Friday, July 22, 2011

අපි බත් කමු෴

වැඩි කතාබහක් ඔනි නෑ.. ගොඩාක් සංවේගයෙන් අද මෙව්ව එක ලියන්නේ..., වැඩි කතා නැතුව මෙව්ව එකට බහිමු....

අපි ඔය සල්පර් වලට ගෙන්දගම් කියනව වගේ සින්ක් වලට තුත්තනාගම් කියනවා වගේ මේ ආසනික් වලටත් පොදු ව්‍යාවාහාරයේ කීන්නෙ පාසානම් කියල. ඒතකොටම ඉතින් මී පාසානම් නෙ මතක් වෙන්නේ.. මං හිතන විදියට ඉස්සර මී පාසානම් වල ආසනික් අදික සාංද්‍රනයකින් තියෙන්ටෑ...  ඉතින් ඔය මී පාසානම් කියන වචනෙනම් දැන් කිසිම තේරුමක් නැතුව තමා කියවෙන්නෙ.. හරියට අර පස්සෙන් මඩ ඉහෙන ස්ලීපස් වලට බර්ටා කියනව වගේ, එහෙමත් නැත්නම් අත් ටැට්ටරේට ලෑන්මාස්ටර් කියනවා වගේ මීයන්ට දාන වස එකේ ආසනික් තිබුනත් නැතත් ඒකට පාසනම් කියල කියල කියනවා.. හැබැයි ඉතින් ඒකින් වෙන වරදකුත් නෑ...මොකද පාසානම් කියන වචනෙ ව්‍යුත් පන්න වෙලා තියෙන්නෙ ඔය මොකද්දො භාසාවක වස වලට කියන වචනෙකින්නේ..

හැබැයි ඉතින් මේ ආසනික් ප්‍රශ්නෙ මතුවෙන්නෙ නම් මේ අද ඊයේ නෙවේ...අර බීල පාර්ට් දාල මහා රන සූරේක් විච්ච නෑපෝලියන් බොනපාර්ට්ටුත් යටියන්තොට ගොහින් තියෙන්නෙ ඔය පාසානම් විස වෙලාලූනේ.. එයාගෙ ඉසකෙයි වලයි නියපොතුවලයි ඔය ආසනික් වැඩිපමනින් තිබිල කියල හොයාගත්තයින්නේ ඔය නිගමනවලට ඇවිත් තියෙන්නේ.. එයා විත්‍රක් නෙවේ.. ඔය එන්ගලන්තේ III වෙනි ජෝජ් රජ්ජුරුහුනැහේත් යටකියපු ගමනම ගොහින් තියෙන්නෙ ඔය ආසනික් විසවීමකින්ලු...  ඔව්ව අහල එන්ගලන්තෙ iii ජෝජ් රජුරුවොත් ආසනික් විස වෙලා අබහවප්‍රාප්ත උනානම් අපේ මේ නිකන් ගොවියො වකුගඩුරෝග හැදිල මැරුනම මොකො කියන, එන්ගලන්තේ සුදු පාට ඉටිපදම්වල රස බලන අපේ උනැහේලාලැත් ඉන්න එකට තමයි ඉතින් දුක් වෙන්න ඔනි..

සමාවෙන්න..! අපේ උනැහේල කියල කිය උනේ වැරැදීමකින්.. ඒ අයට අපේ අය කියන එක පොඩ්ඩක් ශංශෝදනය කරන්ට වෙනව.. මං අහල තියෙන විදියට ඔය සුද්ද නැවු නැගල දේසසංචාරය කොරන කොට නැවු වල හොරෙන් යන මිනිස්සුන්ව අල්ලන්න බල්ලො ඇති කරල තියෙනව අදාල නැවු වල.. ඉතින් ඔකුනුත් ලංකාවට අපු වෙලේ අන්න ඒ බල්ලන්ට ජාතක විච්ච හැත්තකුත් තාමත් ඉතුරු වෙලා ඉන්නව නොවැ... ඒ වගේ ඈයන්ට අපේ උනැහෙල කියන එක ඒ හැටි සාදාරන නෑනේ.. භාගෙට අපේ.. ඉහික්.. ඉතින් ඒවගේ බාගෙට අපේ රසායනවිද්‍යාවට සහතික එහෙම තියෙන උනැහේල ටිකක් එකතුවෙලා මේලගදි මාධ්‍ය අමතා ප්‍රකාසයක් කියකරල තියෙනවා...
ශ්‍රී ලකාවේ කෘෂි රසායන සමාගම් බහුතරයක එක මුතුව (ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා) පැහැදිලි කිරීම...
මේ මෙව්ව එක මට කියවන්න ලැබුනේ විදුසර පත්තරෙන්.. ( 2011.07.20   04වෙනි පිටුව) ඒ ලිපියට අනුව තමයි ඇඟිල්ලගෙ මේ විග්‍රහය කොරන්නේ...

ඉතින් අර අපේ ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා එකේ ඈයො ටික කතාව පටන් ගන්නවා  ශ්‍රී ලංකා ජනරජයේ  2001 ජුලි 26 වෙනිද පිට උනු අතිවිසේශ ගැසට් පත්‍රයේ තහනම් කර ඖශද යටතේ ආසනික් අසංගු කෘශ් රසායන ගෙන්වීම හා බෙදා හැරීම සම්පූර්න තහනම් කියලා..  අනේ කොච්චර දෙයක්ද අප්පේ.. එහෙම දෙයක් තහනම් කොරල තියෙන එක.... දැන් ඊටපස්සෙ ඒ අයම කියනව්වා ඒහෙම නිතියක් ගෙනල්ලත් තියෙද්දි  ලංකාවෙ අලෙවි වෙන පළිබෝදනාශක වල ආසනික් නෑයි කියලා.. කොටින්ම කියනවනම් එයාලා කියන්නෙ මේ රසායනය තහනම් කොරල තියෙන නිසා එක කිසිම පළිබොද නාසකේක අඩංගු නෑ කියල.. එහෙම වෙනවනම් අපිත් කැමැති... ඒත් මට එන ප්‍රශ්නෙ මේකයි.. ලංකාවෙ හෙරෝයින් ගෙන්වීම හා බෙදා හැරීම සම්පූර්නේන් තහනම් නේද?ඒකින් කියන්නෙ ලංකාව අඑතුලේ හෙරෝයීන් භාවිතය නෑ කියලද? එහෙමනම් ඒවා භාවිතා කොරල අහුවෙන අයව දන්ට පුනුරුත් තාපන කඳවුරු ඔනි නෑනේ.. ඉහික්.. මේවගේ ප්‍රාකාස කරන නිසා තමයි මං කිව්වෙ ජාතක වෙලා තියෙන්නෙ ලංකාවෙ බල්ලෙක්ටනම් නෙවේ, පිටරට බල්ලෙක්ට කියලා...

ඉතින් එතනින් නවතින්නෙ නැති මේ භාගෙට අපේ උන්නැහෙලා ටික තව තවත් බටේ සූප්පුකොර කොර ඒක ලොව ලොව, පළිබොදනාසක ටික සුද්ද කොරනවා...

දැන් භාවිතා කොරන පළිබොද නාසක ආවට ගියාට වෙලදපොළට දන්නෙ නැතිලු.. අවුරුදු 10ක් විත්‍ර ඒක උචිතද අනුචිතද කියලා හොයල බලනවලු.. :D ඒවිත්‍රක් යෑ... මේ පරීක්ෂනවලට වැයකොරන මුද ඩොලර් මිලියන 256ක් විත්‍රලු... අනේ බලන්නකෝ.. මේ සුද්දගෙ පුක ලෙවකන අපූරුවා..( පුක කිව්වම අසබ්‍යයි වගේනම් වෙන මොක් හරි හිතාගන්ට) අපේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වෙලා තිබ්බේ ඔය රසායන ද්‍රව්‍ය හින්ද වෙන්ටෑ... මට බය මුන් තව ටික දවසකින් ඒහෙමත් කියයි කියලා... ඉතින් බොලවු... මොකටද ඔච්චර ගානක් වියදම් කොරල රට ඉටිපංදම් සූප්පන්නේ... උන්ගේ ලබු උන්ටම කන්ට කියල අපි අපේ ක්‍රමේට වගා කොරමුකො... එතකොට අර ඩොලර් මිලියන ගනනුයි අවුරුදු ගනනුයි වැයවෙන්නෙ නෑනේ.. මේ ඈයො එකට දෙන උත්තරේ අන්තිමට කියන්නම්.. :D :D

අනික් එක මේ මුන් මෙච්චර කෑ ගහන ගැසට් පත්‍රයේ තියෙන්නෙ ආසනික් සක්‍රීයව තියෙන කෘශිරසායන ගෙන්වීම තහනම්.... ආ...ශයි නෙහ්..? යකො එතකොට නිශ්ක්‍රීයව ආසනික් තිබ්බට කමක් නෑ.. උදාහරනෙකට ගියොත්, අපි ඇලුමිනියම් භාජනවල කනව... විසද? නෑ.. අපි ඒක නිශ්ක්‍රීයි කියල උපකල්පනය කොරමු... එතකොට ඒ ඇලුමිනියම් භාජනේම අපි දෙහිවගේ දෙයක් කනවා... දෙහි සක්‍රීයි කියලා ගමුකො... දැන් අර මෙච්චර වෙලා නිශ්ක්‍රීයව තිබුනු ඇලුමිනියම් සක්‍රීයවෙලා අපිට හානිකරවෙන්නෙ නැද්ද??? ම්ම්... මේ උදාහරනේ පොඩි අවුලකට තියෙන්නෙ, මෙක ඇහුවම එහෙමෙහෙ ඉන්න ළිං මැඩියො පොම් වෙලා අහවි "එතකොට කෘශි රසායන ප්‍රතික්ශේප කොරනවා වගේ ඇලුමිනියම් මෙව්වත් ප්‍රතික්ශේප කොරන්න ඔනිද?" කියලා.. හ්ම්ම් ඒකත් හැබෑව... ඉතින් හත්දෙයියනේ ඇලුමිනියම් භාජනවල ඇබුල් ජාති බෙදන්නෙ නෑනෙ අපි කවුරුත්... ඒක අපිටම අපේ සෞක්‍ය ගැන හිතලා ගතහැකි ක්‍රියාවක්.. අපේ පනට වඩා ආදරේ අපිමනේ... ඒත් කෘශි රසායන ගදන උන් ඔක හිතනවද? ආසනික් සක්‍රීය ඒවා දාන්න එපා.. නම් එක නොදා ඉන්නවා(කොන්දේසි සහිතව) ඒත් එකත් එක්ක ප්‍රතික්‍රියා කොරනව මේක.. ඔව්ව මෙව්ව හිත හිත ඉන්නේ නෑනේ..

ම්ම්.. මේ උදාහරනෙත් ඇරල රසායන විද්‍යාවටම අයිත් උදාහරනයක් ගත්තොත්, ග්ලයිෆොසෙට් කියන රසායනිකය... ඒ සක්‍රීයයි... ඒත් තහනම් කරපු රසායනයක් නෙවේ.. බොහොම පුංචි විශක් තියෙනන සංයෝගයක්... ඒක විත්‍රක් ශරීර ගත උනාම විශාල ආපද වෙන්නෙ නෑ.. සාමාන්‍ය බෙහෙත් ක්‍රමයකින් සනීප කර හැකි... ඒත්, ඔය රසායනිකයත් එක්ක අක්‍රීය සංයොගත් එකතු උනාම අදික විශහහිත විදියට ක්‍රියාකොරනවා...

ඔය සක්‍රීය නිශ්ක්‍රීය ගැන කතා කොරල ඒ අය කියන්නෙ අඩංගු ප්‍රමානේ ගැන.. එයාල කියන විදියට ලෝක සෞක්‍ය සංවිදානය වගේ මෙව්ව වලින් හාල්වල තිබිය හැකි උපරිම ආසනික් ප්‍රමානය මෙච්චරයි කියල නියතයක් පමුනවලා නෑලු.. ඒක නිසා කමක් නෑ.. කන්නලු.. මොක් හරි හේතුවක් නිසා එහෙම පැමිනුවෙ නෑයි කියමුකෝ.. එහෙමෙයි කියලා කරන්ට ඔනි පාසනම් කනැකද? මේ අයට අනුවනම් කරන්න ඔනි ඒක.. අනික් එක එයාලට අනුව හාල් ඇටේ මේ බොහෝම සුට්ටක් තිබ්බට කමක් නෑලු... අනේ මෙහෙමත් උඔපාදිදාරීන්... අපි සාමාන්‍ය පෙළෑදි ඉගන ගත්තෙ මිනිස්සුන්ගෙ ඇඟේ ඔය බැර ලෝහ ව්අගේ එව්ව සුට්ට සුට්ට එකතුවෙනවා කියලා... ඒක පැත්තකින් දාමුකො.. එහෙනම් ඔය වෛද්‍ය වරු කිරන්නෙ ඇයි ඉදල හිටලා හරි බොන සිගරට් එකේ තියෙනෙ එව්ව මෙව්ව අපේ ගර්තවල තැම්පත් වෙනවා කියලා.. බීපුගමන් අවුලක් නැති උනාට එකතුවෙලා එකතුවෙලා පහුකාලීනව ආදීන ගෙනදෙනව කියලා.. එහෙනම් කටහනවට වෙන්ටෑ...

ඉතින් මේවා සාමාන්‍ය දැනුමෙන්.. අපිට වඩා එහා ගිය දැනුමක් අර ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා එකේ ඇත්තන්ට තියෙන්ට ඔනි කියල හිතෙනවා.. මොකද ඒ අය අඩුගානෙ රසායන විද්‍යව සම්බන්ද BSc උපාදියක්වත් තියෙන අය..


ඉතින් කලින් මං කිව්වෙ මේ අය මයේ ප්‍රශ්නෙට අහන්න කලින් දීල තියෙන උත්තරේ ගැන අන්තිමට කියන්නම් කියලා.... උත්තරයක් කිව්වට උත්තරයක් නෙවේ... අයෙ ප්‍රති ප්‍රශ්නයක්... අනේ මේ එන්ගලන්තෙ සුදු ඉටිපන්දම් සූප්පන ලොවන, ඒ ලොවල ඒකුන්ගෙම පුකවල් ලෙවකන භාගෙට අපේ කලු පර සුද්දො ටික මෙහෙම අහනවා....
පළිබෝදනාශක නො යොදන රටක් අපට සොයාගන්න පුලුවන් වෙයිද? එහෙම රටක් තියෙනවද?
ඔය ප්‍රශ්න ටිකෙන්ම පැහැදිලී ඕකුන් බල්ලෙක්ට ජාතක උනත් ඒ බල්ල අපේ සිංහල දේශයේ බල්ලෙක් නොවන විත්තිය... නැත්නම් අපේ මේ සිංහලල ක්‍රමය ඉස්සරහ නිරුවත් උනු බටහිරවිද්‍යාවේ නපුන්සක හෙලුව වහන්න මෙච්චර උතසහ ගනීද???

ප. ව.
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පවුකම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව්කළහට වෙයි විපත

මේ කවියතමා මතක් වෙන්නෙ ඉතින්... ඕකේ පාපකර්මවලට කෘශි රසායන පාවිච්චි කරන එක උපමාකොරගත්තොත්  මෙහෙම ලියන පොස්ට් එකකින්වත් නලී සර්ගේ අපේ ප්‍රාවද ලිපියකින්වත් කියන්න බැරි දේයක් කියවෙන්නේ..
කෙටියෙන්ම කියනවනම්, ආසනික් තිබුනත් නැතත්, කෘශි රසායන භාවිතයෙන් ඈත් උනොත් වෙන්නෙ හොඳක් මිසක් නරකක් නෙවේ... :D :D

අපේ දැන් ගොවියො එක සැරෙන් කෝටි ප්‍රෝකෝටි ගනන් කෘමිසත්තු සමූල ආතනය කරලා දාන තරම් පවු කාරයො වෙලා... ඉස්සර ගොවිය මී උනක් තිබ්බද? වකුගඩු රෝග තිබ්බද? මේ හැම දේම ඔය පවුකාරකමේ ප්‍රති පළ නෙවේද????

ප.ප.ව.
කවුරුත් මට චෝදනා කොරන්ට එපා.. මෙතන බ්ලොග් පොස්ට් වල කගහල වැඩක් නෑ උන්ටත් ඇහෙන විදියකට කියන්ට ඔනි.. කියලා... ඉහික්.. මේ පොස්ට් එකට දැම්මේ උන්ට ලියපු පිළිතුඑඋ ලිපියෙ උක්තාක්‍යාත සම්බන්ද අයින් කොරල ඇඟිල්ලගෙ භාසාවෙන්.. ලබනසතියෙ දිහාට පත්තරෙත් යයි.. ;)

10 comments:

  1. අලේ මන්ධ ඕයි මොනා කියන්නධ කියල..මත ඕව ගැන ඒ හැති අවබෝධයක් නෑ නෙ..

    ReplyDelete
  2. එන්ගලන්තේ සුදු පාට ඉටිපදම්වල රස බලන අපේ උනැහේලාලැත් ඉන්න එකට තමයි ඉතින් දුක් වෙන්න ඔනි. sira kathawa

    ReplyDelete
  3. එදා පරාක්‍රම බාහු රජතුමා දිහා පොඩ්ඩක් බලන්න "අහසින් වැටෙනා එක ජල බ්දක්වත් පොලොවට නොයවන්න" අන්න එදා නියම හෙල සිංහලයින්ගේ කතා අදටත් වට්නවා...........

    ReplyDelete
  4. අලේ, අර පරසුද්ධගෙ අධෝමුඛය ලෙවකන උන්ට හොදට ඇටි හැලෙන්නෙ බ්ලොග් පෝස්ට් එක ලියල තියෙනව.

    නියමයි

    ReplyDelete
  5. ඉහික්.. බොහෝම ස්තූතියි ප්‍රතිචාර වලට...!!!
    වෙලාව ලඟයිට කිව්වම මොකො සමහරක් මහදුරන්ට නම් පරාක්‍රම බාහුලට වඩා ජෝජ් රජගොල්ල කියන එව්වනෙ මතක තියෙන්නේ..හැක් හැක්...

    ReplyDelete
  6. ඔය තියෙන්නෙ..එල කොල්ලො..නියමෙටම ලියලා තියනවා
    ප්‍රස්නෙ බං මුං ඔක්කොම ප්‍රස්න විසදන්න නෙවෙයි හදන්නෙ රටේ තියන වෙන ප්‍රස්න වලිං මිනිස්සුංගෙ ඔලුව අයිං කරන "මෙව්වා" විදියට පාවිච්චි කරන්න..
    හිතලා බලපං යුද්දෙ,ෆොන්සේකා,චැනල් පෝ,යුද අපරාද,ආසනික්,ආච්චිලා මරපු එකා...තුක් නොදකිං..

    ReplyDelete
  7. නියමෙටම ලියපු පට්ට ලිපියක්. වෙහෙස නොබලා මේ සදහා යෙදවු කාලය වෙනුවෙන්...ස්තූතියි..මල්ලී.

    මධුශාන්-
    මම ඉන්නෙත් ඔය ස්ථාවරේමයි.

    ReplyDelete
  8. මෙතන බ්ලොග් පොස්ට් වල කගහල වැඩක් නෑ උන්ටත් ඇහෙන විදියකට කියන්ට ඔනි

    ReplyDelete
  9. නොදන්න පණ්ඩිත මුත්තලා ලොකු තැන් වලට පංගරාර්තු වුනාම සිද්ධවෙන දේවල්තමා බං ඔය...එක පාරක් අ/පුර වැව් මාළුන්ගේ කැඩිමියම් ගැන කිවුවා...බලද්දී මාළුවා අල්ලා තියෙන්නේ පදවියටත් එහා මහ කුණු වැවකින්....අවසාන නිගමයන මාළු කන්න එපා....උඹට ලකුණු 100 මචං මේ අදහස් වලට........

    ReplyDelete
  10. අම්මපා රත්තො... මෙතන කෑගහල වැඩක් නෑ තමයි.. උන්ට ඇහෙන්ට පත්තරේට දාල තියෙන්නේ.. ලබන සතිය දිහාට ඔව්ව පබ්ලිශ් වෙයි... ;)

    මාලුව කිව්වත් වගේ කැඩ්මියම් තිබ්බාම උන්ව කන්ට එපා වගේ සමහරක් ඈයොනම් කිව්වෙ හාල් වල ආසනික් කියලා කන්ට එපා කියල තමා.. ඒත් ඔය පරීක්ෂණය කරපු නලීන් ද සිල්වා මහත්තයනම් එහෙම දෙයක් කියල නෑ.... ;)

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...