Showing posts with label ඒකි. Show all posts
Showing posts with label ඒකි. Show all posts

Sunday, September 25, 2011

මට සමාවෙන්න! බොක්කෙන් ආදරය කරන්න මට බොක්කක් නෑ෴

ආදරණීය ඒකි,

මතකද?
ඔයා මුලින්ම මට
කැමැති වුනෙත්
මේ බ්ලොග් එකේ
පොස්ට් එකක් කියෝලා

ඒත්...

මේකෙ ලියන
පොස්ටුත් එක්ක
වණදැසියන් පස්සෙන් යන
වනචරයෙක් වගේ
හිතෙනවා ඇති නේද?

එහෙමත් නැත්නම්,
මේ තරහ උනේ මගේ
බෙබදු කමටද?
හ්ම්ම්... ඔව්, 'සුරාසොඬා!'

ඒත් මතකද
අපි ඒ දවස් වල
බේබදු කමයි ආදරය ගැනයි
කතා කරා..?

අර මං කිව්වේ
දුකේදිත් සැපේදිත්
අතේ සල්ලි තියේනම්
විත්‍රක් ලඟ ඉන්න කෙල්ලන්ට
වඩා අරක්කු හොඳය කියලා..
ඒත් ඔයා එහෙම නෙවෙයි...!

ඇයි අර ප්‍රශ්නෙහ්..?
මං බීල කණුවක් පල්ලේ
ඇඳන් වැටිල උන්නොත්
කොල්ලෙක් මිසක් කෙල්ලෙක්
ගෙදරට ගිහින් දාන්නෙ නෑ
කිව්වේ...

ඔව් මම දන්නවා...
ඔයාට වුනත් ඒ දේ
කරන්ට අමාරු විත්තිය..
ඒ කොව්වා උනත්
මං එක දෙයක් දන්නවා,
ඒ ගෙදර ගිනිහින් නොඇරලුවට
වෙරි හිදෙනකන් මයේ ලඟට වෙලා
ඉන්න විත්තිය......

ඒත් දැන් එව්වා මුකුත් නෑ..!
මනුස්සේක්ට හැදෙන්න
එක අවස්තාවක් හොදටම ඇති..
ඒත් ඔයා මට අවස්තා කීයක් දුන්නද?
ඒ ඔයා මට බොක්කෙන්ම ආදරේ කරපු නිසා..........

අනේ මට සමා වෙන්න!
මට එහෙම අදරය කරන්න බොක්කක් නෑ..
එදා ඉදන් ඒක දියවෙනවා...


ප.ව.
මේක රසාත්මක වාක්‍ය සමූහයක් හෙවත් කවියක් නෙවේ.. නිස දෙසකුත් නෙවේ.. බ්ලොග් ලියන ඇපිට මේ බ්ලොග් වලින් ඇති වුනු ගොඩාක් වටිනා දේවල් වගේම නැති වුනු ගොඩාක් වටිනා දේවලුත් ඇති. ඒත් වටිනා දේ බ්ලොග් එකෙන්ම ලැබිලා ඒක බ්ලොග් එකෙන්ම නැති වෙනවා කියන්නෙ තරමක් දුකින් වැඩි දෙයක්... ඒත් ඒකට කරන්න ඔනි දේ නම් මං දන්නේ නෑ... කොව්ව වුනත් බ්ලොගියට කොමාවක් තියන්න හිතුවා... :)

Saturday, September 3, 2011

පෙම්වතෙක්ද මං?

ආදරණීය ඒකි,
අරයගෙ කොල්ලා
එයාට ගොඩක් ආදරෙයි නේද?
එයා සෝසමලක් වගේ කියලත් කියනවලු

එතකොට
අරයගෙ කොල්ලා
ඒ දෙන්නත් කිරියි පැණියි නේද?
එයා රත්තරන් වගේ කියලත් කියනවලු..

ම්ම්ම්ම්....
ඒත් අපි දෙන්නා...?
මට ඔයා සෝසමලක් වගේ පේන්නෙ නෑ..
මට සමා වෙන්ට..!
මට ඔයාව රත්තරන් වගේත් පේන්නෙ නෑ..
ඒකටත් සමා වෙන්න...

මට ඔයා වාමාවර්ත කස්කුරුප්පුවක් විතරයි...........

Sunday, August 7, 2011

මං කැමැතී ඒකිට... ඒකි කැමැති නෑ මට.....

ආදරණීය ඒකි,
මතකද?
ඒ දවස් වල මං ඔයත් එක්ක
කතා කරන්න කාපු කාපු කට්ට...

ඇයි දවසක්,
ඔයාගේ හිච්චි ඇඟිල්ල මෙව්වා වෙලා
මාත් ඇඬුවා...
ඔයාට නම් ඒවා මතකත් නැතුව ඇයි....

ඇයි තවත් දවසක්,
ඔයාට කින්ඩියක් දාන්ට ගොහින්
ඔයාගෙ අයියගෙන් අම්බානෙට
මං ගුටි කෑවේ....
ඒත් මං ඔයාවම හෙව්වා....
ඔයා මට අකමැති එක වෙනම කතාවක්
ඒත් මං හැමදාමත් කැමැතී....

මා එක්ක තරහට,
ප්‍රොපයිල් එක අක්‍රීය කොරාට
කමන්නේ නෑ...
ඒත් නිකමට හරි මේල් එකක් දන්ට.....

මං ප්‍රොමිස් කිව්වට ඉතින්
ශුවර් නෑනේ.....
ඒත් මට පොරොන්දු වෙන්න බෑ
අයේ බොන්නේ නෑ කියලා
ඔනිනම් ඔයාට ආරංචි නොවෙන්න
බොත හැකි.....

ඒ කොව්ව උනත් දැන් වැඩක් නෑ....
ඔයා සැරයක් නෙවේ
දෙසරයක්ම අකමැතී කිව්වනේ...
ඒත් මඥ් ඔයාට ආදරේයි.....
 ප.ව.
සිකුරාදා රාත්තිරියේ මේ කවි සැට් එකම මං පොස්ට් එකක් දාල තිබ්බා....... ලියපු වෙලාවෙ මං මොන ලොකෙක උන්නද කියල මටවත් මතක නෑ... පොඩ්ඩක් වැඩි උනානොවැ.. හැක් හැක්.. අකුරු අඩුපාඩු හෙනට තිබ්බ නිසා අයේ මේක අද එඩිට් කොරා.. :D :D :D මෙව්ව කියවල මාව කින්ඩියට ගන්නව හෙම නෙවේ!!!

Tuesday, March 15, 2011

විහඟුන් ඉගිලී ගියා වේ.....


මඟබලමින් සිටියෙමි සය වසරක්ම
නැහැ තව ආවේ විහඟුන් සිත සිපගන්න
අහසක් නැතුව තරුවට බෑ පිපිලා ඉන්න
අරුනෝදය අරන් ඉක්මනටම මාවෙත එන්න


පුර-පස අදයි, අයි හඳ අහසට නොඑන්නේ
කදුළු කතරයි, ඈ එනතුරු මසිත ඉකිබිදින්නේ
කළු ගල් වගේ, ඇයි ඇගෙ හද උනු නොවෙන්නේ
සිත්රුක මගෙයි, කවදද විහඟුන් කැදැලි තනන්නේ


පිවිතුරු විහඟ ගී තව නෑ ඇහෙන්නේ
පිපුනු තරුව දැන් කඳුළැලි සලන්නේ
ඈ එනතුරු මගෙ සිත මඟ බලන්නේ
පාළුව දැනී මම රහසේ ඉකි බිදින්නේ



සැ යූ:- මේක මගේ බ්ලොගියට දාපු පලවෙනි මගේම කාව්‍යමය නිර්මානය. වැරැදි අඩු පාඩු නම් එමට ඇති. :D තාම සුළැඟිල්ල නොවැ. හික් ය.

Thursday, February 24, 2011

සය වසරක ශේෂ පත්‍රය෴


හ්ම්ම්.... අද කියන්න යන කතාවනම් මම ගොඩක් කල් ඉදල කියන්න බලාගෙන හිටපු 1ක්.... දම ලියන්ඩ හිතුනෙන.. අනේ මන්ද.. ඊයෙ විච්ච සිද්දියක් නිසාද කොහෙද.. කොටුවෙ ඉදන් කඩවතට එන්න හිතගෙන් 138 නැග ගත්තෙ බොහොම අමාරුවෙන්. රෑ 7ට කිට්ටු කරල තිබුනු නිසා බස් ව්ක පුල්. ඒත් මම ඔක්කොම ඇන්ටිල අන්කල්ල පෙරලගෙන ගොහින් ජනේලයක් ආයිනෙ ඉදගත්තයි කියමුකෝ. අවුරු හරි ඇන්ටි කෙනෙක් මට බනිනවත් ඇහුන ගාල්ල මාතර යන්ව වගේ කියල. සුළැඟිල්ල ඔව ඇහුනේ නෑ වගේ බස් එකෙ ආයිනෙ ශීට් එකෙ ඉදගෙන කොටුවෙන් ගත්තු කඩල ගොට්ටටත් අතදාගේන් වෙනද වගේම හිතන්න පටන් ගත්ත (මොනාහරි දෙයක්). ටිකවෙලාවක් යනකොට මට ඇහුන අර මට බනපු ඇන්ටි ගෑනිමද කොහෙද ආයි කෑ ගහනව. හික්. පොඩ්ඩක් ඉතින් මමත් රබර් ඇහැගාල බැලුව මොකද්ද සීන් එක කියල. හත්තිලවුවයි. පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකු. දෙන්නම ඔනෙ නම් 8ටේ විතර ඇති. අර ගෑනි බනිනව උන්දෙන්නට "අපි ළමයෙක් අරන් බස් ඒකක යන්නෙ කොහොමද..? මුන් කොඩිකාලෙ ඉදල හැදෙන හැටි.! " කියල. මටත් ඉතින් වැඩේ මිටර් උනා. පවු අහින්සක කොල්ලයි කෙල්ලයි.. ලැජ්ජාව ඉවසගන්න බැරුවද කොහෙද ආමර් ස්ට්‍රීට් වලින් බැස්ස. මටත් ඊලගට ගෙදර යනකන්ම හිතුනෙ ඔය සිද්දියම තමා. මොකද මමත් ඉතින් 6දි ඉදන් කෙලෙක්ට ලයින් දැම්ම නොවැ. අද කියන්න යන්නෙ සුළැඟිල්ල ඒ සිද්දිය.

_________________________________________

සුළැඟිල්ල 1කේ ඉඳන් 6වසර වෙනකන්මා ඉතින් එයාගෙ අම්මිය ඩූ තමයි ඉස්කෝලෙ ගෙනිහින් ආයි එක්කන් ආවෙ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැ. කොහොමින් කොහොම හරි 6යේ අන්තිම වාරෙද කොහෙද සුළැඟිල්ලව අම්මිය ඩූ වැන් 1ට දම්ම. ඉතින් ඕන් කොල්ල ස්කූල් වැන් එකෙ යන්න පටාන් ගත්තයි කියමුකෝ. එකෙ හිටිය කෙල්ලෙක්. ලස්සන කැත බලන්න නම් දන්නෙ නෑ. මම හිතන්නෙ ලස්සනයි.(ඇඟිල්ලෙන් බිම හාරමින්........) හික්. ඔන්න ටිකදවසක් ගියා. දැන් මූට මොකද්ද වගේ අර කෙල්ලව දකිද්දි. තව එකක් කියන්න ඔනෙ. සුළැඟිල්ලහෙ අක්කිය ඩූත් ගියේ ඒ වෑන් එකෙමයි.හික්. අක්කිය ඩූගෙන් අරයැයිගෙ නමත් අහගත්ත. හික් නම අපරාදෙ කියන්න බෑ ලස්සනයි. ඒත් එක උබලට කියන්න බෑ නොවැ. ඊට පස්සෙ උබලත් මාව බයිට කොරයි. හික්. ඉතින් ඕන් කොල්ල 8ට ඇවිත් ඉන්නෙ. යාලුවො හැමෝම කතාකරන්නෙ තමන්ගෙ කෑල්ලද කවුද ගැන. ඊට පස්සෙ ඉතින් මමත් මගේ හොදම යාලුවට ඒ සීන් එක කිවුව. ඒදා ඉදන් ඌ හැමදාම මට පුරුදු කරා කෙල්ලෙක්ට ටෝ කරන්නෙ කොහොමද කියල. ඉතින් මම අදත් ඒ යාළුවට කියන්නෙ අප්පොච්චි කියල. ඉතින් මම හිතන්නෙ මම 10. අපේ අක්කියත් දැන් වෑන් එකෙ යන්නෙ නෑ. මොකද එයැයි උපෙ කරල නැවතුනා. හික්. ඉතින් එදා දවසෙ මමත් පුරුදුවිදියටම වෑන් එකේ ආව. අපෙ පුරුද්දක් තිබ්බ ඒක එක දවසට එක එකාව බයිට් කර නව. ඒත් එක එකා කිවුවට හැමදාම බයිට් කරන්නෙ මාව. එක නිසා ඒවට් ප්‍රතිදේහ මගේ ඇගේ තිබුන. ඒත් මෙදා හරි අමුතුයි. වෙනද වගේම මාව බයිට් කරාට වෙනස් විහියට. අරයගෙ නම කිය කිය. එක පාරට වෑන් කාරය බ්‍රේක් 1ක් ගැහුව. හුටා. මම කෙලින්ම ඉස්සරහට විසිවෙලා වැහුනෙ අරයැයිගෙ ශීට් එකෙ පිටිපස්සෙ. එක පාරට කොහෙද කාල කන්නියෙක් වෑන් එකෙ පිටිපස්සෙ ඉදන් කෑ ගහනව "අඩෝ **ත්‍ර .. මොකද ඒයා බෑක් තියෙන්නෙ ඉස්සරහද??" කියල. මලා.ඔහොම ඉතින් බයිට් වෙවී වෑන් එකෙ ටිකදුරක් ගියයි කියමුකෝ. මම කිවුවෙ අපෙ අප්පච්චි. උගේ අය්ය. ඒකියන්නෙ මහප්පච්චි! ඌ කතාකර අරයට. හික්. "ස්ස්ස් නංගි... ස්ස් නංගි! මේ ***ගා...ස්ස්.. මෙ **ත්‍ර ඔයාට කැමති ලු." නොදෝකින්.. එයා හිනාවෙලා ආයි ඉස්සරහ බලා ගත්ත. ලොල්ය. මූ ආයි කතා කරල කියනව. පවු අප්පේ එයාට වදයක් වෙන්නත් ඇති. ඊට පස්සෙ අරූ මට ඉන්න දෙන්නෙ නෑ අහපිය අහපිය කියල. මොන මගුලක්ද මේක. මට ඔනෙ නම් මම හානවනෙ. උට තියෙන ඇම්ම මොකද්ද.. කොහොමින් කොහොමින් හරි ඉතින් මමත් හිරි ඔත්තප්ප ආයින් කරල දාල ඇහුව. ඒ අපරාදෙ කියන්න බැ එයා "නෑ" කියල නම් කිවුවෙ නෑ. මම හාපු ප්‍රශ්නෙ පත්තකින් තියල එයා හැව්ව මගෙන්.. "ඔයාගෙ බ'ත් ඩේ 1ක කවද්ද...?" හික්. මම ඉතින් ඇයිසෑක් නිවුටන්ගෙ උපන්දිනේ දවසනේ. එකනිසා මම ඕනෙ කෙනෙක්ට ආඩම්බරයෙන් දවස කියනව. ඉතින් එවලෙත් මම කිවුව.
"මම...ම.. දෙසැම්බර්....." නොදකින්.. ගත්කටටම එයා කියුවෙ නැද්ද
"අයියෝ ඔයාමට මල්ලිනෙ.." කියල.

හ්ම්ම්ම්.. ඔන්න ඔකයි උළැඟිල්ලගේ ආදර කතාව. මොනව කරන්නද අපිට උපන්දින වෙනස් කරන්න පුලුවනෑ...

"නුබගෙන් ප්‍රේමය මා ඉල්ලූ දා
මා නුබේ මලනුවනයි කීවා
එනමදු නුබ අද මට ලන්වීලා
මම නුබෙ හිමි සඳයයැයි පවසනවා "
(මෙයද එක් හුදු ප්‍රබන්දයක් පමණි.)


Related Posts Plugin for WordPress, Blogger...