මට මතකයි මම හිච්චි කාලෙ මට කතාකරන්න බැ.. කොහොම හරි කතාකරන්න පුලුවන් උනේ කතරගම ට ගොහින් සීනුවක් පූජකරමලු. ඉතින් ඒත් මටනම් ඔය බාර හාර ගැනනම් ඒ හැටි විශ්වාසයක් නැ.. කොහොම හරි මට කතාකරන්න හැකිනෙ දැන්. ඒත් මට හිතෙන විදියට ඒක ඔනිවට වඩා වැඩී... ඒකයි අද මෙ කරදර ඔක්කොම...
ඔව්.. ඒ එදා.. එදා තමා කරුමක් කාර දවස.. පෝය දවසෙ සුපර් මුන් හින්ද වෙන්ඩෑ...පෙරේද මටම කෙල උනා.. හ්ම්ම්ම්.... හැමොම ඉතින් දන්නවනේ සයිබර් අකාසෙම හොල්ලන් ඉන්න අර කුප්පය.. රත්ගමය..!!! ඉතින් මගේ කට මට හිතෙන්නෙ උටත් වඩා කුප්පයි... නැත්නම් මට කලින් උව නෙව බ්ලොග් අවකාශෙන් ආයින් කරන්න ඔනි... කොහොමින් කොහොම හරි මගේ කට නිසා මාව එකිනුත් ආයින් කරල දාල... :'( මගේ පෙස් බුකියෙ යාලුවො 25%ට වඩා ඇති උනේ අපේ බ්ලොග් අවකාශෙ ගෲප් 1ක නිසා.... ඒත් මම එහෙම කරපු ඒ ගෘප් 1ටම බලුවැඩක් කරාලු. මට දැන් ඔනි එහෙම දෙයක් උනානම් සමාව ගන්න... ඔහ්.. සමාව දෙන්නත් බැයි කියන්නෙ... කොහොම හරි ගන්න එපැයි.. ඉතින් ඒකයි මෙහෙමවත් පොස්ට් එකක් ලියන්න හිතුවෙ.. මම දන්නො මට කොච්චර බැන්නත් එයැයිල මේක කියවනව කීල.. හික් ය.
මේකයි සිද්දිය... මම එදා කිවුව ඉතින් විහිලුවට ඉරුව(රත්ගමය) මැරිල කියල.. මම හිතුවෙ මාත් එක්ක භෞතිකව ඉන්න අනික් උන්වගේ මාව මුන් සෙට් එකත් විශ්වාස කරන 1ක් නැ කියල. ඉතින් හත්දෙයියනෙ.. මුන් මාව අපෙ අම්ම තාත්තවත් විශ්වාස කරන්නෙ නැතිවිදියට විශ්වාස කරනෙ.. ඔක්කොම හිතුවෙ ඇත්තටම රත්ගමය මැරිල කියල.. අදාල දවස් දෙකටම රත්ගම කාරය බ්ලොග්, ඇෆ් බී එක පැත්තකටවත් ආපු නැතිනිසා වෙන්ඩෑ.. ඔවිතින් ඌට කලණි කැම්පස් එකෙ ඇපැන්ඩිසයිස් ද මොනාද ටෙස්ට් 1ක් තියෙනවලුනෙ.. මම කිවුව උට නියපොතු කන්න එපා කියල හැව්වෙ නැනෙ.. දැන් ලැගහන්කො ඉස්පිරිතාලෙ. එවා මෙතන්ට වැඩක් නැ. නැත්නම් මුන් කියයි මම ආයි පාරක් උන්ලව බයිට් 1ට ගත්ත කියල. නොදෝකින් මගෙ කට.. !!!
කෝව කොහොම උනත් ඔන්න මම දැන් සමාව ඉල්ලන්න යන්නෙ... හික් ය. ලොල් නැතය.
පස්වාන් දහසකට බුදුවන්න රත්ගම අයියේ... අහො.. අනික් උනුත්.. ඒකියන්නෙ මම යවපු අසත්‍ය ප්‍රකාශයෙන් කම්පිත උනු හැමෝම අයියන්ඩිලා.. ගනු ඈයොත් හිටියද මන්ද..! කොහොම උනත් දෙයියෝ බුදුවන්න..!! මට සමාව දෙන්න කෝ.. ඉතින් ම්ම හිච්චි එකානෙ.. :D නොතේරෙන කමට එහෙම දෙයක් කෙරුවෙ..
ඔහ්.. මාත් එක්ක තරහ වෙලා මාව බ්ලොක් කරපු උදිත්, සුදු පූස, සී ටී කුමාර... ඇතුලු හැමෝන්ටම.. අනේ මාව අන්බ්ලොක් කරන්නකොව්... අහ්.. අනුශ්ක අයියටත්(බනිය) බොහෝම ස්තූති අන්බ්ලොක් කරාට.. ඌන මීට මාස 6ට විත්ර උඩදි බ්ලොක් කරල තිබ්බෙ. ඒත් මම එයාට කියපු කඩුප්පුලි කතාවක් නිසා. හික් ය.
තව එකක්...,
අභීත අයිය.. මට සයිබර් පෙස්ටිවල් 1ටත් එන්න එපා කිවුව.. :/ මම ගොඩාක් ආසවෙන් හිටියෙ එන්න.. ඒත් මම මේ ගත්ත ගොන් ආතල්1ක නිසා දැන් එන්න එපයි ලුනෙ. හ්ම්ම්ම්... ඉතින් මොටෝ කරන්නෙ.. මම නාවට කමක් නැ.. තව දවස් කීපයයිනෙ තියෙන්නෙ.. සති 2ක් විත්ර ඇති. :D ඔයාල එන්න.. තාම පොම් 1කවත් පුරෝපු නැති ඇයෝත් ඇති නොවැ. හික් ය. ඒයට දැන ගැනීම පිනිස මම බැනර් එක තියනව බ්ලොගියෙ. ආවුලක් වෙන 1ක් නැනෙ. එතකොට මට නොලෑබෙන අවස්තාව වෙන කෙනෙක් ට හරි ලැබෙන්ඩෑ...
හ්ම්ම්ම්.. පොස්ට් එකනම් ඉවරයි.. මේව ඉතින් රට්ටු හිනස්සන වැඩ..!! එහෙමෙයි කියල හිතෙ තහකරන් ඉන්නවට වඩා මෙහෙම පොස්ට් 1ක් දැම්මෙ එකයි. හික් ය.
ලොල් නැත ය.
කියන්න එකක් අමතක උනා... අනේ මේ පොස්ට් එක කියවල ඉවරනම් තරහ නැතිව බ්ලොග් අවකාශේ ගෲප්එකට මේ පෝස්ට් එකේ ලින්ක් එක ශෙයාර් කරන්න පුලුවන්ද...??? ප්ලීස්...
ReplyDeleteඔන්න මන් මේ ලින්ක් එක දැම්ම දැන් ආපහු ඇඩ් කරගත්තෝත් විනීතව හැසිරියන් හරිද :-)
ReplyDeleteශ්ම්ම්ම් ම... ලොල්ය.. ඇඩ්කරගන්නවනම් හැසිරෙඤ්ඤං කො විනීතව.. :D
ReplyDeleteඅපට තරහ ගියේ උඹ කරපු වැරද්දේ බරපතලකම තේරුම් කරන්න ගියාම උඹ අපිවත් බයිට් එකට ගත්ත නිසා.. මීට පස්සේ මේ වගේ වැඩ කරන්නෙපා..
ReplyDeleteඋබේ කට වැඩි කම නෙවේ අවුල තියෙන්නෙ මොලේ අඩුකම..!
ReplyDeleteඋබට හොද වැඩේ මට හොරිකඩ බනියා කිය කියනේ උන්නෙත් ?
මෙහෙම උන් නම් ඔන්නැ..
හික් ය.. පුලුවන් නම් අම්මල පූජකරපු ගන්ටාරෙ අරන් එනව ආයෙ.. ගෙදර.. අනෙ මගේ කට... හරිබන් හිර කාරයො.. හැම දේම විහිලුවට ගන්න එක මගෙ පුරුද්දක්.. කොහොමින් හරි මම ඒක යටපත් කර ගඤ්ඤං කෝ...:/
ReplyDeleteහෆෝයි දෙයියනෙ.. බනී අයියට මම හොරිකඩ කිවුවෙ ආදරේට නොවැ... තරහ ගන්න එපා අයියන්ඩි...
හපොයි හපොයි හපොයි. මාත් ඔය වගේ යාළුවො මැරුන කියල කස්ටියව රවට්ටල තියේ. ඒත් මේ වගේ දෙයක් තාම වුනේ නෑනෙ
ReplyDeleteලොල්ය.. බලාගෙන... උබවත බ්ලොක් කරයි බන් ඇට්ටරයො... උබ කරන එව දුර දිග යන්නෙ නැත්තෙ උබට කරන්න තෙරෙන්නෙ නැ.. :P කොව කොහොම උනත් මලේ ඔහොම විහිලු කරන්න එපා බන්.. දැක්කනෙ මට විච්ච දේ..
ReplyDeleteකමක් නෑ පොඩි එකා නොතේරුම් කමට කල කුප්ප වැඩක් කියලා හිතමු.අනේ මූ මොනා උනත් හිත හොඳ එකා නොවැ.චාන්ස් එකක් දෙන්න.
ReplyDeleteඋඹට කරපු දේ වැරැද්ද බරපතල කම තේරුනානම් එච්චරයි මල්ලි.. ආයේ ඒ විදිහට වැඩ නොකරන්න වග බලගනින්
ReplyDeleteහික් ය.. kaz අයියන්ඩි.. (කොල්ලෙක්නේද?) පොඩී කියල කිවුවට ඉතින් මගේ එහැටි පොඩි කමකුත් න බන්.. හික් ය.. :D
ReplyDeleteහ්ම්ම් ඔව් මලන් අයියෙ... තෙරුම් අරන් ඉතින් ඉන්නෙ... අනිව.. ආයි මූ ඇත්තටම මැරුනත් කියන්නෙ නැ.. සිරා.. කොහොමත් කිවුවත් පිලිගන්නෙ නැනෙ..
මලේ ඔහොම තමා බන් ඕව කාලෙත් එක්ක ඔක්කොම හරි යයි!
ReplyDeleteතොගෙ කුපාඩි කමට හොද වැඩේ
ReplyDeleteමම උබ වගේ කුපාඩි වැඩ කරන්නැති හින්ද මට ඔහොම නොවුනෙ හොරිකඩයො
වැරද්දක් මම කලා කියලා කෙනෙක්ට තෙරුම් ගන්න පුළුවන්නම් එ කෙනා ආයෙත් එ වැරැද්දම කරන්නෑ කියලයි මම හිතන්නෙ...
ReplyDeleteහැම දෙම හොද විදිහට විසදෙයි කියලා මම හිතනවා...
අච්චාරුව... හික් ය. ඇරිල යමින් පවතිනව බන්.. හික් ය.. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට.. ලොල්ය..
ReplyDeleteඅනේ මෙ ඇට්ටරයො.. උබ දන්න දෙයක් නෑ.. කට වහන් හිටු මෙතන බොරුවට කෑ ගහන්නෙ නැතිව.
හික්ය.. විසදෙමින් පවතිනව දිනේශ් අයියෙ.. :D
මමනම් මේක දැක්කෙ අද.ඇයි සුලගිල්ලො උඹ අප්‍රේල් 01 වෙනිදවත් කියන්න හොද නැති කතාවක්නෙ කියල තියෙන්නේ.හැබැයි සුලගිල්ලා ආයෙ මේ වගේ වැඩ කරන්න හිතන්නෙවත් නැතිව ඇති.අපිට හරි සතුටුයි තමන් අතින් වුන වැරද්ද තේරුම් ගිය එකට.
ReplyDeleteදැන් ඉතින් ඔක්කොම ශෙප් නේ :) ආයේ එහෙම කරන් එපා...කිව්වත් වගේ මාලුවා ගේ කට හින්දාලු නේ එකා නැහෙන්නේ..අවශ්‍ය දෙකට මිස අනවශ්‍ය දෙවල් වලට කට දාන්න එපා කොලුවෝ... අනික එක කටක් දිලා කන් දෙකක් දුන්නේ..අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන්න....
ReplyDeleteලොල්ය.. ජෝතිශ.. හික් ය.. විහිලුවට ඉතින් දවසක් තියෙනවයෑ.. හික් ය.. කොහොමත් අප්‍රේල් පළවෙනිදට නම් විහිලු කරන්නෙ නැ මම ඕන්..
ReplyDeleteහික් ය. නිමේශ් අක්ක දන්න දේවල්.. :P
මම සීන් එක දැක්කේ දැන්. මම ඉතිං බස් පදින්නේ නෑහැනේ.. හැබැයි පුතෝ ආයේ තෝ මේ වගේ අසමජ්ජාති වැඩක් කලොත් තොගේ දකුනු අතේ චූටි ඈඟිල්ල කපනවා. හරිය.
ReplyDeleteහික්ය.. එහෙම කියන්න එපා බන්.. මොකද මම ලියන්නෙ වමතින්... :P
ReplyDeleteයකෝ විහිලු මඩ ගහන ඒව ඔක්කොගෙන සීමාවක් තියෙනව. අනිත් දවසෙ පොඩ්ඩක් විහිලු කරද්දි කල්පනාවෙන්. ආයෙ සමාව ඉලුවොත් නම් හම්බ වෙන එකක් නෑ
ReplyDeleteදැං හරි වගේ නෙ ???? . . . . උඹ එතකොට සයිබර් උලෙලට එනවද ????
ReplyDeleteරංග ඔව් බන් මම හිච්චක් සීමාව ඉක්මවා ගියා... හික් ය..
ReplyDeleteලොල්ය.. ඕනයා... ඇයි උබල මම ආවම වටකරගෙන නෙලන්නද අහ්?? හික් හික්ය. මට තේරුනා බන්...
මූ මේ හැටි කුපාඩිකමක් කොරලත් හික් හික් ගාන හැටි!!! අම්මපා අර වෙලාවේ මගෙ ලේ පිච්චිච්ච හැටියට අහු වුණානම් අර ප්‍රසන්න කීව දේ වම් අතටත් කරනවා. දැන් කේස් ක්ලෝස් නේ. ඔන්න ඉතින් අභී අයියගෙන් අහලා ගුටි කන්න හරි එන්න පර්මිශන් දුන්නොත් එන්න ඕනි හරිය....!!!!
ReplyDeleteමාළුව කට හින්ද නැහුනට මොකෝ, කට බොරු කිවුවත් ඇඟිලිතුඩු බොරුකියන්නෙ නෑ කියල සුළැඟිල්ල දන්නව හරිය..? :P
ReplyDeleteමම දැනගත්ත ඔයික..! හරිය.. අභිය සමාව දුන්නොත් එන්නම්..:P බලන් ඉන්නකෝ මට නෙලන්න... :P ලොල්ය.
හොද වැඩේ උඹට...... දැන්වත් පාඩමක් ඉගෙන ගනින්.
ReplyDelete