Saturday, September 3, 2011

පෙම්වතෙක්ද මං?

ආදරණීය ඒකි,
අරයගෙ කොල්ලා
එයාට ගොඩක් ආදරෙයි නේද?
එයා සෝසමලක් වගේ කියලත් කියනවලු

එතකොට
අරයගෙ කොල්ලා
ඒ දෙන්නත් කිරියි පැණියි නේද?
එයා රත්තරන් වගේ කියලත් කියනවලු..

ම්ම්ම්ම්....
ඒත් අපි දෙන්නා...?
මට ඔයා සෝසමලක් වගේ පේන්නෙ නෑ..
මට සමා වෙන්ට..!
මට ඔයාව රත්තරන් වගේත් පේන්නෙ නෑ..
ඒකටත් සමා වෙන්න...

මට ඔයා වාමාවර්ත කස්කුරුප්පුවක් විතරයි...........

10 comments:

  1. ඒ උනාට මේ ඉස්කුරුප්පුවවත් නැත්නං ඔයාට හුලං නේද ......

    (ආදරණීය වාමාවර්ථ ඉස්කුරුප්පුව)

    ReplyDelete
  2. හෑ... මොන කුණුහබ්බ හිතුවද මංදා.. ඉස්කුරුප්පුවයි කස්කුරුප්පුවයි දෙක්... :O

    ReplyDelete
  3. මල්ලීගේ අත්දැකීම් වෙන්නට ඇති නේද මේවා....??? කොහොමවුනත් සුපිරි...

    ReplyDelete
  4. හි හි....පවු අහිංසක ඒකි..:(

    ReplyDelete
  5. මේ ඔය කස්සරුප්පයයි කියන්නෙ මොකද්ද??

    ReplyDelete
  6. ඒ කියන්නෙ උඹේ කෙල්ල හැමදාම වයින් බෝතලයක් උඹට කඩල දෙන ජාතියෙ කෙනෙක්ද?...

    ReplyDelete
  7. අඩේ ඇගිල්ලා.... මම මේකට ලයික්.... :) හොද තේරුමක් සාම්ප්‍රධායික කමෙන් ඔබ්බට.. :)

    ReplyDelete
  8. අඩේ සුළැඟිල්ල, කස්කුරුප්පුවක්ද බං ?? ඒකත් හොඳයිනේ. අනිත් උන්ට නැති ජාතියේ එකක්නේ.... එල එල....

    ReplyDelete
  9. @ඔක්කෝන්ටම..
    කොමෙන්ටු දක්කපු නොදක්කපු හෑමොන්ටම ඉස්තුති. කීපදෙනෙක් දෙනෙක්ට නම් මට තියෙන අත් දැකීම තියෙනව වගේ. මොකද කස්කුරුප්පුවක් නැතුව වයින් බෝතලේ අරින්න ගියාම වෙන අකර තැබ්බ... හැක් හැක්. ඒ අකර තැබ්බ වලට අමතර ව දෙයක් කියල තියෙනවා. ඒ වාමා වර්ත කතාව. රෝස මලක් නම් ගහකින් කඩා ගත හැකි. රත්තරන් ගන් උනත් හොයා ගන්ට අමාරුවක් නෑනේ. :) ඒත් වාමාවර්ත කස්කුරුප්පුවක්... කා ගාව හරි තියෙද? ඕන් මං ගාවනම් තියේ...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...