Showing posts with label මානවයා. Show all posts
Showing posts with label මානවයා. Show all posts

Friday, November 2, 2012

ඇන්නා පැන්න තියරිය සහ ඇන ඇනා සිටීමේ තියරිය | ඇයි අපි මෙච්චර වල්? දෙවැනි කොටස

හප්පා හුග දවසකින්... :D බ්ලොග් එක එහෙන් පාලුවට යද්දි වල් කතා සීරියස් එක ගරා වැටිලා... ඕන් හුගදවසකින් අපෙ වල් කතාවක් ලියපු නැති හන්දා කට්ටියට අපේ ධූරාවලිය අමතක වෙලත් ඇති නෙව... හා ඒවා නොකියවපු අයටත් දැන ගන්ටත් එක්කලා පොඩි සමරියක් දීලා ඉමු...


මුළින්ම අපි දහසක් මඩ මැද්දෙ ඔය කාගෙ කාගෙත් කන් ටික සුද්ද කරගන්ට කියලා කුණුහරුප බිහිවෙන්නෙ කොහෙන්ද කියලා ලිව්වා.. එහෙන් ගියාම කවුද වැඩි පුරම වල් කියලා සත්‍යාපනය කොරගෙන ඇයි අපි එච්චරම වල් කියලාත් කිව්වා.. ඔය කාලෙ ඇඟිල්ලගෙ ස්වර්ණමය කාලයක් උනාට මොකො දෝශාරෝපණ නම් එමටව තිබ්බා.. ;) එහෙන් ගියාම අපි විවිද ඉන්ද්‍රීන්වල ලිංගික පදනම ගැන කතාකරමින් තමයිනේ හිට්යේ..  එතැන ඉදන් අද පොස්ට් එකට එන්ටර් වෙමු...

ක්ලියොපැට්ටගෙ නාහෙ ගැන කතා කරලා අද ඇහැ ගැන කතා කරටයි උන්නේ.. ඒත් ඒ ටොපික් කෑල්ල පස්සට තියලා අද ලියනවා ඇයි අපි මෙච්චර වල් කියන එකේ තවත් කෑල්ලක් එක්කරමින් ඒකෙ දෙවෙනි කොටහ!.. :D

ඒ කාලෙ ලිව්ව එව්ව නම් ඉතින් මතකත් නෑ.. කොහොමෙන් හරි මට මේ ටොපික් කෑල්ලට මෙව්ව එක ගහන්ට හිතුනෙ නම් මෙන්න මෙහෙමයි.

ඈලියවට ගිය මගේ බ්ලොග් කෑල්ලෙ පොස්ට් එකක් දාගන්න වෙලාවක් නැති උනාම තටම තටම ඉස්ටේටස් කවුන්ටරේ බල බල හූල්ල හූල්ල ඉන්න අතරෙ තමයි මේක කැමරාවට අසුකරගත්තේ.. මේතියේන්නේ ගූග්ලේ සර්ච් කරලා බ්ලොග් කෑල්ලට ආපු ඈයො.. බලාහල්ලකො ඒකෙත් හැටි!

පින්තුරේ උඩ ඔබලා ලොකුකරලා බල්තැකි..

එහෙන් ගිහිල්ල වැඩිපුරම හිට් විච්ච පොස්ටු බැලුවාම මේන්...



Entry Pageviews
2538
1634
1597
1344
1343
1272
714
Mar 25, 2011, 18 comments
631
564
533


ඕකනේ වැඩේ කියන්නේ... ඔව්ව ටික සැලැකුවම හිතෙනේ අපි මෙච්චර වල් කියන එකට නැවත්ත් හේතු දක්වන්ට ඔනෑයි කියලා... එහෙනම් පටන් ගමු...

ම්ම්ම් මෙහෙම පටන් ගමු.. අපි කියන්නෙ කාටද... :D පරිණාමය පිළිගත්තා හෝ නොගත්තා (කවුද දන්නෙ යොහෝවා උන්දා අපිව මෙ ඉන්න විදියටම මැව්වද කියලා... ) අපෙයි වදුරගෙයි පෙනුමෙන් හරි සමාන කමක් තියෙනවා නෙව...පෙනුම විත්‍රක් නෙවේ ජිව විජ්ජත්මකව බැලුවාමත් ලොකු කිට්ටු කමක් තියෙනවා.. ඔරන්හොටන්ව එහෙම ගත්තාම උගේ වර්ණදේහ 48ක් කාරිය තියෙනවා..(http://en.wikipedia.org/wiki/Orangutan#Genomics) අපේ 46ක් තියෙනවා නෙව!ඒවා තව චර්යාත්මකවත් නෑකම් කියනවා නෙව! ඔයවගේ බැදීම් අපි උන් අතරෙ තියෙන නිසා අපි ඩිංගකට හිතමු ලිංගික ජිවිතය ගැනත්... ඔන්න ඔතනදි තමයි මෙව්වා වෙන්නේ.. එතනදි පොඩි පරස්පරතාවයක් මතුවෙනවා... හේතුව අපේ ගාව තියෙන ජෝඩු සෑදිම පූර්ව අහවල් එක සහ අහවල් එක කියන එව්වගෙන් උන්ගාව අහවල් එකට මුල් තැනක් ලැබිලා තිබ්බට මොකද මං මේ මොර දුන්නට අපේ අහවල් එකට අමතරව අනිකුත් කාරිය තුනටත් සමතැන ලැබෙනවා...කවුරුහරි කියයි අහවල් එකට මුල්තැන දිම හෙවත් ඇන්නා පැන්නා තියරිය තමයි ගොඩක් වල් කියලා.. තම තම නැන පමනින් තෙරුන් ගනටකො.. ;)

මනුස්සෙක්ට ඔක්කොන්ටම වඩා ලොකු මොළෙත් එක්කලා එවගේම ඇගට සාපේක්ෂව ලොකුම ශිෂ්නෙකුත් ලබාදීමේ හෝ ලැබීමේ අරමුණ මොකද්ද? ව්‍යුහ විද්‍යාඥ අංකල්ලනම් කියන්නේ ඕකට හෙතුවත් ඉතින් අර නාහේ වගේ ඉතුරුවිච්ච කෑල්ලක් කියලා ( ඒ කතාවෙන් ඉතින් ඒ ඒ අංකල්ලාගේ ගැන අපිට හිතාගත්තෑකිනෙව.. ලොල් :D ) අපි ඉතින් කොහෙත්ම ඕක ඉතුරු විච්ච කෑල්ලක්ය කියලා අහක දමන්නෙ නැති හන්දා මේ පුරස්නෙටත් උත්තරයක් සොයන් ඉමුකො කාරිය... කොම්පියුටරයක් කියලා හාර්ඩ් වෙයාර් කෑලි ටික විතරක් තිබිලා මදි නෙව. සොෆ්ට්වෙයර් එහෙමත් තියෙන්ට ඔනෑ... (ලයිව් වෙයර් එකත් ඔනෑ) ඉතින් අපේ මොළේ කියන්නෙත් හාර්ඩ් වෙයර් එකක් වගේ දෙයක්.. ඒක අයි 7 එකක් උනත් වැඩක් නෑ.. කොටින්ම කියනවනම් කොච්චර ලොකු උනත් වැඩක් නෑ ඒකට හරියන සොෆ්ට් වෙයර් හෙවත් ආක්ල්ප අනම් මනම් තියෙන්ට ඔනෑ නිසි විදියට! i7 එකට DOS සෙට් වෙන්නෑ වගේ ඒ විශාල මොළයට හොද ඇඩ්වාන්ස් ආක්ලප එන්ට නම් ඒ ඒ අයගෙ ළමා කාලේ සංවර්දනය ගොඩාක් වැඩගත් වෙනවා... මං මෙතන ආකල්ප කියලා කිව්වේ අර කාලීන බණ දේශනාවල කියන ආකල්ප ගැනම නෙවෙයි!

ඇත්තටම කියනවනම් පූසෙක්ට උපතින්ම ලැබුනු දඩයම් කිරිමේ හැකියාවක් තියෙනවා... ටොම් ඇරෙන්න වෙන කිසිම පූසෙක් මියො අල්ලන්න මී කතුරු පාවිච්චි කරන්නේ නෑනේ... හැම සතෙක්ම වගේ එහෙමයි නෙව.. අපිත් ඉතින් සතෙක් නෙව! අපිට විතරක් විශෙෂයක් මොකෑ...? ඒක ගැන මට තියෙන අදහස නම් මෙහෙමයි.. ඔය මවපු උන්දෑ ඕලෙවල් වලට කොමස් කරපු එකෙනෙක්! ව්‍යාපාරයක සාර්තකවත්වය තිරනය වෙන්නෙ තරගයට සාර්තකව මුහුන දීම මත. පිපාසෙන් ඉන්න මිනිසු ගැවසෙන තැනකට සරුවත් කඩයක් තිබ්බොත් අන්න ව්‍යාපාරික අවස්තා හදුනා ගැනිමක්... ඔන්න ඒ මිනිහවම කොපි කරපු තවත් මිනිස්සු සරුවත් කඩ දාගන්නවා.. ඒ ඒ අයගේ තරගය අස්සෙ මනුස්සෙක් තැඹිළි කඩයක් දාගන්නවා! අන්න ලස්සනට උරෙන් උර ගැටෙනැතිව තරගය ජය ගැනීම... ඕක තමයි දෙයියන්ගෙත් ටෙක්නික් එක!  හැම සතෙක්ම උරෙන් උර ගැටෙමින් දඩයම් කරද්දි මිනිස්සු වෙනස් විදියකට පරිනාමය වෙලා තියෙනවා.. අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගී කියලා කතන්දරයක් තියෙනවනේ... :D සිංහයො පස්සෙන් එලෝල ගොදුරු අල්ලද්දි අපි උගුල් අටොලා ගොදුරු අල්ලුවා! කොහොමද දෙයින්ගේ මොළේ. ;)

මේ ඔකොන්ටම ටික වෙන්ට අපිට හොද මොළේකුත් එක්කලා ඒකේ දියුනුවත් අත්‍යවශ්‍ය දෙයක් කියලා තේරෙනවා නෙව...මේ දියුනුවේ රහස තමයි අපේ දීර්ඝ ළමා කාලය. කොටින්ම කියනවනම් මාත් තාම ළමා වියේ...ඒවගේ ළමා කාලයක් අපිට කොයින්ද කියලා අහුවොත් ඒකනම් දෙයියො දුන්නු එකක් නෙවේ ඕන්.. ඒක ලැබෙන්නෙ අපේ අම්මගෙන් තාත්තගෙන්...දැන් හිතෙනවා ඇති අපි කලින් කියපු පුසන්ට ළමාකාලයක් නැද්ද? අම්මෙක් තාතෙක් නැද්ද කියලා.. එතන තියෙන්නෙ භාශාහරබයක්! කලින් කිව්වා මතකද අවජාතක හා සුවන්ජාත කියන එකේ වෙනස කතන්දරේ!  එන්න එතනදි යම් ජීවියෙක්ගේ මොළෙ දියුනුවට අනුරූපව මාතෲ පීතෲ ජීවීන්ට අම්මා තාත්තා යන තත්ව ආරෝපණය වෙන විදිය කිව්වා මතකයිද.. :D

අන්න ඒ විදියට මොළෙ/මනස දියුනු වීම නිසා අම්ම තාත්තා ඇතිවෙලා දීර්ග ළෑමාකාලයක් එනවා වගේම දීර්ග ළමාකාලය නිසා මොලේ දියුනු වෙනව කියලත් කියන්ට ඔනෑ.. :D බිත්තරෙයි කිකිළි වගෙ තමයි...

දැන් බලන්ටෝනේ කොහොමද අම්ම තාත්තෙක් ඇතිවෙන්නෙ කියලා.. ඒකනම් සරළ දෙයක්... මාතෲ පීතෲජීවීන්ගේ බැදීම වැඩි කරාම හරි! ඒක වැඩි වෙලා තියෙන්නෙ මාර ලස්සන විදියකට.. ඒ තමයි ලිංගිකත්වයෙන්... ඇන්න පැන්න තියරියෙන් පරිබාහිරව ලිංගික විදීමක් දක්වා මිනිස්සු ගිහින් තියෙනවා.. අන්න එකයි කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ.. මාතෲජීවියා පිතෲජීවියා කෙරෙහිත් පීතෲජීවියා මාතෘජිවියා කෙරෙහිත් බැදිලා ඉන්න කොට එ ඒ අයගෙ පවුල් එකකය දියුනු වෙනවා.. ඒකින් සාර්තක පවුලක් හැදෙන නිසා ළමයින්ටත් අම්මෙක් තාත්තෙක් ඉන්නවා.. ඒ අයගෙ මොළේ දියුනුවට ඒක වැදගත් වෙනවා.. දෙයක් නෑ ඉතින් ඔතන!.. අන්න එකයි කියන්නෙ ඇණලා පනිනවාට වඩා ඇණ ඇණ ඉන්න එක වඩා වල් උනාට ඒකම තමයි අපිව අද මෙ ඉන්න තත්වෙට ගෙනත් තියෙන්නේ... :)


ප.ව.
වල් කම කියලා මං නම් කරලා තියෙන ලිංගිකත්වය රාගයත් එක්ක පටලෝ ගන්න එපා ඕන්... කාමයෙ හැසිරිමයි කාමයෙ වරදවා හැසිරිමයි දෙක අතර ලොකු පරස්පර තාවයක් තියෙනවා... අපි මේ කතාකරන්නෙ කාමයේ හැසිරිමෙන් උනු උන්නතිය ගැන මිසක් කාමයෙ වරදවා හැසිරිම ගැන නෙවෙයි ඕන්...

ප.ප.ව.. පොස්ටෙකේ අකුරු අතරෙ වෙනම කතාවක් තියෙනවා ඕන්..
ඒක සම්බන්ද වෙනින් ලිපිවලට, මෙතනින් යන්ට!

Sunday, October 28, 2012

අවජාතක සහ ස්වයංජාත කියන එකේ ලොකු වෙනසක් තියෙනවා!

ඔන්න අදත් ආව සති අන්තේ වචන අන්තරයක් ගැන මෙව්ව එකක් අරන්... :D ලොබ කමෙයි අර-පිරිමැස්මෙයි වෙනස ගැන අපි කතා කරා මතකයි නෙව!


අද මේ කියනට යන කතාවනම් වෙනින් අතුරු වල් කතාවකට පය ගැහිමක් ඕන්.. ;) ඒක අනගතේට තියලා අද මෙව්වා එකට එන්ටර් වෙමු..

මේ වචන කෑලි දෙක ගත්තාම ඉතිං කාලිනව ලොකු වැදගත් කමක් තියෙනවා නෙව.. ආගමික මතවදත් එක්කලා බැලුවාම ඉටත් වඩා වැඩී!

උදාහරණෙකට මහා සිහනාද සූත්‍රේ විදියට බුදුහාමුදුරුවො උප්පත්ති ක්‍රම 4ක් කියනවා...

  • අණ්ඩජයෝනි
  • ජලාභුජයෝනි
  • සංසේදජ යෝනි
  • ඕපපාතික යෝනි.

අණ්ඩජ කිව්වාම බිත්තර වලින් ඉපදෙන! එහෙම ගත්තාම මාතෲ ජීවියෙක් ඉන්නවා නෙව. ජලාභුජ කිව්වාම ඉතිං අපි වගේ තමයි.. ගර්බාශය එහෙමත් නැත්නම් පිළව කෝශයක් වගේ දෙයක් බිදගෙන උපදින ඈයො ජලාබුජ. ඒ අයටත් මාතෲ පීතෲ ජීවියෙක් ඉන්නවා නෙව. සංසේදජ කියන එක ගැන නම් ඉතින් මට කතාකරන්න දැනුම මදි.. :) ඒකින් කියන්නෙ කුණු දියෙහි ආදියේ ඇතිවන ජීවින් ගැන.. මට හිතෙන විදියනම් ඉතින් ඔය කියන්නේ බැක්ටිරියා ඇමිබා වගේ ඒක සෛලිකයන් ගැන. ඒ අයටත් මාතෲ ජීවියෙක් වගේ එක්කෙනෙක් ඉන්නවා නෙව! ඒත් ඕපපාතික කිව්වාම වෙනස් වර්ගයක්. දේව යක්ෂ ප්‍රේත් ආදී පසැදුරන්ට ගෝචර නොවෙන ජීවීන් තමයි ඔය ගණේට වැටෙනෙ. මොකක් හරි කර්ම විපාකයක් හේතුකරගේන මාතෲ පීතෲ ජීවියෙක් නැතිව ජනිත වෙන ඈයො ඕපපාතිකයි!

ඕන් අද දවසේ බණ කතාව අහවරයි.. ඒතනින් තමයි පොස්ට් එකට මෙව්වා එක ගත්තේ.. මුල් තුන්දෙනා අතැරලා දැම්මාම ඕපපාතික ඈයනට මාතෲ පීතෲ කවුරුත් නෑ... අහ් ඒ කියන්නෙ ස්වයං ජාත.. දැන් ස්වයං ජාත කියලා කියන්නෙ මොකටද කියලා පැහැදිලිනේ... ඔන්න දැන් අවජාත කියන්නෙ මොකද්ද කියලා අපිට බලන්ට වෙනවා... මොකද ගොඩක් ඈයො හිතන් ඉන්නේ කලින් කිව අඩවන් කරපු දොරකට බාගෙට වසා ඇත හා බාගෙට ඇර අත කියලා කියනවා වගේ සම්බන්දයක් මේදෙක අතරෙත් තියෙනවයි කියලා...

ඒක ගැන කතාකරන්ට කලියෙන් අපේ පෝස්ට් එකට අලුතෙන්  වචන කුළකයක් ආවා!

මාතෲ පීතෲ ඔව්ව මෙව්වා මොනාද? අම්මා තාත්තා කියන්නෙත් ඔව්වට පර්යාය පදද...? ඔන්න ඔතනනම් කිව්වත් වගේ තියෙන්නෙ අර අඩවන්කරපු දොර න්‍යායම තමයි.. :D එක අතකට බැලුවොත් සර්වසමයි.. ඒත් මටනම් පොඩි පරහක් තියෙනවා! දැන් බලන්ට මදුරුවො සැට් එකක්...

මාතෲ හා පීතෲ  ජීවීන් දෙදෙනෙක්ට දුහිතෘවෙක් (පිරිමි ඈයොත් ඇතුලත්ව) ලැබෙනවා.. බොහො විට වෙන්නෙ එකනේ.. ඒත් මේ මාතෲ ජීවියා අම්මත් පීතෲ ජීවියා තාත්තත් වෙන්නෙ නෑ එහෙම ළමේක් හදපු පළියට! මදුරු ගෑනූ පිරිමි සත්තු දෙන්නෙක් එක්කාහු වෙලා ළමයි ගොඩාරියක් හදනවා.. ඒ මදුරුවන්ට මාතෲ හා පීතෲ ජීවින් හිටියට අම්මෙක් තාත්තෙක් කියලා කියන්න තරන් කවුරුවත් නෑනේ... එන්න එන්න මොළෙ දියුනු උනු ජීවීන් ගත්තාම ඒ අයගේ මාතෲ පීතෲ ජීවීන්ට ඒ ඒ දියුනු වුනාට අනුරූපව අම්මා තාත්තා ගුණ ආරෝපණය වෙනවා... කුරුළු පැටියෙක් ගත්තොත් මාතෲ පීතෲ ජිවින් ඉන්න අතර ම ලාවට ඒ අය අම්මා තාත්තා ගුණ පෙන්නනවා. මම මෙතන මොළෙ කියලා සදහන් කරාට එතෙන්ට වඩාත්ම ගැලපෙන වචනෙ තමයි මනස කියන එක නැද්ද.. ඉපදෙන්ටත් කලියෙන් ළමයව මරන මනුස්ස ලොකේට සාපේක්ෂව එදා නැට්ටෙන් මුහුද ඉහින්න ගිය ලේනගේ මාතෲ කමට අමතරව අම්මා තත්වය ආරෝපණය වෙලා තියෙන්නෙ මනසේ දියුනු කම හන්ද නෙ.. :)

දැන් ඇහැකි අලුතෙන් එකතු උනු වචන කෑලිත් එක්කලා අවජාත කියන එකට තෙරුමක් හොයන්ට!

සුජාත කියන්නේ නිශ්චිත අම්මෙක් තාත්තෙක් සිටින! එතකොට ස්වයං ජාත කියන්නෙ අර කලින් කියපු ඕපපපාතිකයන්.. එතකොට අවජාත කවුද?  ඕපපාතික කියන එකට මං කිව්වෙ මාතෲක් පීතෘවෙක් නැති කියලා මිසක් අම්මෙක් තාත්තෙක් නැති කියලා නෙවෙයි නේ.. ඇත්තටම අවජාත කියනෙ නම් ඉතින් අම්මෙක් තාත්තෙක් නැති කියන එක නෙව.

කොහොමද වචන හරබේ... අන්තිමට ඔක්කොම කරුනු අනුව අපිට මේ විස්තර ටික මෙන්න මේවිදියට වෙන් (venn) රූප සටහනකින් දක්කෝතැකි!
£= අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාතික ආදී වශයෙන් උපත ලබන සියලුම සචේතනික ජීවීන්... (සත්වයන් කියලා කියන්නේ)

ඔතනින් A කියන්නේ ස්වයං ජාත.. (රතුපාට ගාලා තියෙන්නේ)
B කියන්නේ ඉතිරිය.  අණ්ඩජ, ජලාභුජ, සංසේදජ කියන ඈයො. හෙවත් මාතෲජීවියෙක් සිටින ඈයෝ..
C කියන්නෙ ඉතින් සුජාත ඈයෝ.. මාතෲජීවියට අම්මා ආදී වියෙ තතවයන් ආරෝපණය විච්ච ඈයෝ..
එහෙන් ගියාම  තැබිළිපාට ගාලා තියෙන්නෙ සමාජයේ කෙනෙහිළිකම් වලට ලක්විච්ච අවජාත ඈයෝ...

ඇත්තටම කියනවනම් මේක කුලක පාඩමට ගණ්න බෑ.. 6 පන්තියෙදිද කොහෙද ඉගන ගත්තා මතකයි මිනිස්සුන්ගෙ උසවගේ නිශ්චිත සිමාවකින් බෙදා වෙන් කරන්න බැරි එව්වා කුළක ලියන්න ගන්නෙ නෑයි කියලා.. කොටින්ම කියනවනම් තැබිලි කහ අතරෙ වෙනස/ සුජාත අවජාත කියන එකේ වෙනස සංතතිකයි... හරියටම කළු ඉරක් ගහල වෙන් කරන්න බෑ.. ඒත් අපේ මාතෘකාව සවයං ජාත කියන එකත් එක්කලා තියෙන වෙනසනේ.. ඒ දෙක අතරෙනම් ලොකු වෙනසක් තියෙනවා ඕන්.. නැත්නම් සමහරක් කියයි අහවලා අවජාත නෑ ස්වයංජාතයි කියලා... ලොල්...

ප.ව.

මේ විදියට කඩි මුඩියෙ වචන හරුපයක් ලිව්වෙ එච්චර හොදකට නම් නෙවෙයි... වල් කතාවකට මුල පුරන්න!
මනුස්සෙක්ට ඔක්කොන්ටම වඩා ලොකු මොළෙත් එක්කලා එවගේම ඇගට සාපේක්ෂව ලොකුම ශිෂ්නෙකුත් ලබාදීමේ හෝ ලැබීමේ අරමුණ මොකද්ද? රැදිසිටින්න... :D





Saturday, February 11, 2012

යොහෝවා වෝස් හැරී පොටර්....

ඕන් ආමි බර කාලෙකට පසුව... තැන තැනැ කැත බල්ලො කැත කරලා අම්බානෙට... එව්වා අහක් කරනවා තියා වැලි ටිකක් උඩින් දාන්ටවත් වෙලාවක් නෑ අප්පා... උඩින් පල්ලෙන් වැලි ටිකක් දාලා ආව ඕන් පෝස්ටුවක් දාන්ට...
යොහෝවා කියද්දි ඉතින් මනුශ්‍යත්වාරෝපනය උනු චරිත කාට කාටත් මතක් වෙනවනේ... ;) ඉතිං කොහොමෙන් කොහොම හරි  අද කියනට යන්නෙ වෙනින් සිද්දියක්....

ඔය කවුරු කවුරුත් ඉස්පැල් බයිඩර් බලල ඇති නොවැ... ඒකෙ ඔයැ කියවෙනවනෙහ් සමාන්තර ලෝක ගැන... ඔය සමාන්තර ලෝක ගැන දැන ගන්න ඉස්පැල් බයින්ඩර් කියවන්ට ඔනි නෑ...ඥානවිමල හාමුදුරුවන්ගෙ පෙනෙන ලොව තුල නොපෙනෙන්අ ලොවක් වගේ පොත් වලත් ඔය සමාන්තර ලොක ගැන සඳහන් වෙනවා... හැක් හැක්... එක ඉතින් බෞද්ද දර්ශනේට අනුව ලියපු එකක් නොවැ... විශ්වීය දැනුම තියෙන්නෙ අහවල් ආගමේනේ.. ;) අන්න ඒ හින්ද අහවල් ආගමේ ඇත්තියෙක් සමාන්තර ලොක ගැන කියලා තියෙන විදියට මං කියන්නම් ඕන්... :D  බෙටී* කියලා ගෑනු කෙනෙක්.. එයා කියලා තියෙන විදියට ඔය සමාන්තර ලොක තියෙන්නෙ අපේ ලොකේත් එක්කමයි.... ඒත් ඒවා එකිනෙකට සාපේක්ෂව මාර වේගෙකින් බ්‍රමනය වෙන නිසාලු.... එයා කියන්නෙ හයියෙන් කැරැකැවෙන පෑන් එකකින් එහා මෙහා පැත්ත පේනව වගේ ඒ ලොකත් විනිවිද යනවයි කියලා... හැක් හැක්...  අයිස්ටයිනුත් කියලා තියේනෙ හයියෙන් යනට යනට ඒක ශක්තියක් වගේ වෙනවය  කියලා... ඔව් ඒ කියන්නෙ හයියෙන් ගියාම දෙයියො වගේ වෙනවා... ඒකෙත් පොඩි ගතියත් කියෙනවා නේ... අන්න ඒක හින්ද්ද දන්නෙ නෑ ටී ඇම් ජයරත්න මාමා පාර හදන තැන කුඹුරු කොටන තැන ගිනියම් අවුවේ දෙවියො වැඩ ඉන්නේ කියලා කියන්නේ..
ඔන්න ඔකයි සමාන්තර ලොක කතාව.. 

ඉතිං ඔය සමාන්තර ලොකෙන් ලොකෙට ඉන්න කස්ටිය එකෙනෙකට වෙනස් වෙනවලු...  දැන් අපේ ලොකේ ඈයො ත්‍රිමානත්වය ප්‍රමුක විච්ච ඈයො... දැන් ත්‍රිමාන කියන්නෙ මොකද්ද කියලා බලමුකො... අර ප්ලෙමින් ගෙ දකුණු අතයි වම් අතයි දෙක හැදිලා තියෙන්නෙ ත්‍රිමාන විදියට කියලා චුටි කාලෙ විජ්ජාවට ඉගන ගත්තා... මෙහෙමනේ.. මොකක් හරි අතේ මාපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි මැදැගිල්ලයි එකිනෙකට ලම්බක වෙන විදියට  දික් කොරාම පේනවනේ... ඕන් මං කියනවා ඒ ඇගිලි තුනටම ලම්බක වෙන විදියට සුළැඟිල්ලත්  දික් කොරන්ට කියලා... කාට හරි ඇහැකිද? අන්න එකයො උපරිම තල තුක් විතරයි එකිනෙකට ලම්බකව අපිට බලන්ට පුලුවන් වෙන්නේ... අන්න ඔකයි ත්‍රිමානත්වය ප්‍රමුක වෙලැයි කියලා කියන එකෙ තේරුම... දැන් අපි අනික් සමාන්තර ලොක ගැන හිතුවොත් සුපර් මාරියො ලා ඇත්තටම හිටියනම් ඒ ද්වීමානතවය ප්‍රමුක විච්ච ලොකයක්... හැක් හැක්... අපිට අර කාණු බටේකට රිංග ගත හැකිනම් ඔන් ඒ සමාන්තර ලොකෙටත් යත හැකි...



ඒත් හැරී පොටර්... ඒ අය මොන ලොකෙද? ද්වීමාන ලොකේ ප්‍රමුක කර ගත්තු ඈයොද ත්‍රිමාන ලොකෙ ප්‍රමුක කර ගත්තු ඈයොද... ඔව් ෆිල්ම් එක ගැන කතා කරොත් ඩැනියල් ලා  එමා ලා එක්කලා බැලුවාම ඒ අයත් අපේම ත්‍රිමානත්වය  ප්‍රමුක උනු ලොකෙම තමා... ඒත් එතකොට සුපර් මාරියො එකේ කාණුවෙන් ගියා වගේ අර හැරීපොටර් එකේ 9¾ ප්ලැට්පෝම් එකෙන් යන්නෙ කොහාටද? හැක් හැක්... ඒකෙ ගැටලුවක් නෑ.. අපි මේ කතා කරන්නෙ හැරි පොටර් ල ගැනනේ... එතකොට ඒ අය සිවු මාන පංචමාන වගේ ලොකවලට අයත් ඈයො වෙන්ට ඔනි... ඕන්  දැන් ආවා පොයින්ට් එකට...

බයිබලේ උප්පත්තිය 1 කතාවෙ මෙන්න මෙහෙම තියේ....
27 දෙවියන් වහන්සේ
තම ස්වරූපය අනුව
මිනිසා මැවූ සේක;...
මේ කෑල්ල ගැන නම් අපි කලිනුත් කතා කොරා.. අවුලක් නෑ අයෙම කතා කරමු ඉතිං... මිනිස්සුන්ගෙන් දෙවියන්ට උනු මනුශ්‍යතවාරෝපණය හරි බයිබලේ කියනවිදියට උනු දෙවියන්ගෙන මිනිස්සුන්ට දේවත්වාරෝපණය හරි කොක වෙතත් දැන් අපිට පැහැදිලි යොහොවාගෙ හැඩ හුරු කම් මිනිසාට සමානයි කියලා... අයෙම මට මතක් වෙන්නෙ අපි චූටිකාලේ විද්‍යාවට කන ගැන ඉගන ගත්තා... ඔය අභ්‍යන්තර කන කියන කොටහේ තියේනෙ අර්ධ චක්‍රාකාර නාල තුනක්... ඒව්ව තියෙන්නෙත් අර ප්ලෙමින් උන්දැගේ අතේ ඇඟිලි වගේ කියලා තමා මං නම් මතක තියා ගත්තෙ ඕන්... ඒ කියන්නෙ එකිනෙකට ලම්බකව... යොහොවා මොකො අපි මොකො... අර කියලා තියෙන්නෙ අපුරුවට ඒයත් අපිවගේමය කියලා.... ඔන්න ඉතින් ඔක ඔහොමයි කියමුකො.... දැන් අපිට ප්‍රශන් කරත හැකි....
යොහොවගේ කනේ අර්ධ චක්‍රාකාර නාල එකිනෙකට ලම්බකව තුනක් විතරක් තිබ්බේ ඒයාට අනික් මාන පේන්නෙ නැති හින්ද නෙවේද? හැක් හැක්... ඉතිං අපේ ත්‍රිමාන ලොකයටත් වඩා දියුනු චතුර් මාන පංචමාන වගේ ලොක වල ඈයො න්ට ඇඟිලි තුන එකිනෙකට ලබ්කව දික් කරලා එව්වා අස්සට තමතමන්ට සාපේකශව තවත් ලම්බක අදින්ට හැකියාව තියෙද්දි ඇයි සර්වබලදාරි යොහොවට ඒක කොර ගනට බැරි උනේ.... ඉතින් අප්පේ අරෙන්ම ඇඟිඋලි ගහන්ට පුලුවන් ඈයො ඉන්න මේ විස්වයේ පාලනය යොහොවා බාරගෙන ඉන්න එක සුදුස්සාට සුදුසු තැන නොලැඊමේ කේද වාචකය  ගැන කියන අනුවේදනීය කතා පුවතක් නේහ් බොලෑ.... :( :( :(

ප.ව.
ඕන් ඒ පොස්ටුවත් අහවරයි... අහිංසක විදියට විහිළුවක් කරලා නිකා හිටියාම එනවා මෙතන අභූත චොදනා කරනට... ඕන් ඉතිං මතක් වෙන මතක් වෙන සැරේට අයෙම දානව මෙව්වා... හිටුකො.... මෙන්න මේවටයි විචාරය කරනවා කියලා කියන්නෙ හරිය...? අහ් අර * ක් දාල තියෙන්නෙ බෙටී (betty) ඒයා බෙටී බුක් කියලා පොතක් ලියලත් තියේලු.... මං නම් ඔය විස්තර හොයාගත්තෙ   පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් පොතෙන් හරිය... අර වගේ හර බර පොත් කියවන්න මට කඩ්ඩ බෑ.. :D

ප.ප.ව..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. හරී පොටර් විතරක්ය.. අපේ හෙලයන්ගෙ මුල් පුරුක දසිස් නැත්නම් රාවනා රජ්ජුරුවන්ටත් ඒ කාලෙ පංචමාන ලොක වල ඈයොත් එක්ක කලෙක්සන් තිබිලා තියෙනවනේ... :)

Tuesday, October 11, 2011

යෙහෝවා ගේ පියාගේ නම ඉරක් වුනේ කොහොමද?

හැක් හැක්... ඕන් ආයෙත් ආවා... අපි ඉතින් අශ්ඨ ලෝක මෙව්වා එකෙන් කපා වෙන්නෙ නැති හින්ද හොදා... ඕන් අද හා හා පුරා කියලා පුන්පොහෝ දා බ්ලොගර් කෑල්ලට ඇඟිල්ල ගැහුවේ වැදගත් මෙව්වා එකක් ලියන්ට හිතාගෙන. මේ බ්ලොග් කෑල්ල වුනත් විවිධ ආගම් වල ඈයෝ කියවනව වෙන්ටෑ..

මං ඇබිත්තයා කලේ ඉදන් බාල්දි පෙරලන්ට හලි රුසියා. අපි බෞද්දයෝ උනාට මොකො එහෙම අන්තවාදි නොවී පල්ලියත් එක්ක වුනත් සබදකම් තිබ්බා... ඕන් මං කිරිසප්පයා කාලේ පල්ලියේ ෆාදර් උන්නැහේ ත් එක්ක මට කතාකරන්ට අවස්තාව ලැබුනා. අපේ පියත් එතන හිටියා. මං ඒවෙලාව අවස්තාවක් කොරගත්තා මගේ මෙව්වා එක පෙරලන්ට. :D මං ඉතින් ෆාදර් අන්කල්ගෙන් ඇහපු පළෑවෙනි ප්‍රශ්නෙ වුනේ, දෙවියන් වහන්සේ අපිව මැවුවනම් දෙවියන් වහන්සේ ව මැව්වෙ කවුදෑ* කියන එක... හැක් හැක්.. ඒ ප්‍රශ්නෙ පළවෙනි එක වගේම අන්තිම එකත් උනේ පියා මගේ අත කුනිත්තපු නිසා... ;) ඉතින් ඒ පෑදිලි වුන්නහෙත් ඔය වගේ ප්‍රශනවලට උත්තර දෙන්ට කට හදාගෙන ඉන්ටෑ. දෙවියන්වහන්සේ ව කාටවත් මවන්ටවත් නසන්ටවත් බෑ..  පුතාට මේවා තේරෙන්නෙ නෑ කියල මයේ ඔලුව අතගාල කතාව වෙන අහකට හැරෙව්වා... සමහරක් විට අපේ පිආයාට හිතෙන්ටෑ මං එහෙම අහපු ප්‍රශ්නෙන් ෆාදර්ට මල පනී කියලා.. හැක් හැක්... ඒ දවස් වල කිරිසප්පයා නිසා ඒ කියපු කාතාව හැබෑටම මට තේරුනෙත් නෑ. පස්සෙ ඔය 10 පංතියට එද්දි ශක්ති සංස්තිථි නියම ඉගන ගන්නවත් එක්ක ඔය දෙවියන් වහන්සේගේයි ශක්තියයි අතරේ සම්බන්දයක් මට හිතුනා. ඒගැන දවසක්දා මං කිව්වා නොවැ.

කොවුවා උනත් තාමත් ඒ ඒ ආගම් වල ඈයො කියන්නේ දෙවියන් වහන්සේව කවුරුත් මැව්වෙ නෑ කියලා... හ්ම්ම්ම්... කොටින්ම කියනවනම් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නෑ කියලා... හෑ බොලේ මටනම් හිතා ගන්ට බෑ කොහොමද තමන්ගේ ආගමික නායකයට මෙහෙම අවජාතක බවක් අමුණන්නෙ කියලා.. හැක් හැක්.. පානදුරා වාදේ එක  තැනකදි මොහොට්ටි වත්තේ ගුනානන්ද හාමුදුරුවො පෙන්නලා දෙන විදියට යෙහෝවා කියන උන්නැහේට දෙවියන් යන පදය දාල තියෙන්නෙ කුප්ප කමට.  ඔයාවගේම කුප්ප කමට කල්කාටා පැත්තේ යෙහෝවාට ඊශ්වර කියලත් කියනවලු. එහෙම ගුනානන්ද හාමුදුරුවො කියද්දි මට මතක් වෙන්නෙ රොබට් නොක්ස්කාරයා කියපු කතාවක්. ඩයල් එක කියනවා දෙවියෝ, විව්‍යලෝකය කියන වචන ක්‍රිස්තියානින්ගෙන් ණයට ගත්තු වගේම යකා, අපාය කියන වචනනම් සිංහලයන්ගෙම එව්වය* කියලා.. එවුන්ගෙන් නයට ගත්තුවද නැත්නම් උන් අපෙන් උස්සපුවද කියලන ටික් හිතන්ට වෙයි වගේ.. ;)


දැන් එව්වා නෙවෙයි ඕනි. අපි මේ යන්නේ යෙහෝවාගේ ජාතකේ හොයාගෙනනෙහ්... ඒකට ප්‍රවේශය ගන්ට කලියෙන් ක්‍රිස්තුපූරව ගන්වල උන්නු දෙවිවරු ගැන ටික් බලා ඉදිමු. දැන් ග්‍රීක දෙවි වරු ගත්තොත් ඒ හැම කෙනෙක්ම ග්‍රීක පිරිමි විදියට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ.. එතකොට මිසර දෙවිවරු ගත්තත් එහෙම්මමයි. ඒ දෙවි වරුන්ගේ ගාවතිබුනෙ මිසර පිරිමි ඈයන්ගේ ඇඟේ තිබුනු කළුපාට. හැක් හැක්... ඔයවගේ තමයි ඉතින්... අස්පයන්ට දෙයියෙක් උන්නොත් එයා අස්ප හැඩේ ගන්නවා...  අහ්.. ටින් ටින් බල ල තියෙනම් ඔය වගේ සිද්දියක් තියෙනවා. අර යෙටී ඉන්න කතාවෙදි ඉස්නෝවි ටින් ටින්ගෙන් පනිවිඩයක් පංසලට අරන් දුවද්දි බිම වැටිලා තියෙන මස් කට්ටක් දකින්නෙහ්.. එතකොට දෙවි වරු දෙන්නෙක් එනව. නැහ්. දෙවියො එකයි යස්සයො එකයි. අන්න ඒ දෙන්නම බල්ලො දෙන්නෙක්ගේ හැඩේ ගත්තු දෙන්නෙක් නේද? :D දැන් ඇබිත්තක් බයිබලේ බල ඉදිමු. ඒකේ අර උප්පත්ති එක කියල තියෙන පිටුවෙ 27 කියල දාල මෙහෙම කියල තියෙනවා,
27 දෙවියන් වහන්සේ
තම ස්වරූපය අනුව
මිනිසා මැවූ සේක;...
ඔය කියන විදියට ඕකේ විලෝමයනම් යෙහෝවා ත් මනුශ්‍යරූපයක් ගත්තුකෙනෙක් වෙන්ට ඔනි.  හැක් හැක්... අහ් මයික්‍රොසොව්ට් මාමලා ඔපීස් පැකේජ් එකත් එක්ක එවපු  ක්ලිපීව මතකද? ඔවු ඔවු.. අර මෙලෝ වැඩක් කොරගන්ට දෙන්නෙ නැතුව මැද්දට පනින ෆයිල් කට්ට තමයි. අහ් ඇයි කාස්ට් අවේ (cast away) ෆිල්ම් එක බල තියෙනවනම් ඒකේ උන්න්ට් ටොම් අන්කල්, අර වොලි බෝලේ 'විල්සන්' කරේ... එච්චර ඕනි නෑ අනේ... ඔයාට ගෙදර ඇති කරන හුරතලේට ඇති කරන තිරිසන්සතෙක් ඇතුලෙන් මනු සතෙක් දකින්ට පුලුවන්නම් ඒකත් එක උදාහරනයක්. ඔය හැමතැනදිම උනේ මනුශත්වාරෝපණයක්.

ඉතින් මට අන්තිමට මෙච්චරයි යෙහොවාගෙ ජාතකේ ගැන කියන්ට තියෙන්නේ.  මයික්‍රෝසොෆ්ට් එකේ මාමලා  එයාලගේ විදියට 'ක්ලිපී' ව මැවුවා වගේ ඔය බයිබලේ ලියපු අය ඒ අයගේ විදියට දෙවියන්ව මැවුවා මිසක් දුවට බෑ නොවැ අම්මව වදන්ට.... ;)

ප.ව.
*සමහරක් විට දෙවියන් වහන්සේව මැව්වෙ කවුද කියල ඇහල බාල්දි පෙරලන එකින් ඒ ආගමට අපහාසයක් වෙන්ට ඉඩතියේ... එහෙම අපාහාසෙකට නෙවෙයි මං තුමා එහෙම කිව්වෙ. අනික ඒ කාලෙ දාවිත් ද සිල්වා පෑදිලි උන්නැහේට අපේ ගුනාන්ද හාමුදුරුවන්ට "මෙහෙ ඉදන් පින්දුනාම මැරුනු මිනිහ ඉන්න එහාට පිං යන්නෙ කොහොමද?" කියලා අහල කිණ්ඩි දාන්ට ඇහැකිනම් මං මෙහෙම කිණ්ඩියක් දැම්මාම මොකො ඉතින්. අහ් පස්සෙ අපේ  හාමුදුරුවො දෙහිගෙඩියක් අරන් කපලා ඒ කොටස් වලදන කොට අර පෑදිලි උන්නැහේගේ කටට කෙළ වුනපු විදියෙන් පෑදිලි කිණ්ඩියට උත්තර දුන්නලු. :) මේවගේ තර්ක විත්‍රක් ගොඩාක් පංචමහා වාච සැට් එකේ තියෙනවා. :) අපේ ගාමින්ද මලයණ්ඩිගේ බ්ලොග් එකෙන් එව්ව කියෝත හැකි. මාත් කියෙව්වෙ එතනින්.. :)

*රොබට් නොක්ස් කාරයා කිව්වාම හිත ප්‍රකම්පිත කොරගන්ට එපයි කියල දවසද්දා මං කිව්වෙ ඩයල් එක අපේ සිංහලයන්ට දාපු කිණ්ඩි නිසා. දේව, යක්ශ සීන් එක ත් එහෙමයි. අහ් ඔය කොටහ තියෙන්නෙ එදා හෙල දිවේ නීතියත් භාශාවත්, උගත්කමත් කියන 27 වෙනි පරිච්ඡේදෙ. මං ගාවතියෙන පොත 1972කේ ප්‍රින්ට් කරපු එක්. ඒකට අනුව නම් 305 පිටුව. හැක් හැක්.. ඔය සමහරක් චන්දෙ ගන්ට උජ වඩ වඩ කියන "ගොවියා මඩ සොදාගත් කළ රජකමටද සුදුසුයි" කියල තියෙන පාටෙත් රොබට් නොක්ස්ගෙම එක් නොවැ. විළි ලැජ්ජ නැතුව අපේ මහතැනුත් ඕය පාඨේ හැම තැනම කිය කිය ඇවිදිනවා හරි හැටි තේරුමක් නොදැන. ඇයි යකො මේකින් කියන්නෙ ලංකාවෙ රජකම ගන්ට දේශාපාලනය ගැන කිසිම දැනුමක් නැති ගොවියෙක්ට උනත් පුලුවන් කියන එක මුන්ට තේරෙන්නෙ නැත්තේ...?

ප.ප.ව.

අයෙම සැරයක් කියනව පොස්ටුව ලිව්වෙ ක්‍රිස්තියානින්ට අපහාසයක් කොරන්ට නෙවේ කියලා. මං මේක ලිව්වෙ එක් මනුශත්වාරෝපනය ගැන කියන්ට බලාපොරොත්තුවෙන්. අනික ඔය මිත්‍ය දෘශ්ටියෙ ඇලි ඇලී ඉන්න ඈයන්ට සම්මා දෘශ්ටියක් තියෙන විත්තියත් පෙන්නලා දෙන්ට.. :) නැත්නම් මෙහෙම ගියොත් ක්ලිපී කියයි මයික්‍රොසොෆ්ට් එක එයා මැවුවා කියලා.. නැද්ද?

Friday, September 16, 2011

ක්ලියෝපැට්‍රගේ ලස්සන හා නාහේ දිග...

හපෙ අපේ.. බ්ලොග් කෑල්ල වේලී වෙලී යනවා.. දුකෙත් බෑ අප්පා... යන හකුරට නාඩන්නෙ තියෙන හකුර රැක ගන්නේ කියලා කිව්වට මොකෑ එහෙම හකුරට යන්ට දෙන්න පුළුවනෑ. මොකො මට කියල තියෙන්නෙත් මෙච්චරයිනේ. හැහ්. එව්ව මෙව්වා වැඩක් නෑ.

හැබෑට ඔක්කොමල කියො පැට්ටව දන්වය කියලා මං හිතනවා. ඔව් ඔව් අර චරිතෙ හොද නැති ඇත්ති ගැන තමයි මේ. ඔය ඊජිත්තුව පැත්තෙ රාජධානිය කොරන් උන්නු රැජින. :D කතාවක්ද දන්නෙත් නෑත් නෑ. අහල තියෙන විදියට නම් ඔය ඇත්තිට පිරිමි ඈයො ඉන්න අන්තඃපුරයකුත් ඉදල තියෙනවනේ.. එව්වා ගැනනම් මේ ඇඟිල්ලා හොයන්ට ගියේ නෑ. අනික ඉතින් තමන්ට කියලා ලිංගික ජිවිතයක් තියන් ඉන්න එක පරිණාමයෙන් උසස් විච්ච අපේ ඈයොන්ගේ ලස්ශනයක් නොවැ. කොව්වා කොහොම උණත් ක්ලියොපැට්‍රා කිව්වම ඉතින් අමතක කොරන්ට බැරිම මෙව්ව එක්නේ එයැයිගෙ නාහේ. ඔයා නාහේ පොඩ්ඩක් දිග උණාට ඒකෙත් පොඩි ගතියක් තියෙනවයි කියන ගොඩක් ඈයො ඉන්නවා. නිකන් ඉන්න වෙලාවෙ හිතුණ මේ ගතිය මොකෑ කියල ඇබිත්තක් හොයලා බලන්ට. :)

cleopatra sex life Pictures, Images and Photos

අසික්කිත මුද්දට වැටෙන මේ පොස්ට් කෑල්ල කියොන්ටත් කලියෙන් තම තමන්ගේ කර්නකටහ පටල ශුද්ධ කොරගන්ටය කියල අමුතුවෙන් කියන්ට ඔනි නෑ මයෙ හිතේ.

හැක් හැක්. නාහෙ ගැන කතා කොරන්ට කලියෙන් අනික් මෙව්වා ගැන බලල ඉමුකො. ඊටත් කලියෙන් ඇහැ ගැන කියන්ට ඔනි. ඇහැ අපි සලකන්නෙ උත්තේජ ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් විදියට. එක අතකින් ප්‍රධානම කාරනේනම් එහෙම තමා. මේ පොස්ට් එකටත් අදාළ වෙන්නෙ ඔය ප්‍රතිග්‍රාහන කාර්යය. ඒත් කිණ්ඩියට වගේ මතක තියා ගත්තොත් හොදයි ඇහැ නිකම්ම නිකන් හුදු ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් නොවෙන විත්තිය. ඒකනේ ඔය මාර්ක් කාරයා ;) මෙහෙම මූඩ් කෑල්ලකුත් බුකියට දාල තියෙන්නේ.. හැක් හැක්. අනික් එක සූ සැට මායම් වලත්, ඇස නැට වීම, ඇස් කොනෙන් බැලීම, අඩවන් නෙතින් බැලීම.. ආදී වශයෙන් නානාක්ප්‍රාකරයේ ඇසින් දෙන දෘෂ්ටි සංඥා ගැන සදහන් වෙනව නොවැ. එවයෙන් වැඩක් නෑ. (නැත්තෙමත් නෑ) අපි මේ කතා කොරන්න යන්නෙ හොටු ප්‍රශ්නයක් ගැන නොවැ. ;)

දැන් බලමුකො තොල් යුග්මය දිහා. කියො පැට්ටගෙ නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක්ගේ. ව්‍යුහ විද්‍යාවට අනුවනම් ඉතින් මේ මිනිස්සුන්ට විත්‍රක් විශිෂ්ට උණු ඇතුල් පැත්ත පිටට හැර උණු තොල් පෙති අපිට ලැබ්බෙන්නෙ අම්මගෙන් හොදට කිරි උරා බොන්ට. ඒකෙත් හිච්චි සත්‍ය තාවයක් තියෙනවා. ඒත් පොඩි අවුලකට තියෙන්නෙ අපේම ළගම නෑයො විච්ච අනික් වදුරු ජාතියෙ අයත් අපි වගේම කාර්යක්ෂමව කිරි උරා බිබ්බට උන්ගෙ තොල් පෙති වල ඇතුල් පැත්ත ඇතුල් පැත්තටම හැරවිල තියෙන්නේ. ඒත් මේ අපිටම විශිෂ්ට උණු තුල් පෙති වල වෙනත් ප්‍රමාර්ථයකුත් තියෙනවා.

ඒ ප්‍රමාර්තය අපිට කෙලින්ම සම්බංද කරත හැකි අපේ ලිංගික ජීවිතයට. තොල් පෙති කියන්නෙ හොද ලිංගික දෘශ්‍ය සංඥා ලබාදෙන උපක්‍රමයක්. ඩෙස්මන් මොරිස් අන්කල් නම් කියන්නෙ ඔය තොල් පෙති භගමණියට දෘශ්ටිකව සමානය කියලා. (රහසින්, භගමණිය කියන්නෙ මෑ ඇටේ වෙන්ටෑ. ඕකනේ ඉතින් ඔය වෑර්ලස් එකක චැනල් අල්ලන ටිවුනරේ වගේ ලු නේ. ) එහෙම ගත්තොත් මෑ මල මොකද්ද? මටනම් හිතෙන්නෙ දෙතොල් වලින් දෙන දෘශ්ටි සංඥා සමාන්ව වෙන්නෙ ගරීය ඕෂ්ඨයට. කඩ්ඩෙන් labia majora කියලත් ප්‍රාදේශීය ගැමි වහරෙදිනම් මෑ මල කියන්නෙත් ඕකටනේ. ඉතින් මේ පැටලිලි සහගත් තැන්. කොව්ව කොහොම උනත් අපි මේ හොයන්නෙ නාහේ ගැන මිසක් තොල් ගැන නෙවෙයිනේ. අනික තොල් වලිනුත් ලිංග සංඥා නිකුත් කොරනවය කියල පොඩි වයසට දැන් උන්නාම ඇති. ලොකු උනාම මෑ ඇටේ මොකද්ද මෑ මල මොකද්ද කියල හොයා ගන්ට බැරියෑ.

ඔය තොල් වගේම තවත් ඉන්ද්‍රියක් තමයි කන කියන්නෙත්. ඔකටත් ඉතින් ව්‍යුහ විද්‍යාවෙදි විවිදාකාරයේ කුණුහරුප කියනවා කන් පෙති පරිණාමය උනේ කොමද කියල්ලා. හැක් හැක්. ඒ කවුරු මොක මොක කිව්වත් අපිට කෙලිංම  ගිහින් අපේ ලිංගික රටාවට ඔය කන් වල වැදගත්කම ඈඳාගන්ට පුලුවන්.

දැන් එව්වා මෙව්වා වැල් වටාරන් ගැහුව ඇති නොවැ. ඇන් තමයි හොටු ප්‍රශ්නේ. හැබෑට අපේ මේ නාහේ හැඩේ මොකටද වැදගත් වෙන්නේ..? හොටු හූරන්ට? එහෙමත් නැත්නම් ආග්‍රහනය පහසු වෙන්ට? කවුරු හරි එහෙම කියනවනම් මං මේ ලියන පොස්ට් නෙවෙයි කුනුහබ්බ. ඒ කියන එව්වයි. අපේ වගේ සාපේක්ෂව එලියට විකසනය විච්ච නාස් තියෙන ඔරන්හොටන්ලට අපිට වඩා හොද ආග්‍රහන සංවේදී බවක් තියෙනවා. එහෙවු එකේ ඔය ආග්‍රහන කතාවල් ඉතින් කුණුහරුප නොවැ. මේ වගේ ප්‍රශ්ණ හමුවේ ව්‍යුහ විජ්ජාව හරිම අසරණයි. ඒයාලට දෙන්ට තියෙන්නෙ ඔය ආග්‍රහන කතාව වගේ කුණුහරුප උත්තරයක්! එහෙමත් නැත්නම් අපේ මි මුත්තන්ගෙන් න්‍යශ්ටාවසේශ උනු කොටස් ය කියල හරි විතරයි.

කොව්ව උනත් මේ නාහෙත් එහෙම නිකම්ම අත ඇරල දාන්ට බෑ. ඒක නොවැ ඔය සූ සැට මායම් වලිනුත් එක් විදියට නාහේ හැකිලීම  හඳුන්වන්නේ. කොටින්ම කියනවනම් මං කියන්නෙ මේ ක්ලියොපැට්‍රගෙ මේ නාගේ එයාගේ ලිංගික ජිවිතයත් එක්ක ගහට පොත්ත වගේ බැදිල තියෙන්ටෑ කියලා. මෙහෙම කිව්වම කස්ටියට තර්ක පිට තර්ක ගේත් හැකි. එහෙනම් පිනෝ කියෝ තරම් වලත්තයෙක් තුන්ලොකෙටම නැති වේවිය, අලියගෙ හොඩේ දිගත් එක්ක ඌ එපෑ වල්ම සතා වෙන්ට.. ඔව්වා මෙව්ව. හැක් හැක්. මං කියන්නෙ එහෙම රළු නාහයවල් ගැන නෙවෙයි. පිනොකියොනම් සුරංගනා කතාවක්. ඇත්තටම එහෙම කෙනෙක් හිටියත් එයාගෙ නාහෙන් ලිංගික දෘශ්‍ය සංඥාවක් නිකුත් ව්න්නෙ නෑ නොවැ. ලිංගික සංඥා දෙන විශේශ හැඩ තියෙනවා. ඔයා නාහේ හැඩේ. කන් මෙත්තෙ අග්ගිස්සෙ හැඩේ. අහ්, මානව පියුරු වල මාහා ගෝල ඛණ්ඩ හැඩේ, ශිශ්නයේ ඉදිරි ඉස්පොංජිමය කොටසෙ හැගේ නානාක් ප්‍රාකරේ හැඩ තියෙනවා. ඒකනෙ අර කොහෙදො මංදා බාලිකාවක දැරිවියෙක් අදාල වැඩේට බියුරෙට්ටුවක් ප්‍රිපෙට්ටුවක් නැතුව ටෙස් ටියුබ් එක්ම යොදාගෙන තියෙන්නේ. :)

ප.ව.
හිතුවටත් වඩා පොස්ට් එක දිග්ගැස්සුනා. බලන් ගිහාම ක්ලියොපැට්ට ගැන කියල තියෙන්නෙ සුට්ටයිනේ. කමක් නෑ. ටොපිය උනත් ලිහල දුන්නම කිසි ගතියක් නෑති විත්තිය කලියෙන් දාක කිව්වනේ.  ඔනි කරන කරුණු ටික දුන්න ඔන්. ගලපා ගැනිම ඔබට බාරයි. අහ් පොස්ට් එක ඉවර කොරන්ට ගුරුළුගෝමීන් ගෙ කළිඟු දා වතේ එන කළිඟු කුමරියගේ නාහේ වැනිම දාන්ටයි උන්නේ. එත් මෙව්ව එක හොයා ගන්ට බැරි උනා අප්පා. ඒක නිසා මං ථේරි ගාථා අඑසුරෙන් අපේ මහගම ශූරීන් කරපු ඇස් වැනිල්ලක් කියලම යන්නම්කෝ...

ඈත කඳුවැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි

ප. ප. ව.
මෑ මල් මෑ ඇට (clitoris) ගැන වරදවා හිතුවද මංදා. ඕන් එව්වනම් අර කර්ණකටහ පටලයේ ඇතිවෙන කුණුහරුප නිසයි මේ කියන්නේ. එව්ව ගැන දැනගත්තේ අර ලෝක පූජිත බයො පොතකින්.  ග්‍රේස් ඇනටමි කියන්නේ. :) ඕන් ඒ පොතින් උපුටාගත්තු පින්තූරයක් - http://infekcja.net/anatomia/duze_rys/image1171.gif

Monday, August 29, 2011

ආප්ප, ගේ සීන් වල විද්‍යාත්මක පදනම෴

අදත් අසිකිත මුද්දක් ඕන් ගෙනාව... ;) හැමදාමත් වගේ මේ මෙව්ව එක කියවන්ට ත් කලියෙන් කන් ටික ශුද්ධ කොරගෙන හිටියනම් මොකෑ... අද පබ්ලිස් කොරන්ට උන්නෙ මේ පොස්ට් එක නෙවෙයි හැබෑ. නියම පොස්ට් එක පබ්ලිස්කොරන්ට කලින් දැක්ක පොස්ට් එකක් නිසා ඒක මෙව්ව කොරන්ට කලියෙන් මේක ලියල අහවර කොරොත් හොදා කියල හිතුණා... ඒ තමා අර කතන්දර මාම ලියල තිබුණු සමලිංගිකත්වය ස්වාභාවික ප්‍රවනතාවයක්ය කියන මෙව්වා එක.


ඉතින් කොකින් හරි මේ මාතෘකාව නම් බොම පිළිකුල් සහ ගත එකක් නොවැ. සාපේ කාලෙ අපේ ක්ලාස් එකෙත් හිටිය කෙල්ලෙක්, අපි කිණ්ඩියට කිව්වෙ ආප්ප චාප කියලා... හැක් හැක්. ඔය ලෙස්බි(අ)න් කියන්නෙත් ඕකටම තමා... ඒත් ඒවගේ දේවල් වලට තියෙන සංස්කෘතික මතවාද ඇරෙන්ට ඒකෙ වරදක් නම් පේන්ට නෑ. මෙතන තියෙන එකම වරද අපේ ග්‍රාහක ඉන්ද්‍රීන් වල නොවැ. අපි හැම දෙයක්ම බලන්නෙ වල් සහගත දෘෂ්ටි කෝණයෙන්. (ඒකනෙ මේ අහිංසක ඇඟිල්ලත් වල් ඇඟිල්ල කියල නම් පට බැදල තියෙන්නෙ...)


කතන්දර මාමා, ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ගේ මෙව්ව එක් ඇසුරෙන් ලියද්දි මට හිතුණ ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නිරුවත් වානරයා ඇසුරින් මං මේ මාතෘකාව ගැන ලිව්වොත් හොදා කියා. (කොමත් විජ්ජා මුද්දෙයි අසිකිත මුද්දෙයි ඡේදන කුලයට නිරුවත් වානරයා සම්බන්ධයි නොවැ..) මිනිස්සුන්ගෙ සමගිලිංගිකත්වය ගැන කතා කොරන්ට කලින් තිරිසන් සත්තුන්ගෙ සමලිංගිකත්වය ගැන කතා කොරොත් හොදානේ...


ඇත්තටම මිනිස් සතා වගේම තිරිසන් සතා ළඟත් ලිංගික ආශා තියෙනව නොවැ. අපි තිරිසනාට සාපේක්ෂව වඩා වල් එක වෙනම කතා වක්. අපි නිකන් විහිළුවට වගේ උදාහරණෙට ගමු බලු වලියක්... ඒ වගේ අවස්ථාවක වඩා ශක්තිමත් බල්ලට අනිකා පරාද වීගෙන එනකොට ඌ සහවාසයට ආරාධනා කිරීමේ මුද්‍රාවකට එනවා.. ඒක අපි ගොඩක් වෙලාවට දැකල තියෙන දෙයක් නෙ. ඒත් වැඩේ කියන්නෙ අපි දන්නෙ නෑ ඒ මුද්‍රාව මොකද්ද කියලා.. ඒ වගේ වෙලාවට අර චංඩි බල්ලා ගේ ශ්‍රවය වෙමින් තියෙන අඩ්‍රිනලීන් හෝමෝනෙට අනුරූප බලු හෝමොනය නිෂේධනය කොරගෙන උගේ ඇඟේ ලිංගික හෝමොන ස්‍රාවය වෙන්ට පටන් ගන්නවා.. ඒකින් ඒ චංඩි බල්ල දමනය වෙනව. හැබෑ කෙනෙක්ව දමනය කොරන්ට පුළුවන් එකම ක්‍රමයවත් සාර්ථකම ක්‍රමයවත් නොවෙන විත්තිය අමතක කොරන්ට එපා. ලිංගික ආරාධනා මුද්‍රාවක් පෙන්නල කෙනෙක්ව දමනය කොරනව කියන්නෙ බොහොම ප්‍රාත්මික ගණේ ප්‍රයෝගයක්. :) මෙතනදි සමලිංගිකම වෙන්ට ඔනි නෑ. විශමලිංගිකයෙකුටත් මේ විදියට දමනය කොරත හැකි. අර සුප්ප දේවිය චංඩ සිංහයව දමනය කොරා වගේ.. කෝම හරි මුලින් ගත්තු බලු උදාහරණෙ දි වගේ දමනය කිරීමේ උපක්‍රමයක් විදියට තමා මේ සමලිංගික සේවනය විකාසනය වෙන්නේ. ඒක ප්‍රාථමික සමලිංගිකත්වය..


ම්ම්ම්ම් අපි තවත් බලු උදා හරණයක් ගමුකො. අපේ අඛණ්ඩ පැවැත්මට අපේම මිත්තනිය විච්ච ස්වභාවධර්මය ගත්තු එක උපක්‍රමයක් තමා මේ ලිංගික ආස්වාදය කියන්නේ. ගොඩක් වෙලාවට ක්ෂීරපායීන්ගේ. ඉතින් කූඩුවක තනි වෙලා ඉන්න පිරිමි බල්ලො දෙන්නෙක් ගත්තොත් සමහරක් වෙලාවට උන් උන් සමලිංගිකව හැසිරෙනව දැකල ඇති.ඒ සමලිංගිකත්වයේ ද්විතිය යොදා ගැනීමක්. අහ් අර කොළ වදුරෙක් එක්කල සුද්දියෙක් මොනාදො මංද කොරන්ට ගිහින් අර ඇච් අයි වී ත් අපි අතරට ඇවිත් තියෙන්නෙ. එතන ලිංග දෙක් උණාට මේ ද්විතික සමලිංගිකසේවනේට සමාන ක්‍රියාවක්. කැලේ ඇතුලෙදි මොකො බල්ලන්ට බලු කුඩුව මොකො. ;)


හැබෑ ත්‍රීතික යොදාගැනිම ගැන කතා කොරන්න නම් මනුස්ස ලොකෙට එන්ට වෙනවා. ඔය තිරිසන්නු අතර නැති අවස්ථාවක් තමා ත්‍රීතික සමලිංගිකත්වය කියන්නේ. ආචාර්ය ග්‍රැන්විල්කතා කොරල තියෙන්නෙ ඔය තෘතීය බාගෙ ගැන. මේවගේ දෙයක් තිරිසන් සත්තු අතර නැති අපි අතරෙ ඇති වෙන්ට හේතුව මං කලින් මෙව්ව එකක කියල ඇතිනේ.

ඉතින් මේකෙ තියෙන වැරැද්ද තමයි ප්‍රශ්නේ. ලිංගික කට යුත්තක ප්‍රධානම අරමුණ වෙන්ට ඔනි තම වර්ගයා බොකිරිම. ඒත් මෙතනදි වෙන්නෙ නැත්තෙම ඕකනේ. ඒක නිසා මේක කාමයේ වරදවා හැසිරීමක් වෙනවා.. ඒත් මං කලියෙන් කිව්වනේ සංස්කෘතික මතවාද ඇරෙන්ට මේකෙ වරදක් නෑ කියලා.. ඩෙස්මන් මොරිස් ඒකේ වරදක් නැති විත්තිය ජීව විද්‍යනු කූලව ඔප්පු කොරල තියේ. ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ඒකෙ වරදක් නැති විත්තිය මනෝවිද්‍යාවට අනුව ඔප්පු කොරල තියේ. එතනින් එහාට කතා කොරන්ට යන්නෙ නෑ. හේතුව එහෙම කතා කොරන්ට ගියොත් අයෙ සැරයක් උබේ අම්ම මැරිලද කියල කමෙන්ට් වැටේවි. :)


සමලිංගික සේවනය ගැන කතාකරල අහවර වෙද්දිම කතා නොකර බැරි මාතෘකාවක් තියේනේ. ස්වයං වින්දනය. ඒකත් ඉතින් කලින් කිව්ව වගේම තාවකාලික ව හො තෘප්තියක් ලැබෙන ඒවගේම ලිංගිකත්වයේ මූලික අරමුණ ඉෂ්ට නොවෙන, ප්‍රජනන ශක්තිය අපතේ යැවෙන ක්‍රියාවක් නේ. හෑබෑ ඒකත් කාමය වරදවා හැසිරීමක්ද නැද්ද කියන එක ගැන නම් කතා නොකරම බැරි වගේම මං කතා නොකරම ඉන්න දෙයක්. හැක් හැක්.කොව්ව උණත් බඩගින්නට දත් මිටි කෑවට කන්ට දෙයක් ලැබුණම ඔය දත්මිටි කෑම ඉබේ නතර වෙනවලු නේ.. මට නම් තාම කන්ට දෙයක් ලැබිල නෑ. තාම දත් මිටි තමා. අනික අපි අහල තියෙන්නෙ ළිදෙන් වතුර අදින්ට අදින්ට තමයිලු උල්පත් මතුවෙන්නේ. ;)


ප.ව.

දමනය කිරිම ගැන කතාකරද්දි "අඩ්‍රිනලීන් වලට අනුරූප බලු හෝර්මොනය" කියල කිව්වෙ ඇඩ්‍රිනලීන් කියන්නෙ මානව හොමොනයක්. ඊට අනුරූප වෙන බලු හොර්මොනෙකුත් තියේ. එක මං දන්නෙ නෑ. එකයි අරෙම්ම ලිව්වෙ. අහ් ඒ දමනය කිරිමේ ප්‍රාත්මික විදියක් කියල කිව්වනෙ. ඔයිට වඩා ගොඩක් දියුණු ක්‍රමයක් තමයි අපේ බුදු හාමුදුරුවො නාලාගිරි ඇතාව දමනය කරන්ට යොදා ගත්තේ. එතනදි ඇඩ්‍රිනලීන් අනුරූප අලි හෝමොනෙට නිශේධකයක් විදියට යොදාගෙන තියෙන්නෙ මෛත්‍රියේ හෝමොනය හෙවත් Oxytocin කියන හොමොනෙ වෙන්ටෑ. කොක වෙතත් බුද්ධ ශීර්ෂය ඇතුළෙ ස්‍රාවය උණු Oxytocin නාලාගිරිගෙ ඔළුව ඇතුළෙ නිශේධකයක් විදියට ක්‍රියා කොරේ කියන එකනම් ප්‍රශ්නයක් තමා. ඒක අපි හීන් සීරුවෙ හොයල බලමුකෝ...

Monday, August 15, 2011

හැම ගහම හැදෙනකොට දෙපෙත්තෙන් දැනෙනවද...??

හැක් හැක්... මේක මේ නිකන් ඉන්න බැරුවට හිතුන දෙයක්...පඩ ගැන ප්‍රස්තාව පිරුළු ලොට් එක් කිව්වට මොකො මේ වගේ ප්‍රස්තාව පිරුලක් ගැන කියන්ට බැරි උනා නොවැ....  ලොල්ය... අපේ සාහිත්‍යේ මේවගේ ප්‍රස්තාව් පිරුළු එමටව තීනව නොවැ.. අපි හැමොම අහල අඑතිනේ,
"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.."
කියන මෙව්ව එක... කිව්වට මොකො ඔයිකේ තේරුම ඉගන ගත්තෙ මාත් මේ මෑතක... (ඒක කියාදුන්නෙත් කඩේ හාමිනේ හෙවත් අපේ අනුවා තමා...ඒක වෙනම කතාවක්කිතින් ඔකේ තේරුම හැබට මොකද්ද?

ඔය ගහක් හේම හැදෙන කොට පියලි දෙකක් එනව අපි දැකල තියේ නේ.. ඔන්න ඔය කතාව තමා මේ මෙව්ව එකේ කියන්නේ. ඒ කියන්නේ ඒ පියල දෙක ආවෙ නැත්නම් ගහ හැදෙන්නෙ නෑනේ.. ඉහික්.. ඒකත් හොද තර්කයක් තමා.. හැබෑ ඉතින් මේ ළමය හොදට හැදෙන එකෙක්ද කියල බලන්ට පියල දෙක හේම බලන්ට යනව නෙවේ ඕන්.... ;)

මේ මෙව්ව එකේ තේරුම ඔයික උනාට පොඩි පරහක් තියෙනවා... ඔය ගස් ගැන කතා කොරද්දි ගස් පැළෑ වෙන ආකාර දෙක් තියෙනවනේ. එකක් අපිභෞම ප්‍රරෝහනය. අනික අධෝභෞමි ප්‍රරෝහනය. අපිභෞම කියන්නෙ පොළොවෙන් උඩ, අධෝභෞම කියන්නෙ පොළොවෙන් යට... ඈ හැබෑට... ඔහොම පියැලි දෙකක් එලියට පනින්නේ ඔය අපිභෞම ප්‍රරෝහනය වෙන ගස් කලිවල නේ... අනික ද්වීබීජ පත්‍රී ශාක වල ඇටේ තමා පලු දෙක් තියෙන්නෙ.. ඒක බීජ පත්‍රී ගස්වල ඇටේ කොයින්ද පලු දෙක්.. ? හැක් හැක්.. පොල් ගෙඩිය ලෙලි ගහල පොල් ඇටේ දෙකට පලන එක වෙනම කතාවක්.. අපි මේ කතා කොරන්නේ පියළි ගැන නොවැ...

අම්මපා.. එතකොට හැදෙන පොල් ගස් දෙපැත්තෙන් දැන්නෙ නෙ නෑ නොවැ... එහෙමෙයි කියල පොල්ගස් හැදෙන්නෙ නැතෙයි...??? කෙනෙක්ට හිතෙයි ප්‍රස්තාව පිරුළෙ වරදක් ය කියල.. ඉහික්.. එහෙමත්ම හිතන එක අන්තගාමි වැඩිද මන්ද... කොයික වෙතත් ගොඩක් ගස් හැදෙන කොට දෙඇත්තෙන් දැනුනට පෙළක් ගස් පෙන්න පෙන්න හැදෙන්නෙ නැති විත්තිය අමතක කොරන්ට හොද නෑ.. හරිය...?

ප.ව.
අද පෝස්ට් එක ගොඩාක් කෙටී... ටොපියක් ළමේක්ගෙ අතට දීල ටොපි කොලෙත් ගලෝල දෙන්ට ගියාම ඌ මොට්ට වෙනව නොවැ... ඒක නිසා ඕන් කියවන ඈයොඉ මොට්ට කොරන්නෙ නැතුව ඕන් මං ටොපිය දුන්නා.. ලිහාගෙන කන එකයි තියෙන්නෙ... හැක් හැක්...

Tuesday, July 12, 2011

මේ ගැන සිතා ඔබේ අදහස් හෙළ සිප් හවුලට යවනු මැන෴

:D අද දන්ට යන්න මෙව්ව එක  මයේ එකක් නෙවේ... ඊයේ (11) අපේ පාසල් කෑල්ලෙ තිබුනු මෙව්වා එකක දුන්නු හෑන්බිල් කෑල්ලකින් උපුටා ගත්තු ප්‍රශ්න සැට් එක් තමයි දෙන්නේ... උත්තරේ හැකිනම් කොමෙන්ටුවක් ආදරෙන් දාන්ට.. නැතන්ම් හෙළ හවුලට මේල් කොරන්ට..

___________________________________________

  1. මීටර් 10ක අරයෙන් යුත් රවුමක් අඳිනින්නේ කෙසේද?
  2. ජේතවන ගාගැබේ පතුලේ අරය මීටර් 30කි. එය මැන්නේ කෙසේද?
  3. ඇළුමිනියම් මුට්ටි තුල ඉවුමෙන් රුධිරයේ තෙල් ඇතිවන බව අසා තිබේ ද?
  4. මැටි මුට්ටිවලින් ආහාර පිස කමෙන් ඇතිවන රෝග කිමැ?
  5. පැරැන්නෝ වගා පාළු කළ සතුන් වැලකුයේ කෙසේද?, ඒ විදි නිසා දිවියට හානි ඇති වුනි ද?
  6. බටහිර ගොවිතැන් දැනුමෙන් ලත් වස යෙදුමෙන් ලත් වාසිය ඉන් සිදුව ඇති අවාසියට හිලවු කළ හැකිද?
  7. බටහිරයන් අපිට දුන් සිසිල් බීම ආදිය බීමෙන් වන හානි බෙලිමල් බිවු විට ඇති වේ ද? 
  8. සකුව මුසු සිංහළයෙන් ගෙතූ ගී පහසුවෙන් මතකයේ රැදේද?
  9. ගුත්තිලය, සීගිරි ගී ලියැවී ඇත්තේ හෙළ බසින්වබ දන්නේ ද?
  10. *සුනිල් සාන්ත ආනන්ද සමරකෝන් ආදීන් ගැයූ ගීත නොමුසු හෙළ බසින් ගෙතුවා සේම 70 දසකයේ ගී ලෙස හැඳින්වෙන ක්ලැර්න්ස්, මිල්ටන් මල්ලවාරච්චි ආදීන් ගේ ගීත ද නොමුසු හෙළ බසින් පබඳ ඇතිබව දනෙහි ද? එනම් ගී පබැඳුමට හිත් ඇත්තො හෙළ බස පසක් කළ යුතු නොවෙද?
  11. උදේ 6 සිටැ හවස 6 දක්වා හිරු එළිය හොඳහැටි ලැබෙන හෙළ දිවයිනෙ විදිලි එළි මැද සුද්දන් ගේ රටේ මෙන් ක්‍රිකට් ගසනඅතර වාරේ විදිලිය පිරිමසන්නැයි අයැදුම විහිළුවක් නොවේද?
  12. නැවැත වන වගාවට දෙසයේ ගස් නොගැලැපේද? පයිනස් යුකැලිප්ටස් ආදී ගස් යොදා වන වගා කළේ ඇයි?
  13. වඩා පරිසර හිතකාමී වීදුරුද? ප්ලාස්ටික්ද?
  14. පරිසර හිතකාමී බව මනින්නේ එම ද්‍රව්‍ය දිරාපත් වන නොවන බව සැලැකීමෙන් පමනක් ද? නො එසේනම් සැලකිය යුතු කරුනු කිමැ?
  15. විසල් ගඟක් හරහා වේලි බැඳ එතැනම පැරැණි වැවි මොනවාද?
  16. විසල් ගඟක් හරහා වේලි බැඳ එතැනම නවීන වැවි මොනවාද?
  17. ගං පතුලක ලවණ වැඩියෙන් රැඳි තැන්පත් වූ විට දිස විය වන බව දැන සිටියේ ද?
  18. *මල් පුදා ලැබිය හැකි පින කුමක් ද?
  19. *මී මැස්සන් ට සමනලුන් ට පැනි උරන්න ඇති මල් නෙලා සියළු සතුන් ට මෙත වැඩිය හැකිද?
  20. නීති ගරුක වීමෙන් සිතට සතුටක් දනේද? අසතුටක් දැනේද?
  21. හෙළ සිප් නංවා සෙත ලැබිය හැකිද?
____________________________________________

* දාපු ප්‍රශ්න ගැන හිච්චක් කියන්ට ඔනි...
10 වෙනි ප්‍රශ්නෙ කියන දේනම් ඇත්තටම මට තේරෙන්නෙත් නෑ... දන්න කෙනෙක් ඒකත් කියල දුන්නනම් එලැය...
ම්ම් 18යි 19යි ප්‍රශ්න ගැන කියනවනම්, ඒකෙදි කියන්නෙ මල් පිදිම නිසා ඒ හැටි පිනක් අත් වෙන්නෙ නෑ කියල වෙන්ටෑ... ඉහික්.. හැම දේකටම දෙපැත්තක් තියෙනවනේ.. මං නම් වැඩිය ආගමික වතාවත් වල යෙදෙන කෙනෙක් නම් නෙවේ ඔන්... ඒත් අපේ ගෙදර අයනම් ඔය වතාවත් කොරනව... ;) ඉතින් මං නම් දකින්නෙ නෑ මල් පූජා කිරීමෙ වරදක් තියේ කියලා... අපි කඩන්නෙ මී මැස්සන්ට සමනලුන්ට පැනි බොන්ට තියෙන මල් තමා. ඒතනපි තියෙන තියෙන මලක් ගානේ කඩල දාන්නෙ නෑනේ. අපි යම්තාක් මල් ප්‍රමානයක් විත්‍රයි කඩන්නේ...  එක අතකින් ආමිසයට වඩා වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති ය. ඒකත් ඇත්ත. ඒක එහෙමයි කියල ආමිස පුජාවෙන් පිනක් සිද්ද වෙන්නෙ නෑ කියන්ට බෑනෙ. ඒකින් සාපේක්ෂව අඩු උනත් පිනක් සිද්ද වෙනවා... විවිද අයට විවිද විදියට හිටහ්න්ට පුලුවන්... ඊයෙ මෙව්ව එකේදි ඔය ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරපු ඊලියන් ද සිල්ව මහත්තයත් කිව්වෙ, කිසිම දෙයක් කවුරුත් කිව්ව පළියට පිළිගන්ට එපා කියලනේ.. ඉහික්.. තමන්ට මල් පුජා කිරිම නිශ්ඵල දෙයක් විදියට හිතෙනවනම් ඒක නොකරට පවක් වෙන්නෙ නෑ... :D :D :D

ප. ව.
ඔහ් හෙළ හවුලට මේල් කොරන්ට කිවුවට බොලේ එයිලගේ ඉරොනු පහිනය දුන්නේ නෑ නොවැ...
helasipp@gmail.com ඉහික්.. ඉරොනු පහිත කියන්නෙ හෙළුවෙන් ඊමේල් එකට හරිය...???

    Friday, June 3, 2011

    ඇයි අපි මෙච්චර වල්???

    අපෙ අප්පේ..... ඔලුව බේරගත්තෙ බොහොම අමාරුවෙන්... :D :D :D ඕන් වල් ලිපි පෙලේ ඇට්‍රික් එක ගහන්න යන්නෙ.. (අම්බෝ... ආයෙනම් ලියන්නෙ නෑ වල් ලිපි. නෑයි කිවුවට නැත්තෙත් නෑ, කොහොමත් ඉතින් අපි වල් නොවැ) කොකටත් කියල කලින් ලිපි කෑලි ටිකේ සාරාංසෙකුත් කියල ඉන්නම්කො... මෙහෙමයි. මං පටන් ගත්තෙ කුණු හරුප බිහිවන්නෙ ස්වාසරාලෙන්ද? කර්ණකටහ පටලෙන්ද? කියල ප්‍රශ්නයක් අහගෙන. අන්තිමේ කර්ණකටහපටලේ කියල සත්‍යාපනය කොරගෙනම දෙවිනි පොස්ට් එකට ගියා. හැබැයි ඉතින් පලවෙනි එකට ආපු තරම් හිතකාමි ප්‍රතිචාරනම් දෙවැනි එකට ආවෙ නෑ ඔන්.  කොක වෙතත් අනික් සත්තුන්ට සාපේක්ෂව මිනිසා වඩා වල් කියල සත්‍යාපනය කොරගෙන තමා අද මේ පොස්ට් එකට බහින්නෙ.  ඊට කලින් කවුද වඩා වල් කියන පොස්ට් එකට කමෙන්ට් කරපු; ජයශ්‍රී, චතූ යන දෙපලටත් ගොඩාක් ස්තූතියි මට ඒ පොස්ට් එකේ මග ඇරුනු දෙයක් මතක් කරමින් විවේචනයක් දැම්මට. :D :D දැන් අපි බලමු මක්කෙයි මග ඇරුනෙ කියල.

    මං කලින් ලිපියෙදි කිවුවනෙ අපි හිච්චි කාලේ උක්කුන් බොන්නෙ තියෙන බඩකින්ටමත් නෙවේ, තියෙන ලිංගික ආසාවකුත් තෘප්තිමත් කොර ගන්න කියල. මාත් ගොබ්බය කියන්නෙ ඔයිටික විත්‍රනෙ කියල තියෙන්නෙ. ඉතින් මවු ගුන දන්න කෙනෙක්ට මල පනින එක අහන්නත් දෙයක් නෙවේ. හැබැයි ඉතින් අර පලවෙනි පොස්ට් එක කියෙවුවනම් ඒ හැටි මල පනින එකකුත් නෑ. මොකද දෙයක් හොද හො නරක විදියට ඉදිරිපත් කරනවට වඩා වෙන්නෙ ඒ විදියට දකින එක. :D මම යට කියපු කතාව එහෙම අහිතක් හිතන්න ඉදිරිපත් කොරේ නෑ. මොකද මේ ලිපි පෙල පටන් ගනිද්දිම මං කිවුව vog ඩොකෙක් ගානට මනස හදාගන්න ඔනි කියල. :D එහෙම නැති උනොත් පොඩි අවුලක් තියෙනව. මොකද මනස සන්වර නැති උනාම "ලිංගික" කියන වචනෙ ඇහුනම කස්ටියට නිකන් කිතිකැවෙනව වගේ. ඕකේ මහලොකු කුනුහබ්බයක් නෑ. ඒක ඔයාල, මම හැමොම විදින දෙයක්. ඉතින් ඔකෙ මොකද්ද කුනුහරුපෙ...?? ඒක ඉතින් මයෙ වරදකටවත් ඔයාලගෙ වරදකටවත් වඩා තියෙන්නෙ සදාචාරාත්මක ගැටලුවක්. කොක වෙතත් මං අර වගේ කතාවක් කිවුවෙ ජීව විද්‍යාත්මක විදියට හිතල මිසක් වෙන මගුලකින් හිතල නෙවේ. තේරුම් ගැනීම තමාට බාරයි. :D :D :D
    ඒ කතාවටම තවත් දෙයක් එකතු කොරන්නම්, අපි දැකල ඇතිනේ හිච්චි ළමයි ඇඟිලි සූප්පනව. ඉතින් ඔය සූප්පන එකේ තේරුම මොකද්ද?? එහෙමත් නැත්නම් අඬන ළමයින්ගෙ කටේ ගහන අර සූප්පුව( බෝතල් සූප්පුව නෙවේ). ඒක ගැහුවම ඒ ළමය අඬන එක නවත්තන්නෙ බඩකින්න අඩු වෙන නිසාද?? ඒ වගේ අවස්තාවකදිත් ඇඬිල්ල නතර වෙන්නෙ බඩකින්නේ අඩුවක් නිසා නෙවේ, ලිංගික තෘප්තියක් ලැබෙන නිසා. (ලිංගික කියන වචනෙ ඇහෙන කොට ඇගේ කටු ඇනෙනව ඇනෙනව වගෙනම් එවචනෙම ලොප් කොරල දාගන්නකො..) හක් හක්.. ඉතින් මං තවත් ඔය කතාව දුර දිග ගෙනියන්නෙ නෑ. කැමැති අය පිළිගන්න. :D :D :D


    දැන් බහිමු අද පොස්ට් එකට. ඇත්තටම ගොඩක් දෙනක්ට හිතෙන්න ඇති කලින් ලිපිය ලිවුවම ඇයි අපි මෙච්චර වල්?? කියල. සමහරක්ට ජීවිතෙත් කල කිරුනද මං ද, අයියෝ අපි වල් කියල.. හක් හක්.. එහෙම කලකිරෝගන්න එපා... ඉතින්, අපි අර විහිලුවට වගේ හිතපු දෙයය එහෙමත් නැත්නම් ස්වභාවදර්මය අපිට මේ වල් කම දීල තියෙන්නෙ පදනමක් ඇතුව. මොකද්ද ඒ පදනම???

    ඒක ගැන කතා කොරන්නනම් ඉතින් දඩයම් යුගයට යන්න වෙනවා. ඒ කියන්නෙ අපි වැද්ද කාලේ. (ඊටත් කලින් අහ්) අපි කවුරුත් දන්නවනෙ අපි වානරයො කියල. ඉතින් ඉස්සරම උන්නු වානරයො කස්ටියක් මාංශ්බස්සක විදියටත් තවත් කට්ටියක් ශාකබස්සක විදියටත් පරිනාමය වෙලා තියෙනව. ගොඩ දෙනෙක්ගෙ මතයනම් අපි පරිනාමය උනේ අර මාන්ශබක්ෂකයන්ගෙන් කියල. ඒක කොක වෙතත් අපේ ගාව තියෙන ඔය ලිංගික ලක්ෂන බහුතරයක්ම තියෙන්නෙ මාංශභක්ෂක වානරයො ගාවට වඩා පළෑතුරු බුදින වානරයො ගාව.  ඒවලට හේතු කතාකොරන්න තම මං පොඩි එකා. ;) ඔනිම කරන ටික විත්‍රක් කතා කරමු.

    ඉතින් අපි මහ ලොකු අඩාම්බරෙන් කියන කාරනේනෙ අපි උසස්ම සත්වයා කියන එක. එහෙම කියන්නෙ ඉතින් ශරීරයට සාපේක්ෂ විශාල මොලේ, පිළිමල් හැකියාව තියෙන මාපට ඇඟිල්ල වගේ දේවල් නිසානේ. ඉතින් ඔය විශාල මොලයක් තිබුනට වැක නෑ. ඒක දියුනු වෙන්න ඔනි. එහෙම වෙන්න තමා අපි හැඩ ගැහිල තියෙන්නෙ. අපිට දීර්ග ළෑමාකාලය්ක් තියෙනව. (ඔය කාලෙ කොරන ව්ඇඩ ළමා නොවුවනට ඒක ළමා කියල තමා ලේබල් කොරල තියෙන්නෙ.. ) ඉතින් ඔය වගේ ළමාකාලයක් තියෙන්නෙ අපිට නිශ්චිත අම්ම තාත්ත කියල දෙන්නෙක් ඉන්න නිසා. දැන් අහයි අනික් සත්තු ස්වයන් ජාතද කියල. එහෙම නෙවේ. අපිට ළමාකාලය ගත කොරන්නෙ වැඩි හිටියෙක් ලඟ. ගොඩක් දුරට අම්ම තාත්තනේ. ඒත් සත්තුන්ගේ එහෙම අම්ම තාත්ත කියල දෙන්නෙක් උන්නට ඒ දෙන්න පවුල් ජීවිතයක් ගත කොරන්නෙ නෑනෙ. ඉතින් එහෙම පවුල් ජීවිතයක් ගත නොකරන්න හේතුව උන් අපි තරම් වල් නැති නිසා. උන් උගේ සහවාසකටයුතු කොර ගත්ත. එතනින් එහාට දෙයක් නෑ. සාමාන්‍යවිදියට ජීවත් වෙනව. ඒත් අපේ මනුශ්ය පවුල කියන්නෙ ඔය ව්ඇඩේට විතරක් සීම උනු දෙයක් නෙවේනේ. ජීවවිද්‍යාත්මකව බැලුවොත් ඉතින් යුගල  හැදීම, පූර්වසංසර්ගය... ඔහොම ඔහොම එන සීන් ගොඩායි. ඒත් සන්ස්කෘතිකව බැලුවම පවුල් ඒකකය කිඅය්න්නෙ ඔය ක්‍රියාවලියට එහා ගිය දෙයක්. ඉතින් ඒවාගේ සාර්තක පවුලක් බිහිවෙන්න  නම් කාමුකත්වය ඔනි. ඒක නිසා තමයි මනුශ්‍ය පිරිමින්ට ශරීරයට සාපේක්ශ විශාල ශිශනයකුයි, කාන්තාවට බෝල හැඩේ පියයුරුයි ලැබිල තියෙන්නෙ. :D :D :D

    දැන් ඉතින් හරිනෙ කස්ටිය. හඳ ප්‍රකම්පිත උනානම් ඔන් සමා වෙන්න. දැන් එහෙම කම්පිත් උන කස්ටියගෙ හිත් ටික හැදෙන් ඩෑති. :D :D

    ප. ව.
    මේකෙත් අඩුපාඩු තියෙනවනම් නොපමාව කමෙන්ට් එකකින් දන්නවන්න. :D :D .. ආ.. අයෙත් කියනව මං ඔන්. ඔය ප්‍රොයිඩ්ල, මොරිස්ල, ඇඟිල්ලා කිවුවට විස්වාස කොරන්න එපා. අර ලොකු මෙවුව දුන්නු දෙයියම තමා අපිට ලොකු මොලෙත් දිල තියෙන්නෙ. ඒකින් පොඩ්ඩක් හිටහ්ල බලන්න. :D :D මං එහෙම කියන්නෙ ඔය ප්‍රොයිඩ් කටින් විදින එක ගැන කියද්දි බොරුත් කියවිලා තියෙනවා. එයා පොඩි එකෙක් කිරි උරා බීමෙන් ලිංගිකව විදිනව කියල විත්‍රක් නෙවේ කියල තින්නෙ. එයා කියල තියෙනව එහෙම පොඩි කාලෙ නොවිදපු අය ලොකුකාලෙ සිගරට් වගේ එවුව බොන්න පුරුදු වෙනවලු. එයාට සාපේක්ෂව ඇත්ත වෙන්ඩෑ. එත් මටනම් එක බොරු. මොකද මං අම්මගෙන් අවුරුදු 9 වෙනකන් කිරි බිව්ව. ඒත්@#%$#$^&

    ප. ප. ව.
    වල් ලිපි පෙල මෙතනින් ඉවර කරන්න හිතෙනව. :D :D බලමු. අනාගතේදි තවත් වල් කතා හම්බ උනොත් ලියන්නම්.... ඔහ්... තව පොඩ්ඩෙන් අමත වෙනව. වල් කියන්නෙ මේ කුනුහබ්බයක් නෙවේ. වල්, වනචර, ඒ කියන්නෙ වනයේ හැසිරෙන... තේරුමක් මිසක්, මේ සල්ලාල වගේ තේරුමක් හේම නෙවේ... :D


    ෴මතු සම්බන්දයි෴

    Friday, May 27, 2011

    කුණුහරුප බිහිවෙන්නෙ ස්වාසරාලෙද? කර්ණකටහ පටලේදීද?

    මේ පොස්ට් එක පබ්ලිශ් කොරල ඉවර වෙනකොට මාව සින්ඩි වලිනුත් අයින් කොරල තියෙයි කුණු හබ්බ තියේ කියල. අනික් එක ඉතින් හිච්චි උන් බැලුවත් කමක් නෑ. එපා කිවුවත් ඉතින් හොරෙන් හරි බලන එකනෙ. හික් හික්. කොහොම හරි මේක බැලුවෙ මොකා උනත් vog ඩොකෙක්ගෙ ගානට මනස හදාගෙන බැලුවනම් තමා වඩා හොද. මොකද තමන්ගෙ තියෙන පහත් මානසික පට්ටමක් නිසා මං කුනුහබ්බ කිවුවයි කියල අභූත මෙවුව අහන්න කැමැති නෑ හරිය...??

    ඕන් ඉතින් අපි පොස්ට් එකට පය ගහමුකො.. ;)

    •අක්කිය ඩූ ලංකාදරණිතලයට සැපත් වෙලා හින්ද එයැයිගෙ හිච්චි  හිච්චි වැඩ වලට එහෙ මෙහෙ දුවන්න උනා. ඉතින් අදත් ඕන් මං හංදිය පැත්තෙ යන කොට හරියටම දෙනොදාහක් ඉන්න තැන බලු පූට්ටුවක් .කාවුරු හරි ඒ වචනෙ සභ්‍යත්වයට විරුද්දයි කියල හිතනවනම් එතෙනට "සහවාසය" කියල ආදේශ කොර  ගන්නකෝ. සමහරක් අමාරුවෙන් අහක බලාගෙන යනව. තවත් කට්ටිය හොරෙන් බලනව. එක එක අරුමොසම් ගොඩායි. මාත් ඉතින් දැක්ක. මං ආයාසයෙන් අහක බලන්න ගියෙත් නෑ. මං මයෙ ගමන ගියා..
    දැන් හරි, ඒ කතාව හිච්චකට පැත්තකින් තියන්නකො..
    •මේ මාස ගනනකට උඩදි. ඔය පේස්බුකියේ ඉතින් මාත් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවැ. ඉතින් ඔකේ ඔය එක එක විකාර වැඩ තියෙනව. සාස්තර අහනව කියයි. දවසේ ආදර ප්‍රතිශත බලනව කියයි. මැරෙන විදිය බලනව කියයි. එක එක අරුමෝසන් ගොඩායි. ඔන් ඉතින් මාත් දවසක් සාස්තරයක් අහන්න ගියා.(මගුල් සාස්තරයක්) ඕකෙන් තියෙන්නෙ මට අනාගතේ ළමයි 4ක් හම්බෙනව කියල. හක් හක්. නිකමට වගේ මාත් ඔක පබ්ලිශ් කොරා. ඒක නෙවේනෙ වැඩේ. ඔක දැකපු කෙල්ලෙක් මයෙන් අහනව "අම්බො.. ඔයා ළමයි 4ක් හදනවද...?? ඊයා හලො..." කියල. ඇයි වදේ. ඔක මේ අමුතු ම කුණුහබ්බයක්ද..?? අනේ මන්ද මාත් ඉතින් නිකන් උන්නෙ නෑ. මාත් කිවුව, "මං ළමයි 4ක් නෙවේ 16ක් හැදුවත් ඔයාට මොකො..? මක්කෙයි ඒකෙ ඊය ??" කියල මාත් ඔන් ඇහුව. ඉතින් කතාව ඔහොම ඇදිල ගියායි කියමුකො...

    ඉතින් මාත් දැන් පොස්ට් එකට බහින්නම්,
    ඔය සිද්දි දෙකේම තියරිය එකයි. කුණුහරුපයක් නොවන දේ කුණුහරුපයක් විදියට දකිනව. ඕක ඉතින් යටකියපු කීපදෙනාගෙ විත්‍රක් නෙවේ. ලොකේම පිළිගත්තු විද්‍යාඥයො අතරෙත් ඔය දුර්වල තාව තියෙනව.
    හික් හික්. අපි අහල තියෙන එකනෙ ශරීරයට සාපේක්ෂව ලොකුම මෙවුව එක තියෙන්නෙ අපිට කියල. මෙවුව එක කිවුවෙ මොලේට. :D :D හැබැයි ඉතින් ඔය මෙවුව එක මොලේ විත්‍රක් මත් නෙවේ. සියලුම වානරයො(පිරිමි) අතරින් සරිරයට සාපේක්ෂව විශාලතම ලිංග ඉන්ද්‍රිය තියෙන්නෙත් මනුශ්‍ය පිරිමින්ට. ඒත් කිසිම පොතක පතක ඔයික කියන්නෙ නෑ. විශාලතම මොලේ තියෙනව කියල මහලොකුවට කෑ ගහුවට කවුරුත් අපිට ලොකුම ශීශ්නය තියෙනව කියල පිලිගන්න නම් ටිකක් අකමැති. ඇයි ඒ විත්‍රක්දෑ.. ගනු කස්ටියවත් අමතක කොරන්න පුලුවනෑ. කාන්තා පියයුරු. වෙන කිසිම ක්ෂීරපායී ගෑණුසතෙක්ට මනුශ්‍ය  ගෑණු අයගෙ වගේ අර්ධ ගෝලාකාර පියයුරු නෑ. අනික එක අනික් ක්ෂීරපායීනෙගෙ මනුශ්‍ය ගෑණු අයගෙ  තරම් විශාලත් නෑ. ඒත් අපි කිසිම තැනක ඔය කතාව ප්‍රස්ද්දියේ කතා කරන්නෙ නෑ. ඩෙස්මන්ඩ් මොරිස්[1] ලියපු නිරුවත් වානරයා[2], මනුසත් උයන[3] වගේ පොත් කීපයක ඇරුනම මේ වගේ දේවල් ගැන ප්‍රස්ද්දියේ කතා කොරලත් නෑ.

    හැබැයි සිග්මන් ෆ්ලොයිඩ්[4] කියන විදියට ඔය මනෝ භාවයනම් මිනිස්සු 100 කින් 30ට වගේ තියෙන්නෙ. ඒත් මේ වෙන සිද්දිත් එකක් බැලුවම ඒ 30%, 90% දක්වාම වැඩි වෙලාදත් කියල මට හිතෙනව. සිග්මන් ෆ්ලොයිඩ්[4] ඒ මනෝභාවය විස්තර කොරන්න ගත්තු උදාහරනෙත් පොඩි අවුලක් නම් තියෙනව. ඒයා ඔය මනෝභාව විස්තර කරල තියෙන්නෙ ප්‍රසිද්ද ස්තානයක අම්මකෙනෙක් අතදරු ළමයෙක්ට තමන්ගෙ පියයුරු එලියට අරන් කිරිදෙන සිද්දියක් එක්ක.  එයා කියන විදියටනම් ඒ සිද්දි දිහා මිනිස්සු 3න් ආකාරයකට බලනව. කෙනෙක් ඒක මාතෲ ස්නේහය නිසා තමන්ගෙ පෞද්ගලිකත්වය  නැතිකොරන් කිරි දෙනව කියල අනුකම්පාවෙන් බලනව. තවත් කෙනෙක් ඒ දිගා තමන්ගේ රාගී හැගීම් වලින් බලනව. හැබැයි 3 වෙනි අවස්තාව නම් වෙනස්. කෙනෙක් ඒ දිහා රාගී නොවන වැරැදි විදියකට බලනව. ඒ කියන්නෙ ඒ අම්ම කරන දේ වැරැදි, එහෙම කරන එක සබ්‍යත්වයට පටහැනී, වගේ හැගිමකින් බලනව. :D :D :D ඉතින් කියවන ඔයාලට භාරයි තමන් කොතන ඉන්නෙ කියල හිතන එක.

    කලින් දුන්නෙ ප්ලොයිඩ්[4] ගෙ මෙවුව එකනෙ. දැන් මයෙ මෙවුව එකත් දෙන්නම්. මං මේකට ගන්නෙ ප්ලොයිඩ් ගත්තට වඩා වෙනස් උදාහරනයක්. අපි ප්ලොයිඩ් ගත්තු උදාහරනෙ අම්මකෙනෙක් කිරි දෙනව වෙනුවට XXX එකක් ගමු. :D :D (මං මේ යන්නෙ අම්මකෙනෙක් කිරිදීම ත්‍රිබලක් කොරන්න හේම නෙවේ...) ඉතින් ඒ වගේ දෙයක් දිහාත් මිනිස්සු බලන තුන් ආකාරයක් තියෙනව නොවැ. කෙනෙක් රාගී විදියටත්, තවත් කෙනෙක් විවේචනාත්මක විදියටත් බලයි. හැබැයි ඔතන ඉදි ත්වත් විදියකට බලන කෙනෙක්. ඌ ඇස් වහන් හොරෙන් බලන්නෙ. උට බලන්නත් ඔනි, හැබැයි මෑන්ස්ගෙ තියෙන ආකල්පයක් නිසා ඒක බලන්න නෑ. හක් හක්. එහෙම ඩයලුත් ඉන්නවනෙ. ඉතින් ඒ අයගෙ ක්‍රියාකලාපයයි, ස්ග්මන් ෆ්ලොයිඩ්ගෙ උදාහරනෙ තුන්වෙනි පාර්ශවයේ  ක්‍රියාකලාපයයි, මං මුලින්ම කියාපු බලු පූට්ටුව දිහාත්, ළමයි හම්බෙන එක දිහාත් බලපු අයගෙ ක්‍රියාකලාපයයි බැලූ බැල්මට අසමාන වෙන්න පුලුවන්. ඒත් මට හිතෙන හැටියට ඒ හැමෝන්ගෙම මානෝභාවයන් සමානයි. :D :D :D  පොඩි අවුලකට තියෙන්නෙ ෆ්ලොයිඩ් හිස්ටීරියා රෝගි ප්‍රතිශත, පි පි රෝගි ප්‍රතිශත මැන්න වගේ මේ මනෝභාවයේ ප්‍රතිශත මනින්න බැරි එක තමා. :D :D :D

    ඔය කොක වෙතත් ඩෙස්මන් මොරිස් කියන විදියට මිනිසා තමයි මේ මිහිමත ඉන්න උපරිම රාගිකයො. ඉතින් එහෙම තියෙද්දි අපි,
    බල්ලො දෙන්නෙකෙගෙ සහවාසයට ඊයත්, අපේම ප්‍රජනනයට ඊයත්, විශාලත ශිශ්නයට හා විශාලතම පියයුරු ගැන කතා කොරද්දි ඊයත් තියන එක කොච්චර දුරට හරිද කියල හිතල බලන එක කියවන ඔයාලට බාරයි.

    ප. ව.
    මේ ප්‍රශ්නෙ කොච්චර දුරදිග ගිය එකක්ද කිවුවොත් දැන් දැන් නගරවල නම් වෙනස් කොරන්නත් පෙලඹිලා. කලුතර පැත්තෙ තියෙන "පයියාගල" කියන ස්තානය දැන් "පයාගල" කියලත් වෙනස් කොරල. සුනාමි කාලෙ ටි වි එකේ පෙන්නපු විදියට "පයියාගල" කියල තමා ස්ටේශන් එකේ ගහල තිබ්බෙ. මං හිතන්නෙ දැන් වෙනස් කොරල අඑති. හැබැයි ඉතින් ස්ටේශමක තිබ්බ පලියට ඒ නම පිලිගන්නත් බෑ. මොකද "කැළණිය" කියල ලියල තියෙනව ස්පෙලින්ස් වැරැදි. හක් හක්..

    ප. ප. ව.
    ඉතින් මං කියන්න ආවෙ,
    අද මේ සමාජයේ කුණුහරුප කියන එක උපදින්නෙ ස්වාසරාලෙදිවත් වෙන තැනකවත් නෙවේ, ඒක ග්‍රහනය කොරගන්න කෙනාගෙ කර්ණකටහ පටලයේදි හරි ඇහේ දෘශ්ටිවිතානෙදි හරි තමා...

    -3.ව.
    1. Desmond Morris
    2. The Naked Ape
    3. The human Zoo
    4. Sigmund Freud

    Saturday, May 14, 2011

    නෙතඟ රැදි කදුලේත් මුවඟ රැදි සිනහාවේවත් විද්‍යාත්මක වෙනස෴

    හුහ්.. බ්ලොගර් එක හිතන් ඇති අපි උගේ අතපල්ලෙන් වැටිල කියල. ඇයි වදේ.. අපි අමාරුවෙන් තටමල තටමල පෝස්ට් එකක් දැම්ම ම තමා උන්ට මතක් වෙන්නෙ අප්ඩේට් කොරන්න. ඔය කොරල තියෙන්නෙ අප්ඩේට්.. හුහ්.. මම ගිහින් බ්ලොගර් කාර්යය මණ්ඩලයට කනේ ඇඟිලි ගහ ගන්න කිවුවෙ නැත්නම් අද මට මේ පෝස්ට් එක දාන්න වෙන්නෙත් නෑනෙ... :D :D :D ලොල්ය කොහොම හරි උන් මයෙ කටට බය උනා... :D :D බයනොවුනනම් මම ඕකුන්ව යවන්නෙ අවුස්විට්ස් වලට... :D :D කාතාව ඇති. දැන් බහිමු පෝස්ට් එකට.. :D :D


    අද කියන්න ආවෙ බොහෝම වැදගත් මාතෘකාවක් ගැන. මමට හිච්චිම කාලෙ ඉදල තිබුනු ප්‍රශ්නෙකට උත්තරේ.. :D :D මම බෝහෝම මහන්සියෙන් හොයාගත්තු උත්තරේ.. මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.. මේකයි පුරශ්නෙ.. කෙනෙක් අඬනව.. තව එකෙක් හිනා වෙනව.. දැන් කියන්න එපා කවුරු හරි අඬද්දි හිනා වෙන එක වැරදී කියල. ලොල්ය... මේදෙක එකිනෙකට පරායත්ත සිද්ධි දෙකක්නම්...??? කෙනෙක් අඩද්දි අනිකා හිනාවෙන්න හේතුව මොක්ද්ද කියල මමට ප්‍රශ්නයක් තිබුන.. ඒ ප්‍රශ්නෙට මම තරමක උත්තරයක් කලින් මට උනු ඇබැද්දිය කියන පෝස්ට් එකෙන් දැම්මනේ.. ඒත් මට හිතුන ඒ දැම්ම මදි කියල. ඒක නිසා එදා කියපු කතාව වැඩි දියුනු කරල ඕන් ද කියනෝ... ලොල්ය.. :D :D :D

    මයේ බ්ලොගිය ඉස්සර ඉදන් කියවන කෙනෙක් නම් දන්නව ඩොපැමීන් ( dopamine- ඩොපමයින් කියලත් උච්චාරනය කරනව) කියන හෝමෝනෙ ගැන දන්නව ඇතිනේ... නොදන්න කස්ටියටත් දැන ගන්න මම ආයෙ පහදල දෙන්නම් කො... අපේ ඇග ඇතුලෙ තියෙන්නෙ රාසායනික සංනිවේදනයක් නොවැ. ඒකියන්නෙ අපි ඇඟ ඇතුලෙ හෑන් පෝන් හෝපි ටෝකි වගේ එවුව නෑ. ඒවල කාර්ය තමා මේ හෝමෝන වලින් කරන්නෙ.. අඟේ සීනි මට්ටම පාලනය කරන්න ඉන්සියුලින්, පිරිමි අයගෙනම් ඔය ලිංගික හැගීම් පාලනය කරන ටෙස්ටෙස්ටරෝන් ඔය වගේ එක එක නානාක්ප්‍රකාරේ හෝමෝන තියෙනව. ඒ වගේ එක් තමා ඩොපැමීන් කියන්නෙ. ඒකින් වෙන්නෙ අපේ හිනහව උත්තේජනය කරන්න එක. අර කලින් කියපු ඉන්සියුලීන් නම් මෙව්ව කරන්නෙ අග්න්‍යාසෙ. මෙව්ව කිවුවෙ නිපදනවට. ලොල්ය. එතකොට ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් වගේ ලිංගික හෝමෝන නිපදවන්නෙ පිටියුටර්ඉය කියන මොළේ තියෙන ග්‍රන්තියෙ. ඒත් මේ ඩොපැමීන් කියන හෝමෝනෙ නිපදවන්න විශේශ ග්‍රන්තියක් නම් නෑ. ගොඩාක්ම සතුට සම්බන්දව ක්‍රියාකරන මොළෙ පූර්ව ලලාට බාහික ප්‍රදේශයේන් තමයිලු වැඩි පුරම මේ ඩොපැමීන් ස්‍රාවය වෙන්නෙ. ඉතින් අපිට හිනා වෙන්න උත්තේජක් ලැබුනම ඒ හරියෙ නියුරෝන සයිල ක්‍රියාත්මක වනව.


    නියුරෝනයක් කියන්නෙ ඉතින් සරලව කිව්වොත් මෙලේ තියෙන සෛල වලට. එවා ඇතුලෙ මේ ඩොපැමීන් වගේ හෝමෝන හදල එලියට දෙනව. ඊලගට ඊලග සයිලය උත්තේජනය වෙනව. එහෙම එහෙම ඔය ඩොපැමීන් වලින් පූර්ව ලලාට බාහිකකයම උත්තේජනය වෙල අදාල ඉන්ද්‍රිය වලට දෙනව පනිවිඩේ සතුට ප්‍රකාශ කරන්න ඔනි කියල. කෙනෙක් සතුට ප්‍රකාශ කරන්නෙ හිනා වෙලානම්, බිම පෙරලි පෙරලිනම්, ඒ ඒ විදියට සතුට ප්‍රකාශ වෙනව.


    දැන් කියන්නම් නෙතඟ රැදි කදුල ගැනත්. නැත්නම් හොද නෑ නොවැ. ලොල්ය. කලින් කියපු කතන්දරේම තමා.. වෙනස් වෙන්නෙ හෝමෝනෙ නම. දුක සම්බන්දව කටයුතු කරන්නෙ ඩොපැමීන් නෙවේ ගැබා... (GABA- Gamma-Amino Butyric Acid) ගැබා කියන හෝමෝනෙන් තමයි දුක ඇති කරන්නෙ..

    දැන් අපි බලමු මේ හෝමෝන සම්බන්ද මානසික ලෙඩ කීපයක් ගැන. එතකොටම මට මතක් වෙන්නෙ විශාදය ගැන. අද මිනිස්සු 5ක් ගත්තොත් ඒ අයගෙන් එක්කෙනෙක් විශාදයෙන් පෙලීමේ ඉඩකඩ තියෙලු. ලොල්ය. ඉතින් මේ විශාදය රෝගයටත් හේතු වෙන්නෙ ඩොපැමීන් හෝමෝමෙ තමයි. ඒ හෝමෝනෙ ස්‍රවය කරන සෛල වලට හිතුනම ඒවා ස්‍රාවය කරන එක නවත්තල දානව. හිතුනම කියන්නෙ නිකන්ම හිතෙන්නෙ නෑ. ඒකට ආරෙන් එන ලෙඩ, බොන එක (පමණට වඩා) , මානසික ආතතිය වගේ දේවල් බල පනව. ඉතින් කොහොමින් හරි ඩොපැමීන් ස්‍රාවය කරන එක නැවතුනාම තමා විශාදය එන්නෙ. විශාදයේදි වෙන්නෙ අහේතුක දුක. කිසිම හේතුවක් නෑ. දුක් වෙනව. ඒකෙ භායනකම ප්‍රතිපලේ තමා අන්තිමට සිය දිවි නසා ගන්න හිතෙන එක. ඒත් මේ විශාදය නිටාවටම සුව කරන්න පුලුවන් කියල නම් අහල තියෙනව. ඒක නිසා ඔයාලටත් එහෙම හිතිල තියෙනවනම් ඉක්මනටම මනෝවෛද්‍ය උපදෙස් පතන්න. මොකද අද සිද්ඩ වෙන සියදිවි නසා ගැනීම් 100කින් 60ක්ම වෙන්නෙ මේ විශාදය නිසා ලු. බෙහෙතක් කියල ඉතින් දෙන්නෙ ඩොපැමීන් හෝමෝනෙම තමා..

    හැබැයි පොඩි අවුලක් තියෙනව. ඔය බෙහෙත කස්ටිය නිකන් බොනව. ඒකියන්නෙ විශාදය නැතුව. අර බෙහෙත් බඩු කඩේ මදන මෝදක කියල තියෙන්නෙ. අපේ භාසාවෙන් කියනවනම් ටොපිය කියන්නෙ. බ්‍රෑන්ඩ් එකත් එක්කම කියනවනම් ලාබ සහ ප්‍රසිද්දම මදන මෝදකේ තමා "අශ්වයා". හික් ය. ඒවල තියෙන්නෙත් තරමක් තනුක කරපු ඩොපැමීන්ම තමා. :D :D :D :D ඒත් අවුල තියෙන්නෙ එතන නෙවේ... ඕක ගත්තම ඉතින් හිනා ය්නාව්නෙ නවත්ත ගන්න බැරුව. ගැහුවත් හිනා වෙනව. බැන්නත් හිනා වෙනවා. එක විකාරයයි. ඕක දිගටම ගන්න පුරුදු උනු කස්ටියගෙ මොලේ සෛල ව්ලට මල පනිනව. ඇයි වදේ. තමන් ඉපදිච්ච දවසෙ ඉදන් කරන වැඩේ තව කෙනෙක්ට කියල ඊට ව්අඩා හොදට කරගද්දි කාටද මල නොපැන තියෙන්නෙ. හික් ය. පෘතග්ජන සෛලනෙ බොල. ඉතින් එහෙම මල පැන්නම උන් ඩොපැමීන් හදන එක නවත්තල දානව. එතකොට විශාදය. :D :D ඔන්න ඕකයි තත්වෙ..

    දැන් කස්ටියට හිතෙනව ඇති හැම දේකටම ප්‍රතිවිරුද්ද දෙයක් තියෙනව වගේ මේකටත් එහෙම නැද්ද කියල..?? ඇයි නැත්තෙ.. තියෙනව. අහේතුක සතුට... එකට සයිකොලොගි වලදි කියන්නෙ මේනියාව කියල. අර කලින් කිවුව ටොපිය ගත්තමත් තාව කාලික මේනියා රෝගියෙක් විදිට තමා හැසිරෙන්නෙ. ඉතින් මේ මේනියා රෝගයටත් හේතුවෙන්නෙ අර හෝමෝනෙම තමා... ඩොපැමීන්.. :D :D :D මම දන්න විදියටනම් විශාදය තරම් ඉක්මනට මේක හොඳ කරන්න බෑ. ප්‍රාතමික අවදියෙදි ලෙඩේ හොයා ගත්තොත් නම් හොද කරන්න පුලුවන්. ඒත් ද්වීතීක අවදියට ගියොත් ශුවර් නෑ. ත්‍රිතීක අවදියට ගියොත් කොහෙත්ම හොද කරන්න බෑ. ඒ අතින් බලන කොට විශාදය හොදයි කියල කස්ටියට හිතෙයි. ඒත් ඉතින් බුම්මගෙන ඉන්නවට වඩා හිනා වෙන එක සිරා නැද්ද...??? :D :D :D :D

    ප.ව. ඕන් මම චන්ද පොරොන්දුව ඉශ්ට කරා, ඡන්දෙ දිනන්නත් කලියෙන්..

    Monday, April 4, 2011

    47 වෙනි ඔලිම්පික් උළෙල෴

    හික් ය. අද මේ ලියන්න යන්නෙ කලියෙන් 2050 අවුරුද්දෙදි මම ලියපු පෝස්ට් එකේ ඉතුරු කෑල්ල!. හික් ය. ඒ කියන්නෙ 2100 අවුරුද්ද ගැන. බලහල්ලකෝ අවුරුදු 50 කුත් ගොහින්. ලොල්ය. ඈ හැබෑට? මේ ඇඟිල්ලට වයස යන්නෙ නෑද්දෑ?. හෙ හෙ... ඒ පන්ඩිත කතා බොට වැඩක් නෑනෙ. :P
    අවුරුද්ද ගැන කිවුවට ඉතින් මේක කෙටියෙන් එක පෝස්ට් එකකින් කියල ඉවර කරන්න පුලුවන් අවුරුද්දක් යෑ?. ඒක නිසා මගේ අවදානය යොමු උනු තැනක් ගැන අද ලියන්නම්. ඕන් අදනම් ඉතුරුව පස්සෙ හොදේකියල ලියන්නෙ නෑ. හම්බෝ.. ඒවුවනම් හරිම භයන්කාරයි. තර්ජනත් කරනව ලියපන් ඉක්මනය කියල. ඕන් හේනම් කතාව පටාාාාාාාාාාන් ගන්නයි යන්නෙ. :D



    2100 කිවුවම ඉතින්... ඔව් බන් බෝල ඉලක්කමක් තමා. ඒකියන්නෙ අඟට
    බිංදු දෙකයි. වෙනත් විදියකට කිවුවොත් 4 බෙදෙනවා. ඒකියන්නෙ ඉතින් ඔලින්පික් නේ. ඇඅ වලලු 5ක් තියෙන්නෙ. :D ඉතින් මෙ ඇඟිල්ලට ඕයික බලන්න යන්න චාන්ස් එකක් ඇවිත්. මොකද ඉතින් හැමෝම ඉස්සර පොඩි එකා කිවුවට දැන් මෙහෙ ජේශ්ඨම පුර වැසිය. :D ඉතින් ඕන්න මටත් ආරාදනයක් ලැබිල තිබ්බ ඔලිම්පික් එක බලන්න යන්න. ඉතින් මුලින්ම තරගෙ ඇහැට කනට පේන ස්එල්ලමනෙ ඉතින් දුවනව කියන්නෙ. :D ඉතින් ඕන් මම දුවන තරගෙ බලන්න තමා යන්නෙ. :D

    ඒත්......

    පිට්ටනියෙ කිසි හැල හොලමනක් නෑ නොවැ. හරියට නිකන් භාවන අසපුවක් වගේ. අනේ මන්ද... ඉතින් මටත් දැන් පුල් හොල්මන්. මම ව්අට පිට බලල බැරිම තැන එතන හිටපු මුරකාර මාම කෙනෙක්ගෙන් ඇහුව කෝ තරග කරුවො කියල. (මාම කිවුවට ඉතින් මට වඩා අවුරුදු 70ක් විත්‍ර බාල එක්කෙනෙක්.. :D ) ඉතින් මෑන්ස් මට පෙන්නනව නව ගුන වැලක් ගැන ගැන සක්මන් භාවනව කරමින් ඉන්න ඉන්න සෘශිවරු සෙට් එකක්. හොලමන් වෙලා හිටපු මම ඒටත් වඩා හොල්මන් වෙලා. මම හිතන්නෙ කස්ටිය දුවන්න කලියෙන් තහනම් උත්තේජක පරික්ෂා කරන කුටියගාව තමා හිටියෙ. එක එක්කෙනා ඇතුලට ගන්නව. ඉතින් මාත් ඒ කාබරේට මගේ රබර් ඇහැ යොමු කරා. එතන වෙන සීන් දැක්කම මම හොලමන් ඝනය(තුන්වෙනි බලේ) වෙලා. ඇයි දෙයියනෙ ඉස්සර අපි තහනම් උත්තේජක පරික්ෂාකරේ බෝතලේකට චූ ටිකක් දාල ඒකෙ ඇඩ්‍රිනලීන් වගේ හෝමෝන සාන්ද්‍රනය පරික්ෂාකරන එකනෙ. ඒත් මෙතන එහෙම චූ සාම්පල් පරික්ෂාකරන්නෙ නෑ. MRI මැශිමක් වගේ එකක් ඇතුලට ඔලුව දාන්න කියල තමා පරික්ෂනේ කරන්නෙ. ඒකදැක්කම මට හිතුනෙ සෘවරු චූ දාන්නෙ ඔලුවෙන්දෑ කියලත් මට හිතුනා. ඉතින් කොහොමින් හරි මම තවත් හොලමන් වෙන නිසා මම තරග බිමට ආව.

    දැන්නම් පරික්ෂන ඉවරයි මයෙ හිතේ. දැන් තියෙන්නෙ දුවන්න. ඒපාර මට කලින්ට වඩා හොලමන්. දුවන්න ඔන්න මෙන්න. මෙ කස්ටිය තාමත් භාවනා යෝගී ඉරි අවුවෙන් ඉන්නව. අනේ මන්ද මුන් කොහොම දුවයිද කියල. ඉතින් දැන් කස්ටිය ස්තාන ගත වෙලා ඉන්නෙ. ඔන්න දැන් අර ස්ටාටර් කියන මෑන්සුත් එනව. ඒත් එයාගෙ අතේ පිස්තෝලයක් නම් නෑ සංඥාව දෙන්න. ඒවෙනුවට තියෙන්නෙ ටෝච් එකක්. හික් ය. අනේ මන්ද මෙවුව කොහෙන් කෙලවෙයිද කියල. :D හරි...

    එකායි, දෙකායි, තුනායි... ටෝච් එක පත්තු කරා... හෑ.. කො මුන් ටික. එහා පැත්තෙ රිබන් පටිය කැඩෙනව විත්‍රයි දැක්කෙ. තරගෙ පැවැත්විලත් ඉවරයි. පස්සෙ තමා දැනගත්තෙ දිනල තියෙන්නෙ ඉන්දියාවෙ එවර්ස කන්දෙ ඉන්න සෘශිවරයෙක් දිනල පලවෙනිය කියල.

    ඔන්න ඔහොමයි එදා ඔලිම්පික් එකෙ දුවන තරගෙ තිබ්බෙ. හික් ය. බලාහල්ලකො ඒකෙත් හැටි.

    Sunday, March 27, 2011

    2050



    තාමත් මම ඉස්සර හිටපු ඇඟිල්ලමයි. ලෝකෙ ගොඩාක් දියුණුවෙලා. ඉස්සර අපි ගෙදරි එලියට බැස්සෙ ඇඳුමක් ඇඳගෙන නේ. ඔව් ඉතින්.. අදත් ඒක නම් එහෙමයි. ඒත් ඇදුම විතරක් නෙවේ, තවත් දේකුත් අද අපේ අතේ තියෙනව. ඒ තමා ඔක්සිජන් බෝලලේ. හොඳටම ඔක්සිජන් හිඟ වෙලා. දකින දකින මනුස්සයෙක් ගෙ අතේම ඔක්සිජන් බෝතලයක් තියෙනව. හික් ය. හරියට කිමිදෙන්න යනව වගේ.
    නෑ නෑ ගෙවල් වල ඉද්දි ඒ බෝතලේ ඕනි නෑ. ඒ කාලේ ගෙදර උයන්න ගැස් සිලින්ඩර් ගෙනාවා වගේ ඔක්සිජන් සිලින්ඩර් ගෙවල් වල දි පවිච්චි කරන්න පුලුවන්. 
    දැන් කස්ටිය අහයි මිනිස්සු ඔක්සිජන් බෝතල් අරන් යද්දි සත්තුන්ට එහෙම බැරි නිසා උන් මැරෙයි කියල. ඔව් ඉතින්, සියළු සත්වයෝ සුවපත් වේවා කිය කිය දැන් ජීවත් වෙන්න බෑ. ඔක්සිජන් මදිනම් මැරිලා පලයලයන් කියලා තමා දැන් ජීවිතේ ගෙනියන්නේ! පවු පිං බලන්න තිබ්බේ ඉතිං මෙහෙම වෙන්න කලින් නේ.

    වට පිට බලද්දි ඉස්සර කෝටි ගනන් වලට විකුණුනු කාර් තැන තැන. යමින් ගමන ගේකට ඔලුව දැම්ම. හික් ය. ගෙවල් කිවුවට ඉතින් ගෙවල්ම නෙවේ. ඒව කුළුණු. ඒකත් නරකම නැ. ඉතින් ඒ ගෙවල් වල මිදුලක් කියලත් නෑ. ගේට්ටුව කියල තියෙන්නෙ දොර. :D එක ගෙදරක ඇන්ටි කෙනෙක් මෝටර් සයිකලෙකට නැගං පොල්ගානවා. කිට්ටු වෙලා බැලුවහම දැක්කේ, හැඩල් එකේ තමා හිරමනේ හයි කරලා තියෙන්නේ. තෙල් ටැන්කිය සිංක් එක වගේ හදාගෙන!

    තව ටිකක් දුර යද්දි .........මලකෙලියයි. බෙන්ස් එකක් ඇතුලෙ කඩල කඩේකුත් දාල. පස්සෙ මගෙ රබර් ඇහැ දාල හොයල බලද්දි තමා තේරුනෙ කනිජ තෙල් නිදි 2040දි ඉවර වෙලා කියල. අපරාදෙ ඒ දවස් වල කෝටිගනන් වලට වාහන ගෙන්නුවෙ. :D

    මගේ ඉතින් ඉස්සර ඉදලම පුලුද්දක් තිබ්බ කොහෙ හරි ගමනක් යනකොට කඩචොහොරුවක් කන්න.මට තිබ්බා බස් එකට සල්ලි නොදී හරි බස් එකට නගින්න කලින් කඩල කාරයන්ගෙන් කඩල ගොට්ටක් ගන්න පුරුද්දක්. ;) ඉතින් මම අර කලින් කියපු බෙන්ස් එක අස්සට ඔලුව දාල කඩල ගොට්ටක් ගත්ත. ගත්ග්තෙ නැ, ගන්න ගියා. හුටා. උට කෑශ් වලින් ගන්න බැරිලු. පස්සෙ සාක්කුවට අතදාල ක්‍රෙඩිට් කාඩ් එක දුන්න. ම්ම්ම්හු.. ඌ මට හිනා වෙනව. මමත් උට බැන බැන අවා එන්න. පස්සෙ තමා දැනගත්තෙ දැන් ප'ස් නෑ. සල්ලි ගෙවීම් හේම කරන්නෙ මේ අපෙ අතේ ඇඟිලිසලකුනෙන් කියල. බලහල්ලකෝ ඇඟිල්ලට ගිය කලක්.

    ඒක නෙවේනෙ පුදුම වෙන්න ඔනි කාරනෙ.
    වෙලාව දවල් දොළහට විතර ඇති. ඒත් පාරෙ හැමතැනම ලයිට් දලා. අනේ මන්ද මොනා වෙලාද කියල. සූර්යග්‍රහනයක් ද කොහෙද...!! ඒ සුර්යයයි චන්ද්‍රයයි පෘතුවියයි එකම සරල රේකාවක පිහිටලනම් නේවේ. පෘතුවියෙ එකතු උනු කුණු දාන්න තැනක් නැතුව අභ්‍යවකාශෙට ගිහින් දාල. ඒ දාපුව පෘතුවිය වටේ කක්ෂගත වෙලා තමා මේ විදියෙ අපිට එන ඉර එලිය පොළොවට වැටෙන්නෙ නැත්තෙ. ලොල් (නැත) ය.

    ඒක එක විච්චූරන ගොඩායි. අඹුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලුනෙ.. ඉතිරිව පස්සෙ හොදේ... ;)


    Monday, March 7, 2011

    දුඹුරු කෙස් ඇති නිල් ඈස් ඈති ජ'මානුවා...

    අද සුළැඟිල්ල කියන්න යන්නෙ ගොඩ දෙනෙක්ට නොපෙන්නෙන පැත්තක් ගැන. ඒවගේම මේ කතාව හුගකාලෙක ඉදල හිතේ තදකරන් හිටපු දෙයක් කියන්න. ඔන්න හේනම් මම අද කියනව. ඕනම කෙනෙක් හිට්ලර් කිවුවම කියන්නෙ බොහෝම නපුරු පවුකාරයෙක් කියල. එයා නපුරුයි කියන එක නම මම විත්‍රක් නෙවෙ හිට්ලරුත් පිලි අරන්තියෙනව. හික් ය. ඒත් එයා පවුකාරෙක් වෙන්නෙ කොහොමද?? ඒ ගැන තමා මම අද කියන්න යන්නෙ...

    ________________________________________


    ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) අනුසෝත ගාමී ලෝකයක් තුල පටිසෝතගාමී ප්‍රතිපත්ත දරපු උසස්
    මිනිසෙක් කියල කිවුවොත් ඒක අතිශයෝක්තියක් වෙන 1ක් නෑ. හෑමෝම දකින ඒ මුළු ලොකයක් භීතියෙන් සසල කර නාසි මිනිමරුවාව මම දකින්නෙ ඔයවිදියට. මුලින්ම අපි එයාගෙ පුර්වකාලීන ජිවිතෙ දිහා බලමු.

    එයා 1889 බක් මාසේ 20 වෙනිද තමා උපත ලබන්නෙ. එයා
    හැදුනෙ වැඩුනෙ කුඩතාත්තයි අයාගෙ අම්මයි ලග. ඉතින් මෙයා පුන්චිකාලෙ ඉදලම සිහින මැවුවෙ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඔය පැත්තකින් දිස් වෙන්නෙ එයා ඇදපු චිත්‍රයක්.
    ඉතින් එයා තමන්ගෙ හැකියාවන් තවත් දියුනුකරගන්න ඕන් ගියා ඉස්කෝලෙකට. ඒක ඉතින් චිත්‍ර පාසලක්. අදවගේම තමා. පිනා පගාව ගන්නව ළමයිව ඉස්කෝලෙට දාගන්න. හික් ය. ඉතින් පුන්චි හිට්ලරුත් ඒ පාසලට ඇතුල් වීමෙ කඩයිම් විභාගෙට ලිවුව. ලිවුව කිවුවට ලිවුවෙ නෑ, ඇන්ද. ඒත් අර ඉස්කෝලෙ හිටපු යුදෙවු ජාතික ප්‍රිනා අපේ පුන්චි හිට්ලර් ගේ ලස්සන චිත්‍ර ගනනකටවත් ගන්නෙ නැතුව ඒ විභාගෙ ලියපු අනික් යුදෙව්ජාතික ළමයිව ඉස්කෝලෙට බදව ගත්ත. අන්න එදා ඉදන් තමා මේ කතාව පටන් ගන්නෙ. එදා ගෙදර ආපු හිට්ලර බබා හිතුවෙ මේ එයාලගෙ රටෙ එකියන්නෙ ජර්මනියෙ ඉදන් මහජාතියට අබියෝග කරන සුළු ජාතිය ගැන. පෘතක්ජන මිනිස්සු හැටියට එ වෛරය සාදාරනයි නෙ. ඉතින් අපි කොහොමද කියන්නෙ පස්සෙ කලෙක හිට්ලර් යුදෙව්වන්ව මරපු එක වරදක් කියල.

    දැන් අපි බලමු නාසි වාදය දිහා....

    ලොකේ ප්‍රසිද්දම වාද 2ක් තියෙනව. ඒ තමා සමාජවාදයයි ධනවාදයයි. ඔය දෙකට පරිබාහිරව තමා නාසි වාදය කියන එක බිහිවෙන්නෙ. මේක බිහිවෙන්නෙ පළමුවන ලෝක යුද්දයෙන් ජර්මනිය පරාජ උනායින් පස්සෙ. පාන් වහල්ලක් වත් කන්න නැතුව ඒ කාලෙ ජර්මානුවන් මැරෙද්දි ජාමානු රජය ඩොලර් මිලියන 33ක වන්දියක් ගෙවමින් හිටියෙ. ඕනම කොන්දක් පනතියෙන මනුශ්‍යයෙක්ට ඒ තත්වය යටතෙ බදුගන්න රටවල් එක්ක ඇතිවන තරහ සාධාරනයිනෙ. ඉතින් මේ තත්වෙ යටතෙ හිට්ලර් ජාමානුවන්ට නාසිවාදය හදුන්වා දෙනව. ඒක මූලික සිද්දාන්ත 2ක් යටතෙ මම විග්‍රහ කරන්නම් කො..,,
    1. සමානත්ම තාවය පිලිගන්නෙ නැ.
    2. සාමය පිලිගන්නෙත් නැ.
    මම දැන් මේ කරුනු ටික එකිනෙක් පැහැදිලි කරනම් කෝ... හිතන්න.. සමානාත්මතාවය, සමාජවාදයේ මුදුන් මුල. සමානාත්ම තාවය යටතෙ ඕනම පුද්ගලයෙක්ට සමතැන දෙන්න ඔනි. බලන්න ඒකට ඔයාලත් කැමතිද කියල.?? ඔයා යම්කිසි තරගෙකට යනව. ඒකෙ පළවෙනිය ඔයා. ඉතින් ඔයාට දෙන තෑග්ගම අර තරගෙන් අන්තිමය උනු කෙනාටත් දුන්නොත් ඔයාගෙ ඒ ජයග්‍රහනයෙන් වැඩක් තියෙනවද..?? හරි අපි තව උදාහරනයක් ගමු. වෛද්‍යවරයෙක් ඉන්නව. මහන්සියෙන් ඉගනගෙන ලැබෙන පඩියම ඒ ඉස්පිරිතාලෙම වැඩකරන සී ඇම් සී මිනිහටත් දෙනවනම්.... වෛද්‍යය වෘතිය කියන්නෙ පඩියකින් මිලකර නොහැකි දෙයක්. ඒත් යටකී විදියෙ දෙයක් වෙනවනම් කිසිම වෛද්‍යවරයෙක් මහන්සියෙන් වැඩක් කරනවද...??? කවුරුත් තරගෙකට ඉදිරිපත් වෙනවද..?? ඔයාලම හිතල බලන්නකෝ.. එතකොට නාසි වාදයේ ඇති වරද මොකද්ද?

    දැන් අනික් කරුන බලමු. ඒකෙදි කියන්නෙ සාමය නිවටුන්ගේ ක්‍රියාවක් කියල. හරි අපේ දුටු ගැමුනු රජතුමා ගැන හිතල බලමු. මම මේ හිට්ලර් වයි දුටුගැමුනු රජතුමාවයි සම කරන්න යන්නෙ නැ. හරි ය..? එතුම එලාර එක්ක සටන් කරල ලන්කාව එක්සේසත් කරා. ඒ සාමෙන්ද..?? එතකොට සාවන් පැරකුම්බා රජතුමා. ඉන්දියාවට ගිහිල්ල එහෙන් වහල්ලු මෙහාට ගෙනාව. ඒ සාමෙන්ද..?? නෑ නෙ. සාමය හොදය. ඒත් ටිකයි. සාමය්අ නිසා වීරයො උනු අය ඉන්නෙ කීයෙන් කී දෙනෙක්ද..?? මහත්මා ගාන්දි ල, මදර් තෙරේස ල, මාටින් ලූතර් කින් ල, ඔච්චරයි නෙ. අපේ නිවුටන් උනත් කියල තියෙනවනෙ සැම කිරියාවකටම පරතික් කිරියාවක් තියෙ කියල. ඉතින් තව මොන කතාද..?? නාසි වාදය සනාතයි. ඉතින් බලාගෙන ගියාම අපි හිට්ලර් ට බනින්නෙ නාසි වාදියෙක් විදියටනෙ.

    එයා මේ ඔක්කොම කරුනු කැටිකරල ඒයාගේ ජීවිතකතාව හිර ගෙදර ඉදිද්දි ලිවුව. ඒ තාමා මයින් කම්ෆ් කියන්නෙ. එහෙමත් නැත්නම් මගේසටන. කොහොම හරි මම දකින විදියට එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයෙ බිහි වෙලා තියෙන සත්‍යම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ වගේම වැඩිම විවේචන එල්ල උනු ප්‍රතිපත්තිප්‍රකාශය මෙක තමා. කොහොමත් ඇත්ත තිත්තයි ලුනෙ. ඇරත් අපේ ඈයො දන්නෙ ඉතින් දන්නෙ කවුරු හරි බැන්නම් එයත් එක්ක බනින්න. මොකටද බන්ඉන්නෙ, කාටද බන්නිනෙ කියල දන්නෙත් නැ. අරූ බනිනවනෙ.. ඉතින් මූත් බනිනව.

    එයා යුදෙව්වොමරපු එක වැරදී, ඒක ප්‍රජාත්‍රන්ත්‍රවාදයට පටහැනී. ඉතින් කවුද ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිලිගන්නෙ. ඒකත් ධනවාදයේම එක පැතිකඩක් නේ. ඔයා ප්‍රජාත්‍රන්ත්‍වාදය නිසා තමයි අර මොහොමඩ් කාරයෝ බිහි උනේ. මහ ලොකු කතාකිරීමේ නිදහස. පුහ්...

    අනික එයා කරේ කලයුතු නියම දෙ. ඒආ ජර්මානුවෙක් විදියට කරයුතු හොඳම දේ කරා. අපි මහ ලොකුවට එයාව විවේචනය කරනව "අපෝ මිනී මරුව" කියල. එහෙම කරන්න කලියෙන් හිතල බලන්න දෙයක් තියෙනව. අපි මොනාද සිංහලයෙක් විදියට මේ රටට කරල තියෙන්නෙ.... ?? කියල. ඒ මදිවට එහෙම සිංහල ජාතිය වෙනුවෙන් කතාකරන අයට "එපා ජාතිවාදය හොඳනෑ..." කියලත් කියනව. ඔන්න ඕකයි සමාජ තත්වෙ..



    Sunday, January 30, 2011

    ගෑහැනු කඳළු වලට පිරිමි පසුබහිනවා

    හැමෝම ගෑනු නුවන හැදිමිටේ කියල කිවුවට අද කඩවත නිවටන්ගේ තිනෙත කියන්න යන්නෙ ඊට වැඩිය වෙනස් කතාවක්. ඔන්න අපි කවුරුත් දන්න කතාවනෙ ගෑනු අය අඬාගත්ත ගමන් කියන එක. එකනෙ ඔය ඒ අයට හදවත් රෝගත් අඩු. ඉතින් මේ ගැහැනු අයගෙ කඳුලුවලට අමුතුම බලයක් තියෙනව කියල මහාචාර්ය නොබෙල් සොයාගෙන තියෙනව. ඒ කුයන්නෙ කාන්තාවන්ගෙ "හැගීම් බර කඳුලු" වලට පිරිමින් ගේ හිත් වෙනස් කරන්න පුලුවන්ලු. ඇත්තටම කිවුවොත් එයා කියන්නෙ ගැහැනු අයගෙ හගීම් බර කඳුළු හේතුකොටගෙන පිරිමි අයගෙ ලිංගික ආසවන් අඩුවෙනව කියල. නොම් ගෙ වචන වලින්ම කිවුවොත්,

    "හැගීම්බර කදුළු කියන්නෙ අස්‍රූ ග්‍රන්තිවලින් ශ්‍රාවයවෙන හුදු ජල බිංදු විතරක්ම නෙවේ. හැගීම්වලට අදාලව ගලන කදුළු හරිම ප්‍රබලයි. ලූනු කපද්දි, ඇහැට වැලිකැටයක් ගියාමත් කඳුළු එනව. හැබැයි ඒ කදුළුයි හැගීම්බර කදුලුයි අතර ලොකු වෙනසක් තියෙනව."

    ඔනු කපද්දි කදුලු එන්නෙ ඇහැරැක ගන්න. ඒත් ගැහැනු අය හැගීම් බරව හෙලන කදුලු.... ඔව් ඒවලිනුත් එක අතකට ආරක්ෂක කාර්යයක් තමා කරන්නෙ. ඒත් වෙනස් විදියකට. මම ඉස්සෙල කිව්වනෙ මේ කඳුලුවලට පුලුවන් පිරිමි අයගෙ ලිංගික උත්තේජ පලනය කරන්න කියල. ඒ කියන්නෙ මෙ කඳුලුවලට පිරිමි අයගෙ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන රසායනික සංඥා නිකුත්කරන්න පුලුවන්. ඉතින් මේ ටෙස්ටෙරෝන් පිරිම අයගෙ ලිංගික කටයුතු වලට විතරක් නෙවේනෙ ඔනෙ වෙන්නෙ. පිරිමි අයගෙ පෞර්ශයටත් ආවේගශීලි බවටත් මේ හෝමෝනයම බලපනව. ඉතින් කාන්තාවො අඬන කොට පිරිමින්ගේ ආවේග ශීලිබව අඩුවෙන එක හොඳ උනාට පෞර්ශය අඩුවෙන එකනම් හොද නැ නේද??? :P

    එව මෙවා කොහොම උනත් නොම් ගෙ මෙ සොයාගැනීම කාන්තාවන්ටනම් වසි කියන එක තමා මගෙ මතය. මොකද මෙ හැගීම් බර කඳුළුවල තියෙන අමුතු හැකියාවෙන් පුලුවන් ලිංගික අපරාද වලක්වගන්න. :D
    (එක ගෑනු අයට ලියපු ලිපියක් කියල හිතල කොමෙන්ට් 1ක් නොදානම් ඉන්න එප. මොකද පිරිමි අපිටත් මෙක වැදගත්. කරන්න තියෙන්නෙ කවුරුකරි අඬන්න ලෑස්ති වෙනකොටම ඇස් වහ ගන්න එකනේ.. හෙ හෙ ලොල්ය. :PPP)

    පද ගන්වුම- පවිත්‍ර වීරප්පෙරුම.
    මූලාශ්‍ර- ජංජාලය හා විදුසර පුවත්පත.

    Related Posts Plugin for WordPress, Blogger...