Friday, April 1, 2011

අද්ට හරියන්න අවුරුද්දෙම විහිළු සපයන මට අවුරුද්දටම හරියන්න අද දවසෙන් විහිළුවක්෴

අද ඉතින් බක් මහේ පළවෙනිද නොවැ. අද පෝන් එකට ආපු මැසේජ් කෝල් වලට සේම් ටු යූ කියලම එපා වෙලා තියෙන්නෙ. ඉතින් ඔවුව ගැන නොහිතම මම අද ඉස්කෝලෙට ගියා නිල ඇදුම් දෙන්නව කියපු නිසා. පරන යාළුවො ඔක්කොමල ඉතින් අද සෙට් වෙනවනෙ. ඇඟපත ටිකක් රත් කරගන්නෙ නැතුව කොහොමද..? කට්ටිය අද ඔන්න සෙට් වෙලා. එකෙක් දෙන්නෙක් එනකන් කස්ටිය බොරැල්ලෙ වයි. ඇම්. බී. ඒ. එක ඉස්සරහ චැටක් දාගෙන ඉන්නව. ටික වෙලාවක් යන කොට පෝන් එක රින් වෙනව මගේ. වැදගත් නොම්මරයක්. ඉතින් මම හිතුවෙ කලින් ආව වගේ සේම් ටු යූ කියන්න ඔනි කෝල් එකක් කියල. නෑ...

එහා පැත්තෙන්: ආයුබෝවන්... අපි ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනයෙන්...
සර්...??
ඔහොම කියල කතාව පටන් ගත්ත...

"සර් අපි ගියමාසෙ දිනුම් ඇදපු ස්මාර්ට් බොනෙන්සා තරගයෙන් සර්ට ලැප්ටොප් එක් ඇදිල තියෙනව. කරුණා කරල සර් ගෙ හැදුනුම් පත් අංකෙ දෙන්න පුලුවන්ද? " කියල ඇහුව. අනේ ඉතින් මමට කට උත්තර නැති උනා. මොකද මේ සිම් එක අරන් තියෙන්නෙ අපෙ අම්මිය ඩු ගෙ නමට නිසා. ඒත් මොබිටෙල් එකෙන් හදපු බාර්කෝඩ් අයි ඩි එක මම ගාව තිබ්බ. ඉතින් මම හිච්චක් ඉන්න කියල ඒකත් අරන් අංකෙ කිවුව.
ඊට පස්සෙ ඉතින්,
එහා පැත්තෙන්: බොහෝම ස්තූති සර්. සර්ගෙ අනන්‍ය තාවය ඔප්පුකරල අපේ මොබිටෙල් ප්‍රදාන කාර්යාලෙකින් සර්ට හිමි ත්‍යාගය දිනා ගන්න පුලුවන්. ඔබට සුබ දවසක්!! කියල කෝල් එක විසන්දි උනා.

ඉතින් මාත් ඕන් පුල් හොල්මන්... උනු හින්ද අහක දාන්නත් බෑ. කිරි හිනද බොන්නත් බෑ. මාර සීන් එක. ඉතින් කස්ටියට ඔය සීන් එක කිවුව. :D කියල තව කීපදෙනෙක් එන්නත් තියෙන නිසා මම උන්ට සොරි අද සෙට් වෙන්න වෙන්නෙ නැ, පරක්කුවෙනව කියල ඕන් යනව මොබිටෙල් එකට. හික් ය. දැන් බස් එකේදි ඉතින් ලැප් එක ගැනම තමා හිතන්නෙ. :D.

ඉතින් මම බස් එකේ යමින් ගමන් ලැප් එකට උබුන්ටු දැම්ම. ඩුවෙල් බූට් වෙන්න හන්තානෙත් දැම්ම. ලැප් එකත් එක්ක ඔරිජිනල් ජනේලෙකුත් හම්බෙන හින්ද ඔන්න ඔහේ ඒකත් දැම්ම. වැඩි වෙන එකක් යෑ කියල.
ඉතින් ඔන්න බහින තැනත් ඇවිල්ල. එතකොට තමා ඇහැරුනෙ.

ඉතින් ඕන් තියෙනව කොළ පාටට නිල් පාටට දිලිහි දිලිහි මොබිටෙල් එක. සික්ක කාරයටත් හිනාව දාගෙන එහෙම මාත් ගියා ඇතුලට. ඉතින් ඒ තරගෙ තෑගි හේම ප්‍රදර්ශනේට තියල තියෙනව. ලොලේ ලොල්ය. දැන් එතන් ඉන්නව මේකප් තට්ටු පුරෝගත්තු නාකි මනමාලියෙක්. නොදෝකින්. හිතන් ඇති ඒකි ලස්සනයි කියල. කොහොම හරි එකි ඉස්සරහින් ගොහින් ඉදගත්ත. ඉදගෙන විස්තරේ කියවුව.

ඒ ගනි මට කියනව සර් පොඩ්ඩක් අර කෝල් එක ආපු නොම්මරේ මට දෙන්න පුලුවන්ද කියල. හික් ය. ඉතින් මාත් දුන්න. එකි හිච්චි හිනාවක් දාල කියනව.
සර් අද මේ වගේ කෝල් අවිත් මෙහෙට ආපු තුන්වෙනිය ඔයා කියල. එතකොට තමා මට තේරුනෙ ලොල් නැතය කියල. දැන් එතන ඉන්න උන් ඔක්කොම හිනාවෙනව කටවල් වහගෙන. ඉතින් මමත් බිම බලාගෙන බල්ල වගෙ එලියට ආව.
ඉතින් ආයෙ ගෙදර එන්න කියල බස් එකට නම් නැග්ගෙ පුල් ම අප්සට් එකේ. මට ලැප් එක නැති උනාට අවුලක් නෑ. අද සෙට් වෙන්න නොලැබුනු එකටනම් පුල්ම අප්සට්. බස් එකට නැගල තමා පස් එක බැලුවෙ. සල්ලිත් ඉවරයි. කොහොම හරි එකතු කරල ටිකට් එක ගත්ත. ඊලඟ බස් එකේනම් නිකන් ආවෙ. ඉස්කෝලෙ ඇතුලෙදිම කලෙක්ශන් එක දාපු නිසා එතන්ටත් සල්ලි දැම්ම. පස්සෙ එනකොට මම සේට් වෙන්නෙ නැති නිසා අයෙ සල්ලි ඉල්ල ගන්නත් බැරි උනා. කොහෙද ලැප් එකේ සිහියෙන්නෙ හිටියෙ.

ඉතින් දැන් ටිකකට කලියෙන් ගෙදර ආවෙ. අද ලියන්නත් හිටියෙ මේ මෙහෙම පෝස්ට් එකකුත් නෙවේ. කට්ටියටම හොද ටොපියක් දෙන පෝස්ට් එකක්. දැන් ඒක මතකත් නෑ. අන්තිමේ කෙහෙල් ලැප්ටොප් එකක් නිසා මට බොන්නත් නෑ. ලැප්ටොප් එකත් නෑ. මොනා උනත් මම උට බනින්නෙ නෑ. මම උට ගරු කරනව. මොකද හමොවම අන්දන මව ඌ ලෙසටම ඇන්දුව.

19 comments:

  1. මේවාට කියන්නේ දිට්ට දම්මවේදනීය කර්ම කියලා
    හිකිස්

    ReplyDelete
  2. අනේ උඹ වගේ මෝඩයෙක්. ඔලුව කැක්කුමකට පැනඩෝල් බොන්නෙ නෑ අතුරු ආබාධ එනව කියල. ඒ වුනාට කට්ටිය එක්ක සෙට් වෙලා බොනව. ඒවගෙන් අතුරු ආබාධ එන්නෙ නැද්ද ?

    ReplyDelete
  3. මැස්කා , කාපන් වහ ටිකක් :D

    ReplyDelete
  4. ලොල්ය.. අනේ ඒන්ජල් අක්ක විහිලු කරනව.. :P ඈ බොල ඇට්ටරයො තොට තේරෙන්නෙ නැ මෙවා.. හරිය..??
    ඔව් බන් ඉශාරයො වහ කාලත් මදි. :/ ලොල් ය..

    ReplyDelete
  5. තොට ඔහොම වෙලා මදි!

    ReplyDelete
  6. ලොල්ය.. ඇයි බන් හේම කියන්නෙ.. මමනෙ ඉතින් උබලව අඩවන්න හරි විහිළුවක් කරන්න හිටියෙ.. මටත් මෙහෙම උනාම උබලට දුක නැද්ද හැබට..???

    ReplyDelete
  7. :) අනේ පොඩි එකා පවු...

    ReplyDelete
  8. මේකත් හදපු කතාවක්ද කොහේද?අප්‍රේල් 1 වෙනිදා කතාවක්නේ.ඇත්තනම් ඉතින් මටත් කියන්න තියෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය ඵල විපාක කියල තමයි.මොනා වුනත් මලේ ඉස්කෝලෙ වැඩ හොදට කරපන්.හොදට විභාගෙ පාස් වුනොත් මොන ක්‍රමේකින් හරි උබටත් ලැපක් හම්භ වේවි.බ්ලොග් එකේ විද්‍යාව සම්බන්ධ ලිපි නම් නියමයි.

    ReplyDelete
  9. ලොල්ය.. ඇති යන්තන් මර්ලන් කාරය විත්‍රක් මට පවු කියන්න ඉන්නව.. :P අනේ ජෝති අයියෙ.. මට මෙ හද හද කතාදන්න ඔනි නෑ. ලොල්ය. බොහෝම ස්තූති අගේ කිරිමට. හික් ය. ලඟදිම එහෙම ලිපියක් දානම්කො හෙනම්..

    ReplyDelete
  10. මදැයි උන වැඩේ... හොද වෙලාවට මොබිටෙල් එකට මලයට කලින් තව දෙන්නෙක්ම ගිහින් හිටියේ.. එකෙන් ටිකක් හරි එතන නෝන්ඩි නොවී ආවනේ..
    අපරාදෙ බෝතලේ...:)

    ReplyDelete
  11. අනේද කියන්නෙ දිනේශ් අයියෙ.. මටමනෙ වෙන්නෙ..

    ReplyDelete
  12. හොද වැඩේ බොට,,,බොට මෙහෙම තමා වෙන්න ඕනා

    ReplyDelete
  13. ලොල්ය.. ඇ මචෝ හේම කියන්නෙ... හික් ය. අවුලක් නෑ ඉතින් හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ.. :D

    ReplyDelete
  14. යකෝ අයියලාට කාරයා කියනවද?

    ReplyDelete
  15. ලොල්ය... අනේ සොරිය.. මැරියන් අයියෙ.. මේ එක නෙවේ ඇත්තද ඒකතාව..? ඔයා කාරය නෙවේ.. කාරි කියන්නෙ..???

    ReplyDelete
  16. උඹ තමා හොදම මෝඩයා..මට අධෝමුඛයෙනුත් හිනා..
    අනේ සාදු ලැප් හොයාගෙන ගියාට

    ReplyDelete
  17. ඉකේයියා බොල... මම නම් පස් කාල මැරෙනවා....

    ReplyDelete
  18. ඈ බොල රත්තො.. උබට නම් ඉතින් ඒපැත්තෙන් හිනා යන එක අහන්නත් දෙයක් යෑ..?? ලොල්ය.. හ්ම් ය. ඔව් සංජු. හොදවෙලාවට පාර කපට් කරල තිබ්බෙ. නැත්නම් පස් කනව.. :P

    ReplyDelete
  19. පලයන් යන්න....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...