //බුලත් තදින්ම බැදිල තියෙන්නෙ අපේ සිංහල සංස්කෘතියත් එක්ක නොවැ.//

    මලේ පකිස්තානෙ පැත්තෙත් එමටමයි

    ReplyDelete
  6. "කාලෙන් කාලෙට ජනාධි පති මාරු වෙනවා"

    තාත්තාගෙන් පුතාටද? අය්ය මලෝ අතරද?.....හිකිස්....

    ReplyDelete
  7. බුලත් දැකල මේ පැත්තේ ආවේ .අමුතුම විලාසෙකින්නේ ඔයා ලියන්නේ . සමහර වචන වැරදිලා ද හිතලම වෙනස් කරලද හිතා ගන්න බැහැ. හැබැයි මොකක්ද හිත ඇද ගන්න ගතියක් තියෙනවා මේ කලාවේ. මමත් වරක් ඔය ගැන ලිව්වා . කැමති නම් කියවන්න
    .http://nelumwila.blogspot.com/2011/05/blog-post_29.html

    බුලත් ..පුවක් ..හුණු තුන එකට බැඳුන අය .අපේ විතරක් නෙමේ මුළු ආසියාවේම . ඔය නයෙක් ගාව ගන්න ඇත්තේ මෙතන තියෙන විෂ සහිත බව පෙන්වන්න වෙන්නත් පුළුවන්.

    මහේෂ්ගේ බ්ලොග් එකේ මුඛ පිළිකා වැඩිම රටවල් අතර ලංකාව පෙරමුණේ බව කියල තිබ්බ.
    http://nursinglanka.blogspot.com/2011/09/60.html

    එහෙම බැලුවම සිංහලයා වඳ නොවුනත් මින් විශාල බලපෑමක් ඇති වෙන්නේ නැහැයි කියන්න නම් බැහැ නේද හිච්චි. ඇත්ත තමා සංස්කෘතික අංග අත හරින්න හොඳ නැහැ . මද පමණට කොයිකත් තිබ්බට වරදක් නැහැ . ඕනවට වඩා ඕනෑම දෙයක් නරකයිනේ .

    ලින්ක් දැම්මට අමනාප නොවන්න . ලිපි දෙකම 100% ක් ලිපියට සම්බන්ධයි

    ReplyDelete
  8. සුපිරි විදියට ලියලා තියෙනවා.හරිම ආසාවෙන් කියෙව්වේ.උබේ බ්ලොග් එකේ හැමදේවල් ගැනම ලියවෙනවානේ මලේ... කක්ක,චූ,වැල,මල,ජෝක්,විජ්ජා,ලව්,තාක්‍ෂනේ,බයිලා,.......අම්මෝ....

    ReplyDelete
  9. සියලු දෙනාටන්ම ඉස්තුතියි. ඒත් මං අරෙම්ම කිව්වේ මේ මුඛ පිළිකාවට සෘජුව පුවක් සම්බන්දයි කියල තියෙන නිසා. පුවක් වුනත් ප්‍රබේද තියේ... අනික මේ ලංකාව ඇතුලෙ පුඛ පිලිකාව වැඩි වුනේ මෑතක. ඒ වගේම බුලත් කෑමත් දැන් අඩුයි., ඉතින් කොහොමද කියන්නෙ බුලත් කෑම පිළිකාවට බලපානව කියලා... :) අනික සංස්කෘතියත් එක්ක බැදිල තියෙන්නෙ අතීතයේ පුවක් කෑමෙ චාරිත්‍රය විදිය. ඉස්සර බුලත් කෑවේ ගංගා බෙල්ලන්ගෙන් ගත්තු හුනුත් එක්ක තරමක් මුහුපුරාගිය පුවක් එක්ක. අන්න ඒ විදියේ චාරිත්‍ර විදි වලින්පිළිකා හැදිමේ අවදානම අඩුයි. :)

    ReplyDelete
  10. ලංකාවෙ ප්‍රධාන පුවක් ගැණුම්කරු පකිස්ථානෙ. කේරලේ පුවක් වලට කියන්නෙ පාකු. බංගලි ගෑණු චුයිංගම් වෙනුවට හපන්නෙ විට. ඉන්දියාවෙ සාරවිට කන්නෙම ලොකු ලොකු පොරවල්. ඔය විදියට මේක මුළු දකුණු ආසියාව පුරාම පැතිරිල තීනව. ලංකාවෙ මුඛ පිළිකා වැඩි විට කන හින්ද කියල කවුරු හරි හොයාගෙන තීනවද? ඒකට වෙන හේතුත් තියෙන්න බැරිද?

    ReplyDelete
  11. මමත් බුලත් විටක් කාලා මත් වෙලා ගොඩ ආවේ සීනි කාලා...එදා ඉදන් බුලත් කන්න බයයි.....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...