Tuesday, October 26, 2010

සිංහල එපා කියන පොත

මෙ බ්ලොග් එක හදනකොටනම් හිතුවෙ තාක්ෂනය , කාලීන පුවත් වගේ හැමෝන්ටම පොදු දෙවල ලියන්න කියල! ඒත් දැන් මෙ අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි කියල එදිනෙදා සිදුවන පෞද්ගලික දෙවල් ගැනත් නොලියත් බැ!

ඉතින් ඒකනිසා මම හිතුව අද , මීට ටික දවසකට කලින් මට උනු සීන් එකක් ගැන කෙටියෙන් කියන්න... සමහරක් විට මේ වගෙ දෙයකට ඔය ගොල්ලන්ටත් මූන දෙන්න වෙල ඇති..
මගෙ මෙ බ්ලොග් එකට එන යන හැමකෙනෙක්ම වගෙ ඉන්නවනෙ ෆෙස්බුක් එකෙ. ඉතින් මම ත් ඔකෙ ඉන්නවා (...) මෙ දැන් දවසකට කලින් මම සුපුරුදු විදියට කොම්පියුටරෙ ඉස්සරහ ඉදගත්තෙ ඉතින් IT ප්‍රැක්ටිකල් වගයක් කරන්න හිතාගෙන.. අවසනාවක මහත් එදත් උනෙ වෙනද වෙන දේමයි. නිකමට වගෙ නිකම්ම මුහුනු පොත පැත්තෙ ගිය. ගියාකියල කියුවට ගියේම නැ ඉබේ යැව්නා. ඉතින් ඔන්ලයින් ගිහිල්ල ටික වෙලවක් යන්න හම්බ උනෙ නැ භාග්‍ය අයිය චැට් කරන්න සෙට් උන! හැබැයි වෙනද වගෙ නෙවේ! එය පටන් ගත්ත ගමන් ඇහුවෙ මල්ලියෙ අර නොටිෆිකේට්ශන් එක දැක්කද කියල! ඉතින් මම ත් හොයල බැලුව! කිරි අප්පට කපුටො කොටපි~ හැබැ නෙන්නන්! එක්කක් තිබුන fb එකෙන් එවපු! ඉතින් මමත් උඩින් පල්ලෙන් කියවල බලල ටග්ගල භාග්‍යයගෙන්ම ඇහුව මොකක්ද සීන් එක කියල. ඊට පස්සෙ එයතම සෙරම විස්තරෙ තෙරුම් කරල දුන්නේ. මෙන්න එහෙනම් ඔයගොල්ලොත් බලන්නකො.....
"
Please Update Your Name on Facebook
To help reduce spam and increase authenticity in the Facebook community, please take a moment to:
  • Make sure your profile name does not include characters from more than one alphabet
  • Remove any special symbols (e.g., $#@!✩ℂ) used in your name on Facebook
If you'd like to list your name in a second language, please use the Alternate Name field in your Account Settings."

මම කරයි අප්ඩෙට්! පස්සෙ තම දැනගත්තෙ fb එකෙන් මෙවගෙ නීති දාල spam කරුවන්ව ආයින් කරන්න යනව කියල! එතකොට අපි අපෙ භාශාවෙන් නම ලිවීම ස්පැම් ක්‍රීයාවක් හුහ්!!!!
කොකින් කොහොමහරි මමනම් නම වෙනස් කරන්නෙ නැ.. මම හිතන්නෙ සින්හලෙන් නම ලියල තියෙන අය හැමෝන්ටම මේවගෙ fb එකෙන් කියන්න ඇති! මාක් ගෙ ආච්චිට හාල්ගරන්න කියල එහෙම වොරින් මැසෙග් ආපු මම වගෙ හැමෝම නම වෙනස් නොකර හිටියනම් වැඩෙ ගොඩ!

ඔන්න මම එහෙන්ම් නවතිනව. මම හිතන්නෙ මෙ මම OL ට කලින් ලියන අන්තිම පොස්ට් එක වෙන්න ඇති. මම අයි හමුවෙන්නෙ මගෙ සයිට් එකෙ තවත් වෙනස් කම රැසක් එක්කක! හැමදෙනාටම විශ්වාසනීය වෙනසකින් යුතු සුබ අනාගතයක් පතනව~~~~~~
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව.. මම Jආලය අතර සැරිසරද්දි මාක් ශූකර් ගැන ලියල තිබුනු පැදිපෙලක් මට හම්බ උනා ( උපුටා ගත්තෙ http://nirapeksha.wordpress.com එකෙන්)

අඳුනන නාඳුනන

හැමෝම එකතුවෙන

හැමෝගෙම කාලය

අනුභවයට

උදව් දෙන

හැමෝම බලන නිසා

මාක් ගේ සාක්කුව

බර වෙන

වැඩිම පි‍ටු ගනන ඇති

මාක් පෙරලූ

ලෝකයම යටවූ

ලෝකයේ ලොකුම පොත

මාක් ගේ

“මූනු පොත”




නවතම වෙනස් කම් රැසකින් පස්සෙ නැවත් හමු වෙමු-
මීට් කඩවත නියුටන් (පවිත්‍ර)

6 comments:

  1. මචන්,
    වරද්ද ගන්න එපා.. කියල තියෙනදේ හරියට බලන්න.. කියල තියෙන්නේ එක අකුරු හෝඩියක් බාවිතා කරන්න කියලා මිසක්.. තමන්ගේ බාසාවෙන ලියන්න එපා කියල නෙවෙයි.
    ප්‍රශ්නේ එන්නේ නමේ එක කෑල්ලක් සිංහලෙනුයි ඉතිරිය කඩ්ඩේනුයි දාන් ඉන්න අයට.
    එහෙම නැතුව හරියට සිංහල විතරක් පාවිච්චි කරාට මුකුත් වෙන්නේ නෑ.

    ReplyDelete
  2. ඒකම තම මම කියන්නෙත් !
    මෙ අපෙ රට අපෙ රටේ අපිට ඔනෙ විදියට සිංහල භාවිත කරන්න පුලුවන් වෙන්න ඔනෙ! තමන් ගෙ නම කැල්ලක් නෙමෙ සම්පූර්නයෙන්ම සිංහලෙන් ලියල තිබුනහම උන්ට මොකද? මම ලියල තියෙන්නෙත් කොටසක් කඩ්ඩ අනික්ටික සින්හල තමා!!!

    ReplyDelete
  3. @ Grey : අපි එහෙම කොටසක් ඉංග්‍රීසි වලින් දාල තියෙන්නෙ මූණු පොතේ අපිව හොයාගන්න ලේසි වෙන්න..
    යුනිකෝඩ් නැති එකෙක් එහෙම කොහොමද අපිව හොයාගන්නෙ..
    ඒකයි අපේම අනන්යතාවයක් එක්ක වාසගම හරි සිංහලෙන් දාන්නෙ..

    @ පවිත්‍ර _ pavithra weerapperuma :
    මොකටද බං අපි බය වෙන්නෙ මුන්ට....
    මේකට කෙල උනොත් අපි ඩයස්පෝරා වලට යනවා....
    දැනටමත් අපි මේලිං ලිස්ට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නෙ....
    මොනවා උනත් මේ ගෙනියන සටන දිගටම ගෙනියපං මල්ලි...
    අතාරින්න නරකයි... අපි ස්පෑම්කාරයො කියලා හංවඩු ගැහෙන්න
    දෙන්න නරකයි...

    This business is binary...
    you are a one or a zero,
    alive or dead !

    ReplyDelete
  4. @භාග්ය අයියා
    අනිව බන්zzz අපි මොකටද මෙ කාලකන්නි මාක් කාරයගෙ ශාක්කු පුරවන්නෙ! අනික අපටම කියල ඔපන් සොස් ඩයස්පොර තියෙද්දි අපි මොකටද මෙ මාක් කාරයට කඩෙ යන්නෙ! අපට හොරෙන් අපෙ ප්‍රොෆයිල් වල ඇඩ් දාගෙන රට සන්වර්දනය කරන්න තියෙන වෙලාව කන මුහුනු පොත වහල දාන්නනම් ඉතින් අපි එකට පෙල ගැහෙන්න ඔනෙ! ඒත් මුලු ලෝකෙන්ම වැඩිම දෙනෙක් කියවන මේ පොත වහල දාන්න කරන්න ඔනෙ අපි මෙකෙන් ආයින් වෙන එක නෙමේ නේද??? අපි එක්කෙන්ක් ආයින් වෙනකොට තව සීයක් මේකට බැදෙනව! එක නිසා කරන්න තියෙන්නෙ මුන්ට වැඩ කරගන්න බැරි විදියට ඔක්කොම අව්ල් කරල දන එක..

    ReplyDelete
  5. අඩෝ කියල වැඩක් නෑ බන්. මාත් ගොනා වගේ නම වෙනස් කරගත්ත. මදැ කොරගත්ත ගොන් කමක් ශිට්!

    ReplyDelete
  6. අඩො!! මොකද බන්zz එ?? එකියන්නෙ තො කොහොම හරි මාක් කාරයට කඩෙ ගියා නෙද?

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...