Showing posts with label ගද්‍ය මුද්ද. Show all posts
Showing posts with label ගද්‍ය මුද්ද. Show all posts

Friday, November 2, 2012

ඇන්නා පැන්න තියරිය සහ ඇන ඇනා සිටීමේ තියරිය | ඇයි අපි මෙච්චර වල්? දෙවැනි කොටස

හප්පා හුග දවසකින්... :D බ්ලොග් එක එහෙන් පාලුවට යද්දි වල් කතා සීරියස් එක ගරා වැටිලා... ඕන් හුගදවසකින් අපෙ වල් කතාවක් ලියපු නැති හන්දා කට්ටියට අපේ ධූරාවලිය අමතක වෙලත් ඇති නෙව... හා ඒවා නොකියවපු අයටත් දැන ගන්ටත් එක්කලා පොඩි සමරියක් දීලා ඉමු...


මුළින්ම අපි දහසක් මඩ මැද්දෙ ඔය කාගෙ කාගෙත් කන් ටික සුද්ද කරගන්ට කියලා කුණුහරුප බිහිවෙන්නෙ කොහෙන්ද කියලා ලිව්වා.. එහෙන් ගියාම කවුද වැඩි පුරම වල් කියලා සත්‍යාපනය කොරගෙන ඇයි අපි එච්චරම වල් කියලාත් කිව්වා.. ඔය කාලෙ ඇඟිල්ලගෙ ස්වර්ණමය කාලයක් උනාට මොකො දෝශාරෝපණ නම් එමටව තිබ්බා.. ;) එහෙන් ගියාම අපි විවිද ඉන්ද්‍රීන්වල ලිංගික පදනම ගැන කතාකරමින් තමයිනේ හිට්යේ..  එතැන ඉදන් අද පොස්ට් එකට එන්ටර් වෙමු...

ක්ලියොපැට්ටගෙ නාහෙ ගැන කතා කරලා අද ඇහැ ගැන කතා කරටයි උන්නේ.. ඒත් ඒ ටොපික් කෑල්ල පස්සට තියලා අද ලියනවා ඇයි අපි මෙච්චර වල් කියන එකේ තවත් කෑල්ලක් එක්කරමින් ඒකෙ දෙවෙනි කොටහ!.. :D

ඒ කාලෙ ලිව්ව එව්ව නම් ඉතින් මතකත් නෑ.. කොහොමෙන් හරි මට මේ ටොපික් කෑල්ලට මෙව්ව එක ගහන්ට හිතුනෙ නම් මෙන්න මෙහෙමයි.

ඈලියවට ගිය මගේ බ්ලොග් කෑල්ලෙ පොස්ට් එකක් දාගන්න වෙලාවක් නැති උනාම තටම තටම ඉස්ටේටස් කවුන්ටරේ බල බල හූල්ල හූල්ල ඉන්න අතරෙ තමයි මේක කැමරාවට අසුකරගත්තේ.. මේතියේන්නේ ගූග්ලේ සර්ච් කරලා බ්ලොග් කෑල්ලට ආපු ඈයො.. බලාහල්ලකො ඒකෙත් හැටි!

පින්තුරේ උඩ ඔබලා ලොකුකරලා බල්තැකි..

එහෙන් ගිහිල්ල වැඩිපුරම හිට් විච්ච පොස්ටු බැලුවාම මේන්...



Entry Pageviews
2538
1634
1597
1344
1343
1272
714
Mar 25, 2011, 18 comments
631
564
533


ඕකනේ වැඩේ කියන්නේ... ඔව්ව ටික සැලැකුවම හිතෙනේ අපි මෙච්චර වල් කියන එකට නැවත්ත් හේතු දක්වන්ට ඔනෑයි කියලා... එහෙනම් පටන් ගමු...

ම්ම්ම් මෙහෙම පටන් ගමු.. අපි කියන්නෙ කාටද... :D පරිණාමය පිළිගත්තා හෝ නොගත්තා (කවුද දන්නෙ යොහෝවා උන්දා අපිව මෙ ඉන්න විදියටම මැව්වද කියලා... ) අපෙයි වදුරගෙයි පෙනුමෙන් හරි සමාන කමක් තියෙනවා නෙව...පෙනුම විත්‍රක් නෙවේ ජිව විජ්ජත්මකව බැලුවාමත් ලොකු කිට්ටු කමක් තියෙනවා.. ඔරන්හොටන්ව එහෙම ගත්තාම උගේ වර්ණදේහ 48ක් කාරිය තියෙනවා..(http://en.wikipedia.org/wiki/Orangutan#Genomics) අපේ 46ක් තියෙනවා නෙව!ඒවා තව චර්යාත්මකවත් නෑකම් කියනවා නෙව! ඔයවගේ බැදීම් අපි උන් අතරෙ තියෙන නිසා අපි ඩිංගකට හිතමු ලිංගික ජිවිතය ගැනත්... ඔන්න ඔතනදි තමයි මෙව්වා වෙන්නේ.. එතනදි පොඩි පරස්පරතාවයක් මතුවෙනවා... හේතුව අපේ ගාව තියෙන ජෝඩු සෑදිම පූර්ව අහවල් එක සහ අහවල් එක කියන එව්වගෙන් උන්ගාව අහවල් එකට මුල් තැනක් ලැබිලා තිබ්බට මොකද මං මේ මොර දුන්නට අපේ අහවල් එකට අමතරව අනිකුත් කාරිය තුනටත් සමතැන ලැබෙනවා...කවුරුහරි කියයි අහවල් එකට මුල්තැන දිම හෙවත් ඇන්නා පැන්නා තියරිය තමයි ගොඩක් වල් කියලා.. තම තම නැන පමනින් තෙරුන් ගනටකො.. ;)

මනුස්සෙක්ට ඔක්කොන්ටම වඩා ලොකු මොළෙත් එක්කලා එවගේම ඇගට සාපේක්ෂව ලොකුම ශිෂ්නෙකුත් ලබාදීමේ හෝ ලැබීමේ අරමුණ මොකද්ද? ව්‍යුහ විද්‍යාඥ අංකල්ලනම් කියන්නේ ඕකට හෙතුවත් ඉතින් අර නාහේ වගේ ඉතුරුවිච්ච කෑල්ලක් කියලා ( ඒ කතාවෙන් ඉතින් ඒ ඒ අංකල්ලාගේ ගැන අපිට හිතාගත්තෑකිනෙව.. ලොල් :D ) අපි ඉතින් කොහෙත්ම ඕක ඉතුරු විච්ච කෑල්ලක්ය කියලා අහක දමන්නෙ නැති හන්දා මේ පුරස්නෙටත් උත්තරයක් සොයන් ඉමුකො කාරිය... කොම්පියුටරයක් කියලා හාර්ඩ් වෙයාර් කෑලි ටික විතරක් තිබිලා මදි නෙව. සොෆ්ට්වෙයර් එහෙමත් තියෙන්ට ඔනෑ... (ලයිව් වෙයර් එකත් ඔනෑ) ඉතින් අපේ මොළේ කියන්නෙත් හාර්ඩ් වෙයර් එකක් වගේ දෙයක්.. ඒක අයි 7 එකක් උනත් වැඩක් නෑ.. කොටින්ම කියනවනම් කොච්චර ලොකු උනත් වැඩක් නෑ ඒකට හරියන සොෆ්ට් වෙයර් හෙවත් ආක්ල්ප අනම් මනම් තියෙන්ට ඔනෑ නිසි විදියට! i7 එකට DOS සෙට් වෙන්නෑ වගේ ඒ විශාල මොළයට හොද ඇඩ්වාන්ස් ආක්ලප එන්ට නම් ඒ ඒ අයගෙ ළමා කාලේ සංවර්දනය ගොඩාක් වැඩගත් වෙනවා... මං මෙතන ආකල්ප කියලා කිව්වේ අර කාලීන බණ දේශනාවල කියන ආකල්ප ගැනම නෙවෙයි!

ඇත්තටම කියනවනම් පූසෙක්ට උපතින්ම ලැබුනු දඩයම් කිරිමේ හැකියාවක් තියෙනවා... ටොම් ඇරෙන්න වෙන කිසිම පූසෙක් මියො අල්ලන්න මී කතුරු පාවිච්චි කරන්නේ නෑනේ... හැම සතෙක්ම වගේ එහෙමයි නෙව.. අපිත් ඉතින් සතෙක් නෙව! අපිට විතරක් විශෙෂයක් මොකෑ...? ඒක ගැන මට තියෙන අදහස නම් මෙහෙමයි.. ඔය මවපු උන්දෑ ඕලෙවල් වලට කොමස් කරපු එකෙනෙක්! ව්‍යාපාරයක සාර්තකවත්වය තිරනය වෙන්නෙ තරගයට සාර්තකව මුහුන දීම මත. පිපාසෙන් ඉන්න මිනිසු ගැවසෙන තැනකට සරුවත් කඩයක් තිබ්බොත් අන්න ව්‍යාපාරික අවස්තා හදුනා ගැනිමක්... ඔන්න ඒ මිනිහවම කොපි කරපු තවත් මිනිස්සු සරුවත් කඩ දාගන්නවා.. ඒ ඒ අයගේ තරගය අස්සෙ මනුස්සෙක් තැඹිළි කඩයක් දාගන්නවා! අන්න ලස්සනට උරෙන් උර ගැටෙනැතිව තරගය ජය ගැනීම... ඕක තමයි දෙයියන්ගෙත් ටෙක්නික් එක!  හැම සතෙක්ම උරෙන් උර ගැටෙමින් දඩයම් කරද්දි මිනිස්සු වෙනස් විදියකට පරිනාමය වෙලා තියෙනවා.. අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගී කියලා කතන්දරයක් තියෙනවනේ... :D සිංහයො පස්සෙන් එලෝල ගොදුරු අල්ලද්දි අපි උගුල් අටොලා ගොදුරු අල්ලුවා! කොහොමද දෙයින්ගේ මොළේ. ;)

මේ ඔකොන්ටම ටික වෙන්ට අපිට හොද මොළේකුත් එක්කලා ඒකේ දියුනුවත් අත්‍යවශ්‍ය දෙයක් කියලා තේරෙනවා නෙව...මේ දියුනුවේ රහස තමයි අපේ දීර්ඝ ළමා කාලය. කොටින්ම කියනවනම් මාත් තාම ළමා වියේ...ඒවගේ ළමා කාලයක් අපිට කොයින්ද කියලා අහුවොත් ඒකනම් දෙයියො දුන්නු එකක් නෙවේ ඕන්.. ඒක ලැබෙන්නෙ අපේ අම්මගෙන් තාත්තගෙන්...දැන් හිතෙනවා ඇති අපි කලින් කියපු පුසන්ට ළමාකාලයක් නැද්ද? අම්මෙක් තාතෙක් නැද්ද කියලා.. එතන තියෙන්නෙ භාශාහරබයක්! කලින් කිව්වා මතකද අවජාතක හා සුවන්ජාත කියන එකේ වෙනස කතන්දරේ!  එන්න එතනදි යම් ජීවියෙක්ගේ මොළෙ දියුනුවට අනුරූපව මාතෲ පීතෲ ජීවීන්ට අම්මා තාත්තා යන තත්ව ආරෝපණය වෙන විදිය කිව්වා මතකයිද.. :D

අන්න ඒ විදියට මොළෙ/මනස දියුනු වීම නිසා අම්ම තාත්තා ඇතිවෙලා දීර්ග ළෑමාකාලයක් එනවා වගේම දීර්ග ළමාකාලය නිසා මොලේ දියුනු වෙනව කියලත් කියන්ට ඔනෑ.. :D බිත්තරෙයි කිකිළි වගෙ තමයි...

දැන් බලන්ටෝනේ කොහොමද අම්ම තාත්තෙක් ඇතිවෙන්නෙ කියලා.. ඒකනම් සරළ දෙයක්... මාතෲ පීතෲජීවීන්ගේ බැදීම වැඩි කරාම හරි! ඒක වැඩි වෙලා තියෙන්නෙ මාර ලස්සන විදියකට.. ඒ තමයි ලිංගිකත්වයෙන්... ඇන්න පැන්න තියරියෙන් පරිබාහිරව ලිංගික විදීමක් දක්වා මිනිස්සු ගිහින් තියෙනවා.. අන්න එකයි කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ.. මාතෲජීවියා පිතෲජීවියා කෙරෙහිත් පීතෲජීවියා මාතෘජිවියා කෙරෙහිත් බැදිලා ඉන්න කොට එ ඒ අයගෙ පවුල් එකකය දියුනු වෙනවා.. ඒකින් සාර්තක පවුලක් හැදෙන නිසා ළමයින්ටත් අම්මෙක් තාත්තෙක් ඉන්නවා.. ඒ අයගෙ මොළේ දියුනුවට ඒක වැදගත් වෙනවා.. දෙයක් නෑ ඉතින් ඔතන!.. අන්න එකයි කියන්නෙ ඇණලා පනිනවාට වඩා ඇණ ඇණ ඉන්න එක වඩා වල් උනාට ඒකම තමයි අපිව අද මෙ ඉන්න තත්වෙට ගෙනත් තියෙන්නේ... :)


ප.ව.
වල් කම කියලා මං නම් කරලා තියෙන ලිංගිකත්වය රාගයත් එක්ක පටලෝ ගන්න එපා ඕන්... කාමයෙ හැසිරිමයි කාමයෙ වරදවා හැසිරිමයි දෙක අතර ලොකු පරස්පර තාවයක් තියෙනවා... අපි මේ කතාකරන්නෙ කාමයේ හැසිරිමෙන් උනු උන්නතිය ගැන මිසක් කාමයෙ වරදවා හැසිරිම ගැන නෙවෙයි ඕන්...

ප.ප.ව.. පොස්ටෙකේ අකුරු අතරෙ වෙනම කතාවක් තියෙනවා ඕන්..
ඒක සම්බන්ද වෙනින් ලිපිවලට, මෙතනින් යන්ට!

Friday, September 16, 2011

ක්ලියෝපැට්‍රගේ ලස්සන හා නාහේ දිග...

හපෙ අපේ.. බ්ලොග් කෑල්ල වේලී වෙලී යනවා.. දුකෙත් බෑ අප්පා... යන හකුරට නාඩන්නෙ තියෙන හකුර රැක ගන්නේ කියලා කිව්වට මොකෑ එහෙම හකුරට යන්ට දෙන්න පුළුවනෑ. මොකො මට කියල තියෙන්නෙත් මෙච්චරයිනේ. හැහ්. එව්ව මෙව්වා වැඩක් නෑ.

හැබෑට ඔක්කොමල කියො පැට්ටව දන්වය කියලා මං හිතනවා. ඔව් ඔව් අර චරිතෙ හොද නැති ඇත්ති ගැන තමයි මේ. ඔය ඊජිත්තුව පැත්තෙ රාජධානිය කොරන් උන්නු රැජින. :D කතාවක්ද දන්නෙත් නෑත් නෑ. අහල තියෙන විදියට නම් ඔය ඇත්තිට පිරිමි ඈයො ඉන්න අන්තඃපුරයකුත් ඉදල තියෙනවනේ.. එව්වා ගැනනම් මේ ඇඟිල්ලා හොයන්ට ගියේ නෑ. අනික ඉතින් තමන්ට කියලා ලිංගික ජිවිතයක් තියන් ඉන්න එක පරිණාමයෙන් උසස් විච්ච අපේ ඈයොන්ගේ ලස්ශනයක් නොවැ. කොව්වා කොහොම උණත් ක්ලියොපැට්‍රා කිව්වම ඉතින් අමතක කොරන්ට බැරිම මෙව්ව එක්නේ එයැයිගෙ නාහේ. ඔයා නාහේ පොඩ්ඩක් දිග උණාට ඒකෙත් පොඩි ගතියක් තියෙනවයි කියන ගොඩක් ඈයො ඉන්නවා. නිකන් ඉන්න වෙලාවෙ හිතුණ මේ ගතිය මොකෑ කියල ඇබිත්තක් හොයලා බලන්ට. :)

cleopatra sex life Pictures, Images and Photos

අසික්කිත මුද්දට වැටෙන මේ පොස්ට් කෑල්ල කියොන්ටත් කලියෙන් තම තමන්ගේ කර්නකටහ පටල ශුද්ධ කොරගන්ටය කියල අමුතුවෙන් කියන්ට ඔනි නෑ මයෙ හිතේ.

හැක් හැක්. නාහෙ ගැන කතා කොරන්ට කලියෙන් අනික් මෙව්වා ගැන බලල ඉමුකො. ඊටත් කලියෙන් ඇහැ ගැන කියන්ට ඔනි. ඇහැ අපි සලකන්නෙ උත්තේජ ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් විදියට. එක අතකින් ප්‍රධානම කාරනේනම් එහෙම තමා. මේ පොස්ට් එකටත් අදාළ වෙන්නෙ ඔය ප්‍රතිග්‍රාහන කාර්යය. ඒත් කිණ්ඩියට වගේ මතක තියා ගත්තොත් හොදයි ඇහැ නිකම්ම නිකන් හුදු ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් නොවෙන විත්තිය. ඒකනේ ඔය මාර්ක් කාරයා ;) මෙහෙම මූඩ් කෑල්ලකුත් බුකියට දාල තියෙන්නේ.. හැක් හැක්. අනික් එක සූ සැට මායම් වලත්, ඇස නැට වීම, ඇස් කොනෙන් බැලීම, අඩවන් නෙතින් බැලීම.. ආදී වශයෙන් නානාක්ප්‍රාකරයේ ඇසින් දෙන දෘෂ්ටි සංඥා ගැන සදහන් වෙනව නොවැ. එවයෙන් වැඩක් නෑ. (නැත්තෙමත් නෑ) අපි මේ කතා කොරන්න යන්නෙ හොටු ප්‍රශ්නයක් ගැන නොවැ. ;)

දැන් බලමුකො තොල් යුග්මය දිහා. කියො පැට්ටගෙ නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක්ගේ. ව්‍යුහ විද්‍යාවට අනුවනම් ඉතින් මේ මිනිස්සුන්ට විත්‍රක් විශිෂ්ට උණු ඇතුල් පැත්ත පිටට හැර උණු තොල් පෙති අපිට ලැබ්බෙන්නෙ අම්මගෙන් හොදට කිරි උරා බොන්ට. ඒකෙත් හිච්චි සත්‍ය තාවයක් තියෙනවා. ඒත් පොඩි අවුලකට තියෙන්නෙ අපේම ළගම නෑයො විච්ච අනික් වදුරු ජාතියෙ අයත් අපි වගේම කාර්යක්ෂමව කිරි උරා බිබ්බට උන්ගෙ තොල් පෙති වල ඇතුල් පැත්ත ඇතුල් පැත්තටම හැරවිල තියෙන්නේ. ඒත් මේ අපිටම විශිෂ්ට උණු තුල් පෙති වල වෙනත් ප්‍රමාර්ථයකුත් තියෙනවා.

ඒ ප්‍රමාර්තය අපිට කෙලින්ම සම්බංද කරත හැකි අපේ ලිංගික ජීවිතයට. තොල් පෙති කියන්නෙ හොද ලිංගික දෘශ්‍ය සංඥා ලබාදෙන උපක්‍රමයක්. ඩෙස්මන් මොරිස් අන්කල් නම් කියන්නෙ ඔය තොල් පෙති භගමණියට දෘශ්ටිකව සමානය කියලා. (රහසින්, භගමණිය කියන්නෙ මෑ ඇටේ වෙන්ටෑ. ඕකනේ ඉතින් ඔය වෑර්ලස් එකක චැනල් අල්ලන ටිවුනරේ වගේ ලු නේ. ) එහෙම ගත්තොත් මෑ මල මොකද්ද? මටනම් හිතෙන්නෙ දෙතොල් වලින් දෙන දෘශ්ටි සංඥා සමාන්ව වෙන්නෙ ගරීය ඕෂ්ඨයට. කඩ්ඩෙන් labia majora කියලත් ප්‍රාදේශීය ගැමි වහරෙදිනම් මෑ මල කියන්නෙත් ඕකටනේ. ඉතින් මේ පැටලිලි සහගත් තැන්. කොව්ව කොහොම උනත් අපි මේ හොයන්නෙ නාහේ ගැන මිසක් තොල් ගැන නෙවෙයිනේ. අනික තොල් වලිනුත් ලිංග සංඥා නිකුත් කොරනවය කියල පොඩි වයසට දැන් උන්නාම ඇති. ලොකු උනාම මෑ ඇටේ මොකද්ද මෑ මල මොකද්ද කියල හොයා ගන්ට බැරියෑ.

ඔය තොල් වගේම තවත් ඉන්ද්‍රියක් තමයි කන කියන්නෙත්. ඔකටත් ඉතින් ව්‍යුහ විද්‍යාවෙදි විවිදාකාරයේ කුණුහරුප කියනවා කන් පෙති පරිණාමය උනේ කොමද කියල්ලා. හැක් හැක්. ඒ කවුරු මොක මොක කිව්වත් අපිට කෙලිංම  ගිහින් අපේ ලිංගික රටාවට ඔය කන් වල වැදගත්කම ඈඳාගන්ට පුලුවන්.

දැන් එව්වා මෙව්වා වැල් වටාරන් ගැහුව ඇති නොවැ. ඇන් තමයි හොටු ප්‍රශ්නේ. හැබෑට අපේ මේ නාහේ හැඩේ මොකටද වැදගත් වෙන්නේ..? හොටු හූරන්ට? එහෙමත් නැත්නම් ආග්‍රහනය පහසු වෙන්ට? කවුරු හරි එහෙම කියනවනම් මං මේ ලියන පොස්ට් නෙවෙයි කුනුහබ්බ. ඒ කියන එව්වයි. අපේ වගේ සාපේක්ෂව එලියට විකසනය විච්ච නාස් තියෙන ඔරන්හොටන්ලට අපිට වඩා හොද ආග්‍රහන සංවේදී බවක් තියෙනවා. එහෙවු එකේ ඔය ආග්‍රහන කතාවල් ඉතින් කුණුහරුප නොවැ. මේ වගේ ප්‍රශ්ණ හමුවේ ව්‍යුහ විජ්ජාව හරිම අසරණයි. ඒයාලට දෙන්ට තියෙන්නෙ ඔය ආග්‍රහන කතාව වගේ කුණුහරුප උත්තරයක්! එහෙමත් නැත්නම් අපේ මි මුත්තන්ගෙන් න්‍යශ්ටාවසේශ උනු කොටස් ය කියල හරි විතරයි.

කොව්ව උනත් මේ නාහෙත් එහෙම නිකම්ම අත ඇරල දාන්ට බෑ. ඒක නොවැ ඔය සූ සැට මායම් වලිනුත් එක් විදියට නාහේ හැකිලීම  හඳුන්වන්නේ. කොටින්ම කියනවනම් මං කියන්නෙ මේ ක්ලියොපැට්‍රගෙ මේ නාගේ එයාගේ ලිංගික ජිවිතයත් එක්ක ගහට පොත්ත වගේ බැදිල තියෙන්ටෑ කියලා. මෙහෙම කිව්වම කස්ටියට තර්ක පිට තර්ක ගේත් හැකි. එහෙනම් පිනෝ කියෝ තරම් වලත්තයෙක් තුන්ලොකෙටම නැති වේවිය, අලියගෙ හොඩේ දිගත් එක්ක ඌ එපෑ වල්ම සතා වෙන්ට.. ඔව්වා මෙව්ව. හැක් හැක්. මං කියන්නෙ එහෙම රළු නාහයවල් ගැන නෙවෙයි. පිනොකියොනම් සුරංගනා කතාවක්. ඇත්තටම එහෙම කෙනෙක් හිටියත් එයාගෙ නාහෙන් ලිංගික දෘශ්‍ය සංඥාවක් නිකුත් ව්න්නෙ නෑ නොවැ. ලිංගික සංඥා දෙන විශේශ හැඩ තියෙනවා. ඔයා නාහේ හැඩේ. කන් මෙත්තෙ අග්ගිස්සෙ හැඩේ. අහ්, මානව පියුරු වල මාහා ගෝල ඛණ්ඩ හැඩේ, ශිශ්නයේ ඉදිරි ඉස්පොංජිමය කොටසෙ හැගේ නානාක් ප්‍රාකරේ හැඩ තියෙනවා. ඒකනෙ අර කොහෙදො මංදා බාලිකාවක දැරිවියෙක් අදාල වැඩේට බියුරෙට්ටුවක් ප්‍රිපෙට්ටුවක් නැතුව ටෙස් ටියුබ් එක්ම යොදාගෙන තියෙන්නේ. :)

ප.ව.
හිතුවටත් වඩා පොස්ට් එක දිග්ගැස්සුනා. බලන් ගිහාම ක්ලියොපැට්ට ගැන කියල තියෙන්නෙ සුට්ටයිනේ. කමක් නෑ. ටොපිය උනත් ලිහල දුන්නම කිසි ගතියක් නෑති විත්තිය කලියෙන් දාක කිව්වනේ.  ඔනි කරන කරුණු ටික දුන්න ඔන්. ගලපා ගැනිම ඔබට බාරයි. අහ් පොස්ට් එක ඉවර කොරන්ට ගුරුළුගෝමීන් ගෙ කළිඟු දා වතේ එන කළිඟු කුමරියගේ නාහේ වැනිම දාන්ටයි උන්නේ. එත් මෙව්ව එක හොයා ගන්ට බැරි උනා අප්පා. ඒක නිසා මං ථේරි ගාථා අඑසුරෙන් අපේ මහගම ශූරීන් කරපු ඇස් වැනිල්ලක් කියලම යන්නම්කෝ...

ඈත කඳුවැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි

ප. ප. ව.
මෑ මල් මෑ ඇට (clitoris) ගැන වරදවා හිතුවද මංදා. ඕන් එව්වනම් අර කර්ණකටහ පටලයේ ඇතිවෙන කුණුහරුප නිසයි මේ කියන්නේ. එව්ව ගැන දැනගත්තේ අර ලෝක පූජිත බයො පොතකින්.  ග්‍රේස් ඇනටමි කියන්නේ. :) ඕන් ඒ පොතින් උපුටාගත්තු පින්තූරයක් - http://infekcja.net/anatomia/duze_rys/image1171.gif

Saturday, July 2, 2011

ගඳ පඩ හඬ නැත.. හඬ පඩ ගඳ නැත෴

ම්ම්ම්.... ඉස්කෝල කෑල්ල නිවාඩු උන්නා අප්පා සතියක්.... ;) ඇතියන්තම් හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොත් එක්ක ඉන්නෙ නැතු පොඩි වලක් බහිත හැකි.... හැක් හැක්... ඒක නෙවේනෙ අද මෙවුව එක.. පඩ මාතෘකවක් අහ්.... ඊක්.. කියල කියන්ට එපා ඉතින්.. පඩ අප්‍රසන්නයි තමා... මං අප්‍රසන්න නොවෙන්ට කියන්නම් කො පඩේ ගැන යමක්.... පඩේ ගැන යමක් කියන්ට කලින් තමන්ගෙ කර්ණ කටහ පටල පිරිසිදු කොර ගන්ටත් වෙනව... නැත්නම් කක්කා පොස්ට් එකට ආවා වගේ කැත කතා මට අහන්ට වෙනවනේ.. හැක් හැක්.... එවුව මෙවුව නෙවේ ඉතින්.. බලන්ටකො පඩ පොස්ට් එක කොහොමද කියල....

පඩය කිවුවම ඉතින් නිකන් මොකද්ද මොකද්ද වගේ නේද? ඒක නිසා වෙන්ටෑ, ප්‍රසිද්ද ලේකන වලදි පඩේට අධෝවායූ... වගේ නම් බාවිතා කොරන්නෙ... ඒත් ඉතින් කටට හුරු පුරුදු වචනෙනෙ ඉතින් පඩේ කියන්නෙ... කාක් කාක්.... ගාන නිසා කාක්කට කාක්කා කියල කියනව වගේ "පෘ...[ක්..හ්]..." ශබ්දයක් එන නිසා පඩේට "පුං" කියල කියන උදවියත් ඉන්නවා... කොක වෙතත් පඩේ සවුන්ඩ් එක හරියටම ලේකන ගත කරන්ට පුලුවන් විදියේ අකුරු සැට් එකක් නම් නෑ... හරියට නිකන් සිංහල භාසාවෙ z ශබ්දය නෑ වගේ....  ඔය පඩ සවුන්ඩ් එක ගැනත් මං සිංහල පඩම් ඉගන ගන්න වෙලාවෙ බාල්දි පෙරලල ඇති අම්බානෙට... ඒත් තාමත් කාගෙන්වත් උත්තරය්ක් ලැබිලනම් නෑ... නැති නිසා මං හදා ගත්තු අකුරු කුලකේ තමා පෘ...[ක්..හ්]... කියන්නෙ... ඒකත් ඉතින් හරියටම ගැල පෙන්නෙ නෑ නොවැ...

ඉතින් පඩේ කොච්චර අප්‍රසන්න දෙයක් උනත් ඒකින් හැදුනු ප්‍රස්තාව පිරුළු, ආත්තෝපදේශ එහෙමනම් එමටයි. "හීනෙන් පඩයක් ගියත්.....", "පඩේකට ගනන් ගන්නෙ නෑ...." ඔයවගේ ආත්තෝපදේශ අතරේ, "ගඳ පඩ හඬ නැත.. හඬ පඩ ගඳ නැත", "කපුවට යන්නෙ හදුන් පඩනේ" වගේ ප්‍රස්තාව පිරුළුත් තියෙනවා... හැබැයි අවාසනාවක මහත කියන්නෙ ඒගේ ප්‍රස්තාව පිරුළු, ආත්තෝපදේශ අපේ සිංහල ගුරුවරු, ලේකකයො පඩේකට ගන් ගන්නෙ නැති එක තමා.... ඔන්න ඔකයි අද පඩේට ගිය කල... ඒ අස්සෙ මං පඩේ ගැන ලියනවා කියල එකෙක්ට දෙන්නෙක්ට කිවුවම උන් මයෙන් අහනවා උබේ බ්ලොග් එක කෙල්ලොත් කියවනවා නේද කියල.... හැක් හැක්... යකො කෙල්ලෙක්ට ගියත් කොල්ලෙක්ට ගියත් පඩේ පඩේමයි... ඕකේ තියෙන්නෙ ඉති CH4 , H2S වායු සංකලනයක් නොවැ... ඉතින් දෙයියනේ කාට කිවුවත් මොකො...


ඇත්තටම පඩේ ඇතිවෙන්නෙ කොහොමද???  ඔය ප්‍රශ්නෙ නම් සමහරක් විට ඔයාලට ඇතිවෙලාත් ඇති. එක හොදයි. ඇඟේ සිද්ද වෙන විවිධ ක්‍රියාවලි ගැන අවබෝදයක් තියෙන එක ඇත්තටම හොද දෙයක්.. එත් හෙනේ කියන්නෙ මේවගේ සුළු දෙයක්වත් කියල දෙන්න තරම් හැකියාවක් අපේ විද්‍යාව ගුරුවරුන්ට නැති එක. මෙහෙම දෙයක් ළමයෙක් ඇහුවොත් ගුරුවරයා හිතන්නෙ කින්ඩියක් කියල.. අනික් එක ඉතින් මේවගේ දෙයක් කියල දෙන්ට යන ගුරුවරයට අනික් ගුරුවරු චොදනා කොරනව ළමයින්ට කුණුහරුප කියල දෙනවා කියල.. කොක කොහොමවෙතත් හැමොන්ගෙම වැරැදි තියෙනවා... ළමයට දහදිය දාන විදිය සෙලබස් එකේ තියෙනවා.. කදුළු පිටවෙන එක ත් තියෙනවා.. කන්දක් නගින කොට කන් අගුල් වැටෙන්න හේතුවත් තියෙනවා.. ඒත් මේ සරළ ක්‍රියාවක් වෙන පඩේ සෙලබස් එකට නෑ... හැබැයි ඔය කලින් කියපු ක්‍රියාවලි ටික ගුරුවරයා කියල දිය යුතුමයි කියල නීතියක් නෑ. මොකද අදාල පාඩම ඉවර උනාම ඔයවගේ දෙයක් විග්‍රහ කරගැනීමේ හැකියාව ළමයට ලැබෙන්ට ඔනි... සමහරක් විට එහෙම හිතල පඩේ ගැනත් සෙලබස් එකට නොදැම්ම වෙන්ට පුලුවන්...
ඕන් මං ඊළගට අලුත් වෙන විශය නිර්දේශෙටවත් ආහාරජීරන ක්‍රියාවලිය යටතේ පඩේ ගැන දැමේවා කියල ඕන් ප්‍රාර්තනා කොරනවා... (හැබැයි ඔක ගැන කියල දෙන්ට ගිහින් ගුරුවරුන්ටත් බඩේ අජීරණ ඇති වෙන්ට ඉඩ තියෙනවා..)

ඉතින් මෙච්චර කියවන මත් පඩේ ඇතිවෙන්නෙ කොහොමද කියල නොකීවොත් ඒක අඩුපාඩුවක් නේ... හැබැයි ඕන් මේ කියන්නෙ කවුරුත් මට කියා දිපු දෙයක් නෙවේ... කලින් කිවුවත් වගේ අදාල පාඩම ඉවරවෙනකොට මට ලැබුනු කුසලතාවයෙන් මංම හදාගත්තු කල්පිතයක්...

අපි කවුරුත් දන්නවනේ බ්ලූමැන්ඩල් කුණුකන්ද... පහුගිය දවස් වලත් වාර්තා උනානේ ඕකේ තැනින් තැන පිපිරීම ඇති උනා කියල. දැන් පරදවා වටහා ගන්නට එපා ඒවගේ පිපිරීමක් තමයි පඩේ කියෙන්නෙ කියල... මං නිකන් උදා හරනෙකට ගත්තේ.. ඔතනදි ක්‍රීයා කරී වෙන වායු දෙකක් තමයි CH4 සහ H2S කියන්නෙ. CH4කියන්නෙ ඉතින් අපි කවුරුත් දන්න ජීව වායුව. ඉතින් ඔය වායු සන්කලනයක් තමයි පඩේ ඇතුලෙ තියෙන්නෙ. අන්ත්‍රය දිගේ කාපුව එනකොට ඒවයෙ තියෙන පෝශ පදාර්ත උරා ගැනෙනවත් එක්ක අපද්‍රව්‍ය සාන්ද්‍රනය වැඩි වෙනවා.. ඒකෙ අතුරු ප්‍රතිපලයක් විදියට CH4 , H2Sවායු නිදහස් වෙනවා... එහෙම උනයි කියල ඒවා පිටවෙලා යන්ට විදියක් නෑ. ඒක නිසා ඒවා අන්ත්‍රය තුල රැදෙනවා.... කෑම කොටස් පහලට තල්ලු වීමත් එක්ක ඒ රැදිල තියෙන වායු තෙරපිල පීඩනය වැඩි වෙනවා... ඉතින් කෑම කොටස් අතරින් පුන්චි හො පිටවෙලා යන්ට තැනක් ලැබුනු ගමන් ඒක පිටවෙලා යනවා...එතකොට සද්දෙ එනවිද්ය...?? ඒකත් හරි සරළ දෙයක්.. මතක් කරන්ට අර අපි හිච්චි කාලෙ උන බට ව්අලින් හදපු තුවක්කුව... හැබැයි මාත් තාම උන බට වලින් හදලනම් නෑ. ම්ම්ම්.. අර පන්තියෙ පිටිපස්සෙ ඉදගත්තු දාට පෑන ගලෝල හදන්නෙ...ඒවගේ ජිරි බිරිස් එකක් මතක් කරගන්ටකො... (එහෙම අත්දැකීමක් නැත්නම්, දෙපැත්ත ගලවන්න පුලුවන් පනක් අරන් දෙපැත්ත ගලෝල දාන්න.. පස්සෙ එක කෙළෑවරකට කෙළවලින් පොගෝපු කඩදාසි ගුලියක් හිරකරන්ට. අනික් පැත්තෙනුත් ඒවගේ කෙළෑවලින් පොගොපු කඩදාසි ගුලියක් ඇතුල් කරලා පෑන් බටේ දාල ඒක ගුලියක් ඇතුලට තල්ලු කරන්ට. ටික ටික තල්ලු කරල හයියියෙන් පෑන් බටේට ගහන්ට.. සැ යු. බිම ගහන පැත්ත නෙවෙ අනික් පැත්තේ කාවුරුත් සිටීමෙන් වලකින්න..)

ඉතින් ඒහෙම පඑන පොප් හඩ වගේ ට්හමා පඩෙත්.... කල පොගොපු කඩදාසි දෙකට ජීරණය ඌ ආහාර කොටස් දෙක්... මැද පඩ වායුවා... හැක් හැක්..  අපි 8දිද කොහෙද ඉගැන්නුවෙ සොබාදහමෙන් අපි කොරප් දේවල්.. මිනිස් කකුලෙ තියෙන වක්‍රාකාර හැඩේ, කොපි කරල පාලම් හැදුවා... කුරුල්ලගෙ හැඩේ කොපි කොරල ප්ලේන් හැහුවා... ඒත් පඩේ කොපි කරල හදපු අර සෙල්ලම් තුවක්කුව ගැන කියන්නෙ නෑ... කොහෙ කියන්නද..? සාමාන්‍ය පෙලින් ප්‍රජනය පාඩම අයින් කරන්ට කියල ගුරුවරු ඉල්ලීම් කරද්දි 8 පන්තියට පඩේ උගන්නන දුන්නොත් ගුරුවරු සියදිවි මෙවුව කොරගනී....

ප.ව..
නූතන සමාජය තුල පඩයට අත්ව ඇති කුඩම්මාගෙ සැලැකිල්ල ඉවසා ගැනීමට නොහැකිව තමා ඔන් ලිවුවෙ.. තවටික් කල් යවල රසකරල ලියන්ට හිතන් ඉදිදිනෙ විදුසරේ කැහිල්ල ගැන ගියේ.. ඒකෙ කැහිල්ල ගැන ගියා කියල මට කැහිල්ලක් නෑ. එත් ඒකේ කැහිල්ල ගැන යන්ට කලියෙන් මාත් කැහිල්ල ගැන පොස්ට් එක් ලිඅල තිබ්බ.. පබ්ලිශ් කොරේ නෑ.. තව ටිකක් රසකරල ලියනවා කියල. දැන් ඉති විදුසරේ ගියාම ආයෙ ලියන්ට දෙයක් ඉතුරුවෙලා නෑ නොවැ. සමහරක් විට පඩේ ගැනත් පත්තරේ ගියොත් මට ලියන්ට දෙයක් නැතිවෙනවා... ඒකයි ඔන් ලිවුවෙ හරිය..? හැබැයි ඉතින් ගියාට කමක් නෑ පත්තරෙත්... පඩේට හොදක් වෙනව නොවැ.....

Friday, May 27, 2011

කුණුහරුප බිහිවෙන්නෙ ස්වාසරාලෙද? කර්ණකටහ පටලේදීද?

මේ පොස්ට් එක පබ්ලිශ් කොරල ඉවර වෙනකොට මාව සින්ඩි වලිනුත් අයින් කොරල තියෙයි කුණු හබ්බ තියේ කියල. අනික් එක ඉතින් හිච්චි උන් බැලුවත් කමක් නෑ. එපා කිවුවත් ඉතින් හොරෙන් හරි බලන එකනෙ. හික් හික්. කොහොම හරි මේක බැලුවෙ මොකා උනත් vog ඩොකෙක්ගෙ ගානට මනස හදාගෙන බැලුවනම් තමා වඩා හොද. මොකද තමන්ගෙ තියෙන පහත් මානසික පට්ටමක් නිසා මං කුනුහබ්බ කිවුවයි කියල අභූත මෙවුව අහන්න කැමැති නෑ හරිය...??

ඕන් ඉතින් අපි පොස්ට් එකට පය ගහමුකො.. ;)

•අක්කිය ඩූ ලංකාදරණිතලයට සැපත් වෙලා හින්ද එයැයිගෙ හිච්චි  හිච්චි වැඩ වලට එහෙ මෙහෙ දුවන්න උනා. ඉතින් අදත් ඕන් මං හංදිය පැත්තෙ යන කොට හරියටම දෙනොදාහක් ඉන්න තැන බලු පූට්ටුවක් .කාවුරු හරි ඒ වචනෙ සභ්‍යත්වයට විරුද්දයි කියල හිතනවනම් එතෙනට "සහවාසය" කියල ආදේශ කොර  ගන්නකෝ. සමහරක් අමාරුවෙන් අහක බලාගෙන යනව. තවත් කට්ටිය හොරෙන් බලනව. එක එක අරුමොසම් ගොඩායි. මාත් ඉතින් දැක්ක. මං ආයාසයෙන් අහක බලන්න ගියෙත් නෑ. මං මයෙ ගමන ගියා..
දැන් හරි, ඒ කතාව හිච්චකට පැත්තකින් තියන්නකො..
•මේ මාස ගනනකට උඩදි. ඔය පේස්බුකියේ ඉතින් මාත් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවැ. ඉතින් ඔකේ ඔය එක එක විකාර වැඩ තියෙනව. සාස්තර අහනව කියයි. දවසේ ආදර ප්‍රතිශත බලනව කියයි. මැරෙන විදිය බලනව කියයි. එක එක අරුමෝසන් ගොඩායි. ඔන් ඉතින් මාත් දවසක් සාස්තරයක් අහන්න ගියා.(මගුල් සාස්තරයක්) ඕකෙන් තියෙන්නෙ මට අනාගතේ ළමයි 4ක් හම්බෙනව කියල. හක් හක්. නිකමට වගේ මාත් ඔක පබ්ලිශ් කොරා. ඒක නෙවේනෙ වැඩේ. ඔක දැකපු කෙල්ලෙක් මයෙන් අහනව "අම්බො.. ඔයා ළමයි 4ක් හදනවද...?? ඊයා හලො..." කියල. ඇයි වදේ. ඔක මේ අමුතු ම කුණුහබ්බයක්ද..?? අනේ මන්ද මාත් ඉතින් නිකන් උන්නෙ නෑ. මාත් කිවුව, "මං ළමයි 4ක් නෙවේ 16ක් හැදුවත් ඔයාට මොකො..? මක්කෙයි ඒකෙ ඊය ??" කියල මාත් ඔන් ඇහුව. ඉතින් කතාව ඔහොම ඇදිල ගියායි කියමුකො...

ඉතින් මාත් දැන් පොස්ට් එකට බහින්නම්,
ඔය සිද්දි දෙකේම තියරිය එකයි. කුණුහරුපයක් නොවන දේ කුණුහරුපයක් විදියට දකිනව. ඕක ඉතින් යටකියපු කීපදෙනාගෙ විත්‍රක් නෙවේ. ලොකේම පිළිගත්තු විද්‍යාඥයො අතරෙත් ඔය දුර්වල තාව තියෙනව.
හික් හික්. අපි අහල තියෙන එකනෙ ශරීරයට සාපේක්ෂව ලොකුම මෙවුව එක තියෙන්නෙ අපිට කියල. මෙවුව එක කිවුවෙ මොලේට. :D :D හැබැයි ඉතින් ඔය මෙවුව එක මොලේ විත්‍රක් මත් නෙවේ. සියලුම වානරයො(පිරිමි) අතරින් සරිරයට සාපේක්ෂව විශාලතම ලිංග ඉන්ද්‍රිය තියෙන්නෙත් මනුශ්‍ය පිරිමින්ට. ඒත් කිසිම පොතක පතක ඔයික කියන්නෙ නෑ. විශාලතම මොලේ තියෙනව කියල මහලොකුවට කෑ ගහුවට කවුරුත් අපිට ලොකුම ශීශ්නය තියෙනව කියල පිලිගන්න නම් ටිකක් අකමැති. ඇයි ඒ විත්‍රක්දෑ.. ගනු කස්ටියවත් අමතක කොරන්න පුලුවනෑ. කාන්තා පියයුරු. වෙන කිසිම ක්ෂීරපායී ගෑණුසතෙක්ට මනුශ්‍ය  ගෑණු අයගෙ වගේ අර්ධ ගෝලාකාර පියයුරු නෑ. අනික එක අනික් ක්ෂීරපායීනෙගෙ මනුශ්‍ය ගෑණු අයගෙ  තරම් විශාලත් නෑ. ඒත් අපි කිසිම තැනක ඔය කතාව ප්‍රස්ද්දියේ කතා කරන්නෙ නෑ. ඩෙස්මන්ඩ් මොරිස්[1] ලියපු නිරුවත් වානරයා[2], මනුසත් උයන[3] වගේ පොත් කීපයක ඇරුනම මේ වගේ දේවල් ගැන ප්‍රස්ද්දියේ කතා කොරලත් නෑ.

හැබැයි සිග්මන් ෆ්ලොයිඩ්[4] කියන විදියට ඔය මනෝ භාවයනම් මිනිස්සු 100 කින් 30ට වගේ තියෙන්නෙ. ඒත් මේ වෙන සිද්දිත් එකක් බැලුවම ඒ 30%, 90% දක්වාම වැඩි වෙලාදත් කියල මට හිතෙනව. සිග්මන් ෆ්ලොයිඩ්[4] ඒ මනෝභාවය විස්තර කොරන්න ගත්තු උදාහරනෙත් පොඩි අවුලක් නම් තියෙනව. ඒයා ඔය මනෝභාව විස්තර කරල තියෙන්නෙ ප්‍රසිද්ද ස්තානයක අම්මකෙනෙක් අතදරු ළමයෙක්ට තමන්ගෙ පියයුරු එලියට අරන් කිරිදෙන සිද්දියක් එක්ක.  එයා කියන විදියටනම් ඒ සිද්දි දිහා මිනිස්සු 3න් ආකාරයකට බලනව. කෙනෙක් ඒක මාතෲ ස්නේහය නිසා තමන්ගෙ පෞද්ගලිකත්වය  නැතිකොරන් කිරි දෙනව කියල අනුකම්පාවෙන් බලනව. තවත් කෙනෙක් ඒ දිගා තමන්ගේ රාගී හැගීම් වලින් බලනව. හැබැයි 3 වෙනි අවස්තාව නම් වෙනස්. කෙනෙක් ඒ දිහා රාගී නොවන වැරැදි විදියකට බලනව. ඒ කියන්නෙ ඒ අම්ම කරන දේ වැරැදි, එහෙම කරන එක සබ්‍යත්වයට පටහැනී, වගේ හැගිමකින් බලනව. :D :D :D ඉතින් කියවන ඔයාලට භාරයි තමන් කොතන ඉන්නෙ කියල හිතන එක.

කලින් දුන්නෙ ප්ලොයිඩ්[4] ගෙ මෙවුව එකනෙ. දැන් මයෙ මෙවුව එකත් දෙන්නම්. මං මේකට ගන්නෙ ප්ලොයිඩ් ගත්තට වඩා වෙනස් උදාහරනයක්. අපි ප්ලොයිඩ් ගත්තු උදාහරනෙ අම්මකෙනෙක් කිරි දෙනව වෙනුවට XXX එකක් ගමු. :D :D (මං මේ යන්නෙ අම්මකෙනෙක් කිරිදීම ත්‍රිබලක් කොරන්න හේම නෙවේ...) ඉතින් ඒ වගේ දෙයක් දිහාත් මිනිස්සු බලන තුන් ආකාරයක් තියෙනව නොවැ. කෙනෙක් රාගී විදියටත්, තවත් කෙනෙක් විවේචනාත්මක විදියටත් බලයි. හැබැයි ඔතන ඉදි ත්වත් විදියකට බලන කෙනෙක්. ඌ ඇස් වහන් හොරෙන් බලන්නෙ. උට බලන්නත් ඔනි, හැබැයි මෑන්ස්ගෙ තියෙන ආකල්පයක් නිසා ඒක බලන්න නෑ. හක් හක්. එහෙම ඩයලුත් ඉන්නවනෙ. ඉතින් ඒ අයගෙ ක්‍රියාකලාපයයි, ස්ග්මන් ෆ්ලොයිඩ්ගෙ උදාහරනෙ තුන්වෙනි පාර්ශවයේ  ක්‍රියාකලාපයයි, මං මුලින්ම කියාපු බලු පූට්ටුව දිහාත්, ළමයි හම්බෙන එක දිහාත් බලපු අයගෙ ක්‍රියාකලාපයයි බැලූ බැල්මට අසමාන වෙන්න පුලුවන්. ඒත් මට හිතෙන හැටියට ඒ හැමෝන්ගෙම මානෝභාවයන් සමානයි. :D :D :D  පොඩි අවුලකට තියෙන්නෙ ෆ්ලොයිඩ් හිස්ටීරියා රෝගි ප්‍රතිශත, පි පි රෝගි ප්‍රතිශත මැන්න වගේ මේ මනෝභාවයේ ප්‍රතිශත මනින්න බැරි එක තමා. :D :D :D

ඔය කොක වෙතත් ඩෙස්මන් මොරිස් කියන විදියට මිනිසා තමයි මේ මිහිමත ඉන්න උපරිම රාගිකයො. ඉතින් එහෙම තියෙද්දි අපි,
බල්ලො දෙන්නෙකෙගෙ සහවාසයට ඊයත්, අපේම ප්‍රජනනයට ඊයත්, විශාලත ශිශ්නයට හා විශාලතම පියයුරු ගැන කතා කොරද්දි ඊයත් තියන එක කොච්චර දුරට හරිද කියල හිතල බලන එක කියවන ඔයාලට බාරයි.

ප. ව.
මේ ප්‍රශ්නෙ කොච්චර දුරදිග ගිය එකක්ද කිවුවොත් දැන් දැන් නගරවල නම් වෙනස් කොරන්නත් පෙලඹිලා. කලුතර පැත්තෙ තියෙන "පයියාගල" කියන ස්තානය දැන් "පයාගල" කියලත් වෙනස් කොරල. සුනාමි කාලෙ ටි වි එකේ පෙන්නපු විදියට "පයියාගල" කියල තමා ස්ටේශන් එකේ ගහල තිබ්බෙ. මං හිතන්නෙ දැන් වෙනස් කොරල අඑති. හැබැයි ඉතින් ස්ටේශමක තිබ්බ පලියට ඒ නම පිලිගන්නත් බෑ. මොකද "කැළණිය" කියල ලියල තියෙනව ස්පෙලින්ස් වැරැදි. හක් හක්..

ප. ප. ව.
ඉතින් මං කියන්න ආවෙ,
අද මේ සමාජයේ කුණුහරුප කියන එක උපදින්නෙ ස්වාසරාලෙදිවත් වෙන තැනකවත් නෙවේ, ඒක ග්‍රහනය කොරගන්න කෙනාගෙ කර්ණකටහ පටලයේදි හරි ඇහේ දෘශ්ටිවිතානෙදි හරි තමා...

-3.ව.
  1. Desmond Morris
  2. The Naked Ape
  3. The human Zoo
  4. Sigmund Freud

Tuesday, May 24, 2011

මුලු ලොවම නැති උනත් එකම වචනයක් | අවසාන ලොල් ලිපිය...

:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

හික් හික්.. මට අද මෙවුව එක පටන් ගන්න විදියක් හිතා ගන්න නම් අමාරුයි. මොකො කියනවනම් මයෙ ඩිජිටල් සිග්නේචර් කෑල්ල අයේ මං නොලිය ඉන්න හිතුව. හිතුව කිවුවට ඒක ඇවිල්ල හිතුවෙමත් නෑ. කීප දෙනෙක් ම මට කිවුව ඒක කියන්න එපා කියල. :D :D ඒකයි නොලිය ඉන්නෙ. හැබැයි අද මං මේ පොස්ට් එක ලියන්නෙ ඒ අය කිවුවටම නෙවේ.. මයෙ හිච්චි මොළ කල්ලෙන් මං හිතල බලල තමා මේ තීරනේ ගත්තෙ... :D :D :D

මට ශිරෝශි අක්ක ඒක කියන්න එපැයි කිවුවම මට මතක් උනේ පරන සිද්දියක්...
;) මේ සිද්දිය උනේ මං සාපෙ කාලෙ ඉතිහාසය පංතියෙදි.


ඉස්සර බදාද තමයි ක්ලාස් එක තිබුනෙ. මං ඉස්කෝලෙ ඇරිල තමා ක්ලාස් එකට වාර්තා කොරන්නෙ සාමාන්‍යයෙන්. එදා කස්ටිය ලාවට විත්‍ර සෙට් වෙන්න කියල හිතාගෙන ක්ලාස් කට් කොරන්න කතා කොර ගත්ත. යුනිපොම් එකෙන් කොහොමෙයි සෙට් වෙන්නෙ. ඇද ගන්න පහසුවට හා රස්ත පෙනුම ගන්න මං ශෝටක් තමා ගෙනිච්චෙ...

දැන් කට්ටිය සෙට් වීමට නියමිතයි. මාත් ඉතින් ඇදුම් මාරු කොරගෙන දැන් කස්ටිය එනකන් ඉන්නව ඉන්නවා.. ම්ම්ම්ම්හු.. එතකොට ජන්ගමයා රින් වෙනව.. (දැන් අහන්න එපා ඉස්කෝලෙ පොන් ගෙනියනවද කියල.. :D :D අපි හේම තමා) අහෝ කේදයකි. සෙට් වීම කැන්සල්... දැන් මොකො කොරන්නෙ.?? ගෙදර යන්නත් බෑ. තියෙන්නෙ ශෝට ගහන් ක්ලාස් යන එක තමා... ;)

කියන්න ඔනි අපේ සර් කොල්ල වගේ එකා. ඉතින් සර්ට කින්ඩියක් දානත් හිතාගෙන මං ඇදි වත පිටින්ම ක්ලස් එකට ගියා. ඔහ්.. කියන්න අමතක උනා.. ක්ලාස් එකේ කින්ඩි දැමීමෙහි ලා අග තැම්පත් මං තමා ඉතින්... කොහොමත් ක්ලාස් එකට පය ගහද්දි සර්ගෙ මූන බැලුවම ඒ ඇස් වලින් "ආපෝ.. මූ අදත් ක්ලාස් ආවද??" වගේ හැගීමක් ප්‍රකාස වෙනව. :D :D :D දැන් ඕන් ක්ලාස් එකට ගියා. ටිකක් පරක්කුත් වෙලා. සර් පංතියටත් ඇවිත්. ඉතින් මං ගිහින් ඉදගත්ත විත්‍රයි මෙන්න මූ මයෙ ඇඟට කඩන් පැන්න..  

සර්: අඩෝ... අපවිත්‍රයො.... මොකො මේ ශොටක් ගහන්?? (අපිත් එක්ක මෑන්ස් කතා කොරන්නෙ ඔහොම තමා)
මම: සර්ට මොකො.. මට ඔනි නම් මං ඇඳන් එනව...
සර්: ඈ යකෝ.. උබට ඔනි ඒව මෙතන ඇඳන් එන්න..?? එහෙනම් උබ ඊලඟ දවසෙ හෙලුවෙන් එන්න හිතුනොත් එහෙමත් ඒවිනේ..
මැදෑ සර් ට කින්ඩි දාන්න ගිහින් මට වැටුනු කින්ඩිය. මාත් ඉතින් ඇති උනු බයිට වහ ගන්න කතාව ශේප් එකේ වෙන පැත්තකට ගෙනියන්න හැදුව.
මම: මේක ප්‍රජාත්‍රාන්ත්‍රික රටක්නෙ සර්..  හෙළුව මගේනෙ. මං ආවම සර් ට මොකො...??
මෑන්ස් මුකුත් නොකිය හිනාවක් දාල කතාව පටන් ගත්ත. මෙන්න සර් ගෙනාපු තර්කය.

සර්:හෙලුව උබෙ බව ඇත්තයි. බොට හෙළුව පෙන්නන අයිතියක් තියෙනව වගේම අපිටත් ආයිතියක් තියෙනව ඖබේ  හෙළුව නොබල ඉන්න.
  අපේ සර් කාරය ඒලෙවල් ලොජිකුත් උගන්නන  නිසා උත් එක්ක තර්ක කොරන්න මට බෑ. ඒමදිවට ඔක ගැන තියෙන නිතියකුත් 2007 අංක... කියලත් කිවුව. බොක්ක කොර වෙනවනෙ බොල... :D :D මං කට වහගෙන ශේප් උනා...

හැබැයි සර් කතාව එතනින් නැවැත්තුවෙ නෑ. මාවම උදාහරන වලට අරගෙන එක එක කතා ගොඩාක් කිවුව..
මට ඉතින් හිතුන ශෝටගහන් ආවට ව්අඩා හොදයි හෙලුවෙන් ආවනම් කියල.. ;)

ඉතින් මට මේ කතාව මතක් උනේ මේ ඊයෙ පෙරේද බ්ලොග් අවකාසෙ ඇතුලෙ උනු සිද්දිය නිසා. එවෙල උන්නු කට්ටිය නම් දන්නවත් ඇතිනේ. :D :D :D

ඉතින් මේ කතාව වගේ තමා ඔය ලොල්ය කතාවත්. මට ලොල්ය කියන්න අයිතිය තියෙනව වගේම අනික් අයටත් ඒක නොඅහ හිටීමේ අයිතියක් තියෙනව. :D :D  ඉතින් ඒකයි මං ඒ වචනෙ කියන එකට තිත තිබ්බෙ.. :D :D වැරැදිල හරි ඊලඟට පල කරන පෝස්ට් එකක ඒක තිබ්බොත් මට සමා වෙන්න කියලත් ඕන් කිවුව.. :D :D :D

ප. ව.
මේ ලොල්ය කතාවටත් අමතර කස්ටියට මතක ඇති මයෙ කක්ක පෝස්ට් එක. මම ලියපු ලිපි වලින් වැඩි පුරම මම බැනුම් අහවේ ඒකින්නෙ. :D :D  ඒකටත් මේ ඉතිහාස පංතියෙ උනු කතාන්දරේ අදාලයි. :D
මට කක්කා කතා කියන්න අයිතියක් තියෙනව වගේම අනික් අයට ඒව අහන්නෙ නැතුව ඉන්න අයිතියකුත් තියෙනව.

ප. ප. ව.

මං මෙ තීරනය ගත්තෙ කිසිම දුකකින් නෙවේ. මම ලොල්ය නොකීවට තව කීයක් දෙනෙක් ඒ වචනෙ කියනවද... ඉතින් ඒ අය හැම කෙනෙක්ම ඒ වචනෙ කියනව වාරයක් පාස මමත් එතන ඉන්නව වගේනෙ. ඉතින් ඒක ගැන මට දුකට ව්අඩා සතුටක් තියෙන්නෙ. මොකො ඉතින් අපි අශ්ඨ ළොක මෙව්ව එකෙන් කපා වෙන එකක් යෑ... ;)
 

Sunday, May 22, 2011

පිළිවෙතියෙන් පෙළෑ ගැහෙමු... ලොක විනාසයට!!!

දැන් බොල මට බනිනව ඇති මූසල කතා කියන්න එපා කියල. ලොල්ය. එහෙම නෙවෙ මං මේ කියන්නෙ සිරාවට. 2012ත් ලග එනවනෙ.. ;) ලෝක විනාසෙ අතලග නොවැ. මේකනම් මම තරයේම පිළිගන්න දෙයක්. 2012 වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒත් අනිව ලෝක විනාසෙ අත ලඟ.

මං හේම කියන්නෙ මෙ ඉන්කාවරුන්ගෙ මෙවුව එක 2012හෙන් ඉවර වෙන නිසාම නෙවේ. අනික උන් මස් අමුවෙන් කාපු කාලෙ අපි e= mc2 ගනන් හැදුවෙ. ලොල්ය. එහෙවු එකේ කොහොමද රෙද්දක් ඇඳගෙන උන්ගෙ මගුල් කැලැන්ඩරයක් ගැන කියවන්නෙ?? මං මෙහෙම කියන්නෙ පදනමක් ඇතුව. අපි මේ යන්නෙ හරි පාරෙ නෙවේ. මේ තාක්ෂණික දියුනුව, එව්ව මෙවුව හින්ද තමා දවසක ලොක විනාසෙ වෙන්නෙ. මම මේ තාක්ෂණික දියුනුව හරි නෑ කියල කියනව නෙවේ. ඒත් ඔනිවට වඩා ඔනිමදෙයක් ඔනිම නෑ.

ඇල්බට් අයිස්ටයින් පරමාණු බෝම්බෙ හැදුව. එයැයි ඒකින් මිනිස්සු මරන්න හිතපු නැති එක වෙනම දෙයක්. ඒත් ඒකින් උනේ ඒකනෙ. ඒ ඔක්කොමත් කෙරුව මදිවට තව 4වෙනි ලෝක යුද්දෙ ගැන මෑන්ස්
අනාවැකිත් කියනව.
1 වෙනි ලෝක යුද්දෙ ජලකර බෝම්බ වලින් උනාවගෙ 2ක පරමානු බෝම්බ වලින් උනා වගේ 3 වෙනි ලොක යුද්දෙ වෙන්නෙ කොහොමද කියල එයාට කියන්න බෑලු. ඒත් 4 වෙනි එක වෙන්නෙ කඩු කිනිසි වලින් කියල ඇල්බට් අයිස්ටයින් කියල තියෙලු. හික්ය. ඔය යටින් කියල තියෙන්නෙ තුන්වෙනි ලොක යුද්දෙන් මුලු ලොකෙම විනාස වෙනව කියලනෙ. :D :D ඕන් මං අද කිවුව කියල මත තියා ගන්න. 3 වෙනි ලොක යුද්දෙ වෙන්නෙ ඔය පුපුරනද්‍රව්‍යය වලින් වත් තුවක්කු වලින්නවත් නෙවේ. හික්ය. නිකන් ටෙස්ට් ටියුබ් එකක් ඒ පැත්තට විසි කොරයි. අනික් පැත්තෙන් ටෙස්ට් ටියුබ් එකක් මේ පැත්තට විසි කරයි. මුලු ලොකෙම ඉවරයි. ;) ජාන තාක්ෂනේ නව ප්‍රවනතා තමා.. ජීව විද්‍යා අවි. :D :D බර අවි කැලේ.

දැන් ආව හොද මාතෘකාවකට. ජාන තාක්ෂනේ. මේක තාක්ෂනේ නෙවේ මේක තමා හෙනේ.. ලොල්ය. අපි ජීව විද්‍යා අවි පැත්තකින් තියමු. ඒව නැතත් මේ හෙනේන් තමා අපිව නැතිවෙන්නෙ.

නික්න් විහිලුවට වගේ හිතන්න අපිව මැවුවයි කියල දෙවි කෙනෙක්. හරි ඒ නැතත් ස්වාභාවධර්මය ගැන හිතන්න. ඒයා රොස මල රෝස් පාට කරල කඩරොඩු මල නිල් පාට කරේ ඇයි.??? මොක්ක හරි යටි අරමුනක් තකානෙ. අපිට උපකල්පනය කරන්න පුලුවන් එහෙම කරේ ඒ මල් වලට කෘමියන් ගෙන්න ගැනීමෙ තරගය පාලනය කරන්න කියල. ඒ මයෙ උපකල් පනයක්. [වෙන උපකල්පන තියේනම් කියල යන්නකො] ඉතින් මේ අපේ සමහරක් ජාන විද්‍යාඥයො මොකො කොරන්නෙ?? ස්වාභාවධර්මයට හොදනම් අපිට
මොකො කියල කටරොඩු මලේ නිල් පාට දානව රොස මලට. දැන් අවජාතක රොස මලක්. ඇයි දෙයියනෙ නිල් පාට රොස මල්?? පිස්සු නැත්නම් ශෝක්... (මෙතනදි කටරොඩු කිවුවට කටරොඩුම නෙවේ... බ්ලූඅයිරිශ් කියල මලක්. ඒකත් කටරොඩු වගේ තමා..)

තව වැඩක්... ගන්නව කලා මැදිරියව. උගේ ඇගේ තියෙන ජෛව සන්දීප්ත ද්‍රව්‍ය වලට අදාල ජානෙ අරගෙන හයි කරනව දුම් කොල ගහට. දැන්.. මේ දුම් කොල වලින් හදන සුරුට්ටු ටෝච් වලට.. :P :P

එක එක විකාර කෝටියයි. සමහරක් විට අහලත් ඇති ඇන්ඩි ගැන. (Inserted Deoxy-ribo Nucleic Acid කියන වචනෙ මුල් අකුරු ටික අනික් පැත්තට ලිවුවම ANDI) බහුසෛලිකයන් අතර පහත්ම මට්ටමක ඉන්න සීලන්ටරේටා වංශයේ ජෙලි පිශ් කෙනෙක්ගෙ විනිවිද යෑමට අදාල ජාන බහුසෛලිකයන් අතර ඉහලම මට්ටමක ඉන්න මමාලියාවෙකුට සම්බන්ද කරල. මෙහෙම කිවුවට තේරෙන්නෙ නෑ.
අපි ඔක්කොම සත්තු අහුවෙන්නෙ ඇනිමාලියා කියන රාජදානියට. ඒකෙත් පහත්ම මට්ටමේ ඉදන් උසස්ම මට්ටමට දූරාවලියක් හැදුවොත්,
සීලන්ටරෙටා ---► ප්ලැටිහෙල්මින්තේස් ---► නෙමටොඩා---► ඇනලිඩා---► මොලුස්කා---► ආත්‍රොපෝඩා---► එකිනොඩර්මාටා---► කොඩෙටා...
කොඩෙට තමා උසස්ම වංශය. හැබැයි එතනිනුත් නතර වෙන්නෙ නෑ.. කොඩෙටා වංශෙත් උප වංශ වලට බෙදෙනවා මෙහෙම,
කොන්ඩ්‍රික්තියේස්---► ඔස්ටෙයික්තියේස්---► ඇම්පිබියා---► රෙප්ටීලියා---► ආවෙස්---► මමාලියා...
ඉතින් හිච්චක් බලන්න... අපිත් ඔය මමාලියානෙ. උසස්ම ජීවීන් ඉන්නෙ මමාලියා උපවංශෙ තමා. ඒ සිලන්ටරෙටා වංශෙ ඉදන් මමාලියාවලට කොච්චර පරිනාමික අවදි තියෙද..?? ඉතින් අපේ නිර්මාන කාරයට තිබුනනෙ ඔය වංශ බෙදන්නෙ නැතුව සැමට සමානාත්මතාවය කියල ඔක්කොම එක විදිය කරන්න. එහෙම නොකර කලින් කිවුව වගේ වංශ, උප වංශ ඔව්ව මෙවුව වර්ගී කරන හැට හුටාමාරක් දාල මේ ලොකෙ හැදුවෙ මොක්ක හරි පදනමක් ඇත්වනෙ. මේව වෙනස් කොරන තාක්ෂනේ අපි ගාව තියෙනව. ඒත් මේ වගේ පිස්සු විකාර වැඩ වලට ඒක යොදාගන්න බැරි ඇයි. ඔය ප්‍රවේනික රෝග වලට සාර්තකම ප්‍රතිකාරයක් විදියට ඔය ජාන තාක්ෂනේ යොදාගන්න පුලුවන්. ඒත් එහෙම නොකරන්නෙ මේ වගේ පිස්සු විකාර නිසා.

ඇයි ඉතින් මේ වදුරෙක්ටවත් ඉන්න දෙන්නෙ නැති අසම්ජ්ජාති ඔය ප්‍රවේනික රොග නැති කරන මුවාවෙන් වෙන වෙන කැත වැගක් කොරොත්....?? ඒකනෙ මේ හෙනේ. කොවුව කොහොම උනත්... මම එක දෙයක් දන්නව. ඔය එක එක කස්ටිය මොක මොක කිවුවත් උලකා පාතයක් කඩන් වැටිල වත්, සුනාමියක් ඇවිල්ලවත්, ඉරවල් 7ක් පායලවත් නෙවේ ලෝකෙ විනාසෙ වෙන්නෙ. එහෙම ලොකෙ විනාස වෙනවනම් ඒක සුරන්ගනා ලෝක විනාසයක් විත්‍රයි. හැබෑ ලොක විනාසෙ වෙන්නෙ උස්ම ගන්න බැරුව ගිහින්. ;)


ප. ව.

මීට සමාන ලිපියක් මං කලියෙන් ලිවුව. ලෝක විනාසෙ අතලඟයි කියල. ඉතින් මේව ලේ කෝප කොරන මාතෘකා. මේ මාතෘකාව ගැන ආයෙ ලියන්න හිතුනෙ හිරේ විසිට් එක දාපු වෙලාවෙ දැක්ක පෝස්ට් එකක් නිසා... :D :D

Monday, April 11, 2011

ආදරේ රොදොයි ප්‍රමිලා෴


හික් ය. ඕන් අද කතාව කියන්න යන්නෙ ඈනුම් යන මාතෘකාවක් ගැන.. ලොල් ය. අනුමක් එහෙම ආවොත් කටට අතතියල අරින්න කියල අමුතුවෙන් කියන්න ඔනි න නෙ.. :P නෑ නෑ..
මේ කියන්න යන්නෙ ඉතිහාස කතාවක් උනාට කෙළ හල හල අහන් ඉන්න පුලුවන් 1ක්.. ;) මේක වෙන්නෙ අපේ ලංකාවෙ සෙන්කඩ ගල රාජදානි කාලෙ. :D හරියටම කිවුවොත් ශ්‍රි වීර පරාක්‍රම නරෙන්ද්‍ර සිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ..


ඉතින් ඕන් අපේ රජතුමාටත් ගොඩක් අයන්ට වගේ අන්තඃපුරයක් හිටියලු. ඒකෙ ඉතින් ලස්සන ලස්සන බිසෝවරු හිටියලු.. ආශයි නේ.. ;) ලොල්ය.. ඒ අන්තඃපුර බිසෝවරුන් අතරින් ලස්සනම ඒ වගේම හිච්චිම කුමාරි තමයි ප්‍රමිල කියන්නෙ. ඒ කාලෙ ඉතින් අපේ රජතුමාට ලස්සන කෑල්ලක් පේන්න බෑනෙ. :P ගේනව අන්තඃපුරේට. හික් ය. ඉතින් කොහොමින් හරි මේ ප්‍රමිලා ඒ අන්තඃපුරේට ව්එලා උන්නෙ ඒහැටි ක්ඇමැත්තකින් නම් නෙවේ. මොකද රජ්ජුරුවන්ට අවුරුදු 80ටත් කිට්ටු උනාට ප්‍රමිලට තාම 16වත් නැති තරම් ලු. දැන් තේරෙනවනෙ ඉතින් තත්වෙ. අන්න ඒක නිසා ප්‍රමිල බිසව අන්තඃපුරේට වෙලා ගොඩාක් දුකින් තමා උන්නෙ.

ඕන් එක දවසක් අපේ ප්‍රමිල බිසව ටිකක් එලියට පෙහෙලියට බැහැල ඉන්න වෙලාවක තමා ඔතනින් දස්කොන් කියන රජ්ජුරුවන්ගෙ ඇමති තුමා ගියේ. මිනිහටත් හැබැයි ඒ හැටි වයසක් නෑ. ඉතින් මෑන්ස් ඔතනින් ඇබලය වගේ එ මේ අත යන්න ගත්තලු. දැන් ප්‍රමිලටත් වැඩේ මීටර්.. හික් ය. ඉතින් දවස් කීපයක් ම මේ වගේ දස්කොන් අපේ ප්‍රමිල බිසවට ලයින් දැම්මලු. කොහොමත් හැම දාම රජ්ජුරුවන්ට ප්‍රමිලව බලන්න වෙන්නෙ නෑනෙ. අන්තඃපුරේ බිසවු 100ක් උන්නොත් ප්‍රමිලව බලන්න එන්න වෙන්නෙ අඩුගානෙ දවස් 100ක්වත් ගොහින් නොවැ. ඒ බව ඉතින් ප්‍රමිලයි, දස්කොනුයි දෙන්නම් දන්නවනෙ. :D ඉතින් කොහොමින් හරි දැන් කීපදවක් ප්‍රමිල බිසවට දස්කොන් ඇමතිය ලායින් පාර දාගෙන යනව.
දැන් ඉතින් දස්කොන්ගෙත් අලේ මෝරනව.. :D ප්‍රමිලගෙත් එහෙමයි. ;) ඕන් දස් කොන් ඉවසලා ඉවසලා බැරිම තැන ප්‍රමිල බිසවට ඇහෙන්න කවියක් කියනවලු....

රන්මාලය පැලිදි ගත සුවි පුල්ලා
ඉන් ආලය වඩයි මගෙ හිත නුබ පල්ලා
පන්දහසකට දැද තිබුනත් උඩ එල්ලා
රන්භාජනය නොවිදිත විදිනා ගුල්ලා...

ඉතින් ඕන් මේක ඇහුනු අපේ ප්‍රමිල බිසවත් නිකන් උන්නෙ නෑ. කිවුව රිප්ලයි කවියක්. :D

යන්නෝ මෙමග රෑ දහවල තොරවෙද් ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙද් ද
බොන්නෝ මෙදිය බොර කරලා බොද් ද
දන්නෝ උපා මිනිදොර ඇර නාරිද් ද


ටිවුබ්ලයිට් අයන්ට දැන ගන්නත් එක්ක ඕන් මම අරුතත් පැහැදිලි කොරඤ්ඤංකො... හික් ය. මේකෙ පළවෙනි පදෙන් කියන්නෙ ඒ ප්‍රමිලට ලයින් දානෙ දස්කොන් විත්‍රක්ම නෙවේ කියල නොවැ. ඊට පස්සෙ කෑල්ලෙ තේරුම ප්‍රමිල බිසවත් දස්කොන්ට කැමතී.. ඒත් ඉතින් ඒව පස්සෙන් ගිහින් කියන එවුව නෙවේ.. කියල. :P ඊලග පදේ දි කියන්නෙ නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවන්ට අහුනොවෙන්න වෙඩේ අනා නොගෙන කරන්න ඔනි කියලනෙ.. ඕන් දැන් තමා අන්තිම පදේට ආවෙ.. ඒ පදේටනම් තේරුම් ගොඩායි.. එකක් දෙක කියන්නම්.. සමහරු කියනව මෙතනදි කියන්නෙ අපේ බිසවගෙ කාමබරේ දොර ගැන කියල. එහෙම කිය්න කස්ටිය හිතුවද දන්නෙ නෑ මේ දොර මැනික් අල්ලල තිබ්බ කියල.. :P ඒත් මට තියෙන්නෙ ඔයිට වඩා වෙනස් අදහසක්.. ඕන් කුනුහබ්බ කියනව කියල හිතන්න එපා... මම මේ කියන්නෙ මට හිතුනු දේ.. මේ කවි පදේ මිණි දොර කියල අදහස් කරල ඇත්තෙ මණිමේකලාව කියන ඇදුම වෙන්ඩෑ.. එක විදියකට ඉතින් එකත් දොරක් නොවැ. ඊට වඩා මේ පදේ මට හිතෙන විදියට පැහැදිලි කොරොත් මේ බ්ලොග් එකට සමහරු කක්ක කියල බනී... ඒක නිසා විස්තර නොකර ඉන්නම්.. :D

ඊතින් කෝකකොහොම වෙතත් දැන් දෙන්න සැට්.. :D ඉතින් මේ දෙන්න දැන් ප්‍රේමයෙන් වෙලි වෙලී හරියට ගැරඬි දෙන්නෙක් වගේ ඉන්නව. :D රජ්ජුරුවන්ට 1කදවසයි. දස්කොන්ට දවස් 99 යි. ප්‍රමිලට 100යි. :D බලාහල්ලකො ඒකෙත් හැටි.

ඉතින් දැන් මේ දෙන්නගෙ (දස්කොන් + ප්‍රමිලා) අලේ මෝරනවා.. ඉතින් ඔහොම ඉන්නකොට ප්‍රමිල ආයෙ අපේ දස් කොන්ට කවියක් ලියනව මෙහෙම....

රාත්‍රිය අපේයි දස් කොන්
තවත් නෑ සිතේ අස් කොන්
පෙම්සිනා තෙපුල් ඇස් කොන්
ආදරේ රහයි දස් කොන්....

ඉතින් ඔහොම කියද්දි ඒ පාර දස් කොන් රිප්ලයි එකක් යවනව මෙහෙම...

ආදරේ දෙපුල් පිරිලා
වද මලින් ගෙතූ මල් මාලා
තිස් පැයේ පෙනේ මැවිලා
ආදරේ රොදුයි ප්‍රමිලා...

මේකත් ඉතින් තේරුම් කරන්න ඔනි නනෙ.. මෙවුව තේරුම් කරද්දි බ්ලොග් එකත් එක්ක කක්ක වෙනව.. :/

ඉතින් ඔහොම කාලය ගෙවිලා යනව. දැන් ප්‍රමිලට අර දවස් 100 න් එක දවසක් හරි රජ්ජුරුවොත් එක්ක ගතකරන්න වෙන එකට මාර අප්සට්.. ඔහොම අප්සට් ගහල ඉන්න කොට ප්‍රමිලට උන සන්නියක් හැදුන. ඉතින් දැන් රජ්ජුරුවොත් කලබල වෙලා... ටිහින් දැන් මේ උන සන්නිය දුරු කරන්න බලියක් නටවන්න යන්නෙ. බලිය කියන්නෙ මොකද්ද කියල දනන්වනෙ.. :D ආතුරයගේ හැඩරුවට සමාන පිලිමයක හදල කරන පූජාවක් වගේ සීන් එකක්. ඉතින් දැන් රජ්ජුරුවො මූර්ති ශිල්පියෙක්ව ගෙනල්ල ප්‍රමිලව අබන්න කිවුවලු.

දැන් ඕන් අඹල ඉවරයි. රජ්ජුරුවන්ට් යමක් පෙන්නන කලින් ඇමති ඒකෙ අඩුපාඩු බලන එකනෙ සිරිත. ඉතින් ඕන් රජ්ජුරුවන්ගෙ ඇමති ගොල්ලො ප්‍රමිලගෙ පිලිමෙ දිහා බල ලා අර මූර්ති කාරයටත් ප්‍රශ්න්සා කොරල යන්න යනව ලු. දැන් ඕන් දස් කොන් පරික්ෂාකරන අවස්තාව. දස් කොන් මේ පිලිමෙ බලල "ඔක්කොම හොදයි පොඩි අවුලක් තියෙනව... "
කියාගෙන කලුපාට තීන්ත තවරපු පින්සලකින් ප්‍රමිලගෙ පිලිරුවේ කලවෙ උපන් ලපයක් ඇන්දලු. හික් ය... ඉතින් දැන් රජ්ජුරුවො බලන අවස්තාව...
ඉතින් රජ්ජුරුවො ඒක බලල ගොඩාක් කලබල උනා ලු... එක පාරට අර මූර්ති ශිල්පියව අල්ලගෙන නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවො මෙහෙම අහනව... "තෝ කොහොමද අර උපන් ලපේ දැක්කෙ...???" ඊට පස්සෙ මුර්තිකාරයටත් පුල් හොලමන්. ඇයි දෙයියනෙ ඌ ඇදපු එකක් යෑ.. ඉතින් ඌ රජතුමාට මෙහෙම කියනව.. "දෙයි බුදුවෙන්න.. බලු ගැත්තට අනුකම්පා කර මැනවි. ඔය උපන් ලපේ තිබ්බෙ මම නෙවේ අර දස්කොන් අමති තුමා...."

ඉතින් දැන් දෙන්නගෙ ලවු එක අතේ මාට්ටු......... අන්තිමේදි දස්කොන්ට උනෙ වදමල් දාගෙන දන්ගෙඩියට බෙල්ල තියන්න....................

Monday, April 4, 2011

47 වෙනි ඔලිම්පික් උළෙල෴

හික් ය. අද මේ ලියන්න යන්නෙ කලියෙන් 2050 අවුරුද්දෙදි මම ලියපු පෝස්ට් එකේ ඉතුරු කෑල්ල!. හික් ය. ඒ කියන්නෙ 2100 අවුරුද්ද ගැන. බලහල්ලකෝ අවුරුදු 50 කුත් ගොහින්. ලොල්ය. ඈ හැබෑට? මේ ඇඟිල්ලට වයස යන්නෙ නෑද්දෑ?. හෙ හෙ... ඒ පන්ඩිත කතා බොට වැඩක් නෑනෙ. :P
අවුරුද්ද ගැන කිවුවට ඉතින් මේක කෙටියෙන් එක පෝස්ට් එකකින් කියල ඉවර කරන්න පුලුවන් අවුරුද්දක් යෑ?. ඒක නිසා මගේ අවදානය යොමු උනු තැනක් ගැන අද ලියන්නම්. ඕන් අදනම් ඉතුරුව පස්සෙ හොදේකියල ලියන්නෙ නෑ. හම්බෝ.. ඒවුවනම් හරිම භයන්කාරයි. තර්ජනත් කරනව ලියපන් ඉක්මනය කියල. ඕන් හේනම් කතාව පටාාාාාාාාාාන් ගන්නයි යන්නෙ. :D



2100 කිවුවම ඉතින්... ඔව් බන් බෝල ඉලක්කමක් තමා. ඒකියන්නෙ අඟට
බිංදු දෙකයි. වෙනත් විදියකට කිවුවොත් 4 බෙදෙනවා. ඒකියන්නෙ ඉතින් ඔලින්පික් නේ. ඇඅ වලලු 5ක් තියෙන්නෙ. :D ඉතින් මෙ ඇඟිල්ලට ඕයික බලන්න යන්න චාන්ස් එකක් ඇවිත්. මොකද ඉතින් හැමෝම ඉස්සර පොඩි එකා කිවුවට දැන් මෙහෙ ජේශ්ඨම පුර වැසිය. :D ඉතින් ඕන්න මටත් ආරාදනයක් ලැබිල තිබ්බ ඔලිම්පික් එක බලන්න යන්න. ඉතින් මුලින්ම තරගෙ ඇහැට කනට පේන ස්එල්ලමනෙ ඉතින් දුවනව කියන්නෙ. :D ඉතින් ඕන් මම දුවන තරගෙ බලන්න තමා යන්නෙ. :D

ඒත්......

පිට්ටනියෙ කිසි හැල හොලමනක් නෑ නොවැ. හරියට නිකන් භාවන අසපුවක් වගේ. අනේ මන්ද... ඉතින් මටත් දැන් පුල් හොල්මන්. මම ව්අට පිට බලල බැරිම තැන එතන හිටපු මුරකාර මාම කෙනෙක්ගෙන් ඇහුව කෝ තරග කරුවො කියල. (මාම කිවුවට ඉතින් මට වඩා අවුරුදු 70ක් විත්‍ර බාල එක්කෙනෙක්.. :D ) ඉතින් මෑන්ස් මට පෙන්නනව නව ගුන වැලක් ගැන ගැන සක්මන් භාවනව කරමින් ඉන්න ඉන්න සෘශිවරු සෙට් එකක්. හොලමන් වෙලා හිටපු මම ඒටත් වඩා හොල්මන් වෙලා. මම හිතන්නෙ කස්ටිය දුවන්න කලියෙන් තහනම් උත්තේජක පරික්ෂා කරන කුටියගාව තමා හිටියෙ. එක එක්කෙනා ඇතුලට ගන්නව. ඉතින් මාත් ඒ කාබරේට මගේ රබර් ඇහැ යොමු කරා. එතන වෙන සීන් දැක්කම මම හොලමන් ඝනය(තුන්වෙනි බලේ) වෙලා. ඇයි දෙයියනෙ ඉස්සර අපි තහනම් උත්තේජක පරික්ෂාකරේ බෝතලේකට චූ ටිකක් දාල ඒකෙ ඇඩ්‍රිනලීන් වගේ හෝමෝන සාන්ද්‍රනය පරික්ෂාකරන එකනෙ. ඒත් මෙතන එහෙම චූ සාම්පල් පරික්ෂාකරන්නෙ නෑ. MRI මැශිමක් වගේ එකක් ඇතුලට ඔලුව දාන්න කියල තමා පරික්ෂනේ කරන්නෙ. ඒකදැක්කම මට හිතුනෙ සෘවරු චූ දාන්නෙ ඔලුවෙන්දෑ කියලත් මට හිතුනා. ඉතින් කොහොමින් හරි මම තවත් හොලමන් වෙන නිසා මම තරග බිමට ආව.

දැන්නම් පරික්ෂන ඉවරයි මයෙ හිතේ. දැන් තියෙන්නෙ දුවන්න. ඒපාර මට කලින්ට වඩා හොලමන්. දුවන්න ඔන්න මෙන්න. මෙ කස්ටිය තාමත් භාවනා යෝගී ඉරි අවුවෙන් ඉන්නව. අනේ මන්ද මුන් කොහොම දුවයිද කියල. ඉතින් දැන් කස්ටිය ස්තාන ගත වෙලා ඉන්නෙ. ඔන්න දැන් අර ස්ටාටර් කියන මෑන්සුත් එනව. ඒත් එයාගෙ අතේ පිස්තෝලයක් නම් නෑ සංඥාව දෙන්න. ඒවෙනුවට තියෙන්නෙ ටෝච් එකක්. හික් ය. අනේ මන්ද මෙවුව කොහෙන් කෙලවෙයිද කියල. :D හරි...

එකායි, දෙකායි, තුනායි... ටෝච් එක පත්තු කරා... හෑ.. කො මුන් ටික. එහා පැත්තෙ රිබන් පටිය කැඩෙනව විත්‍රයි දැක්කෙ. තරගෙ පැවැත්විලත් ඉවරයි. පස්සෙ තමා දැනගත්තෙ දිනල තියෙන්නෙ ඉන්දියාවෙ එවර්ස කන්දෙ ඉන්න සෘශිවරයෙක් දිනල පලවෙනිය කියල.

ඔන්න ඔහොමයි එදා ඔලිම්පික් එකෙ දුවන තරගෙ තිබ්බෙ. හික් ය. බලාහල්ලකො ඒකෙත් හැටි.

Sunday, March 27, 2011

2050



තාමත් මම ඉස්සර හිටපු ඇඟිල්ලමයි. ලෝකෙ ගොඩාක් දියුණුවෙලා. ඉස්සර අපි ගෙදරි එලියට බැස්සෙ ඇඳුමක් ඇඳගෙන නේ. ඔව් ඉතින්.. අදත් ඒක නම් එහෙමයි. ඒත් ඇදුම විතරක් නෙවේ, තවත් දේකුත් අද අපේ අතේ තියෙනව. ඒ තමා ඔක්සිජන් බෝලලේ. හොඳටම ඔක්සිජන් හිඟ වෙලා. දකින දකින මනුස්සයෙක් ගෙ අතේම ඔක්සිජන් බෝතලයක් තියෙනව. හික් ය. හරියට කිමිදෙන්න යනව වගේ.
නෑ නෑ ගෙවල් වල ඉද්දි ඒ බෝතලේ ඕනි නෑ. ඒ කාලේ ගෙදර උයන්න ගැස් සිලින්ඩර් ගෙනාවා වගේ ඔක්සිජන් සිලින්ඩර් ගෙවල් වල දි පවිච්චි කරන්න පුලුවන්. 
දැන් කස්ටිය අහයි මිනිස්සු ඔක්සිජන් බෝතල් අරන් යද්දි සත්තුන්ට එහෙම බැරි නිසා උන් මැරෙයි කියල. ඔව් ඉතින්, සියළු සත්වයෝ සුවපත් වේවා කිය කිය දැන් ජීවත් වෙන්න බෑ. ඔක්සිජන් මදිනම් මැරිලා පලයලයන් කියලා තමා දැන් ජීවිතේ ගෙනියන්නේ! පවු පිං බලන්න තිබ්බේ ඉතිං මෙහෙම වෙන්න කලින් නේ.

වට පිට බලද්දි ඉස්සර කෝටි ගනන් වලට විකුණුනු කාර් තැන තැන. යමින් ගමන ගේකට ඔලුව දැම්ම. හික් ය. ගෙවල් කිවුවට ඉතින් ගෙවල්ම නෙවේ. ඒව කුළුණු. ඒකත් නරකම නැ. ඉතින් ඒ ගෙවල් වල මිදුලක් කියලත් නෑ. ගේට්ටුව කියල තියෙන්නෙ දොර. :D එක ගෙදරක ඇන්ටි කෙනෙක් මෝටර් සයිකලෙකට නැගං පොල්ගානවා. කිට්ටු වෙලා බැලුවහම දැක්කේ, හැඩල් එකේ තමා හිරමනේ හයි කරලා තියෙන්නේ. තෙල් ටැන්කිය සිංක් එක වගේ හදාගෙන!

තව ටිකක් දුර යද්දි .........මලකෙලියයි. බෙන්ස් එකක් ඇතුලෙ කඩල කඩේකුත් දාල. පස්සෙ මගෙ රබර් ඇහැ දාල හොයල බලද්දි තමා තේරුනෙ කනිජ තෙල් නිදි 2040දි ඉවර වෙලා කියල. අපරාදෙ ඒ දවස් වල කෝටිගනන් වලට වාහන ගෙන්නුවෙ. :D

මගේ ඉතින් ඉස්සර ඉදලම පුලුද්දක් තිබ්බ කොහෙ හරි ගමනක් යනකොට කඩචොහොරුවක් කන්න.මට තිබ්බා බස් එකට සල්ලි නොදී හරි බස් එකට නගින්න කලින් කඩල කාරයන්ගෙන් කඩල ගොට්ටක් ගන්න පුරුද්දක්. ;) ඉතින් මම අර කලින් කියපු බෙන්ස් එක අස්සට ඔලුව දාල කඩල ගොට්ටක් ගත්ත. ගත්ග්තෙ නැ, ගන්න ගියා. හුටා. උට කෑශ් වලින් ගන්න බැරිලු. පස්සෙ සාක්කුවට අතදාල ක්‍රෙඩිට් කාඩ් එක දුන්න. ම්ම්ම්හු.. ඌ මට හිනා වෙනව. මමත් උට බැන බැන අවා එන්න. පස්සෙ තමා දැනගත්තෙ දැන් ප'ස් නෑ. සල්ලි ගෙවීම් හේම කරන්නෙ මේ අපෙ අතේ ඇඟිලිසලකුනෙන් කියල. බලහල්ලකෝ ඇඟිල්ලට ගිය කලක්.

ඒක නෙවේනෙ පුදුම වෙන්න ඔනි කාරනෙ.
වෙලාව දවල් දොළහට විතර ඇති. ඒත් පාරෙ හැමතැනම ලයිට් දලා. අනේ මන්ද මොනා වෙලාද කියල. සූර්යග්‍රහනයක් ද කොහෙද...!! ඒ සුර්යයයි චන්ද්‍රයයි පෘතුවියයි එකම සරල රේකාවක පිහිටලනම් නේවේ. පෘතුවියෙ එකතු උනු කුණු දාන්න තැනක් නැතුව අභ්‍යවකාශෙට ගිහින් දාල. ඒ දාපුව පෘතුවිය වටේ කක්ෂගත වෙලා තමා මේ විදියෙ අපිට එන ඉර එලිය පොළොවට වැටෙන්නෙ නැත්තෙ. ලොල් (නැත) ය.

ඒක එක විච්චූරන ගොඩායි. අඹුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලුනෙ.. ඉතිරිව පස්සෙ හොදේ... ;)


Friday, March 4, 2011

සයවසරක පෙම්ගීතය දැන් බොඳවෙලා........

දෙවැනි ලෝක යුද්ද සමයයි. බ්‍රිතාන්‍යයින් ලන්කාව යටවිජිතයක්ව තබාගෙන ඇත. ඒ කතාව දිග හැරෙන්නෙ ඒ සමයෙහිදීය. තරුනියක හා පෙමින් බැදුනු එක් තරුන සෙබලෙකි. නමින් ඔහු ඥාන්පාලය. පෙම්වතිය දයාවතීය. ඔහු යටකී යුද්දය හමුවෙ ජ'මනියට විරුද්දව සටන් කිරීමට ප්‍රන්ශයට ගොස් ඇත. නමත් ඔවුනොවුන්ගෙ ප්‍රේමය කිසිද වියැකුනේ නෑත. ඒම සෙබලා දිනකට පෙම්හසුන් 2ක්වත් අවම වශයෙන් ඔහුගේ දයාවතීට එවීය.

කාලය කෙමෙන් ගතවිය. ලොකයුද්දයෙ අවසාන සමයයි. මේවනවිට දයාවතී සතුව පෙම්හසුන් 10000ත් ඉක්මවා ඇත. අමුත් එකවරම පෙම්හසුන් එවීම නතර විනි. ගත උනේ සතියකි. ජ'මනිය පැරැදිනි. මිත්‍රපාක්ෂිකයන් ජග්‍රහී ලිලාවෙන් ඔවුනොවුන්ගේ ගම්බිම් කරා යන්නට විය. ඒ අතර ඥානපාලද විය. ඔහුද ගෙදර ආවෙ දහසක් පැතුම් පොදි බැදගෙනය. ලියුම් 10000ක් ලිවීමට තරම් මෙ ප්‍රේමය කොතරම් පිවිතුරුද...? එම ලිවුම් ලිවීමෙ තරම කොතෙක්ද යත් ඒම සමයේ වැඩිම පෙම්හසුන් ලිවූ තැනැත්තා ලෙස ඥානපාලද ගිනෙස් පොතට ඇතුලත්ව සිටියහ. ඔබට මෙන්ම මටද එසේ සිතිනි. නමුත් සිදුව ඇත්තෙ ඔබවත් මම වත් නොහිතන තරම් දෙයකි. සූ දහසක් පැතුම් පොදි බැදගෙන සිය මවුරටට ආ ඥානපාලට ඇසීමට ලැබුනෙ නෙතග කදුලක් රදවන සුලු සිදුවීමකි. අහෝ දුකකි. ඉරකි. තිතකි.

පෙම්වතිය පෙම්වතාගෙ ලිවුමක් නොලැබුනු දින කීපයතුල ඇතිවූ දුක ඉවසාගත නොහැකිව මෙලොව හැරදමා ගොස්ද??? නැත. ඇය ඥානපාලව හැරදමා ලිවුම්කාරය සමග පැන ගොස් ඇත....

*යොදා ඇති නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න....
Related Posts Plugin for WordPress, Blogger...