Wednesday, May 4, 2011

දොස්තර ඇදුම


ලොල්ය..මේක මට හිතුනු දෙයක්.. කලින් හිතිල තිබ්බෙ. ඒත් ලියන්න ඕනි දෙයක් කියල හිතුනෙ ඊයෙ අම්ම පපඩම් බැදල දාල තිබුනු පත්තර පිටුව දැක්කම. ඒ පත්තර පිටුවෙ මාතෘකාව උනේ "ඇඳුම හරස් වීම නිසා වෙද කම අහිමිවේ..." කියල. O_o ඇස් උඩයන කතාවක් නිසා පපඩම් ටික මම අයින්කරල(කාලා) පත්තර කෑල්ල කියවන්න ගත්ත. ඒත් කියවන්න බෑ. ඒකෙ තෙල්. ඒත් ඉතින් අර ඒකෙ සාර්න්සයක් ලොකු අකුරින් දාල තියෙනවනෙ. :D අන්න ඒක නම් කියෝගන්න පුලුවන් උනා. ඒකෙ තිබුනෙ, වෛද්‍ය සිසුන්ට පතීවීම් ලිපි දෙන දවසෙ උනු සිද්දියක්. ඒ ගොල්ලන්ට පත්වීම ගන්න අත්දිග කමීසයි, ටයි, ඔවුව මෙවුව ඇඟේ පටලවගෙන එන්න කියල. ඒත් ඒ වෛද්‍ය සිස්සයො ඒව ගන් ගන්නෙ නැතු කැමති කැමති ඒවා ඇඳන් ගිහිල්ල. එතන හිටපු උන්ට මල පනල.. පත්වීම නොදී කස්ටියව ගෙදර යවල. ඒකයි සිද්දිය. ඒත් මට ඇතිවුනු ගැටළුව නම් ඒක නෙවේ... වෛද්‍ය වෘතියට ඇඳුම මේතරම් බල පානවද කිය. ඔව් ඇඳුම අනිවාර්යයෙන්ම බල පානව. ඒත් අර පත්තරේ තිබ්බ වෙදියටනම් නෙවේ.....

ඒ පත්තරේ තිබුන විදියට ඩොකෙක් උනාම අත්දික ශ'ට් එකක් ඇදල, ටයි දාල එක විකාරයි. ඒ ඉතින් බටහිර ඇදුමනෙ. ඒ ඇදුම් කලාව අපිට කියල දුන්නෙ සුද්දො.. දැන් ඒක අපි අපේ කමක් විදියට අරගෙන. අදටත් අපිට ටයි එකක් නොදාපු, අත්කොට ශ'ට් එකක් ඇදගෙන ඉන්න ඩොකෙක් දැක්කම "ආපෝ ඌ ඩොකෙක්ද?? " කියල ඇහෙන තත්වෙකට වැටික තියෙන්නෙ එක නිසා වෙන්න ඇති. එතනදි දොස්තර කෙනෙක් කියන්නෙ කවුද කියල පොඩ්ඩක් හිතල බලන්න වෙනවා. දොස්තරකෙනෙක් කියල ලෝකෙට පෙන්න ඔනිමද..??? ඒකත් ඉතින් හිච්චක් විත්‍ර ඕනි තමා. ඒත් මුල්තැන දෙන්න ඔනි ඒකට නෙවේනෙ. දොස්තර කෙනෙක් හැම අතින්ම වගේ තමන්ගෙන් උපකාර ලබන රෝගියට සහය දක්වන්න ඔනි. අනික එක අමතක කරන්න හොද දෙයක් නෙවේ ඒ ලෙඩාකියන්නෙ තමන්ගෙ සේවාදායකයෙක් විත්‍රක්ම නොවෙන විත්තිය.

ඒකියන්නෙ දොස්තර අඳින ඇඳුමෙ ඉදන් එයාගෙන් උපකාර ලබන රෝගියාට හිතකර වෙන්න ඔනි. හරි අපි හිතමු බට හිර ඇඳුම ඇද ගත්තු ඩොස්තර කෙනෙක් කියල. එයාගෙ ශ'ට් එක නම් දින පතා හොදනව කියමු. ඒත් ටයි එක??? මාස ගානකටවත් හෝදනවද..?? ඒකියන්නෙ දොස්තරගෙ ටයි එක කියන්නෙ විශබීජ පාරදීසයක් මිසක් රෝගියාව සුවපත්කරන්න දෙයක් නෙවේ කියන එක. :D අනික් එක ටයි එකෙන් වෙන්නෙ ලෝකෙට බොරු පෞරුශත්වයක් පෙන්නන එක මිසක් වෙන අහවල් එකක්ද.. අනික් එක තමා අත්දික ශර්ට් එක. ඒකෙ කතාවත් එහෙමයි. රෝගියාට හිතකාමී දොස්තර කෙනෙක්නම් සාමාන්‍යයෙන් එක ලෙඩෙක් බලල අනික් කෙනා බලද්දි තමන්ගෙ අත පිරිසිදු කර ගන්නව. :D ඒ වගේ වෙලාවකට අත්දිග ශර්ට් එකක් ඇදන් හිටියොත්...?? එක අතකින් අත හෝදන්න කරදරයි. අනික අතනම් හෝදන්න පුලුවන්. ඒත් ඇඳූම ලෙඩ්ඩු බල බල හෝදන්න පුලුවන්ද..? ඒක ප්‍රායෝගික නෑනෙ. අත්කොට ශර්ට් එකක් ඇදන් හිටියනම් ඒ මුකුත් කරදර නෑ. විශබීජ වලට අතනිරාවරනය වෙනවා. ඉතින් මුලු අතම උනත් හෝදල පිහිද ගන්න පුලුවන්නෙ. ඒත් අත්දිග ඇදුමෙදි අත හේදුවත් කමීසෙ ගෑනු විශබීජ අයින් කරන්න විදියක් නැතුව යනව.

හැබැයි ඉතින් ඔච්චරම තමන්ගෙ මෙවුව එක පෙන්නන ඔනි නම් එන ගමන් ඔක්කොම විකාර ඇඳුම් පටලවගෙන ඇවිල්ල ලෙඩ්ඩු බලන වෙලාවට ගලවල දානව. :P ඒ මුකුත් නෑනෙ බොරු පෞරුශ පෙන්නනෙ නැතුව සාමන්‍ය අත්කොට කාමීසෙ ඇදගෙන ආවනම්. එතකොට ලෙඩාගෙ ලෙඩේ හොදවෙන්න මානසික සහනෙකුත් එනවා. මොකද එ ලෙඩාට එයයි, ඩොස්තරයි අතර තියෙන වෙනස්ක් පේන්නෙ නෑනෙ. :D :D

ප. ව.

මේ කතාව කිවුවෙ ඩොක්ටර් අන්කල්ලා ගැන. දැන් අහයි අයි ඇන්ටිලට ප්‍රශ්නයක් නැද්ද කියල... :D ඒ අයත් ඉතින් රෝගියාට හිතකාමි වෙන විදියෙම, තව සබ්‍යත්වයත් ආරස්ස කොරන ඇදුමක් ඇදන් ගියානම් හරි.. :D

13 comments:

  1. සහතික ඇත්ත කතාව.
    අත් දිග ෂර්ට් එකේ අතේ කෙලවර කියන්නේ විෂ බීජ ගුහාවක්.

    ReplyDelete
  2. ඇත්ත කතාව මචෝ...

    ReplyDelete
  3. මලේ . . . සිරිතක් විදියට මානසික රෝහලේ දොස්තරල ටයි දාන්නෙ නෑ.

    ReplyDelete
  4. "ඕනය" ඕක හරියටම දන්නව,පොර ඉන්නෙ පිස්සන්කොටුව සොරි මානසික රෝහලට අල්ලපු වැටේනෙ.

    ReplyDelete
  5. මචං කතාවනං ඇත්ත.... හැබැයි අර "හේදුවත් කමීසෙ ගෑනු විශබීජ අයින් කරන්න විදියක් නැතුව යනව" කතාව නං ලොලේ ලොල්ය.... ආපහු මේක කියවල ඔය වැරදි ටික හදපිය....

    ReplyDelete
  6. චූටි දොස්තර අක්කිනම් සාරියට මාර ස්වීට් හලෝ... ආදරේ බෑ :P

    ReplyDelete
  7. බෝම ස්තූති සියලු දෙන්නට. අර ඔන්ය කියපු මානසික වෛද්‍යවරු ටයි නොදානකතාවනම්.. ගෝඩක් වටිනව.. ඒක මත් පහසුවක්.. එතකොට යසියො මොකද්ද මෙ අක්කි කතාව...???

    ReplyDelete
  8. පාරේ යන දොස්තර අක්කියෙක් දිහා බලන්ටකෝ.. තියෙන ස්වීට් කම..ආදරේ බැරුවා....එයාලට නම් සාරිය පට්ටම පට්ට...

    මාතෘකාව ඩොකාගෙ ඇඩුම නිසයි මාත් මේක එල්ලුවෙ....

    ReplyDelete
  9. ඇදුමෙන් මිනිස්සු මනින්න බෑ.. ඒත් ඇදුම කොහොම උනත් තමන්ගේ වගකීම හරියට නොකරන අයත් අපිට අහන්න දකින්න ලැබෙනවනේ..

    ReplyDelete
  10. ලොල්ය.. ඔවු අයියෙ.. ඒ විත්තිය නොතේරෙන අය තම මේ ටයි කෝට් පස්සෙන් දුවන්නෙ..

    ReplyDelete
  11. ඔච්චර පපඩම් කන්න එපා. ඊලඟට කොලොස්ටරෝල් හැදෙයි. ලොල්ය.
    මොනව වුනත් කතාව ඇත්ත.

    ReplyDelete
  12. ලොල්ය.. අනේ මෙහෙමත් උන්ටනෙ මම මේ පොස්ට් එක ලිවුවෙ.. අපාරාදෙ මේ කාලය.. මේ ඇට්ටරයො... පෝස්ට් එක කියවල ගන්න තියෙන දේ ගනින්.. :P අනුන්ගෙ පප්පඩම් වලට කෙල හලන්නෙ නැතුව..

    ReplyDelete
  13. අනේ මන්දා දොස්තරටත් පහසු වෙන ඇඳුමක් අන්දහම අනිත් උන්ට මොකද? අර කිවත් වගේ පිරිසිදුවට විලි වැහෙන්න අඳිනවානම් එච්චරයිනෙ. මගේ යාලු ඩොකෙක් ඉන්නවා. ඌ නම් අඳින්නේ ටී ෂර්ට්, අත්කොට කමිස එහෙම. එන ලෙඩ්ඩුන්ට සමහර වෙලාවට ෂුවර් නෑ මූ ඩොකාමද කියලා. ඇයි ඇඳුම අප්සට්නෙ.....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...