යක්කු ගස් නගින්නටත් කිට්ටු වෙන වෙලාවේ නිදි මතක් තැපෑලෙවත් එන්නැති හංදා මේ පැත්ත මතක් උනා.. :3
හර බර එව්වා තේරෙන්නැති එව්වා අර කතා මේකතා නානාක්ප්‍රකාරේ කතා ලියද්දි අතරින් පතර සුවිට් මෙමරියක් බෙදා හදා ගන්න කොටත් පොඩි ගතියක් තියෙනවා නෙවැ.. :D අනික ඉතිං කිවන උන්දගෙ ඉදන් ලියන උන්ද වෙනකන් කොයි කවුරුත් කැමතිනෙ ඔය මසබාල්දි හෝදන්න!
දැන් කතාවට බහිමු ඔන්න... අර කතාවට කියනවනේ ඕලෙවල් කාලෙ තමයි සුංදරම කාලෙ කියලා.. මටනම් ඉතිං ඉදපු හැම කාලයක්ම සුදරයි.. :D කොහොමින් හරි මෙ ඔලෙවල් කාලෙ විච්ච ස්ටෝරියක්..
බ්ලොග් පොස්ට් කීපයකම කාරිය මං මයෙ කඩ්ඩෙ මුවහත් බාවය ගැන කියලා ඇතිනේ.. කොටින්ම කියනවන්ම් මගෙ ඉංගිරිසි දැනුම 0යි.. :D කොව්වා කොහොම උනත් අනිත් විශයන් කෑලි ටික යන්තන් ගැටගහන් හිටියා ඒ දවස් වල... ඒ දවස් වල අපේ සෙට් එකේ අපි ශ්‍රම විභජනයක් කරන් තමයි උන්නේ.. ඒ කියන්නෙ මොකක් හරි පන්තියෙ වැඩක් හදන්න දුන්නාම අපේ පුලුවන් එකා කරලා අනික් උන් එක්ක ශෙයර් කරගන්නවා... ඕක ඉතිං දැන් ප්‍රාථමික පංතියේ ඉදං ළමයි කරන දෙයක්නේ..
ඔන්න අපේ සෙට් එකේ හිට්යා මාර බුවෙක්.. මිනිහට කඩ්ඩ නතින්... අනික් එව්වා නැත්තටම නතින්... :3 කොහොමද කියනවනම් මිනිහාගෙ පහු කාලීන ඔලෙවල් රිසාල්ට් එක A එකයි Fවා අටයි... A එක කඩ්ඩට. ඉංග්‍රීසි වලට A එකක් තිබ්බාට මහා ප්‍රාග්ඥයෙක් නෙවෙයි වෙන්නැති! ඒත් කොහොමින් හරි කඩ්ඩ මටවඩා සෑහෙන්න මුවහත්...
ඕන් දවසක් දා ඉංග්‍රීසි පාඩම...
ඉංවිටේශන් කාඩ් ගැන කියලා දෙනවා... මාත් ඉතිං ටීචර් කියන එව්වා අතරින් පතර අහන් ඉන්නවා... කොහොම හරි ඔය අතරින් පතර කන වැකුනා "පැමිණීම දන්වන්න" ද "එන්නැත්තන් කියන්නද" කොහෙද අන්තිමට ලියනවා වෙනුවට ලියන කෙටි යෙදුමක් ගැන.. කෙටි යෙදුම මට ඇහුනට ඔලුවට ගියේ නෑ අර වාක්‍ය කෑල්ල විතරයි මතක හිට්ටේ...
ඔන්න අපිට ඉන්විටේශන් එකක් හදන්න අපිට ටීචර් පැවරුවයි කියමුකෝ.. මං ලොවෙත් පොත් පෙන්නනේ නෑ ඒත් ඉතින් නිකන් ආතල් එකට වගෙ ඉංවිටේශන් එකක් හැදුවා පොතේ.. :D අර මගෙ කඩ්ඩ පුළුවන් මිතුරු තෙමේ ගෙන් උදවු අරගෙන! ඇත්තටම මම කලේ ඌ ලියන එක එබි එබි බල බලා මාත් ලිවීමයි.. යමක් කමක් තේරෙන ක්‍රීයෙටිවු මෙව්වා එක දාලා වාක්‍ය සෙන්ටර් කරලා බෝල්ට් කරලා ඉටලික් කරලා පාට පෑන් වලින් ලියලා උගේ එකම නව මුද්‍රණයක් ලෙස එලි දක්කොපු එක...
අන්තිමේදි අරූට වඩා ටිකක් වෙනස් වෙන්නත් එපැයි කියලා අර "පැමිණිම දන්වන්න" කියලා ලියන කෙටි යෙදුමත් දාන්න හිතුවා.. එක දන්නෙ නැති නිසා අරූගෙන්ම අහගෙන දැම්මයි කියමුකෝ...
ඔන්න ඉතින් දැන් මාත් කියො කියො විකාර කර කර කර ඉන්නවා.. මව පොඩ්ඩක් මැඩම් ට නෝට්ද කොහෙද.. මයෙ වොලිවුම් කොන්ට්‍රෝල් එකත් සෑහෙන්න අවුල්නේ.. එහෙමයි කියලා කියවිල්ල නවත්තන එකක් යෑ! ඔන්න මැඩම් පුළුටු මූණ දාගෙන මයෙ ලඟට ආවා... වැඩේ ඉවරද ඇහැව්වා.. මාත් ඉතිං කිංඩි හිනාවක් දාලා පොත දුන්නා.. :D මෙන්න ගෑණි මූණ පුක කරගෙන පොත විසික් කරා කියාහංකෝ...
කනින් අල්ලලා පොඩ්ඩක් හෙලෙව්වා.. එයාගෙන් මං පහුකාලිනවා ගුටිත් කාලා තියෙන නිසා දැන් කනෙන් ඇල්ලිල එච්චර ගානක් නෑ! :D
මං ඒ පීරියඩ් එක ඉවර වෙනකන් අරූගෙන් මොකො උනේ අහන්න බලන් හිටියෙ, මාව ඉස්සරහට ගත්තු නිසා... නැතුව කතා කරන්න බයකට නෙවෙයි... ඕන් පීරියඩ් එක ඉවර උනත් හරි පන්තියෙම හූ එකයි.. :D අනික් ඔක්කොම ළමයි මයෙ පොත ඇහිදන් කියො කියො එකිනෙකට පාස් කරනවා.. අර ඉස්සර අපි වැල මගසින් පාස් කරනවා වගේ :D
පහු පහු වෙනකොට වැටහුනේ අරූ ආතල් එකටත් එක්ක ඉන්විටේශන් එක හදනවා කියලා හදලා තියෙන්නේ ඉංග්‍රීසි වැල පත්‍රීකාවක්.. ඒ මදිවට අන්තිමේදි අර අහපු පැමිණීම දන්වන්න කියන එකට මොකද්ද කියන්නෙ කියලා උගෙන් ඇහුවාම ඌ ජොගියට කියලා තියෙන්නේ RSVP වෙනුවට RIP කියලා!
ප.ව.
කොටින්ම කියනවනම් මං මේ මෑතක තමයි ඉංග්‍රීසියෙන් Paul ලියන්න ඉගන ගත්තෙත්.. ඉතිං මයෙ කඩුවෙ මුවහත ආයෙ කියන්න ඔනෑ නෑනේ... අනික ඔලෙවල් වලින් පස්සෙ ඒලෙවල් වලදි ඉංගිරිසි පිරියඩ් එකක ඉන්නවා තියා ඒ මැඩම් මාව අදුරන්නෙවත් නැති ගානට (කොටින්ම කියනවනම් ඉදලා හිටලා පන්තියට ගියාම යන්න කියනවා අල්ලපු පන්තියෙ කියලා හිතලා) ඉංග්‍රිසි විශයෙන් ඈත් වෙලා උන්නු නිසා දැන් ඒ කාලෙ තරන්වත් දැනුමක් නෑ.. :3 ආයෙ මුල ඉදං පටන් ගන්න ඔනේ -_-
ප.ප.ව.
මට මේ කියපු පොත මෑතකදි හම්බුනා.. ඒලෙවල් ඉවර කරලා ඒ පොත් ටික රාක්ක ගත කරද්දි ඒ රාක්කවල අහුමුළුවල තිබ්බ ඕලෙවල් පොත් අයින් කරද්දි තමයි හම්බුනේ.. කැරපොතු බෙටි වලින් හොදටම ජරාජීරනය වෙලා තිබ්බ පොතේ ඒ ඉන්විටේශන් එක පොටො එකක් ගත්තෙම බ්ලොග් එකට දානවයි කියලා.. අවාසනාවන්තලෙස පොත විසික් කරා.. පොන් එකේ තියෙන නිසා.. පෝන් එක මේ ඊයෙ පෙරෙදා නැති වෙලා නෙව.. :3 මට දුක ඒම සුවිට් මෙමරියක් නැත්තටම නැති වෙලා ගිය එක..