Sunday, April 24, 2011

බාල ගිරි අද නොවේ, හෙටයි෴



මේ කෝ අප්පේ, බබෙක් වත් හම්බෙලද? කියල කස්ටිය බලන ඇති. හික්ය. මේකත් එක්තර ගනේ අලුගුත්තේරු පෝස්ට් එකක් නම් නෙවේ ඕන්.. බබෙක් ලැබිල නෙවේ.. අනේ... අද ලියන්න යන්නෙ වැඩ කල් දැමීමේ රෝගය ගැන. :D ලොල්ය. මේකයි මේ පෝස්ට් එක මම ලියන්න උන්නෙ මීට මාස 6කටත් උඩ දි. ඒත් සාපෙ වැඩ නිසා පස්සෙ ලියනව කියල උන්න. සාපෙත් ඉවර වෙලා, ප්‍රති පලත් ඇවිල්ල, ඒ පදිවට මහ විභාගෙටත් සූදනම් වෙන්න ඔනිලු. ලොල්ය. ඔන්න ඔව්ව නිසා හැමදාම මේක ලියන එක මිස් වෙනව. ලොල්ය. ඒයෙ ලියනව කියල හිටිය; ධන කිරණ කතන්දරේ නිසා ඒකත් ලියන්න බැරි උනා... ඕන් අදනම් කොහොම හරි ලියනව. :D

අපි ගොඩක් දුරට මේ වගේ මානසික තත්වයක් ඒ හැටි ගනන් ගන්නෙ නෑ නෙ. ඒත් ඇත්තටම ගත්තොත් මේක ඇවිල්ල මානසික රෝගයක්.දානික් එක මේ ලෙඩේ හෙම්බිරිස්සාවක් කැස්සක් වගේ නිකන් ගනනකට නොගෙන ඉන්න බෑ. අපිට මේක සුලුවට පෙනුනට වැඩ කල් දැමීමෙන් වෙන පාඩුව සමහරක් විට මිල කරන්නත් බැරි වෙන්න පුලුවන්.. ඉස්සර කෘශිකර්මය ජිවන උපාය කර ගත්තු ගොවිය්ව්ක් නම්, එක සුලුදෙයක් කල්දැම්මොත් සමහරක් විට ඒ පවුලකටම හාමතේ ඉන්න වෙනව. දඩයම් කරගෙන ජිවත් වෙන කෙනෙක්ටත් ඒක ඒ විදියමයි. සමහරක් විට ආරක්ෂාව සම්බන්දෙනුත් මේ වැඩ කල්දැමීම බල පෑවොත් ජීවිතයෙන් උනත් වන්දි ගෙවන්න වෙනව. ක්‍රි පු 800 හිටපු හෙසිඔඩ් කියනල දාර්ශනිකයෙකුත් කියල
තියෙනවලු මේ වැඩකල් දැමීම රෝගයකට වඩා පවක් කියල. හැබැයි ඉතින් ග්‍රිසියෙ උන් දනගාන කොට අපිත් ඔව කියන්න ඇති. ඒත් හට වහර ඒ හැටි සාර්තක ක්‍රමයක් නෙවේ නිසා අපි එහෙම කිවුවයි කියල පර සුද්දො පිලි ගන්න කැමති නෑ. ලොල්ය. අද මාතෘකාව ඒක නෙවේ නිසා මම මේ කතාව නවත්තනව. නැත්නම් ඔයැයිල මට කියයි මේකත් කලින් එක වගේ කක්කා පෝස්ට් එකක් කියල. :D

මේකට හේතුව මොනාද කියල අපි බලමුකො.. මොකක් හරි වැඩක් අපිට භාර වෙනකොට ඒත් එක්කම අපිට ඒක ඉවර කරන්නත් කලායක් ලැබෙනව. ඒකට පර භාසවෙන් කියන්නෙ dead line කියල. ඉතින් මේ වෙලාව වැඩි වෙනතරමට මිනිහෙක් වැඩක්ල්දැමීමට වැඩිපුර පෙලබෙනව. ඒකට temporal delay කියල කියනව. ඉතින් dead line එක අඩුවෙන තරමට මිනිස්සු කලින්ට සාපෙක්ශව වැඩ කල් දාන්නෙ අඩුවෙන්. ඒකට හේතුව ඉතින් "අපි දෙයක් කරන්නෙ ප්‍රතිලාබ බලාගෙන" කියන දේම තමා. (ඒ ගැන රොබට් නොක්ස් කාරයත් කියල තියෙනවනෙ.) ඒ කියන්නෙ අපිට ඉක්මන් ප්‍රතිලාබ ලැබෙන කොට ඒ වැඩේ කල්නොයවා කරනවා. ප්‍රතිලාභ පරක්කුනම් වැඩෙ කල් දානව. ඒත් මේ මතය අපේ සින්හල බෞද්ද ජීවිතයට විරුද්දයි. ඒත් මේ මතේ පරිනාමික සත්‍යතාවයකුත් තියෙනව. මොකද අපි වද්ද කාලෙ අපිට තුබුනෙ නෑනෙ අනාගතේ ගැන හැගීමක්. ඒකනිසා අද ලැබෙන දේ වෙනුවෙන් මහන්සි වෙනව මිසක් අනාගතේ ගැන මහන්සි වෙන පුරුද්දක් අපි වැද්ද කාලෙ තිබුනෙ නෑ. "අතේ ඉන්න කුරුල්ල පදුරෙ ඉන්න කුරුල්ලො දෙන්නට වඩා වටිනව" කියල කතාවකුත් තියෙනවනෙ. ඒත් අපි අමතක කරන්න හොද නැති දේ තමා අපි තාමත් වැද්දො නිවේ කියන එක.
දැන් අපි බලමු මේ ප්‍රතිලාබ තකා වැඩ කල් දැමීමට අදාල හෝමෝන් ක්‍රියාකාරිත්වය. මේකේදි ඩොපැමින් කියන හෝමෝන්ය. මේක ගැන මම මීට කලින් ලිපියකදි කුවුව. ඒතනදි මම මේ හෝමෝනෙ ගැන කිවුවෙ අපිට හිනාව යනව විදිහ විස්තර කරන්න. මේතනදිත් මේ හෝමෝන් එක වැඩකරන්නෙ සතුට කියන උත්තේජයත් එක්ක. ඒ කියන්නෙ අපිට මොනව හරි ලැබෙනවනම් අපි ඒකට ලබාගන්න උනන්දුයි. ඕනිම තමන් කැමති දෙයක් ලැබෙන වනම් ඒක සතුටක්. ඒ විදියට වක්‍රාකාරව dopamine මේකට දායක වෙනව. :D ලොල්ය... ඒකට මගෙනුත් අදහසක් එකතු කොරොත් වැඩ කල්දැමීමට බෙහෙතක් විදියට අපිට ඩොපැමින් බොන්න පුලුවන්. ඒක අදහසක් විත්‍රයි හොදේ. මොකද ඔය ඩොපැමින් කියන්නෙ එක්තරා විදියක මත්ද්‍රව්‍යක්. මදන මෝදක කියන්නෙත්, ටොපිය කියන්නෙත් මේ හෝමෝන් එක අඩන්ගු මත්ද්‍රව්‍ය තමා. ඒක ගත්තම හිනා යනව.. :D :D :D :D :D :D :D :D :D :D ඒත් ඒ හිනාව තාවකලීකයි. ඒ වගේ මද්‍රව්‍යක් පාවිච්චි කරන එකෙන් තාවකාලික මේනියා රෝගියක් එක්ක සදාලික විශාද රෝගියෙකුත් වෙනව කියල කියන්න ඔනි. මම ඉතින් මේ ඩොපැමීන් වලින් හිනා යන කතාව කිවුවෙ අමතර දැනුමට. හරිය..??
මේ විදියට මේ වැඩ කල් දැමීමෙ රෝගයට අපේ මොළෙ බලපනව. අපේ මොලේ පූර්ව ලලාට බාහික ප්‍රදේශය තමයි ලු වැදගත් වෙන්නෙ. මොකද ඒ හරියෙන්නෙ අපේ සැලසුම් කිරීම, ආවේග පාලනය, අවධානය වගේ ක්‍රියා පාලනය කොරන්නෙ. :D

මේ කරුනු වලට අමතරව තවත් ගොඩාක් දේවල් මේ වැඩ කල් දැමීමේ අසනීපයට හේතුවෙනවා...
සුපරික්ෂාව අඩු බව, අවේග ශීලී බව, අදිසන්වේදිබව වගේ දේවල් මේකට හේදුවෙනව. අදිසංවේගී අයගෙ දකින්න පුලුවන් දෙයක් තමා සාන්කාව කියන්නෙ. ඒ වගේ තත්වයකදි වැඩ කල් දාන එක ගොඩක් වෙලාවට වෙනවා.
සමහරු අදාල වැඩේ තමන්ට හරියට කරගන්න පුලුවන් වෙයිද කියල බයවෙලා වැඩේ කල්දානව. ඒ ආත්ම විශ්වාසයක් නැති කම. තවත් කෙනෙක් "මම මේ වැඩේ හොදට කොරොත් අනික් අය මගෙන් මීටත් වඩා දේවල් බලාපොරොත්තු වෙවි" කියා හිතල වැඩේ කල්දනාව.

ඉතින් මේකින් මිදෙන්න අපි මක්කෙයි කරන්න ඔනි..???

ඒක ගැන කියන්න තමා අද මම ආවෙ. ඒත් වැඩකල් දැමීම හදුන්වන්න ගියාම තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.
මේකයි..
  1. මුලින්ම අපි හිතන්න ඔනි තමා වැඩ කල්දමන රෝගියෙක් ද කියල.
  2. ඊලඟට හිතන්න ඇයි "මම ඒ වැඩේ කල් දමන්නෙ?" කියල. ඒ හේතුව සාදරනද කියලත් පොඩ්ඩක් හිතල බලන්න. :D
  3. ගොඩක් දුරට එහෙම කල්දාන්නෙ අපිට අප්‍රසන්න ව්ඇඩනෙ. ඒක නිසා එහෙම අප්‍රසන්න ව්ඇඩක් කරන්න මුලින්ම දාගන්න. හැම අනු වැඩක් ම ඉවර වෙලා තමා තමාටම තෑග්ගක් දීගන්න. හිච්චි විවේකයක්, සිංදුවක් අහනව වගේ දෙයක් කමක් නෑ.
  4. අපි ඒ කරන වැඩේ ප්‍රතිලාභය ගැන හිතන්න. ඒකියන්නෙ මුදල් ගැන විත්‍රක්ම නෙවේ. උදාහරනයක් කිවුවොත්, මම මේ බ්ලොග් පෝස්ට් එක ලියල ඒකට වැටෙන කමෙන්ට් මට ප්‍රතිලාභයක්. :D ඒ වගේ..
  5. කාල සටහනක් හදාගන්න (ලු) [එකනම් එහෙම කරොත් හරියයිද දන්නෙ නෑ. මකද මම තාමත් කාල සටහන හදල නෑ. ඒකත් හැමදාම හදන්න හිතන් ඉන්නෙ. තාම හදා ගන්න බැරි උනා. හික්ය. ඒක නිසා මම ඒ කරුනට නම් මුල් තැනක් දෙන්න කියන්නෙ නෑ. මොකද ඒක හරියට අල්ලෙන් හෙලුව වහගෙන අනික් අයගෙ හෙලුවට හූ කියනව වගේ වැඩක් නේ...
ප. ව.
ඉතින් මේවගේ මාතෘකාවක් අඩු ගානෙ බ්ලොග් පෝස්ට් 5ක්වත් අරගෙන විස්තර කාන්න ඔනි දේවල්. :D එක තැනකදි මම රොබට් නොක්ස්ට කාරය කියල තියෙනව. කාගෙ හරි හිතකම්පිත උනානම් ඒක ප්‍රමාද දෝශයක් නොවන බව සලකන්න. මම උට බැන්නෙ හිතලමයි.
ආ තව එකක්... මේ ඔක්කොම ඒ හැටි ඔලුවට ගත්තෙ නැතත් අර අන්තිමට ලියල තියෙන උපදෙස් ටිකවත් ඔලුවට ගන්න. නැත්නම් ඉතින් මම මේ පනදාගෙන කොටපු එකේ වැඩක් නෑ නොවැ. ඒවත් පස්සෙ ඔලුවට ගන්නම් කියල කල්දානව හේම නොවේ.. හරිය...??

20 comments:

  1. වටිනා ලිපියක්.අන්තිම ටික නිකං කලබලේට ලියලා වගේ.යුනිකෝඩ් එකේ වැරද්දට නම් ඔයාට දොස් කියන්න බැහැ.අක්‍ෂර වින්‍යාසය වෙනස් වීම කියවීමට කරදරයි.ඔයා ඇත්තටම උසස් පෙළ ලියන කොල්ලෙක් නම් ඔයා හරි හපනෙක් මල්ලි

    ReplyDelete
  2. ලොල්ය... මොකො බොරුවට උසස් පෙල ලියන් ඩෑ.. අක්ෂර වින්නාසෙ නම් අවුල් තමයි අය්යෙ.. :/ භාශාවෙ ව්‍යාකරන ගැන ඒ හැටි තැකීමක් නෑ මට. එකයි. බෝම ස්තූති පබ්ලිශ් කරපු පරක්කුවට කමෙන්ටුවක් දැම්මට.. :D

    ReplyDelete
  3. වැදගත් ලිපියක් මල්ලියො... මටත් ටික කාලෙකට කලින් නම් වැඩ කල් දැම්මා.. සමහරවිට සාංකාවට වෙන්න ඇති.. හැබැයි ඉතාලි ආවට පස්සෙ නම් වැඩ හරි වෙලාවට.. එත් මම අර අන්තිම පස් වැදෑරුම් ප්‍රතිපත්ති ගැන නම් තව ටිකක් හිතනවා... ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  4. කොල්ලා හොදයි ඈ.... මටත් ටිකක් ඔය ලෙඩේ තියේ... දිගටම වැඩගත් දේවල් ලියහන් බයිලත් ලියහන් කමක් නෑ අපි එනවනෙ කියවලා යන්න.

    ReplyDelete
  5. එල කොල්ලෙක් නේ බන්...හොද ලිපියක් ආ....අර අක්ෂර ව්න්නාසය කේස් එකනම් ඇත්තටම අප්සට් තමයි.කොහොමත් ඔය වින්නාසේ හරියට දන්නෑ...ඉතින්න් ඔක තිබුනත් වින්නාසෙට අනුව ලියන්න දන්නෑ නේ බන්.....එල එල ජයවේවා..

    ReplyDelete
  6. අනේ මන්ද මේකෙ මොනව ලියල තියෙනවද මන්ද ? අකුරු වෙනස් වෙලා වගේ. "ව්ඇඩක්" වගේ මහ අමුතු වචන ගොඩක් තියෙනව. මං ගාව අර පත ශබ්ද කෝශෙයක්වත් තිබ්බ නම් හොයල බලන්ට තිබ්බ. ඒව නෑනෙ. අනේ බං. ඊලඟ බ්ලොග් පෝස්ට් එකේදෙ ඔය වගේ අමුතු වචන වල සරල තේරුමත් දාන්න.

    ReplyDelete
  7. හැමෝන්ටම බෝම ස්තූතියි ප්‍රති චාරවලට..ලොල්ය. අක්ෂර වින්‍නාසෙ අවුල් කියල මටත් පෙනේ... මේකයි ව්ඇ= වැ :D මම මේ කොටන කන්වටර් එකේ වේගෙ වැඩි උනාම ස්වර ව්‍යැන්ජන සන්දි වෙන්නෙ නෑ.. ඒකයි අවුල.. ඊලග ලිපිය පබ්ලිශ් කොරන්න කලියෙන් මම ප්‍රීවිවු එකක් බලලම පබ්ලිශ් කොරන්නම් කෝ...

    ReplyDelete
  8. බාලගිරි ගිය ආත්මෙ මගේ ගෑනි ද කොහෙද..... :ඵ්
    වෑඩ කල් දාලා අංක එක..

    ReplyDelete
  9. ලොල්ය.. නියමයි... එහෙම අය තකා තමා මේ පෝස්ටුව ලිවුවෙ.. :D

    ReplyDelete
  10. මෙතනින් පුළුවන් වැරදි හොයාගන්නත්, අවශ්‍ය නම් නිවරදි කරගන්නත්.

    http://www.subasa.net/spellerweb.py

    ReplyDelete
  11. ලොල්ය.. බෝම ස්තූති කතන්දර අයියෙ... :D

    ReplyDelete
  12. මට මෙලෝ දෙයක් තේරුනේ නැ බං... කියවගෙන ගියා විතරයි

    ReplyDelete
  13. ලොල්ය.. කමක් නෑ කියෙවනෙ.. බලු මස්තිශ්කයකට තේරුම්ගනව තියා කියවගෙන ගිය එකත් කොච්චර දෙයක්ද...!! :D

    ReplyDelete
  14. හොඳ ලිපියක්..හැමදේම කල් දාන එක අද අපේ රටේ ගොඩ දෙනෙකුගෙ පුරුද්දක්.ඒ වගේ අය හින්දන්ම තමා අපේ රට තවමත් දියුණු වෙමින් පවතින රටවල් අතරෙ ඉන්නෙ..හරියට වෙලාවට වැඩ කරන අය ඉන්නවනම් අපේ රට මීට වඩා ඉස්සරහට ගන්න පුලුවන් වේවි..:)..

    ReplyDelete
  15. අඳෝමැයි කිව්වලු. ආයෙ මේ වගේ සංකීර්ණ ලිපි ලියන්න එපා. ලියනව නම් අපිට ඔයා ගානෙ අර ශබ්ධ කෝශයක් අරන් දෙන්න.

    ReplyDelete
  16. ලොල්ය.. ඔව් ඒකතාව ඇත්ත හිච්චි හිතක්... ඒති මට ලිපියෙදි කියන්න බැරි උනා.. මේ ලෙඩේ හින්ද වැඩි පුරම පාඩු ලබන්නෙ ඇමරිකාවලු...

    ඒ මොකද්ද ඇට්ටරයො.. ඒ පොත...?? අනික මේක සන්කීරනනම් ඒක මගේ අසාර්තකත්වයක්... :/

    ReplyDelete
  17. JHOTHISHALANKA කියපු දේ හරි ආයෙ ඒකම කියන්නේ නෑ ඔන්න...

    මම නම් කාල සටහනුත් ගහනවා ප්ලෑනුත් කරනවා ක්‍රියාත්මක කිරීම තමයි අඩු...

    අනික මම මහා අන්තවාදියෙක් ඒ කිව්වෙ මම හිතනවා උපරිමය ගන්න..

    උදහරණයකට මම පැය5ක් විතර වැඩ කරයි කියමු ඊට පස්සේ විනාඩි 15ක් මිස් උනත් මට හිතෙනවා අපරාදෙ ඒ විනාඩි 15 කියලා අයියෝ...

    ReplyDelete
  18. ලොල්ය.. ඔයා වැඩ කිරීමට ඇබ්බැහි වෙලා... :D ඒ වගේතත්වෙකදි ඉතින් වැඩ කල් දැමීමෙ රෝගයනම් ඇති වෙන්නෙ නෑ... ඒත් ඔට එක දිගට වැඩ කරල සුලු කාලෙයක් මග ඇරුනම් අයියෝ කියල හිතන එකනම් ඒ හැටි හොද නෑ.. මොකද ගැබා හෝමෝනේ වැඩි වෙලා විශාදය තත්වයක් එන්න ඉඩතියෙනවා..

    ReplyDelete
  19. උ.පෙ. ට පය ගහපු ගමන් විශේෂඥ උපදෙස් දෙනවා නම් බොලේ මූ දොස්තර වුනාම මොන මොනව දේවිද දන්නෑ. එල කොලුවො එල!

    ReplyDelete
  20. ලොල්ය... අඩෙ ඩොකෙක් වෙන්න.. තාම හිතලවත් නෑ අනේ..

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...