Tuesday, March 8, 2011

කාන්තාවන්ට සමාජයේ සම තැන දීම කොතෙක් දුරට උචිතද...???


අද කාන්තාදිනේ..... ඉතින් හෑම නාලිකාවෙම කියන්නෙ කාන්තා අයිතිය ගෑන. ඉතින් සුළෑඟිල්ලටත් හිතිල ඒ ගෑන ලියන්න.

ඉතින් පෝස්ට් එකට මුල පුරන්න කලින් මම පරන බ්‍රහ්ක්මන ශ්ලෝකයක් කියන්නම් කෝ... අපේ කාන්තාව ගෑන ලිය උනු.....

දර්ශණන් චිත්ත වෛකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරනන් තූර්‍යන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී
___

දර්ශනයෙන් පවා සිත වියරු කරන
ස්පර්ශයෙන් ධනය නෑතිකරවන
සයනයේ ගතකිරීම මරනය බදු
ස්ත්‍රිය
සැබෑම රාක්ෂණියයි
මේක ශ්ලෝකයක් හොදේ ඕන්...
මම නෙවේකියන්නෙ
___________________________________________

අද ගොඩාක් ඈන්ටිල මාද්‍යවලින් කතාකරනව සමානාත්ම තාවය ගෑන කතාකරනව. හිකිස් ය. ඒ ත් ඉතින් කොහොමද අපි කාන්තාවට සම තෑන දෙන්නෙ...??? ඔයාලම හිතල බලන්න කෝ...

පුංචි පවුලක් තියෙනව. ඒකෙ ගෘහ මූලිකය එහෙමත් නෑත්තන් ප්‍රදාන පිරිමිය... එයා ඒ පවුල ජීවත් කරන්නෙ පොල් කඩල... ඒගෙදර අම්මට තියෙන්නෙ ලමයි බලාගෙන ඉන්න. හරි මේගෙදෙට්ටත් සමානාත්ම තාවය ආවොත්.......?? මොනා වෙයිද...?
අම්ම පොල් ගඩනව... තාත්ත ළමයි බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්නව... ඒකටද අද මේ කාන්තාදිනේ කියන්නෙ...???

අපි මේ ගෑනු අයගෙයි පිරිමි අයගෙයි ජීව විද්‍යාපදනම බලමු... සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙ ශ්‍රෝණි මේකාලාස්තිය පළල්.. ඒ මොකටද..? කලේ උකුලෙ තියන්න යන්නද..? නෑනෙ.. එහෙම පුලුලුකුලක් දීල තියෙන්නෙ දරු ගෑබක් දරාගන්න... ඒත් පිරිමි අයගෙ එහෙම පළල් ශ්‍රෝණියක් නැ. ඒත් උරහිස් ශක්තිමත් ලෙස වෑඩිල තියෙනව. ඒ හෙම දෙවල් ස්වාභාවදර්මය දීලතියෙන්නෙ ගෙදෙට්ට වෙලා ළමයි බලගන්න නෙවෙ.

දෑන් ඔය අයට තේරෙනවනෙ...? අපේ මේ කාන්තාසමීති හදාගෙන කැ ගහන ඈන්ටිල කියන සමතෑන කාන්තාවට දෙන්න බෑ කියල.

ඉතින් ඕන් අද දවසනම් ගෙවිල යන්න තව පෑයකීපයයි තියෙන්නෙ. අපි ඉතින් ලබන අවුරුද්දෙ මාර්තු 08 වෙනිදටවත් ඔය "කාන්තවන්ට සමතෑන!"කියන ගොන් පාඨය ආයින් කරල ඒක "කාන්තාවන්ට නිසි තෑන!"කියල සන්ශෝදනය කර ගමු.....

11 comments:

  1. ඒ කතාව නම් එල..අද නම් මේ කාන්තාවෝ ගැන කියවලා එපා වේලා බොල...සම තැන නම් කොරන්න බෑ නේ..නිසි තැන දෙමු

    ReplyDelete
  2. @රත්ත... ලොල්ය.. ඈති යන්තන් මම කියපු පොස්ට් එකකට තෝ දනවාදීව කමෙන්ටුවක් දෑම්ම...

    ReplyDelete
  3. කාන්තාවන්ට ලංකාවේ බොහෝදුරට නිසි තැනට වැඩිය සම තැන් ලැබෙනව.. එත් පිරිමි අපිට නම් මෙලෝ තැනක් නැ.. ගැහැණියෙක් ගියාම හැම තැනම වැඩක් කරගන්න හරි ලේසි.. ඒත් පිරිමියෙක් ගියොත් එහෙම වෙන්නෙ නෑනේ.. ගෑහැණු අය කවදාවත් පිරිමින්ට නිසි තැන දෙන්නේ නැ..

    ReplyDelete
  4. ඇත්ත..උවමනා සම තැන නෙමෙයි.. නිසි තැනයි...

    ReplyDelete
  5. http://boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=COVR&ArtID=1703#BM1703

    ReplyDelete
  6. හොඳම වැඩේ කියන්නෙ ඔය ගෝරනාඩු කරන ඇන්ටිල අනෙක් ගැහැණුන් එක්ක සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්න හිතලවත් නැති එකයි. මොකද මේ රටේ කාන්තා ශ්‍රමිකයින් කොයිතරම් අසාධාරණකම් වලට අතවර වලට ලක්වෙනවද? ඒත් ඒ ක්‍රමය ඇති කරල තියෙන පුරුෂ සමාජය තමයි මේ ඇන්ටිලත් නියෝජනය කරන්නෙ.

    ReplyDelete
  7. "කාන්තාවන්ට නිසි තෑන!"
    රායිට් ඔන්න මගෙ චන්දෙත් ලකුණු කර ගන්න පින්කි

    ReplyDelete
  8. මං නම් කවදත් කාන්තාවට සම තැන දුන්න, කාන්තා අයිතීන්ට ගරු කරන පොරක්, මොකද මගේ ජීවිතේ කාන්තාවන් ඇරෙන්න වෙන කිසි කෙනෙක් පැහැදිලි වෙනස්කමක් කරල නෑ, :D

    http://chootymalli.blogspot.com/

    ReplyDelete
  9. ඉතින්. කාන්තාවන්ට සම තැන ඕනෙ නම් ඔහොම කෑගහල හරියන්නෙ නෑ ඇන්ටිල. එලියට බැහැල හොඳ පොලු අරගෙන හම්බයො පන්නන්න. උන් නෙ ඔයාලට සම තැන දෙන්නෙ නැත්තෙ. :P

    ReplyDelete
  10. ඔක්කෝන්ටම බොහෝම ස්තූතියි... හික් ය. ඔක්කොම ඉතින් මගේ පත්තට කතා කරල තියෙද්දි මම වෙන මොනා කියන්නද..? ලොල්ය.

    ඔහ්..
    @චූටි මල්ලි සහ සහෝදරයෝ.. ඉතින් ඔයා එහෙම කියනව නම් මම මේප්‍රශ්නෙට උත්තරෙත් දුන්නනම්... අම්මට වෙන්නෙ පොල් කඩන්නද...????

    ReplyDelete
  11. @ඈස්ට්‍රො උබව දෑක්කේ නැ නෙ බොල.. හික් ය. ඒකට ඈන්ටිල විත්‍රක් නෙවෙ. අපිත් බහින්න ඔනි... ලොල්ය...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...