Tuesday, May 24, 2011

මුලු ලොවම නැති උනත් එකම වචනයක් | අවසාන ලොල් ලිපිය...

:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

හික් හික්.. මට අද මෙවුව එක පටන් ගන්න විදියක් හිතා ගන්න නම් අමාරුයි. මොකො කියනවනම් මයෙ ඩිජිටල් සිග්නේචර් කෑල්ල අයේ මං නොලිය ඉන්න හිතුව. හිතුව කිවුවට ඒක ඇවිල්ල හිතුවෙමත් නෑ. කීප දෙනෙක් ම මට කිවුව ඒක කියන්න එපා කියල. :D :D ඒකයි නොලිය ඉන්නෙ. හැබැයි අද මං මේ පොස්ට් එක ලියන්නෙ ඒ අය කිවුවටම නෙවේ.. මයෙ හිච්චි මොළ කල්ලෙන් මං හිතල බලල තමා මේ තීරනේ ගත්තෙ... :D :D :D

මට ශිරෝශි අක්ක ඒක කියන්න එපැයි කිවුවම මට මතක් උනේ පරන සිද්දියක්...
;) මේ සිද්දිය උනේ මං සාපෙ කාලෙ ඉතිහාසය පංතියෙදි.


ඉස්සර බදාද තමයි ක්ලාස් එක තිබුනෙ. මං ඉස්කෝලෙ ඇරිල තමා ක්ලාස් එකට වාර්තා කොරන්නෙ සාමාන්‍යයෙන්. එදා කස්ටිය ලාවට විත්‍ර සෙට් වෙන්න කියල හිතාගෙන ක්ලාස් කට් කොරන්න කතා කොර ගත්ත. යුනිපොම් එකෙන් කොහොමෙයි සෙට් වෙන්නෙ. ඇද ගන්න පහසුවට හා රස්ත පෙනුම ගන්න මං ශෝටක් තමා ගෙනිච්චෙ...

දැන් කට්ටිය සෙට් වීමට නියමිතයි. මාත් ඉතින් ඇදුම් මාරු කොරගෙන දැන් කස්ටිය එනකන් ඉන්නව ඉන්නවා.. ම්ම්ම්ම්හු.. එතකොට ජන්ගමයා රින් වෙනව.. (දැන් අහන්න එපා ඉස්කෝලෙ පොන් ගෙනියනවද කියල.. :D :D අපි හේම තමා) අහෝ කේදයකි. සෙට් වීම කැන්සල්... දැන් මොකො කොරන්නෙ.?? ගෙදර යන්නත් බෑ. තියෙන්නෙ ශෝට ගහන් ක්ලාස් යන එක තමා... ;)

කියන්න ඔනි අපේ සර් කොල්ල වගේ එකා. ඉතින් සර්ට කින්ඩියක් දානත් හිතාගෙන මං ඇදි වත පිටින්ම ක්ලස් එකට ගියා. ඔහ්.. කියන්න අමතක උනා.. ක්ලාස් එකේ කින්ඩි දැමීමෙහි ලා අග තැම්පත් මං තමා ඉතින්... කොහොමත් ක්ලාස් එකට පය ගහද්දි සර්ගෙ මූන බැලුවම ඒ ඇස් වලින් "ආපෝ.. මූ අදත් ක්ලාස් ආවද??" වගේ හැගීමක් ප්‍රකාස වෙනව. :D :D :D දැන් ඕන් ක්ලාස් එකට ගියා. ටිකක් පරක්කුත් වෙලා. සර් පංතියටත් ඇවිත්. ඉතින් මං ගිහින් ඉදගත්ත විත්‍රයි මෙන්න මූ මයෙ ඇඟට කඩන් පැන්න..  

සර්: අඩෝ... අපවිත්‍රයො.... මොකො මේ ශොටක් ගහන්?? (අපිත් එක්ක මෑන්ස් කතා කොරන්නෙ ඔහොම තමා)
මම: සර්ට මොකො.. මට ඔනි නම් මං ඇඳන් එනව...
සර්: ඈ යකෝ.. උබට ඔනි ඒව මෙතන ඇඳන් එන්න..?? එහෙනම් උබ ඊලඟ දවසෙ හෙලුවෙන් එන්න හිතුනොත් එහෙමත් ඒවිනේ..
මැදෑ සර් ට කින්ඩි දාන්න ගිහින් මට වැටුනු කින්ඩිය. මාත් ඉතින් ඇති උනු බයිට වහ ගන්න කතාව ශේප් එකේ වෙන පැත්තකට ගෙනියන්න හැදුව.
මම: මේක ප්‍රජාත්‍රාන්ත්‍රික රටක්නෙ සර්..  හෙළුව මගේනෙ. මං ආවම සර් ට මොකො...??
මෑන්ස් මුකුත් නොකිය හිනාවක් දාල කතාව පටන් ගත්ත. මෙන්න සර් ගෙනාපු තර්කය.

සර්:හෙලුව උබෙ බව ඇත්තයි. බොට හෙළුව පෙන්නන අයිතියක් තියෙනව වගේම අපිටත් ආයිතියක් තියෙනව ඖබේ  හෙළුව නොබල ඉන්න.
  අපේ සර් කාරය ඒලෙවල් ලොජිකුත් උගන්නන  නිසා උත් එක්ක තර්ක කොරන්න මට බෑ. ඒමදිවට ඔක ගැන තියෙන නිතියකුත් 2007 අංක... කියලත් කිවුව. බොක්ක කොර වෙනවනෙ බොල... :D :D මං කට වහගෙන ශේප් උනා...

හැබැයි සර් කතාව එතනින් නැවැත්තුවෙ නෑ. මාවම උදාහරන වලට අරගෙන එක එක කතා ගොඩාක් කිවුව..
මට ඉතින් හිතුන ශෝටගහන් ආවට ව්අඩා හොදයි හෙලුවෙන් ආවනම් කියල.. ;)

ඉතින් මට මේ කතාව මතක් උනේ මේ ඊයෙ පෙරේද බ්ලොග් අවකාසෙ ඇතුලෙ උනු සිද්දිය නිසා. එවෙල උන්නු කට්ටිය නම් දන්නවත් ඇතිනේ. :D :D :D

ඉතින් මේ කතාව වගේ තමා ඔය ලොල්ය කතාවත්. මට ලොල්ය කියන්න අයිතිය තියෙනව වගේම අනික් අයටත් ඒක නොඅහ හිටීමේ අයිතියක් තියෙනව. :D :D  ඉතින් ඒකයි මං ඒ වචනෙ කියන එකට තිත තිබ්බෙ.. :D :D වැරැදිල හරි ඊලඟට පල කරන පෝස්ට් එකක ඒක තිබ්බොත් මට සමා වෙන්න කියලත් ඕන් කිවුව.. :D :D :D

ප. ව.
මේ ලොල්ය කතාවටත් අමතර කස්ටියට මතක ඇති මයෙ කක්ක පෝස්ට් එක. මම ලියපු ලිපි වලින් වැඩි පුරම මම බැනුම් අහවේ ඒකින්නෙ. :D :D  ඒකටත් මේ ඉතිහාස පංතියෙ උනු කතාන්දරේ අදාලයි. :D
මට කක්කා කතා කියන්න අයිතියක් තියෙනව වගේම අනික් අයට ඒව අහන්නෙ නැතුව ඉන්න අයිතියකුත් තියෙනව.

ප. ප. ව.

මං මෙ තීරනය ගත්තෙ කිසිම දුකකින් නෙවේ. මම ලොල්ය නොකීවට තව කීයක් දෙනෙක් ඒ වචනෙ කියනවද... ඉතින් ඒ අය හැම කෙනෙක්ම ඒ වචනෙ කියනව වාරයක් පාස මමත් එතන ඉන්නව වගේනෙ. ඉතින් ඒක ගැන මට දුකට ව්අඩා සතුටක් තියෙන්නෙ. මොකො ඉතින් අපි අශ්ඨ ළොක මෙව්ව එකෙන් කපා වෙන එකක් යෑ... ;)
 

15 comments:

  1. හිහ් හිහ්.. මල්ලියෝ බැන්නෙ තරහකට නං නෙවී... ඕක එපාම වෙච්ච නිසා.. ඒත් නවත්තපු එක හොදයි...

    ReplyDelete
  2. මට ඉතින් කියන්න බෑ තීරණේ වෙනස් කරන්න කියලා.. මටනම් පෝස්ට් එකේ ලොල් තිබුනයි කියලා අවුලක් නෑ...

    ReplyDelete
  3. ඉංගිරිසියෙන් ලොල් කියන්නෙ හිනා වෙනව කියන එක වුණාට සිංහලෙන් ලොල් කියන්නෙ කෑදර කියන එක. ( මතට ලොල්, මුදලට ලොල්, කෙල්ලන්ට ලොල් , ඊටීසී)

    ලොල් රොට්ෆ්ව්ල් - LOL ROTFWL

    ReplyDelete
  4. හික් හික්... බෝම තැන්කූ වේවා.. මන්දන්නව නඟා අක්කෙ, තරගට නෙවේ බැන්නෙ කියල. :D :D

    ReplyDelete
  5. අනේ බං. උඹත් එක්ක කම්මැලි නැතුව පැය ගානක් වුනත් චැටක් දාගෙන ඉන්න පුළුවන්, කම්මැලි නැතුව හැතැම්ම ගණන් දිග උඹේ බ්ලොග් පෝස්ට් කියවන්න පුළුවන් ඔය ගිච්චි වචන කෑල්ල නිසානෙ. ඒක නවත්තන්න එපා බං.
    ලොල්ය :(

    ReplyDelete
  6. හ්ම්ම්.. කෙනෙක්ට කරදරයක් ලු. තවත් කෙනෙක්ට එහෙම නෑලු. අනේ මන්ද බන්...

    ReplyDelete
  7. අදෝමැයි කිව්වලු! ලොලේලොල්!

    ReplyDelete
  8. මෙච්චර කුනුහර්ප තියෙන රටක අපි ලොල් කිව්වම මොකෝ බන්... ඔන්න ඔහේ කියල දාපන්...නුබට ඕනනම් නොකිය ඉදපන්..මට මොකෝ

    ReplyDelete
  9. හොඳම වැඩේ උඹේ ඔය "ලොල්"ල . . . පෝස්ට් එකේ අන්තිමට ප.ලි. කෑල්ලට දාල තියපං. මොකද උඹ හදාගත්ත උඹේ අනන්්‍යතාව නිකං බොරුවට අතාරින එක එච්චර හොඳ නැති නිසා. මගෙ අදහස නං . . . . උඹ "ලොල්ය' කියන එක අතාරිනව නං . . . ඊලඟට උඹේ ඔය සුළඟිල්ල කියන නමත් අතෑරල වෙන නමක් දාගනිං. . . ඊට පස්සෙ අපිට පුලුවං උඹේ පෝස්ට් නොබල ඉන්න හිත හදාගන්න

    ReplyDelete
  10. උඹට කැමති දෙයක් දාන්න උඹට අයිතය තියනවා ........
    ඒවා කැමති කෙනෙක් කියවයි .........
    අකමැති නම් නිකං ඉඳියි ........

    ReplyDelete
  11. හික්ය... බෝම ස්තූතියි මෙයාල... ඔනය කියපු එකනම් මට හරි හැටි තේරුනේ නෑ. මොනා උනත් එක්කො බැනල එක්ක හොදක් කියල වෙන්න එපැයි. කොවුව උනත් මං ලොල්ය කියන්බ එක නවත්තන්නෙ නෑ. ආතල් එකට නිකන් එක ස්ඇරයක් දෙසරයක් ඔන් කියයි. :D :D කොහොමත් මේක නැති තැනක සුළැඟිල්ලකුත් නෑනෙ.. ;)

    ReplyDelete
  12. "කොහොමත් මේක නැති තැනක සුළැඟිල්ලකුත් නෑනෙ.. ;)" . . . .
    ආන්න ඒක තමයි මලේ මම කිවුවෙ . . . .

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...