Sunday, September 25, 2011

මට සමාවෙන්න! බොක්කෙන් ආදරය කරන්න මට බොක්කක් නෑ෴

ආදරණීය ඒකි,

මතකද?
ඔයා මුලින්ම මට
කැමැති වුනෙත්
මේ බ්ලොග් එකේ
පොස්ට් එකක් කියෝලා

ඒත්...

මේකෙ ලියන
පොස්ටුත් එක්ක
වණදැසියන් පස්සෙන් යන
වනචරයෙක් වගේ
හිතෙනවා ඇති නේද?

එහෙමත් නැත්නම්,
මේ තරහ උනේ මගේ
බෙබදු කමටද?
හ්ම්ම්... ඔව්, 'සුරාසොඬා!'

ඒත් මතකද
අපි ඒ දවස් වල
බේබදු කමයි ආදරය ගැනයි
කතා කරා..?

අර මං කිව්වේ
දුකේදිත් සැපේදිත්
අතේ සල්ලි තියේනම්
විත්‍රක් ලඟ ඉන්න කෙල්ලන්ට
වඩා අරක්කු හොඳය කියලා..
ඒත් ඔයා එහෙම නෙවෙයි...!

ඇයි අර ප්‍රශ්නෙහ්..?
මං බීල කණුවක් පල්ලේ
ඇඳන් වැටිල උන්නොත්
කොල්ලෙක් මිසක් කෙල්ලෙක්
ගෙදරට ගිහින් දාන්නෙ නෑ
කිව්වේ...

ඔව් මම දන්නවා...
ඔයාට වුනත් ඒ දේ
කරන්ට අමාරු විත්තිය..
ඒ කොව්වා උනත්
මං එක දෙයක් දන්නවා,
ඒ ගෙදර ගිනිහින් නොඇරලුවට
වෙරි හිදෙනකන් මයේ ලඟට වෙලා
ඉන්න විත්තිය......

ඒත් දැන් එව්වා මුකුත් නෑ..!
මනුස්සේක්ට හැදෙන්න
එක අවස්තාවක් හොදටම ඇති..
ඒත් ඔයා මට අවස්තා කීයක් දුන්නද?
ඒ ඔයා මට බොක්කෙන්ම ආදරේ කරපු නිසා..........

අනේ මට සමා වෙන්න!
මට එහෙම අදරය කරන්න බොක්කක් නෑ..
එදා ඉදන් ඒක දියවෙනවා...


ප.ව.
මේක රසාත්මක වාක්‍ය සමූහයක් හෙවත් කවියක් නෙවේ.. නිස දෙසකුත් නෙවේ.. බ්ලොග් ලියන ඇපිට මේ බ්ලොග් වලින් ඇති වුනු ගොඩාක් වටිනා දේවල් වගේම නැති වුනු ගොඩාක් වටිනා දේවලුත් ඇති. ඒත් වටිනා දේ බ්ලොග් එකෙන්ම ලැබිලා ඒක බ්ලොග් එකෙන්ම නැති වෙනවා කියන්නෙ තරමක් දුකින් වැඩි දෙයක්... ඒත් ඒකට කරන්න ඔනි දේ නම් මං දන්නේ නෑ... කොව්ව වුනත් බ්ලොගියට කොමාවක් තියන්න හිතුවා... :)

14 comments:

  1. බොක්කක් තිබුනත් ලොක්ක බොක්කෙන් ලව් කරන්න යන්න එපා... ඒක ආහාර ජීර්ණ පද්ධතියෙ කොටසක්නෙ... හයිපො තැලමසෙන් ලව් කරපන්... එතනලු ලව් කියන එක හැදෙන්නෙ ;)

    බ්ලෝගේ නවත්තන්නෙ මොකටද සහෝදරය... ඒක නිකන් වාහෙ එක්ක තරහට නාහෙ කපාගත්ත වගේ වැඩක් වෙයිද මන්ද..

    ReplyDelete
  2. හේ හේ.. මං නිකන් කිණ්ඩියට වගේ බොක්ක ගාව ගත්තේ.. හැබට හයිපොතැලෑමසෙන්දෑ ආදරේ මෙව්වා වෙන්නේ...? o.O මං අහල තියෙන්නෙ අර අලිගැටපේරගෙඩියක් වගේ තියෙන ඇමිග්ඩලාව කියන එකෙන් ආදර හැගීම් මෙව්වා වෙනවා කියලානෙහ්....

    ReplyDelete
  3. හිතේ වේගෙට බ්ලොග් එකට " කොමාවක් " තිබ්බට කමක් නෑ සහෝ " තිතක් " නොතියා...
    ඔන්න ඔහේ තරහත් පිටවෙන්න එක්ක කුරුටු ගාන්න හිතේ තියෙන ඔක්කොම.....තිත නිවේවි....

    ReplyDelete
  4. බිව්වම නම් බොක්ක දිය වෙනවා තමයි කොල්ලො.
    එත් කෙල්ලන්ට බොක්ක දීගෙන නම් ලව් වලට යන්ට එපා.

    ඇනගත්තම ඇඬෙයි උඹටම..

    ReplyDelete
  5. සුපිරියි...වැදුණා... බොක්කටද තැලමසටද කියල තමයි දන්නේ නැත්තේ.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. එල බන්... ලියන එක නවත්වන්න, එපා දිගටම ලියන්න..
    (මාත් පොඩි කොමාවක් දැම්මා)

    ReplyDelete
  8. ඔය ඉතුරැ වෙලා තියෙන කොටසවත් පරිස්සන් කර ගන්න නැත්නම් අන්තිමේදී ඔයාට බොක්ක වගේම හදවතත් නැතිව යයි.

    ReplyDelete
  9. බුට් සපත්තු පාරක් වැදුනද?

    ReplyDelete
  10. :O ප්‍රතිචාර වලට ඉස්තුතියි. එයා තරහ වෙලා තියන්නෙ ආදරේට. හැක්. අපරාදෙ මගේ කොමාව...

    ReplyDelete
  11. එහෙනම් ආයෙමත් දිගටම ලියනවානේ???

    ReplyDelete
  12. අම්මපා මල්ලි උඹට තියෙන ප්‍රශ්න මේ මටවත් නෑ :ඩී

    ReplyDelete
  13. හැක් හැක්......
    තෝ කොමා තියන එක අමුතු දෙයක් යැ...
    හැමදාම තියන්නෙ කොමානෙ..
    එක පෝස්ටුවකට පස්සෙ ආයෙ එකක් වැටෙන්නෙ කී දොහකිංද ?
    හැමදාම කොමා තියන එකා අමුතුවෙන් කොමා තියනව කියන කියන්න ඕනෙ නෑ...
    තෝ තනිකර කොමෙක්.. කොමා තියන කොමසාරිසයෙක්... :P

    ReplyDelete
  14. බොක්කෙන් ලව් කරන්න එපා,එකී හිතයි උබ මලපෙරෙතයෙක් කියල.හදවතින් ලව් කරපන්.බොක්කට කන එව්වා දිරවන්න ඉඩ තියපන් :p

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...