Saturday, May 7, 2011

කුමරියක පා සලඹ සැලුනා෴


ලොල්ය.. අද කවද්ද...??? හත් වෙනිද... :D මිනිස්සු තමන්ට දෙයක් උනාම ඒකින් පාඩමක් ඉගන ගන්න ඕනි ලු. ඒත් මම...?? අනේ මන්ද.. ජීවිතේම ලොල් ය. දැන් ඒව මේව ඕනි නෑ.. අද කස්ටියට හවස පාර්ටියකුත් ඉල්ලල තියෙන්නෙ... හික් ය. ග්‍රීන් ඇපල් වලට පහල ඕනි බීමක්, අද මන්ගානෙ.. ඒත් ඒක නෙවේ අද කියන්න ආවෙ... මොකද මේ කතාව මම මීට කලින් කිවුවනෙ.. බැලුවෙ නැත්නම් බලන්න. ඒ අවුරුදු දෙකකට උඩදිනෙ.. මේ කියන්නෙ මේ දෙතුන් දොහකට උඩදි උනු කතාවක්.
හරියටම දවස අඟහරුවාද. ඉතින් අපේ හිසැල්ල සර්ගේ කලාස්. මමයි තව එකෙකුයි යනව දැන් ක්ලාස්. කොටුවට ගොහින් මහර ගම බස් එකේ තමා යන්න ඕනි. අපි දෙපල දැන් කොටුවෙන් බැහැල මහරගම බස් එකට ගොඩ වෙලා ඉදගෙන ඉන්නව. ඉදකින්... අපේ ක්ලාස් එන කෙල්ලෙක් බස් එකට නැග්ග.
අරූ- අඩෝ... අරකි බන්..
මම- කෝකිද හරකො..???
අරූ- කෑගහන්න එපා බන්.. තොගෙ කට... ඒකි තමා මම උබට කිවුවෙ..
ලොල්ය.. දැන් ඉතින් වැඩේ හරි. දැන් මට මූ ඒකි ගැන කියනව කියන.. අඩෝ ටෝක් කරල දීපන්කො ටෝක් කරල දීපන්කො කියකිය මට වද දෙනව. ඌ දැන්නෙ නෑනෙ.. මට තියෙන අසනීප ගැන. කෙල්ලෙක් එක්ක කතා කරද්දි අත වෙවුලනව.. උට කියන්න පුලුවනෑ ඔවුව... දැන් ඉතින් ඕන් මම කොහොම හරි ක්ලාස් එකේදි ටෝක් කරල දෙන්නම් කියල උගෙන් ශේප් උනා.
ඕන් අපි හතේකණුවටත් ආවයි කියමුකො.... මේකි බස් එකේ ඉස්සරහින් බැහැල ඉස්සරහින් යනව. අපි පිටි පස්සෙන් බැහැල එයැයිගෙ පස්සෙන් යනව.
මම- අඩෝ.. ඒකි මොකියෙක් උනත් සුසයිඩ් බලිකාවෙ බන්...
අරූ- උබ කොහොමද එහෙම කියන්නෙ..?? උබ ඒකිව දන්නවද..?? අඩෝ ඇත්ත කියපන්
මම- ඇයි බන්.. එකිගෙ පස්ස දැක්කම කියන්න බැරිද ඒකි මියුසියස් කියල..?? ඕක උන්ගෙ අනන්‍යතාවය. දන්කුඩ කාල වගේ බලපන්කො...
අරූ- හ්ම්ම්.. අනේ බන් උබනම්.. දැන් බලුවට කමක් නෑ.. හැබැයි.....
මම- ඕකුන් කන්නද බන්..?? හරි උබ හිතහන් උබ බීල පාරෙ වැටිල උන්න. ඒකි වත් වෙන කෝකියෙක්වත් එනවද උබව උස්සන් යන්න..?? නෑනෙ..
අරූ- අනේ උබේ ප්‍රති පත්තිය... එකියෙක් බෑ කිවුව කියල ඔච්චර කෙල්ලන්නට වෛරකරන්නෙ ඇයි බන්..?? පොඩ්ඩක් ධනාත්මකව හිතහන්කො... මතක තියා ගනින්, සෑම සාර්තක මිනිහෙක් පිටුපස ගෑනියෙක් ඉන්නව කියල... ඒ වගේම අපිට එන හැම සතුටක් පිටි පස්සෙනුත් කෙල්ලෙක් ඉන්නව..
මම- ලබ්බ..!! නිවුටන් සාර්තක උනේ ගෑනියෙක් පිටි පස්සෙ හිටපු නිසාද..?? එතකොට හිට්ලර්....
අරූ-- ඇති ඇති.. නවත්ත ගනින්... මතක තියා ගනින් අපි සාපේක්ෂව වෙනස්...
කොහොම හරි කියව කියව අපි දෙපල යනකොට ඒකිව අපිට මග ඇරුන. ලොල් ම තමා. එතකොට තම මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ඇයි බොල මගේ කාර්ඩ් එක බේර ගන්නත් එපැයි. දැන් අපි සසිප් පරිශ්‍රය ඇතුලට ආවයි කියමුකෝ... ඕන් සුපුරුදු විදියට දැන් පිටිපස්සට වෙන්න අපි ඉදගත්ත. අරූ නාහෙන් අඩනව.. අරකි මග ඇරුන කිය කිය. මම ඉතින් උඩින් ඔව් බන් අපරාදෙ කිය කිය යටින් සතුටු උනා. මම සාමාන්‍යයෙන් ඉද ගන්නෙ කෙල්ලන්නෙගෙ පෝලිම පැත්තෙ. මොකද මම වමත් කාරය නිසා මට ඒ පැත්තෙ තමා ඉද ගන්න වෙන්නෙ. දන්නෝ දනිතිනේ... හිස්ඇල්ල සර් ක්ලාස් එකට එනව කිව්වෙ 2.30ට නම් එනකොට 3.15වත් වෙනව කියල. ලොල්ය. එදත් ඉතින් එහෙමයි. ඒ මදිවට එදා හෝල් එකේ ඉඩ මදි වෙලා අපිව වෙනින් හෝල් එකකටත් දැම්ම. ඉදගෙන හිටපු තැන් වලින් නැකිටල ඊලග හෝල් එකට ගිහින් ඉදගෙන එහා පැත්ත බැලුව විත්‍රයි... අහෝ දුකකි.. ! කාර්ඩ් කුඩු වෙති..!! අරකිගෙ එහා පැත්තෙන් මම ඉදගෙන තියෙන්නෙ. දැන් ඉතින් මක්ක කරන්නද... ආයෙ අරූ මට ව්අද දෙනව අහපන් අහපන් කියල. මෝනා උනත් මම ඒකිගෙ මේසෙ උඩ තිබ්බ බෙලි කටු මල්ල පුරා ගහල තිබ්බ බැජ් වලින් මගේ කලින් නිගමනය සත්‍යාපනය කොර ගත්ත. එයා සුසයිඩ් බාලිකාවෙ තමා.

අරූ මාව කන්න හදනව.... ඌ එතන ඇඬුව නැති එක විත්‍රයි. මොනා කරන්නද යාළුව නොවැ. මම බැරිම තැන,
මම- ස්ස්.. මේ ඔයාගෙ නම මොකද්ද..??
එයැයි- ඇයි අහන්නෙ...??
මම- නෑ දැනගන්න.. :D :D
එයැයි- (සද්ද නැතුව ටිකවෙලාවක් ඉදල නම කිවුවා)
අරූ- (මට රහසින්) කොල්ලෙක් ඉන්නවද අහපන්..
මම- ශුහ්.. ලස්සන නමක් නෙ.. මෙ ඔයා මියුසියස් නෙද..?? මෙ ඒක නෙවේ......
එයැයි- මේ මාත් එක්ක කතා කරන්න ඔනි ඔයාටද..?? නැත්නම් ඔයාගෙ එහා පැත්තෙ ඉන්න කෙනාටද..??
දැන් මක්කෙයි කොරන්නෙ.. මමත් ඉතින් නිකන් උන්නෙ නෑ.. මාත් ගත් කටටම කිවුව,
මම- ඇයි..?? ඔයා කැමති අපි දෙන්නගෙන් කාත් එක්ක කතා කරන්නද...??
එයැයි- (අන්පේක්ෂිත ලෙස) ඔයත් එක්ක...
එහෙම කියල ඉස්සර බලා ගත්තමයි.. අයේ මේ පැත්ත බැලුවෙත් නෑ. මට කර කියා ගන්න දෙයක් නෑ. පොඩ්ඩක් වුත්‍ර සතුටක් ආව... කාර්ඩ් එක කුඩු නොවුනු එකට. ලාවට හිනාවක් දාල අරූ දිහා බැලුව විත්‍රයි.. මෙන්න ඌ මූන බුම්මගෙන.. "මහ ලොකු ප්‍රතිපත්තිය.. කැත වැඩ කරන්න එපා බන්...." අනේ මන්ද මම අහවල් එකක් කරාටද.. මූ ගෑනියෙක්ට අන්තයි නොවැ.

කොම හරි ඒකි යන ගමන් මම දැක්ක මාත් එක්ක හිනාවක් දාගෙන යනව. ඒත අරූ දැක්ක. ඉතින් හත්දෙයියනේ.. මම එකිත් එක්ක කතා කොරේ උට හොද කරන්නනෙ.. අන්තිමේ උත් මා එක්ක තරහ උනා...

ලොල්ය.. දැන් ඊලඟ දවස.. ඒකියන්නෙ බදාද.. තිස්ස සර්ගෙ බයෝ පන්තිය. ඒකටත් ඒකි එනව. ඒ කලාස් එකෙත් ඉතින් වෙන්නෙ කලින් එකේ උනු සන්තෑසියම තමා.. මට හැමදාම සෙට් වෙන්නෙ කෙල්ලන්ගෙ පෝලිම පැත්ත. අරූ ඉතින් මා එක්ක තර උනු නිසා මාත් එක්ක නෙවේ ක්ලාස් ආවෙ. ඌ තනියම ඉදගෙන ඉන්නව. මට ඉද ගන්න ඉඩක් අල්ලලත් නෑ. අවුලක් නෑ කියල මම ටිකක් ඉස්සරහට ගිහින් ඉදගත්ත. වෙලාවකට හිතෙනව ඇයි මටම මෙහෙම වෙන්නෙ කියල. ඒ පාර ඉදගෙන තියෙන්නෙත් අරකි ලගමයි. දැන් අරූට තවත් මාත් එක්ක මල ඇති.
මේ පාර කතාව පටන් ගත්තෙ ඒකි. කතාකරපුව නම් මතක නෑ. මොනා උනත් ඉතින් තිස්සය කියනව වගේ ඒව අයත් වෙන්නෙ අල්ලාප සල්ලාප, සම්පප්ප ලාප.. ගොඩට... එක එක ඒව සර් එකනක් අපි කියව කියව උන්න. මට ඒ වෙලාවෙනකොටත් තේරිල තිබ්බෙ ගොනා එන්නෙ පොල් පැලේ කන්න කියල.

දෙපාරක් හිතුවෙ නෑ. මගේ හිතේතියෙන ඔක්කොම කියන්න කට ඇරිය. නොදකින් සර් ආව පන්තියට. ක්ලාස් එක ලැබුනු ලැබුනු වෙලාවෙදිත් එයා මා එක්ක කතා කොර. දැන්නම් හොදටම ඇති. මම කිවුව ක්ලාස් එක ඇරිල කතාකරමු. දැන් හිච්චක් කටවහන් ඉන්න කියල. ලොල්ය. ඇයි වදේ..

දැන් ක්ලාසෙක ඇරුනයි කියමුකෝ... ඕන් ඒකි ආයෙ කතාව පටන් ගත්ත. ලොල්ය.. මලම ඇනයක්. උගුර පාදල මම කිවුව ඉතින් මයෙ ප්‍රති පත්තිය ගැන. ඒකි නිසා නැති උනු මගේ යාලුව ගැන. කියන්න ඉතුරු වෙලා තිබුනු හැම දේම කියල මම ආව එන්න.

මම දන්නව එයාට ඒ කතාව ඇහුනම දුක හිතෙන්නත් ඇති. මම ඒ මගේ ප්‍රතිපත්තිය ගැන කියද්ඩි මම දැක්ක එයැයිගෙ ඇස් දිලිහෙනව. මක්ක කරන්නද..!! මගේ මතය එකනෙ.

සෑම සාර්තක මිනිසෙක් පිටුපසම ප්‍රතිපත්තියක් තියෙන්න ඔනි.

33 comments:

  1. සෑම සාර්තක මිනිසෙක් පිටුපසම ප්‍රතිපත්තියක් තියෙන්න ඔනි.

    ඇත්ත, ඒ ප්‍රතිපත්තිය තමන්ට වල කපන එකක් වෙන්න ඕනැද?

    ReplyDelete
  2. ගොන් වස්සා....උඹ මෙතනට ප්‍රතිපත්තියක් ගාව ගෙන...යකෝ....මේවට ප්‍රතිපත්ති ගාවගන්න එපා උලමෝ....

    ReplyDelete
  3. ලොවෙත් නෑ...
    කොන්දක් තියන පොරක්...
    ඔයා දකුණෙ ඉන්න ඕන එකෙක්.. :-)

    ReplyDelete
  4. අඩො රත්ගමයා , ඔය ප්‍රතිපත්ති ගරුක එකාව නරක් කරන්නැතුව හිටපන්..

    ReplyDelete
  5. අනේ මලේ උඹේ ඔය බම්බුවෙ ප්‍රතිපත්තිය දාහං බං බල්ලට . . . . දෙයියො දෙන වෙලාවට එපා කියන්න එපා . . . පස්සෙ දුක් වෙන්න වෙයි . . .

    ReplyDelete
  6. ලොල්ය.. ඒ පාර මගේ ප්‍රතිපත්තිය වල කැපෙන එකක් කියලද කතන්දරය කියන්නෙ..?? O_o
    ඈ බොල රත්තො.. මේ වලට ප්‍රතිපත්ති ගාව ගන්න එපානම් වෙන අහවල් එකකටදෑ ප්‍රතිපත්ති... හික්ය... සුපර් මරියෝ.. ට කියන්න මම වමෙන් නොවැ ලියන්නෙ.. හැබැයි මම දකුනෙන් ලිවුවනම් මේ සන්තෑසිය වෙන්නෙ නෑ.. :D

    ReplyDelete
  7. ලොල්ය.. සොරි වෙන්න ඔනි.. ඕනය අයියියන්ඩිව දැක්කෙ නෑ... ඒ එතකොට බල්ලත් සාර්තක බල්ලෙක් වෙනවනෙ බන්.. :D :D

    ReplyDelete
  8. පව්.ඔය තරම් නපුරු වෙන්න එපා මැට්ටො..ආදරේ කරන්න හිතෙනව නම් එයාට ආදරේ කරන්න..පස්සෙ ඔයා පසුතැවිලි උනොත් ගත්ත තීරණේ ගැන.?මොනා උනත් ඔය ප්‍රශ්නෙදි හොඳට හිතන්නත් ඕනි..හැඟීම් වලටම වහල් වෙන්නත් හොඳ නෑනෙ. :( ඒ වගේම ප්‍රතිපත්ති තිබුණත් සමහර වෙලාවට ඒවා වෙනස් කරන්නත් වෙනවා..හැබැයි වෙනස් කරන්න ඔන්න හොඳ දේකට හරිද?..එක පාරක් වෙනස් කරගත්තෙ :P..

    ReplyDelete
  9. ලොල් නැතය. :P කෙනෙක්ව අඩවනව කියන එකත් මිනිස්සු ගාව තියෙන දුර්ලබ හැකියාවක්.. :D හෙ හෙ මම ගාව ඒක තියෙනව... ඒත් මම මක්කටෙයි නපුරු උනේ..?? සමහරක් විට මම කතා කරපු විදිය වැරදි ඇති. ඒකින් ඒක එයා වරදව තේරුම් ගන්න ඇති. මම මක්ක කරන්නද..?? ලොල්ය... කොවුව උනත් ආයෙ වෙනස් කරන්නෙ නෑ ප්‍රතිපත්ති.. :D

    ReplyDelete
  10. මලේ ප්‍රරතිපති ගැන හිතන්න කලින් අර දැරිවි ගැන හිතුවන0 ඇයි යකෝ ඒ කෙල්ල ට මොනව හිතෙන්න ඇද්ද තම0 ගැන............

    ReplyDelete
  11. ලොල්ය.. බොහොම ස්තූති ප්‍රති ජාරයට සමීර.. ඇයි හත්තිලවුවෙ මම මක්කා කරාටද..?? මම බූට් එකක් තිබ්බ වගේනෙ උබල මට බ්නින්නෙ.. ඒ කෙල්ල මනෝවිකාරෙන් මාව වරදවා තේරුම් ගත්තට මම මක්ක කරන්නද...???

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. කෙනෙක්ව අඩවනව කියන එකත් මිනිස්සු ගාව තියෙන දුර්ලබ හැකියාවක්.. :D හෙ හෙ මම ගාව ඒක තියෙනව...
    එ හැකියාවනම් තියෙනවද කොහෙද තමා :P

    ReplyDelete
  14. හැමදේම වෙන්නෙ හොදටයි.... කවුද දන්නෙ ඕක බොලාගෙ විස්ස විජ්ජාලෙ යන්ට තිබ්බ බාදකයක් අයින් වුන වෙලාවක් ද කියලා!!! ඔන්න ඔහෙ වෙන දෙයක්. හැබැයි සිරාවට කෙල්ල නම් පව් ය. ඒත් ඉතින් කරන්නට දෙයක් නැත.

    ReplyDelete
  15. අඳෝමැයි x ලොල්ය කිව්වලු. උඹේ බ්ලොග් ලියන විදිහ නම් නියමයි බං. වෙන බ්ලොග් එකක ඔය වගේ සිද්දියක් වුනු දෙයක් ගැන තිබ්බොත් මුල් ඡේදෙ කියවද්දි නින්ද ගිහිං කෙලින්ම ක්ලෝස් කොරනව. මේක නම් නියමෙට කියෙව්ව බොල. පට්ටය. ලොල්ය ලොලේ ලොල්ය කිව්වලු. ඈ බං උගුඩුවො, උඹ ක්ලාස් යන කාලෙ මේ වගේ මගඩි වැඩත් කලාද ? උඹට රකින්න ප්‍රතිපත්ති තියෙනවද ? :P

    ReplyDelete
  16. නිදකිං ය... ඈ බොල උලමෝ ඔව්වාට ප‍්‍රතිලපත්ති ගාවා ගන්නවද?...
    අද තමයි ඔ්ං මේ දිහාවේ ආවේ...

    ReplyDelete
  17. ලොල්ය.. ඈ අනූ.. කාවද දැන් ඔයා ඇඬෙව්වෙ... අන්න දැක්කද සංජු ඔයාට විත්‍රයි තේරුනේ.. :D

    ඔව් බොල ඇට්ටරයො.. තියෙනව ප්‍රතිපත්ති.. ලොල්ය.. ඒ කියන්නෙ මම අන්තිමට කියපු නියමයේ විලෝමය. :P හෙ හෙ පොජ්ජෙ.. ආයෙ හේනම් එන්නකො මේ පැත්තෙ...

    හැමෝන්ටම ප්‍රතිචාර වලටට ස්තූතියි. :D :D :D

    ReplyDelete
  18. අපරාදේ චාන්ස් එක.. හැබැයි යාළුවා නිසා එහෙම කරපු එක හොදයි අනිත් ප්‍රතිපත්තො කොහොම උනත්.. මොකද නැත්නම් අරූ හැමදාටම තරහින්..

    ReplyDelete
  19. ලොල්ය.. මොන අපරාදයක්ද අයියෙ... :D :D ඒත් තාමත් අරූ මා එක්ක කතා කොරන්නෙ නෑ.. :/

    ReplyDelete
  20. ලොල්ය... යාලුවෙක්ට කෙල්ලෙක් දාගන්න හෙල්ප් කරන්න ගිහින් හෙල්පර්ට කෙල්ල සෙට්වීම. ඕක හොදට මතක තියන් ඉදපන් පස්සෙකාලෙක පොඩි එකෙක්ට හරි කියන්න පුලුවන්නෙ...

    ReplyDelete
  21. උඹ හරියටම හරි මලේ ....කෙල්ලො ලඟදි මොනව නැති වුනත්.... කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන ..

    ReplyDelete
  22. අපරාදෙ යාලුවා ආයෙ කතා කරාද?

    ReplyDelete
  23. ලොල්ය... අදත් ඔය ක්ලාස් ආවෙ.. කතා නම් කොරේ නෑ.. :/

    ReplyDelete
  24. උඹට කියන්න තියෙන්නේ අර ඕනයා කියපු එක තමයි... මමත් ඒ කාලේ නැටි එල්ල ගත්තහම මල වදේ කියලා කෙල්ලන්ට ගණන් උස්සලා හිටියා..... දැන් අපේ අම්මටයි තාත්තටයි තමා වදේ..... මොකද කොල්ලා තාම සිංගල්. බලාගෙන ඉඳලා බැරිම තැන ඕන් මට ගෑනු හොයනවලු... ලෝලය... චාන්ස් එක මිස් කොරගෙන පස්සේ චාටර් වෙන්නත් ඉඩ තියනවා.... හැබැයි පුතෝ ගන්න චාන්ස් එකක් කල්පනාවෙන් ගනින්. නැත්නම් සමහරවිට ජීවිතාන්තය දක්වා හිරේ යන්න ඉඩ ඇත.

    ReplyDelete
  25. බෝම ස්තූතියි ප්‍රතිචාරෙට අයියෙ.. :D :D

    ReplyDelete
  26. අයියෝ බන් උඹ මාර පොරක් නේ ? මොන ප්‍රතිපත්තිද බන් ?

    මම A/L කරන කාලේ එක කෙල්ලෙක් ගැන හිතාගෙන හිටියා.( මම විතරක් නෙමෙයි මට අමතරව තව කොල්ලෝ 4 දෙනෙක් ඒකිගේ පස්ස්සෙන් ගියා :O) මට A/L ඉවර වෙනකල් එයාගෙන් අහන්න බැරි උනා. දැන් කොහෙද කියල හොයාගන්න නැහැ.

    උඹ මෙතන අතට ආපු chance එක කාගෙනනේ

    ReplyDelete
  27. උඹ තමා මම දැකපු ලොකුම පොල් බූරුවා....

    ReplyDelete
  28. විහුලු කොරනවද මංදා... ;) ප්‍රතිපත්තියක් නැති තැන මිනිහෙක් නෑ....

    ReplyDelete
  29. නියමායි..... මටම හරියන බුවෙක්...!

    ReplyDelete
  30. ගොන් ය.. පට්ටම ගොන් ය.. අපම අපරාධේය ..

    ReplyDelete
  31. කොල්ලෝ අත අරින්න එපා චැන්ස් එක ප්‍රතිපත්ති අව්රුදු 25න් විතර පටන් ගමු එතනං සැර‍සෙන් එලවේන් අාාාාාාතල් යා‍

    ReplyDelete
  32. නෙදකින් හිපාටුවා.මම උනානම් ඒකිව දාගන්නවා ..අතට ආපු චෑන්ස් එකට තෝ පයින් කෙලලනේ උලම

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...