Monday, August 1, 2011

ඩී එකයි කාඩ් එකයි දෙන්න......

දැන් තමයි ඕන් පෙරේද හැන්දෑවෙන් පස්සෙ බොඳ නොවී අවට මෙව්ව එක බලන්නේ... ඒත් තාම ශීර්ෂ භ්‍රමනම් තමා.. හැක් හැක්..

පෙරේදා රාත්තිරියෙ මයෙ බෙස්ම ප්‍රෙඩාගෙ ගෙදර පිරිතක්... නයිට ගහන්න ඉතින් අපි ඔක්කොමල සැට් උනා.. නයිටක් ගහන්නනම් ඉතින් නැතුවම බැරි මෙව්ව ටිකක් තියෙනවනේ... එව්ව ගන්ට ඕන් තවකෙකුත් එක්ක මං පර්මාසියට ගියා... හැක් හැක්.. ඌත් මයෙ යලුවෙක්. ඌ දන්න කියන පර්මාසියක් හොයාගෙන උගේම බයික් එකෙන් තමයි ගියේ... පර්මාසියෙ උන්නෙ අයියකෙනෙක්.. ඉහික්...
වැඩි කතාබහක් නෑ.. ගියා.. 500 කොලයක් දුන්න.. "ඩී එකයි කාර්ඩ් එකයි දෙන්න" කිව්වා.. ගත්ත.. ආවා..

ඩී කියන්නෙ කොරෙක්ස් ඩී හෙවත් පැණිය. කාර්ඩ් එක කියන්නෙ ටැමඩෝල් නොහොත් ටැබා... හදුන් කූරු එහෙම ගන්ට අපි මහන්සි උනේ නෑ.. පිරිත්ගෙදර ඉන්න එකා පෙට්ටියක් ලෑස්තිකරල තියෙන්නෙ තිබුනා.. :D :D ඉතින් කොහොමින් හරි පිරිත් ගෙදර වීඩියෝ කට යුතු මට භාර වෙලා තිබුනා.. අර බයි එකේ ආපු ඩයල් එකට එහෙ රියනියාමක කටයුතු හේම භාර වෙලා තිබ්බ..

ඉතින් අපි 12 විත්‍ර වෙන කොට සියලුම විශ වර්ග 3දෙනා අතරෙ සම සේ බෙදාගත්තා.. හැක් හැක්.. 3 දෙනා කිව්වෙ, පිරිත් ගෙදර අයිති ඩයල් එකයි, බයික් එකේ ආපු ඩයල් එකයි, මමයි.. හරිය.. අහ් සමසේ බෙදා ගත්ත කිව්වට සමසේමත් නෙවේ... පිරිත්ගෙදර ඩයල් එක පැණිය දැම්මෙ නෑ.. හේතු ඌට ඔය රෑවෙනකොට එහෙම එන මැති ඇමැති මාමල පිලිගැනීමේ කටයුතු තිබුනා... ඕන් අළුයම 1 විත්‍ර එනකොට.. බබා එනව තැපෑලේ... මං කකුල උස්සනවා.. ඒත් ඉස්සෙන්නෙ නෑ.. ඔහොම යන කොට හදුන් කූරු එහෙමත් ඉවර වෙලා.. පෙට්ටියක් ඇතිදෑ නයිටක් ගහන්න... ;) දැනට පොඩ්ඩක් හරි කෙලින් ඉන්න පුලුවන් අර බයික් එක තියෙන ඩයල් එකට විත්‍රයි. ඌ සුවෙච්චාවෙන් ඉදිරිපත් උනා "මං ගිහින් නයිට් කඩයක් නැත්නම් කඩයක් ඇරල හරි බට ගේන්නම්" කියල.. මත් ඉතින් කටපියන් ඉන්න බැරි හෝතම්බුවනේ.. පැනපු ගමන් "අඩෝ චරියා මාවත් එක්කම් පල.. කම්මැලී මෙහෙම ඉන්න..." කිවා... (චරිය කිව්වෙ බයික් කෑල්ලෙ අපු එකා)

හෙල්මට් නැත. ස්පීඩ් ලිමිට් නැත.. පාරේ වාහනද නැත.. වෙලාව තුනට විත්‍ර ඇති. මෙව්ව එකේ ජාතියනම් මොකද්ද කියල දන්නෙ නෑ.. කොහොම හරි අර වේගෙන් යන ජාතියෙ එකක්.. ඌ නැග්ගා.. මාත් ඉතින් වීරය වගේ නැග්ගා..  "පවිය හරියෙන් අල්ල ගනින්.. පොලිසිය හිටියොත් මං නවත්තන්නෙ නෑ.. " කියල අරූ කිවා මම උත්තරේ දෙන්ට කලින් මූ ගියා.. දැන් නුවර පාර... වාහන එක්වත් නෑ.. පට්ට.. ක්ෂණික ඇස් ලගින් එළියනව පේනවා... අරුත් යනවා... ටික දුරක් යන කොට ඇඌ මයෙන් අහනව, "අඩෝ පවිය.. පිටිපස්සෙ හුලන් නැද්ද බං.. ගැස්සෙනව නේද?.." කියලා.. සිරාවටම ගැස්සි ගැස්සි තමයි ගියේ.. ඒ කියන කොටම වගේ ඇරපු කඩයක් පාස් උනා.. මූ දෙපැත්තවත් නොබල හැරෙව්ව අනික් පැත්තට... එහෙම්මම නැවැත්තුව කඩේ ලඟ.. මාත් බැස්සා.. බස්සට බැසුනා වගේ තේරුනේ.. හැක් හැක්.. අරූ බැහැල රෝද වල හුලන් තියෙද කියලත් බැලුවා... ම්ම් හු එහෙම අවුලක් නෑ...  හුලන් පුල්.. පස්සෙ කඩේට සුටුස් ගාල ගියා.. බට 10ක් ගත්තා.. 2ක් පත්තු කරන් ආපහු හැරෙන කොට ඇතුලෙ හිටපු අංකල් කෙනෙක් අහනවා පුතාලද අර බයික් එකේ ආවේ කියලා.. ඉහික්.. අපි ඇහුන්නෙ නෑ වගේ ඇවිත් බයික් එකට නැග්ගා.. නැගලා තරමක් හෙමින් යනවා.. නැත්නම් හුලඟට බටේ ඉවර වෙනව නොවැ.. හැබැයි ඉතින් හෙමින් කිව්වට හෙමිනුත් නෙවේ.. 70 -80 සීමාවේ වගේ... :D :D :D ඔහොම යනකොට අයේ පිටිපස්ස හෙල්ලෙන්න ගත්තා... ඒතකොට තමයි අපි දෙන්නටම මීටර් උනේ ගැස්සෙන්න හේතුව.. මයෙ කකුල් දෙක පට පට ගාල වෙවුලනවා... හැක් හැක්...

අහ් ඒ අස්සෙ අපි සාපේක්ෂව හිමිනොවැ ගියේ... ඒ යනකොට බස් කාරය 3දෙනෙක් විත්‍ර අපිව පස් කරල ගියා.... ඒත් එක්කම අරූ තනිඅතින් අල්ලන් ඉන්න ගමන් පොඩ්ඩක් අයින් වෙලා උගේ ස්පීඩ් එක පෙන්නනවා... එතකොට තිබ්බා 85ට විත්‍ර... අපි 85ට යද්දිත් පස් කරන්න අර බස් ඊටවඩා වේගෙන් යන්ට එපෑ.. හැක් හැක්.. ඒත් එක්කම අරූ බීල ඉවර උනු පිල්ටරේ විසික්කරල මට හයියෙන් අල්ල ගනින් කියනවත් එක්කම ඇද්දුවා... මයේ අතේ තිබ්බ එක ඉවර වෙලා තිබ්බෙත් නෑ,, පට ගාල විසික් කරල මෙව්ව එක අල්ලගත්තා... ඒ ගිය වේගෙත් මට අරූ ටික් අයින් වෙලා පෙන්නුවා.. ඒත් හරිය සිහියෙන් නොහිටපු හින්ද හරියට දැක්කේ නෑ... කොහොම හරි කලින් අපිව පස් කරපු බස් 3මයි අපි කඩේ නවත්තල තියෙද්දි ගිය බස් එකකුයි කඩවතට එන්න කලින් ඉස්සර කරා.. කොහොම හරි 3ට දෙඅරින් පිටත් විච්ච එක 3යි 20 වෙද්දි ඇවිත්තිබුනා ආයේ... අපි ගියේ කඩවතට යනව කියල නිසා විනාඩි 20ක් කියන්නෙ හොදටම පරක්කුයි. පිරිත් ගෙදරට ආපහු එනකොට මයේ 4න් එකේ මිස් කොල් 13ක්..

කොහොම හරි අන්තිමේ ගෙනාපු හදුන්කූරුත් පත්තු කරලා පහුවදා 7 විතර වෙනකොට ඩී එකේ සැර බැහැල තිබ්බා.. එතකොට තමා මඩ ව්‍යාපාරෙ සෙට් වෙන්නේ.. ඔන්න පිරිත් ගෙදර ඩයල් එක පටන් ගන්නවා..
"පවිය උබදන්නවද එකෙක් ඉන්නවා.. ඌ සුදනා.. අපි බයික් වල යද්දි අඩෝ ටෝද දෙකට ජීවිතේ භාරඩෙන්න එපා බං කියලා.. ඒත් ඌ අද පාන්දර තුනට විත්‍ර චරියත් එක්ක බයික් එකේ යන්න පැනල ඉදිරිපත් උනේ..." හැක් හැක්.. ඔහොම ඔහොම මඩ පහර පිට පහර එනකොට තමයි ආරන්චි උනේ, අර බයික් එක තිබුනු ඩයල් එක්කත් එක්ක මෙච්චර කාලෙකට ඌ කතානොකර බයික් එකේ යන්ට ඉදිරිපත් වෙලා තියෙන්නෙ මං කියලා.. හැක් හැක්.. පැණියෙ පවර් එක තමා.. අනික් එක ඌත් එක්ක වැඩිම වේගෙන් ගියගමනට සහබාගිවෙලා තියෙන්නෙත් මං ලු.. හැක් හැක්.. ඌම කියනවා උගේ බයික් එක 120 පැන්නුවම කොන්ට්‍රෝල් නැතිවෙනවලු.. ඒත් අපි අර බස් ඔක්කොම ඉසර කරල තියෙන්නෙ 120පන්නලා..  ඒ වා ඇහුවම මං ශේප් එකේ මගේ අත පය අතාඅල බැලුවා ඇත්තටම මෙතන මං ඉන්නවද, නැත්නම් මනෝකායවත්ද මේ ඉතුරුවෙලා තියෙන්නෙ කියලා...

ප.ව.
පිරිත්ගෙදර ඩයල් එකගෙ අයිය ටික් අවුල් පේවගේ සීන්වලට.. හැක් හැක්.. කොහොම හරි උබේ අයියට අපි මොනාද කරේ කියලා හිතාගන්නවත් බැරිවෙන විදියට ගානට සැට් උනා.. මොකො පැණියට කියලා ගදක් තියෙන එක්යෑ....

13 comments:

  1. මොනවද බං ඔය හදුන්කූරු කියඤ්ඤෙ ?

    ReplyDelete
  2. ෆට්ටා ආතල් එකක් නොවැ අරන් තියෙන්නෙ...අපිටත් ඉතින් ගෙවල් පැත්තෙ,ඉස්කෝලෙ පැත්තෙ මල් ගෙදරක්, දනෙ ගෙදරක් පිරිත් ගෙදරක් ආවම ඔය ආතල් එක ගන්නවා නෙ. :ඩී

    ReplyDelete
  3. අනේ පල..ඇට දෙකක් උස නෑ ඇගිල්ලා

    ReplyDelete
  4. අපෝ ඔය කොරෙක්ස් ඩී ගහනවට වඩා හොදයි අරක්කු බාගයක් අරගෙන ගහනවා. ශික් !!!! මේ ලෝකේ වැඩක් නෑ.

    මාත් දවසක් ඔහොම එකක් ගහලා පිස්සුවක් කෙලියා. මෙතන ක්ලික් කරලා කැමති නම් ඒක කියවන්න.

    ReplyDelete
  5. බෑනෙ මදුරංග අයියේ.. ගල් ගහල ගඳ යවන්න බැරි නිසානේ ගද නැති පැණිය ගැහුවෙ... හැක් හැක්...

    ඔයාගෙ මෙව්ව එකත් කියෙව්ව.. අත්දැකීම තියෙන නිසා ඔයාටම තේරෙනව අඑතිනෙ මං එදා බයික් එකේ ගිය ගමන... ගැන...

    ReplyDelete
  6. ඒ උනාට මල්ලි ඔලුව කෙලින් තියගෙන ඉන්න බෑනේ අරවා ගැහුවම. අන්න නෙක්ටෝ එක්ක ගැහුවනම් තැපැල් වදින්නේ !!! මට ඉතින් තැපැල් ඕනේ නැති නිසා අමුවෙන් ගැහුවා !!!!

    ReplyDelete
  7. නොදකින්... යකෝ බයිසිකලේ 120ට යනකොට උබ කොහොමද හුළගට ගහගෙන යන්නේ නැතුව බේරුනේ?? පැණියෙ බලේ තමා.. අපිත් පොඩි දවස් වල නම් පැණි ගැහුවා. දැන් බෝතලේම තමා...

    ReplyDelete
  8. http://lankacnews.com/sinhala/main-news/17146/

    ReplyDelete
  9. හැක් හැක්.. මොන නෙට්ටොද.. මදුරංග අයියේ.. අපි දෙපල ගැහුවෙත් අමුවෙන්න්.. මේ යස අගේට ජීවත් වෙන්නෙ...

    ආ කොලුවො.. මාව කින්ඩියට ගන්ට එපා හරිය..? :P උබත් මගුලක් කතා කරනවා.. හුලගට ගහගෙන යනව තමා... ඒ ගිය යෑම මතක් වෙනකොට තාමත් කලින්සම තෙත් වෙනවා....

    ReplyDelete
  10. අපිත් නයිට් ගහද්දී ඔය වගේ ඩයල් වලින් මරු ආතල් අරන් තියනව... 10 ක් ඉන්න තැනින් 3ක් ඩෝප් උනොත් ඇති..... අනිත් උන්ට පට්ටම ආතල්.......

    ReplyDelete
  11. අපෙත් ඉස්සර පැණිය තමා ෆේවරිට්, නෙක්ටෝ එකයි, ටැබයි බටෙයි.. හනේ හම්මේ ආතල් එක......

    ගඳ ගහන්න ඕනෙ නැත්තම්, සැර ජාති බොන්නත් බැරිනම්, මැංගෝ ස්ප්‍රීට් එක ගහන්න (ග්‍රීන් ඇපල් වගේ ෆ්ලේවර්ඩ් එකක් (එච්චර ගොං නං නෑ), බොනවා දැනෙන්නෙ නෑ, බාගෙන් කට් වෙතෑකි, ගඳක් කියල ජාතියක් නෑ) (480යි බාගෙ)

    කොච්චර ආතල් උනත්, පැණිය තියෙන්නෙ ලෙඩට මිසක්, අපෙ වකුගඩ්ඩට සනීපෙට නෙමේනෙ,, පිළිගත් වසක්ම ගහන එක තමා හොඳ.

    ReplyDelete
  12. කොලුවෝ මොන ටැබාවලද දවසින් බඩු බහින්නේ.. අපේ කාලේ තිබුන ඒවැයිනම් අනිවා දින තුනකින් මෙහා රිකවරි බොරු.. මං කියන්නේ දැනට අවුරුදු දහ දොළහකට කලින්.. :)

    ReplyDelete
  13. සික්.. පොඩි වයසෙන්ම ජිවිතේ නැති කරගන්න දගලනවා.. ඔව්වා මහ වීර කම් නෙවේ දරුවෝ :-/

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...