Wednesday, March 9, 2011

මඳහස නන්වන තේ දළුනෙලන ලදේ෴


මාතෘකාව දක්කමනම් හිතෙන්න්නෙ මම අද සිංදුවක් අරන් ඈවිත් කියල. ඒත් ඉතින් එහෙමට ම නෙවෙ. කාන්තා දිනෙත් පහු උනානෙ. ඕන් අද ලිපියත් එයලා ග්න කියන්නෙ. හික් ය. ඉතින් කාන්තාදිනේ දවසෙ හැම මාධ්‍යකම වගේ කාන්තාවන්ගෙ ගුන වර්නනා කරන ගීත වෑඩසටහන් ගියානෙ. ඉතින් ගොඩාක් සම්බාවනීය ගීතත් ඒ අතර තිබුන. ඒත් ඉතින් ඔනෙම හොඳදේක නරකක් තියෙනව කියල අර ගිය සිංදු අතරින් මෙළෝ වැඩකට නැති සිංදුත් ගියා.

පිරිමියෙක් විදියට මම නම් ලැජ්ජාවෙන් කියන්නෙ. අපේ රටට වැඩිම ආදායම් ලබාදෙන රස්ස 3නම කරන්නෙ ගෑනු ඈයො. පලවෙනි එක ඇඟලුම් කර්මාන්තය. 90%ක් ම කරන්නෙ කාන්තාවෝ. අනික ගෘගසේවිකා. 100%ක් කරන්නෙ කාන්තාවෝ. තුන්වෙනි වෑඩිම ආදයමක් ගෙන දෙන ආදායම් මාර්ගය ගෙනත් දෙන්නෙ ඉතින් තේ කර්මාන්තයෙන්. ඉතින් ඒකෙත් 80%ක් විත්‍රම කාන්තාවොතමා කරන්නෙ. ඉතින් මම මේකියන්න යන්නෙ අන්න ඒ කරමාන්තය කරන කාන්තාවෝ ගෑන.

ඒ අයගෙ තියෙන නූගත් කම කොච්චරද කියනව නම් ඒයාල විදින්නෙ දුකක් කියලවත් එයාලට තේරෙන්නෙ නැ. ඉතින් මම අර කිවුවෙ. මෙලෝරහක් නැති සින්දුත් ගියා කියල කාන්තා දිනෙ දවසෙ. ඒ සින්දුවෙන් කියන්නෙ මේ තේදලු නෙලන අන්ත දුප්පත් කාන්තාව සුරදූතියක් කියල.

මේ සින්දුවෙ මුලින්ම කියන්නෙ "මදහස නන්වන රූබර මුහුන නුඹෙ..." කියල. මොකද්ද මේ සින්දුවෙ කියල තියෙන විහිළුව. ඉවසන්න බැරි අවුරස්නෙට මුහුන පිච්චිල. තනිකමට ඉන්නෙ බුලත් විටක් විත්‍රයි. ඒවිත්‍රක් නෙවෙ.. උපන් දවසක ඉදන් දත් මැදලවත් නැති ඈය කොහොමද මදහස පාන්නෙ....?? මම එ උත්තරීතර කාන්තාවට අපහස කරනව නෙවෙ. ඒත් මම කියන්නෙ ඇත්ත.

ඊලගට මේ සින්දුවෙ කියනව "රතැඟිලි දිගුකොට තේදලු නෙලන ලදේ..." ඒකතාවනම් හැබෑය, ඒත් රතැඟිලි..? මම රතැඟිලි කියන උපමාව දකල තියෙනෙ සීගිරි අප්සරාව ගැන ලියල තියෙන කැටපත් පවුරෙ තියෙන සමහරක් කවි වල විත්‍රයි. ඉතින් මේ සින්දුවෙ කියන්නෙ අර අර කාන්තාව සිගිරි අප්සරාවක් කියලද..?? අවුරුදු ගනන් තිස්සෙ කහල කුස්ට හෑදුනු ඇඟිලි වලට මේසින්දුවෙ රතැඟිලි කියල කියනව. මම කියන්නෙ නැ මේ සින්දුව "කුනු අතදිගුකොට තේදලු නෙලන ලදේ" කියල කියන්න කියල. ඒවගේම මම කියන්නෙ නැ ඒ උත්තරීතර කාන්තාවට අපහාස කරන්න කියල. ඒත් මෙහෙම සුර සැපවිදින කෙනෙක් නෙවෙ ඇය. ඇයි ඇයගෙ ඇත්තව තත්වෙ කියල සින්දුවක් කතන්දරක් ලියන්නෙ නැත්තෙ..??

කොහොමෙන් හරි ඕන් අර කාන්තා දිනෙ වෙනුවෙන් කෑ ගහන ඇන්ටිලටයො කියන්නෙ. මේ අයට පේන්නෙ නෑද්ද දන්නෙ නෑ මෙහෙමත් දුක්විදින කාන්තා පන්තියක් ඉන්නව කියල. බොරුවට පුරුශාදිපත්තිය ගැන කෑ නොගහ ඊලග 101 වෑනි කාන්තා දිනේදිවත් අර වගෙ පීඩිත පන්තිය ගැන අවදානයක් දැක්වුවොත් හොදයි ඕන්...


10 comments:

  1. මේකෙදි විතරක් නෙවෙයිනෙ බං හැමදේකදිම ඇත්ත තත්වෙ වසන් කරල බොරුව නේද මේ රටේ ඉස්මතු වෙන්නෙ. අන්තිමට මිනිස්සු ඇත්ත කියල පිළි‍ අරගන්නෙත් ඒ බොරුව.
    මටත් මේ සිංදුව ගැන හැමදාම මේ ටිකම හිතුණා. මොකද දන්න දවසෙ ඉඳළ මේ තේවතු වල වැඩ කරන මිනිස්සුන්ව මට දකින්න ලැබුණා. ඉතින් මේ මිනිස්සු ගෙවන කටුක ජීවිතය දකිද්දි මට දැණුනෙ කවදත් වේදනාවක් විතරයි. ඒ වගේම මේගොල්ලන්ගෙ ශ්‍රමයට සරිලන වැටුපක් කවදාවත් මේ රටේ ලැබිලත් නෑ. දවසකට ලැබෙන වැටුප ඇහුවම පුදුම හිතෙනව. ඒතරම්ම ශ්‍රමය සූරාකෑමක් සුද්දගෙ කාලෙ ඉඳන්ම සිද්ධ වෙන්නෙ.

    ReplyDelete
  2. කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  3. @අවුට්සයිඩ්__ හික් ය. අනිව මචෝ.. ඒ අහ්න්සකයන් ගෙ තියෙන සාක්ෂර තා ඌනතාවයට එයල විදින්නෙ දුකක් කියලවත් තේරෙන්නෙ නැ...

    @ඔබ්සර්ව__ හික් හේනම් නොකිය හිටියනම් මැනවි. ලොල්ය. ලොලේ ලොල්ය.

    ReplyDelete
  4. මේ කතාව මචන් රත්න ශ්‍රී රනතුන්ග මහත්තයා හරි අපූරුවට කියලා දුන්නා අපිට..එතුමාගේ දේශනයකදි...
    මේ වගේ තව නොගැලපීම තියෙන සිංදු ගොඩක් කිව්වා එතුමගේ දේශන වලදි....
    මට නිකමට හිතෙනවා උඹත් මේ එතුමගේ දෙශනයක් අහන් ඉදියෙද කියලා

    ReplyDelete
  5. @රත්ගමය. හික් ය. අනේ නැ සහෝ.. මම එතුමාගෙනම් දේශනයක් අහල නෙවෙ.. ඒත් මට මේ අදහස ආවෙ මම හිච්චිකාලෙ ඉතිහාසය සර් කියපු කතාවක් ඈහිල.. ලොල් ය..

    ReplyDelete
  6. හික්ස්.
    ගෑණු ජාතිය
    ජරා ජාතිය
    ගලේ ගහලා
    මරා දාපිය ;)

    ReplyDelete
  7. @ ඇස්‍ට්‍රෝ... පිරිමි ජාතිය උසස් ජාතිය...
    කන්නදීලා මල් පුදාපිය..

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @ඇස්ට්‍රෝ.. කාවුද නිවුටන්...??

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...