Sunday, May 22, 2011

පිළිවෙතියෙන් පෙළෑ ගැහෙමු... ලොක විනාසයට!!!

දැන් බොල මට බනිනව ඇති මූසල කතා කියන්න එපා කියල. ලොල්ය. එහෙම නෙවෙ මං මේ කියන්නෙ සිරාවට. 2012ත් ලග එනවනෙ.. ;) ලෝක විනාසෙ අතලග නොවැ. මේකනම් මම තරයේම පිළිගන්න දෙයක්. 2012 වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒත් අනිව ලෝක විනාසෙ අත ලඟ.

මං හේම කියන්නෙ මෙ ඉන්කාවරුන්ගෙ මෙවුව එක 2012හෙන් ඉවර වෙන නිසාම නෙවේ. අනික උන් මස් අමුවෙන් කාපු කාලෙ අපි e= mc2 ගනන් හැදුවෙ. ලොල්ය. එහෙවු එකේ කොහොමද රෙද්දක් ඇඳගෙන උන්ගෙ මගුල් කැලැන්ඩරයක් ගැන කියවන්නෙ?? මං මෙහෙම කියන්නෙ පදනමක් ඇතුව. අපි මේ යන්නෙ හරි පාරෙ නෙවේ. මේ තාක්ෂණික දියුනුව, එව්ව මෙවුව හින්ද තමා දවසක ලොක විනාසෙ වෙන්නෙ. මම මේ තාක්ෂණික දියුනුව හරි නෑ කියල කියනව නෙවේ. ඒත් ඔනිවට වඩා ඔනිමදෙයක් ඔනිම නෑ.

ඇල්බට් අයිස්ටයින් පරමාණු බෝම්බෙ හැදුව. එයැයි ඒකින් මිනිස්සු මරන්න හිතපු නැති එක වෙනම දෙයක්. ඒත් ඒකින් උනේ ඒකනෙ. ඒ ඔක්කොමත් කෙරුව මදිවට තව 4වෙනි ලෝක යුද්දෙ ගැන මෑන්ස්
අනාවැකිත් කියනව.
1 වෙනි ලෝක යුද්දෙ ජලකර බෝම්බ වලින් උනාවගෙ 2ක පරමානු බෝම්බ වලින් උනා වගේ 3 වෙනි ලොක යුද්දෙ වෙන්නෙ කොහොමද කියල එයාට කියන්න බෑලු. ඒත් 4 වෙනි එක වෙන්නෙ කඩු කිනිසි වලින් කියල ඇල්බට් අයිස්ටයින් කියල තියෙලු. හික්ය. ඔය යටින් කියල තියෙන්නෙ තුන්වෙනි ලොක යුද්දෙන් මුලු ලොකෙම විනාස වෙනව කියලනෙ. :D :D ඕන් මං අද කිවුව කියල මත තියා ගන්න. 3 වෙනි ලොක යුද්දෙ වෙන්නෙ ඔය පුපුරනද්‍රව්‍යය වලින් වත් තුවක්කු වලින්නවත් නෙවේ. හික්ය. නිකන් ටෙස්ට් ටියුබ් එකක් ඒ පැත්තට විසි කොරයි. අනික් පැත්තෙන් ටෙස්ට් ටියුබ් එකක් මේ පැත්තට විසි කරයි. මුලු ලොකෙම ඉවරයි. ;) ජාන තාක්ෂනේ නව ප්‍රවනතා තමා.. ජීව විද්‍යා අවි. :D :D බර අවි කැලේ.

දැන් ආව හොද මාතෘකාවකට. ජාන තාක්ෂනේ. මේක තාක්ෂනේ නෙවේ මේක තමා හෙනේ.. ලොල්ය. අපි ජීව විද්‍යා අවි පැත්තකින් තියමු. ඒව නැතත් මේ හෙනේන් තමා අපිව නැතිවෙන්නෙ.

නික්න් විහිලුවට වගේ හිතන්න අපිව මැවුවයි කියල දෙවි කෙනෙක්. හරි ඒ නැතත් ස්වාභාවධර්මය ගැන හිතන්න. ඒයා රොස මල රෝස් පාට කරල කඩරොඩු මල නිල් පාට කරේ ඇයි.??? මොක්ක හරි යටි අරමුනක් තකානෙ. අපිට උපකල්පනය කරන්න පුලුවන් එහෙම කරේ ඒ මල් වලට කෘමියන් ගෙන්න ගැනීමෙ තරගය පාලනය කරන්න කියල. ඒ මයෙ උපකල් පනයක්. [වෙන උපකල්පන තියේනම් කියල යන්නකො] ඉතින් මේ අපේ සමහරක් ජාන විද්‍යාඥයො මොකො කොරන්නෙ?? ස්වාභාවධර්මයට හොදනම් අපිට
මොකො කියල කටරොඩු මලේ නිල් පාට දානව රොස මලට. දැන් අවජාතක රොස මලක්. ඇයි දෙයියනෙ නිල් පාට රොස මල්?? පිස්සු නැත්නම් ශෝක්... (මෙතනදි කටරොඩු කිවුවට කටරොඩුම නෙවේ... බ්ලූඅයිරිශ් කියල මලක්. ඒකත් කටරොඩු වගේ තමා..)

තව වැඩක්... ගන්නව කලා මැදිරියව. උගේ ඇගේ තියෙන ජෛව සන්දීප්ත ද්‍රව්‍ය වලට අදාල ජානෙ අරගෙන හයි කරනව දුම් කොල ගහට. දැන්.. මේ දුම් කොල වලින් හදන සුරුට්ටු ටෝච් වලට.. :P :P

එක එක විකාර කෝටියයි. සමහරක් විට අහලත් ඇති ඇන්ඩි ගැන. (Inserted Deoxy-ribo Nucleic Acid කියන වචනෙ මුල් අකුරු ටික අනික් පැත්තට ලිවුවම ANDI) බහුසෛලිකයන් අතර පහත්ම මට්ටමක ඉන්න සීලන්ටරේටා වංශයේ ජෙලි පිශ් කෙනෙක්ගෙ විනිවිද යෑමට අදාල ජාන බහුසෛලිකයන් අතර ඉහලම මට්ටමක ඉන්න මමාලියාවෙකුට සම්බන්ද කරල. මෙහෙම කිවුවට තේරෙන්නෙ නෑ.
අපි ඔක්කොම සත්තු අහුවෙන්නෙ ඇනිමාලියා කියන රාජදානියට. ඒකෙත් පහත්ම මට්ටමේ ඉදන් උසස්ම මට්ටමට දූරාවලියක් හැදුවොත්,
සීලන්ටරෙටා ---► ප්ලැටිහෙල්මින්තේස් ---► නෙමටොඩා---► ඇනලිඩා---► මොලුස්කා---► ආත්‍රොපෝඩා---► එකිනොඩර්මාටා---► කොඩෙටා...
කොඩෙට තමා උසස්ම වංශය. හැබැයි එතනිනුත් නතර වෙන්නෙ නෑ.. කොඩෙටා වංශෙත් උප වංශ වලට බෙදෙනවා මෙහෙම,
කොන්ඩ්‍රික්තියේස්---► ඔස්ටෙයික්තියේස්---► ඇම්පිබියා---► රෙප්ටීලියා---► ආවෙස්---► මමාලියා...
ඉතින් හිච්චක් බලන්න... අපිත් ඔය මමාලියානෙ. උසස්ම ජීවීන් ඉන්නෙ මමාලියා උපවංශෙ තමා. ඒ සිලන්ටරෙටා වංශෙ ඉදන් මමාලියාවලට කොච්චර පරිනාමික අවදි තියෙද..?? ඉතින් අපේ නිර්මාන කාරයට තිබුනනෙ ඔය වංශ බෙදන්නෙ නැතුව සැමට සමානාත්මතාවය කියල ඔක්කොම එක විදිය කරන්න. එහෙම නොකර කලින් කිවුව වගේ වංශ, උප වංශ ඔව්ව මෙවුව වර්ගී කරන හැට හුටාමාරක් දාල මේ ලොකෙ හැදුවෙ මොක්ක හරි පදනමක් ඇත්වනෙ. මේව වෙනස් කොරන තාක්ෂනේ අපි ගාව තියෙනව. ඒත් මේ වගේ පිස්සු විකාර වැඩ වලට ඒක යොදාගන්න බැරි ඇයි. ඔය ප්‍රවේනික රෝග වලට සාර්තකම ප්‍රතිකාරයක් විදියට ඔය ජාන තාක්ෂනේ යොදාගන්න පුලුවන්. ඒත් එහෙම නොකරන්නෙ මේ වගේ පිස්සු විකාර නිසා.

ඇයි ඉතින් මේ වදුරෙක්ටවත් ඉන්න දෙන්නෙ නැති අසම්ජ්ජාති ඔය ප්‍රවේනික රොග නැති කරන මුවාවෙන් වෙන වෙන කැත වැගක් කොරොත්....?? ඒකනෙ මේ හෙනේ. කොවුව කොහොම උනත්... මම එක දෙයක් දන්නව. ඔය එක එක කස්ටිය මොක මොක කිවුවත් උලකා පාතයක් කඩන් වැටිල වත්, සුනාමියක් ඇවිල්ලවත්, ඉරවල් 7ක් පායලවත් නෙවේ ලෝකෙ විනාසෙ වෙන්නෙ. එහෙම ලොකෙ විනාස වෙනවනම් ඒක සුරන්ගනා ලෝක විනාසයක් විත්‍රයි. හැබෑ ලොක විනාසෙ වෙන්නෙ උස්ම ගන්න බැරුව ගිහින්. ;)


ප. ව.

මීට සමාන ලිපියක් මං කලියෙන් ලිවුව. ලෝක විනාසෙ අතලඟයි කියල. ඉතින් මේව ලේ කෝප කොරන මාතෘකා. මේ මාතෘකාව ගැන ආයෙ ලියන්න හිතුනෙ හිරේ විසිට් එක දාපු වෙලාවෙ දැක්ක පෝස්ට් එකක් නිසා... :D :D

14 comments:

  1. හික්ය, ‍තෝ අනාගත වාක්‍යය පරකාශ කරන්නෙක් වගේනෙ බං. ලොල්ය.
    උඹට අනාගතය දැකීම නුවණක් වත් පහළ වුනාද ?
    මේ ලෝක විනාසෙං මගෙ බුකියත් විනාස වෙයිද බං ?

    ReplyDelete
  2. කෝමද මචං තුවක්කුවක් ගත්ත වදුරෙක් දැවිදගෙන ඇවිල්ල තෝව මරල දානකොට....

    ReplyDelete
  3. ලෝක විනාසේ වෙන්න පුළුවන්.. හබැයි 2012 කියලනම් මමත් හිතන්නේ නෑ.. අපි මිනිස්සුම කරන විකෘත්ති වැඩ නිසා කාලයක් යද්දි එක වෙන්න පුළුවන්..

    ReplyDelete
  4. හ්ම්ම්.. ඔව් අනිව මාර්ක්.. බුකිය විනාසෙ වෙනව. :P

    හෑ කිඩො ඒ කුනුහබ්බෙ තේරුම මක්කෙයි..??

    අනිව අයියෙ වෙනව.. :D :D :D

    ReplyDelete
  5. අයියෝ බන් දැන් බලපන් උබ ඔය කිව්ව විදිහට මිනිහෙකුගෙ වදුරෙකුගෙයි ජාන බද්දයක් දැම්මා කියමුකො ඉකින් වදුරගෙන් මිනිස් ගතිය ඉස්මතුවෙලා ආවොත්..... 3 වෙනි ලෝක යුද්දෙ සත්තුයි මිනිස්සුයි අතර වෙන්න බැරිද...

    ReplyDelete
  6. 2012 කියන්නෙ ජලයට අධිපති කළු මකරාගේ වර්ෂය

    ReplyDelete
  7. බෑනෙ බන් කිඩො... උබට අමතක උනාද මේ විද්‍යාඥ මාමලත් පෘථග්ජන මිනිස්සු කියල??? එහෙවු එකේ උන් කවදාවත් තමන්ගෙ මෙවුව සත්තුන්ට දෙන්න යන්නෙ නෑ.. :D :D :D

    හෑ චානක.. ඒ මක්කෙයි..???

    ReplyDelete
  8. මේක කියවන්නකො . එතකොට තේරෙවි ඇයි 2012 ජලයට අධිපති කළු මකරාගේ අවුරුද්ද වුණේ ඇයි කියල
    http://status-chanaka.blogspot.com/2011/02/blog-post.html

    ReplyDelete
  9. මල්ලි...ඇත්තටම ලෝකෙ විනාස වෙන මොහොතෙදි..මිනිස්සු කොහොම හැසිරෙයිද?

    ReplyDelete
  10. මල්ලි...ඇත්තටම ලෝකෙ විනාස වෙන මොහොතෙදි..මිනිස්සු කොහොම හැසිරෙයිද?

    ReplyDelete
  11. @ නීනු නෙරංජි

    මිනිස්සු කොහොම හැසිරෙයිදනම් දන්නෙ නෑ. මම මකරනම් ඒ වෙලාවෙ අට දිශා 32 කට ගිනි පිඹිනවා

    ReplyDelete
  12. මම නම් හිතන්නෙ අර යුදෙවුවො ගෑස් කාමර ඇතුලෙ හැසිරුනු විදියට හැසිරෙයි :D :D

    ReplyDelete
  13. para heththa! thopi BUDDHA DARMAYA winasa karanawa yako. thopita mewa kawada hari pala dei!

    ReplyDelete
    Replies
    1. :) අනිවාර්යයයෙන්ම... අයි විනාස කරනවා විතරක් කියන්නේ.. විනාස කරන විදියත් කියන්නකො... හබොහොම ඉස්තුතියි ප්‍රති චාරයට

      Delete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...