Tuesday, March 15, 2011

විහඟුන් ඉගිලී ගියා වේ.....


මඟබලමින් සිටියෙමි සය වසරක්ම
නැහැ තව ආවේ විහඟුන් සිත සිපගන්න
අහසක් නැතුව තරුවට බෑ පිපිලා ඉන්න
අරුනෝදය අරන් ඉක්මනටම මාවෙත එන්න


පුර-පස අදයි, අයි හඳ අහසට නොඑන්නේ
කදුළු කතරයි, ඈ එනතුරු මසිත ඉකිබිදින්නේ
කළු ගල් වගේ, ඇයි ඇගෙ හද උනු නොවෙන්නේ
සිත්රුක මගෙයි, කවදද විහඟුන් කැදැලි තනන්නේ


පිවිතුරු විහඟ ගී තව නෑ ඇහෙන්නේ
පිපුනු තරුව දැන් කඳුළැලි සලන්නේ
ඈ එනතුරු මගෙ සිත මඟ බලන්නේ
පාළුව දැනී මම රහසේ ඉකි බිදින්නේ



සැ යූ:- මේක මගේ බ්ලොගියට දාපු පලවෙනි මගේම කාව්‍යමය නිර්මානය. වැරැදි අඩු පාඩු නම් එමට ඇති. :D තාම සුළැඟිල්ල නොවැ. හික් ය.

13 comments:

  1. අගේට හිටිය එකා, මේකත් ඒ පාර කවි ලියන්න අරන්.

    ReplyDelete
  2. වසන්තයේ මල් පොකුරු නෙලා
    ඔබ මා දෝතට වඩින තුරා....
    මග බලමින් මා සිටියා...
    සොදුරු වසන්තය ගෙවෙන තුරා.....

    ඕවා ඔහොම තමයි

    ReplyDelete
  3. @රත්ගමය... අඩේ මුට ලියන්න පුලුවන් වල් ලව් ගැන්, මම ලව් ගැන ලිව්වම තම ඉලවු වෙන්නෙ. කුප්පය. :P

    @ඔබ්ස'වර්... ඇතියන්තන් මේක කවියක් විදියට ඔයැයි වත් දැක්ක. තැන්කූ අහ්!!!

    @ගීතික.. වසන්තයේ මා පැමිණි විට..
    ඔබ කිවා මේ සිසිර බව..
    දැන් කොව්වද ඔහොම..?? ලොල්ය.. ප්‍රතිචාරයට ස්තූතියි.

    ReplyDelete
  4. ලොල්ය වෙන මුකුත් නැත්නම් ලොලේ ලොල්ය...

    ලක්සනයි බං ;)

    ReplyDelete
  5. @මාර්ලන්.. හික් ය. තැන්කූ.. ඒවගේම මගේ බ්ලොගියට සාදරයෙන් පිලිගන්නව ඕන්.. ලොල්ය.

    හේ පලවෙනියටම දාපු (කවි + නිසදෙස්+ සින්දු)වට ප්‍රතිචාර හොයි නොවැ. :D :D :D :D

    ReplyDelete
  6. සය වසක් පෙම්කොට ගත්කත....වුයේ අන්සතු...
    කෝ ඒ සයවසක ප්‍රේමය ඈතුල...ඈට නොගිය ඒ ප්‍රේම ය..
    ඔහුට කෙලවලා ගියා මතකද???
    ඔහු:කාලගෝල
    ඇය:දික්තලා..

    ReplyDelete
  7. වැඩක් නෑ. සාටර්/ එක්කො හිට්ලර් මාම ගැන ලියන්න. නැත්තන් විද්‍යාත්මක දෙයක් ගැන ලියන්න. මම පෝස්ට් එක කියෙව්වෙත් නෑ. දැක්කහම එපා වෙනව. :(

    ReplyDelete
  8. @ඉන්දි... හැ.... ඔහු කිවුවෙ මටදැ...?? මම සුළැඟිල්ල උනාට එච්චර කොට නැ හරිය....???

    @ඈස්‍ට්‍රෝ.. මට බැ නෙ තනි රාමුවකට කොටුවෙන්න..

    ReplyDelete
  9. හරිම ලස්සනයි මල්ලියා

    විහගුන් නොආවට මගේ ලොකේට ...
    නුඹ ඉන්නවා තනි රකින්න හැමවිට,,
    සද තරු පුර -සද වුවද අහිමි වුනද ...
    දන්නවා නුඹ හිදිනවා තනි නොතනියට...

    ReplyDelete
  10. @නිමේශා.. හික් ය බොහෝම ස්තූති අක්කන්ඩි.. :D
    ඒත්,

    විහඟුන් නොමැති තැන....
    ලොවක් වෙන්නේ කොහොමද???

    ReplyDelete
  11. මටත් පරණ මතකයක් අළුත් උනා...
    සිරා මලයන්ඩියෝ දිගටම ලියන්න. උපෙ වැඩ නම් අතාරින්න නම් එපා..

    ReplyDelete
  12. @මගේ සිතුවිලි.. එල එල අනිව අයියංන්ඩි.. උපෙත් ගොඩ.. අනික් ඒවත් ගොඩ..

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...