Friday, December 24, 2010

පද්ම මාල හංස තුඩින් තැලෙන ලියේ..

























හැමදාම ගද්‍ය ලිපි ලිපි ලියල ලියල එපා වෙලා තියෙන්නෙ... ඊයෙන් උදාඋනු වසන්තයෙ අලුත් විදියෙ පොස්ට් 1ක් ලියන්න හිතුව. අලුත් කියුවට අලුත්ම නැ. මගෙ බ්ලොග් 1ට අලුත්...


ඔබේ නමින් සැය බදිමි
විමානයෙන් බසිනු මැනැවි
ස්වර්නමාලියේ.. රූබර ස්වර්ණමාලියේ
ස්වර්නමාලියෙ..//

ඔබේ නමින් සැය බදිමි....


උනා නීල වර්ණ වරල
දැලේ මල් ගැවැසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ලැමැද කිනිහිරි පෙති
රත්න තිලක පැලැදි ලියේ
සිනාසිසී විමානයෙන්
බසින්න.. ස්වර්නමාලියේ
රූබර ස්වර්න මාලියේ.....

අතේ ගිගිරි නාද සලබ
නරා හඩින් හදන ලියේ
කරේ පද්ම කැකුලු මාල
හන්ස තුඩින් තැලෙන ලියෙ
කනේ තෝඩු මිණි ඝන රන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න.. ස්වරන මාලියේ...

බාල චන්ද්‍ර පටු නලලට
කලක අඳුන් අඳින ලියේ
ආලවඩන දන්ත කැකුළු
කුන්ඩ සමන් පිපෙන ලියේ
දැල දැල ස්වර්ණදාම
තාල හඩට කනන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ....

ඔබේ නමින් සැය බදිමි....



මේ සින්දුව ඇත්තටම කියන්නෙ ඩබ්. ඩි. අමරදේව මහතා උනාට, දුටු ගැමුණු රජ්ජුරුවො රුවන් වැලි මහා සැය බදින්න කලින් එතන අරක් අරන් හිටපු දේවතාවියට තමයි මෙහෙම කියල තියෙන්නෙ. ඇත්තටම කියනවනම් මේ සිංදුවෙන් ඇය ගැන පූර්න වර්නනාවක් කරල තියෙනව.!!

3 comments:

  1. ලස්සනයි මල්ලී

    ReplyDelete
  2. තැන්ක් යූ අයියෙ... මෙ සිංදුව තම මම ආසම සිංදුව

    ReplyDelete
  3. ලොකුම දුක තියෙන්නේ මල්ලී මේ ගීත අපේ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අහන්න දෙන්නෙ නැති එකයි. අතීත සිද්ධියත් එක්ක මේවා කිව්වොත් අපේ තරුණ පරම්පරාව හරිම කැමැත්තෙන් අහනව. ඒක වෙන්නෙ නැති එක තමයි ගැටළුව. උඹට සුභ දවසක්

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...