Saturday, July 2, 2011

ගඳ පඩ හඬ නැත.. හඬ පඩ ගඳ නැත෴

ම්ම්ම්.... ඉස්කෝල කෑල්ල නිවාඩු උන්නා අප්පා සතියක්.... ;) ඇතියන්තම් හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොත් එක්ක ඉන්නෙ නැතු පොඩි වලක් බහිත හැකි.... හැක් හැක්... ඒක නෙවේනෙ අද මෙවුව එක.. පඩ මාතෘකවක් අහ්.... ඊක්.. කියල කියන්ට එපා ඉතින්.. පඩ අප්‍රසන්නයි තමා... මං අප්‍රසන්න නොවෙන්ට කියන්නම් කො පඩේ ගැන යමක්.... පඩේ ගැන යමක් කියන්ට කලින් තමන්ගෙ කර්ණ කටහ පටල පිරිසිදු කොර ගන්ටත් වෙනව... නැත්නම් කක්කා පොස්ට් එකට ආවා වගේ කැත කතා මට අහන්ට වෙනවනේ.. හැක් හැක්.... එවුව මෙවුව නෙවේ ඉතින්.. බලන්ටකො පඩ පොස්ට් එක කොහොමද කියල....

පඩය කිවුවම ඉතින් නිකන් මොකද්ද මොකද්ද වගේ නේද? ඒක නිසා වෙන්ටෑ, ප්‍රසිද්ද ලේකන වලදි පඩේට අධෝවායූ... වගේ නම් බාවිතා කොරන්නෙ... ඒත් ඉතින් කටට හුරු පුරුදු වචනෙනෙ ඉතින් පඩේ කියන්නෙ... කාක් කාක්.... ගාන නිසා කාක්කට කාක්කා කියල කියනව වගේ "පෘ...[ක්..හ්]..." ශබ්දයක් එන නිසා පඩේට "පුං" කියල කියන උදවියත් ඉන්නවා... කොක වෙතත් පඩේ සවුන්ඩ් එක හරියටම ලේකන ගත කරන්ට පුලුවන් විදියේ අකුරු සැට් එකක් නම් නෑ... හරියට නිකන් සිංහල භාසාවෙ z ශබ්දය නෑ වගේ....  ඔය පඩ සවුන්ඩ් එක ගැනත් මං සිංහල පඩම් ඉගන ගන්න වෙලාවෙ බාල්දි පෙරලල ඇති අම්බානෙට... ඒත් තාමත් කාගෙන්වත් උත්තරය්ක් ලැබිලනම් නෑ... නැති නිසා මං හදා ගත්තු අකුරු කුලකේ තමා පෘ...[ක්..හ්]... කියන්නෙ... ඒකත් ඉතින් හරියටම ගැල පෙන්නෙ නෑ නොවැ...

ඉතින් පඩේ කොච්චර අප්‍රසන්න දෙයක් උනත් ඒකින් හැදුනු ප්‍රස්තාව පිරුළු, ආත්තෝපදේශ එහෙමනම් එමටයි. "හීනෙන් පඩයක් ගියත්.....", "පඩේකට ගනන් ගන්නෙ නෑ...." ඔයවගේ ආත්තෝපදේශ අතරේ, "ගඳ පඩ හඬ නැත.. හඬ පඩ ගඳ නැත", "කපුවට යන්නෙ හදුන් පඩනේ" වගේ ප්‍රස්තාව පිරුළුත් තියෙනවා... හැබැයි අවාසනාවක මහත කියන්නෙ ඒගේ ප්‍රස්තාව පිරුළු, ආත්තෝපදේශ අපේ සිංහල ගුරුවරු, ලේකකයො පඩේකට ගන් ගන්නෙ නැති එක තමා.... ඔන්න ඔකයි අද පඩේට ගිය කල... ඒ අස්සෙ මං පඩේ ගැන ලියනවා කියල එකෙක්ට දෙන්නෙක්ට කිවුවම උන් මයෙන් අහනවා උබේ බ්ලොග් එක කෙල්ලොත් කියවනවා නේද කියල.... හැක් හැක්... යකො කෙල්ලෙක්ට ගියත් කොල්ලෙක්ට ගියත් පඩේ පඩේමයි... ඕකේ තියෙන්නෙ ඉති CH4 , H2S වායු සංකලනයක් නොවැ... ඉතින් දෙයියනේ කාට කිවුවත් මොකො...


ඇත්තටම පඩේ ඇතිවෙන්නෙ කොහොමද???  ඔය ප්‍රශ්නෙ නම් සමහරක් විට ඔයාලට ඇතිවෙලාත් ඇති. එක හොදයි. ඇඟේ සිද්ද වෙන විවිධ ක්‍රියාවලි ගැන අවබෝදයක් තියෙන එක ඇත්තටම හොද දෙයක්.. එත් හෙනේ කියන්නෙ මේවගේ සුළු දෙයක්වත් කියල දෙන්න තරම් හැකියාවක් අපේ විද්‍යාව ගුරුවරුන්ට නැති එක. මෙහෙම දෙයක් ළමයෙක් ඇහුවොත් ගුරුවරයා හිතන්නෙ කින්ඩියක් කියල.. අනික් එක ඉතින් මේවගේ දෙයක් කියල දෙන්ට යන ගුරුවරයට අනික් ගුරුවරු චොදනා කොරනව ළමයින්ට කුණුහරුප කියල දෙනවා කියල.. කොක කොහොමවෙතත් හැමොන්ගෙම වැරැදි තියෙනවා... ළමයට දහදිය දාන විදිය සෙලබස් එකේ තියෙනවා.. කදුළු පිටවෙන එක ත් තියෙනවා.. කන්දක් නගින කොට කන් අගුල් වැටෙන්න හේතුවත් තියෙනවා.. ඒත් මේ සරළ ක්‍රියාවක් වෙන පඩේ සෙලබස් එකට නෑ... හැබැයි ඔය කලින් කියපු ක්‍රියාවලි ටික ගුරුවරයා කියල දිය යුතුමයි කියල නීතියක් නෑ. මොකද අදාල පාඩම ඉවර උනාම ඔයවගේ දෙයක් විග්‍රහ කරගැනීමේ හැකියාව ළමයට ලැබෙන්ට ඔනි... සමහරක් විට එහෙම හිතල පඩේ ගැනත් සෙලබස් එකට නොදැම්ම වෙන්ට පුලුවන්...
ඕන් මං ඊළගට අලුත් වෙන විශය නිර්දේශෙටවත් ආහාරජීරන ක්‍රියාවලිය යටතේ පඩේ ගැන දැමේවා කියල ඕන් ප්‍රාර්තනා කොරනවා... (හැබැයි ඔක ගැන කියල දෙන්ට ගිහින් ගුරුවරුන්ටත් බඩේ අජීරණ ඇති වෙන්ට ඉඩ තියෙනවා..)

ඉතින් මෙච්චර කියවන මත් පඩේ ඇතිවෙන්නෙ කොහොමද කියල නොකීවොත් ඒක අඩුපාඩුවක් නේ... හැබැයි ඕන් මේ කියන්නෙ කවුරුත් මට කියා දිපු දෙයක් නෙවේ... කලින් කිවුවත් වගේ අදාල පාඩම ඉවරවෙනකොට මට ලැබුනු කුසලතාවයෙන් මංම හදාගත්තු කල්පිතයක්...

අපි කවුරුත් දන්නවනේ බ්ලූමැන්ඩල් කුණුකන්ද... පහුගිය දවස් වලත් වාර්තා උනානේ ඕකේ තැනින් තැන පිපිරීම ඇති උනා කියල. දැන් පරදවා වටහා ගන්නට එපා ඒවගේ පිපිරීමක් තමයි පඩේ කියෙන්නෙ කියල... මං නිකන් උදා හරනෙකට ගත්තේ.. ඔතනදි ක්‍රීයා කරී වෙන වායු දෙකක් තමයි CH4 සහ H2S කියන්නෙ. CH4කියන්නෙ ඉතින් අපි කවුරුත් දන්න ජීව වායුව. ඉතින් ඔය වායු සන්කලනයක් තමයි පඩේ ඇතුලෙ තියෙන්නෙ. අන්ත්‍රය දිගේ කාපුව එනකොට ඒවයෙ තියෙන පෝශ පදාර්ත උරා ගැනෙනවත් එක්ක අපද්‍රව්‍ය සාන්ද්‍රනය වැඩි වෙනවා.. ඒකෙ අතුරු ප්‍රතිපලයක් විදියට CH4 , H2Sවායු නිදහස් වෙනවා... එහෙම උනයි කියල ඒවා පිටවෙලා යන්ට විදියක් නෑ. ඒක නිසා ඒවා අන්ත්‍රය තුල රැදෙනවා.... කෑම කොටස් පහලට තල්ලු වීමත් එක්ක ඒ රැදිල තියෙන වායු තෙරපිල පීඩනය වැඩි වෙනවා... ඉතින් කෑම කොටස් අතරින් පුන්චි හො පිටවෙලා යන්ට තැනක් ලැබුනු ගමන් ඒක පිටවෙලා යනවා...එතකොට සද්දෙ එනවිද්ය...?? ඒකත් හරි සරළ දෙයක්.. මතක් කරන්ට අර අපි හිච්චි කාලෙ උන බට ව්අලින් හදපු තුවක්කුව... හැබැයි මාත් තාම උන බට වලින් හදලනම් නෑ. ම්ම්ම්.. අර පන්තියෙ පිටිපස්සෙ ඉදගත්තු දාට පෑන ගලෝල හදන්නෙ...ඒවගේ ජිරි බිරිස් එකක් මතක් කරගන්ටකො... (එහෙම අත්දැකීමක් නැත්නම්, දෙපැත්ත ගලවන්න පුලුවන් පනක් අරන් දෙපැත්ත ගලෝල දාන්න.. පස්සෙ එක කෙළෑවරකට කෙළවලින් පොගෝපු කඩදාසි ගුලියක් හිරකරන්ට. අනික් පැත්තෙනුත් ඒවගේ කෙළෑවලින් පොගොපු කඩදාසි ගුලියක් ඇතුල් කරලා පෑන් බටේ දාල ඒක ගුලියක් ඇතුලට තල්ලු කරන්ට. ටික ටික තල්ලු කරල හයියියෙන් පෑන් බටේට ගහන්ට.. සැ යු. බිම ගහන පැත්ත නෙවෙ අනික් පැත්තේ කාවුරුත් සිටීමෙන් වලකින්න..)

ඉතින් ඒහෙම පඑන පොප් හඩ වගේ ට්හමා පඩෙත්.... කල පොගොපු කඩදාසි දෙකට ජීරණය ඌ ආහාර කොටස් දෙක්... මැද පඩ වායුවා... හැක් හැක්..  අපි 8දිද කොහෙද ඉගැන්නුවෙ සොබාදහමෙන් අපි කොරප් දේවල්.. මිනිස් කකුලෙ තියෙන වක්‍රාකාර හැඩේ, කොපි කරල පාලම් හැදුවා... කුරුල්ලගෙ හැඩේ කොපි කොරල ප්ලේන් හැහුවා... ඒත් පඩේ කොපි කරල හදපු අර සෙල්ලම් තුවක්කුව ගැන කියන්නෙ නෑ... කොහෙ කියන්නද..? සාමාන්‍ය පෙලින් ප්‍රජනය පාඩම අයින් කරන්ට කියල ගුරුවරු ඉල්ලීම් කරද්දි 8 පන්තියට පඩේ උගන්නන දුන්නොත් ගුරුවරු සියදිවි මෙවුව කොරගනී....

ප.ව..
නූතන සමාජය තුල පඩයට අත්ව ඇති කුඩම්මාගෙ සැලැකිල්ල ඉවසා ගැනීමට නොහැකිව තමා ඔන් ලිවුවෙ.. තවටික් කල් යවල රසකරල ලියන්ට හිතන් ඉදිදිනෙ විදුසරේ කැහිල්ල ගැන ගියේ.. ඒකෙ කැහිල්ල ගැන ගියා කියල මට කැහිල්ලක් නෑ. එත් ඒකේ කැහිල්ල ගැන යන්ට කලියෙන් මාත් කැහිල්ල ගැන පොස්ට් එක් ලිඅල තිබ්බ.. පබ්ලිශ් කොරේ නෑ.. තව ටිකක් රසකරල ලියනවා කියල. දැන් ඉති විදුසරේ ගියාම ආයෙ ලියන්ට දෙයක් ඉතුරුවෙලා නෑ නොවැ. සමහරක් විට පඩේ ගැනත් පත්තරේ ගියොත් මට ලියන්ට දෙයක් නැතිවෙනවා... ඒකයි ඔන් ලිවුවෙ හරිය..? හැබැයි ඉතින් ගියාට කමක් නෑ පත්තරෙත්... පඩේට හොදක් වෙනව නොවැ.....

25 comments:

  1. පඩය ගැන සෑහෙන දැනුමක් ලබා ගත්තෙමි...හිච්චියාට මාගේ ප්‍රමානය ;)

    ReplyDelete
  2. mata mewata uththara badinna threnne nathooo
    post eka ela

    ReplyDelete
  3. මට නෙවේ බොලැ.. පඩේට දියැන් ප්‍රමානය.... හැක් හැක්...

    ReplyDelete
  4. සාමාන්‍ය පෙලින් ප්‍රජනය පාඩම අයින් කරන්ට කියල ගුරුවරු ඉල්ලීම් කරද්දි 8 පන්තියට පඩේ උගන්නන දුන්නොත් ගුරුවරු සියදිවි මෙවුව කොරගනී.... පට්ටයි
    හැක් හැක් කක්කා ගැන කියලා මූ පඩේ ගැනත් කිව්වා එහෙනං....
    කොහෙන්ද තෝ අර පින්තූර ටික හොයාගත්තේ වල් නරියෝ...

    ReplyDelete
  5. ඇයි මල්ලි ඇමෝනියා වායුවත් පිට වෙනවානේ බොලව්. පඩ ගඳ වෙන්නේ මාංශ ආහාර ගත්තම. මොකද අපේ ආහාර ජීර්ණ පද්දතිය සකස්වෙලා තියෙන්නේ ශාක ආහාර ජීර්ණය වෙන්න. ශාක ආහාර ජීර්ණය වෙද්දි ගොඩක් වෙලා යනවා. ඒ නිසා අපේ ආහාර ජීරණ පද්දතිය ගොඩක්ම දිගයි.

    මස් කන සත්තුන්ගේ ආහාර මාර්ගය ගොඩක්ම කෙටියි. ඒ කියන්නේ මස් සහිත ආහාර ඉක්මනින් දිරවනවා.

    සත්ව ආහාර ගත්තම වෙන්නේ ඒවා ඉක්මනින් දිරවලා අපේ ආහාර ජීර්ණ පද්දතියේ අවසාන හරියට යනකොට ඒ ආහාර පල් වෙනවා. එතකොට ඔය වායු හැදෙනවා. ඒවා ගඳයි. !!

    ReplyDelete
  6. බිහිම ඉහලයි බොහොම ඉහලයි.. මට ඒ කොටස් ටික පොස්ට් එකට ඈඳන්න බැරි උනා. ඒත් මෙහෙම දෙයක් තියෙනවා.. පඩ යන්නෙ මිනිස්සුන්ට විත්‍රක් නෙවේ.. බල්ලො පූසන්ත් යනවා.. ඒ සත්තු කෙලින්ම මාංශ්බක්ශක විදියට පරිනාමය උනු සත්තු. අපිවගෙ පලතුරු බුදින වානරයන්ගෙන් නෙවේනෙ පරිනාමය වෙලා තියෙන්නෙ...

    කොකවෙතත් හොඩ තර්කයක්... එලැ එලැ...

    ReplyDelete
  7. @මධුරංග

    එතකොට සුදු ලුනු වගේ එවා කැවාම යන පඩ?

    ReplyDelete
  8. මධුරංග අයියාගේ කතාවත් එක්ක මමත් එකගයි.. ගොඩක් වෙලාවට ඔක වෙන්නේ මස් ජාති නිසා තමයි... ඒත් මේ ඇනෝ කියපු දේත් ඇත්ත.. කවුරු හරි ඒකත් පහදලා දෙනවද??

    ReplyDelete
  9. ඇනොගෙ ප්‍රශ්නෙට උත්තරෙත් මදුරන්ග අයිය දීල තියෙන්නෙ... සුදු ලුනු නරක් උනාම CH³CH²SH වගේ වායුවක්නෙ පිටවෙන්නේ.. හැක් හැක්.. එකයි ගඳ වඩී... හැක් හැක්.. කනා ආහාර මත පඩෙ සුවද, හඩ, අනුයාත පඩ දෙක් අතර කාලය වගේ දේවල් තිරනය වෙනවා.. හැක්, හැක්...

    ReplyDelete
  10. ඩෝං පඩේ සීදේවි පඩේ . . .
    චූස් පඩේ මිනි මරන පඩේ . . . .
    ......ඔන්න ඔහොමයි මලේ අපි කියන්නෙ . . .

    මට ඉස්කෝලෙ zoology උගන්නපු කාන්ති ටීච පංතියෙදි ඉගැන්නුවා පඩ යෑමේ විද්්‍යාත්මක සංසිද්දිය.

    @මධුරංග:
    එතකොට කොස් ඇට පඩ ???

    ReplyDelete
  11. මේකා පඩ ආචර්්‍යය මහාචර්්‍ය වරයේක්ද කොහේද....මොනවා උනත් මේකා දලා තියක පික්නම් එල (වතුර යට එක)..මම මේ කල්පනා කලේ කොහොමට තව පික් ඇද්ද මෙකා ගාව... :O

    ReplyDelete
  12. හැක් හැක්...
    @ඕනයා-- අන්න ටීචර්ල.. ඉතින් බොලවු උබල එහෙමයි කියල මදුරන්ගයටම මෙව්ව කොරන්ට එපා... අපි පඩ ගැන කියන්න මොකො අපි පඩයක් දෑ... හැමොන්ගෙම කියන්නෙ සත්‍යැයි සිතාගත් දෙයක් මිසක් පරම සත්‍යනෙවේනෙ. කොක වෙතත් කොස් ඇට පඩ වල ගදට වඩා හඩ තියෙනව... අනික් එක අනුයාත පඩ දෙක් අතර කාලෙත් අඩුයි. ඒකට හේතුවක්නම් මේකමයි කියල කියන්ට අමාරුයි නේද? මං නම් හිතන්නෙ කොස් ඇට සවිවර නිසා වෙන්ටෑ....

    @හිරු එළිය-- එය එක් දෙක් විත්‍රයි...

    ReplyDelete
  13. මාව මරන් කන්න හදන්න එපා කොල්ලනේ !!!! මම අනිත් ඒවත් හොයලා කියන්නම්

    ReplyDelete
  14. පඩේ වෙඩිල්ල කරගෙන දඟලනවා කියලත් කියනවා.

    ReplyDelete
  15. ඇනොට බොම තැන්ක්ස් තවත් ආත්තෝපදේශයක් එකතු කරාට...

    ඈ කොල්ලො... මං පඩ ගැන කිවුවට ඕන් පඩ ඇරියේ නෑ හරිය..?

    ReplyDelete
  16. තවත් එකක් . . .
    "කාලය පඩයක් මෙනි . . . ගියොත් ගියාමය"

    ReplyDelete
  17. එකෙන්ම.. ඔයතියෙන්නෙ මෙව්ව.... තැන්ක්ස් වේවා...

    ReplyDelete
  18. ඇයි..කොල්ලෝ..ඕකට "වාතයක් ගියා" කියලත් කියනවා නොවැ..අපේ ආච්චිලා..සීයලා.

    ReplyDelete
  19. ඇත්තටම දෙයක් ගන්න පුලුවන් පෝස්ට් එකක් .....

    ReplyDelete
  20. vhadagath dheyak liyapn ponna thal dhenne nathuwa.. ube amma ubata owadha igannwe ponna patiya... nodhakin

    ReplyDelete
  21. හැක් හැක්...
    @නිල් අහස.. ඒත් ඇඟට දැන්නෙනෙ පඩේ කිවුවමනේ... :P
    @පංසල් හන්දිය-- ඉහි ඉහි.. ඒක මට සතුටක්
    @ඇනෝ... අනේ ඔයාට පඩේ කිවුවම කේන්තිගියාද මෙයා...?? හැක් හැක්... එතකොට ඔයා ඔය කියල තියෙන්නෙත් අම්මයි තත්තයි කියල දුන්නු වචන වෙන්ටෑ... එලැ ඈ..

    ReplyDelete
  22. හඬ පඩේ ගඳ නැහැ
    ගඳ පඩේ හඬ නැහැ

    ReplyDelete
  23. ඊයා,
    එක අතකට පුක කියන්නේ කුණුහරුපයක් නොවෙන කොට පඩ ගැන කතා කරන්න ලැජ්ජා වෙන්නේ ඇයි නේද?

    ReplyDelete
  24. ඉහික්.. අනේද කියන්නේ... ඔතප් කෙසේවෙතත් හිරි නැති කොට මෙව්ව මොනෑයි.. ;)

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...