_____________________________________
අදපෝස්ට් එකේමාතෘකාව ටිකක් විත්ර වෙනස්.. ලොල්ය.. දැන් කස්ටිය මට බනින්න ගනීද දන්නෙත් නෑ කුනුහබ්බ කියනව කියල. අනේ නෑ! මේක ඇවිල්ල පොතක්..! මේ පොතයි මමයි සම්බන්ද හිච්චි පුරාවෘතයකුත් තියෙනව. පොතේ අන්තර් ගතය සම්බන්දව කියන්න කලියෙන් මම ඒ පුරාවෘත්තෙ කියල ඉන්නම් කෝ...
ඔව්. ඒ මම 8 පන්තියෙදි. ඒදවස් වල අපිලට ලයිබ්රි කියල පීරියඩ් 1ක් තිබ්බ. කොහොමත් සතියෙට තියෙන පීරියඩ් 40ටම එක පීරියඩ් 1ක් උනාට අපි ඉතින් 20ක් විත්‍රම ගතකරන්නෙ ලයිබ්‍රියෙ... හික් ය. ලයිබ්‍රියෙ කිවුවට ඒකෙම නෙවේ. එතෙන්ට යමින් ගමන්.. ලොල්ය. ඉතින් කොහොම හරි එක දවසක් පිරියඩ් කීපයක් හිස් තිබ්බ. ඉතින් කස්ටිය ටික වලක් බහින්න හිතාගෙන පිට්ටනියට බැස්ස. මලකෙලියයි. තට්ටෙට ඉරැලිය වැටිල දිලිහෙනව දැක්ක ගමන් අපිට මීටර් උනා බඩු බනිස් කියල. වයිට...!!! දැන් මොටෝ කරන්නෙ.. ඌ කතාකරා.. දුවන්නත් බෑ.. මූනු ටික නෝට් උනු නිසා අපි සෙට් එක ගියා ඉතින් උ ලගට... මෑන්ස් අපෙන් අහනව කොහෙද යන්නෙ.. මමත් ඉතින් ගත්කටටම කිවුව ලයිබ්රි කියල...! කොහොමත් ඊලඟට තිබ්බ ප්පිරියඩ් එක ලයිබ්රි නිසා මම එහෙම කියල දැම්ම. ඉතින් මෑන්ස් අපිට ගහන්නෙ නැතිව එලෙවුව.. ලයිබ්රියට.. හික් ය. ඉතින් අපිත් නිකමට වගේ ලයිබ්රියටවාර්තාකරාට මොකෝ ඒකෙ හිටපු ඇස්කොට් කාරය අපිව පරන කබඩ් 1ක් අස් කරන්න අල්ල ගත්ත. ඉතින් ඒක අස් කරද්දි තමා මට මුලින්ම මේ පොත හම්බ උනේ.. :D ඉතින් ඒදා අර කබඩ් එක අස් කරාට හිලවු වෙන්න මම අර පොත සර්ට කියල මාර්ක් නොකර ගත්ත.. :D :D පෝතේ නමයි පිටකවරේයි දැක්කම ඉතින් ඔය පොතමට සර් නොදුන්නත් මම ගන්නව.. :D
දැන් ඉතින් අපි කස්ටිය පන්තියට වාර්තා කරයි කියමුකෝ.. ඒට වඩා සීන් එක එතන.. මවු භාශාව තියෙන්නෙ. කට්ටිය ටික පන්තියට යනවා.. ආයි හැරිල එනව. මිස් නම් පන්තියට ඇවිත් නෑ. ඒත් කට්ටිය හැරි හැරි යනව. :D මමත් වෙනදට කරන්නෙ ඔය ටිකමයි. බට් අද පොතක් තියෙනවනෙ කියවන්න. මම ඉතින් අපේ සෙට් එක ගියාට මොකො කියල මිසුත් නැති එකෙ පන්තියෙ කියවන්න ගත්ත පොත්..!! ටිකක් කියවගෙන යනකොට තමා තේරුනෙ ඒ පොතේ මම බලාපොරොත්තු උනු විදියෙ කුනුහබ්බ මුකුත් නෑ කියල..!! ඒක අවිල්ල හිතුව තරම් නරක ඒව නැති උනාට මාර පට්ට පොතක්.. කියවන්න කියවන්න ආසයි. මේකෙතියෙන්නෙ නිරුවත් වානරය ගැන. ඒකියන්නෙ අපි..!! අපි ඇරෙන්න අනික් වානරයො ඔක්කොමල ඉපදෙනකොටම වස්ත්‍රයක් දරනව. ඒතම එයාලගෙ ලොම්...! ඒත් අපි ලොම් අතින් නිර්වස්ත්‍රයි.!! ඒකයි මෙ පොතට පදනම වෙලාතියෙන්නෙ. හික් ය. කොහොම උනත් මාර ෆට්ට පොතක් නිසා මමත් මේලෝකෙ සිහියක් නැතිව කියවගෙන යන්න ගත්ත..
මිසුත් පන්තියට ඇවිත්.. දැන් මිස්ට මල පැනල..!! මට ඇහෙනව ලාවට වගේ බනිනව.. ජීවිතේට පන්තියෙ ඉන්නෙත් නෑ, හිටියටත් මේලොකෙ සිහියක නෙවේ ඉන්නෙ කියල. ඉතින් පිටිපස්සෙ හිටපු එක පුටුවට ගහනවත් එක්ක තමා උගෙත් අම්ම ව සිහිකර කර නැකිට්ටෙ. දැන්නම් මිස්ට හොදටෝම මල පැනල.. මට කතාකරනවා...
මිස්: තමුසෙ එනව මෙහාට ඔය පොතත් අරගෙන...
මමත් ගියා...
ආයෙ මිස්: කෝදෙනව බලන්න ඔය පොත මෙහාට..
මමත් ඉතින් හිතෙන් බැන බැන පොත දුන්න...
මෙන්න ආයෙත් මේගෑණි බනින්න ගත්ත... පුන්චි කාලෙ ඉදලම කුනුහරුප පොත් කියවනව.. යනව මේ පොතත් අරගෙන ඔෆීස් 1ට... කියල..
ඉතින් මාත් ඕන්න පොතත් අරන් ඔෆීස් 1ට ගියයි කියමුකෝ... ඉතින් මේ ගෑනි මාව විනය භාර සර් ගාවට යොමු කරා. සර් මගෙ අතින් පොත ඉල්ල ගත්ත.. සර් පොත කියවන්නෙත් නෑතුව පිට කවරෙ බලල ලාවට හිනාවක් දැම්ම.. :D ඊට පස්සෙ සර් කරේ මට ගහනව/ බනිනව වෙනුවට අර පොත මිස් අතට දීල ගෙදර ගිහින් කියවන්න කියපු එක.. :D අපේ ඒවෙලාවෙ අරකිගෙ මූන.. හික් ය. පස්සෙ මිස් ගියාම සර් ඔය පොතෙ විශේශයෙන් කියවන්න ඔනි තැන් ගැම මට කියල දීල මාව යැවුව. :D :D
මම වගේම අර මිසුත් නිරුවත් වානරයට කොච්චර ආස උනාද කිවුවොත් මට ඒ පොත අද වෙනක්න් ගනල්ල දුන්නෙත් නෑ.. :D
කොහොම හරි පෙරේද හවස ක්ලාස් නිවාඩු දීල තිබ්බ නිසා නිකමට සරසවි බුක් ශෝප් එක පැත්තෙ ගියා. ඒත් ඒ ගියේ මේ පොතම හොයාගෙන නෙවේ. "මගේ සටන" කියල පොතක් හොයාගෙන. හික් ය. බට් ඒ පොතනම් මට හම්බ උනේ නෑ. ඒත් මේ පොත අහම්බෙන් වගේ හම්බ උනා. :D ඉතින් දැන් ටිකකට කලින් මුලුපොතම කියවල ඉවර උනා. හික් ය. ආයෙ කියවන්න ඔනී. මේ පොතේ මුල් පොත The Naked Ape තමා. ලියල තියෙන්නෙ ඩෙස්මන්ඩ් මොරිස් කියල සත්ව විද්‍යාඥයෙක්. ඒකෙ ඉංග්‍රීසි PDF එක මෙතනින් බාගන්න පුලුවන්. සිංහලෙන් පීඩීඇෆ් 1ක්නම් දැනට නෑ මයෙ හිතේ. පොතේ වත්මන් මිලනම් රුපියල් 450ක් විත්ර වෙනව. ඒකනිසා මම හිතුව ඒකෙ පීඩීඇෆ් 1ක් හද්දන්න. තාම ඒ පරිවර්තකගෙන් එහෙම අවසර නම් අරන් නෑ. ඇරත් මේ පොතේ වචන 46000ක් විත්ර තියෙනව. ඒකනිසා වැඩේ හිතන තරම් නම් ලේසි වෙන 1ක් නෑ. ඒ හිත ඇත්නම් පත කුඩාද කියල උත්සහ කරනව.. කෝකටත් කලියෙන් කතෘ අවසරය ගන්න එපෑ.. :D
wal kollo ohommama thama.............
ReplyDeleteවලත්තයා...කුප්පයා
ReplyDeleteලොල්ය.. බොමෝම ස්තූති වෙවා ඔය දෙපලට.. විදේශයෙන්ම රත්ගමයට.. දැන් මම යි කුප්පයා තෝ පල.. :P
ReplyDeleteහපොයි හපොයි හපොයි. මිස් හිතන්න ඇත්තෙ පිට කවරෙන් පොත කාලකන්නි පොතක් කියල. :පී
ReplyDeleteඅහ් උඹල දෙන්නම පල. මමයි යකෝ නියම කුප්පය.
ලොල්ය.. දෙනව මම බොට කුප්ප පට්ටම..!! කුප්ප පට්ටම දෙන්න තිබ්බ උබ කොල්ලෙක් හරි කෙලෙක් හරි උනානම්.. ශික්.. උබ ඉතින් කොන්දක් නැති අනෝ කෙනෙක්නෙ බන්.. ඇයි මොකො නම දාන්න බයද අහ්?
ReplyDeleteහොද වෙලාවට විනය බාර සර් පොත කලින් කියවලා තිබුනේ... නැත්නම් මිස්ගෙන් වගේ ප්‍රතිචාරයක් තමයි සර් ගෙනුත් ලැබෙන්නේ....
ReplyDeleteහොද වෙලාවට පොත මාර්ක් නොකර ගත්තේ.... නැත්නම් මිස් පොත තියාගත්තට දඩ ගෙවන්නත් වෙනවනේ...:)
මමත් ඔය පොත කියවලා තියෙනවා.....9 වසරෙදි..
ReplyDeleteඅපෙ මාමා ලග තිබිලා මට අහු උනෙ.
පට්ට පොත.....හැමෝම කියවන්න ඔනි පොතක්
සින්හල pdf එකක් තියෙනවා නම් හොදයි
thanks post එකට......
මමත් ඕක කියවද්දි හතේ නැත්තන් අටේ වගේ ඉන්න ඇති.. හැබැයි සිංහල එක කියෙව්වෙ.. පිස්සු හැදෙනවා බං කියල තියෙන එව්වට.. මට මතක විදිහට තව මොකක් හරි පොතක් තිබ්බා මුගෙම..
ReplyDeleteලොල්ය. ඔව් ඔව් දිනේශ් අයියෙ.. නත්නම් මට දඩ කෝටියයි...
ReplyDeleteහික් ය. ඔව් මචන් දුමිඳු මම හොහොම හරි මේපොතේ ඊබුක් එකක් දන්න උත්සහ කරනව. අපි බලමු පරිඡ්චේදෙ පරිච්ඡේදෙ හරි පීඩීඇෆ් එකක් කරන්න. :D
ReplyDeleteඔව් උබ හරි සුදර්ශන.. අනික් පොත තමා මනුසත් උයන (The human Zoo) කියන පොත. ලොල්ය. :D :D
අලේ ලස්සන පොතක් නම් කොහෙන් හරි හොයලා ගන්නවා ලංකාවේ නම්..අනේ මල්ලා පි.ඩි..එෆ් එකක් හදමු...
ReplyDeleteඑකෙන්ම අක්කෙ.. හදමු හදමු.... :P වචනෙකින් හෝ දැක්කු දිරි ගැන්වීමට බෝහෝම ස්තූති.. :D :D
ReplyDeleteමරුම පොතක් තමා..මටත් අහම්බෙන් පලවෙනි පොත හම්බ උනේ ..පස්සෙ හොයාගෙන ගිහිල්ල දෙවෙනි එක ගත්ත..මම කැමතිම ඕකෙ අර අඩි උස සපත්තු දාන්නෙ ඇය් කියල තියෙන කොටසට....
ReplyDeleteලොල්ය.. ඔව් ඔව් කුරු මිනියො ඒටික ඇතුල මුලු දෙවෙනි පරිඡ්චේදෙටම මම නම් කැමතියි. :D
ReplyDeletepdf එකක් හැදුවම කියමු...
ReplyDeleteනිකන් කියවන්න පී ඩී එප් එකක් තියේනම් අගේය... 450ක් :(
ReplyDeletePDF ඒක හදහන් මමත් ඔයා පොත හොයමින් හිටියේ.. ඒත් පුස්තකාල වලට දැන් එන්නේ නැද්ද මන්ද හොයාගන්නම නෑ... හැදුවොත් ඉතින් අපිට පොඩ්ඩක් කියපං හොද කොල්ල වගේ... උබට D එකක් අරන් දෙන්නම් (හීනෙන් මචං මල්ලි)
ReplyDeleteමචං.උබ pdf එක හදන්න යන්නෙ ටයිප් කොරලද??ඔයිට වඩා ලේසි නැද්ද scan කරල pdf කරන එක??pdf එකක් හැදුවනම් පෝස්ටුවක් දාපන්.මම ඕක දහ අතේ හොයනවා.ඉන්ගිරීසි එක කියවන එකේ ගතියක් නෑ දන්න සිංහලෙන් තියෙද්දි :)
ReplyDeleteමේකෙ pdf එකක් තියෙනවද?
ReplyDelete