Wednesday, June 11, 2014

මෝචරියක වැඩ කිරීමට සුදුසුකම් ඇත.

කොහොම හරි නිකම වගේ නිකාං ඉන්න කොට ඉදලා හිටලා හරි මොනවා හරි ලියලා යන්ටෙපැයි.
පටන් ගන්න කලින් තවත් දෙයක් මතක් උනා.. දවසක් මයෙ යාළුවෙක් මට කියපු කතාවක්.. මිනිහා මගෙන් ඇහැවා ඇයි උබ දැන් බ්ලොග් එක ලියන්නැත්තෙ කියාලා. මයෙ "වෙලාවක් නෑ බං සහ කම්මැලී" කියන උත්තරේට මිනිහාගෙ ප්‍රතිඋත්තරේ උනේ "අනේ නිකන් පලයං බං. පඩයක් ගියත් පේස් බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරනවා. බ්ලොග් ලියන්න වෙලාවක් නෑ?" කියන එක... ඇත්තම කියනවනං පේස් බුක් ස්ටේටස් එකකුයි බ්ලොග් පෝස්ට් එකකුයි අතරේ ලොකූවෙනසක් තියෙනවා.. බ්ලොග් පොස්ට් එකක් උනාම හරවත්, නැනවත් හොඳ මං කලින් ලියපුවා වගේ ගුණාත්මක බාවයෙන් යුතු වෙන්ඩ ඔනෑ.. හා නැද්ද..
කොහ්මින් හරි ඒ කතාව ඉවරයි..

ඕං මෙට්ටේ අස්සේ කැරපොත්තො වගයක් බෝවෙලා නිසා පොඩ්ඩක් අස්පස් කරන්ඩ හිතාගෙන ඇඳ යට තියෙන බඩු ටික අදිද්දි පැන්සල් පෙට්ටියක් හම්බුනා.

මං පොඩිම කාලෙන් පස්සෙ 6, 7, පන්තිවලට එනකොට පැන්සල් පෙට්ටි පාච්චිය නැවැත්තුවා. අන්තිමටම පාවිච්චි කලේ ටයිටෙනික් නැව ඇඳලා තියෙන තට්ටු දෙකේ නිල්පාට පැන්සල් පෙට්ටියක්. එකත් 5 වසරටත් කලිං. පස්සෙ 5, 6 පන්ති වලදි අම්මා මහලා දුන්න "පෙන්සිල් කේස්" තමා ඉස්කොලෙ ගෙනිච්චේ.. පස්සෙ 7 පන්තියට එනකොට යෞවනෝදයත් එක්කලා  වටේ පිටේ ඉන්න එවුන් විහිළුකරන්න ගත්තා ගෑණු පර්ස් පාවිච්ච් කරනවා කියලා.. ඒක තමයි මං ඉස්කොලෙට "පෑන් පැන්සල් රදවන ආදාරකයක්"  ගෙනිච්ච අවසානය. (පස්සෙ වරින් වර කව කටු පෙට්ටි අනම් මනං වයෙ ගෙනිච්චට එවා වැඩි කාලයක් තිබුනෙ නෑ.) පෙට්ටි ගැන කතා කලේ අද අස්පස් කරද්දි හම්බුන පෙට්ටිය මං පාවිච්චි කරපු එකක් නොවන නිසා.. :D

අපේ ඉස්කෝලේ ළමයි ගහනය වගේ දෙගුණයක් කාක්කෝ ඉන්නවා.. ඒ වගේ දෙගුනයක් මීයෝ ඉන්නවා. කොළඹ තදාසන්න ප්‍රදේශයක තියෙන හැම ඉස්කොලේකම තත්වය ඕක වෙන්නැති මට හිතෙනේ..

කොහොම හරි අපි ඉස්කොලෙට ඇතුල් වුනායින්පස්සේ මීයන්ගේ මළ කුණු කියන්නෙ එච්චර දුර්ලඹ දර්සනයක් නෙවෙයි අපිට. :D ඒත් දවසක් 7 හරි  8 හරි පන්තියෙ ඉන්දිද්දි මගේ ඇහැ ගැටුනා ලස්සන මී කුණක්. :D ඇත්තම කියනවන්ම් ඌ මොන හේතුවක් නිසාද කියන්න බෑ (සමහර විට පෑගිලා වෙන්ටැති) ඌ කරෝල වෙලා.. අර හූණො ජනේලේට තියලා තදකරාම වගේ ඇට සැකිල්ල ඉතිරි වෙන විදියට ඌ චප්ප වෙලා මමී කරණය වෙලා. මට තාමත් ඒකේ ලස්සන ඇස් පියාගත්තාම හිතේ මවාගත්තෑකි.  ඉතින් මට ඔනෑ උනා මූව ගෙදර එක්කරගෙන යන්ඩ. ඒ වෙලාවෙ හැටියට වෙන හිතට අදහසක් ආවේත් නෑ. ටග්ගලා මීයව අරගෙන පන්තියට ගියා. ඇත්තම කියනවනම් ග්‍රවුන්ඩ් එකේ දි තිබ්බ ප්‍රස්සන භාවය ඌව පන්තියට අරන් යනවත් එක්කම නැති උනා. පන්තියට යන පඩිපෙළ නගින්න නගින්න ගඳ වැඩි උනා.. ග්‍රවුන්ඩ් එකේ විවෘත අවකාසෙ ගඳ හොදට පැතිරිලා ගියාට පංතිය ඇතුලෙ එහෙම පැතිරිලා තුනීවෙලා යන්ඩ ඉඩක් නැති නිසා වෙන්ටැති. කොහොඅ හරි මට ආයෙ විසික් කරන්නත් හිත දුන්නෑ. මං කලේ ඌව පොඩ්ඩකට පැත්තකින් තියලා අල්ලපු පන්තියෙ මේසයක් උඩ තිබ්බ පැන්සල් පෙට්ටියක පෑන් පැන්සල් ටික හලලා ඒ පෙට්ටියට මීයව දාල බෑග් එකට දාපු එක. එතනින් පස්සෙ සාමකාමීව පාසල් වැඩ නිම උනා.

ඊගාවට ඉතිං වෑන් එකේ ගෙදර එන වෙලාව.. මටත් ඉතින් නිකා ඉන්න බැරි කමට අර පංසල් පෙට්ටිය එලියට ගත්තා..
මුලින්ම පෙට්ටිය උස්සපු එක මාට්ටු.. අල්ලපු පංතියෙහිටියට වෑන් එකෙ මගෙත් එක්ක ම හිටපු එකාගෙයි පැන්සල් පෙට්ටිය. :D
අරූ පෙට්ටිය ඉල්ලුවාම මං මීයාව අතට අරන් පෙට්ටිය ඌට දුන්නා.. මිනිහා තොම තියා ගනින් කියලා අයෙ මට පෙට්ටිය දුන්නා.. කොහොම උනාත් ඒත් එක්කම වෑන් අංකල් මහ සද්දෙන් බෙරිහන් දෙන්න ගත්තාමයි මට මතක් උනේ, පන්තිකාමරේට වඩා වෑන් එක ගොඩක් පුන්චී කියලා..  මුලු වෑන් එක ඇතුලම එකම ගන්දස්කාරයයි.. :3


https://www.flickr.com/photos/33572408@N00/8598700057/
https://www.flickr.com/photos/33572408@N00/8598700057


ප.ව.
වෑන් කාරයා බනිද්දි මෝචර්යක වැඩකරන්ඩද ආසා කියලා ඇහුවා මතකයි.. අර එදා අරූ එපා කියපු පෙට්ටිය තමයි අද මට ඇඳ යට තිබිලා හමුබුනේ.. ^_^

සැ. යු.
මං කැමරාවක් ගත්තු දවසකට මේක ඇතුලු අනික් පොස්ට් වලටත් ඇත්ත පින්තුර දානං. එතකං ඉන්ඩ බැරි එකක් ඉන්නවනම් කැමරාවක් අරදියං. ඇයි යකෝ මුන් චුල්ලසෙට්‌ටි ජාතකේ මී කුණ විකුණලා පොහොසත් වුනා කියද්දි ආනේ සාදු කියනවා. අපි දෙයක් ලිවාම තමා මුන්ට පොටො ඔනෑ. මේ බලව කැමරාව තිබ්බ කාලෙ ලිව පොස්ට්.! (ටු දෙමල 'න' යන්නා, නලීන් අයියා)
Related Posts Plugin for WordPress, Blogger...