Showing posts with label මං. Show all posts
Showing posts with label මං. Show all posts

Friday, March 7, 2014

නිවසෙදීම සජීවීව duck hunt ගහන්න | නවනිපයුමක්

මට කොහොමත් මෙ කෘමි සත්තුත් එක්කලා එකාලෙ ඉදන් පොඩි තරහක් තිබා! කලින් පාර නව නිපැයුමත් මදුරුවන් මර්දනය කරන්න හදපු එකක්නේ!.. :D

මෙදාපාර ඊටවඩා සැහෙන්න වැඩි දියුනු වුන නව නිපයයුමක්... කාලෙකට කලින් හොයාගත්තට තක-හනියක් අදම ලියන්න හිතුන හේතුවත් කියලා ඉන්නම්කො... 

පොඩි කාලෙ මන්දපොසනෙට මට ත්‍රිපොසා කන්න දිලා තාමත් එව්වා නැතුවම බෑ.. ඔන්න හැමදාම උදේට ත්‍රිපොසා කකා කොම්පියුටරෙ ඉදිද්දි කිබොඩ් එක උඩට එහෙම සිනි ඇට පොල් කුඩු කෑලි ත්‍රිපොස කැලි එහෙම වැටෙන්නෑ කියන්නම බෑනේ... :D මිටකලින් දවසකත් ඔහොම වැටිලා එව්වා කන්න ආපු රතු කූබි කලා යන්නෙ නැතුව කීබෝඩ් එක ඇතුලෙම ජනාවසා හදාගෙන සැර ගේමක් දිලා එවුන්ව එලෝ  ගත්තෙ.. ඇයි අවුරුදු කොච්චරක්ද පදිංචිය තහවුරු කරාම සින්නකරවම ලියොගන්න පුලුවනේ! එවුන් කිබොඩ් එකෙ බොත්තන් ඇතුලු පැත්තෙ බිත්තරත් දාලා! එවා අයින් කළේ ඉරටු කෑල්ලකින්... කොහොම හරි එදා එහෙම එලොලා දැම්මා.. මෙන්න අද බලද්දි ආයෙමත් ලට්ට ලොට්ට අරගෙන ඇවිත් ආයෙ පැල පදියම් වෙලා.. මෙව්වා කාට කියන්නද.. ඔහොම ඉද්දි කල්පනා උනෙ ජිවකට උනත් හොද කරන්න බැරි කර්ම රෝග කියලා ජාතියක් තිබ්බ විත්තිය.. 

ඇත්තටම මෙක මං පෙර කර කරුමයක් වෙන්නැති කියලා හිත හිත ඉද්දි ඔන්න මට මතක් වෙනවා කාලෙකට කලින් මම හොයාගත්තු අද කියන්න යන නව නිපැයුම... 

මෙ නවනිපැයුම හිතුනෙ මෙහෙමයි.

දවසක් කොමඩ් එකෙ ඉදගෙන වැඩෙ කරද්දි මෙන්න අර ඇරලා තිබ්බ පැන්ලයිට් එකෙන් කොහෙදො යන අසම්ජ්ජාති මැස්සෙක් ඇතුලට ඇවිත් එහෙ මෙහෙ පියාඹනවා.. මං ඉතින් ක්‍රියෙටුවු මිනිහනේ... මැස්සා දැක්ක ගමන් හිතෙ කොළ පාට බලුප් එක පත්තු උනා! කොමඩ් එකෙ ඉදලා අතෙ දුරින් එයර්ෆ්‍රෙශ්නර් එක තියෙන්නේ... එක ගත්තා අතට. ඔන්න තරගෙට නිතියකුත් දාගත්තා.. කොමඩ් එකෙන් නැකිටින්නැතුව වෙඩි තියන්න ඔනෑ කියලා.. නැතුව මැස්සට අසාදාරනයිනේ.. වෙඩි තියනවා කිව්වෙ එයර්ෆ්රෙශ්නර් ඉහිනවට හොදේ.. අර වටෙටම ඉහෙන පැත්තට නොසල් එක හදලා ඔන්න මං මැස්සට ඉලක්ක කරලා වෙඩි තියනවා.. :D ඔහොම ඔහොම වෙඩි 5ක් 6ක් තියද්දි මැස්සා බිමට වැටුනා.. ඔන්න ඔහොම වැසිකිළිය තුලදි තමයි මගෙ නව නිපැයුමට අඩි තාලම වැටුනේ..  


ඔන්න හෝදගෙන කරගෙන එලියට ඇවිල්ලා කල්පනා කරද්දි මට මතක් උනේ ඩක් හන්ට් ගේම් එක.. අර චුටි කාලේ ටිවි එකට ගහලා තාරාවන්ට වෙඩි තියන්නේ. ඉතිං ඉස්සර මං ඔක ගහද්දි තාත්ත බනිනවා මොනාද ඔය පවුකාර වැඩ කියලා.. මං එක ඇත්තටම ගැහුවෙ ගෙම් එකට තිබ්බ ආසාවටමත් නෙවේ.. මට හෙන අවුලකට තිබ්බෙ කොහොමද එලියෙ ඉදන් වෙඩි තිබ්බාම විදුරුව හරහා ගිහින් තාරවට වදින්නෙ කියලා.. එත් තාත්තා තුවක්කුව කියන්නෙ ළමා මනස මෙව්වා කරන සෙල්ලන් බඩුවක් නිසා එක හන්ගලා තිබ්බා.. -_- 

කොහොම හරි ඒ ඇරියස් එකටමද මං දන්නෑ මම ලයිවු ඩක් හන්ට් ගේම් එකක් හැදුවා.. 

අපෙ අල්ලපු ගෙදර හතු වගාවක් තියෙනවා... එකෙ අයින් කරන ද්‍රව්‍ය විධිමත් ආකරයට බැහැර කරන නිසා අපෙ ගෙදර මුදුලෙ එක කෙළවරක මැස්සො හෙන බහුලයි... කොහොමින් හරි අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරින් සපයගෙන ඒ මුල්ලට ගේම් එක ගහන්න තියෙන්නෙ දැන්.. අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියනවනම්, හෙයර්ස්පේරෙ එකක්. ( ආදේශකයක් විදියට නිකන් ස්ප්‍රේ මැශින් එකකට තිනර්, ටර්වන්ටයින් බ්ලා බ්ලා බ්ලා ඇවිලෙන ද්‍රවයක් දාලා හදාගන්න පුලුවන්. කොහොම උනත් වැඩෙ පිළිවලට කරගන්නනම් සීල් ටයිප් ස්ප්‍රේ එකක් ගන්න එක තමයි හොද.. wd-40ක් උනත් කමක් නෑ.) ලාන්පුවක් හෝ ලයිටරයක් වගෙ දෙයක්.. අර මම හදපු ලයිටරෙ වගෙ එකක් බෑ. 

ඉතින් කරන්න තියෙන්නෙ මැස්සො ගහන තැනට ගිහින් ලාම්පුව පත්තු කරලා එකට ස්ප්‍රේ එක අල්ලන එක මැස්සන්ට ඒම් කරලා.. :) ඉලක්කෙ හරිනම් කිසි කතාවක් නෑ මැස්ස බිම! *මැස්සො ගහන තැන කිව්වෙ බහුල ප්‍රදේශය කියන අර්ථයෙන් හොදේ!
ඔන්න ඔකයි නිපැයුම. කොම වෙතත් ඔය කරපුවා දැන් පඩිසම් දෙනවා කියලා තමයි දැන් හිතෙන්නේ...


ප.ව.
පවු වැඩ රස කර කර කියැවිමෙන් ඔබත් එම පවම අනුමොදන් වූ වගයි.. ආයෙත් මාසා 4කින් 5කින් හම්බෙමු.. (y)  

Tuesday, December 17, 2013

ගෙදරදීම ලයිටරයක් සදාගන්නේ මෙහෙමයි..

වෙනදා වගේ නෙවෙයි ඕන් ඉඔක්මනටම ඊලඟ පොස්ටුවත් අරගෙන ආවා... නාකිවෙලාවත්දෝ කියලා හිතුනාට තාම අත්දැකීම් කියලා තියෙන්නෙ ඒලෙවල් ඕලෙවල් කාලෙ අත්දැකීම් විතරයි... එවගෙනුත් බහුතරයක් කියන්නෙ ඔක්කොම වගෙ ඉස්කොලෙදි හම්බුවිච්චා...


මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ  මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.

ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ!

අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3

කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...

අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.

කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...

වයරින් වැඩ සදහා විමසන්න!
ටික වෙලාවක් කල්පනා කොරන කොට මට වැඩේ තේරුනා.. අපෙ මිත්‍රයා ලයිටරේට වැඩේ දීලා කියලා.. පන්තියෙ කිප දෙනෙක්ට කරන්ට් එක වදින කෑල්ලකින් ආතල් දෙනවත් මම හවස් වරුවෙ දැක්කා.. :D

ඔය අතරෙ තමයි මයෙ මොලෙට ක්‍රියෙටිවු අයිඩියර් එකක් ආවේ... කට්ටිය අතේ තියෙන එකෙන් මොළේ තරම පේනවා කියලා කිව්වාට තාම මයෙ මොළේ කුරොල්ලු වෙලා නැති නිස්සා එහෙන් මෙහෙන් ක්‍රියෙටිවු අයිඩියාස් එනවා..


කොහොමත් පන්තියෙ ඉලෙට්‍රික්‍ බාස් මම! :D
ගත්තා තිනර් පොගොලා අත පිහ පිහ උන්නු රෙදි කැල්ල.. ගැහුවා ප්ලග් එකට මල්ටි මීටරේ ප්‍රොබ් දෙකේ ජැක් දෙක... රෙදිකෑල්ල බිම තියලා ප්‍රොබ් දෙක එකට ගෑව්වා විතරයි මෙන්න ගින්දර! 



ප.ව..
තාම මොළේ නං පොඩ්ඩක්වත් කුරවල්ලු වෙලා නැති උනාට  ඒවා මේවා පානය සෞක්‍යට අහිත කරයි කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.. :)

මල්ටි මිටරේ ප්‍රොබ්ස් කියන්නෙ මෙව්වට

Monday, September 30, 2013

HRM පොත් තියෙනවද?

මේක ඇවිල්ලා කෙටි කතාවක්.. පරිසමාප්ත මෙව්වා එකෙන්ම කෙටියි!

කලින් බුෆෙයාර් කතාවටම අල්ලලා ලියන්න තිබ්බට මට අමතක වෙලා. මං හිතන් හිටියෙ බුක්ෆෙයාර් එකෙ දි සිද්ද විච්ච රසම කෑල්ල මං මුලින්ම ලියන්නටැති කියාලා... කොහොමින් හරි මඟ ඇරුනු කෑල්ල කියලා ඉන්නම්කො!

ඕන් අපි බුක්ෆෙයාර් එකේ වැඩ. කලින් කිව්වත් වගේ පට්ටන් ගහපු කරත්ත රෝද දැකලාම මෙව්වා වෙලා හිටියේ...

ඔය අතරෙ මං පුරුදු උනා දන්නැති පොතක් ගැන ඇහැව්වාම උනත් ඒක දන්නෑ කියන්නැතුව පොර ටෝකක් දෙන්න.

ඒලෙවල් මැත්ස් බයෝ කරන උන්, රශියන් ට්‍රාන්ස්ලේට් හොයපු උන්, එහෙන් ගියාම අට්ටකතා, ටීකා ටිප්පටි වගෙ පොත් හොයපු උන් තමයි මගේ ප්‍රධාන ඉලක්කය උනේ... ඒලෙවල් පොත් හොයපු කට්ටියව කෙලින්ම යැව්වේ සරසවි, ගොඩගේ වගේ එව්වට! රශියන් එව්වා හොයපු කට්ටියව යැව්වා රුසියාව ප්‍රකාශන එකටයි B එකෙ තිබ්බ කොමියුනිස්ට් පාර්ටි එකෙ ස්ටොල් එකටයි.(අපේ ස්ටොල් එකෙත් දැදිගම රොද්‍රිගූගෙ එහෙම පොත් තිබ්බා... එත් රුසියානු පොත් හොයන් ආපු මිනිස්සුන්ව හරවල යැව්වෙ එතන වැඩකරපු අපිට 50%ටවඩා අඩුකරලා පොත් දෙන්න බෑකිව්ව එකට! :3 ) අට්ටකථා අනම් මනම් හොයපු වයෝවෘද කට්ටියව සමයවර්ධන එකටයි කුණ්සේන එකටයි යැව්වා!

ඔයවගෙ හරඹ දක්වන්න බුක්ෆෙයාර් පටන් අරන් දවසක් දෙකක් ගියා.. මොකද අපිත් බුක්ෆෙයර් එකෙ එහෙමෙහෙ ඩිංගක් ඇවිදලා බැලුවාමනෙ අනික් ස්ටොල් ගැන අවබෝදයක් ලැබ්බෙන්නේ...

ඒලෙවල් පොත් වලනම් ලියපු මෑන්ගෙ නම කිව්වම මොකද්ද විශය මොකද්ද පොත කියලා කියන්න පොඩි අවබොදයක් තිබ්බා! රශියන් ට්‍රන්ස්ලෙට්වලටත් එහෙම්මමයි... අහලා නැති නමක් උනත් නම ඇහුනාම මෙහෙ වෙන්නැති කියලා හිතාගන්න පුලුවන්නේ...සිංහල හර බැර පොත්, එව්වයෙ කතෘ වරු ගැන නම් ලොකු අවබොදයක් තිබ්බෙ නෑ.

ඕං සූ ගාලා සෙනග!

මැක්සිම් ගෝර්කි?
                -අරහේ
එනිඩ් බ්...
                -මෙහේ
ඔන්න ඔහොම අරයගෙ මෙයාගෙ පොත් තියෙන්නෙ කොහෙද කියලා අහනවා... මාත් ඉතින් අරහෙ මෙහෙ කියලා උත්තර දෙනව. ඔය අතරෙ ඉතිං කන්නිමහර සුමංගල හාමුදුරුවන්ගෙ, ඩෙස්මන් මොරිස් උන්නැහේගෙ පොත් ගැන එහෙම අහපු උදවියත් නොහිටියෙම නෑ! එවගෙ කට්ටියටනම් අරහෙ මෙහෙ කියලා කියන්නැතුව සාක්කුවෙ දාන් හිටපු මැප් එකෙන් තියෙන තැන පෙන්නලත් දුන්නා.. ඉගන ගන්න උදවියට අපි උදවු කරන්න එපෑය!


ඔය අතරෙ ලස්සන මිස් අක්කා කෙනෙක් මගෙන් අහනවා

එක්ස්කියුස් මී. HRM පොත් තියෙනවද?

කොටිංම කියනවනම් මං හෙන සමීකරනෙකට එන්ටර් වෙලයි හිට්යේ...

මං- අනේ එයාගෙ පොත් නම් නෑනෙ මිස්...
මිස් අක්කා- හි.. හි... මං කිව්වෙ හිවුමන් රිසෝස් මැනේජ්මන්ට් බුක්ස්...
මට කට උත්තර නැති උනා!

මට තියෙන තරහා මේකි එතනින් නවතින්නැතුව,
හෙන අමාරුවෙන් සිංහල අමුණ අමුණ 'මානව...සම්පත් කළමනා...කරණය!' කියලා කියාපු එකට...

පව.
එක අතකට මගෙ වැරැද්ද.. මගෙ නෙවෙයි.. මං හදාගත්තු සමීකරනේ වැරැද්ද.
පොතෙ නම කියලා අහන කට්ටියට ඒවිදිඅයට උත්තර දුන්නා
කතෲගෙ නම කියලා අහන උන්ට, දන්න එකෙක්නම් ඒවිදියට උත්තරදුන්නා.
දන්නැති සිංහල නමක් නම් අදාල සබ්ජෙක්ට් එක අහගත්තා. ඉංග්‍රිසිනම් එයාගෙ පොත් නෑ කියලා හරෝලා යැව්වා..
මගෙ සමීකරනෙ ඇතුලෙ කෙටියෙදුම් කියලා එකක් තිබ්බෙ නෑනේ!

Tuesday, September 24, 2013

මර දූවරු වගෙද බුක්ෆෙයාර් එක!

රෙස්ට් කරනවා කියාපු සතිය ඉවරායි... දැන් ඉතින් සුපුරුදු විදියට වැඩේ පටාන් ගමු...

ඒලෙවල් ඉවර කරලා ට්‍රිප් ගියා! රස්තියාදු ගැහුව්වා... ඔක්කොමත් කාරිය ඉවර කරලා ටෙම්පරි ජොබ් කට්ටකුත් කරා... බුක් ෆෙයාර් එකේ සේල්ස් වැඩක්... 
සේල්ස් කිව්වාට සේල්ස් ඇර අනික් හැම දෙයක්ම කරා... පොත් ඇද්ද. බැනර් එල්ලුවා. ලයිට් දැම්මා... අතුගෑවා.. ඔයිට අමතරවා බිල් ගහන උන් කන්ට ගියාම බිලුත් දැම්ම... සේල්ස් ඇරෙන්න කියාල කිව්වෙ මේකයි... 
කස්ටමස්ලා අහන ප්‍රශ්න සහ මගේ පිළිතුරු

-අහවල් පොත තියෙනවද? 
           නෑ සාර්.. සරසවි එකෙ බැලුවෙ නැද්ද?
-මේව්වා ගැන පොත් නැද්ද?
           නෑ මිස් ගුණසේන එකේ බලන්ට.
-පුතා මේ පොත දෙන්න.
           ම්ම්ම් සර් අපි සුරස නෙවෙයි. අකුරු පැටලිලා... :)

ඔය අතරෙ...
-අයියෙ මේ පොත් කොහෙද තියෙන්නෙ?
           [පැණි හිනාවක් දාලා] අනේ නංගියො අපි ඒලෙවල් පොත් නම් කරන්නෙ නෑනේ... ;)

ඒත් ඉතින් ඔය එකියෙක්වත් අපිව පඩේකට ගනන් ගත්තෙ නෑ..... මොකද ඉතින් අපි සේල්ස්ලානේ.. එයාලා කස්ටමර් නොනලයි මහත්තුරුයිනේ... :D

කොහොමින් කොහොමින් හරි අපි පොත් නොවික්කෙමත් නෑ...

ඇන්ටි පාරක්- මේ රේන්ද පොත් නැද්ද?
           මිස් රේන්ද පොත්නං නෑ... ම්ම්ම් ලස්සන වැසිලිස්සා දෙන්නද.. :P
එනවා මෙතන ඒයි මේයි ගාන්ට!

නානාප්‍රකාරෙ සිද්දි අතරෙ හොඳම සිද්දිය ඒකමත් නෙවේ.. ඒ කලින් කියපු ඇන්ටි පාර ඇතුලු ඇන්ටි, අක්කා, නංගි, ආච්චි ආදි කන්තා පාරවල් ගැනයි කියන්ට තියෙන්නෙ...


පෝය දවසෙ පංසලකට යන්නැතුව කරත්ත රෝදෙට පට්ටම ගැහුව්වා වගේ ඇඳන් එනවා කාරිය... එහෙන් සැම්න් ටින් එක වගේ හිර වෙනවා... මර දූවරු ආවත් ඉවසන්නම්. ඒත් මෙව්වා! අයි දෙයියනෙ අපිත් මස්-මාළු කනවනේ....

ප.ව.

බුක් ෆෙයාර් එකෙන් විච්ච හොදම දේ කාලයක් තිස්සෙ හොයාපු 'නිරුවත් ගැහැණිය' හම්බුනා.
තව එකක්...

 ජිවිතෙට කරපු පළවෙනි රස්සව සහ පළවෙනි පඬිය... :D

Friday, October 19, 2012

සුළා-Bones Park™ මුල්ගල් තැබීමේ උත්සවය..

හපොයි අද ඔන්න මකුණුදැල් කඩලා අහක් කරලා ආවා ඔන් පොස්ට් කෑල්ලක් දාන්ට.. අදනම් බල්ලො කැත කරලා නැති හැඩයි... :D

මුල්ගල් තැබිමේ මෙව්වා එකක් කිව්වාම ඉතින් වැදගත් වැඩක් නෙව.. මෙන්න මෙහෙම පටන් ගමු..

ඇත්තටම කියනවනම් මේක මගේ හය හතර තේරෙන්න පටන් ගත්තු කාලෙ ඉදන් තිබුණු ආසවක්.. මොකෙක් හරි සතෙක්ගේ ඇට කෑලි  එක්කහු කරලා ඇට සැකිල්ලක් හදා ගන්න එක.. :D

 පුංචිම කාලෙ ඉස්සරහා ඉඩමක් සුද්ද කරද්දි ලස්සනට කුණකට්ටෙක්(ගෙයැයි සැක කරපු) ඇට සැකිල්ලක් හම්බ උනා... අත්තක එතිලා මැරිලා තියෙන්නේ.. ඇඟේ කොටස් කොටස් අඩු උනාට ලස්සනට ඌ හිටියා.. පිය තුමන්ගෙත් උපකාර ඇතිව ඒක ගෙදරට ගෙනල්ල පොඩි පෙට්ටි කෑල්ලක දමාලා කාමරෙන් තියන් හිටියා ආසවට..  ඒත් ඉතිං මවුතුමිය පොඩි එකාගැන දක්වන සෙනෙහස් වැඩි කමට ඌගේ දත් වල විස ඇතයි කියාලා ඒක පහුව දා වීසික් කර්ලා තිබුනා.. :(

ඔන්න ඒ දවස්වල  තමයි මේ ඇට සැකිළි ඇට කටු එක්කාහු කරන මේනියාව පොඩි එකාගෙ හිතට එන්නේ.. සිග්මන් ෆ්ලොඩ් උන්නැහෙත් කියාලා තියෙනවනේ කුඩා කාලෙදි හිතට කාවැදුනු එව්වා වැඩි හිටියා වෙනකොට එළියට දාන්න උත්සහ ගන්නවයි කියලා.. මෑන් කිව්වා කෙසේ වෙතත් මිනිහට අවුරුදු 2450ට විතර උඩදි අපේ බුදුහාමුදුරුවොත් එක ගැන ලස්සනට කියලා තියෙනවා.. හැක් හැක් දැන් කියයිද දන්නේ නෑ අර ඇඟිලි සළෑකුණත් අල්ලහ් මැව්වා වගේ අවුරුදු 1000කට විතර උඩදිත් හිනෙන් ඇවිදින් මේ කතාවම කිව්වයි කියාලා.. ලොල්.. හා හා ඔය කවුරු මොනවා කිව්වත් ඒක නෙව ලොක දර්මතාවය! කොහොම හරි අද ඇඟිල්ලාට මාරම හැපි දිනයක් වෙන්නෙ අන්න ඒ පොඩි කාලේ යතාර්තයක් නොවුනු හිනය අද යතාරතයක් උණු හන්ද.. :D

ඉදින් බිදවැටුනු පොඩි එකාගේ හිනෙත් හිතේ තියාගෙන ඉදිදි තමයි මිනිහට ගෙදරට ඇවිත් අභාවප්‍රාප්ත කරණලද ගෝණුස්සෙක් හම්බ වෙන්නේ.. ඔය දවස් වල පොඩි එකා පත පොත කියවලා ලබාගත් දැණුමින් ගෝණුස්සගේ හම දියකරලා ඇට සැකිල්ල ගන්නයි ලෑස්ති වෙන්නේ.. බොහෝම තනුක ක්‍රෝස්ටික් සෝඩා ද්‍රාවනයක මෘත දේහය ගිල්වලා නැටෙව්වාම පොතේ හැටියට ඇට සැකිල්ල ඉතුරු වෙලා මස් දිව වෙලා යනට ඔනෑ.. ඒත් ඔය මැද්දට පැනපු අක්කා තුමිය "ගොනුස්සන්ට කොහෙන්ද මොඩයො ඇට සැකිලි?" යනුවෙන් අහපු ප්‍රස්නය තාමත් දොන්කාර දෙනවා.. ඒ දවස්වල හය හතර ඉගන ගත්තට ආත්‍රපෝඩාවො කියන්නේ අපෘශ්ටවංශීන් කියාල දැනන් උන්නේ නෑනේ.. කොහොමොන් හරි කඩ උනු බලාපොරොත්තුත් එක්කලා මම ඉගන ගත්තා ගොනුස්සන්ගෙ ඇට සැකිළි කෙසේවෙතත් රත්කරන්න ගන්න ඇලුමිනියම් හට්ටිය ක්‍රොස්ටික් සෝසාවල දිය වෙනවයි කියල ඉගන ගත්තා!

ඉතිං කොහොමින් හරි 8, 9 පංතියට එනකොට යමක් කමක් ඉගනගෙන තිබ්බ හන්දා ඊලග ඉලක්කය උනේ බල්ලක් අල්ලපු ගෙම්බෙක්ව! ඔක්කොම ආම්පන්න ලැස්ති කරන් වැඩේට බැස්සට අත්දැකිම් අල්ප නිසා කොච්චර ක්‍රොස්ටික සොඩා සාන්ද්‍රනයක් ඔනෑද කියලා හිතාගනට බැරුව හිටියේ...කොකටත් කියලා යහමින් දාලා වැඩේ කරා.. ඒත් අවාසනාවක මහත අන්තිමට ඉතිරු උනු ඇට කෑලි අතින් තියා ටුවිසරෙන් අල්ලදිත් පිටි වෙන තරමට දියවෙලා.. එතකොට තමයි තේරුනේ ඇළුමිනියම් දිය උනු එකෙ ඇටසැකිලි ඉතුරුවෙයිද කියලා හිතුනේ..  ඒත් පොතේ තිබුනේ එහෙමනේ.. o.O

ඊලඟ ඉලක්කය උනේ පූසා අල්ලපු කුරුළුපැටියෙක්... නැටවිමට ලොහ නොවන හට්ටියක් හොයලා හොයල බැරිම තැන අවුරුද්දට කිරි උතුරපු මුට්ටිය ගත්තා.. :D ලිප්ගල් බැදගෙන කාරියට ලැස්ති වෙලා බොහොම සුළු ක්‍රොස්ටික් සොඩා සාන්ද්‍රනයක් යටතේ වැඩේ කොරා... ඒත් වැඩේ ඒ හැටි සාර්තක උනේ නැත්තේ මූ පැටියෙක් නිසා ඇස්ති එච්චර හයිය නැති විම කියලා හිතන් හිටියට පහු කාලිනව තේරුන් ගියේ පියාබන්න පක්ෂීන්ගෙ අස්ති ගොඩාක් සැහැල්ලු වෙන්න අරයා මවල තියෙන්නෙ කියලා.

ඉතින්  මේක අසන්තතික කාලසිමවක් නෙවෙයි ඔය අතරේ කුරුල්ලො කටුස්සො ගෙම්බො මීයෝ මගේ ලිප තුල තැම්බුනා.. හැබැයි එකෙක්වත් මං ඇටසැකිලි ගැනිම අරබයා මැරුවේ නෑ හරිය! මැරිච්ච උන් ගත්තේ.. එව්වත් විවිද මට්ටමින් සාර්තක උනේ නෑ...

ඒත් මේ ලගදි දවසක පවුලේ පොදුසුසාන භූමිය අස්පස් කරද්දි මං ශේපට එතන හැරුව.. :D අන්න එතනින් ගොඩගත්තු අපේ පවුලේම සාම්ජිකයො තෙපළකගෙ ඇට කොටස්  මෙන්න මේවිදියට එක්කහු කරගත්තා!

ප.ව..
 ඔන්න ඉතින් මේ ඇට සැකිළි එකතුව සුළා-Bones Park™  කියලා නමකින් අන්තර්ජාලය තුල  ඇද ඉදන් රෙජිස්ටැර් කොරා ඕන්.. ෆ්ලොයිඩ් කිව්වා වගේ තාම ගෙඩි පිටින් වැදිටියෙක් වෙලා නෑනේ.. පොඩි එකානේ ඉතින් තාමත්.. මේ එක පියවරක් විතරයි ඕන්.. අනාගතයේදි සත්තු ගොඩාරියකගෙ ඇට සැකිළි එක්කහු කරලා ලොකූ...... මෙව්වා එකක් හදන්නයි හිතන් ඉන්නේ... :D :D :D :D
ඉතින් මේකට විශේශ ඉස්තූතිය හැදුවැඩූ දෙමාපියන්ට පිරි නමන අතර විශේෂ එකෙත් හොදම එක පියතුමන්ට තමයි ඉතින්... :D (අම්මත් ඉතින් සහයෝග දැක්කුවා... මේක ඉතින් විසබීජ එක්කලා කරන සෙල්ලමක් හන්ද.. ලයිට් බෝයි කෑල්ලකුයි හෑන්ඩ් ග්ලවුස් පෙට්ටියකුයි ගෙනත් දුන්නා..)

එහෙනම් මං ගියා.. මගේ වැඩ්ට ජය වේවා! :D

Friday, May 25, 2012

එපමණයි෴

ඔබ්සර්වර් මාමා නැති උනා... එදා අවුරුදු උත්සවෙ දවසෙ එකටම හිදන් මාත් ලොකු උන් කරපු එක්කලා උන්නා... දැන් ඉතින් මගෙ පොස්ටු වලට කමෙන්ට් එකක් දන්න එකෙක් අඩු උනා....

ඒත් අද මට මගෙ පොස්ටු 1000ට අදහස් දෙන්න එකෙක් නැති වෙලා.. :/ ඊයෙ උගෙ අවසන් කටයුතු... පත්තර කිපයකමයි ටි වි චැනල් කිපයකමයි ගිහින් තිබ්බ මෙක ගැන..



මං කවදාවත් හිතුවෙ නෑ උගෙ නම මුලින්ම මේවගේ හෙතුවක් හන්ද පත්තරෙ මුලින්ම යයි කියලා... හරිනම් මුලින්ම අපෙ රුතාගෙ නම පත්තරෙට යන්න ඔනි අලුත් දෙයක් හොයා ගත්තා කියලා..

රුතා, උබ ඉස්සර අපිත් එක්ක කියපු අලුත් තියරි අපිට තෙරුම් ගන්න බැරි උනා. සමහරක් දාට උබට පිස්සු කියලා අපි හිනා උනා... අවුලක් නෑ උබ දැන් අපිව දාල ගිහින් උබ කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් මනස දිවුණු එවුන් ඉන්න තැනක ඉපදියන් මචන්.. එතකොට එතන උන් කවදාවත් අපි වගෙ උබට කිණ්ඩියට හිනා වෙන එකක් නෑ..

අපි එක්සිබිශන් දවස් වල ගත්තු ආතල් මතක් කර කර හැමදාම හිනා වෙවි හිටියා... උබ උස්සපු බිම බොතල් රෙකොඩ් එක අපි කාටවත් කඩන්න බැරි උනා... පස්සෙ එදා අපි පූල් එකට පැනල ගත්තු ආතල් එක.. එදා රෑ අපි පූල් එකේ ෆිල්ටරේ ගාව තාප්පෙ දිගෙ යනොකොට මගේ අර වෙවුලන අවුල තියෙන හන්ද උබ මාව අල්ලන් ගියෙ.. ෆිලටරෙට වැටෙන්න නම් එපා කියලා.. පැය ගානක් පුල් එකෙ බැහැන් ඉදලා අපි ජොක්කු පිටින් පිට්ටනියෙ දුවපු විදිය..

ඇයි අපි ඒ දවස් ටිකෙ සෙට් වෙලා දුන්නු ගේම්.. බීම. ලැප් ටොප්, සීඩී, කැමරා.. අඩො මට එවල ලාබේ උබේ  අතට දෙන්න බැරි උනා බං.. දැන් මට එවයෙ මගෙ කොටසත් එපා.. එ ඔක්කොම උබ වෙනුවෙන් මං මොකක් හරි පින් කමක් කරන්නම්..

එක්සිබිශන් පටන් ගන්න කලින් අපි ගහපු නයිටවල්.. අපි දෙන්න සෙට් වෙලා මුලුපන්තියම යන්න් හරි අටෝ ගත්තා.. පස්සෙ ලබන අවුරුද්දෙ Scientia එක කරන්නත් අපි ප්ලෑන් කරන් හිටියේ.. දැන් මං කොහොමද බං ඒකෙ වැඩ කරන්නේ...

ඇයි එකසිබිශන් ඉවර වෙලා පස්සෙ දවස් ටිකේ... අපි දෙන්න සෙක්ශන් එකෙම තිබ්බ ඉස්පිකර් ටිකට ගේම දුන්නේ... අන්තිමේ අපිට ගෙදර ගෙනියන්න බැරිගානට බෑග් පිරිලා  නේද බං.. මගේ කොන්දෙ අමාරුවකුත් හැදුනා ඒ බෑග් එකක් ගෙදර ගෙනියන්න ගිහින්..

හැමොම ඉස්කොලෙන් එලියට පනිද්දි උබට මතකද දවසක් අපි දෙන්න තාපෙන් ඉස්කොලෙ ඇතුලට පැන්නා.. මගේ කොන්ඩෙ වැඩි කියලා. අන්තිමෙ අපි මාට්ටු වෙලා ඔෆිස් එකටට් ගියා.. උබ 6 ඉදන් ඉස්කොලෙ ඉදල එදා තමා වැරැද්දක් කරලා ඔෆිස් එකට ගිය පලවෙනි දවස.. ඒත් ඒ මං හන්දා..

අන්න බයො වලටත් ලකුණු දිලලු බං.. අපෙ ලකුණු දන්නෙ නෑ.. ඒත් අර විභාගෙ ලකුණු දෙද්දි ඔක්කොමලා මූඩ් අප්සට් ගහලා එක්සිබිශන් එකට බැනිද්දි උබයි මායි හිනා වෙවි තවත් දවස් දෙකක් එක්සිබිශ්න් තියන්න තිබ්බා කිය කිය හිටියෙ බං.. එතකොට තමා උබ මට කියලා දුන්නෙ දහස් ගානක් අඬන්න තරන් හෙතුවක් තියෙද්දි උනත් අපි හිනා වෙවි ඉන්න තියෙනවන්ම් එක්කෙන් අපේ දුක සම්පුර්නයෙන් නැති කර ගන්න පුලුවන් කියලා. ඒත් මට උබේ මරනේ දවසෙ හිනා වෙලා උබ කියපු විදියට ඉන්න බැරි උනා බං. සමවෙයන්..

උබට තමයි අපි රිජිෆෝම් කපන්න දුන්නේ.. උබ නිකන් මැශින් එකෙක්න් කැපුවා වගේ ඒවා කපනවා... ඇයි කටයමක් චිත්‍රයක් ඇදගන්න ඔනි උනාමත් උබටම තමයි දෙන්නේ.. ඒත් අපිට උබේ මල ගෙදර තොරනේ කැටයම කාපා ගන්න උබ නැතුව මාර කට්ටක් බං කෑවේ.. සමහරක් විට උබ කොහාට හරි වෙලා අපිට ඒ දවස් වල වගේ හරියට වැඩක් කරගන්න බෑ කියලා බැන බැන ඉන්නැති නේද බං..

ඊයෙ මලගෙදර ආපු කට්ටියට අලියා බීම දෙද්දිත් අපි සෙට් එක අම්බානෙට අඩුවෙ එදා උස්සපු බිම බොතල් 106 මතක් වෙලා බං..අහ් අර තොරන අලවන්න ගත්තෙත් උබම ගල් කරපු සිලිකොන් එකක්.. උබ හොද වෙලාවට මට කියලා තිබ්බෙ ඒක ඩීප්‍රිශර් එකට දානවයි කියලා..



හ්ම්ම්ම්.. උබ හරිනම් ඊයෙ අපේ ගෙදර ඇවිත් පාඩම් කරන්න ඔනි...ගිය සිකුරාද රෑ අපේ ගෙදර ඉදලා සෙනසුරාද ක්ලාස් එකෙත් මාත් එක්ක එකට ඉදලා ඇයි බං උබ තනියෙන් ගියේ.. :/එදා රෑ අපි පාඩන් කරනව කියලා අම්මට කියල ගෙදර ගිය වෙලෙ ඉදන් රෑ වෙනකන් අපි කරපු දෙවලුයි ඉස්සරහට කරන්න තියෙන දෙවලුයි ප්ලෑන් කරේ.. තව අපි සර් ලට පෙරලන්න හොද බාල්දි හැදුවා මතකද? උබ මට එදා ජය ගඟේ වතුර උඩට ගෙනිච්ච විදියත් කියලා දුන්න. ඒක මට තෙරුනේ නෑ බං. ඒක තාම කවුරුවත් හොයාගෙනවත් නැති එකක් ලු. ඇයි එදා රෑ මං මදුරුවො මරද්දි උබ මට කියලා දුන්නෙ 'මදුරුවට සාපේක්ෂව උබේ තරම හිතපන්. පස්සෙ ඒ පරිමානෙට උබට වඩා ලොකු එකෙක් ගහැවොත් මොකද වෙන්නෙ කියලා හිතල මදුරුවො මරන්න එපා'කිව්වේ..

තව උබට ඔය හම්බෙන බොන්නෙපා  අරව මේව හැම හැන්ඩ් බිල් එකක් ම මට ගෙනත් දෙනවා. උබ මං වගේ නෙවෙ බං. බියර් එකක්වත් බිව්වෙ නෑ.. මං දානවා උබ හොද තැනකට යනවා කියලා අනිවාරයයෙන්ම. මට මතක් වෙන හැමදේම කියන්න මට වචන එන්නෙ නෑ බං දැන්.. මං නවතින්නම්... අහ් තව මං උබේ කැමත්තත් ඉශ්ඨ කරන්නම්. මං බයො ටෙක්නොජජි පැත්තෙන් උබ හිතන් හිටිය වගෙ ඉස්සරහට ගියොත් හරක් මස් කන උන්ට විතරක් බොවෙන ලෙඩක් හදන්න විසබිජයක් හදන්නම් මචන්.. ඒ නැත්ත මං පොලිටිකල් පැත්තෙන් ගිහින් උබ කැමති විදියට ලංකාව හම්බයො නැති කරන්නම් බං.. උබ ඔතෙන්ට වෙලා මට පොඩ්ඩක් ඒ වැඩ ටිකට උදව් කරහන්කො..

උබට මං කිව්ව වගෙ මනස දියුනු තැනක ඉපදෙන්න චුට්ටක් හරි පිං මදි උනත් මගෙම පුතෙක් වෙලා ඉපදියන් බං.. ඒ ඇරෙන්න උබ ආයි මේ ජරා මනුස්ස ලොකෙ පැත්තෙවත් එන්නෙපා බං. උබට සුබ රාත්‍රියක් මචන්..

ප.ව.
මට අන්තිමේ උබේ මරනෙට කර ගහ ගන්නත් බැරු උනා බං.. මට උබව උස්සන් යන්න ජිල්තු තිබ්බෙ නෑ... ඒකට අවුලක් ගන්නෙපා බං.. :'(

Sunday, April 1, 2012

විසේ වැඩි මදුරු 'ඇන්ටිලාව' මෙල්ල කරන්නේ කොහොමද?

අනේ අපොච්චියේ... හැමදාමත් වගේ හුඟදාසකට පස්සෙ බ්ලොග් කෑල්ලට පය ගහලා බල්ලො ඈක්කා කරපුව අහක් කරලා ඕන් වැඩේට බැස්සා... මේ දවස් ටිකේ බ්ලොග් කෑල්ලෙ තියා ඇෆ් බි එකේවත් සැරිසරන්ට වෙලාවක් ලැබුනේ නෑ නොවැ... ඉක්කොල කෑල්ලෙ තිබුනා මෙව්වා අභිමන් කියල ඇක්සිබිශන් කෑල්ල.. අපේ ඉතින් පුක ඉක්කා ගහන හන්දද මංදා අපිල නම් ඔන් පාඩම් වැඩ පසක ලා එයිකට වැඩ කොරා... දැන් තමයි හිතට නිවනක් ලැබුනේ... :D

මං ඒ ඇක්සිබිශන් එකට කේවලව ඉදිරිපත් කරේ පොඩි බඩ්ඩක්.. මදුරු මර්දනයට නව නිපැයුමක්... මේක හැබැහැටම දුසිරිතෙන් වැලැකිලා කරනට පුලුවන් ක්‍රමයක්.. හැමොම වගේ පුදුම වෙවි පර පන නසන්නෙ නැතුව කොහොමද මදුරුවන්ව මර්දනය කරන්නේ කියලා... ඒත් මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි දැන්... මං ඒ පුදුමය යතාර්තයක් බවට පත් කරා...

මෙන්න මෙහෙමයි... මේක ගෙදොර දොරේ තියෙන පොඩි පොඩි බඩු බාහිරාදියෙන් කරගනට පුලුවන් කම මේකේ තියෙන සුවිශේශත්වය. මුලින්ම හොදට පිරිසිදු සංවෘත්ත කෝප්පයක් ගන්ටෝනේ.. පස්සෙ ගෘහාශ්‍රිතව මදුරුවො සැරි සරනවනේ.. අපිට දශට කරන්නේ ගෑණු මදුරුවො විතරක් හින්දා අපි පිරිමි මදුරුවන්ව මර්දනය කරලා හරියන්නෙ නෑ. අන්න එක හින්දා කලින් කියපු විදියට එහෙ මෙහෙ පියාබන මදුරුවන්ගෙන් ගෑණුමදුරුවන්ව වෙන් කරලා අරන් තිරස් මේසයක් උඩට එනකන් ඉන්ටෝනේ.. පස්සෙ අපි සපය ගත්තු පිරිසිදු කොප්පයෙන් ක්ෂනික මදුරුවව වහලා අහක්කලා හෙමිහිට යටින් ගනකම් කඩදාසියක් යවලා කොප්පෙ මුඛය ආවරනය කර ගන්ටෝනේ. මේ අවස්තාව තමයි ගොඩාක් සැලකිල්ලෙන් කරන්ට ඔනේ.. මොකො කියනවනම් අපේ ගෑණු වගේම තමයි මදුරු ගෑණුත්. මේ වගේ කොප්ප වලින් වහලා තනිකරගත්තාම මාර විදියට බය වෙනවා. අයි දෙයියනේ දෙයක් උනාම කාන්තා හා ළමාරක්ෂන මෙව්වා එකට කියලා වැඩක් තියේය... ඒක හන්දා අපි අපි බොහොම ප්‍රවේසමෙන් කොළයක් මාර්ගයෙන් කෝප්පේ මුකය ආවරනය කොරන් අහක්කලා විවෘත්තව තියෙන ජනේලයක් අසලට ගිල්ලා ඌව එලියට නිදහස් කරලා ටක්ගාලා දොර වහ ගන්ටෝනේ...
ප්‍රදර්ශනය අතර-තුර නරබන්නො විවිද ප්‍රස්න ඇහුවා මේක සම්බන්දයෙන්..
කට්ටියක් ඇහුවා ඇයි ඇයි ඇරලා තියෙන ජනේලකින් දාන්නේ වහල තියෙන එකක් ඇරලා දාන බැරිද කියලා..
ඉතිං දෙයියනේ වහලා තියෙන එකක් අරින්ට ගියාම මැදිරි පැනලා ගියොත්! ඒක තමයි දෙනට තියෙන උත්තරේ..
තවත් සමහරක් කිවා මේකින් එලියට අත රින එකා ආයේ ඇතුලට ඒවි කියලා... අර ටෙස්ටියුබ් සමබන්දා බාලිකාවියකගේ ප්‍රස්නයක්!.. ;) ඉතින් මං ප්‍රති ප්‍රස්නයක් යොමුකරා ඔයාව අපි මේ කාමරේට දාගෙන තියන් ඉදලා ටිකවෙලාවකින් අත ඇරියොත් ඔයා ආපහු මේපැත්තේ එනවද කියලා.. හැක් හැක්.. පිටිපස්සෙ ඉදන් එකෙක් "මාස කියකින්ද මංදා මොකද්ද මංදා සහතිකේකට අත්සන් ගනට නම් ආයේ එනට වෙයි" කියලා සිහි කැදවිමක් කරනවා මට ලාවට ඇහුනා... :D
කොව්වා කොහොම උනත් මදුරු ඇන්ටිලාව මෙල්ල කරන හැටි බලන්න කට්ටිය වැල නොකැඩි ආපු විදිය මතක් වෙන කොට ඉක්කා ගහපු තැනෙනුත් හින යනවා.. හැක් හැක්... :D




ප.ව.
මෙහි දෙවෙනි කොටස එනම්, තුන්වෙනි සිල්පදය මදුරුවනටත් හදුනවා දීමේ නිර්මානය නොබෝදිනකින් බලා පොරොත්තු වන්න!

Sunday, January 8, 2012

අවිද්ද පය 1000ක් වටී කියලා ගිය හයි වේ ගමන....

පෝස්ටුව ලිව්වේ.. 2012.01.08 වෙනිදා. පබ්ලිස් කොරන්ට ප්‍රමාද උනේ පොටෝ කෑලි හෙව්වා. එව්ව හොය හොය උන්නොත් මට මේක පබ්ලිස් කොරන්ට වෙන්නෙ ඊලග මෙව්වා එකට. ඒක නිසා දැන් පබ්ලිස් කොරා. පොටෝ කෑලි ටික ලැබුනාම අයේ අප්ඩේට් කොරන්නම්.. අහ් අමතක කොරන්ට එපා හොට් හොට් එව්වත් තියේ.. :D
________________________________________________

ඕන් දැන් තමා නා කා අහවර වෙලා බ්ලොගර් කෑල්ල පැත්තේ ආවේ.. වෙන්දා නාද්දි කටට ලුණු රස දැන්නෙ දාඩිය හන්ද.. අද ඊට වඩා ලුණු රසක් ආවනේ බොලැවු... :D ඒ මදිවට දනිහිස් යටිපතු පුප්රු ගහනවා කොරල් පර ඇනිලා... අහවල් එකක් කියන්ට නෙවේ ඕන් ආවේ...  ඊයේ බ්ලොග් ලියන කියෝන ඈයන්ගේ ගෙට්ටු ගෙද'ගර් එක ගැන හිච්චක්  ලියලා යනට... :D

ඔන්න දවස.. ඒ කියන්නේ ඊයේ.. අහ් අමතක උනානේ.. ඊයේ උදේ පාන්දරම අමතර පංතියක් වැටිලා.. මට කලින් අවුරුද්දෙ මුල් සතියේ ක්ලාස් යන්ට බැරි උනා නොවැ.. ඉතිං 2014 ඇබරුනු නව පන්තියක්... උදේ 7ට තියෙන්නෙ. ඉස්සරහම පොලිම අල්ල ගන්ටෝනෙ නිසා ඕන් මං ගෙයින් එලියට 5.30 වෙද්දි බැස්සා... බත් කන මෙව්ව එක ඉස්සරහට ටියලා මං ඕන් කොටුව බලා පිටත් වෙනවා.. ඔය අතරේ පෝන් එක ඔන් කරා විතරයි ඇස් ඇම් ඇස් මහ කන්දරාවක් ඇදන් වැටෙනවා.. ඒ මදිවට කෝල්... නිතරම පෝන් එක ඕප් එකේ තියන්නේ.. කොහෙද මේ ගෑණු ලමයින්ගෙන් කරදරේනෙහ්... :D කොහොමින් බස් එකට නැගලා කරිය විනාඩියක් යන්ට උනේ නෑ ආපු පලවෙනි කෝල් එකටම ආන්සර් කොරා.. අහ් නාකියා... නාකියා අනුරාදපුරේ ඉදලාම ඇවිද්දිල්ලා ගමං මහින්සිය නිවා ගන්ට වෙන්ටෑ.. ඉස්ටේසම ඇතුලට වෙලා ඉදගෙන මට කොල් කොරනවා.. මට ඉතින් කිව හැකියෑ මම තාම බස් එකට නැග්ග ගමන්ය කියලා.. ඉදහන් ඉදහන් මං එනවා.. මේ ලඟ.. මේ ගොනා අහනවා අහ් මං දැන් එලියට එන්නද කියලා..මං ඇවිත් කොල් එකක්  දුනාම එලියට වර කියල අහක්කලා පෝන් එක තියලා ආපු මැසේජ්ජු කියෙව්වා...

ම්ම්ම්.. මචන් මං මතක වස්තුව ලියන පවනි තරංගා.. අප්පට හුඩු.. යකො නොදකින් දැන් කාලෙ හැදෙන කෙල්ලො කතාකරන්නවත් දන්නෙ නැති හැටි කියලා උට බැන බැන රිප්ලයි එකකුත් යවලා අනික් එව්වත් බැලුවා. අහ් සාටරයට එන්න වෙන්නෙ නෑ සහ තවත් කතා කියලා අපේ පසිදුත් දිග හෑල්ලක් පිටු 4, 5ක මැසේජුවකින් දනෝලා තිබ්බා... 

ඔහොම කොහොම හරි තව කවුද මංද එකෙක් මට කොල් කරලා කියාපි මල්ලි බෝ ගහ යටට වරෙන්. ඔනිනම් දුමක් එහෙම දාත හැකිය කියලා... කවුද දන්නෙත් නෑ හා හා කියලා කිව්වට මොකද කාක්කො කක්කා කරන කරන තැන බෝ ගස් පැල වෙලා කොටුවෙ වැඩිහරියක්ම තියෙන්නෙ බො ගස් නොවැ. දැන් හොයාපන්කො බො ගහන්ක්.. කොහොමින් හරි පොලිස් මෙව්වා එකක් තියෙන බෝ ගහ යටට මං ගිහිල්ල අරූ කො කියලා අනෙවත් විමසද්දි අර ඉස්ටේසන් එක ලග තියෙන බෝ ගහ යටට එන්ටය කියලා ආයෙ කිය්නවා.. ඒ අයියාගෙ මව පියා භාරකරු සැමම සිහි කරමින් ඉස්ටේසම බලා පිටත් උනේ මං සැදැ සිතින්..

ඉතින් එතන ඉස්ටේශම ඉස්සරහට ගොහිල්ලා අහක්කලා අර කාක් කක්කුස්සිය තියෙන පිලිමෙ යටට  වෙලා මාත් කස්ටියව එක්කාසු කොරා.. පස්සෙ අපේ අස්සෙ හිටපු පවනි අක්කා අපි විටමින් කූරක් එහෙම ගහලා ප්ලේන්ටියක් ගහලා යමන්ය කියලා අද හස දුන්නත් දේවා අයියා ඒක ප්‍රතික්ශේප කොරේ තවත් පරක්කු උනොත් අරහේ ඈයො අපි ගැන මොනවා හිතයිද කියන බයට.. පස්සෙ නම් හිතුනා ප්ලේන්ටියක් විටමින් කූරක් නෙවේ හොද බාර් එකක් අල්ලලා ටිකක් සප්පයන් වෙලා ගියත් වෙලාව ඇතිය කියලා. අහ් අනික් එක ඒ අදහස දුන්න අයිය පවනිය කියලා දැන ගත්තේ පස්සෙ හොදේ.. :D

ඉතින් කොහොමෙන් හරි අපි තුමන් ලා කට්ටිය බස් එකට අනෙග්ගට මොකො කාව හරි දාලා ආවදෝ කියලා සංකාවක් මයේ මෙව්ව එකේ තිබ්බා.. :) කොහොමින් හරි "ක්ලාස් යන්ට ආස උනත් යන්නෙ අපි ඒ දිහාවත් නොබලා...." කියලා ක්ලාස් තිබුනු තැනත් පහු කොරලා කරිය කොන්දොස්තර මහත්තයාගෙත් සහය ඇතිව අපි  කොට්ටාව පොලිසිය හොයාගෙන ඇවිල්ලා කොමාශල් බැන්කුව ඉස්සරහට ගියයි කියමුකො... ඔන්න එනකොටම කට්ටිය අත්පොලසන්නාදයකින් මාව පිලිගත්තායි කියමුකො... ඕන් එතන ඉන්න උදවියගෙන් දිලීප, උදියා, හසි අක්කා, ඇරෙන්ට මුනින් ද්න්න කෙනෙක්නම් හිටියෙ නෑ ඕන්.. කොහොමෙන් හරි අවට අත පත ගාගෙන ගොහිල්ලා අබේ පාල මාමට මං කවුද කියලා හදුන්වා දුන්නා... :D මයේ අතිජාත මෙව්වා එක්කෙනා නොවැ... 

ඉතින් කොහොමෙන් හරි අපිට හසි අක්කා බෙරිහන් දුන්නෙ මේන් බස් එක පිටත් වෙන්ට හදනවා වගේ.. ඉතින් මාත් දඩිබිඩි ගාලා දූලා ගිහින් පස්ස පැත්තෙ සීට් එකේ ජනේලයක් අයින අල්ලා ගත්තා. කොහොම හරි බලාගෙන ඉදලා ඉදලා දිලිපයයි මමයි ශරීර කෘත්‍ය සදහා එලිය බහිද්දිත් අපේ හසි අක්ක බෙරිහන් දුන්නේ ඕන් දැන් පිටත් වෙනා වගේ.. අහ් ඔය අතරෙදිම තමයි අපේ අබේ පාල මාමා අනික් උන්ට මාව අදුන්වා දෙන්නේ.. මූ පිස්සුවක් කෙලියොත් කනට ගහලා වයි වේ කියලා බලන්නෙ නැතුව බස්ස පං කියලා. කොහොම හරි අපි කොට්ටාව පැත්තෙ හොද කඩයක් හොයාගෙන ගිහිල්ලා ගිල්ලා ඕන් යන්තන් එක කඩයක් හම්බුනා.. ඒකට යනකොටම එක මාම කෙනෙක් දුමක් දාගෙනම එනවා එලියට... ඉතින් මං දිලියව යැව්වයි කියමුකො කඩේට මෙව්වා ගේන්ට.. ඒ ට් අර ඉස්පයිඩර් මන් ගියා වගේ ගියාට මොකො ආයෙ ආවෙ කං පේන්නෙ නැත් වවුලෙක් වගේ.. මෙව්වා නෑ කිව්වලු. ඉතින් තවත් කඩෙකට ගියා ඔය සෙතේමයි. යන්තන් තව කඩෙකට ගොහිල්ල මෙව්වත් අරගෙන දුවගෙන ආවෙ බස් එක ගොහිල්ලා ඇතිය කියලා බයේ.. ම්ම්හු... අපි එනකන් නවත්තන් ඉදලා නොවැ... හැක් හැක් ඉතින් කොහොමෙන් හරි බස් එකට නැගලා සතුටු ස්සාමිචියෙ යෙදි යෙදි ඉන්න අතරෙදි තමයි අපේ දිලීපය කැන්ඩි වල ඉදන් නුවරට දාපු ට්‍රේන් එකක් ගැන අපිට කිව්වේ..

අහ් ඇයි පවනි අක්කගෙ සීන් එක... ඕන් දිලිප ඇස් ගෙඩි දෙක අමෝරාගේන පවනි කියලා කෙල්ලෙක්ව හොයනවා.. ඔය නම ඇහුනාම තමයි මට මතක් උනෙත් අප්පට සිරි අර කතා කරන්න දන්නෙ නැති කෙල්ල නේද කියලා.. ඕකිට හොද දෙකක් කතා කොරන්ට හිතාගෙන ඉතිං මාත් අර නම් ලයිස්තුව බැලුවා.. ඔය අතරෙදි තමයි අපේ පවනි අක්ක සොවෙච්චාවෙන් ඉදිරිපත් වෙන්නේ... යකෝ මං මේකිත් එක්කනෙ කොට්ටාවට බස් එකේ ආවේ.. එතකොට තම්යි මිටර් උනේ අක්ක මට මචන් කියලා කතා කොරන්ය්ට හේතුවා. අපි අක්ක කියලා හිතුවට මූ අයියා කෙනෙක්නෙහ්.. :D ඕන් දිලිපයටනම් පුල් අප්සොට් හරිය...?


ඕන් වෙලාව 10ත් වෙන්ට ඇවිල්ලා.. අපේ වර්ණා අක්කන්ඩියි ඒ අක්කන්ඩීගේ අක්කන්ඩි එනකන් තමයි තාමත් අපි තුමංලා ඔන් බලාන් ඉන්නේ... කොහොමින් හරි වර්ණ අක්කන්ඩී අපිට රසම රස උක්කුන්ටෝපි ලීටරයකුත් එහෙම අරගෙන 10.30 වෙද්දි ආවයි කියමුකෝ.. ඉතිං ඒ බලවත් උදවියත් රැගෙන ඕන් අපි හයි වේ එකේ යන්ට යනවා.. ඔය අතරේ එක පාරට බස් එක වයිබ්‍රේට් එහෙමත් උනා.. හැබෑ හයිවේවල කවදා දුවපුවාද කියලා කටගන්ට හම්බුනේ නෑ... හයිවේ එක මැද්දේ මෙව්ව එක විශාල දුමාරයක් පිට කරගෙනම මග හිට්ටා... :D හිට්ට හිටිල්ලට කිව්වාට මොකො මයේනම් තිබුනු බරවල් තදිත් තෙරපුනා.. ඉතින් කොහොම හරි අපිට හයි වේ එකේ බැහැලා චූ කරන්නත් වාසනාව ලැබුනා...

ඇයි ඒ විතරක්ද මිරිගුව මිරිගුව කියලා කිව්වට මොකො ඕන් ඊයේ තමයි හැබැහින් මෙව්වා එකක් දැක ගත්තේ.. පාරේ අලියෙක් චූ කරලා වගේ නොවැ... :D

අහ් තවත් හොදම හොට් හොට් සිදු වීමුත් එන්නෙ ඔය අතරෙම තමයි. ඔන්න අර උක්කුන් ටොපි ගේනවය කියපු අක්කණ්ඩි සීට් එකක් උඩ පත බෑවීලා දොයි... සැරයක් කොලයක් රෝල් කොරලා කටේ ගහ්න්න සැරසෙද්දිම ඒ ක්කට නින්ද යන කොට කට ඇරෙන විත්තිය දැන්න හින්දද මංදා කට අතින් වහ ගත්තා... ඉතින් අපේ ඊලග උත්සහය. අපේ චතු මිතූ අක්කන්ඩිගෙන් අපි බොටිලෝශන් මෙව්වා එකක් ඉල්ලගෙන ඒන් මං ආපි.. පස්සෙ අපේ පවනි අක්කා කිසිම ලොබ කමක් නැතිව අපේ උක්කුන් ටොපි අක්කගෙ මෙව්ව එක උඩට හැලුවා.. මටනම් ඈක්කා කියලත් හිතුනා... ඒත් මං බිමට වැටෙන බිංදුවක් බිංදුවක් පාසාම අරගෙන අර අක්කගෙ මූනේ උලන්න අමතක කොරේ නෑ.. හැක් හැක්..

ඉතින් කොහොම හරි අර බස් එක ඇදන් යන හාදයි ටික ඇවිදිල්ලා අපේ බස් එක මගක් දුර පැයට කිලොමිටරයක විතර හයිස් පිඩ් එකෙන් යනකොට තමයි ගැටගහල තිබ්බ කොක්ක පැන්නේ.. හැබෑ ඒ කොක්ක ගැට ගහද්දිම මං කිව්වා ඕක හරි යන්නෙ නෑ කියලා.. :D
කොක්ක පැන්නට මොකො බස් එක නම් ඉස්ටාට් උනා.. කොහොමෙන්  හරි ආයේ පැයට කිලොමිටර් 2ක විතර අදිම අදි වේගයෙන් අපි ඊලග හෝලට් එකට ගිහිල්ලා අඹේ පාල මාම එවල තිබ්බ සිරියාවන්ත බස් එකෙන් ගාල්ලට ගියා.. අහ් ඒ බස් එකේ යන අතරෙදි අපේ කිරිටොපි අක්කගෙත් අක්ක ශානි අක්කට ක්‍රීම් සංග්‍රහයක් කොරන්ට මං අමතක කරේ නෑ...

ගියා කිව්වට විවිදා කරායේ හොට් හොට් සිදු වීම් මැද මම නම් තද කොරන් හිටියේ බොහොම අමාරුවෙන්.. කොහොම හරි බස් එකෙන් බැහැලා රූ මස්සල කැලේද මොකේද එකේ හොද ගහක් බලලා හිට ගත්තේ හොදකට නම් නෙවේ.. අනික් එක අපි කොබල ඉශන් එච්චර අමාරුවෙන් ඇවිල්ල මතක සටහනක් තියල යනට එපෑය... ඒ අස්සෙ අපේ බස් එකේම ආපු අලබත් උදවියත් එතනිම්ම බහිනවා.. ඒ මදිවට දිලිපය පොටො අල්ලන්නවා.. නිදහසේ චු ටිකක් කරන්ට දෙන්නෙ නැති හැටි.

ඉතින් කොහොමෙන් හරි බීච් කෑල්ලටත් සැපත් උනා... ඉතින් අපෙ අප්පේ බෙන්තර ගගෙන් එහා එවුන් අම්බානෙට එතන. ඉතින් එක එකා අදුර ගත්තා..හොරිකඩ බනියා..( ඌව අදුර ගන්ට දෙයක් නෑ.. අයි ඩි එක එලියේ දාගෙන ඉන්නේ ඈක්කා), මරනෙ අයියා, එහෙන් ගියාම පොඩි මෑන්, සුදු පූසා ඕම ඕම ගොඩාරියක් අදුර ගත්තා. කීප දෙනෙක් නම් මග ඇරෙන්නත් ඇති.. හැක් හැක්... කොව්ව ඇඟිල්ලා සොට් එක දාලා ඇදුන් ටික ගලෝලා මූහුදට බහිද්දි හැමොම ඇහුවෙ අඩෝ ඇඟ හදාගත්තෙ කොහොමද කියලා.. හැක් හැක්.. (ගෙදර ආපු ගමන් ඇස් වහ කටවහ පිච්චුවා..)

ඉතිං ඕන් මුහුදෙදි උනු තවත් කතාවක් හොද්ද? ඔන්න ඉතින් මං අපේ උදිත් සහෝදරයාට කිව්වා අඩෝ මාව කරේ තියා ගනින් කියලා.. ඉතින් මූත් කරේ තියාගෙන යනවා... යනවා යනවා ඉවරයක් නෑ.. දැන් මුගේ ඔලුව පේන්නෙත් නැති ගානට වතුර.. නොදකින් ගොන් වස්සා.. අත ඇරියා මුහුදට... මට වතුරට වැටෙද්දි හුස්ම ගන්ට අමතක උනා... කොහොම හරි කවුරු හරි මගේ කනින් ඇදලා ගන්නවා හොදට මතකයි... අහ් ඇයි මං ලස්සන ලස්සන කොරල් පර දැක්කා.. :D කැමරාව ගෙනිච්චනම් මං අරන් එනවා පින්තුරයක්.. :D ඉතින් කොහොම හරි උදියයි සන්ජු කියලා අපේ බ්ලොග් කියවන හාදේකුයි තමයි මාව ගොඩට ඇදන් ආවේ.. ගොඩට ආපු ගමන් අපේ අබේ පාල මමා මාව අමතන්ට අමතක කරේ නෑ... :) කොව්ව උනත් මං කොරල් පර දැක්කනෙහ්.. අන්න එච්චරයි ඔනේ.. :D

ඉතිං කොහොමෙන් හරි එතන චායාරූප වලටත් පෙනී ඉදලා අපි තුමංලා පිටත් උනා... කොහෙද මට සමු ගැනීමේ ගිතය කියන්ට අර රජ් අයියා දුන්නෙ නෑනෙ... ඉතින් ඕන් මතක හැටියට බස් එකට නගින කම් විශේශයක් නෑ.. බස් එකට නගින කම් කිව්වට බස් එකට නැගලත් විශේශයක් නෑ... අපි බියර් බිව්වා... අහ් කියන්ටෝනේ අම්මට අර කිරි ටොපි අක්කයි ශානි අක්කයිත් බියර් බිව්වා... ඈක්කා... ඉතින් කොහොමෙන් හරි ශානි අක්කට බොහොම පින් මටත් දොයිය ගනට කොට්ටයක් විදියට ඔයාගෙ ඔඩොක්කුව සැපෙව්වට. අහ් අනික් එක ඊලග පාර එනකොට වලලු දාගෙන එන්ට එපා.. මයේ අත තාම රිදෙනවා..

දැන් තියෙන්නෙ කොට්ටාවෙන් බැස්සාම තියෙන අතුරු කතාවක්.. ඉතින් අපි ඒ කියන්නෙ කඩෝත කිරිබත් ගොඩ පැත්තට යන උදවිය.. කොටින්ම කියනවනම් මමයි, කිරිටොපි අක්කයි, ශානි අක්කයි, සඳ කිදුරා අයියයි ටහ්ව අංකල් කෙනෙකුයි අපි කස්ටිය බස් එකෙන් බැහැලා අහ් පොඩි මෑන්ගේ ගෑනු ලමයවත් අපේ මෙව්ව එකට ඈදගෙන එයැයිව බස් නග්ගලා දැන් ගෙදර යනට පිටත් වෙනවා.. මොරසූරන වැස්ස. යන්ට කුඩයක්වත් නෑ. සදකිදුරා අයියගේ වාහනේ ලඟ තියෙන ගේක දාලා. දැන් ගේලගට යන්ට ඔනි. ත්‍රීරෝද රතයක් නවත්තන්ට අපි පැය භාගෙට වඩා එතන තෙමුනා..කොහොම හරි යන්තන් එකක් නවත්තගෙන ඒ වාහනේට නැග්ග ගෙවල් බලා පිටත් උනයි කියමුකො... :) අහ් ගෙදර යන්ට ලඟ පාරක් කිව්වෙ කිරිටොපි අක්ක හොදද.. වාහනේ ද්‍රවින් කරපු කිදුරාට තියා මටවත් තේරුනේ නෑ ඒ කියපු පාර.. අහ් ඒ යන අතරෙදි මාව පොඩ්ඩක් විතර වෙවුලුවා.. ගනන් ගන්ටෙපා ඉතින් කිරි සප්පයානේ... :D

කොහොම හරි 10ට කිට්ටු වෙද්දි ගෙදරටත් ගිහිල්ලා දොයියගෙන සහලොල  උණ ගැනිලා ඉදිදි අද උදේ ක්ලාසුත් ගියා ඕන්...

ප.ව.
 යකො නාකියො.. මං හවස ක්ලාස් නොගිහින් ගෙදර ආවේ තො මාව බය කරපු නිසා... මට මඩ ලොරියක් එක එකා ලියලය කියලා මාව කබල කරා. හෙන ගහපිය... අහ් තව එකක් මට මුකුත් අමතක වෙලා නම් මතක් කරලා දන්ට..

ප.ප.ව.
මෙව්වා එක සංවිදානය කොරපු හැමොන්ටම බොහෝම ඉස්තුතියි. සසර කෙලවර අමාමහ නිවන් සුව ලැබේවායි මං ප්‍රාර්තනා කොරනවා එහෙනම්.. අහ්  අප්‍රේල් 22දත් සැට් වෙලා කාරිය නිවන් දකින්ට හරිය?

දිනේශ් අයියන්ඩිගේ ඉල්ලීම...



Thursday, December 29, 2011

මේ වෑයම රජවෙන්න නෙවේ, ජීවත් වෙන්ට..

වල් කතා කැත කතා අස්සෙ බර කතාවකුත් ලිව්වා එහෙනම්.. ;) දැන් ඔය කෝකටවත් අදාල නැති මෙව්ව කතාවක් කියන්ටෝනේ කියලා හිතුවා. බස් එකේ ඊලඟ හෝල්ට් එකට යනකොට කොන්ද සල්ලි ඉල්ලන් ලඟට ආවෙ නැත්නම් රුපියල් 7 ඩ්‍රයිවර් ට දීල යනව සහපත් සමාජෙක මං මේ වගේ පෝස්ට් කෑල්ලක් ලියන එකනම් අබ්ලික් වැඩක්... ඔන්න ඔහේ අලුත් අවුරුද්ද ලබන්ට කලින් ලියලා දානවා..

ඒත් ඉතින් අපි තුමන්ලා තාම ගෙවල් වල හැදෙන උදවිය. මොකො රස්සාවක් කරන එකක්ය. අම්මලා තාත්තලා ඉතින් ඉස්සරනම් අතපුරෝලා පොකැට් මනී දුන්නට ඔය මොකක් හරි කරපු කඩුප්පුලි වැඩක් දෙකක් ගෙදරට මාට්ටු වෙනකොට ඒ දෙන පොකැට් මනී බලන් ඉදිද්දි කප්පාදු වෙන විදිය ගොඩ දෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති.. හැක් හැක්.. මං තුමංටත් ඒම තමා ඕන්.. දැන් රුපියල් 20ක් වැඩියෙන් දෙන්නෙ නෑ තව රුපියල් 2ක් ඒකට දාල  ඈක්ක වැඩක් කොරාවිය කියලා.. :D ඒමෙයි කියලා ඈක්ක වැඩ නොකර ඉදිය හැකියෑ.. අපිත් ජීවත් වෙන්ටෝනිනෙහ්.. නැද්ද මං අහන්නේ..

ඒකට විකල්ප රස්සාවක් විදියට තමයි මං මේ සුළු පරිමානයෙන් ස්වයං රැකියාවක් විදියට තමා මේ ව්‍යාපාරය පටාන් ගත්තෙ.. :D  මොකද්ද ඉතින් සල්ලි නොදි හොරෙන් යෑම.. හොරකමනම් ඇත්තටම පිළිකුල් සහගත වැඩක් තමා.. ඒත් ඉතින් සතෙන් සතේ එක්හවු කොරලා තමා මාත් ඉතින් ජීවත් වෙන්නේ.. මොකො රුපියල් කීපයක් මිස් උනා කියලා ඒ බස් මාමට ජීවත් වෙන්ට බැරි වෙන්න බැරි වෙන එකක් යෑ.. :D අනික එකම බං එකෙන් නෙවෙයිනෙ කරන්නේ.. එතකොට මගේ ජීවන වියදම ඔක්කොම බස් මාමලා අතරේ බෙදිලා යනවා...

මේ විදියට මං මගේ ස්වයං රැකියාව හිච්චියට කොරන් යද්දි එකකාඑත්තකින් රසවත් අනික් පැත්තෙන් දුක් මුසු සිද්දි ගනනාවක් තියේ... එව්වායෙන් කීපයක් කියන්ට තමා දැන් මේ හදන්නේ... රසවත් උනත් දුක් මුසු උනත් එව්වා මයේ ස්වීට් මේමරීස් නොවැ.. ;)

කොයින් පටාන් ගන්නද කියලා හිතා ගන්ට බෑ... අහ් මේ මුල්ම දවස් වල.. මං ද්විතීක අද්‍යාපනය හදාරන කාලේ.. ඒ දවස් වල 154ට බොරැල්ලෙන් නැගාම උක්කුන්බයිගොඩ තමා අපේ ගමනාන්තය වෙන්නේ.. ඒහෙම් බැස්සාම කිරිබත්ගොඩ ඉස්කීම් එකේ දුම් අල්ලන්න සාම්බ්‍රානි එහෙම ගන්නෙ ඔය 154දි ඉතුරු කර ගත්තු සල්ලි.   එක එක දවස් වලට එක ප්‍රයෝග දානවා. අපි කොමත් 1.25ට ඉස්කොලෙ ඇරියට 2ට විත්‍ර තමයි බස් එකට නගින්නේ.. කෝමත් අර මහ පත නිල්පාට බැඩ්ජ් එකක් තියෙන ඉස්කොලෙ 1.30ට ඇරලා බොරැල්ල පහුකරනකොට 2ට විතර අති. ඉතින් අපි නගින්නෙ නිල්පාට බැඩ්වලින් සමන්විත බස් එකට. කෝමත් අපිට කලින් ඒ උන්දල ටිකට් අරන් ඉන්න හින්ද කොන්දටත් එච්චරම නෝට් නෑ  අපි බොරැල්ලෙන් නැග්ගය කියලා.. ඒක හින්දා ඉතින් අපේ ඉස්කොලෙන් නගින ඈයොන්ටත් ෆ්‍රී ටිකට් ඔනි තැනකට යත හැකි.
ඒත් ඉතින් අවාසනාවක මහත සමහරක් වෙලාවට කොන්දා මාමට නිල් පාට බැඩ්ජ් එකෙයි මෙරූන් පාට බැඩ්ජ් එකෙයි පාට නෝට් උනාම අපේ ෆ්‍රී  ටිකට් කැන්සල් වෙන ගැටළුව මං අවබෝද කරගත්තා.. ඉතින් ඔය ඔස්සෙ ඔය ගැටලුව නැති කොරන්ට විසදුමක් කම්පනා කරද්දි තමයි අපූරු දසුනක් මගේ ඇහැ ගැටුනේ.. ආන් අර නිල්පාට බැඩ්ජ් එක ගහගත්තු ළමයෙක් මහ පත පොතක් කියවනවා දිග ඇරගෙන.. :D ඇත්තටම උන්දැලාගෙ ඉස්කොල කෑල්ල ඉන්ගිරිසි ආරෙට හැදුන එකක් හින්දා ඒබව පෙන්නටද දන්නෙ නෑ ඒ වගේ පොතක් කියවන්නේ... කොව්වා කොහොම වෙතත් ඌ බැඩ්ජ් එක පෙන්නනෙ නැතිව ඉස්කොලෙ මොකද්ද කියලා පොතෙන් පෙන්නුවා.. ඉතින් මටත් දීප්තිමත් අදහසක් පිබුදුනා...
පහුව දා.... ඕන් මාත් බස් එකට නැගලා අහක්කල ඉඩතියෙන තැනක් බලල පටස්ගාල ඉදගත්තා.. ඉදගෙන නිකා හිටියෙ නෑ.. බෑග් එකට අතදාලා පට්ටා විසාල කඩ්ඩෙන් ලියපු පොතක් අතට ගත්තා. කවුරු හරි තට්ටු කරල පොතෙ නම මොකද්ද කියලා ඇහුවනම් තමා මට කෙළ වෙන්නේ. ඒක වෙනම කතාවක්... කොහොමින් හරි පොතේ එක පිටුවක තියෙන අකුරු ගාන නම් මං ගැන්නා... ඔන ඔහොම පොත පෙන්නලා මං බැඩ්ජ් එකේ පාට මාරු කරලා මයෙ බඩවියත රැකගත්තේ.. :D

කොහොමින් හරි 154 යද්දි මාටුවෙලානම් නෑ එකම සැරයක්වත් ටිකට් නැතිව. :D අහ් එකම සැරයක් සී ටී බී එකක මාට්ටු වෙන්ට ගිහින් බේරුනා... මං සූටිම කාලෙ ඉදන් බස් ටිකට් එක්හවු කරන පුරුද්දක් තිබ්බා.. අම්මල තාත්තලා එක්ක යනකොට ඒ අය ගන්න ටිකට් එක ටග්ගාල ඉල්ලගෙන මං මයෙ පර්ස් එකේ ඔබා ගන්නවා.. දැනටත් යාලුවෙක් මට ටිකට් එකක් ගත්තොත් ඒක ඉල්ල ගන්න සිරිතක් මං ලග තාම තියේ
එදා ටික්කංගෙන් දඩ නොකා බේරුනේ අන්න ඒ ටිකට් කලෙක්සන් එක පිහිටෙන්...  එදා කෝම හරි ඕලවලට දව්ස් 30ක්වත් නැද්ද කොහෙද.. කොළඹ යට වෙලා කියලා ටර්ම් ටැස්ට් කැන්සල් කරලා.. අපියි අපේ සහෝදර පාසලේ සැට් එකකුයි එක්හවු වෙලා දැන් නැවත් ගෙවල් බලා එනවා... ගෑණු ළමයි පිරිමි ළමයි ගොඩාරියයි... අපි කස්ටියක් පාපුවරුවේ එල්ලිලා යද්දි කස්ටියක් මාලු බානව බස් එක ඇතුලේ.. කෝම හරි උන්ගෙන් සමහරක් ඒ මාළුන්ටත් එක්කලා ටිකට් අරන් තවත් සමහරකට ඒ මාළු ටිකට් අරන්.. ;) අපිනම් ඉතින් අහින්සක ඈයො විච්චි පුඩ්බෝඩ් වාහන නොදැකපු ගොඩයෝ රැල වගේ වාහන බල බලා ආවා.. කොන්දා කෑ ගහනවා ඇතුලට එන්ට ඇතුලට එන්න කියලා... අපි ඌවත් බයිට් කොර කොර ආවට මොකො වැඩි දුරක් යන්ට කලින් ටික්කො මාමිලා බස් එක නැවැත්තුවා අපි පුඩ් බෝර්ඩ් එකේ 4ක් විතර. එකෙක්ගේ සාකුවෙ පරන ටිකට් එකක් තිබිලා එක හොදටම තෙමිලා.. එදා ගංවතුර නොවැ.. ඔන්න ඔහේ ඌ එක පෙන්නලා මාරු උනා.. කොන්දටත් හිනා... අපි අනික් තුන්දෙනත් හොදටම තෙමිලා හිටියේ.. ප'ස් එකත් හොදටම තෙමිල මායේ... මම ඉතින් දාගෙන අර ටිකට් කලෙක්ශන් එක ඇතුලෙ ටිකට් එක හොයනවා.. ;) ඒ ටික්කා මාමටත් එපා වෙලා යන්න යන්න කිව්වා.. :D ඉතිරි දෙන්නත් මාව පෙන්නලා මාරු උනා.. :D එදත් එහෙම දඩ නොකා බේරුනා...



හැමදාම ඉතින් බොරුවෙන් රජ කරන්න බෑකිව්වට මොකො මගේ මේ වෑයම රජ කොරන්ට නෙවේනෙහ්.. ඒත් ඕන් දවසක් අතේම මාට්ටු. නුගේගොඩ ඉදන් 138 කොටුවට නිකා ආවට එතන ඉදන් 138 කඩවත එන එක ලේසි වැඩක් නෙවේනෙහ්... මොකද බස් එක පටන් ගන්නෙ එතනින්නෙහ්.. ඒක නිසා අපි මගකට ටිකට් ගැනීමේ ප්‍රයෝගයක් අනුගමනය කරනවා.. මේ මතක ඕන් මමත් කඩවත කොටුව බස් එකේ අසුන් අරන් හිටියේ.. කඩෝතට යන්ට. එදානම් අතේ යහමින් සල්ලි ගැවසුනු දවසක්...  ඒක නිසා හොරෙන් යන්ටත් හිත දෙන්නෙ නෑ.. ඒත් විනෝදාන්ශයක් විදියට කරන් ආපු ක්‍රියාපටිපාටය අසන්තතික වෙනව නොවැ. ඔන්න ඔහේ කිරිබත්ගොඩට ටිකට් ගත්ත. කිරිබත්ගොඩට 22යි(ටිකට් එක හොදේ) කඩෝතට 27යි. අනේ රුපියල් 5ක වෙනස.. අර කරන් ආපු වැඩේ අත අරින්න බැරි කමට කරා මිසක් රු5ට ලොබ කමට නෙවේ කොරේ.. වෙන දවසකනම් අතේ සල්ලි නැති කමට කියලා කියත හැකි. කොව්ව කොහොම උනත් ඕන් කිරිබත්ගොඩ පාස් උනා. මෙන්න හෝල්ට් එකක් යන්න උනේ නෑ කොන්ද මං ලඟට ඇවිත් බෙරිහන් දුන්නා.. මල්ලි මොනාද මල්ලි කිරිබත්ගොඩට නේද ටිකට් ගත්තේ.. කොහෙන්ද බහින්නෙ..? අරකද මේකද කියලා.. විලිලැජ්ජාවෙ සංතොසෙ බෑ... අඩුගානෙ රු20කටවත් කෑගැහුවනම් හිතට දුකක් නෑ. රුපියල් 5ක් හොරෙන් ගියා කිව්වාම ඉතින් බල්ලො බත්කන්නෙත් නෑනේ.. දැන් මටත් කරකියා ගන්න දෙයක් නෑ.. රුපියල් 5ක් දෙන එක අවුලක් නෑ.. ඒත් නෝන්ඩිය. අනික බස් එක මැද්දෙ මං ඉදන් උන්නේ.. ඉස්සරහ දොරෙන් බැස්සත් පිටිපස්සෙ එකෙන් බැස්සත් ඔකොම බලාගෙන... දැන් මොනව කරන්නද.. උට කොන්දොස්තර කටක් තිබ්බත් ම්අයෙ කටත් එක්ක හැපෙත හැකියෑ... මමත් අනික් පැත්තට කිව්වා...
"අයියෙ බොරුවට කෑගහන්න එපා අයියේ.. රුපියල් 5ට නිකන් යන්නෙ නෑ... ඔයාට තවත් රුපියල් 5ක් ඔනිනම් ලඟට ඇවිත් හෙමින් ඉල්ලන්න තිබ්බා.. එහෙම උනානම් මං හිගන්නෙක්ට දුන්න කියලා හිතාගෙන දෙනවනෙහ්... ඔය වගේ කැතවැඩ කරන්න එපා.. ආමෙන්න ගන්නකො මේකින්..." ආදි වශයෙන් කෑ ගහල සාක්කුවට අත දාල සල්ලි කොල මිටිය ඇදලා අරන් ඒක ආසෙන් රු 10 කොලයක් අරන් දුන්නා... ඌට කට උත්තරත් නෑ.. ඌ හෙමින් සීරුවේ ඉස්සරහට ඇදුනෙ මට ලැජ්ජ නැති උනාට උට ලැජ්ජ තියෙන බව පසක් කරමින්.. ඒ අස්සෙ මයෙ එහාපැත්තෙ හිටපු ඇන්ටි මේ සිද්දිය දිහා ඇහැ ගහන් ඉදලා තියෙන්නෙ.. හොද වෙලාවට ඒ ඇන්ටි මං ටිකට් ගත්තායින් පස්සෙ මං ලඟින් ඉදගෙන තියෙන්නේ.. :D කොම හරි ඒ ඇන්ටි මට කියනවා.. "බලන්න පුතා ඕකුන්ගේ හැටි ඔහොම්මම තමා.. ඕකුන්ට ලබන ආත්මෙදිත් මේ වගේ බස් වල දුක් විදින්නම තමා වෙන්නෙ මේ කරන වැඩවලට.. හොදයි ඔහොම කතා කරපු එක. නැත්නම් වෙන ළෑමයි ලැජ්ජාවට සල්ලි දෙනවනෙ කීය ඉල්ලුවත්..." අරකද මේකද කියලා මා එක්ක බනින්නවා.. මට එතකොටනම් ටිකක් දුකත් හිතුනා මොකො ඇත්තටම වරද මගේ නොවැ.. ඒත් ඉතින් ඌ ටිකට් දුන්නෙත් නෑ.. අනික රු5 ඉල්ලන එක මං ලගට හෙමින් ඇවිත් ඉල්ලුවනම් දෙනවනෙහ්.. බස් එක මැද්දෙ කෑගහන්න වටිනවයෑ...

ප.ව.. මෙව්ව ඉතින් වීර ක්‍රියා නොවෙන විත්තිය මම දන්නවා.. ඒත් ඉතින් මයෙ ස්වීට් මෙමරීස් නොවැ මෙව්වා.. ඒකයි දැම්මේ.. ඒත් මං අර මුලින්ම කිව්වා වගේ කොන්දලාගට ආවෙ නැත්නම් ඩ්‍රයිවර්ට සල්ලි දීලා යන මිනිස්සුන්ට ගරුකරනවා ඉතින්.. :) මේ වගේ බස් එක ඇතුලෙ උනු තවත් පට්ටා සිද්දි ගොඩාරියක් තියේ... දැන් තියෙන තත්වෙ අනුව පාටකයන් අතරෙ එව්ව බෙදා ගන්න සුදුසු නෑ.. පස්සෙ වෙලාවක  දාමුකෝ... :D
අහ්.. පළපුරුද්ද නැති අය මේවා අත්හදා බැලීමෙන් වලකින්න.. මොකද මේ වගේ වැඩ කරන්නත් හොද පුහුනු වීමක් අත්‍යාවශ්‍යයි...

ප. ප. ව.
මට ලැජ්ජ නැති උනාට කොන්දොස්තර මහත්වරුන්ට ලැජ්ජා ඇති බව අවසාන වසයෙන් දැනුම් දෙමි... :D

Friday, November 25, 2011

බුදු මල්ලියේ නැකිටහන්කෝ..... (පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි)

ඕන් හද්ද කාලෙකින් මේ පැත්තට ඈඟිල්ල ගැහුවා... අඩෙ අප්පේ බල්ල්ප්ත් තෑන තෑන කක්කා කරලා... එව්ව ටිකත් අස්කරලා දාලා ඕ අද  පෝස්ට් කෑල්ල ලියන්ට බහිමු...ලියන්ටමය කියල කට හදාගෙන උන්නට මොකො මේ කතාව කොමා කෑඩිල තිබුනු හන්ද ලියන්ට බෑරි වෙලා ගියානොවැ... කමක් නෑ ඕන්...

අපේ ඉස්කෝල කෑල්ලෙ තියෙනව මතට තිත තියන පොඩි සංගම් කෑල්ලක්.. එකෙන් පටන් ගත්තු ප්‍රොජෙට් එකක් විදියට මත් ද්‍රව්‍යය කිණ්ඩියට ගත්තු පින්තූර කෑලි පන්ති වල අලෝලා... හැක් හැක්... ඉතින් එහෙම අලෝපු පින්තූර කෑල්ලක් දෑකලයි මට මේකතාව මතක් උනේ....



සරයක් නෙවේ දෙසරයක්ම පොලිස් පෝතේ නම ලිය වුනු හිච්චි ඈඟිල්ලා දෙවෙනි සෑරේ නම ලියවුනු සිද්දිය කිව්වට මොකෝ, පලවෙනි සෑරෙ ලිය වුනු සිද්දිය කිව්වෙ නැනේ....

ඕන් ගිය අවුරුද්ද... මයෙ පරණ ඉස්කෝල කෑල්ලෙ සර්වරාත්‍රික පිරිත්දේශ්නයකට අපි තුමන්ලත් සම්මාදම් වෙලයි වුන්නේ... ධානෙ ගෙයක් පිරිත් ගෙයක්, මල ගෙයක්... ඔනිම එකකට නයිට ගහන්න කියාපු බෙහෙතනෙහ් ඉතින් ඩී එක කියන්නෙ.... ඕන් මන් තුමත් ජීවිතෙ පළවෙනි වතාවට එහෙම පෑණියක් ගහලා නයිට ගහන්න සැරසුනා ඕන්...

ඉතින් ඔහොම රැය පහන් වෙන අතර තුරේ පාසල අවට බිත්ති කැටපත් පවුරක් කොරන්ට හේමත් අපි අමත කොරේ නෑ... ඉතින් අපි තුමන්ලා බොරැල්ල හන්දියෙ අපේ ඉස්කොලෙ ලඟ ඉදන් බොරැල්ල කනත්ත පැත්තට පිය නෑගුවෙ අපේ සහෝදර පාසලේ බිත්ති ටික වුනත් අපේ සිත්තම් පුවරුව කරගෑනීමෙ පරම පිවිතුරු චේතනාවෙන්.... ඉතින් ඔහොම පියමන් කරන අතර තුරේ අතන ලාෆ් එක හරියෙ බිත්තියක කුරුටු ගී වල අකුරු අමුණද්දි හොද හෙඩ් ලයිට් එලියක් වදිනව දැනුනත් එක්කම අපි ටික පෙරලා පාසල බලා දිව්වෙ පණියෙ බලෙන්දෑ කියලත් මට හිතුනා... කොහොම හරි පොලිස් මාමලාට අපි අහු නොවී අපි නිරුපද්‍රිතව පාසලට අවයි කියමුකො.... අපේ එහා පන්තියෙ ඩයල් කීප්යක් හෑබැ ඒ මාමලාගෙ ග්‍රහනයට අහුවෙලා තිබුනා කියලත් අපිට අහන්න ලෑබුනා...පහුවෙනිදා ඉස්කෝලටම අවිත් අපිව කුදලගෙන ගිය එක වෙනම කතාවක්... ඒත් අපි ඒ මාමලාට අහු වුනේ නෑ නොවෑ... හැක් හැක්... ඔය කියපු සිද්දිය කතාවට අතුරු කතාවක්... හොදම හරිය තියෙන්නෙ පිරිත ඉවර වෙලා ගෙදර ආපුවාම...

ඕන් මන්තුමා ගෙදර අවිල්ලා නා කා අහවර වෙලා පොඩ්ඩක් නිදා ගන්න කියල හිතාගෙන අදට ගියේ නයිට ගහුවා මඩිවට පන්දර කරපු ඇස්සසයිස් වලටත් හරියන්ට කියලා... ඉතින් කොහොමින් හරි ඒ නිදාගෙන අහක්කලා ආයෙ නෑගිට්ටෙ රාත්‍රී කෑම කන්ට... ඕන් ඔහොම කාල කරල දවස් තුනකින් විත්‍ර හෑකර අත හෙලෙව්වෙත් නෑති එකේ ඕන් ඈඳට ගියවහාම තුවක්කුව සුද්ද කොරන්ට පටන් ගත්තා.... අනෙ අම්බෝ... මට වගේම මේ වගේ දෙයක් ඔයාලට වුනොත් මට එවෙලෙ දෑනුනු හෑගීම අනිවාර්යයෙන් ඔයාලටත් දෑනෙනවාමයි.... හොලවනව හොලවනව... ම්ම්ම්ම්හු.. මල්ලියට හොදටම නින්ද ගිහිල්ලා... මූ නෑකිටින්නෙම නැහැ... විනාඩි පහක් 10ක් විත්‍ර මල්ලියව ඈහෑරව ගන්න නානාක් ප්‍රකාරයේ උත්සහ ගත්තා... ඒ එකකින්වත් ප්‍රතිපලයක් උනේ නෑ... හප්පා... ඒ වෙනකොට මයෙ දාඩිය නොදාපු තැනක් නෑති තරම්....  ටික වෙලාවක් ඉදලා කල්පනා කරා... එතකොට තමයි මතක් උනෙ කලින් දා රාත්‍රියෙ පාවිච්චි කරපු තහනම් උත්තේජකය ගෑන... පළවෙනි දවස එව්ව ගහපු... මට නෙවෙද... තවත් ටිකක් කම්පනා කරලා බෑරිම තෑන් දුවල ගිහින් කොමා ඔන් කරා... අපි ඉතින් ලජ්ජ බයට හෑදිච්ච කොල්ලෙ විච්චි ඔය ජහ ජරාව හාර්ඩ් එකේ තියා ගන්නෙ නෑ... ඉතින් කොහොම හරි පටස් ගාලා එවෙලෙ ඔන්ලයින් උන්නු අයියා කරගෙන් සයිට් එකක් ඉල්ලගෙන නිකමට වගේ මීටරේ චෙක් කොරා.... අම්මපා එතකොට තමයි ඈඟට ලේටිකක් ඉනුවේ... :) හ්ම්ම්ම්...

ප. ව.
කොව්ව උනත් එහෙම මීටරෙ ටෙස් කොර ගන්න බෑලුවට කමක් නෑ ඉතින්... ඒත් ඕන් කිව්ව මඣ්නම් එහෙම හදිස්සි අවශ්ය තාවයකට අරෙන්නට බලන්නෙ නැ... නිකන් වෑරෝලිසම් කියල මානසික රොගයක රොග ලක්ශන පෙන්නන ඔනි නෑනෙ... :)

ප. ප. ව.
ඕන් කාන්තා පර්ශවය හොරෙන් කියෝල කෑත කතා කියනව කියල මට බනින්නෙ හේම නෑ... හරිය.. ඕකයි මන් කලින්ම කිව්වෙ පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි කියලාඅ... හැක් හැක්...

Thursday, September 29, 2011

මූ තාමත් ඩෝන්ට් කෙයාර්...!!!

හ්ම්ම්.. අපරාදෙ මයෙ කොමාව.. හෙ හෙ.. එව්වයෙන් වැඩක් නෑ අප්පේ... හිච්චියි කියලා කිව්වට මොකො ඕන් දැන් පුත්තරයගෙ නම බොරැල්ලෙ පොලිසියේ දෙවැනි පාරත් ලිය වෙලා... හැක් හැක්...



පළවෙනි පාරනම් ඔය ඇබිත්ත්යා කාලේ තාප්පෙක ඉස්ප්‍රේ කොරන්ට ගිහින් පහුවදා ඉස්කොලෙටම ඇවිත් පොලිස්මාමලා කුදලගෙන ගියපු සිද්දියක්.. ඉස්කූල් යුනිපොම් එකේන් හිටපු නිසයි ඉස්කොලෙට අල්ලපු වැටේ පොලිසිය තිබුනු නිසයි කිසිම ආතල් එකක් තිබුනෙ නෑ ඒ පොටේ... හැබෑ ඉතින් මෙදා පොටේ අනෙ අම්බෝ.. පන් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ....

හරියටම ගිය අඟහරුවාදා... සුදු කොක්කු රෑන සේ කියල ගෙයින් එලියට බහිද්දි පියා කියාපි අදනම් ඉස්කොලෙ යන පාටක් පේන්ට නෑ කියලා... හැක් හැක්... නමෝවිත්තියෙන් සුබ වැඩකට ගෙයින් එලියට බහිද්දි ඔහොම අව කැපෙන කතා අහන එක හරිද මං අහන්නේ? හැබෑටම ඉස්කොලෙ නොයන එක වෙනම කතාවක්.... හැක් හැක්.. කොවුව කොහොම හරි ඕන් බොරැල්ලේ වයි ඇම් බී ඒ කෑල්ලෙ මෙව්වා එකට ගිහින් ඇදුම් මාරු කරගෙන අහවර අපිලා ගිනිදෙවි පුදල ඕන් වැඩ ඇබරුවා. අබරන්ට කොයින්ද බොලැ පස්පංගුව..? පස්පංගුව ගන්ට ඉතින් පාර්මාසියක්ම හොයන් යන්ට වෙනවනෙ අප්පා...

අහ්.. මේ පාර කුලක උනේත් යටගියදවස පිරිත් ගෙදරක සැට් වුනු උදවියම තමා.. ඔතන උන්නා චරිත් කියලා හාදයෙක්.. ඔව් ඔව් අර එදා මං බයික් එකේ ගියේ ඌ එක්කලා තමයි. මගේ බයික් එකේ යෑමෙ හිරි ඔතප් බින්දෙත් මෑන්ස්ම තමයි. ඉතින් කොහොමින් හරි පස්පංගුව වෛද්‍යසහතිකයකින් තොරව දෙන පාර්මාසියකට බොරැල්ලටම තිබ්බෙ මැගසින්රෝඩ් එක අස්සෙ තිබුනු ඉස්පොට් එකක්... ඉතින් අර චරිය කියන හාදයයි මමයි  ඉතින් අහල දන්න කියන බයික් සේල් අයියා කෙනෙක්ගෙන් බයික් කෑල්ලක් රෙන්ට් එකට ඉල්ලගෙන ඕන් ඉස්පොට් එක බලා පිටත් උනා..කොකත් කියල ඒ අයියගෙන් හෙල්මට් ඈලි දෙක් ඉල්ල ගත්තෙ අතන සයිකල් බසාර් එක ගාවින් හරවන තැන පොලිස් අන්කල් කෙනෙක් ඉන්න නිසායි.

ඉතින් අපි සාමාන්‍ය විදියට එතන පාරින් හැරොලා හෙල්මට් දෙක ගලෝල මං එව්ව දෙක අතට ගත්තා. ඒ හැටි ලොකු පාරක් නෙවේ නිසා ඕන් අපි අරූගේ මධ්‍ය වේගයෙන් 80ට විත්‍ර යනවා... යන අතරෙ මෙන්න බොලෙ බඩු මාලු පාන් විය. ඉස්සරහින් පොලිස් ජිප් එකක්! ඒයාල අපිට හෙඩ් ලයිට් ගහල නවත්තන්ට සිග්නල් එක දුන්නා.... අපිත් ඉතින් ලැජ්ජා බයට හැදුනු කොල්ලො විච්චි බයික් එක ඉස්ලෝ කරා... දැන් ජිප් එකත් එක්ක ඒ හැටි දුරක් නෑ.. ජිප් එක හැඩේට නවත්තලා තිබුනේ. ජිප් එකේ පිටිපස්සෙ තුන් හුලස් හැඩේට තාප්පෙත් එක්ක ගැප් එක්  තියේ.. බයික් එකේ හැඩල් එක ගෑවී නොගෑවී යන තරමට ඇති. හෙනයක් ගැහුවා වගේ නිවුටන් ගෙ දෙවන නියමය අරූ සිහි කරගෙනම බයික් එකට උපරිම ත්වරනයක් දුන්නා... ඒත් එක්කම දකුණු අත පැත්තෙන් තිබුනු තාප්පේ කපරාදුව පසාරු කොරගෙන ගියා. වම් අත පැත්තෙ ජිප් එකේ පිටිපස්සෙ ලයිට් එක් බිදුනා..  හැබෑ අරූ නිවුටන්ගෙ දෙවැනි නියමය සිහි කොරාට මොකො මට තුන් වෙනි නියමෙකුත් තියෙන විත්තිය මතක් උනේ මාව බයික් එකෙන් වැටුනයින් පස්සෙ..

මගේ එක කකුලක් බයික් එක උඩ. අතේ තිබුනු හෙල්මට් දෙක දෙපැත්තට රෝල් උනා. එහෙම්ම ඉන්න ගමන් මං එක හෙල්මට්ටුවක් අල්ල ගත්තා... අනික් හෙල්මට්ටුව ජිප් එකෙන් බැහැපු පොලිස් මාම කෙනෙක් මට ඇහිදල අතට දුන්නා.. අහ් අතටම නෙවේ.. උරහිසට.. ඉහික්.... දිපු එකත් දුන්න හොදට දුන්නා.. අර අංගම්පොර එකේද මොකේද තියෙන නිලවලට ගහන මෙව්වා එක වගේ මුලු ඇඟම හරහා විදුලියක් ගලාගෙන ගියා... හැබෑට එතනත් නියලක් ලුනේහ්... එහෙම්මම මාව වැටෙනවත් එක්කම අරූ බයික් එක අද්හලා ගියා... ඒ යනකොටම තමයි උට මාව වැටුනා කියල මතක් වෙලා තියෙන්නේ.. ඌත් ක්ෂණික ගියාට මොකො මාව වැටුන දැක්කාම ඌ නැවැත්තල පොලිස්මාමලාට බාර උනා... අහ් අපරාදෙ කියන්න බෑ බිම වැටුනු මාව කෙලින් කොරන්ට එතන උන්නු අනික් පොලිස් මාමලා ගොඩාක් උත්සහ ගත්තා.. හැබෑ එයාලගෙ පොඩි අසාර්තකත්වෙකට තිබ්බේ, කෙලින් හිටපං කියල විසිවෙන්න කනට ගහන එක තමමා.. ඔය අතරෙදි අරූත් ගැහුවලු.. මට ඒ හැටි මතකයක් නෑ... මගේ කනේ අර්ධ චක්‍රාකාර නාලා ත්‍රිත්වය අස්සෙ තිබුනු තරලය හෙල්ලිච්ච නිසා මගේ සමබරතාවය පොඩ්ඩක් අප්සට් ගහල තිබුනේ..  පස්සෙ එහෙම්ම අපිව පොලිස් ජිප් එකට දාගත්තා. අපි දෙන්න මූනට මූන හිට්න්න. මයේ දෙපැත්තෙ පොලිස් මාමලා දෙන්නයි. ඉස්සරහා අරූයි. උගේ දකුණු පැත්තේ වෙන කුඩු සීන් එකට අල්ල ගත්තු මාම කෙනෙකුයි උට වම් පැත්තෙ තවත් පොලිස් අන්කල් කෙනෙකුයි තමයි ඉස්තාන ගත උනේ. නැගල අහක්කලා අපිට කිවා ශර්ට් ගලෝන්ට කියලා. ඉතින් අපි දෙන්නත් එහෙම කොරා. පස්සෙ අරූගේ එක අතක් පුරෝලා මෙව්ව පටි. එව්ව ටිකත් එක අන්කල් කෙනෙක් කිසිම හිතක් පපුවක් නැතිව කපලා දැම්මා...

ඉතින් ඇත්තටම බොහොම සුගද ශීලි විදියට අපිට ජිප් එක ඇතුලෙදිත් ආහාර පාන සපයන්ට ඒ මාමලා අමතක කරේ නෑ. මට වෙලාවකට හිතුනා අර ආතර් සී ක්ලාක් මාමාගේ අනාගත විශ්ව ගම්මාන සංකල්පය යටතේ මේ වෙනකොට අපේ අම්මලාගෙ තාත්තලාගෙ දත් වයිබ්‍රේට් වෙනව ඇති කියලා... ඇයි අපිත් නිකා හිටියෑ... අපිට සලකපුවට අනුලෝමිකව ඒ ඒ අයගෙ අම්මලගෙත් දත් වයිබ්‍රේට් වෙන්ටෑ..

හැක් හැක්. කොහොමින් හරි අපේ නිශ්චල වෙමින් තිබුනු කර්ණශංක තරලය අනුයාත පහරවල් මගින් සොලවන්ට අපිත් එක්ක ගිය පොලිස් මාමලා අමතක කරේ නෑ..

මැගසින් රොඩ් අස්සෙ ඉදන් බොරැල්ලෙ පොලිසියට යනට ඒ හැටි දුරක් නොතිබුනාට මොකො අපිටනම් එතෙන්ට හද්ද වෙලාවක් ගියාවගේ දැනුනා.. පස්සෙ හද්ද වෙලාව ගෙවල අහක්කලා අපි පොලිසිය ඇතුලට ගියයි කියමුකො.. එත්ගනදිනම් පෙර සේ  'හොඳට' සැලකුවෙ නැති උනාට මොකො සලකුවෙ නැත්තෙමත්  නෑ.. කොහොමින් හරි අපිට එතන හිටපු ලොකු මාමා ගෙවල් දැනුවත් කොරන්ට කිව්වා... අනේ ඉතින් මගේ සුපුරුදු බොදල මූන දාගෙන බෑම කියල මං කිව්වා.. එතකොට මාත් එක්ක උන්නු හාදය එතන මට කෑ ගහනවා 'පොඩ්ඩක් හිටහන්කො බං මුන්ට මෙව්ව එක නොදී...' ඒක අර එතන උන්නු මාමලාට ඇහුන විත්‍රයි පුත්‍රයට සැලකුවෙ "මූ තාමත් ඩෝන්ට් කෙයාර්..." කියලා.. හැක් හැක්... ඔය විදියට සංග්‍රහ පිට සංග්‍රහ ලබමින් අපි තුමන්ලා සතුටින් සැපෙන් කල් ගෙවන කොට අරූගේ වාරෙ ආවා ගෙවල් දැනුවත් කරන්ට.. අහ් මගේ වාරේ ඒ අන්කල්ට අමතක වුනා ඩොන් කෙයර් සීන් එකෙන්... ඉතින් අරූ උන්ලගේ පියාට කොල් එකක් දුන්නයි කියමුකො එහෙනම්.. පස්සෙ අයෙ මගේ වාරේ මතක් වෙලා... දැන් මට ගෙදෙට්ට ගන්ට කියනවා... මං බෑ කියනවා.. අයෙ මට සලකනවා ගන්ට කියනවා... පස්සෙ වැඩෙ හරියන්නෙ නැති නිසා ඒ ලොකු මාමා පොන් එක අරන් ගෙදර නොම්මරේ හොයලා ගන්ට යනවා.. මං එපා කියල කෑ ගහනවා.. එතන එක විකාරයයි. කොහොම හරි ඒ මාමා ගන්ට කලින් ඕන් කෝ ඒ මාමගෙ රාජකාරි මෙව්ව එකට කෝල් එකක් එනවා..! :D :D :D

හැක් හැක්.. කතාවට ගෑණියෙක් පිරිමියෙක් කිකරන්ට බෑ කියල කිව්වට මොකො බල්ලෙක් පුතෙක් කරන්ට බෑ කියල කතාවක් නැත්තෙ මොකො දන්නෙ නෑ... කොහොමින් හරි ඒ කොල් එකෙන් පස්සෙ බල්ලෝ පුතාලා විය. පුතාල කාලද...? අත තුවාල වෙලාද? අත රිදෙනවද? බඩගිනිනම් මොනා හරි කැන්ටිමෙන් අරන් දෙන්ටද? අනේ මංදා ආතර් සී ක්ලාක්ගෙ වර්තමාන විශ්ව ගම්මාන මෙව්වා එකේ ඓශ්චර්යය තමයි ඉතින් වෙන මොකද්ද?

ඉතින් පස්සෙ අපේ මිත්‍රයගෙ පියා එතෙන්ට වාර්තාකරා කොහොම හරි. ඒ ලොකු මාමත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉදලා ඒ මාමා බයික් එකේ යතුර අරූගේ පියාගෙ අතට පත්කරා.. හැක් හැක්... පස්සෙ ඒ මාමා ඉස්සරහම උගේ පියා ඌ අතට යතුර දීල අනික් දවසෙ හෙල්මට් එක දාගෙන යන්ට කියල කිව්වා.. කොව්ව උනත් අපි ලැජ්ජ බයට හැදුනු කොල්ලොනෙහ්.. ඒකනිසා අපි එතන අපිට නන් අයුරින් සලකපු හැම පොලිස් නිලදාරි මහත්මේක්ගෙම පාද පද්ම නම්ස් කාරල නමෝ විත්තියෙන් අඟේ පතේ වේදනාවද මැඩගෙන බයික් එකේම අවශ්‍ය අවශ්‍ය තැන් කරා යාත්‍රා කරා... :)


 ප.ව.
ටියුබ්ලයිට් ඈයන්ට, ආසර් සී ක්ලාක්ගේ අනාගත විශ්ව ගම්මාන සන්කල්පේදි කියල තියෙන්නෙ සංනිවේදන උපකරන කොච්චර පුංචි වෙනවද කියනවනම් දතක් සිදුරු කරලා ඒ හිල අස්සෙ උපකරනේ දාන් යන්ට ඇහැකි ගානට පුංචි වෙනවයි කියලාලු. එතකොට කොල් ගන්නෙ එන්නෙ? අහ් ගන්නෙ, ගත යුතු කෙනා ගැන මෙනෙහි කරලා.. එනකොල් එක දැනගන්නෙ ඒ මෙව්ව එක වයිබ්‍රේට් වෙලා.. හොද වෙලාට ඔය අනාගතෙ වෙන දෙයක්.. දැන් උනානම් ඉතින් පොලිස් මාමලාගෙ දෙමාපියොයි අපේ දෙමා පියොයි බලයි මොකො මේ  දත් වයිබ්‍රේට් වෙන්නෙ කියලා.. නැද්ද මං අහන්නේ... ;)

Sunday, September 25, 2011

මට සමාවෙන්න! බොක්කෙන් ආදරය කරන්න මට බොක්කක් නෑ෴

ආදරණීය ඒකි,

මතකද?
ඔයා මුලින්ම මට
කැමැති වුනෙත්
මේ බ්ලොග් එකේ
පොස්ට් එකක් කියෝලා

ඒත්...

මේකෙ ලියන
පොස්ටුත් එක්ක
වණදැසියන් පස්සෙන් යන
වනචරයෙක් වගේ
හිතෙනවා ඇති නේද?

එහෙමත් නැත්නම්,
මේ තරහ උනේ මගේ
බෙබදු කමටද?
හ්ම්ම්... ඔව්, 'සුරාසොඬා!'

ඒත් මතකද
අපි ඒ දවස් වල
බේබදු කමයි ආදරය ගැනයි
කතා කරා..?

අර මං කිව්වේ
දුකේදිත් සැපේදිත්
අතේ සල්ලි තියේනම්
විත්‍රක් ලඟ ඉන්න කෙල්ලන්ට
වඩා අරක්කු හොඳය කියලා..
ඒත් ඔයා එහෙම නෙවෙයි...!

ඇයි අර ප්‍රශ්නෙහ්..?
මං බීල කණුවක් පල්ලේ
ඇඳන් වැටිල උන්නොත්
කොල්ලෙක් මිසක් කෙල්ලෙක්
ගෙදරට ගිහින් දාන්නෙ නෑ
කිව්වේ...

ඔව් මම දන්නවා...
ඔයාට වුනත් ඒ දේ
කරන්ට අමාරු විත්තිය..
ඒ කොව්වා උනත්
මං එක දෙයක් දන්නවා,
ඒ ගෙදර ගිනිහින් නොඇරලුවට
වෙරි හිදෙනකන් මයේ ලඟට වෙලා
ඉන්න විත්තිය......

ඒත් දැන් එව්වා මුකුත් නෑ..!
මනුස්සේක්ට හැදෙන්න
එක අවස්තාවක් හොදටම ඇති..
ඒත් ඔයා මට අවස්තා කීයක් දුන්නද?
ඒ ඔයා මට බොක්කෙන්ම ආදරේ කරපු නිසා..........

අනේ මට සමා වෙන්න!
මට එහෙම අදරය කරන්න බොක්කක් නෑ..
එදා ඉදන් ඒක දියවෙනවා...


ප.ව.
මේක රසාත්මක වාක්‍ය සමූහයක් හෙවත් කවියක් නෙවේ.. නිස දෙසකුත් නෙවේ.. බ්ලොග් ලියන ඇපිට මේ බ්ලොග් වලින් ඇති වුනු ගොඩාක් වටිනා දේවල් වගේම නැති වුනු ගොඩාක් වටිනා දේවලුත් ඇති. ඒත් වටිනා දේ බ්ලොග් එකෙන්ම ලැබිලා ඒක බ්ලොග් එකෙන්ම නැති වෙනවා කියන්නෙ තරමක් දුකින් වැඩි දෙයක්... ඒත් ඒකට කරන්න ඔනි දේ නම් මං දන්නේ නෑ... කොව්ව වුනත් බ්ලොගියට කොමාවක් තියන්න හිතුවා... :)

Saturday, September 3, 2011

පෙම්වතෙක්ද මං?

ආදරණීය ඒකි,
අරයගෙ කොල්ලා
එයාට ගොඩක් ආදරෙයි නේද?
එයා සෝසමලක් වගේ කියලත් කියනවලු

එතකොට
අරයගෙ කොල්ලා
ඒ දෙන්නත් කිරියි පැණියි නේද?
එයා රත්තරන් වගේ කියලත් කියනවලු..

ම්ම්ම්ම්....
ඒත් අපි දෙන්නා...?
මට ඔයා සෝසමලක් වගේ පේන්නෙ නෑ..
මට සමා වෙන්ට..!
මට ඔයාව රත්තරන් වගේත් පේන්නෙ නෑ..
ඒකටත් සමා වෙන්න...

මට ඔයා වාමාවර්ත කස්කුරුප්පුවක් විතරයි...........

Sunday, August 21, 2011

ගඟ හත් ගවුවක් තියාගෙ කෙල්ලන්ව 'මෝල්' කරන්ට එපා..!

හැක් හැක්... අත්දුටුවයි ඈ... ;) ඔහ් මෝල් කිවම මොන කුණුහබ්බයක් හිත්වද මන්දා... මේ මෝල් කිව්වේ Moll, මෝල් නෙවේ හරිය...? :O මේ මෝල් කියල කිව්වෙ ඉතින් දන්නෙ නැද්ද අප්පා... ඇත්ත කෙසේවෙතත් කතාවට කාන්තාවන්ගේ රාගී බව තියෙන්නෙ හැන්ගිලාලුනෙහ්. ඊස්‍ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් කියල ලිංග හෝමෝන 2කක් ගෑනුන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දීලත් ඔය හැන්ගිච්ච එව්වා එලියට ගන්න හෙන ගේමක් දෙන්ට ඕනිලු...කොව්ව කොහොම වුනත් මෙතන මෝල් කියල අර්ත දක්වලා තියෙන්නෙ අන්න ඒ හැන්ගිච්ච එව්ව එළියට ගන්න එක හරිය...?

හැබෑ ඔන් මේ පොස්ට් එකේ ප්‍රදාන චරිතෙ මං නෙවේ ඕන්.. මයෙ මිත්තරයෙක්ට උනු ඇබැද්දියක්..

ඕන් යට ගිය දවසක එකතරා රාත්‍රියක මයෙ මෙව්ව එකට මැසේජ් එකක් එනවා...
"අඩො හෙට කොටුවක් පනින්න වරකෝ...."
හ්ම්ම්... කොටුවක් පනිනව කියන්නෙ ඕන් අපි තුමන්ලගෙ ප්‍රාදේසීය ගැමි වහරේ එන වැචන කුලකයක් නොවැ. විවිදා කරයේ අය විවිද තැන් වලට ඔයික භාවිත කොරනවා...  සමහරුන්ට අනුවන්ම් තමන්ගේ ගෑණු ළමයගෙ ගෙදෙට්ට ඒ පාර්ශවයේ මවු පියන්ට හොරෙන් රින්ගන එකට තමා ඕන් කොටුවක් පනිනව කියන්නෙ. ඔතනදි මවු පියන්ට වෙන්න ඔනිත් නෑ. ඒ ගෑණු ළමයගේ ස්වාමි පුරුශයාට හොරොන් ගෙට පණින සිද්දිත් අපිට වාර්තා වෙලා තියෙනවා.. මෙව්ව ඉතින් ඉස්සර ඉදන්ම විකසනය වුනු සංසිද්දි.. (ඒ දවස් වල අර අළු කුල්ලෙන් ගහන චාරිත්‍රෙකුත් තිබිල තියෙන්නෙහ්. ඇයි දස්කොන් පැනපු කොටුව ගැනත් මං කලින් කිව්වෙ..) හැක් හැක්.. මේ ඉතිහාස පාඩමක් නොවෙන හින්දා කොටු පැනීම දැන් ඇති.  ආයෙ කතාවට එමු.

උගේ කෑල්ලගෙ ගේ තියෙන්නෙ නුවර පාර අයිනෙ ලු. ඉතින් ඌ වගේ එකෙක් තනියම ගිහින් ඔය ගෙවල් අස්සෙ රින්ගන්න ගියාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්ට ඔනි නෑනේ.. අවට ගෙවල් වල ඈයොත් ඇස්ගෙඩි ඇරන් නොවැ ඉන්නේ ඔයවගේ සීන් එකක් වෙනකන්...හැක් හැක්.. ඉතින් මයෙ මිත්‍රයගේ ප්ලෑන් එක තව කීප දෙනෙක් එකාහු කරන් කොටුව පනින්න. අපි තව 3න් 4 දෙනෙක් එක්ක ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් යනවා.. මූ මිසින්... ඒ කියන්නෙ මූ ක්ශණික අරකිලාගෙ ගෙදරට රින්ගනවා.. අපි ඉතින් යනවා.. :)

දැන් ඕන් කතිකා කොර ගත්තු විදියට මාත් ගියා උදේ පාන්දර 8ට විත්‍ර කුලක වෙන්ට කතිකා උනු තැනට.. හැක් හැක්... (මං ඉතින් වෙලාවට වැඩ නොවැ.. 7.30ට එන්ට කිව්වෙ) ඒත් කියපු තැන එකෙක් වත් නෑ. කොහොම හරි ඌත් පැය භාගයක් විත්‍ර යන කොට ඈදගත්තා... එතකොට තමා උගේ අම්මා තාත්ත ගැන මතක් වෙන්නේ... ආපු ගමන ඌ කියන අඩෝ ඒකිගෙ අම්ම අද ගෙදරලු බං යන්න වෙන්නෙ නෑ කියල.. දැන් අද ක්ලාස් නෑ කියල මං ගෙදර යන්නද... ඔහොම හිච්ච වෙලාවක් අපි දෙන්න උනුසුම් වචන හුවමාරු කොරගනිමින් ඉන්න අතරෙ ආයේ අරූගෙ 4න් එකට මැසේජ් එක් එන්වා,
පනේ... මං ඔයාව ගේ පිටිපස්සෙන් ඇතුලට ගන්නම්.. අම්මා තව ටිකින් එලියට යනවා.. ඔයා දැන් අපේ ගේ පිටිපසට ඇවිත් ඉන්න..  :*
 දැන් අර කිරි සප්පයව තනි පංගලමෙ යවපන්කො... කොහොමින් හරි කොටුව මනින්න එනවයි කියපු උන්ටිකත් ගිහින් අරකි මුලින් එන්න එපා කියපු නිසා... දැන් අරුයි මායි විත්‍රයි.. අනික ඌත් එක්ක ගියාය කියල මොකො මාත් ගේ අස්සෙ රින්ගන්න යෑ...

හැක් හැක්.. ඒකිලායෙ ගේ ගවින් හරි මූව දමල යනව කියල හිතාගෙන ඕන් කොහොමින් හරි ගේ පිටිපස්සට ගියා.. යකො ගේ ඉස්සර නුවර පාර වගේම තමා ගේ පිටිපස්සෙ කොච්චි පාර.. හෙන ගහනව.. බැරි වෙලා හරි මාට්ටුවෙලා දුවන් එද්දි කෝච්චියක් ආවොත්.. :O චැහ්.. මූසල කතා හිතන්ට හොද නෑනොවැ...  ඉතින් අපිල මේකිගෙ අම්ම ගෙදරින් ගියාම අරකි පිටිපහ දොර අරිනකන් ඕන් බලා ඉන්නව... හැක් හැක්.. පැයකුත් ගියා... ම්ම්ම්හු.. ඒකි ජනේලෙන් තාම නෑ කියනවා යනවා...  ටික වෙලාවකින් මැසේජ් එක් එනවා අරූට...
පනේ.. අද අම්මා ලෑස්ති වෙලා ඉන්නේ යන්ට.. දැන් යාවි.. ඔය ලැස්තිවෙලා ඉන්ට..  ඩොන්ට් රිප්ලයි
දැන් අරූ නම් ඒ අස්සෙ රින්ගයි.. එතකොට මඥ්.. මටත් රින්ගන්න පුලුවනෑ.. එහෙම උනොත් අරූගේ කාර්ඩ් කුඩු වෙනවනේ.. ;) එහෙම කැත වැඩ කොරන්න හොද නෑනේ.. මං එතන්ට වෙල ඉන්නම් උබ පලයන් අස්සට කියල කියල කතා වෙනකොටම, පිටිපහ දොර ඇරෙනවා...
 පනේ අම්ම ගියේ නෑ. ඒත් දැන් නිදි.. ඔයා ටග්ගාල මෙතනින් බාතෲම් එක අස්සට යන්ට...
 ඈ හත් වලාමේ... ක්ලාස් එකෙදිවත් මූත් එක්ක මූන දිහා කෙලින් බාලාගෙන කතා කරන්නෙ නැති මේකිට අම්ම ගෙදර ඉදිද්දි ම අරූව ඇතුලට ගන්න කොයින්ද බොලැ මෙච්චර ගඩ්ස්...  මෝලෙ බලේ තමා ඉතින්... ;) මේ කලින් දා රාත්ත්‍රියෙ මං අල ගලවන්නම්... මං අල තම්බන්නම්* කියල ඒකිව මොල් කරලා... හැක් හැක්.. දැන් ඉතින් ඇතුලට ගිහින් ගලෝපන්කො නැන්දම්මගෙ අල.. හැක් හැක්.. ඌව කොහොම කරි තාප්පෙ උඩින් ඒ පැත්තට පටෝලා මාත් රේල් පාර අයින්ට වෙන්ට ඉදන් උන්න අරූ වැඩේ කොරගෙන එනකන්... ඔහොම විනාඩි 15ක් යන්ට උනේ නෑ.. ගේ අස්සෙන් සද්දය්ක් ඇහෙනවා...
හැතිරි.. එලියට වර එළියට වර.... තෝ අපේ මූනේ දැලි ගෑවා...
කියල.. අම්ම ගහයි බැට් එකෙන්..  මට දැන් දුවලත් බෑ නොදුවත් බෑ... යකො ඒකිට තාම 17 සම්පූර්න වෙලාව්ත් නෑ.. ලැගපියකො අරුත් එක්ක් කුඩුගනනෙ.. ඔහොම විනාඩි කිපයක් විවිදාකාරෙ උනුහුම් වචන ඇහෙද්දි මං නිකමට වගේ අරූට කොල් එකක් ගත්ත.. ම්ම්හු.. කට් කරනවා... ඒත් එක්ක උගෙන් මැසේජ් එක්, පවිය පොඩි අවුලක් ය කියලා... ඔනි ලබ්බක් ව්න්ට කියලා මාත් උන්න..

බලන් ඉදලා ඉදලා බැරිම තැන අරුට මං යන්නද කියල අහල මෙව්වා එකක් යාලා මං ගියා ඉතින්...

ඊලඟට ඉතින් අයෙ මුගෙ කටහඩ ඇහෙන්නෙ හැන්දෑවේ.. ඒ කොල් එකකින්...

මූ කොහොමින් හරි බාතෲම් එකට් නිරු පද්‍රිතව රින්ගලා.. අරකිත් නාන්න යනව කියල බතෘම් එකට ඇවිත්... ඔන්න ඔහොම කලින් දා කතිකා කොර ගත්තු විදියට අල ගලවල අල තම්බද්දි තමා ඕන් නැන්දම්මා මෙව්ව එකෙන් ඔලුව දාල තියෙන්නේ... මං නම් ඕන් හරිම විරුද්ද දෙයක් තාමා බතෲම් වලට අර පෑන් ලයිට්ද මොනාද කියන එව්ව තියන එක.. අන්න එව්ව එකකින් කෙල්ලගෙ අම්ම ඔලුව දාලා.. ඒවෙලාව ඒ ඇන්ටිගෙ කටින් පිට උනු සුන්දර නෑවුම් වචන ටික තමා මට ඇහිලා තියෙන්නෙ... පස්සෙ මෝල් ගහත් උස්සගෙන ඇන්ටි බාතෲම් එකේ දොර ඉස්සරහලු... හැක් හැක්...  ඒ අස්ස අරකි අරූගෙන් අහනවලු පනේ ඔයා මාව අමතක කරන්නෙ නෑ නේද? කියලා. . අරූ මේ ඝනව හුජ්ජ පිට වෙන්ට ඔන්න මෙන්න තිබිච්චි අරකි මගුල් කතා කරනවා... මෝලෙ බලේ තමා... ඉතින් පස්සෙ ඕන් ඒකිලායෙ තාත්තත් ඇවිත්... මොනා උනත් අන්කල් කාරයනම් නිවිච්ච ඩයල් එක් ලු.. ඌ ඉතින් පුතේ එලියට එන්ට එන්ට කියල බටර් පාර ගාලා තමා මුන් ඩබලව එළියට අරන් තියෙන්නෙ.. අපේ එකා ඉතින් දැක්ක ගමන් හිත උනු වෙන අහින්සක ඩයල් එක...  කොහොම හරි ඌ යන ක්ලාස්, ඕලැවල් රිසාල්ට්, ඕලෙවල් කාලෙ ගිය ක්ලාස්, අම්ම තාත්තගෙ විස්තර, සහොදර සහොදරියන් ගැන විත්‍රක් නෙවේ තියෙන වාහනේ මොකද්ද ඒකෙ අංකෙයි ඔක්කොමත් අහගෙන අරූව නිරු පද්‍රිතව එලියට දාලා.. :D අන්කල් හොද නිසා බේරුනා... නැත්නම් ඉතින් අරූට ගලෝපු අල තම්බන්න වෙන්නෙ ඇන්ටිත් එක්ක එකතුවෙලා.... ;)

ප.ව.
*කතුවරයා  අල තම්බන්නම් අල ගලවන්නම් ලෙස දක්වා ඇත්තේ පෙර කලෙක අවජාත කතුවරයෙකු විසින් රචිත, " කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්..." යන ගීතයේ "ඉරපායන කොට ඉර බැසයනකොට කිරි අල ගලවන්නම්.. ගලෝලා_ තම්බන්නම්.." යනුවෙන් දවා ඇති කොටස ආභාශයට ගනිමින් බව කිවමනාය...

ප.ව.ව.
මේ අයෙම අප්ඩේට් කොරේ 8 වෙනි මාසෙ දාපු පෝස්ට් එකම තමා... පොස්ට් එක දැනටත් කස්ටිය ඇවිත් කියොලා යනවා.. ගොඩක් අඩුපාඩු සහිතයි, තේරෙන්නෙ නෑ කියලා ප්‍රතිචාර වැටිලා තිබුනු නිසා අයේ අප්ඩේට් කොරේ... :) දැන් එක කොහොමද කියලත් කිව්වනම්... :D

Friday, August 12, 2011

සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද? සත්තුන්ටද???

හැක් හැක්... කාලෙකින් විජ්ජා මුද්දට පෝස්ට් කෑල්ලක් දාන්න බැරි උනානෙ. ඇරැත් ඔක්කොමල බලන්න ඇති ටැක්පැනල වගේ දාගෙන දාගෙන ගිය වල් පොස්ට් සැට් එකත් එක්ක විජ්ජා මුද්ද අතැරිලද කියල. එහෙම නෙවේ... දෙනකොට දෙයියො ටොකු ඇන ඇන දෙනව වගේ මතක් වෙන කොටත් එහෙම්මම තමා...ම්ම්ම්ම්.. දැන් බහිමු පොස්ට් එකට... :D :D :D

මං කලින් සැරයකුත් කිවුවනෙ ඉතිහාසය ක්ලාස් එකේ සර්ට බාල්දියක් පෙරලන්න ගොහින් මට උනු කිංඩිය අගෙන. :D :D  අද කියන්න යන්නෙ මේ ඉස්කොලෙ පෙරලප්ය් බාල්දියක් ගැන.

ඇත්තටම ඇනිමල් කියන එකේ තේරුම මොකද්ද??? හැක් හැක්... දැන් ඉතින් ඔනි පොඩි එකෙක්ට කිතෑකි ඇනිමල් කියන්නෙ සතාට කියල.... සිරාවටම එහෙමද??

ඔය ප්‍රශ්නෙ මට 10 වසරෙ ඉදන්ම තිබුනු මෙවුව එකක්. :D අපිට 10, 11 අවුරුදු දෙකටම ඉංග්‍රිසි ටීචර්ල 3නෙක් හිටිය. එක්කෙනෙක්ට අපේ පංතිය එපා වෙලා ඉස්කොලෙ දාල ගියා. 2වෙනිය පංතිය එපා වෙලා වෙන පංතියක් ඉල්ලගෙන තිබුනා. 3වෙනිය පංතියට එන්නෙ නැති නිසා එයාට එපා උනේ නෑ. :D :D කොහොම හරි මේ බාල්දිය පෙරලන්නෙ 2වෙනි ටීචර්ට.

ටීචර් ක්‍රිසිතියානි. අපි ඉතින් හැමදාම එයාගෙන් අහන්වනෙ දෙවියො ලොකෙ මැවුවනම් කවුද දෙවියන්ව මැවුවෙ කියල.. :D :D හැමදාම ඉතින් එහෙම ඇහුවම මූන පුම්බගෙන පංතියෙන යනව. :D :ඬ් ඉතින් ඔය ඒකා කාරී බල්දිය මට ඇල්ලුවෙ නෑ. දවසක් ඉතින් මං අත උස්සල විනීත විදියට ඉස්සරහට ගියා. :D :D මිස් හිතන්න අඑති මං පරන මෙවුව එකම අහයි කියල. :D :D :D

මාත් ඉතින් ඒකාකාරී මතෘකාවෙන් මිදිල ඇහුව " මිස් Animal කියන වචනෙ සිංහල තේරුම මොකෑ??" කියල. :D :D අඩෙ අප්පේ මිස්ගේ මූන රතුවෙලා ගියේ නිකන් උත්තරේ දන්නෙ නැ වගේ. කොහොම හරි මිස් කිවුව, "සමහරක් වචනවලට ඩබල් මීනින් තියෙනව. ඒවා ඉතින් ඔයාලගෙ පහත් මාන්සික මට්ටම් නිසා ඇති උනු වචන. මං දන්න තරමින් නම් ඇනිමල් කියන්නෙ සත්තුන්ට කියල"

නොදකින් ඔක්කොම ටිකත් හිතුවෙ මං ඔකො ඇහුවෙ කැත හිතින් කියල. :D ඒත් එහෙම ලබ්බකට නෙවේ මඥ් ඒ මෙව්ව එක හැව්වේ... ඉස්කොලේ කතාව පැත්තකින් තියලා,

ඇත්තටම පොඩ්ඩක් හිතල බැලුවොත් ඇනිමල් කියන්නෙ සතුන්ට... එතකොට මිනිස්සුන්ට කියන්නෙ මොකෑ කියලද...? human වගේ දෙයක් නේ ඉන්ග්‍රීසියෙන් මිනිසාට කියන්නේ.. ඈ හැබෑට... මිනිසා කියන්නෙ සතෙක් නෙවේද??? දැන් කාට හරි හිතෙයි බල්ලා කියන්නෙත් සතෙක්.. ඌට dog කියනවා නේ කියලා.. හැක් හැක්.. හරිම සරළයි...
අපි ගම්මු ඉන්ගිරීසි ප්‍රශ්න පත්තරයක්... ඒකෙ තියෙනවා පිච්චර් ඩිස්ක්‍රිප්ශන්ද මොකද්ද කියල කොටහක්... ඔන්න එක මේ වගේ පින්තූරයක් තියේ.....

ඒ රුපේ විස්තර කරන එක ළමයෙක් ලියනවා "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් කවු ඉන් දිස් පිච්චර්" කියලා... තවත් ටික් දුරට හිතනළමයෙක් මේ පින්තූරෙ ඉන්න හරකගේ හරියටම ලිංග ඉන්ද්‍රිය පේන්නෙ නැති නිසා ඌ කව් ද කැට්ල් ද කියල අදුනගන්න බැරුව "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් ඇනිමල්...." කියලා ලියන්වා.... එක අතකින් ඒ තර්කේ සාර්තකයි. මොකද හරකගෙයි එළැදෙනකුගෙයි ලොකු වෙනසක් තියෙනව නොවැ.... ම්ම්ම් ඕන් ඊත් වඩා දුර හිතන ළමයෙක් ඒ ප්‍රශ්නෙටම උත්තරේ ලියනවා "දෙයාර් ආ ටූ ඇනිමල්ස් ඉන් තිස් පිච්චර්.." කියලා... මාර්කින් ඉස්කීම් එක ගැනම් මං දන්නෙ නෑ.. එත් ඔයැයිලට හිතෙන විදිය මොකද්ද..? කවුද වඩා හරි....? අපි සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද?  සත්තුන්ටද??? ඉන්ග්‍රීසි යට අනුව ගත්තොත් තුන්වෙනි ළමය වැරැදී... ඒත් සිංහලයට අනුව ඒ ළමයා හරි....

මොට්ට උනු කඩ්ඩ ගැනනම් ඉතින් මේ වගේ මෙව්ව හෙනට කියතෑකි.... ඒත් ඉතින් ඒකලුනේ ජාත්යන්තර භාසාව.... මක්ක කොරන්ටද... ඉහික්... හැබෑ ඉතින් ගහ යන අතට මැස්ස ගහලත් ඕන් හරියන්නෙ නැති විත්තිය කියන්ට ඔනි....

ප. ව.
මේ පොස්ට් කල්ල ලියන්ට හිතුනේ පහුගිය දොහේ උනු සිද්දි කීපයක් හින්දා... ඔය එක එක්කෙනාගෙ ජංම දින හෙම ආවම අපි  කවුරුත් හැපි මෙව්ව එකක් ප්‍රාර්තනා කොරන්න අමතක කොරන්නෙ නෑ නොවැ.... ඒත් ඕයික ඉන්ග්‍රීසියේන් ප්‍රාර්තනා කොරාම තමා පොඩි ගතියක් තියෙන්නේ අපේ උන්දැලාට... සිංහලෙන් ප්‍රාර්තනා කොරාම ඉතින් නිකන් කින්ඩියක් වෙනව නොවැ..... හැක් හැක්....

Sunday, August 7, 2011

මං කැමැතී ඒකිට... ඒකි කැමැති නෑ මට.....

ආදරණීය ඒකි,
මතකද?
ඒ දවස් වල මං ඔයත් එක්ක
කතා කරන්න කාපු කාපු කට්ට...

ඇයි දවසක්,
ඔයාගේ හිච්චි ඇඟිල්ල මෙව්වා වෙලා
මාත් ඇඬුවා...
ඔයාට නම් ඒවා මතකත් නැතුව ඇයි....

ඇයි තවත් දවසක්,
ඔයාට කින්ඩියක් දාන්ට ගොහින්
ඔයාගෙ අයියගෙන් අම්බානෙට
මං ගුටි කෑවේ....
ඒත් මං ඔයාවම හෙව්වා....
ඔයා මට අකමැති එක වෙනම කතාවක්
ඒත් මං හැමදාමත් කැමැතී....

මා එක්ක තරහට,
ප්‍රොපයිල් එක අක්‍රීය කොරාට
කමන්නේ නෑ...
ඒත් නිකමට හරි මේල් එකක් දන්ට.....

මං ප්‍රොමිස් කිව්වට ඉතින්
ශුවර් නෑනේ.....
ඒත් මට පොරොන්දු වෙන්න බෑ
අයේ බොන්නේ නෑ කියලා
ඔනිනම් ඔයාට ආරංචි නොවෙන්න
බොත හැකි.....

ඒ කොව්ව උනත් දැන් වැඩක් නෑ....
ඔයා සැරයක් නෙවේ
දෙසරයක්ම අකමැතී කිව්වනේ...
ඒත් මඥ් ඔයාට ආදරේයි.....
 ප.ව.
සිකුරාදා රාත්තිරියේ මේ කවි සැට් එකම මං පොස්ට් එකක් දාල තිබ්බා....... ලියපු වෙලාවෙ මං මොන ලොකෙක උන්නද කියල මටවත් මතක නෑ... පොඩ්ඩක් වැඩි උනානොවැ.. හැක් හැක්.. අකුරු අඩුපාඩු හෙනට තිබ්බ නිසා අයේ මේක අද එඩිට් කොරා.. :D :D :D මෙව්ව කියවල මාව කින්ඩියට ගන්නව හෙම නෙවේ!!!

Monday, August 1, 2011

ඩී එකයි කාඩ් එකයි දෙන්න......

දැන් තමයි ඕන් පෙරේද හැන්දෑවෙන් පස්සෙ බොඳ නොවී අවට මෙව්ව එක බලන්නේ... ඒත් තාම ශීර්ෂ භ්‍රමනම් තමා.. හැක් හැක්..

පෙරේදා රාත්තිරියෙ මයෙ බෙස්ම ප්‍රෙඩාගෙ ගෙදර පිරිතක්... නයිට ගහන්න ඉතින් අපි ඔක්කොමල සැට් උනා.. නයිටක් ගහන්නනම් ඉතින් නැතුවම බැරි මෙව්ව ටිකක් තියෙනවනේ... එව්ව ගන්ට ඕන් තවකෙකුත් එක්ක මං පර්මාසියට ගියා... හැක් හැක්.. ඌත් මයෙ යලුවෙක්. ඌ දන්න කියන පර්මාසියක් හොයාගෙන උගේම බයික් එකෙන් තමයි ගියේ... පර්මාසියෙ උන්නෙ අයියකෙනෙක්.. ඉහික්...
වැඩි කතාබහක් නෑ.. ගියා.. 500 කොලයක් දුන්න.. "ඩී එකයි කාර්ඩ් එකයි දෙන්න" කිව්වා.. ගත්ත.. ආවා..

ඩී කියන්නෙ කොරෙක්ස් ඩී හෙවත් පැණිය. කාර්ඩ් එක කියන්නෙ ටැමඩෝල් නොහොත් ටැබා... හදුන් කූරු එහෙම ගන්ට අපි මහන්සි උනේ නෑ.. පිරිත්ගෙදර ඉන්න එකා පෙට්ටියක් ලෑස්තිකරල තියෙන්නෙ තිබුනා.. :D :D ඉතින් කොහොමින් හරි පිරිත් ගෙදර වීඩියෝ කට යුතු මට භාර වෙලා තිබුනා.. අර බයි එකේ ආපු ඩයල් එකට එහෙ රියනියාමක කටයුතු හේම භාර වෙලා තිබ්බ..

ඉතින් අපි 12 විත්‍ර වෙන කොට සියලුම විශ වර්ග 3දෙනා අතරෙ සම සේ බෙදාගත්තා.. හැක් හැක්.. 3 දෙනා කිව්වෙ, පිරිත් ගෙදර අයිති ඩයල් එකයි, බයික් එකේ ආපු ඩයල් එකයි, මමයි.. හරිය.. අහ් සමසේ බෙදා ගත්ත කිව්වට සමසේමත් නෙවේ... පිරිත්ගෙදර ඩයල් එක පැණිය දැම්මෙ නෑ.. හේතු ඌට ඔය රෑවෙනකොට එහෙම එන මැති ඇමැති මාමල පිලිගැනීමේ කටයුතු තිබුනා... ඕන් අළුයම 1 විත්‍ර එනකොට.. බබා එනව තැපෑලේ... මං කකුල උස්සනවා.. ඒත් ඉස්සෙන්නෙ නෑ.. ඔහොම යන කොට හදුන් කූරු එහෙමත් ඉවර වෙලා.. පෙට්ටියක් ඇතිදෑ නයිටක් ගහන්න... ;) දැනට පොඩ්ඩක් හරි කෙලින් ඉන්න පුලුවන් අර බයික් එක තියෙන ඩයල් එකට විත්‍රයි. ඌ සුවෙච්චාවෙන් ඉදිරිපත් උනා "මං ගිහින් නයිට් කඩයක් නැත්නම් කඩයක් ඇරල හරි බට ගේන්නම්" කියල.. මත් ඉතින් කටපියන් ඉන්න බැරි හෝතම්බුවනේ.. පැනපු ගමන් "අඩෝ චරියා මාවත් එක්කම් පල.. කම්මැලී මෙහෙම ඉන්න..." කිවා... (චරිය කිව්වෙ බයික් කෑල්ලෙ අපු එකා)

හෙල්මට් නැත. ස්පීඩ් ලිමිට් නැත.. පාරේ වාහනද නැත.. වෙලාව තුනට විත්‍ර ඇති. මෙව්ව එකේ ජාතියනම් මොකද්ද කියල දන්නෙ නෑ.. කොහොම හරි අර වේගෙන් යන ජාතියෙ එකක්.. ඌ නැග්ගා.. මාත් ඉතින් වීරය වගේ නැග්ගා..  "පවිය හරියෙන් අල්ල ගනින්.. පොලිසිය හිටියොත් මං නවත්තන්නෙ නෑ.. " කියල අරූ කිවා මම උත්තරේ දෙන්ට කලින් මූ ගියා.. දැන් නුවර පාර... වාහන එක්වත් නෑ.. පට්ට.. ක්ෂණික ඇස් ලගින් එළියනව පේනවා... අරුත් යනවා... ටික දුරක් යන කොට ඇඌ මයෙන් අහනව, "අඩෝ පවිය.. පිටිපස්සෙ හුලන් නැද්ද බං.. ගැස්සෙනව නේද?.." කියලා.. සිරාවටම ගැස්සි ගැස්සි තමයි ගියේ.. ඒ කියන කොටම වගේ ඇරපු කඩයක් පාස් උනා.. මූ දෙපැත්තවත් නොබල හැරෙව්ව අනික් පැත්තට... එහෙම්මම නැවැත්තුව කඩේ ලඟ.. මාත් බැස්සා.. බස්සට බැසුනා වගේ තේරුනේ.. හැක් හැක්.. අරූ බැහැල රෝද වල හුලන් තියෙද කියලත් බැලුවා... ම්ම් හු එහෙම අවුලක් නෑ...  හුලන් පුල්.. පස්සෙ කඩේට සුටුස් ගාල ගියා.. බට 10ක් ගත්තා.. 2ක් පත්තු කරන් ආපහු හැරෙන කොට ඇතුලෙ හිටපු අංකල් කෙනෙක් අහනවා පුතාලද අර බයික් එකේ ආවේ කියලා.. ඉහික්.. අපි ඇහුන්නෙ නෑ වගේ ඇවිත් බයික් එකට නැග්ගා.. නැගලා තරමක් හෙමින් යනවා.. නැත්නම් හුලඟට බටේ ඉවර වෙනව නොවැ.. හැබැයි ඉතින් හෙමින් කිව්වට හෙමිනුත් නෙවේ.. 70 -80 සීමාවේ වගේ... :D :D :D ඔහොම යනකොට අයේ පිටිපස්ස හෙල්ලෙන්න ගත්තා... ඒතකොට තමයි අපි දෙන්නටම මීටර් උනේ ගැස්සෙන්න හේතුව.. මයෙ කකුල් දෙක පට පට ගාල වෙවුලනවා... හැක් හැක්...

අහ් ඒ අස්සෙ අපි සාපේක්ෂව හිමිනොවැ ගියේ... ඒ යනකොට බස් කාරය 3දෙනෙක් විත්‍ර අපිව පස් කරල ගියා.... ඒත් එක්කම අරූ තනිඅතින් අල්ලන් ඉන්න ගමන් පොඩ්ඩක් අයින් වෙලා උගේ ස්පීඩ් එක පෙන්නනවා... එතකොට තිබ්බා 85ට විත්‍ර... අපි 85ට යද්දිත් පස් කරන්න අර බස් ඊටවඩා වේගෙන් යන්ට එපෑ.. හැක් හැක්.. ඒත් එක්කම අරූ බීල ඉවර උනු පිල්ටරේ විසික්කරල මට හයියෙන් අල්ල ගනින් කියනවත් එක්කම ඇද්දුවා... මයේ අතේ තිබ්බ එක ඉවර වෙලා තිබ්බෙත් නෑ,, පට ගාල විසික් කරල මෙව්ව එක අල්ලගත්තා... ඒ ගිය වේගෙත් මට අරූ ටික් අයින් වෙලා පෙන්නුවා.. ඒත් හරිය සිහියෙන් නොහිටපු හින්ද හරියට දැක්කේ නෑ... කොහොම හරි කලින් අපිව පස් කරපු බස් 3මයි අපි කඩේ නවත්තල තියෙද්දි ගිය බස් එකකුයි කඩවතට එන්න කලින් ඉස්සර කරා.. කොහොම හරි 3ට දෙඅරින් පිටත් විච්ච එක 3යි 20 වෙද්දි ඇවිත්තිබුනා ආයේ... අපි ගියේ කඩවතට යනව කියල නිසා විනාඩි 20ක් කියන්නෙ හොදටම පරක්කුයි. පිරිත් ගෙදරට ආපහු එනකොට මයේ 4න් එකේ මිස් කොල් 13ක්..

කොහොම හරි අන්තිමේ ගෙනාපු හදුන්කූරුත් පත්තු කරලා පහුවදා 7 විතර වෙනකොට ඩී එකේ සැර බැහැල තිබ්බා.. එතකොට තමා මඩ ව්‍යාපාරෙ සෙට් වෙන්නේ.. ඔන්න පිරිත් ගෙදර ඩයල් එක පටන් ගන්නවා..
"පවිය උබදන්නවද එකෙක් ඉන්නවා.. ඌ සුදනා.. අපි බයික් වල යද්දි අඩෝ ටෝද දෙකට ජීවිතේ භාරඩෙන්න එපා බං කියලා.. ඒත් ඌ අද පාන්දර තුනට විත්‍ර චරියත් එක්ක බයික් එකේ යන්න පැනල ඉදිරිපත් උනේ..." හැක් හැක්.. ඔහොම ඔහොම මඩ පහර පිට පහර එනකොට තමයි ආරන්චි උනේ, අර බයික් එක තිබුනු ඩයල් එක්කත් එක්ක මෙච්චර කාලෙකට ඌ කතානොකර බයික් එකේ යන්ට ඉදිරිපත් වෙලා තියෙන්නෙ මං කියලා.. හැක් හැක්.. පැණියෙ පවර් එක තමා.. අනික් එක ඌත් එක්ක වැඩිම වේගෙන් ගියගමනට සහබාගිවෙලා තියෙන්නෙත් මං ලු.. හැක් හැක්.. ඌම කියනවා උගේ බයික් එක 120 පැන්නුවම කොන්ට්‍රෝල් නැතිවෙනවලු.. ඒත් අපි අර බස් ඔක්කොම ඉසර කරල තියෙන්නෙ 120පන්නලා..  ඒ වා ඇහුවම මං ශේප් එකේ මගේ අත පය අතාඅල බැලුවා ඇත්තටම මෙතන මං ඉන්නවද, නැත්නම් මනෝකායවත්ද මේ ඉතුරුවෙලා තියෙන්නෙ කියලා...

ප.ව.
පිරිත්ගෙදර ඩයල් එකගෙ අයිය ටික් අවුල් පේවගේ සීන්වලට.. හැක් හැක්.. කොහොම හරි උබේ අයියට අපි මොනාද කරේ කියලා හිතාගන්නවත් බැරිවෙන විදියට ගානට සැට් උනා.. මොකො පැණියට කියලා ගදක් තියෙන එක්යෑ....

Friday, July 22, 2011

අපි බත් කමු෴

වැඩි කතාබහක් ඔනි නෑ.. ගොඩාක් සංවේගයෙන් අද මෙව්ව එක ලියන්නේ..., වැඩි කතා නැතුව මෙව්ව එකට බහිමු....

අපි ඔය සල්පර් වලට ගෙන්දගම් කියනව වගේ සින්ක් වලට තුත්තනාගම් කියනවා වගේ මේ ආසනික් වලටත් පොදු ව්‍යාවාහාරයේ කීන්නෙ පාසානම් කියල. ඒතකොටම ඉතින් මී පාසානම් නෙ මතක් වෙන්නේ.. මං හිතන විදියට ඉස්සර මී පාසානම් වල ආසනික් අදික සාංද්‍රනයකින් තියෙන්ටෑ...  ඉතින් ඔය මී පාසානම් කියන වචනෙනම් දැන් කිසිම තේරුමක් නැතුව තමා කියවෙන්නෙ.. හරියට අර පස්සෙන් මඩ ඉහෙන ස්ලීපස් වලට බර්ටා කියනව වගේ, එහෙමත් නැත්නම් අත් ටැට්ටරේට ලෑන්මාස්ටර් කියනවා වගේ මීයන්ට දාන වස එකේ ආසනික් තිබුනත් නැතත් ඒකට පාසනම් කියල කියල කියනවා.. හැබැයි ඉතින් ඒකින් වෙන වරදකුත් නෑ...මොකද පාසානම් කියන වචනෙ ව්‍යුත් පන්න වෙලා තියෙන්නෙ ඔය මොකද්දො භාසාවක වස වලට කියන වචනෙකින්නේ..

හැබැයි ඉතින් මේ ආසනික් ප්‍රශ්නෙ මතුවෙන්නෙ නම් මේ අද ඊයේ නෙවේ...අර බීල පාර්ට් දාල මහා රන සූරේක් විච්ච නෑපෝලියන් බොනපාර්ට්ටුත් යටියන්තොට ගොහින් තියෙන්නෙ ඔය පාසානම් විස වෙලාලූනේ.. එයාගෙ ඉසකෙයි වලයි නියපොතුවලයි ඔය ආසනික් වැඩිපමනින් තිබිල කියල හොයාගත්තයින්නේ ඔය නිගමනවලට ඇවිත් තියෙන්නේ.. එයා විත්‍රක් නෙවේ.. ඔය එන්ගලන්තේ III වෙනි ජෝජ් රජ්ජුරුහුනැහේත් යටකියපු ගමනම ගොහින් තියෙන්නෙ ඔය ආසනික් විසවීමකින්ලු...  ඔව්ව අහල එන්ගලන්තෙ iii ජෝජ් රජුරුවොත් ආසනික් විස වෙලා අබහවප්‍රාප්ත උනානම් අපේ මේ නිකන් ගොවියො වකුගඩුරෝග හැදිල මැරුනම මොකො කියන, එන්ගලන්තේ සුදු පාට ඉටිපදම්වල රස බලන අපේ උනැහේලාලැත් ඉන්න එකට තමයි ඉතින් දුක් වෙන්න ඔනි..

සමාවෙන්න..! අපේ උනැහේල කියල කිය උනේ වැරැදීමකින්.. ඒ අයට අපේ අය කියන එක පොඩ්ඩක් ශංශෝදනය කරන්ට වෙනව.. මං අහල තියෙන විදියට ඔය සුද්ද නැවු නැගල දේසසංචාරය කොරන කොට නැවු වල හොරෙන් යන මිනිස්සුන්ව අල්ලන්න බල්ලො ඇති කරල තියෙනව අදාල නැවු වල.. ඉතින් ඔකුනුත් ලංකාවට අපු වෙලේ අන්න ඒ බල්ලන්ට ජාතක විච්ච හැත්තකුත් තාමත් ඉතුරු වෙලා ඉන්නව නොවැ... ඒ වගේ ඈයන්ට අපේ උනැහෙල කියන එක ඒ හැටි සාදාරන නෑනේ.. භාගෙට අපේ.. ඉහික්.. ඉතින් ඒවගේ බාගෙට අපේ රසායනවිද්‍යාවට සහතික එහෙම තියෙන උනැහේල ටිකක් එකතුවෙලා මේලගදි මාධ්‍ය අමතා ප්‍රකාසයක් කියකරල තියෙනවා...
ශ්‍රී ලකාවේ කෘෂි රසායන සමාගම් බහුතරයක එක මුතුව (ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා) පැහැදිලි කිරීම...
මේ මෙව්ව එක මට කියවන්න ලැබුනේ විදුසර පත්තරෙන්.. ( 2011.07.20   04වෙනි පිටුව) ඒ ලිපියට අනුව තමයි ඇඟිල්ලගෙ මේ විග්‍රහය කොරන්නේ...

ඉතින් අර අපේ ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා එකේ ඈයො ටික කතාව පටන් ගන්නවා  ශ්‍රී ලංකා ජනරජයේ  2001 ජුලි 26 වෙනිද පිට උනු අතිවිසේශ ගැසට් පත්‍රයේ තහනම් කර ඖශද යටතේ ආසනික් අසංගු කෘශ් රසායන ගෙන්වීම හා බෙදා හැරීම සම්පූර්න තහනම් කියලා..  අනේ කොච්චර දෙයක්ද අප්පේ.. එහෙම දෙයක් තහනම් කොරල තියෙන එක.... දැන් ඊටපස්සෙ ඒ අයම කියනව්වා ඒහෙම නිතියක් ගෙනල්ලත් තියෙද්දි  ලංකාවෙ අලෙවි වෙන පළිබෝදනාශක වල ආසනික් නෑයි කියලා.. කොටින්ම කියනවනම් එයාලා කියන්නෙ මේ රසායනය තහනම් කොරල තියෙන නිසා එක කිසිම පළිබොද නාසකේක අඩංගු නෑ කියල.. එහෙම වෙනවනම් අපිත් කැමැති... ඒත් මට එන ප්‍රශ්නෙ මේකයි.. ලංකාවෙ හෙරෝයින් ගෙන්වීම හා බෙදා හැරීම සම්පූර්නේන් තහනම් නේද?ඒකින් කියන්නෙ ලංකාව අඑතුලේ හෙරෝයීන් භාවිතය නෑ කියලද? එහෙමනම් ඒවා භාවිතා කොරල අහුවෙන අයව දන්ට පුනුරුත් තාපන කඳවුරු ඔනි නෑනේ.. ඉහික්.. මේවගේ ප්‍රාකාස කරන නිසා තමයි මං කිව්වෙ ජාතක වෙලා තියෙන්නෙ ලංකාවෙ බල්ලෙක්ටනම් නෙවේ, පිටරට බල්ලෙක්ට කියලා...

ඉතින් එතනින් නවතින්නෙ නැති මේ භාගෙට අපේ උන්නැහෙලා ටික තව තවත් බටේ සූප්පුකොර කොර ඒක ලොව ලොව, පළිබොදනාසක ටික සුද්ද කොරනවා...

දැන් භාවිතා කොරන පළිබොද නාසක ආවට ගියාට වෙලදපොළට දන්නෙ නැතිලු.. අවුරුදු 10ක් විත්‍ර ඒක උචිතද අනුචිතද කියලා හොයල බලනවලු.. :D ඒවිත්‍රක් යෑ... මේ පරීක්ෂනවලට වැයකොරන මුද ඩොලර් මිලියන 256ක් විත්‍රලු... අනේ බලන්නකෝ.. මේ සුද්දගෙ පුක ලෙවකන අපූරුවා..( පුක කිව්වම අසබ්‍යයි වගේනම් වෙන මොක් හරි හිතාගන්ට) අපේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වෙලා තිබ්බේ ඔය රසායන ද්‍රව්‍ය හින්ද වෙන්ටෑ... මට බය මුන් තව ටික දවසකින් ඒහෙමත් කියයි කියලා... ඉතින් බොලවු... මොකටද ඔච්චර ගානක් වියදම් කොරල රට ඉටිපංදම් සූප්පන්නේ... උන්ගේ ලබු උන්ටම කන්ට කියල අපි අපේ ක්‍රමේට වගා කොරමුකො... එතකොට අර ඩොලර් මිලියන ගනනුයි අවුරුදු ගනනුයි වැයවෙන්නෙ නෑනේ.. මේ ඈයො එකට දෙන උත්තරේ අන්තිමට කියන්නම්.. :D :D

අනික් එක මේ මුන් මෙච්චර කෑ ගහන ගැසට් පත්‍රයේ තියෙන්නෙ ආසනික් සක්‍රීයව තියෙන කෘශිරසායන ගෙන්වීම තහනම්.... ආ...ශයි නෙහ්..? යකො එතකොට නිශ්ක්‍රීයව ආසනික් තිබ්බට කමක් නෑ.. උදාහරනෙකට ගියොත්, අපි ඇලුමිනියම් භාජනවල කනව... විසද? නෑ.. අපි ඒක නිශ්ක්‍රීයි කියල උපකල්පනය කොරමු... එතකොට ඒ ඇලුමිනියම් භාජනේම අපි දෙහිවගේ දෙයක් කනවා... දෙහි සක්‍රීයි කියලා ගමුකො... දැන් අර මෙච්චර වෙලා නිශ්ක්‍රීයව තිබුනු ඇලුමිනියම් සක්‍රීයවෙලා අපිට හානිකරවෙන්නෙ නැද්ද??? ම්ම්... මේ උදාහරනේ පොඩි අවුලකට තියෙන්නෙ, මෙක ඇහුවම එහෙමෙහෙ ඉන්න ළිං මැඩියො පොම් වෙලා අහවි "එතකොට කෘශි රසායන ප්‍රතික්ශේප කොරනවා වගේ ඇලුමිනියම් මෙව්වත් ප්‍රතික්ශේප කොරන්න ඔනිද?" කියලා.. හ්ම්ම් ඒකත් හැබෑව... ඉතින් හත්දෙයියනේ ඇලුමිනියම් භාජනවල ඇබුල් ජාති බෙදන්නෙ නෑනෙ අපි කවුරුත්... ඒක අපිටම අපේ සෞක්‍ය ගැන හිතලා ගතහැකි ක්‍රියාවක්.. අපේ පනට වඩා ආදරේ අපිමනේ... ඒත් කෘශි රසායන ගදන උන් ඔක හිතනවද? ආසනික් සක්‍රීය ඒවා දාන්න එපා.. නම් එක නොදා ඉන්නවා(කොන්දේසි සහිතව) ඒත් එකත් එක්ක ප්‍රතික්‍රියා කොරනව මේක.. ඔව්ව මෙව්ව හිත හිත ඉන්නේ නෑනේ..

ම්ම්.. මේ උදාහරනෙත් ඇරල රසායන විද්‍යාවටම අයිත් උදාහරනයක් ගත්තොත්, ග්ලයිෆොසෙට් කියන රසායනිකය... ඒ සක්‍රීයයි... ඒත් තහනම් කරපු රසායනයක් නෙවේ.. බොහොම පුංචි විශක් තියෙනන සංයෝගයක්... ඒක විත්‍රක් ශරීර ගත උනාම විශාල ආපද වෙන්නෙ නෑ.. සාමාන්‍ය බෙහෙත් ක්‍රමයකින් සනීප කර හැකි... ඒත්, ඔය රසායනිකයත් එක්ක අක්‍රීය සංයොගත් එකතු උනාම අදික විශහහිත විදියට ක්‍රියාකොරනවා...

ඔය සක්‍රීය නිශ්ක්‍රීය ගැන කතා කොරල ඒ අය කියන්නෙ අඩංගු ප්‍රමානේ ගැන.. එයාල කියන විදියට ලෝක සෞක්‍ය සංවිදානය වගේ මෙව්ව වලින් හාල්වල තිබිය හැකි උපරිම ආසනික් ප්‍රමානය මෙච්චරයි කියල නියතයක් පමුනවලා නෑලු.. ඒක නිසා කමක් නෑ.. කන්නලු.. මොක් හරි හේතුවක් නිසා එහෙම පැමිනුවෙ නෑයි කියමුකෝ.. එහෙමෙයි කියලා කරන්ට ඔනි පාසනම් කනැකද? මේ අයට අනුවනම් කරන්න ඔනි ඒක.. අනික් එක එයාලට අනුව හාල් ඇටේ මේ බොහෝම සුට්ටක් තිබ්බට කමක් නෑලු... අනේ මෙහෙමත් උඔපාදිදාරීන්... අපි සාමාන්‍ය පෙළෑදි ඉගන ගත්තෙ මිනිස්සුන්ගෙ ඇඟේ ඔය බැර ලෝහ ව්අගේ එව්ව සුට්ට සුට්ට එකතුවෙනවා කියලා... ඒක පැත්තකින් දාමුකො.. එහෙනම් ඔය වෛද්‍ය වරු කිරන්නෙ ඇයි ඉදල හිටලා හරි බොන සිගරට් එකේ තියෙනෙ එව්ව මෙව්ව අපේ ගර්තවල තැම්පත් වෙනවා කියලා.. බීපුගමන් අවුලක් නැති උනාට එකතුවෙලා එකතුවෙලා පහුකාලීනව ආදීන ගෙනදෙනව කියලා.. එහෙනම් කටහනවට වෙන්ටෑ...

ඉතින් මේවා සාමාන්‍ය දැනුමෙන්.. අපිට වඩා එහා ගිය දැනුමක් අර ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා එකේ ඇත්තන්ට තියෙන්ට ඔනි කියල හිතෙනවා.. මොකද ඒ අය අඩුගානෙ රසායන විද්‍යව සම්බන්ද BSc උපාදියක්වත් තියෙන අය..


ඉතින් කලින් මං කිව්වෙ මේ අය මයේ ප්‍රශ්නෙට අහන්න කලින් දීල තියෙන උත්තරේ ගැන අන්තිමට කියන්නම් කියලා.... උත්තරයක් කිව්වට උත්තරයක් නෙවේ... අයෙ ප්‍රති ප්‍රශ්නයක්... අනේ මේ එන්ගලන්තෙ සුදු ඉටිපන්දම් සූප්පන ලොවන, ඒ ලොවල ඒකුන්ගෙම පුකවල් ලෙවකන භාගෙට අපේ කලු පර සුද්දො ටික මෙහෙම අහනවා....
පළිබෝදනාශක නො යොදන රටක් අපට සොයාගන්න පුලුවන් වෙයිද? එහෙම රටක් තියෙනවද?
ඔය ප්‍රශ්න ටිකෙන්ම පැහැදිලී ඕකුන් බල්ලෙක්ට ජාතක උනත් ඒ බල්ල අපේ සිංහල දේශයේ බල්ලෙක් නොවන විත්තිය... නැත්නම් අපේ මේ සිංහලල ක්‍රමය ඉස්සරහ නිරුවත් උනු බටහිරවිද්‍යාවේ නපුන්සක හෙලුව වහන්න මෙච්චර උතසහ ගනීද???

ප. ව.
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පවුකම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව්කළහට වෙයි විපත

මේ කවියතමා මතක් වෙන්නෙ ඉතින්... ඕකේ පාපකර්මවලට කෘශි රසායන පාවිච්චි කරන එක උපමාකොරගත්තොත්  මෙහෙම ලියන පොස්ට් එකකින්වත් නලී සර්ගේ අපේ ප්‍රාවද ලිපියකින්වත් කියන්න බැරි දේයක් කියවෙන්නේ..
කෙටියෙන්ම කියනවනම්, ආසනික් තිබුනත් නැතත්, කෘශි රසායන භාවිතයෙන් ඈත් උනොත් වෙන්නෙ හොඳක් මිසක් නරකක් නෙවේ... :D :D

අපේ දැන් ගොවියො එක සැරෙන් කෝටි ප්‍රෝකෝටි ගනන් කෘමිසත්තු සමූල ආතනය කරලා දාන තරම් පවු කාරයො වෙලා... ඉස්සර ගොවිය මී උනක් තිබ්බද? වකුගඩු රෝග තිබ්බද? මේ හැම දේම ඔය පවුකාරකමේ ප්‍රති පළ නෙවේද????

ප.ප.ව.
කවුරුත් මට චෝදනා කොරන්ට එපා.. මෙතන බ්ලොග් පොස්ට් වල කගහල වැඩක් නෑ උන්ටත් ඇහෙන විදියකට කියන්ට ඔනි.. කියලා... ඉහික්.. මේ පොස්ට් එකට දැම්මේ උන්ට ලියපු පිළිතුඑඋ ලිපියෙ උක්තාක්‍යාත සම්බන්ද අයින් කොරල ඇඟිල්ලගෙ භාසාවෙන්.. ලබනසතියෙ දිහාට පත්තරෙත් යයි.. ;)
Related Posts Plugin for WordPress, Blogger...