Saturday, May 14, 2011

නෙතඟ රැදි කදුලේත් මුවඟ රැදි සිනහාවේවත් විද්‍යාත්මක වෙනස෴

හුහ්.. බ්ලොගර් එක හිතන් ඇති අපි උගේ අතපල්ලෙන් වැටිල කියල. ඇයි වදේ.. අපි අමාරුවෙන් තටමල තටමල පෝස්ට් එකක් දැම්ම ම තමා උන්ට මතක් වෙන්නෙ අප්ඩේට් කොරන්න. ඔය කොරල තියෙන්නෙ අප්ඩේට්.. හුහ්.. මම ගිහින් බ්ලොගර් කාර්යය මණ්ඩලයට කනේ ඇඟිලි ගහ ගන්න කිවුවෙ නැත්නම් අද මට මේ පෝස්ට් එක දාන්න වෙන්නෙත් නෑනෙ... :D :D :D ලොල්ය කොහොම හරි උන් මයෙ කටට බය උනා... :D :D බයනොවුනනම් මම ඕකුන්ව යවන්නෙ අවුස්විට්ස් වලට... :D :D කාතාව ඇති. දැන් බහිමු පෝස්ට් එකට.. :D :D


අද කියන්න ආවෙ බොහෝම වැදගත් මාතෘකාවක් ගැන. මමට හිච්චිම කාලෙ ඉදල තිබුනු ප්‍රශ්නෙකට උත්තරේ.. :D :D මම බෝහෝම මහන්සියෙන් හොයාගත්තු උත්තරේ.. මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.. මේකයි පුරශ්නෙ.. කෙනෙක් අඬනව.. තව එකෙක් හිනා වෙනව.. දැන් කියන්න එපා කවුරු හරි අඬද්දි හිනා වෙන එක වැරදී කියල. ලොල්ය... මේදෙක එකිනෙකට පරායත්ත සිද්ධි දෙකක්නම්...??? කෙනෙක් අඩද්දි අනිකා හිනාවෙන්න හේතුව මොක්ද්ද කියල මමට ප්‍රශ්නයක් තිබුන.. ඒ ප්‍රශ්නෙට මම තරමක උත්තරයක් කලින් මට උනු ඇබැද්දිය කියන පෝස්ට් එකෙන් දැම්මනේ.. ඒත් මට හිතුන ඒ දැම්ම මදි කියල. ඒක නිසා එදා කියපු කතාව වැඩි දියුනු කරල ඕන් ද කියනෝ... ලොල්ය.. :D :D :D

මයේ බ්ලොගිය ඉස්සර ඉදන් කියවන කෙනෙක් නම් දන්නව ඩොපැමීන් ( dopamine- ඩොපමයින් කියලත් උච්චාරනය කරනව) කියන හෝමෝනෙ ගැන දන්නව ඇතිනේ... නොදන්න කස්ටියටත් දැන ගන්න මම ආයෙ පහදල දෙන්නම් කො... අපේ ඇග ඇතුලෙ තියෙන්නෙ රාසායනික සංනිවේදනයක් නොවැ. ඒකියන්නෙ අපි ඇඟ ඇතුලෙ හෑන් පෝන් හෝපි ටෝකි වගේ එවුව නෑ. ඒවල කාර්ය තමා මේ හෝමෝන වලින් කරන්නෙ.. අඟේ සීනි මට්ටම පාලනය කරන්න ඉන්සියුලින්, පිරිමි අයගෙනම් ඔය ලිංගික හැගීම් පාලනය කරන ටෙස්ටෙස්ටරෝන් ඔය වගේ එක එක නානාක්ප්‍රකාරේ හෝමෝන තියෙනව. ඒ වගේ එක් තමා ඩොපැමීන් කියන්නෙ. ඒකින් වෙන්නෙ අපේ හිනහව උත්තේජනය කරන්න එක. අර කලින් කියපු ඉන්සියුලීන් නම් මෙව්ව කරන්නෙ අග්න්‍යාසෙ. මෙව්ව කිවුවෙ නිපදනවට. ලොල්ය. එතකොට ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් වගේ ලිංගික හෝමෝන නිපදවන්නෙ පිටියුටර්ඉය කියන මොළේ තියෙන ග්‍රන්තියෙ. ඒත් මේ ඩොපැමීන් කියන හෝමෝනෙ නිපදවන්න විශේශ ග්‍රන්තියක් නම් නෑ. ගොඩාක්ම සතුට සම්බන්දව ක්‍රියාකරන මොළෙ පූර්ව ලලාට බාහික ප්‍රදේශයේන් තමයිලු වැඩි පුරම මේ ඩොපැමීන් ස්‍රාවය වෙන්නෙ. ඉතින් අපිට හිනා වෙන්න උත්තේජක් ලැබුනම ඒ හරියෙ නියුරෝන සයිල ක්‍රියාත්මක වනව.


නියුරෝනයක් කියන්නෙ ඉතින් සරලව කිව්වොත් මෙලේ තියෙන සෛල වලට. එවා ඇතුලෙ මේ ඩොපැමීන් වගේ හෝමෝන හදල එලියට දෙනව. ඊලගට ඊලග සයිලය උත්තේජනය වෙනව. එහෙම එහෙම ඔය ඩොපැමීන් වලින් පූර්ව ලලාට බාහිකකයම උත්තේජනය වෙල අදාල ඉන්ද්‍රිය වලට දෙනව පනිවිඩේ සතුට ප්‍රකාශ කරන්න ඔනි කියල. කෙනෙක් සතුට ප්‍රකාශ කරන්නෙ හිනා වෙලානම්, බිම පෙරලි පෙරලිනම්, ඒ ඒ විදියට සතුට ප්‍රකාශ වෙනව.


දැන් කියන්නම් නෙතඟ රැදි කදුල ගැනත්. නැත්නම් හොද නෑ නොවැ. ලොල්ය. කලින් කියපු කතන්දරේම තමා.. වෙනස් වෙන්නෙ හෝමෝනෙ නම. දුක සම්බන්දව කටයුතු කරන්නෙ ඩොපැමීන් නෙවේ ගැබා... (GABA- Gamma-Amino Butyric Acid) ගැබා කියන හෝමෝනෙන් තමයි දුක ඇති කරන්නෙ..

දැන් අපි බලමු මේ හෝමෝන සම්බන්ද මානසික ලෙඩ කීපයක් ගැන. එතකොටම මට මතක් වෙන්නෙ විශාදය ගැන. අද මිනිස්සු 5ක් ගත්තොත් ඒ අයගෙන් එක්කෙනෙක් විශාදයෙන් පෙලීමේ ඉඩකඩ තියෙලු. ලොල්ය. ඉතින් මේ විශාදය රෝගයටත් හේතු වෙන්නෙ ඩොපැමීන් හෝමෝමෙ තමයි. ඒ හෝමෝනෙ ස්‍රවය කරන සෛල වලට හිතුනම ඒවා ස්‍රාවය කරන එක නවත්තල දානව. හිතුනම කියන්නෙ නිකන්ම හිතෙන්නෙ නෑ. ඒකට ආරෙන් එන ලෙඩ, බොන එක (පමණට වඩා) , මානසික ආතතිය වගේ දේවල් බල පනව. ඉතින් කොහොමින් හරි ඩොපැමීන් ස්‍රාවය කරන එක නැවතුනාම තමා විශාදය එන්නෙ. විශාදයේදි වෙන්නෙ අහේතුක දුක. කිසිම හේතුවක් නෑ. දුක් වෙනව. ඒකෙ භායනකම ප්‍රතිපලේ තමා අන්තිමට සිය දිවි නසා ගන්න හිතෙන එක. ඒත් මේ විශාදය නිටාවටම සුව කරන්න පුලුවන් කියල නම් අහල තියෙනව. ඒක නිසා ඔයාලටත් එහෙම හිතිල තියෙනවනම් ඉක්මනටම මනෝවෛද්‍ය උපදෙස් පතන්න. මොකද අද සිද්ඩ වෙන සියදිවි නසා ගැනීම් 100කින් 60ක්ම වෙන්නෙ මේ විශාදය නිසා ලු. බෙහෙතක් කියල ඉතින් දෙන්නෙ ඩොපැමීන් හෝමෝනෙම තමා..

හැබැයි පොඩි අවුලක් තියෙනව. ඔය බෙහෙත කස්ටිය නිකන් බොනව. ඒකියන්නෙ විශාදය නැතුව. අර බෙහෙත් බඩු කඩේ මදන මෝදක කියල තියෙන්නෙ. අපේ භාසාවෙන් කියනවනම් ටොපිය කියන්නෙ. බ්‍රෑන්ඩ් එකත් එක්කම කියනවනම් ලාබ සහ ප්‍රසිද්දම මදන මෝදකේ තමා "අශ්වයා". හික් ය. ඒවල තියෙන්නෙත් තරමක් තනුක කරපු ඩොපැමීන්ම තමා. :D :D :D :D ඒත් අවුල තියෙන්නෙ එතන නෙවේ... ඕක ගත්තම ඉතින් හිනා ය්නාව්නෙ නවත්ත ගන්න බැරුව. ගැහුවත් හිනා වෙනව. බැන්නත් හිනා වෙනවා. එක විකාරයයි. ඕක දිගටම ගන්න පුරුදු උනු කස්ටියගෙ මොලේ සෛල ව්ලට මල පනිනව. ඇයි වදේ. තමන් ඉපදිච්ච දවසෙ ඉදන් කරන වැඩේ තව කෙනෙක්ට කියල ඊට ව්අඩා හොදට කරගද්දි කාටද මල නොපැන තියෙන්නෙ. හික් ය. පෘතග්ජන සෛලනෙ බොල. ඉතින් එහෙම මල පැන්නම උන් ඩොපැමීන් හදන එක නවත්තල දානව. එතකොට විශාදය. :D :D ඔන්න ඕකයි තත්වෙ..

දැන් කස්ටියට හිතෙනව ඇති හැම දේකටම ප්‍රතිවිරුද්ද දෙයක් තියෙනව වගේ මේකටත් එහෙම නැද්ද කියල..?? ඇයි නැත්තෙ.. තියෙනව. අහේතුක සතුට... එකට සයිකොලොගි වලදි කියන්නෙ මේනියාව කියල. අර කලින් කිවුව ටොපිය ගත්තමත් තාව කාලික මේනියා රෝගියෙක් විදිට තමා හැසිරෙන්නෙ. ඉතින් මේ මේනියා රෝගයටත් හේතුවෙන්නෙ අර හෝමෝනෙම තමා... ඩොපැමීන්.. :D :D :D මම දන්න විදියටනම් විශාදය තරම් ඉක්මනට මේක හොඳ කරන්න බෑ. ප්‍රාතමික අවදියෙදි ලෙඩේ හොයා ගත්තොත් නම් හොද කරන්න පුලුවන්. ඒත් ද්වීතීක අවදියට ගියොත් ශුවර් නෑ. ත්‍රිතීක අවදියට ගියොත් කොහෙත්ම හොද කරන්න බෑ. ඒ අතින් බලන කොට විශාදය හොදයි කියල කස්ටියට හිතෙයි. ඒත් ඉතින් බුම්මගෙන ඉන්නවට වඩා හිනා වෙන එක සිරා නැද්ද...??? :D :D :D :D

ප.ව. ඕන් මම චන්ද පොරොන්දුව ඉශ්ට කරා, ඡන්දෙ දිනන්නත් කලියෙන්..

15 comments:

  1. අලේ මටත් එකක් ඕනේ සූප්පු කොරකොර හිනා වෙන්න!

    ReplyDelete
  2. ලොල්ය මට පේනා හැටියට උබනං ඉන්නේ මේනියා රෝගයේ ත්‍රිතීක අවදියේ.... :D බොගේ ලෙඩේ හොදකරන්නං බෑ :P

    ReplyDelete
  3. සෑහෙන්න වටිනවා සුලැගිලි මලේ.....

    මේ ඒක නෙවෙයි, මට මතකයි AL කරද්දි හිනා වායුව කියල එකක්.. ඒකත් ඩොපැමීන් වලට සම්බන්ධයක් තියනවද....????

    ReplyDelete
  4. ලොල්ය.. ප්‍රතිචාර වලට හැමෝන්ටම ස්තූති..
    ඒත් නෑ සුපර් මාරියො අයියෙ.. ලාෆින් ගෑස් කියන්නෙ නයිට්‍රිජන් ඔක්සයිඩ් වලට.. ඒකෙදි හිනා යෑමක් වෙන්නෙ නෑ.. ඒකින් වෙන්නෙ සිහි නැතිවෙන එක. ඒත් හිච්චක් විත්‍ර ආශ්වාස කොරොත් එවලෙ මොලේ කර කර උන්නු වැඩේ දිගටම වෙනව. උදාහරනයක් කිවුවොත්, හිනා වෙවී හිටියොත් දිගටම හිනා ව්නෙඅව. ඇවිද ඇවිද හිටියොත් දිගටම ඉබා ගාතෙ ඇවිදිනව. ඔය වගේ. ඉතින් ඔය එක එක විකාර වැඩ කරන කොට අනික් මිනිස්සුන්ට හිනා යනව. ඒකයි ඒකට හිනා වායුව කියන්නෙ.. ලොල්ය... නැතුව ඒකෙ ඩොපැමීන් සම්බන්දයක් නෑ...

    ReplyDelete
  5. ගොඩාක් හොද පොස්ට් එකක් මල්ලියේ...

    ReplyDelete
  6. තැන්කූ කොලලො.. මමත් අපේ ටීචර්ගෙන් ඇහුවාම එයත් කිවු‍වෙ මේකට හිනා යන්නෙ නෑ කියලා.. ඒත් එයාට කියන්න බැරි උනා ඇයි මේකට සිනා වායුව කියන්නෙ කියලා...

    මොනව උනත් මේ වගේ පෝස්ට් නම් සිරා.. දිගටම දාන්න.. :-)

    ReplyDelete
  7. හිනාවෙන්න මගේ බ්ලොගේට වර

    ReplyDelete
  8. ලොල්ය... ඈ බොල රත්තො උබේ බ්ලොගියෙත් තියෙද මේ ඩොපැමීන්...??? :P

    ReplyDelete
  9. වැඩේ හරි යන්නැහැ පින්කියට පිස්සු බලු බේත් දෙන්නම වෙනව වගේ.

    ReplyDelete
  10. :O ලොල්ය.. ඈ ඔබසර්වර් මාමේ.. බල්ලන්න කියල වෙනම බෙහෙත් හදන රට මොකෑ...???

    ReplyDelete
  11. ඈ බොල. මේකෙ තියෙන එක බැලුවාම මටත් හිතෙනව අර අහේතුක සතුට හදාගන්න. :D :D :D :D
    බොලා ගැහුවහමත් හිනා යනව කියන්නෙ ඌ අටලෝ දහමින් කම්පා වෙන්නෙ නැති එකෙක් නෙ බං.
    ඔය ලැඩේ හදාගන්න කෙමේ කියාපංකො

    ReplyDelete
  12. ලොල්ය.. හිතල හදාගන්න නම් බෑ මාර්කො... ඕක හැදෙන්න ප්‍රදානම හේත්ගුව මානසික ආතතිය.. :D :D ඒත් කියන්න බෑ... මානසික ආතතිය දිගින් දිගටම තිබුනොත් එක්කො මේනියාව.. එක්කො විශාදය.. දෙකෙන් එකක්.. ඕකින් කෝක හැදෙනවද කියල දන්නගන්න ව්එන්නෙ හැදුනාම තමා.. :D :D :D :D

    ReplyDelete
  13. හපොයි, එහෙම බෑ. මට කොහොම හරි අර මේනියාව හදාගන්න ඕනෙ. ඒක හදාගන්න බෙහෙතක් නැද්ද ?
    නිකං ඉන්දැද්දි ඩොපමයින් බීවහම නිකංම පස්සෙ විශාදය හැදෙනව වගේ මේනියාවට දෙන බෙහෙත් බිව්වහම මේනියාව හැදෙයිද ?

    ReplyDelete
  14. හ්ම්ම්ම්.. ඒකනම් කියන්න දන්නෙ නෑ... තර්කිකව හිතුවොත් ඒක එහෙම තමා... :D :D ඒත් මේනියාව රසායනික බෙහෙත් දෙනව අඩුයි. මානසික බෙහෙත් තමා දෙන්නෙ.. :D :D

    ReplyDelete
  15. මේනියාව හැදුනහම මොන බෙහෙත් ද බං. හිනා වෙවී ජොලියෙ ඉන්නනෙ තියෙන්නෙ.
    ලොල්ය
    :D :D :D :D :D :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...