Sunday, March 27, 2011

2050



තාමත් මම ඉස්සර හිටපු ඇඟිල්ලමයි. ලෝකෙ ගොඩාක් දියුණුවෙලා. ඉස්සර අපි ගෙදරි එලියට බැස්සෙ ඇඳුමක් ඇඳගෙන නේ. ඔව් ඉතින්.. අදත් ඒක නම් එහෙමයි. ඒත් ඇදුම විතරක් නෙවේ, තවත් දේකුත් අද අපේ අතේ තියෙනව. ඒ තමා ඔක්සිජන් බෝලලේ. හොඳටම ඔක්සිජන් හිඟ වෙලා. දකින දකින මනුස්සයෙක් ගෙ අතේම ඔක්සිජන් බෝතලයක් තියෙනව. හික් ය. හරියට කිමිදෙන්න යනව වගේ.
නෑ නෑ ගෙවල් වල ඉද්දි ඒ බෝතලේ ඕනි නෑ. ඒ කාලේ ගෙදර උයන්න ගැස් සිලින්ඩර් ගෙනාවා වගේ ඔක්සිජන් සිලින්ඩර් ගෙවල් වල දි පවිච්චි කරන්න පුලුවන්. 
දැන් කස්ටිය අහයි මිනිස්සු ඔක්සිජන් බෝතල් අරන් යද්දි සත්තුන්ට එහෙම බැරි නිසා උන් මැරෙයි කියල. ඔව් ඉතින්, සියළු සත්වයෝ සුවපත් වේවා කිය කිය දැන් ජීවත් වෙන්න බෑ. ඔක්සිජන් මදිනම් මැරිලා පලයලයන් කියලා තමා දැන් ජීවිතේ ගෙනියන්නේ! පවු පිං බලන්න තිබ්බේ ඉතිං මෙහෙම වෙන්න කලින් නේ.

වට පිට බලද්දි ඉස්සර කෝටි ගනන් වලට විකුණුනු කාර් තැන තැන. යමින් ගමන ගේකට ඔලුව දැම්ම. හික් ය. ගෙවල් කිවුවට ඉතින් ගෙවල්ම නෙවේ. ඒව කුළුණු. ඒකත් නරකම නැ. ඉතින් ඒ ගෙවල් වල මිදුලක් කියලත් නෑ. ගේට්ටුව කියල තියෙන්නෙ දොර. :D එක ගෙදරක ඇන්ටි කෙනෙක් මෝටර් සයිකලෙකට නැගං පොල්ගානවා. කිට්ටු වෙලා බැලුවහම දැක්කේ, හැඩල් එකේ තමා හිරමනේ හයි කරලා තියෙන්නේ. තෙල් ටැන්කිය සිංක් එක වගේ හදාගෙන!

තව ටිකක් දුර යද්දි .........මලකෙලියයි. බෙන්ස් එකක් ඇතුලෙ කඩල කඩේකුත් දාල. පස්සෙ මගෙ රබර් ඇහැ දාල හොයල බලද්දි තමා තේරුනෙ කනිජ තෙල් නිදි 2040දි ඉවර වෙලා කියල. අපරාදෙ ඒ දවස් වල කෝටිගනන් වලට වාහන ගෙන්නුවෙ. :D

මගේ ඉතින් ඉස්සර ඉදලම පුලුද්දක් තිබ්බ කොහෙ හරි ගමනක් යනකොට කඩචොහොරුවක් කන්න.මට තිබ්බා බස් එකට සල්ලි නොදී හරි බස් එකට නගින්න කලින් කඩල කාරයන්ගෙන් කඩල ගොට්ටක් ගන්න පුරුද්දක්. ;) ඉතින් මම අර කලින් කියපු බෙන්ස් එක අස්සට ඔලුව දාල කඩල ගොට්ටක් ගත්ත. ගත්ග්තෙ නැ, ගන්න ගියා. හුටා. උට කෑශ් වලින් ගන්න බැරිලු. පස්සෙ සාක්කුවට අතදාල ක්‍රෙඩිට් කාඩ් එක දුන්න. ම්ම්ම්හු.. ඌ මට හිනා වෙනව. මමත් උට බැන බැන අවා එන්න. පස්සෙ තමා දැනගත්තෙ දැන් ප'ස් නෑ. සල්ලි ගෙවීම් හේම කරන්නෙ මේ අපෙ අතේ ඇඟිලිසලකුනෙන් කියල. බලහල්ලකෝ ඇඟිල්ලට ගිය කලක්.

ඒක නෙවේනෙ පුදුම වෙන්න ඔනි කාරනෙ.
වෙලාව දවල් දොළහට විතර ඇති. ඒත් පාරෙ හැමතැනම ලයිට් දලා. අනේ මන්ද මොනා වෙලාද කියල. සූර්යග්‍රහනයක් ද කොහෙද...!! ඒ සුර්යයයි චන්ද්‍රයයි පෘතුවියයි එකම සරල රේකාවක පිහිටලනම් නේවේ. පෘතුවියෙ එකතු උනු කුණු දාන්න තැනක් නැතුව අභ්‍යවකාශෙට ගිහින් දාල. ඒ දාපුව පෘතුවිය වටේ කක්ෂගත වෙලා තමා මේ විදියෙ අපිට එන ඉර එලිය පොළොවට වැටෙන්නෙ නැත්තෙ. ලොල් (නැත) ය.

ඒක එක විච්චූරන ගොඩායි. අඹුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලුනෙ.. ඉතිරිව පස්සෙ හොදේ... ;)


22 comments:

  1. අඩේ මෙන්න මේවනෙ ලිපි. උඹ ආතර් සී ක්ලාක් කෙනෙක් වෙන්න යනවද? අවුලක් නෑ. දිගටම ලියන්න. පුලුවන්නම් මෙහෙම ලියලත පොතක් ගහන්න.

    ReplyDelete
  2. ado patta katawa..umbata niyama adahasne thiyennne..ela ela....thawa deepan me wage ewa..:) :)

    ReplyDelete
  3. හික් ය. බොහෝම ස්තූති ඔබ සැමට(ප්‍රතිචාරයට) ලියපු පොත්නම් ගෙදර ගොඩ ගහල බන් ඇට්ටරයො... ලොල්ය.

    ReplyDelete
  4. අඩෝ අර බෙන්ස් එක අතුලෙ මම හිටිය තො මාව අදුරුවෙ නෑ..බලහන් එකට හිටපු උන්...මගේ අච්චාරු කඩේ ගෑනිට බාර දීල මම කඩල බිසිනොස් එකට අත ගැහුව විතරයි...බොට මාව අදුරන්න බැරි උනා එහෙනම්!

    ReplyDelete
  5. ඇත්තමයි මේ ලිපිය පරිස්සම් කරලා අරන් තියා ගත්තොත් තව අවුරුදු 50 විතර බලනකොට මේ දෙවල් ඇත්ත වෙන්න පුළුවන්.. අර "ටයිම් කැප්ශුල්" කියන්නෙ..

    ReplyDelete
  6. අලේ..මරු කතාව... ඇගිල්ලේ කොහොමද සල්ලි ගන්නේ.... ඉතුරු ටික ඉක්මනට..

    ReplyDelete
  7. මේක තමා මම අර දව්සක් කිව්ව ස්ටයිල් එක... :) මේක හොදා

    ReplyDelete
  8. ලොල්ය.. ඉතින් බන් අච්චාරුවො උබව දුර ගත්ත කියල මම අහවල් එකක් කරන්ඩෑ. ඔන්න උබෙ ගෑනිවත් හිටියනම් මම ඔලුව දානව. හික් ය.
    ඔව් බන් දිනේශ් අවුරුදු පනහක් වෙනකොට ඉන්ටර් නෙට් බර වැඩි වෙල මෙ ඔක්කොම තොරතුරු විනාශ වෙලා යනව නොවැ. ඌප්ස්.. මට ඒ ගැන දාන්න මතක උනා නේන්නම්. ;) ලඟදිම ඒ සිද්දියත් දාන්නම්..
    ලොල්ය. මේ කනෙ නිමේශ අක්කෙ කරන්නෙ. ඇඟිල්ලෙ ඇඟිලි සලකුනු උඩ තමා වැඩෙ තියෙන්නෙ. ක්ක්‍රෙඩිට් කාර්ඩ් එකෙ කාන්දන් තීරුව වගෙ සළකුනේ තමයි වඩේ තියෙන්නෙ. හික් ය.
    ඔව් ඔව් බන් රත්තො... බෝහොම ස්තූති මග පෙන්වීමට... :D :D

    ReplyDelete
  9. Max... නියමයි මචෝ... ඊළඟ ලිපියත් ඉක්මනට දැම්මා නම් !!!

    ReplyDelete
  10. ලොල්ය.. බෝම ස්තූති මචන් ප්‍රතිචාරෙට.. හික් ය.

    ReplyDelete
  11. @Pinkie
    ලොලේ ලොල්ය. එහෙනම් ඔයවයින් දෙකක් තුනක් මටත් ගෙනත් දුන්නනම් :පී

    ReplyDelete
  12. ලොල්ය... තොට දෙන්න තමා අට්ටරයො තියන් ඉන්නෙ... බුද්දිමය දේපල බොල... :P

    ReplyDelete
  13. ඒකාකාරී ලියමන් වියමන් අස්සේ අපූරු ලිපියක්...
    ජයවේවා...

    ReplyDelete
  14. මැක්සා මචං...

    මමත් 9 වසරෙදි ලිව්ව කතාවක් තියනවා. 9 දි ලිව්වට මොකද අදටත් කියවන්න පුලුවන්.. මෙන්න ලින්ක් එක...

    http://superkolla.blogspot.com/2011/03/1.html

    ReplyDelete
  15. හික් ය. බෝහෝම ස්තූති හැමෝන්ටම.. :D

    ReplyDelete
  16. මචන්,, තෙල් නිදි ඉවර නම් ඔය කියන වාහන පවතින ශක්ති ප්‍රභවයකට පරිවර්ථනය කරනව වෙනුවට ඔහොම කඩල කරත්ත කරයිද??

    නිකන් ඇහුවෙ මට හිතුන නිසා නැතුව කුප්ප කමකට නෙවෙයි.

    ReplyDelete
  17. හික් ය. ඒකත් හැබැයි. ඒත් මචෝ ඔයවගේ වාහනයක් පවතිනාකරයට පරිවර්තනය කරන්න වෙහෙසෙනවට වැඩිය අලුවෙත් හදන එක වඩා ලාබ දායකයි කියල ම්ට හිතුනෙ. :D :D

    ReplyDelete
  18. මගේ අදහස නම්, කෝටි ගනනක් වටිනා වාහනයක වුවද එන්ජිම වටින්නේ ලක්ෂ ගණනක් යන්නය. කථාව දෙපැත්තටම ගන්නට පුලුවන් ය. නමුත් එතරම් වටිනා වහනයක් ඔහොම නිකන් දමා තිබීම මටනම් ජුජුප්සා ජනකය. මොකද මම වාහන වලට ගොඩක් ආදරේය.

    ReplyDelete
  19. හික් ය. ඔන්න ඕකමතමා මෙතන පරහට හිටින්නෙ.. :P ඔය කඩල කාරයත් උබ වගේම එකෙක් වෙන්ඩෑ. කෝටි ගනනක් දීල ගත්ත වාහනේ යකඩ වලට විකුනන්න කවුද කැමති වෙන්නෙ. :P ඒක නිසා ඒ වාහනේ අරගෙන කඩල කඩයක් දා ගත්ත වෙන්ඩෑ. ලොල්ය.

    ReplyDelete
  20. මම කිව්වේ යකඩ වලට විකුණන කතාවක් නෙවෙයි ඕං, ඇංජිම රිප්ලේස් කරන කතාවක් ය. හයිබ්‍රිඩ් වාහන වල වගේ බැටරියක් සෙට් කරගන්නවාය. ඔය කාලෙ වෙනකොට ඕවලට සොලූෂන් ඕන තරම් ඇතිවෙයි. ඇරත් ඔය කොම්පැනි වලින්ම ඕවලට විකල්ප ඉදිරිපත් කරාවිය. ඔවුන් කස්ටමර්ස්ලා නැතිකර ගැනීමට අකමැතිය.

    මේ කතාව තව දුර ගියොත් මෙතන කුණු වලියක් ඇතිවෙනවාය ඒක නිසා මේක මේ තත්වයෙන්ම නතර කරමුය.. :D :D

    ReplyDelete
  21. හික් හික් ය. ඒකත් ඇත්තය. ඔබේ අදහස් වලට මම ගරු කරමි. :P මම මේහෙම කතාවක් කිවුවෙ කට්ටියගෙ හිතට වදින්න. ලොල්ය. නැතුව මම ඔය කඩල කඩෙ කතාව ගැන නොකිය එන්ජිම රිප්ලේස් කරනව කියල කිවුවනම් එකෙ බරප්පතලක් කාටවත් නොතේරෙනු ඇත. ලොල්ය. කොකටත් මෙ කතාව තව දුර දිග නොගෙන යාම අපි දෙන්නටම හොදය. :D ලොල් ය, ලොලේ ලොල්ය.

    ReplyDelete
  22. අනාගතේ (ආතර් සි.) clark කෙනෙක්.. :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...