Thursday, September 29, 2011

මූ තාමත් ඩෝන්ට් කෙයාර්...!!!

හ්ම්ම්.. අපරාදෙ මයෙ කොමාව.. හෙ හෙ.. එව්වයෙන් වැඩක් නෑ අප්පේ... හිච්චියි කියලා කිව්වට මොකො ඕන් දැන් පුත්තරයගෙ නම බොරැල්ලෙ පොලිසියේ දෙවැනි පාරත් ලිය වෙලා... හැක් හැක්...



පළවෙනි පාරනම් ඔය ඇබිත්ත්යා කාලේ තාප්පෙක ඉස්ප්‍රේ කොරන්ට ගිහින් පහුවදා ඉස්කොලෙටම ඇවිත් පොලිස්මාමලා කුදලගෙන ගියපු සිද්දියක්.. ඉස්කූල් යුනිපොම් එකේන් හිටපු නිසයි ඉස්කොලෙට අල්ලපු වැටේ පොලිසිය තිබුනු නිසයි කිසිම ආතල් එකක් තිබුනෙ නෑ ඒ පොටේ... හැබෑ ඉතින් මෙදා පොටේ අනෙ අම්බෝ.. පන් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ....

හරියටම ගිය අඟහරුවාදා... සුදු කොක්කු රෑන සේ කියල ගෙයින් එලියට බහිද්දි පියා කියාපි අදනම් ඉස්කොලෙ යන පාටක් පේන්ට නෑ කියලා... හැක් හැක්... නමෝවිත්තියෙන් සුබ වැඩකට ගෙයින් එලියට බහිද්දි ඔහොම අව කැපෙන කතා අහන එක හරිද මං අහන්නේ? හැබෑටම ඉස්කොලෙ නොයන එක වෙනම කතාවක්.... හැක් හැක්.. කොවුව කොහොම හරි ඕන් බොරැල්ලේ වයි ඇම් බී ඒ කෑල්ලෙ මෙව්වා එකට ගිහින් ඇදුම් මාරු කරගෙන අහවර අපිලා ගිනිදෙවි පුදල ඕන් වැඩ ඇබරුවා. අබරන්ට කොයින්ද බොලැ පස්පංගුව..? පස්පංගුව ගන්ට ඉතින් පාර්මාසියක්ම හොයන් යන්ට වෙනවනෙ අප්පා...

අහ්.. මේ පාර කුලක උනේත් යටගියදවස පිරිත් ගෙදරක සැට් වුනු උදවියම තමා.. ඔතන උන්නා චරිත් කියලා හාදයෙක්.. ඔව් ඔව් අර එදා මං බයික් එකේ ගියේ ඌ එක්කලා තමයි. මගේ බයික් එකේ යෑමෙ හිරි ඔතප් බින්දෙත් මෑන්ස්ම තමයි. ඉතින් කොහොමින් හරි පස්පංගුව වෛද්‍යසහතිකයකින් තොරව දෙන පාර්මාසියකට බොරැල්ලටම තිබ්බෙ මැගසින්රෝඩ් එක අස්සෙ තිබුනු ඉස්පොට් එකක්... ඉතින් අර චරිය කියන හාදයයි මමයි  ඉතින් අහල දන්න කියන බයික් සේල් අයියා කෙනෙක්ගෙන් බයික් කෑල්ලක් රෙන්ට් එකට ඉල්ලගෙන ඕන් ඉස්පොට් එක බලා පිටත් උනා..කොකත් කියල ඒ අයියගෙන් හෙල්මට් ඈලි දෙක් ඉල්ල ගත්තෙ අතන සයිකල් බසාර් එක ගාවින් හරවන තැන පොලිස් අන්කල් කෙනෙක් ඉන්න නිසායි.

ඉතින් අපි සාමාන්‍ය විදියට එතන පාරින් හැරොලා හෙල්මට් දෙක ගලෝල මං එව්ව දෙක අතට ගත්තා. ඒ හැටි ලොකු පාරක් නෙවේ නිසා ඕන් අපි අරූගේ මධ්‍ය වේගයෙන් 80ට විත්‍ර යනවා... යන අතරෙ මෙන්න බොලෙ බඩු මාලු පාන් විය. ඉස්සරහින් පොලිස් ජිප් එකක්! ඒයාල අපිට හෙඩ් ලයිට් ගහල නවත්තන්ට සිග්නල් එක දුන්නා.... අපිත් ඉතින් ලැජ්ජා බයට හැදුනු කොල්ලො විච්චි බයික් එක ඉස්ලෝ කරා... දැන් ජිප් එකත් එක්ක ඒ හැටි දුරක් නෑ.. ජිප් එක හැඩේට නවත්තලා තිබුනේ. ජිප් එකේ පිටිපස්සෙ තුන් හුලස් හැඩේට තාප්පෙත් එක්ක ගැප් එක්  තියේ.. බයික් එකේ හැඩල් එක ගෑවී නොගෑවී යන තරමට ඇති. හෙනයක් ගැහුවා වගේ නිවුටන් ගෙ දෙවන නියමය අරූ සිහි කරගෙනම බයික් එකට උපරිම ත්වරනයක් දුන්නා... ඒත් එක්කම දකුණු අත පැත්තෙන් තිබුනු තාප්පේ කපරාදුව පසාරු කොරගෙන ගියා. වම් අත පැත්තෙ ජිප් එකේ පිටිපස්සෙ ලයිට් එක් බිදුනා..  හැබෑ අරූ නිවුටන්ගෙ දෙවැනි නියමය සිහි කොරාට මොකො මට තුන් වෙනි නියමෙකුත් තියෙන විත්තිය මතක් උනේ මාව බයික් එකෙන් වැටුනයින් පස්සෙ..

මගේ එක කකුලක් බයික් එක උඩ. අතේ තිබුනු හෙල්මට් දෙක දෙපැත්තට රෝල් උනා. එහෙම්ම ඉන්න ගමන් මං එක හෙල්මට්ටුවක් අල්ල ගත්තා... අනික් හෙල්මට්ටුව ජිප් එකෙන් බැහැපු පොලිස් මාම කෙනෙක් මට ඇහිදල අතට දුන්නා.. අහ් අතටම නෙවේ.. උරහිසට.. ඉහික්.... දිපු එකත් දුන්න හොදට දුන්නා.. අර අංගම්පොර එකේද මොකේද තියෙන නිලවලට ගහන මෙව්වා එක වගේ මුලු ඇඟම හරහා විදුලියක් ගලාගෙන ගියා... හැබෑට එතනත් නියලක් ලුනේහ්... එහෙම්මම මාව වැටෙනවත් එක්කම අරූ බයික් එක අද්හලා ගියා... ඒ යනකොටම තමයි උට මාව වැටුනා කියල මතක් වෙලා තියෙන්නේ.. ඌත් ක්ෂණික ගියාට මොකො මාව වැටුන දැක්කාම ඌ නැවැත්තල පොලිස්මාමලාට බාර උනා... අහ් අපරාදෙ කියන්න බෑ බිම වැටුනු මාව කෙලින් කොරන්ට එතන උන්නු අනික් පොලිස් මාමලා ගොඩාක් උත්සහ ගත්තා.. හැබෑ එයාලගෙ පොඩි අසාර්තකත්වෙකට තිබ්බේ, කෙලින් හිටපං කියල විසිවෙන්න කනට ගහන එක තමමා.. ඔය අතරෙදි අරූත් ගැහුවලු.. මට ඒ හැටි මතකයක් නෑ... මගේ කනේ අර්ධ චක්‍රාකාර නාලා ත්‍රිත්වය අස්සෙ තිබුනු තරලය හෙල්ලිච්ච නිසා මගේ සමබරතාවය පොඩ්ඩක් අප්සට් ගහල තිබුනේ..  පස්සෙ එහෙම්ම අපිව පොලිස් ජිප් එකට දාගත්තා. අපි දෙන්න මූනට මූන හිට්න්න. මයේ දෙපැත්තෙ පොලිස් මාමලා දෙන්නයි. ඉස්සරහා අරූයි. උගේ දකුණු පැත්තේ වෙන කුඩු සීන් එකට අල්ල ගත්තු මාම කෙනෙකුයි උට වම් පැත්තෙ තවත් පොලිස් අන්කල් කෙනෙකුයි තමයි ඉස්තාන ගත උනේ. නැගල අහක්කලා අපිට කිවා ශර්ට් ගලෝන්ට කියලා. ඉතින් අපි දෙන්නත් එහෙම කොරා. පස්සෙ අරූගේ එක අතක් පුරෝලා මෙව්ව පටි. එව්ව ටිකත් එක අන්කල් කෙනෙක් කිසිම හිතක් පපුවක් නැතිව කපලා දැම්මා...

ඉතින් ඇත්තටම බොහොම සුගද ශීලි විදියට අපිට ජිප් එක ඇතුලෙදිත් ආහාර පාන සපයන්ට ඒ මාමලා අමතක කරේ නෑ. මට වෙලාවකට හිතුනා අර ආතර් සී ක්ලාක් මාමාගේ අනාගත විශ්ව ගම්මාන සංකල්පය යටතේ මේ වෙනකොට අපේ අම්මලාගෙ තාත්තලාගෙ දත් වයිබ්‍රේට් වෙනව ඇති කියලා... ඇයි අපිත් නිකා හිටියෑ... අපිට සලකපුවට අනුලෝමිකව ඒ ඒ අයගෙ අම්මලගෙත් දත් වයිබ්‍රේට් වෙන්ටෑ..

හැක් හැක්. කොහොමින් හරි අපේ නිශ්චල වෙමින් තිබුනු කර්ණශංක තරලය අනුයාත පහරවල් මගින් සොලවන්ට අපිත් එක්ක ගිය පොලිස් මාමලා අමතක කරේ නෑ..

මැගසින් රොඩ් අස්සෙ ඉදන් බොරැල්ලෙ පොලිසියට යනට ඒ හැටි දුරක් නොතිබුනාට මොකො අපිටනම් එතෙන්ට හද්ද වෙලාවක් ගියාවගේ දැනුනා.. පස්සෙ හද්ද වෙලාව ගෙවල අහක්කලා අපි පොලිසිය ඇතුලට ගියයි කියමුකො.. එත්ගනදිනම් පෙර සේ  'හොඳට' සැලකුවෙ නැති උනාට මොකො සලකුවෙ නැත්තෙමත්  නෑ.. කොහොමින් හරි අපිට එතන හිටපු ලොකු මාමා ගෙවල් දැනුවත් කොරන්ට කිව්වා... අනේ ඉතින් මගේ සුපුරුදු බොදල මූන දාගෙන බෑම කියල මං කිව්වා.. එතකොට මාත් එක්ක උන්නු හාදය එතන මට කෑ ගහනවා 'පොඩ්ඩක් හිටහන්කො බං මුන්ට මෙව්ව එක නොදී...' ඒක අර එතන උන්නු මාමලාට ඇහුන විත්‍රයි පුත්‍රයට සැලකුවෙ "මූ තාමත් ඩෝන්ට් කෙයාර්..." කියලා.. හැක් හැක්... ඔය විදියට සංග්‍රහ පිට සංග්‍රහ ලබමින් අපි තුමන්ලා සතුටින් සැපෙන් කල් ගෙවන කොට අරූගේ වාරෙ ආවා ගෙවල් දැනුවත් කරන්ට.. අහ් මගේ වාරේ ඒ අන්කල්ට අමතක වුනා ඩොන් කෙයර් සීන් එකෙන්... ඉතින් අරූ උන්ලගේ පියාට කොල් එකක් දුන්නයි කියමුකො එහෙනම්.. පස්සෙ අයෙ මගේ වාරේ මතක් වෙලා... දැන් මට ගෙදෙට්ට ගන්ට කියනවා... මං බෑ කියනවා.. අයෙ මට සලකනවා ගන්ට කියනවා... පස්සෙ වැඩෙ හරියන්නෙ නැති නිසා ඒ ලොකු මාමා පොන් එක අරන් ගෙදර නොම්මරේ හොයලා ගන්ට යනවා.. මං එපා කියල කෑ ගහනවා.. එතන එක විකාරයයි. කොහොම හරි ඒ මාමා ගන්ට කලින් ඕන් කෝ ඒ මාමගෙ රාජකාරි මෙව්ව එකට කෝල් එකක් එනවා..! :D :D :D

හැක් හැක්.. කතාවට ගෑණියෙක් පිරිමියෙක් කිකරන්ට බෑ කියල කිව්වට මොකො බල්ලෙක් පුතෙක් කරන්ට බෑ කියල කතාවක් නැත්තෙ මොකො දන්නෙ නෑ... කොහොමින් හරි ඒ කොල් එකෙන් පස්සෙ බල්ලෝ පුතාලා විය. පුතාල කාලද...? අත තුවාල වෙලාද? අත රිදෙනවද? බඩගිනිනම් මොනා හරි කැන්ටිමෙන් අරන් දෙන්ටද? අනේ මංදා ආතර් සී ක්ලාක්ගෙ වර්තමාන විශ්ව ගම්මාන මෙව්වා එකේ ඓශ්චර්යය තමයි ඉතින් වෙන මොකද්ද?

ඉතින් පස්සෙ අපේ මිත්‍රයගෙ පියා එතෙන්ට වාර්තාකරා කොහොම හරි. ඒ ලොකු මාමත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉදලා ඒ මාමා බයික් එකේ යතුර අරූගේ පියාගෙ අතට පත්කරා.. හැක් හැක්... පස්සෙ ඒ මාමා ඉස්සරහම උගේ පියා ඌ අතට යතුර දීල අනික් දවසෙ හෙල්මට් එක දාගෙන යන්ට කියල කිව්වා.. කොව්ව උනත් අපි ලැජ්ජ බයට හැදුනු කොල්ලොනෙහ්.. ඒකනිසා අපි එතන අපිට නන් අයුරින් සලකපු හැම පොලිස් නිලදාරි මහත්මේක්ගෙම පාද පද්ම නම්ස් කාරල නමෝ විත්තියෙන් අඟේ පතේ වේදනාවද මැඩගෙන බයික් එකේම අවශ්‍ය අවශ්‍ය තැන් කරා යාත්‍රා කරා... :)


 ප.ව.
ටියුබ්ලයිට් ඈයන්ට, ආසර් සී ක්ලාක්ගේ අනාගත විශ්ව ගම්මාන සන්කල්පේදි කියල තියෙන්නෙ සංනිවේදන උපකරන කොච්චර පුංචි වෙනවද කියනවනම් දතක් සිදුරු කරලා ඒ හිල අස්සෙ උපකරනේ දාන් යන්ට ඇහැකි ගානට පුංචි වෙනවයි කියලාලු. එතකොට කොල් ගන්නෙ එන්නෙ? අහ් ගන්නෙ, ගත යුතු කෙනා ගැන මෙනෙහි කරලා.. එනකොල් එක දැනගන්නෙ ඒ මෙව්ව එක වයිබ්‍රේට් වෙලා.. හොද වෙලාට ඔය අනාගතෙ වෙන දෙයක්.. දැන් උනානම් ඉතින් පොලිස් මාමලාගෙ දෙමාපියොයි අපේ දෙමා පියොයි බලයි මොකො මේ  දත් වයිබ්‍රේට් වෙන්නෙ කියලා.. නැද්ද මං අහන්නේ... ;)

14 comments:

  1. තොට ගෙම්බා කිව්ව නේද පොලිස් කේස් එකක් ආවොත් කෝල් කරපිය කියලා,
    සික්,
    උබලා කිසි වැඩකට නෑ :P

    අපරාදෙ ඉල්ලන් ෆුකේ ටිං කිරි ගාගන්නවට!

    ReplyDelete
  2. අපරාදෙ නෙමේ හොද වැඩේ කියලා දාගනින්!

    ReplyDelete
  3. හොදට සැළකුම් ලැබිලා වගේ..........

    ReplyDelete
  4. මේ කථාව ඈථ්ථක් ද?

    අපි වගෙ පොඩි කොල්ලන්ට හොද නෑති හන්ද පොලිZ කාරයො බොව කුදලන් ගිය ථනන් ඉදන් මන් කියවීම ශ්තොප්Oප් කරා

    ReplyDelete
  5. බොරැල්ලේ පොලිසියේ කරුණාව නම් මාත් හොදට දන්නවා. අප්පච්චියේ ඔය හෝටලෙන් මං කිපාරක් කාලා ඇද්ද?. YMBA 1ත් අපේ සුපුරුදු පොට් 1ක්.
    මක්කද බං බොරැල්ලෙ පොලිසියට‍ අල්ලපු වැටේ තින ඉස්කෝලෙ?. ළගම 1 නම් ඔන් අපේ ඉස්කෝලෙ.

    ReplyDelete
  6. සිරාවටම ඇත්තටම මේක උන එකක්ද? කොහොමත් මලියට කොල් නොකරපු එක නම් හොදා නැත්නම් දවසින් එන්න වෙන එකක් නැ

    ReplyDelete
  7. බොට හොද වැඩේ.. :ඩී ;ඩී

    ReplyDelete
  8. මේක ඇත්තද කියලා මටත් හිතාගන්ට බෑ නොවැ.යාලුවාගෙ තාත්තත් මරු වැඩ තමයි කරන්නෙ. ඔයාලට ලයිසන් තිබුනාද??

    ReplyDelete
  9. අනේ වාසනාවන්./.. තොට මෙහෙම වෙන්නෙ කවද ද කියල මම ඇගිලි ගැන ගැන බලාන හිටියෙ.. හැක් හැක්.. :D

    ReplyDelete
  10. හැක් හැක්.. එහෙනම් ඉතින් KCත් සුසමේ කොල්ලෙක් වෙන්ටෑ... ;)

    ReplyDelete
  11. ඔව් ඔව් පොඩි පුතේ. ලංකාවෙ විනය ගරුකම ඉස්කෝලෙ තමයි.
    මොනවා උනත් බ්ලොග් 1 නම් එළ. දිගටම කරන් පලයන්.

    ReplyDelete
  12. සික් බොල . . . තොපි පස්පංගුව ගහනවද තාම ????

    ප.ලි.
    ඔය කියන පාමසියෙ තාම පස්පංගුව දෙනවද ???? මම හිතුවෙ දැං නවත්තල ඇතියි කියල

    ReplyDelete
  13. හැක් හැක්... කවුද බං දන්නෙ ඔනයො.. මත් ඔය පැත්තෙ ගියේ මාසා අටකට විත්‍ර පස්සෙ.. ඒ කාලෙනම් පස්පංගුව දුන්නා.. දැන් කොහොමද දන්නෙ නෑ. මොකො අපිට පර්මාසියට යන්ට උබ එක් යෑ... පොලිස් මාමලා අපිව කුදලන් ගියා නොවැ....

    ReplyDelete
  14. වරදට දඬුවම් දිය හැක්කේ උසාවියට පමණි.
    ඒවාද ශාරීරීක වද හිංසා නොවේ.
    මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න.

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...