හික් ය. අද මගේ බ්ලොගර් නොටිෆිකේශන් පිරිල තියෙන්නෙ දුක් ගී වලින්මයි. ඒ ඊයෙ ලංකාව පැරදුන නිසා. ඒක ගැන මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ. මොකද ඇත්තකතාකරනකොට අපි දේශද්‍රෝහියො වෙන නිසා. අනිත් එක මඩ ගොඩකට වැටෙන එක මඩ බිංදුවක් ගැන කතාකරන එකත් නිශ්ඵල වඩක් නිසා. හෙ හෙ.. ලොල්ය. හොදටම වැඩී කිරිකට් ගැන කතාව දුර ගියා. දැන් බහිමු අපි කතාවට.
_____________________________________

ළැඟිල්ල කිවුවම ඉතින් හැමෝම බනින එක එකාට ලණු දිදී ගොන් ඇඩ් දෙන හාදයවන මතක් වෙන්නෙ. හික්ය. ඒ අයටනම් ඉතින් ලොල්ය කිවුවම මතක් කරන්නෙ මාව නෙවේ, මගෙ පරම්මරාව. හික් ය. ඉතින් කමක් නෑ ඉතින්.. මම තරහ නෑ. මොනොහෙක් උනාම බැනුම් අහන්නත් ඔනිනෙ. :P
ඉතින් කොහොමින් හර අද උගේ 50 වෙනි පෝස්ට් එකලු. :D තටම තටම මාස 10ක් විත්‍ර ලියල ලියල
කොහොමින් හරි පනස් වෙනි එකට පය ගැහුවයි කියමුකෝ. ලොල්ය. ඒ බොලොක් කෙරුවාව තුල මට ලැබුනු නම්බුනාම වගේම ඉතින් තාඩන පීඩන වගේ දේවලුත් ආව. එවුවත් තියෙන්න එපැයි ජීවත් වෙන්න. ඉතින් අද පෝස්ට් එකෙත් ගොඩදෙනෙක් බලාපොරොත්තු වෙන විදියෙ විද්‍යාත්මක කරුනක් ගැන නම් සදගන් කරන්න වෙන්නෙ නෑ. මගේ මස බාල්දියක් තමා හෝදන්න තියෙන්නෙ. :P එවුවත් කරන්න එපැයි.

ඕන් ඉතින් ගිය අවුරුද්දෙ දවසක හරියටම කිවුවොත් 2010. 06. 27 වෙනිද තමා දවස. ඉතින් මටනම් බ්ලොග් කෙරුවාවට එන්නෙයි කියල කියපු එහෙමටම කෙනෙක් නෑ. ඒත් ඔය දවසට කලියෙන් ඉදන් මම මේ බ්ලොගින් ගැන හෙම දැනන් උන්න. ඒත් ඒවෙනකම් බ්ලොගියක් පටන් නොගත්තෙ කඩ්ඩ බැරි නිසා. අනික ඒ වෙනකොට මට සිංහල කොටන්න ඒ හැටි බෑ. විජේසේකර යතුරු පුවරුවෙ න් තමා මම මුලින්ම සිංහල කෙටුවෙ. ඒත් ඉතින් එහෙම අකුරෙන් අකුර අමුන අමුන සිංහල ටයිප් කරත හැකියෑ..?? කොහොමඉන් හරි එදා 27 වෙනිද මම දන්න අයියකෙනෙක් නමින්නම් හසිත අයිය, මට සිංහල කොටන්න ලේසි යුනිකෝඩ් කන්වටර් කියල ජාතියක් තියෙනව කියල ඒකින් ලේසියෙන්ම කොටන්න පුලුවන් කියල කිවුව. ඉතින් මම ඒදාම වහාම ක්‍රියාත්මක වන පරිදී බ්ලොගියෙ වැඩ පටන් ගත්ත.
ඉතින් ඒ කන්වටර් එකෙනුත් ටයිප් කිරිල්ල මට ඒ හැටි ඇල්ලුවෙ නෑ. ඒ දවස් වල ලියපු මගේ බ්ලොග් පෝස්ට් වල අකුරු අඩුපාඩු 50%ත් වඩා වැඩී. තාමත් ඉතින් 0% දක්වාම අඩුවෙලා නෑ ;).
ඉතින් එදා ඉදන් මම ලියපු මගේ බ්ලොගිය අදවෙනකොට හොඳතැනකට ඇවිත් තියෙන එකටනම් සතුටුයි. ලොල් ය. ඒවගේම අනේ මටනම් ඉතින් ඔය බ්ලොග් එක නවත්තන්න කියල මරනීය තර්ජන හේම ඇවිත් නම් නෑ. ඒකටනම් ගොඩාක් සතුටුයි. හික් ය. ඒත් ඉතින් මේක නිසා අහපු බැනුම් නම් එමටයි. ලඟදි උන සිද්දියත් කස්ටියට මතක ඇති නේ.. :D :D :D :D අහ්.. තර්ජන නෑ කිවුවට නැත්තෙත් නෑ. අර කලින් ලියපු 2050 පෝස්ට් එක.. අන්න ඒකෙ ඉතුරු ටික ලියන්නත් තියෙද්දිනෙ මම මෙ වෙන එවුව ලියන්නෙ. ඉතින් පහුගිය දැවස් කීපයදිනම් අන්න ඒකෙ ඉතුරු ටික ලියන්න කියල පේස් බුකියට බැනලත් මැසේජ් ඇවිතුත් තියෙනව. :D :D ලොල්ය. ඔවුවතමා ඉතින් අපිට එන තර්ජන. හික් ය. අපි ඉතින් අහිංසකයොනේ... :D :D
හෝවු.. තව ජුන්ඩෙන් කියන්න අමතක වෙනව..! අද කවද්ද?? 3වෙනිදනෙ ඉතින්.. අරහෙ කස්ටිය සයිබර් සැනකෙලියට ගොහින් පන් ගන්නව වෙන්ඩෑ. ලොල් ය. මට ඉතින් හිච්චි සීන් එකක් ගොහින් එන්න එපයි කිවුවනෙ. ලොල්ය කමක් නෑ ඉතින්. මම නැතත් ඒයැයි ල පන් එක ගනීනෙ.. :D :D
ඕන් අනිව ඊලඟ ලිපියට දානව අරකෙ ඉතුරු ටික හරිය..?? ඉතින් අද පෝස්ට් එක ඉවරයි.. :D ඊට වඩා දෙයක් නම් ඉතින් කියන්න නෑ. :D අන්තිමට ඉතින් මගේ බ්ලොගිය පලෝකරල, කමෙන්ට් දමමින් මාත් එක්ක උන්නු හෑමෝන්ටම ස්තූති. නම් වශයෙන් නොකීවොත් තරහව් එයිද මන්ද.. :D කීපදෙනෙක්ගෙ නම් කියන්නම් ඕන්.. :D මුලින්ම ඉතින් හසිත අයිය්ය.., ඊටපස්සෙ මාව සක්‍රීය බ්ලොග් කෙරුවාවට ඇදල දැම්ම කුප්පය... ඌතමයි කලින් තිබ්බ නමත් වෙනස් කරන්න කිවුවෙ. :P, තව නිතර ඇවිත් මේකෙ මාව දිරි ගන්නවන, අර ඇට්ටර මලය, නිමේශ අක්ක, මාර්ලන් අයිය, ඔබ්සර්වර් මාමා, දිනේශ් අයිය, මතකෙට එන්නෙ නනෙ. තව කවුද? ලොල්යනේ.. අනේමතකෙට එන්නෙ නෑ ඕන්.. ඒහෙමෙයි කියල තරහවෙන්න එපා. :D ;)





