Showing posts with label විච්චූරන මුද්ද. Show all posts
Showing posts with label විච්චූරන මුද්ද. Show all posts

Friday, December 13, 2013

RIP ඉංගිරීසි...

යක්කු ගස් නගින්නටත් කිට්ටු වෙන වෙලාවේ නිදි මතක් තැපෑලෙවත් එන්නැති හංදා මේ පැත්ත මතක් උනා.. :3

 හර බර එව්වා තේරෙන්නැති එව්වා අර කතා මේකතා නානාක්ප්‍රකාරේ කතා ලියද්දි අතරින් පතර සුවිට් මෙමරියක් බෙදා හදා ගන්න කොටත් පොඩි ගතියක් තියෙනවා නෙවැ.. :D අනික ඉතිං කිවන උන්දගෙ ඉදන් ලියන උන්ද වෙනකන් කොයි කවුරුත් කැමතිනෙ ඔය මසබාල්දි හෝදන්න!

දැන් කතාවට බහිමු ඔන්න... අර කතාවට කියනවනේ ඕලෙවල් කාලෙ තමයි සුංදරම කාලෙ කියලා.. මටනම් ඉතිං ඉදපු හැම කාලයක්ම සුදරයි.. :D කොහොමින් හරි මෙ ඔලෙවල් කාලෙ විච්ච ස්ටෝරියක්..

බ්ලොග් පොස්ට් කීපයකම කාරිය මං මයෙ කඩ්ඩෙ මුවහත් බාවය ගැන කියලා ඇතිනේ.. කොටින්ම කියනවන්ම් මගෙ ඉංගිරිසි දැනුම 0යි.. :D කොව්වා කොහොම උනත් අනිත් විශයන් කෑලි ටික යන්තන් ගැටගහන් හිටියා ඒ දවස් වල... ඒ දවස් වල අපේ සෙට් එකේ අපි ශ්‍රම විභජනයක් කරන් තමයි උන්නේ.. ඒ කියන්නෙ මොකක් හරි පන්තියෙ වැඩක් හදන්න දුන්නාම අපේ පුලුවන් එකා කරලා අනික් උන් එක්ක ශෙයර් කරගන්නවා... ඕක ඉතිං දැන් ප්‍රාථමික පංතියේ ඉදං ළමයි කරන දෙයක්නේ..

ඔන්න අපේ සෙට් එකේ හිට්යා මාර බුවෙක්.. මිනිහට කඩ්ඩ නතින්... අනික් එව්වා නැත්තටම නතින්... :3 කොහොමද කියනවනම් මිනිහාගෙ පහු කාලීන ඔලෙවල් රිසාල්ට් එක A එකයි Fවා අටයි... A එක කඩ්ඩට. ඉංග්‍රීසි වලට  A එකක් තිබ්බාට මහා ප්‍රාග්ඥයෙක් නෙවෙයි වෙන්නැති! ඒත් කොහොමින් හරි කඩ්ඩ මටවඩා සෑහෙන්න මුවහත්...

ඕන් දවසක් දා ඉංග්‍රීසි පාඩම...

ඉංවිටේශන් කාඩ් ගැන කියලා දෙනවා... මාත් ඉතිං ටීචර් කියන එව්වා අතරින් පතර අහන් ඉන්නවා... කොහොම හරි ඔය අතරින් පතර කන වැකුනා "පැමිණීම දන්වන්න" ද "එන්නැත්තන් කියන්නද" කොහෙද අන්තිමට ලියනවා වෙනුවට ලියන කෙටි යෙදුමක් ගැන.. කෙටි යෙදුම මට ඇහුනට ඔලුවට ගියේ නෑ අර වාක්‍ය කෑල්ල විතරයි මතක හිට්ටේ...
ඔන්න අපිට ඉන්විටේශන් එකක් හදන්න අපිට ටීචර් පැවරුවයි කියමුකෝ.. මං ලොවෙත් පොත් පෙන්නනේ නෑ ඒත් ඉතින් නිකන් ආතල් එකට වගෙ ඉංවිටේශන් එකක් හැදුවා පොතේ.. :D අර මගෙ කඩ්ඩ පුළුවන් මිතුරු තෙමේ ගෙන් උදවු අරගෙන! ඇත්තටම මම කලේ ඌ ලියන එක එබි එබි බල බලා මාත් ලිවීමයි.. යමක් කමක් තේරෙන ක්‍රීයෙටිවු මෙව්වා එක දාලා වාක්‍ය සෙන්ටර් කරලා බෝල්ට් කරලා ඉටලික් කරලා පාට පෑන් වලින් ලියලා උගේ එකම නව මුද්‍රණයක් ලෙස එලි දක්කොපු එක...

අන්තිමේදි අරූට වඩා ටිකක් වෙනස් වෙන්නත් එපැයි කියලා අර "පැමිණිම දන්වන්න" කියලා ලියන කෙටි යෙදුමත් දාන්න හිතුවා.. එක දන්නෙ නැති නිසා අරූගෙන්ම අහගෙන දැම්මයි කියමුකෝ...

ඔන්න ඉතින් දැන් මාත් කියො කියො විකාර කර කර කර ඉන්නවා.. මව පොඩ්ඩක් මැඩම් ට නෝට්ද කොහෙද.. මයෙ වොලිවුම් කොන්ට්‍රෝල් එකත් සෑහෙන්න අවුල්නේ.. එහෙමයි කියලා කියවිල්ල නවත්තන එකක් යෑ! ඔන්න මැඩම් පුළුටු මූණ දාගෙන මයෙ ලඟට ආවා... වැඩේ ඉවරද ඇහැව්වා.. මාත් ඉතිං කිංඩි හිනාවක් දාලා පොත දුන්නා.. :D මෙන්න ගෑණි මූණ පුක කරගෙන පොත විසික් කරා කියාහංකෝ...

කනින් අල්ලලා පොඩ්ඩක් හෙලෙව්වා..  එයාගෙන් මං පහුකාලිනවා ගුටිත් කාලා තියෙන නිසා දැන් කනෙන් ඇල්ලිල එච්චර ගානක් නෑ! :D

මං ඒ පීරියඩ් එක ඉවර වෙනකන් අරූගෙන් මොකො උනේ අහන්න බලන් හිටියෙ, මාව ඉස්සරහට ගත්තු නිසා... නැතුව කතා කරන්න බයකට නෙවෙයි... ඕන් පීරියඩ් එක ඉවර උනත් හරි පන්තියෙම හූ එකයි.. :D අනික් ඔක්කොම ළමයි මයෙ පොත ඇහිදන් කියො කියො එකිනෙකට පාස් කරනවා.. අර ඉස්සර අපි වැල මගසින් පාස් කරනවා වගේ :D

පහු පහු වෙනකොට වැටහුනේ අරූ ආතල් එකටත් එක්ක ඉන්විටේශන් එක හදනවා කියලා හදලා තියෙන්නේ ඉංග්‍රීසි වැල පත්‍රීකාවක්.. ඒ මදිවට අන්තිමේදි අර අහපු පැමිණීම දන්වන්න කියන එකට මොකද්ද කියන්නෙ කියලා උගෙන් ඇහුවාම ඌ ජොගියට කියලා තියෙන්නේ RSVP වෙනුවට RIP කියලා!



ප.ව.

කොටින්ම කියනවනම් මං මේ මෑතක තමයි ඉංග්‍රීසියෙන් Paul ලියන්න ඉගන ගත්තෙත්.. ඉතිං මයෙ කඩුවෙ මුවහත ආයෙ කියන්න ඔනෑ නෑනේ... අනික ඔලෙවල් වලින් පස්සෙ ඒලෙවල් වලදි ඉංගිරිසි පිරියඩ් එකක ඉන්නවා තියා ඒ මැඩම් මාව අදුරන්නෙවත් නැති ගානට (කොටින්ම කියනවනම් ඉදලා හිටලා පන්තියට ගියාම යන්න කියනවා අල්ලපු පන්තියෙ කියලා හිතලා) ඉංග්‍රිසි විශයෙන් ඈත් වෙලා උන්නු නිසා දැන් ඒ කාලෙ තරන්වත් දැනුමක් නෑ.. :3 ආයෙ මුල ඉදං පටන් ගන්න ඔනේ -_-


ප.ප.ව.

මට මේ කියපු පොත මෑතකදි හම්බුනා.. ඒලෙවල් ඉවර කරලා ඒ පොත් ටික රාක්ක ගත කරද්දි ඒ රාක්කවල අහුමුළුවල තිබ්බ ඕලෙවල් පොත් අයින් කරද්දි තමයි හම්බුනේ.. කැරපොතු බෙටි වලින් හොදටම ජරාජීරනය වෙලා තිබ්බ පොතේ ඒ ඉන්විටේශන් එක පොටො එකක් ගත්තෙම බ්ලොග් එකට දානවයි කියලා.. අවාසනාවන්තලෙස පොත විසික් කරා.. පොන් එකේ තියෙන නිසා.. පෝන් එක මේ ඊයෙ පෙරෙදා නැති වෙලා නෙව.. :3 මට දුක ඒම සුවිට් මෙමරියක් නැත්තටම නැති වෙලා ගිය එක..





Monday, September 30, 2013

HRM පොත් තියෙනවද?

මේක ඇවිල්ලා කෙටි කතාවක්.. පරිසමාප්ත මෙව්වා එකෙන්ම කෙටියි!

කලින් බුෆෙයාර් කතාවටම අල්ලලා ලියන්න තිබ්බට මට අමතක වෙලා. මං හිතන් හිටියෙ බුක්ෆෙයාර් එකෙ දි සිද්ද විච්ච රසම කෑල්ල මං මුලින්ම ලියන්නටැති කියාලා... කොහොමින් හරි මඟ ඇරුනු කෑල්ල කියලා ඉන්නම්කො!

ඕන් අපි බුක්ෆෙයාර් එකේ වැඩ. කලින් කිව්වත් වගේ පට්ටන් ගහපු කරත්ත රෝද දැකලාම මෙව්වා වෙලා හිටියේ...

ඔය අතරෙ මං පුරුදු උනා දන්නැති පොතක් ගැන ඇහැව්වාම උනත් ඒක දන්නෑ කියන්නැතුව පොර ටෝකක් දෙන්න.

ඒලෙවල් මැත්ස් බයෝ කරන උන්, රශියන් ට්‍රාන්ස්ලේට් හොයපු උන්, එහෙන් ගියාම අට්ටකතා, ටීකා ටිප්පටි වගෙ පොත් හොයපු උන් තමයි මගේ ප්‍රධාන ඉලක්කය උනේ... ඒලෙවල් පොත් හොයපු කට්ටියව කෙලින්ම යැව්වේ සරසවි, ගොඩගේ වගේ එව්වට! රශියන් එව්වා හොයපු කට්ටියව යැව්වා රුසියාව ප්‍රකාශන එකටයි B එකෙ තිබ්බ කොමියුනිස්ට් පාර්ටි එකෙ ස්ටොල් එකටයි.(අපේ ස්ටොල් එකෙත් දැදිගම රොද්‍රිගූගෙ එහෙම පොත් තිබ්බා... එත් රුසියානු පොත් හොයන් ආපු මිනිස්සුන්ව හරවල යැව්වෙ එතන වැඩකරපු අපිට 50%ටවඩා අඩුකරලා පොත් දෙන්න බෑකිව්ව එකට! :3 ) අට්ටකථා අනම් මනම් හොයපු වයෝවෘද කට්ටියව සමයවර්ධන එකටයි කුණ්සේන එකටයි යැව්වා!

ඔයවගෙ හරඹ දක්වන්න බුක්ෆෙයාර් පටන් අරන් දවසක් දෙකක් ගියා.. මොකද අපිත් බුක්ෆෙයර් එකෙ එහෙමෙහෙ ඩිංගක් ඇවිදලා බැලුවාමනෙ අනික් ස්ටොල් ගැන අවබෝදයක් ලැබ්බෙන්නේ...

ඒලෙවල් පොත් වලනම් ලියපු මෑන්ගෙ නම කිව්වම මොකද්ද විශය මොකද්ද පොත කියලා කියන්න පොඩි අවබොදයක් තිබ්බා! රශියන් ට්‍රන්ස්ලෙට්වලටත් එහෙම්මමයි... අහලා නැති නමක් උනත් නම ඇහුනාම මෙහෙ වෙන්නැති කියලා හිතාගන්න පුලුවන්නේ...සිංහල හර බැර පොත්, එව්වයෙ කතෘ වරු ගැන නම් ලොකු අවබොදයක් තිබ්බෙ නෑ.

ඕං සූ ගාලා සෙනග!

මැක්සිම් ගෝර්කි?
                -අරහේ
එනිඩ් බ්...
                -මෙහේ
ඔන්න ඔහොම අරයගෙ මෙයාගෙ පොත් තියෙන්නෙ කොහෙද කියලා අහනවා... මාත් ඉතින් අරහෙ මෙහෙ කියලා උත්තර දෙනව. ඔය අතරෙ ඉතිං කන්නිමහර සුමංගල හාමුදුරුවන්ගෙ, ඩෙස්මන් මොරිස් උන්නැහේගෙ පොත් ගැන එහෙම අහපු උදවියත් නොහිටියෙම නෑ! එවගෙ කට්ටියටනම් අරහෙ මෙහෙ කියලා කියන්නැතුව සාක්කුවෙ දාන් හිටපු මැප් එකෙන් තියෙන තැන පෙන්නලත් දුන්නා.. ඉගන ගන්න උදවියට අපි උදවු කරන්න එපෑය!


ඔය අතරෙ ලස්සන මිස් අක්කා කෙනෙක් මගෙන් අහනවා

එක්ස්කියුස් මී. HRM පොත් තියෙනවද?

කොටිංම කියනවනම් මං හෙන සමීකරනෙකට එන්ටර් වෙලයි හිට්යේ...

මං- අනේ එයාගෙ පොත් නම් නෑනෙ මිස්...
මිස් අක්කා- හි.. හි... මං කිව්වෙ හිවුමන් රිසෝස් මැනේජ්මන්ට් බුක්ස්...
මට කට උත්තර නැති උනා!

මට තියෙන තරහා මේකි එතනින් නවතින්නැතුව,
හෙන අමාරුවෙන් සිංහල අමුණ අමුණ 'මානව...සම්පත් කළමනා...කරණය!' කියලා කියාපු එකට...

පව.
එක අතකට මගෙ වැරැද්ද.. මගෙ නෙවෙයි.. මං හදාගත්තු සමීකරනේ වැරැද්ද.
පොතෙ නම කියලා අහන කට්ටියට ඒවිදිඅයට උත්තර දුන්නා
කතෲගෙ නම කියලා අහන උන්ට, දන්න එකෙක්නම් ඒවිදියට උත්තරදුන්නා.
දන්නැති සිංහල නමක් නම් අදාල සබ්ජෙක්ට් එක අහගත්තා. ඉංග්‍රිසිනම් එයාගෙ පොත් නෑ කියලා හරෝලා යැව්වා..
මගෙ සමීකරනෙ ඇතුලෙ කෙටියෙදුම් කියලා එකක් තිබ්බෙ නෑනේ!

Wednesday, October 31, 2012

එතකොට අර හාදයා...? | ඇඟිල්ලා සහ පොඩි එකා ඉන් මියුසියම්...

වෙනසකටත් එක්කලා කතන්දර පොඩ්ඩක් කියනටෙයි යන්නේ.. ක්‍රියෙටිවු මෙව්ව එක ගැන ලියපු කතන්දරේ මතකයි නේ.. :D අද ලියන්නෙ එහෙම එකක් නෙවෙයි.. අර 2050, 2100 ගැන කිව්ව වගේම මෙදා පරා ඇඟිල්ලාට අනාගතේ දවසකට යනට ලැබිලා... :D


ඔන්න ඇඟිල්ලා, මිනිහාගේ පොඩි එකාවත් එක්කගෙන යනවලු මියුසියම් එක පෙන්නන්න.

ඉතිං ඇඟිල්ලත් ඔතන තියෙන විවිද බඩු මුට්ටු ආදිය පෙන්න පෙන්න විග්‍රහ කරනවලු...

පුතේ අර තියෙන්නෙ ස්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ නෝනා ඇඳපු හැට්ටේ.. එහෙන් ගියාම පුතේ මේ තියෙන්නෙ අවුරුදෙ ගොඩක් පැරැනි කඩුවක්... ඒ දවස් වල අපි පොඩි කාලේ මේක කවුද කට්ටිය උස්සලාත් තිබිලා මේ ලඟදි තමයි හම්බුනේ.. 

ඔන්න ඔහොම ජයටම වැඩේ නැගලා යද්දි අර කඩුවත් අතේ තියන් ඉන්න අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...


ඇඟිල්ලත් ඉතිං උගුර පාදලා මේ රජතුමා ගැන විතර කරල දෙන්වලු ඕන්..

පුතේ මේ ඉන්නේ අපේ කාලෙ හිටපු පට්ටාම රජතුමා.. එතුම තමයි තුන්සිංහලයම එක්සේසත් කරේ. එතුමාගේ කාලෙ ගැන නම් කියලා නිම කරන්න බෑ පුතේ.. 
බර විස්තරයක් කරගෙන ගියාලු ඕං..

දැන් පුතාට තේරෙනවා නේද මේ අපේ අහවල් රජතුමා අපිට කොච්චර නම් වැදගත්ද කියලා..?

කතාව ඇඟිල්ලා ඉවර කරාට මොකද ඇඟිල්ලගෙ පොඩි එකත් ඉතිං මාර ඥානවන්තයා.. ඌ අනික් පැත්තට අහාපි,

එතකොට අර එයාගේ පිට උඩ නැගලා ඉන්න හාදයා කවුද තාත්තේ...


ප.ව. ඔන්න බලන්නකො අද කාලෙ හැදෙන ළමයි...

ප.ප.ව. වැඩ රාජකාරි බහුල හින්ද පුංචියට කතා කෑල්ලක් දැම්මා.. ඇහැ මේ අහවලා නෙවෙයි එහෙමනම් ඉතින් රිබන් පටිය තියෙන්ට එපැයි!


Friday, October 19, 2012

සුළා-Bones Park™ මුල්ගල් තැබීමේ උත්සවය..

හපොයි අද ඔන්න මකුණුදැල් කඩලා අහක් කරලා ආවා ඔන් පොස්ට් කෑල්ලක් දාන්ට.. අදනම් බල්ලො කැත කරලා නැති හැඩයි... :D

මුල්ගල් තැබිමේ මෙව්වා එකක් කිව්වාම ඉතින් වැදගත් වැඩක් නෙව.. මෙන්න මෙහෙම පටන් ගමු..

ඇත්තටම කියනවනම් මේක මගේ හය හතර තේරෙන්න පටන් ගත්තු කාලෙ ඉදන් තිබුණු ආසවක්.. මොකෙක් හරි සතෙක්ගේ ඇට කෑලි  එක්කහු කරලා ඇට සැකිල්ලක් හදා ගන්න එක.. :D

 පුංචිම කාලෙ ඉස්සරහා ඉඩමක් සුද්ද කරද්දි ලස්සනට කුණකට්ටෙක්(ගෙයැයි සැක කරපු) ඇට සැකිල්ලක් හම්බ උනා... අත්තක එතිලා මැරිලා තියෙන්නේ.. ඇඟේ කොටස් කොටස් අඩු උනාට ලස්සනට ඌ හිටියා.. පිය තුමන්ගෙත් උපකාර ඇතිව ඒක ගෙදරට ගෙනල්ල පොඩි පෙට්ටි කෑල්ලක දමාලා කාමරෙන් තියන් හිටියා ආසවට..  ඒත් ඉතිං මවුතුමිය පොඩි එකාගැන දක්වන සෙනෙහස් වැඩි කමට ඌගේ දත් වල විස ඇතයි කියාලා ඒක පහුව දා වීසික් කර්ලා තිබුනා.. :(

ඔන්න ඒ දවස්වල  තමයි මේ ඇට සැකිළි ඇට කටු එක්කාහු කරන මේනියාව පොඩි එකාගෙ හිතට එන්නේ.. සිග්මන් ෆ්ලොඩ් උන්නැහෙත් කියාලා තියෙනවනේ කුඩා කාලෙදි හිතට කාවැදුනු එව්වා වැඩි හිටියා වෙනකොට එළියට දාන්න උත්සහ ගන්නවයි කියලා.. මෑන් කිව්වා කෙසේ වෙතත් මිනිහට අවුරුදු 2450ට විතර උඩදි අපේ බුදුහාමුදුරුවොත් එක ගැන ලස්සනට කියලා තියෙනවා.. හැක් හැක් දැන් කියයිද දන්නේ නෑ අර ඇඟිලි සළෑකුණත් අල්ලහ් මැව්වා වගේ අවුරුදු 1000කට විතර උඩදිත් හිනෙන් ඇවිදින් මේ කතාවම කිව්වයි කියාලා.. ලොල්.. හා හා ඔය කවුරු මොනවා කිව්වත් ඒක නෙව ලොක දර්මතාවය! කොහොම හරි අද ඇඟිල්ලාට මාරම හැපි දිනයක් වෙන්නෙ අන්න ඒ පොඩි කාලේ යතාර්තයක් නොවුනු හිනය අද යතාරතයක් උණු හන්ද.. :D

ඉදින් බිදවැටුනු පොඩි එකාගේ හිනෙත් හිතේ තියාගෙන ඉදිදි තමයි මිනිහට ගෙදරට ඇවිත් අභාවප්‍රාප්ත කරණලද ගෝණුස්සෙක් හම්බ වෙන්නේ.. ඔය දවස් වල පොඩි එකා පත පොත කියවලා ලබාගත් දැණුමින් ගෝණුස්සගේ හම දියකරලා ඇට සැකිල්ල ගන්නයි ලෑස්ති වෙන්නේ.. බොහෝම තනුක ක්‍රෝස්ටික් සෝඩා ද්‍රාවනයක මෘත දේහය ගිල්වලා නැටෙව්වාම පොතේ හැටියට ඇට සැකිල්ල ඉතුරු වෙලා මස් දිව වෙලා යනට ඔනෑ.. ඒත් ඔය මැද්දට පැනපු අක්කා තුමිය "ගොනුස්සන්ට කොහෙන්ද මොඩයො ඇට සැකිලි?" යනුවෙන් අහපු ප්‍රස්නය තාමත් දොන්කාර දෙනවා.. ඒ දවස්වල හය හතර ඉගන ගත්තට ආත්‍රපෝඩාවො කියන්නේ අපෘශ්ටවංශීන් කියාල දැනන් උන්නේ නෑනේ.. කොහොමොන් හරි කඩ උනු බලාපොරොත්තුත් එක්කලා මම ඉගන ගත්තා ගොනුස්සන්ගෙ ඇට සැකිළි කෙසේවෙතත් රත්කරන්න ගන්න ඇලුමිනියම් හට්ටිය ක්‍රොස්ටික් සෝසාවල දිය වෙනවයි කියල ඉගන ගත්තා!

ඉතිං කොහොමින් හරි 8, 9 පංතියට එනකොට යමක් කමක් ඉගනගෙන තිබ්බ හන්දා ඊලග ඉලක්කය උනේ බල්ලක් අල්ලපු ගෙම්බෙක්ව! ඔක්කොම ආම්පන්න ලැස්ති කරන් වැඩේට බැස්සට අත්දැකිම් අල්ප නිසා කොච්චර ක්‍රොස්ටික සොඩා සාන්ද්‍රනයක් ඔනෑද කියලා හිතාගනට බැරුව හිටියේ...කොකටත් කියලා යහමින් දාලා වැඩේ කරා.. ඒත් අවාසනාවක මහත අන්තිමට ඉතිරු උනු ඇට කෑලි අතින් තියා ටුවිසරෙන් අල්ලදිත් පිටි වෙන තරමට දියවෙලා.. එතකොට තමයි තේරුනේ ඇළුමිනියම් දිය උනු එකෙ ඇටසැකිලි ඉතුරුවෙයිද කියලා හිතුනේ..  ඒත් පොතේ තිබුනේ එහෙමනේ.. o.O

ඊලඟ ඉලක්කය උනේ පූසා අල්ලපු කුරුළුපැටියෙක්... නැටවිමට ලොහ නොවන හට්ටියක් හොයලා හොයල බැරිම තැන අවුරුද්දට කිරි උතුරපු මුට්ටිය ගත්තා.. :D ලිප්ගල් බැදගෙන කාරියට ලැස්ති වෙලා බොහොම සුළු ක්‍රොස්ටික් සොඩා සාන්ද්‍රනයක් යටතේ වැඩේ කොරා... ඒත් වැඩේ ඒ හැටි සාර්තක උනේ නැත්තේ මූ පැටියෙක් නිසා ඇස්ති එච්චර හයිය නැති විම කියලා හිතන් හිටියට පහු කාලිනව තේරුන් ගියේ පියාබන්න පක්ෂීන්ගෙ අස්ති ගොඩාක් සැහැල්ලු වෙන්න අරයා මවල තියෙන්නෙ කියලා.

ඉතින්  මේක අසන්තතික කාලසිමවක් නෙවෙයි ඔය අතරේ කුරුල්ලො කටුස්සො ගෙම්බො මීයෝ මගේ ලිප තුල තැම්බුනා.. හැබැයි එකෙක්වත් මං ඇටසැකිලි ගැනිම අරබයා මැරුවේ නෑ හරිය! මැරිච්ච උන් ගත්තේ.. එව්වත් විවිද මට්ටමින් සාර්තක උනේ නෑ...

ඒත් මේ ලගදි දවසක පවුලේ පොදුසුසාන භූමිය අස්පස් කරද්දි මං ශේපට එතන හැරුව.. :D අන්න එතනින් ගොඩගත්තු අපේ පවුලේම සාම්ජිකයො තෙපළකගෙ ඇට කොටස්  මෙන්න මේවිදියට එක්කහු කරගත්තා!

ප.ව..
 ඔන්න ඉතින් මේ ඇට සැකිළි එකතුව සුළා-Bones Park™  කියලා නමකින් අන්තර්ජාලය තුල  ඇද ඉදන් රෙජිස්ටැර් කොරා ඕන්.. ෆ්ලොයිඩ් කිව්වා වගේ තාම ගෙඩි පිටින් වැදිටියෙක් වෙලා නෑනේ.. පොඩි එකානේ ඉතින් තාමත්.. මේ එක පියවරක් විතරයි ඕන්.. අනාගතයේදි සත්තු ගොඩාරියකගෙ ඇට සැකිළි එක්කහු කරලා ලොකූ...... මෙව්වා එකක් හදන්නයි හිතන් ඉන්නේ... :D :D :D :D
ඉතින් මේකට විශේශ ඉස්තූතිය හැදුවැඩූ දෙමාපියන්ට පිරි නමන අතර විශේෂ එකෙත් හොදම එක පියතුමන්ට තමයි ඉතින්... :D (අම්මත් ඉතින් සහයෝග දැක්කුවා... මේක ඉතින් විසබීජ එක්කලා කරන සෙල්ලමක් හන්ද.. ලයිට් බෝයි කෑල්ලකුයි හෑන්ඩ් ග්ලවුස් පෙට්ටියකුයි ගෙනත් දුන්නා..)

එහෙනම් මං ගියා.. මගේ වැඩ්ට ජය වේවා! :D

Sunday, January 15, 2012

'සුළා ඇණ' ගැහුවොත් ගැහුවමයි....

හුග දවසකින් බ්ලොග් කෑල්ල පැත්තේ ආවේ.. ඒටත් හුග දවසකින් කඩුප්පුලි කතාවක් කිව්වෙත් නෑ... වල් කතා නම් අනේ මංදා... ඕන් අද අසිකිත කතාවකින් ටිකක් අහක් වෙලා හර බර ආදර්ශවත් කතාවක් කියනටයි ගන්නේ හරිය?

ඕන් එකමත් එක රටක හිටියා සුළැඟිල්ල කියලා හැඩි දැඩි තරුණයෙක්. ඉතින් මූ පුන්චියට ව්‍යාපරයක් පටන් ගනට තමා ඕන් ලෑස්තිය. මෙක සුවං රැකියාවක්... අහ් මේ අර සතෙන් සතේ එක්කාහු කරන රස්සාව නෙවේ හරිය? මේක ඇවිල්ලා ඇණ ව්‍යාපාරයක්.. ඉතිං හිච්චියට පටාන් ගත්තට මොකො ඇඩ් කෑල්ලක් එහෙම දාලා පබ්ලිශ් කොර ගන්ටෙපෑ... පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා ඕන් මේ ඇඟිල්ලා එයැයිගේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් හිතලා හිතලා හදා ගන්නව ඕන් පෝස්ටරයක්... :D

ඉතිං ඕන් පාප්ප හටිය ලිපේ තියලා බුකියෙනුත් මේ ඇණ ව්‍යාපාරයට සප් එකක් ගන්ටෝනේ කියලා හිතාන මේ පින්තූරේ අප්ලෝඩ් කොරනවා ඕන් බුකියට... අපෙ අපොච්චියේ... මෙන්න බොලේ වැටෙන කොමෙන්ට්...
අහවලා අඩෝ.. කවුරු උනත් ආගමික නායකයෙක් නේද... උබලා සයන්ස් කරන උන්.. උබලට අපිට වඩා මොලයක් තියෙනවා නේද? 
ඔහොම ඔහොම කොමෙන්ට්... ඉතිං මේ හාදයත් කල්පනා කරලා ඒ කියන කතාව ඇත්ත කියලා තේරුම් ගත්තලු.. :D අපි අපේ ආගමට අපහාසා කොරනවට කැමති නෑවගේ ඒ ඈයොත් ඒ ආගමට අපහාස කරනවට අකමැතී නොවැ... ඉතින් මේ ඇඟිල්ලගෙ හිච්චි මොළෙන් ඒක ගැන හිතලා ඔය පෝස්ටර් ටික විසික්කයි කියමුකෝ...

ඒත් එහෙමය කියලා මේ ඇඟිල්ලාගේ ක්‍රියේටිවු මෙව්වා එක නැති වෙන එකක් ය...
ඕන් ඊලඟ පින්තූරෙටත් මුල් ගල් තිබ්බාලු. මෙහෙමයි... කුරුසෙ පැත්තක... ජේසු තුමන් ඇණ ලිහාගෙන ලේ පෙරාගෙන දුවනවා.. නැවුනු ඇණ කිහිපයක් බිම තියෙනවා... යටින් ලියලා තියෙනවා "සුළා ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනේ"  කියලා....ඉතිං කලින් සැරෙත් පෝස්ටර් අලවන්ට පාප්ප හදාගෙන අන්තිමේ පෝස්ටරුයි  පාප්පයි අහක දැම්ම හිනද මේ සැරේ ට්‍රයල් එකට වගේ ඒ ක්‍රියේටිවු පිංතුරෙත් බුකියට අප්ලෝඩ් කොරනවලු හරිය.. නොදෝකින්...
අහවලා අනේ බොලවු... තෝ ඉකමනට මේ පින්තූරේත් අයින් කරපන් මේ දැම්ම.. මේක කවුරු හරි රිපෝට් කරොත් උබව බුකියෙනුත් දොට්ට දායි... තොගේ ඇණෙට ඔය කුරුසෙ ඇණ ගහන සීන් එක ඇරෙන්ට වෙන එකක් ගනින්කෝ...
 අනේ අපොයි.. ඒ පින්තූරෙත් අන්තිමේ අහක් කොරා... ඒත් අපි මොන්ටිසෝරියේ ඉදන් ඉගන ගත්තු නොපසුබට උත්සාහය කියන මෙව්වා එක මේ ඇඟිල්ලගේ හොද හැටි පිහිටලා තියෙනවානේ.. නැද්ද මං කියන්නේ... අහවලා කිව්වෙත් කුරුසේ ඇණ ගහපු සීන් එකක් ඇර වෙනින් එකක් හදන්ටනේ... ඕන් ඇඟිල්ලගේ ඊලග ක්‍රියේටිවු මෙව්වා එක මේ විදියට සකස් කොරා...
ජේසු තුමා ඇන ගහන්ට එකන් එනවලු... එතන ඉන්න අනික් මිනිස්සු මිටිත් අතේ තියාගෙන ඇණ හොයනවලු.. ඉතිං ඔය අතරේ ජේසු තුමන් හිතනවලු
"අනේ.. සුළා ඇණයක් හම්බුනොත් සොරිම තමයි" කියලා... කොහොමද මගේ ක්‍රියේටිවු මෙව්වා එක අහ්? කිව්වත් වගේ මේකෙ ජේසු කුරුසෙට ඇණ ගහලා නෑනේ... ඕන් එතකොට මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා...
අහවලා @#$%^&#+_)(*&^

ප.ව.
ඉතිං ඊටපස්සෙ...... මෙච්චර හදියක් වෙලා තියෙද්දිත් ඇඟිල්ලා නෙවේ කදුළු සැලුවේ.... පෝස්ටර් ඇදිල්ල නවත්තලා දැම්මට මොකො මේ ඇඟිල්ලා ඕන් ජීවිතේට හොද ආදර්ශයක් ගත්තා... ඒ මොකද්ද දනන්වද?

අපි ඒකා කාරීව හිතන තාක් කල් අපේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් ප්‍රයෝජනයක් ගත නොහැක... 

*නම් ගම් සියල්ල මනඃකල්පිතයි- 
ප.ප.ව.
ඕන් මයේ හර බර කතාව අහවලයි.. අනේ ඉතින් අර අහවලා වගේ දැන් කියනට එපා මං ආගම් වලට අපහාස කොරනවය කියලා.. මං මේ දැම්මේ අපි ඇඟිල්ල ගත්තු ආදර්ශය කියනට හරිය...?


_____________________________________________
අද (01.17) අප්ඩේට් එක...

ආගමකට අපහාස කොරනට හිතාගෙන ලියපු පොස්ටුවක් නොවුනට ප්‍රතිචාරවලින් පේන්නෙ මේකෙන් මං නොදැනුවත්වම අපහාසයක් වෙලා කියලානේ.. අන්න ඒකට මට දහස් වාරයක් සමාව දෙන්ට කියලා අයෙම කිව්වා ඕන්....

Sunday, January 8, 2012

අවිද්ද පය 1000ක් වටී කියලා ගිය හයි වේ ගමන....

පෝස්ටුව ලිව්වේ.. 2012.01.08 වෙනිදා. පබ්ලිස් කොරන්ට ප්‍රමාද උනේ පොටෝ කෑලි හෙව්වා. එව්ව හොය හොය උන්නොත් මට මේක පබ්ලිස් කොරන්ට වෙන්නෙ ඊලග මෙව්වා එකට. ඒක නිසා දැන් පබ්ලිස් කොරා. පොටෝ කෑලි ටික ලැබුනාම අයේ අප්ඩේට් කොරන්නම්.. අහ් අමතක කොරන්ට එපා හොට් හොට් එව්වත් තියේ.. :D
________________________________________________

ඕන් දැන් තමා නා කා අහවර වෙලා බ්ලොගර් කෑල්ල පැත්තේ ආවේ.. වෙන්දා නාද්දි කටට ලුණු රස දැන්නෙ දාඩිය හන්ද.. අද ඊට වඩා ලුණු රසක් ආවනේ බොලැවු... :D ඒ මදිවට දනිහිස් යටිපතු පුප්රු ගහනවා කොරල් පර ඇනිලා... අහවල් එකක් කියන්ට නෙවේ ඕන් ආවේ...  ඊයේ බ්ලොග් ලියන කියෝන ඈයන්ගේ ගෙට්ටු ගෙද'ගර් එක ගැන හිච්චක්  ලියලා යනට... :D

ඔන්න දවස.. ඒ කියන්නේ ඊයේ.. අහ් අමතක උනානේ.. ඊයේ උදේ පාන්දරම අමතර පංතියක් වැටිලා.. මට කලින් අවුරුද්දෙ මුල් සතියේ ක්ලාස් යන්ට බැරි උනා නොවැ.. ඉතිං 2014 ඇබරුනු නව පන්තියක්... උදේ 7ට තියෙන්නෙ. ඉස්සරහම පොලිම අල්ල ගන්ටෝනෙ නිසා ඕන් මං ගෙයින් එලියට 5.30 වෙද්දි බැස්සා... බත් කන මෙව්ව එක ඉස්සරහට ටියලා මං ඕන් කොටුව බලා පිටත් වෙනවා.. ඔය අතරේ පෝන් එක ඔන් කරා විතරයි ඇස් ඇම් ඇස් මහ කන්දරාවක් ඇදන් වැටෙනවා.. ඒ මදිවට කෝල්... නිතරම පෝන් එක ඕප් එකේ තියන්නේ.. කොහෙද මේ ගෑණු ලමයින්ගෙන් කරදරේනෙහ්... :D කොහොමින් බස් එකට නැගලා කරිය විනාඩියක් යන්ට උනේ නෑ ආපු පලවෙනි කෝල් එකටම ආන්සර් කොරා.. අහ් නාකියා... නාකියා අනුරාදපුරේ ඉදලාම ඇවිද්දිල්ලා ගමං මහින්සිය නිවා ගන්ට වෙන්ටෑ.. ඉස්ටේසම ඇතුලට වෙලා ඉදගෙන මට කොල් කොරනවා.. මට ඉතින් කිව හැකියෑ මම තාම බස් එකට නැග්ග ගමන්ය කියලා.. ඉදහන් ඉදහන් මං එනවා.. මේ ලඟ.. මේ ගොනා අහනවා අහ් මං දැන් එලියට එන්නද කියලා..මං ඇවිත් කොල් එකක්  දුනාම එලියට වර කියල අහක්කලා පෝන් එක තියලා ආපු මැසේජ්ජු කියෙව්වා...

ම්ම්ම්.. මචන් මං මතක වස්තුව ලියන පවනි තරංගා.. අප්පට හුඩු.. යකො නොදකින් දැන් කාලෙ හැදෙන කෙල්ලො කතාකරන්නවත් දන්නෙ නැති හැටි කියලා උට බැන බැන රිප්ලයි එකකුත් යවලා අනික් එව්වත් බැලුවා. අහ් සාටරයට එන්න වෙන්නෙ නෑ සහ තවත් කතා කියලා අපේ පසිදුත් දිග හෑල්ලක් පිටු 4, 5ක මැසේජුවකින් දනෝලා තිබ්බා... 

ඔහොම කොහොම හරි තව කවුද මංද එකෙක් මට කොල් කරලා කියාපි මල්ලි බෝ ගහ යටට වරෙන්. ඔනිනම් දුමක් එහෙම දාත හැකිය කියලා... කවුද දන්නෙත් නෑ හා හා කියලා කිව්වට මොකද කාක්කො කක්කා කරන කරන තැන බෝ ගස් පැල වෙලා කොටුවෙ වැඩිහරියක්ම තියෙන්නෙ බො ගස් නොවැ. දැන් හොයාපන්කො බො ගහන්ක්.. කොහොමින් හරි පොලිස් මෙව්වා එකක් තියෙන බෝ ගහ යටට මං ගිහිල්ල අරූ කො කියලා අනෙවත් විමසද්දි අර ඉස්ටේසන් එක ලග තියෙන බෝ ගහ යටට එන්ටය කියලා ආයෙ කිය්නවා.. ඒ අයියාගෙ මව පියා භාරකරු සැමම සිහි කරමින් ඉස්ටේසම බලා පිටත් උනේ මං සැදැ සිතින්..

ඉතින් එතන ඉස්ටේශම ඉස්සරහට ගොහිල්ලා අහක්කලා අර කාක් කක්කුස්සිය තියෙන පිලිමෙ යටට  වෙලා මාත් කස්ටියව එක්කාසු කොරා.. පස්සෙ අපේ අස්සෙ හිටපු පවනි අක්කා අපි විටමින් කූරක් එහෙම ගහලා ප්ලේන්ටියක් ගහලා යමන්ය කියලා අද හස දුන්නත් දේවා අයියා ඒක ප්‍රතික්ශේප කොරේ තවත් පරක්කු උනොත් අරහේ ඈයො අපි ගැන මොනවා හිතයිද කියන බයට.. පස්සෙ නම් හිතුනා ප්ලේන්ටියක් විටමින් කූරක් නෙවේ හොද බාර් එකක් අල්ලලා ටිකක් සප්පයන් වෙලා ගියත් වෙලාව ඇතිය කියලා. අහ් අනික් එක ඒ අදහස දුන්න අයිය පවනිය කියලා දැන ගත්තේ පස්සෙ හොදේ.. :D

ඉතින් කොහොමෙන් හරි අපි තුමන් ලා කට්ටිය බස් එකට අනෙග්ගට මොකො කාව හරි දාලා ආවදෝ කියලා සංකාවක් මයේ මෙව්ව එකේ තිබ්බා.. :) කොහොමින් හරි "ක්ලාස් යන්ට ආස උනත් යන්නෙ අපි ඒ දිහාවත් නොබලා...." කියලා ක්ලාස් තිබුනු තැනත් පහු කොරලා කරිය කොන්දොස්තර මහත්තයාගෙත් සහය ඇතිව අපි  කොට්ටාව පොලිසිය හොයාගෙන ඇවිල්ලා කොමාශල් බැන්කුව ඉස්සරහට ගියයි කියමුකො... ඔන්න එනකොටම කට්ටිය අත්පොලසන්නාදයකින් මාව පිලිගත්තායි කියමුකො... ඕන් එතන ඉන්න උදවියගෙන් දිලීප, උදියා, හසි අක්කා, ඇරෙන්ට මුනින් ද්න්න කෙනෙක්නම් හිටියෙ නෑ ඕන්.. කොහොමෙන් හරි අවට අත පත ගාගෙන ගොහිල්ලා අබේ පාල මාමට මං කවුද කියලා හදුන්වා දුන්නා... :D මයේ අතිජාත මෙව්වා එක්කෙනා නොවැ... 

ඉතින් කොහොමෙන් හරි අපිට හසි අක්කා බෙරිහන් දුන්නෙ මේන් බස් එක පිටත් වෙන්ට හදනවා වගේ.. ඉතින් මාත් දඩිබිඩි ගාලා දූලා ගිහින් පස්ස පැත්තෙ සීට් එකේ ජනේලයක් අයින අල්ලා ගත්තා. කොහොම හරි බලාගෙන ඉදලා ඉදලා දිලිපයයි මමයි ශරීර කෘත්‍ය සදහා එලිය බහිද්දිත් අපේ හසි අක්ක බෙරිහන් දුන්නේ ඕන් දැන් පිටත් වෙනා වගේ.. අහ් ඔය අතරෙදිම තමයි අපේ අබේ පාල මාමා අනික් උන්ට මාව අදුන්වා දෙන්නේ.. මූ පිස්සුවක් කෙලියොත් කනට ගහලා වයි වේ කියලා බලන්නෙ නැතුව බස්ස පං කියලා. කොහොම හරි අපි කොට්ටාව පැත්තෙ හොද කඩයක් හොයාගෙන ගිහිල්ලා ගිල්ලා ඕන් යන්තන් එක කඩයක් හම්බුනා.. ඒකට යනකොටම එක මාම කෙනෙක් දුමක් දාගෙනම එනවා එලියට... ඉතින් මං දිලියව යැව්වයි කියමුකො කඩේට මෙව්වා ගේන්ට.. ඒ ට් අර ඉස්පයිඩර් මන් ගියා වගේ ගියාට මොකො ආයෙ ආවෙ කං පේන්නෙ නැත් වවුලෙක් වගේ.. මෙව්වා නෑ කිව්වලු. ඉතින් තවත් කඩෙකට ගියා ඔය සෙතේමයි. යන්තන් තව කඩෙකට ගොහිල්ල මෙව්වත් අරගෙන දුවගෙන ආවෙ බස් එක ගොහිල්ලා ඇතිය කියලා බයේ.. ම්ම්හු... අපි එනකන් නවත්තන් ඉදලා නොවැ... හැක් හැක් ඉතින් කොහොමෙන් හරි බස් එකට නැගලා සතුටු ස්සාමිචියෙ යෙදි යෙදි ඉන්න අතරෙදි තමයි අපේ දිලීපය කැන්ඩි වල ඉදන් නුවරට දාපු ට්‍රේන් එකක් ගැන අපිට කිව්වේ..

අහ් ඇයි පවනි අක්කගෙ සීන් එක... ඕන් දිලිප ඇස් ගෙඩි දෙක අමෝරාගේන පවනි කියලා කෙල්ලෙක්ව හොයනවා.. ඔය නම ඇහුනාම තමයි මට මතක් උනෙත් අප්පට සිරි අර කතා කරන්න දන්නෙ නැති කෙල්ල නේද කියලා.. ඕකිට හොද දෙකක් කතා කොරන්ට හිතාගෙන ඉතිං මාත් අර නම් ලයිස්තුව බැලුවා.. ඔය අතරෙදි තමයි අපේ පවනි අක්ක සොවෙච්චාවෙන් ඉදිරිපත් වෙන්නේ... යකෝ මං මේකිත් එක්කනෙ කොට්ටාවට බස් එකේ ආවේ.. එතකොට තම්යි මිටර් උනේ අක්ක මට මචන් කියලා කතා කොරන්ය්ට හේතුවා. අපි අක්ක කියලා හිතුවට මූ අයියා කෙනෙක්නෙහ්.. :D ඕන් දිලිපයටනම් පුල් අප්සොට් හරිය...?


ඕන් වෙලාව 10ත් වෙන්ට ඇවිල්ලා.. අපේ වර්ණා අක්කන්ඩියි ඒ අක්කන්ඩීගේ අක්කන්ඩි එනකන් තමයි තාමත් අපි තුමංලා ඔන් බලාන් ඉන්නේ... කොහොමින් හරි වර්ණ අක්කන්ඩී අපිට රසම රස උක්කුන්ටෝපි ලීටරයකුත් එහෙම අරගෙන 10.30 වෙද්දි ආවයි කියමුකෝ.. ඉතිං ඒ බලවත් උදවියත් රැගෙන ඕන් අපි හයි වේ එකේ යන්ට යනවා.. ඔය අතරේ එක පාරට බස් එක වයිබ්‍රේට් එහෙමත් උනා.. හැබෑ හයිවේවල කවදා දුවපුවාද කියලා කටගන්ට හම්බුනේ නෑ... හයිවේ එක මැද්දේ මෙව්ව එක විශාල දුමාරයක් පිට කරගෙනම මග හිට්ටා... :D හිට්ට හිටිල්ලට කිව්වාට මොකො මයේනම් තිබුනු බරවල් තදිත් තෙරපුනා.. ඉතින් කොහොම හරි අපිට හයි වේ එකේ බැහැලා චූ කරන්නත් වාසනාව ලැබුනා...

ඇයි ඒ විතරක්ද මිරිගුව මිරිගුව කියලා කිව්වට මොකො ඕන් ඊයේ තමයි හැබැහින් මෙව්වා එකක් දැක ගත්තේ.. පාරේ අලියෙක් චූ කරලා වගේ නොවැ... :D

අහ් තවත් හොදම හොට් හොට් සිදු වීමුත් එන්නෙ ඔය අතරෙම තමයි. ඔන්න අර උක්කුන් ටොපි ගේනවය කියපු අක්කණ්ඩි සීට් එකක් උඩ පත බෑවීලා දොයි... සැරයක් කොලයක් රෝල් කොරලා කටේ ගහ්න්න සැරසෙද්දිම ඒ ක්කට නින්ද යන කොට කට ඇරෙන විත්තිය දැන්න හින්දද මංදා කට අතින් වහ ගත්තා... ඉතින් අපේ ඊලග උත්සහය. අපේ චතු මිතූ අක්කන්ඩිගෙන් අපි බොටිලෝශන් මෙව්වා එකක් ඉල්ලගෙන ඒන් මං ආපි.. පස්සෙ අපේ පවනි අක්කා කිසිම ලොබ කමක් නැතිව අපේ උක්කුන් ටොපි අක්කගෙ මෙව්ව එක උඩට හැලුවා.. මටනම් ඈක්කා කියලත් හිතුනා... ඒත් මං බිමට වැටෙන බිංදුවක් බිංදුවක් පාසාම අරගෙන අර අක්කගෙ මූනේ උලන්න අමතක කොරේ නෑ.. හැක් හැක්..

ඉතින් කොහොම හරි අර බස් එක ඇදන් යන හාදයි ටික ඇවිදිල්ලා අපේ බස් එක මගක් දුර පැයට කිලොමිටරයක විතර හයිස් පිඩ් එකෙන් යනකොට තමයි ගැටගහල තිබ්බ කොක්ක පැන්නේ.. හැබෑ ඒ කොක්ක ගැට ගහද්දිම මං කිව්වා ඕක හරි යන්නෙ නෑ කියලා.. :D
කොක්ක පැන්නට මොකො බස් එක නම් ඉස්ටාට් උනා.. කොහොමෙන්  හරි ආයේ පැයට කිලොමිටර් 2ක විතර අදිම අදි වේගයෙන් අපි ඊලග හෝලට් එකට ගිහිල්ලා අඹේ පාල මාම එවල තිබ්බ සිරියාවන්ත බස් එකෙන් ගාල්ලට ගියා.. අහ් ඒ බස් එකේ යන අතරෙදි අපේ කිරිටොපි අක්කගෙත් අක්ක ශානි අක්කට ක්‍රීම් සංග්‍රහයක් කොරන්ට මං අමතක කරේ නෑ...

ගියා කිව්වට විවිදා කරායේ හොට් හොට් සිදු වීම් මැද මම නම් තද කොරන් හිටියේ බොහොම අමාරුවෙන්.. කොහොම හරි බස් එකෙන් බැහැලා රූ මස්සල කැලේද මොකේද එකේ හොද ගහක් බලලා හිට ගත්තේ හොදකට නම් නෙවේ.. අනික් එක අපි කොබල ඉශන් එච්චර අමාරුවෙන් ඇවිල්ල මතක සටහනක් තියල යනට එපෑය... ඒ අස්සෙ අපේ බස් එකේම ආපු අලබත් උදවියත් එතනිම්ම බහිනවා.. ඒ මදිවට දිලිපය පොටො අල්ලන්නවා.. නිදහසේ චු ටිකක් කරන්ට දෙන්නෙ නැති හැටි.

ඉතින් කොහොමෙන් හරි බීච් කෑල්ලටත් සැපත් උනා... ඉතින් අපෙ අප්පේ බෙන්තර ගගෙන් එහා එවුන් අම්බානෙට එතන. ඉතින් එක එකා අදුර ගත්තා..හොරිකඩ බනියා..( ඌව අදුර ගන්ට දෙයක් නෑ.. අයි ඩි එක එලියේ දාගෙන ඉන්නේ ඈක්කා), මරනෙ අයියා, එහෙන් ගියාම පොඩි මෑන්, සුදු පූසා ඕම ඕම ගොඩාරියක් අදුර ගත්තා. කීප දෙනෙක් නම් මග ඇරෙන්නත් ඇති.. හැක් හැක්... කොව්ව ඇඟිල්ලා සොට් එක දාලා ඇදුන් ටික ගලෝලා මූහුදට බහිද්දි හැමොම ඇහුවෙ අඩෝ ඇඟ හදාගත්තෙ කොහොමද කියලා.. හැක් හැක්.. (ගෙදර ආපු ගමන් ඇස් වහ කටවහ පිච්චුවා..)

ඉතිං ඕන් මුහුදෙදි උනු තවත් කතාවක් හොද්ද? ඔන්න ඉතින් මං අපේ උදිත් සහෝදරයාට කිව්වා අඩෝ මාව කරේ තියා ගනින් කියලා.. ඉතින් මූත් කරේ තියාගෙන යනවා... යනවා යනවා ඉවරයක් නෑ.. දැන් මුගේ ඔලුව පේන්නෙත් නැති ගානට වතුර.. නොදකින් ගොන් වස්සා.. අත ඇරියා මුහුදට... මට වතුරට වැටෙද්දි හුස්ම ගන්ට අමතක උනා... කොහොම හරි කවුරු හරි මගේ කනින් ඇදලා ගන්නවා හොදට මතකයි... අහ් ඇයි මං ලස්සන ලස්සන කොරල් පර දැක්කා.. :D කැමරාව ගෙනිච්චනම් මං අරන් එනවා පින්තුරයක්.. :D ඉතින් කොහොම හරි උදියයි සන්ජු කියලා අපේ බ්ලොග් කියවන හාදේකුයි තමයි මාව ගොඩට ඇදන් ආවේ.. ගොඩට ආපු ගමන් අපේ අබේ පාල මමා මාව අමතන්ට අමතක කරේ නෑ... :) කොව්ව උනත් මං කොරල් පර දැක්කනෙහ්.. අන්න එච්චරයි ඔනේ.. :D

ඉතිං කොහොමෙන් හරි එතන චායාරූප වලටත් පෙනී ඉදලා අපි තුමංලා පිටත් උනා... කොහෙද මට සමු ගැනීමේ ගිතය කියන්ට අර රජ් අයියා දුන්නෙ නෑනෙ... ඉතින් ඕන් මතක හැටියට බස් එකට නගින කම් විශේශයක් නෑ.. බස් එකට නගින කම් කිව්වට බස් එකට නැගලත් විශේශයක් නෑ... අපි බියර් බිව්වා... අහ් කියන්ටෝනේ අම්මට අර කිරි ටොපි අක්කයි ශානි අක්කයිත් බියර් බිව්වා... ඈක්කා... ඉතින් කොහොමෙන් හරි ශානි අක්කට බොහොම පින් මටත් දොයිය ගනට කොට්ටයක් විදියට ඔයාගෙ ඔඩොක්කුව සැපෙව්වට. අහ් අනික් එක ඊලග පාර එනකොට වලලු දාගෙන එන්ට එපා.. මයේ අත තාම රිදෙනවා..

දැන් තියෙන්නෙ කොට්ටාවෙන් බැස්සාම තියෙන අතුරු කතාවක්.. ඉතින් අපි ඒ කියන්නෙ කඩෝත කිරිබත් ගොඩ පැත්තට යන උදවිය.. කොටින්ම කියනවනම් මමයි, කිරිටොපි අක්කයි, ශානි අක්කයි, සඳ කිදුරා අයියයි ටහ්ව අංකල් කෙනෙකුයි අපි කස්ටිය බස් එකෙන් බැහැලා අහ් පොඩි මෑන්ගේ ගෑනු ලමයවත් අපේ මෙව්ව එකට ඈදගෙන එයැයිව බස් නග්ගලා දැන් ගෙදර යනට පිටත් වෙනවා.. මොරසූරන වැස්ස. යන්ට කුඩයක්වත් නෑ. සදකිදුරා අයියගේ වාහනේ ලඟ තියෙන ගේක දාලා. දැන් ගේලගට යන්ට ඔනි. ත්‍රීරෝද රතයක් නවත්තන්ට අපි පැය භාගෙට වඩා එතන තෙමුනා..කොහොම හරි යන්තන් එකක් නවත්තගෙන ඒ වාහනේට නැග්ග ගෙවල් බලා පිටත් උනයි කියමුකො... :) අහ් ගෙදර යන්ට ලඟ පාරක් කිව්වෙ කිරිටොපි අක්ක හොදද.. වාහනේ ද්‍රවින් කරපු කිදුරාට තියා මටවත් තේරුනේ නෑ ඒ කියපු පාර.. අහ් ඒ යන අතරෙදි මාව පොඩ්ඩක් විතර වෙවුලුවා.. ගනන් ගන්ටෙපා ඉතින් කිරි සප්පයානේ... :D

කොහොම හරි 10ට කිට්ටු වෙද්දි ගෙදරටත් ගිහිල්ලා දොයියගෙන සහලොල  උණ ගැනිලා ඉදිදි අද උදේ ක්ලාසුත් ගියා ඕන්...

ප.ව.
 යකො නාකියො.. මං හවස ක්ලාස් නොගිහින් ගෙදර ආවේ තො මාව බය කරපු නිසා... මට මඩ ලොරියක් එක එකා ලියලය කියලා මාව කබල කරා. හෙන ගහපිය... අහ් තව එකක් මට මුකුත් අමතක වෙලා නම් මතක් කරලා දන්ට..

ප.ප.ව.
මෙව්වා එක සංවිදානය කොරපු හැමොන්ටම බොහෝම ඉස්තුතියි. සසර කෙලවර අමාමහ නිවන් සුව ලැබේවායි මං ප්‍රාර්තනා කොරනවා එහෙනම්.. අහ්  අප්‍රේල් 22දත් සැට් වෙලා කාරිය නිවන් දකින්ට හරිය?

දිනේශ් අයියන්ඩිගේ ඉල්ලීම...



Tuesday, January 3, 2012

මොක බොරු කිව්වත් මීටරේට බොරු කියන්න බෑ...

ඕන් දැන් හැම තුමෙකෙම තුමියක්ම කියන්වා ඇති අපොයි ඇඟිල්ලා අලුත් අවුරුද්දෙත් ඈක්කා පොස්ට් එකක් වත් ගෙන්නලාද මංද කියලා.. හැබටම ඈක්ක කතාවක් නම් තමා ඒත් මං මේක ඉගන ගත්තේ අවුරුදු පාලොහේදි හින්දා මට 18+ කියල නම් දනට බෑ හරිය.. අනික් එක එක පැත්තකින් පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි ජාතියේ එකක් උනාට එහෙම වාරනය කොරන්ටත් බෑනේ.. මොකො මං මේක ඉගන ගත්තේදෙනොදාහක් කෙල්ලොත් උන්නු පංතියකනෙහ්.. හැක් හැක්.. ඇහැ.. අලුත් අවුරුද්ද කිවාම මතක් උනේ.. ඕන් සුබ අලුත් අවුරුද්දකුත් කිව්වා එහෙනම්.. :D අපි වැඩේ පටාන් ගමු...

අර අපි කවුරුත් දන්න ඇම්ඩා.. අන්න මිනිහට උනු කතාවක්.. ඉතින් ඇම්ඩා ගැන ලිය උනු ගොඩාරියක් ඈක්ක කතා අස්සෙ මේ තියෙන්නෙ තනුක විච්චි හිච්චි කතාවක්... 



ඕන් මිනිහට හිතුනලු දවසක්දා එයැයිගේ අම්මිය ඩූ ටයි තාත්තියා ඩූ ටයි කිණ්ඩියක් දන්ට.. ඉතින් ඇම්ඩා මොකො කරේ කියලා දන්නවද.. එයා බොරුවට ඇස් දෙක පේන්නෙ නෑ කියල අම්මිය ඩූ ටයි තාත්තියා ඩූ ටයි කිවාලු... ඉතින් දැන් එයැයිලාගෙ ගෙදර ගිනි විජ්ජුම්බරයයි ලු.. ඇම්ඩා ගිහින් බිත්ති වලයි පුටු වලයි මේස වලයි හැප්පෙනවාලු.. තුවාලත් වෙනවලු.. ඉතින් කිණ්ඩිය නැගලා යද්දි කිණ්ඩි දැමීමේ රහ දන්ට ඇම්ඩා දිගටම කිණ්ඩිය දාගෙන ගියාලු.. ඔහොම ගිය හින්දා ඕන් අම්මිය ඩූ යි තාත්තියා ඩූ යි එක්කාසු වෙලා අස්ති රෝග ඩොට්ටර් අන්කල් කෙනෙක් ගාවට ඇම්ඩව කුදලගෙන ගියාලු... දැන් ඇම්ඩා ඩොට්ටර් අන්කල්ටත් කින්ඩිය දානවා හොදේ...  ඉතිං ඩොට්ටර් අන්කලුත් දන්න කියන හැම අස්ති පරික්ශාවම කොරලා අහක්කලත් වැඩේ හරියන්නෙ නැතිලු.. කොම හරි ඩොට්ටර් අන්කල්ට මේක කිණ්ඩියක් කියලා හිතිලා පොඩි උප්පර වැට්ටියක් දැම්මලු...
මොකද්ද.. අන්කල් ගාව තිබ්බ අර 18+ මැගසින් කෑල්ලක් අරන් ඇම්ඩට බලන්ට දුන්නාලු.. ඉතින් මු ඒක දිහා බලාගෙන අනේ පේන්නෙ නෑ කියලා කියනවලු... ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට ඇම්ඩා කිණ්ඩිය මාට්ටු වෙන්නෙ මල්ලියටත් එක විදියකට ඉන්ට බැරි හින්දා වෙන්ටෑ.. හැක් හැක්.. කොක බොරු කිව්වත් මීටරේ බොරු කියන්නෙ නෑ කියලා කිව්වට මොකො මල්ලියා තොටිල්ලෙ දාන උපක්‍රමත් ඇඟිල්ලා නම් දන්නවා...

ඉතින් කතාව නම් ඉවරයි.. එහෙමෙයි කියලා අලුත් අවුරුද්දෙ ලියන පොස්ටුව මෙහෙම අහක් කර හැකියෑ... දැන් වල් කතාවෙන් අහක් වෙලා බර කතාව්ටා බහිමු.. අපේ ප්‍රසිද්ද  ප්‍රස්තුතයනෙ ඉතින් පී ඇම් සී එක... හැක් හැක්.. කිණ්ඩියට වගේ ගූගලේ ඇවිද්දි එළැ කිරි එකේ තිබ්බ පොස්ටුවක්.. පොස්ටුව නම් පට්ටා... අර සමහරක් කියනවා වගේ කැහිල්ල තියෙන මනුස්සෙක් ලියලා තියෙන්නෙ.. කොව්වා උනත් ඒකට වැටිලා තියෙබුනු කොමෙන්ටුවක් මට මේ කතාව අහවර වෙන්ද්දි මතක් වෙනවා...

"ඈ ? එතකොට පුද්ගලික වෛද්‍ය විද්යාල විතරයි නරක? ඇයි වෛද්‍ය වරු සාමන්‍ය මිනිස්සු නෙවෙයිද? නිකන් පලයන් බන්. මුන් හිතන් ඉන්නෙ වෛද්‍ය වෘත්තිය මහ අලි බක්කක් කියලා. දියුනු රටකට ගිහින් බලපන්, ඒක තවත් එක වෘතිතියක් විතරයි."

ඔන්න ඔහොමයි වැටිලනම් තිබුනේ.. ඇත්තටම මම නම් හිතාගෙන ඉන්න වෙද කම අලිබක්කක් නම් තමයි... :) ඒක අලි බක්කක් වෙන්ට ප්‍රදානම හේතුව ඩොකෙක් උනාම තමන්ගේ මල්ලිව පාලනය කොරගන්ට දැන ගන්ටෝනේ... :D හොදයි නැද්ද මං අහන්නේ...

ප. ව.
 මේක වලන්ගුවෙන්නෙ ඩොට්ටර් අන්කල්ලට විතරයි. ඩොට්ටර් ඇන්ටිලාටත් වලන්ගු වෙන එව්වා තියේ.. පොස්ටුවට ගැලපෙන්නෙ මේක නොවැ...

Thursday, December 29, 2011

මේ වෑයම රජවෙන්න නෙවේ, ජීවත් වෙන්ට..

වල් කතා කැත කතා අස්සෙ බර කතාවකුත් ලිව්වා එහෙනම්.. ;) දැන් ඔය කෝකටවත් අදාල නැති මෙව්ව කතාවක් කියන්ටෝනේ කියලා හිතුවා. බස් එකේ ඊලඟ හෝල්ට් එකට යනකොට කොන්ද සල්ලි ඉල්ලන් ලඟට ආවෙ නැත්නම් රුපියල් 7 ඩ්‍රයිවර් ට දීල යනව සහපත් සමාජෙක මං මේ වගේ පෝස්ට් කෑල්ලක් ලියන එකනම් අබ්ලික් වැඩක්... ඔන්න ඔහේ අලුත් අවුරුද්ද ලබන්ට කලින් ලියලා දානවා..

ඒත් ඉතින් අපි තුමන්ලා තාම ගෙවල් වල හැදෙන උදවිය. මොකො රස්සාවක් කරන එකක්ය. අම්මලා තාත්තලා ඉතින් ඉස්සරනම් අතපුරෝලා පොකැට් මනී දුන්නට ඔය මොකක් හරි කරපු කඩුප්පුලි වැඩක් දෙකක් ගෙදරට මාට්ටු වෙනකොට ඒ දෙන පොකැට් මනී බලන් ඉදිද්දි කප්පාදු වෙන විදිය ගොඩ දෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති.. හැක් හැක්.. මං තුමංටත් ඒම තමා ඕන්.. දැන් රුපියල් 20ක් වැඩියෙන් දෙන්නෙ නෑ තව රුපියල් 2ක් ඒකට දාල  ඈක්ක වැඩක් කොරාවිය කියලා.. :D ඒමෙයි කියලා ඈක්ක වැඩ නොකර ඉදිය හැකියෑ.. අපිත් ජීවත් වෙන්ටෝනිනෙහ්.. නැද්ද මං අහන්නේ..

ඒකට විකල්ප රස්සාවක් විදියට තමයි මං මේ සුළු පරිමානයෙන් ස්වයං රැකියාවක් විදියට තමා මේ ව්‍යාපාරය පටාන් ගත්තෙ.. :D  මොකද්ද ඉතින් සල්ලි නොදි හොරෙන් යෑම.. හොරකමනම් ඇත්තටම පිළිකුල් සහගත වැඩක් තමා.. ඒත් ඉතින් සතෙන් සතේ එක්හවු කොරලා තමා මාත් ඉතින් ජීවත් වෙන්නේ.. මොකො රුපියල් කීපයක් මිස් උනා කියලා ඒ බස් මාමට ජීවත් වෙන්ට බැරි වෙන්න බැරි වෙන එකක් යෑ.. :D අනික එකම බං එකෙන් නෙවෙයිනෙ කරන්නේ.. එතකොට මගේ ජීවන වියදම ඔක්කොම බස් මාමලා අතරේ බෙදිලා යනවා...

මේ විදියට මං මගේ ස්වයං රැකියාව හිච්චියට කොරන් යද්දි එකකාඑත්තකින් රසවත් අනික් පැත්තෙන් දුක් මුසු සිද්දි ගනනාවක් තියේ... එව්වායෙන් කීපයක් කියන්ට තමා දැන් මේ හදන්නේ... රසවත් උනත් දුක් මුසු උනත් එව්වා මයේ ස්වීට් මේමරීස් නොවැ.. ;)

කොයින් පටාන් ගන්නද කියලා හිතා ගන්ට බෑ... අහ් මේ මුල්ම දවස් වල.. මං ද්විතීක අද්‍යාපනය හදාරන කාලේ.. ඒ දවස් වල 154ට බොරැල්ලෙන් නැගාම උක්කුන්බයිගොඩ තමා අපේ ගමනාන්තය වෙන්නේ.. ඒහෙම් බැස්සාම කිරිබත්ගොඩ ඉස්කීම් එකේ දුම් අල්ලන්න සාම්බ්‍රානි එහෙම ගන්නෙ ඔය 154දි ඉතුරු කර ගත්තු සල්ලි.   එක එක දවස් වලට එක ප්‍රයෝග දානවා. අපි කොමත් 1.25ට ඉස්කොලෙ ඇරියට 2ට විත්‍ර තමයි බස් එකට නගින්නේ.. කෝමත් අර මහ පත නිල්පාට බැඩ්ජ් එකක් තියෙන ඉස්කොලෙ 1.30ට ඇරලා බොරැල්ල පහුකරනකොට 2ට විතර අති. ඉතින් අපි නගින්නෙ නිල්පාට බැඩ්වලින් සමන්විත බස් එකට. කෝමත් අපිට කලින් ඒ උන්දල ටිකට් අරන් ඉන්න හින්ද කොන්දටත් එච්චරම නෝට් නෑ  අපි බොරැල්ලෙන් නැග්ගය කියලා.. ඒක හින්දා ඉතින් අපේ ඉස්කොලෙන් නගින ඈයොන්ටත් ෆ්‍රී ටිකට් ඔනි තැනකට යත හැකි.
ඒත් ඉතින් අවාසනාවක මහත සමහරක් වෙලාවට කොන්දා මාමට නිල් පාට බැඩ්ජ් එකෙයි මෙරූන් පාට බැඩ්ජ් එකෙයි පාට නෝට් උනාම අපේ ෆ්‍රී  ටිකට් කැන්සල් වෙන ගැටළුව මං අවබෝද කරගත්තා.. ඉතින් ඔය ඔස්සෙ ඔය ගැටලුව නැති කොරන්ට විසදුමක් කම්පනා කරද්දි තමයි අපූරු දසුනක් මගේ ඇහැ ගැටුනේ.. ආන් අර නිල්පාට බැඩ්ජ් එක ගහගත්තු ළමයෙක් මහ පත පොතක් කියවනවා දිග ඇරගෙන.. :D ඇත්තටම උන්දැලාගෙ ඉස්කොල කෑල්ල ඉන්ගිරිසි ආරෙට හැදුන එකක් හින්දා ඒබව පෙන්නටද දන්නෙ නෑ ඒ වගේ පොතක් කියවන්නේ... කොව්වා කොහොම වෙතත් ඌ බැඩ්ජ් එක පෙන්නනෙ නැතිව ඉස්කොලෙ මොකද්ද කියලා පොතෙන් පෙන්නුවා.. ඉතින් මටත් දීප්තිමත් අදහසක් පිබුදුනා...
පහුව දා.... ඕන් මාත් බස් එකට නැගලා අහක්කල ඉඩතියෙන තැනක් බලල පටස්ගාල ඉදගත්තා.. ඉදගෙන නිකා හිටියෙ නෑ.. බෑග් එකට අතදාලා පට්ටා විසාල කඩ්ඩෙන් ලියපු පොතක් අතට ගත්තා. කවුරු හරි තට්ටු කරල පොතෙ නම මොකද්ද කියලා ඇහුවනම් තමා මට කෙළ වෙන්නේ. ඒක වෙනම කතාවක්... කොහොමින් හරි පොතේ එක පිටුවක තියෙන අකුරු ගාන නම් මං ගැන්නා... ඔන ඔහොම පොත පෙන්නලා මං බැඩ්ජ් එකේ පාට මාරු කරලා මයෙ බඩවියත රැකගත්තේ.. :D

කොහොමින් හරි 154 යද්දි මාටුවෙලානම් නෑ එකම සැරයක්වත් ටිකට් නැතිව. :D අහ් එකම සැරයක් සී ටී බී එකක මාට්ටු වෙන්ට ගිහින් බේරුනා... මං සූටිම කාලෙ ඉදන් බස් ටිකට් එක්හවු කරන පුරුද්දක් තිබ්බා.. අම්මල තාත්තලා එක්ක යනකොට ඒ අය ගන්න ටිකට් එක ටග්ගාල ඉල්ලගෙන මං මයෙ පර්ස් එකේ ඔබා ගන්නවා.. දැනටත් යාලුවෙක් මට ටිකට් එකක් ගත්තොත් ඒක ඉල්ල ගන්න සිරිතක් මං ලග තාම තියේ
එදා ටික්කංගෙන් දඩ නොකා බේරුනේ අන්න ඒ ටිකට් කලෙක්සන් එක පිහිටෙන්...  එදා කෝම හරි ඕලවලට දව්ස් 30ක්වත් නැද්ද කොහෙද.. කොළඹ යට වෙලා කියලා ටර්ම් ටැස්ට් කැන්සල් කරලා.. අපියි අපේ සහෝදර පාසලේ සැට් එකකුයි එක්හවු වෙලා දැන් නැවත් ගෙවල් බලා එනවා... ගෑණු ළමයි පිරිමි ළමයි ගොඩාරියයි... අපි කස්ටියක් පාපුවරුවේ එල්ලිලා යද්දි කස්ටියක් මාලු බානව බස් එක ඇතුලේ.. කෝම හරි උන්ගෙන් සමහරක් ඒ මාළුන්ටත් එක්කලා ටිකට් අරන් තවත් සමහරකට ඒ මාළු ටිකට් අරන්.. ;) අපිනම් ඉතින් අහින්සක ඈයො විච්චි පුඩ්බෝඩ් වාහන නොදැකපු ගොඩයෝ රැල වගේ වාහන බල බලා ආවා.. කොන්දා කෑ ගහනවා ඇතුලට එන්ට ඇතුලට එන්න කියලා... අපි ඌවත් බයිට් කොර කොර ආවට මොකො වැඩි දුරක් යන්ට කලින් ටික්කො මාමිලා බස් එක නැවැත්තුවා අපි පුඩ් බෝර්ඩ් එකේ 4ක් විතර. එකෙක්ගේ සාකුවෙ පරන ටිකට් එකක් තිබිලා එක හොදටම තෙමිලා.. එදා ගංවතුර නොවැ.. ඔන්න ඔහේ ඌ එක පෙන්නලා මාරු උනා.. කොන්දටත් හිනා... අපි අනික් තුන්දෙනත් හොදටම තෙමිලා හිටියේ.. ප'ස් එකත් හොදටම තෙමිල මායේ... මම ඉතින් දාගෙන අර ටිකට් කලෙක්ශන් එක ඇතුලෙ ටිකට් එක හොයනවා.. ;) ඒ ටික්කා මාමටත් එපා වෙලා යන්න යන්න කිව්වා.. :D ඉතිරි දෙන්නත් මාව පෙන්නලා මාරු උනා.. :D එදත් එහෙම දඩ නොකා බේරුනා...



හැමදාම ඉතින් බොරුවෙන් රජ කරන්න බෑකිව්වට මොකො මගේ මේ වෑයම රජ කොරන්ට නෙවේනෙහ්.. ඒත් ඕන් දවසක් අතේම මාට්ටු. නුගේගොඩ ඉදන් 138 කොටුවට නිකා ආවට එතන ඉදන් 138 කඩවත එන එක ලේසි වැඩක් නෙවේනෙහ්... මොකද බස් එක පටන් ගන්නෙ එතනින්නෙහ්.. ඒක නිසා අපි මගකට ටිකට් ගැනීමේ ප්‍රයෝගයක් අනුගමනය කරනවා.. මේ මතක ඕන් මමත් කඩවත කොටුව බස් එකේ අසුන් අරන් හිටියේ.. කඩෝතට යන්ට. එදානම් අතේ යහමින් සල්ලි ගැවසුනු දවසක්...  ඒක නිසා හොරෙන් යන්ටත් හිත දෙන්නෙ නෑ.. ඒත් විනෝදාන්ශයක් විදියට කරන් ආපු ක්‍රියාපටිපාටය අසන්තතික වෙනව නොවැ. ඔන්න ඔහේ කිරිබත්ගොඩට ටිකට් ගත්ත. කිරිබත්ගොඩට 22යි(ටිකට් එක හොදේ) කඩෝතට 27යි. අනේ රුපියල් 5ක වෙනස.. අර කරන් ආපු වැඩේ අත අරින්න බැරි කමට කරා මිසක් රු5ට ලොබ කමට නෙවේ කොරේ.. වෙන දවසකනම් අතේ සල්ලි නැති කමට කියලා කියත හැකි. කොව්ව කොහොම උනත් ඕන් කිරිබත්ගොඩ පාස් උනා. මෙන්න හෝල්ට් එකක් යන්න උනේ නෑ කොන්ද මං ලඟට ඇවිත් බෙරිහන් දුන්නා.. මල්ලි මොනාද මල්ලි කිරිබත්ගොඩට නේද ටිකට් ගත්තේ.. කොහෙන්ද බහින්නෙ..? අරකද මේකද කියලා.. විලිලැජ්ජාවෙ සංතොසෙ බෑ... අඩුගානෙ රු20කටවත් කෑගැහුවනම් හිතට දුකක් නෑ. රුපියල් 5ක් හොරෙන් ගියා කිව්වාම ඉතින් බල්ලො බත්කන්නෙත් නෑනේ.. දැන් මටත් කරකියා ගන්න දෙයක් නෑ.. රුපියල් 5ක් දෙන එක අවුලක් නෑ.. ඒත් නෝන්ඩිය. අනික බස් එක මැද්දෙ මං ඉදන් උන්නේ.. ඉස්සරහ දොරෙන් බැස්සත් පිටිපස්සෙ එකෙන් බැස්සත් ඔකොම බලාගෙන... දැන් මොනව කරන්නද.. උට කොන්දොස්තර කටක් තිබ්බත් ම්අයෙ කටත් එක්ක හැපෙත හැකියෑ... මමත් අනික් පැත්තට කිව්වා...
"අයියෙ බොරුවට කෑගහන්න එපා අයියේ.. රුපියල් 5ට නිකන් යන්නෙ නෑ... ඔයාට තවත් රුපියල් 5ක් ඔනිනම් ලඟට ඇවිත් හෙමින් ඉල්ලන්න තිබ්බා.. එහෙම උනානම් මං හිගන්නෙක්ට දුන්න කියලා හිතාගෙන දෙනවනෙහ්... ඔය වගේ කැතවැඩ කරන්න එපා.. ආමෙන්න ගන්නකො මේකින්..." ආදි වශයෙන් කෑ ගහල සාක්කුවට අත දාල සල්ලි කොල මිටිය ඇදලා අරන් ඒක ආසෙන් රු 10 කොලයක් අරන් දුන්නා... ඌට කට උත්තරත් නෑ.. ඌ හෙමින් සීරුවේ ඉස්සරහට ඇදුනෙ මට ලැජ්ජ නැති උනාට උට ලැජ්ජ තියෙන බව පසක් කරමින්.. ඒ අස්සෙ මයෙ එහාපැත්තෙ හිටපු ඇන්ටි මේ සිද්දිය දිහා ඇහැ ගහන් ඉදලා තියෙන්නෙ.. හොද වෙලාවට ඒ ඇන්ටි මං ටිකට් ගත්තායින් පස්සෙ මං ලඟින් ඉදගෙන තියෙන්නේ.. :D කොම හරි ඒ ඇන්ටි මට කියනවා.. "බලන්න පුතා ඕකුන්ගේ හැටි ඔහොම්මම තමා.. ඕකුන්ට ලබන ආත්මෙදිත් මේ වගේ බස් වල දුක් විදින්නම තමා වෙන්නෙ මේ කරන වැඩවලට.. හොදයි ඔහොම කතා කරපු එක. නැත්නම් වෙන ළෑමයි ලැජ්ජාවට සල්ලි දෙනවනෙ කීය ඉල්ලුවත්..." අරකද මේකද කියලා මා එක්ක බනින්නවා.. මට එතකොටනම් ටිකක් දුකත් හිතුනා මොකො ඇත්තටම වරද මගේ නොවැ.. ඒත් ඉතින් ඌ ටිකට් දුන්නෙත් නෑ.. අනික රු5 ඉල්ලන එක මං ලගට හෙමින් ඇවිත් ඉල්ලුවනම් දෙනවනෙහ්.. බස් එක මැද්දෙ කෑගහන්න වටිනවයෑ...

ප.ව.. මෙව්ව ඉතින් වීර ක්‍රියා නොවෙන විත්තිය මම දන්නවා.. ඒත් ඉතින් මයෙ ස්වීට් මෙමරීස් නොවැ මෙව්වා.. ඒකයි දැම්මේ.. ඒත් මං අර මුලින්ම කිව්වා වගේ කොන්දලාගට ආවෙ නැත්නම් ඩ්‍රයිවර්ට සල්ලි දීලා යන මිනිස්සුන්ට ගරුකරනවා ඉතින්.. :) මේ වගේ බස් එක ඇතුලෙ උනු තවත් පට්ටා සිද්දි ගොඩාරියක් තියේ... දැන් තියෙන තත්වෙ අනුව පාටකයන් අතරෙ එව්ව බෙදා ගන්න සුදුසු නෑ.. පස්සෙ වෙලාවක  දාමුකෝ... :D
අහ්.. පළපුරුද්ද නැති අය මේවා අත්හදා බැලීමෙන් වලකින්න.. මොකද මේ වගේ වැඩ කරන්නත් හොද පුහුනු වීමක් අත්‍යාවශ්‍යයි...

ප. ප. ව.
මට ලැජ්ජ නැති උනාට කොන්දොස්තර මහත්වරුන්ට ලැජ්ජා ඇති බව අවසාන වසයෙන් දැනුම් දෙමි... :D

Friday, November 25, 2011

බුදු මල්ලියේ නැකිටහන්කෝ..... (පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි)

ඕන් හද්ද කාලෙකින් මේ පැත්තට ඈඟිල්ල ගැහුවා... අඩෙ අප්පේ බල්ල්ප්ත් තෑන තෑන කක්කා කරලා... එව්ව ටිකත් අස්කරලා දාලා ඕ අද  පෝස්ට් කෑල්ල ලියන්ට බහිමු...ලියන්ටමය කියල කට හදාගෙන උන්නට මොකො මේ කතාව කොමා කෑඩිල තිබුනු හන්ද ලියන්ට බෑරි වෙලා ගියානොවැ... කමක් නෑ ඕන්...

අපේ ඉස්කෝල කෑල්ලෙ තියෙනව මතට තිත තියන පොඩි සංගම් කෑල්ලක්.. එකෙන් පටන් ගත්තු ප්‍රොජෙට් එකක් විදියට මත් ද්‍රව්‍යය කිණ්ඩියට ගත්තු පින්තූර කෑලි පන්ති වල අලෝලා... හැක් හැක්... ඉතින් එහෙම අලෝපු පින්තූර කෑල්ලක් දෑකලයි මට මේකතාව මතක් උනේ....



සරයක් නෙවේ දෙසරයක්ම පොලිස් පෝතේ නම ලිය වුනු හිච්චි ඈඟිල්ලා දෙවෙනි සෑරේ නම ලියවුනු සිද්දිය කිව්වට මොකෝ, පලවෙනි සෑරෙ ලිය වුනු සිද්දිය කිව්වෙ නැනේ....

ඕන් ගිය අවුරුද්ද... මයෙ පරණ ඉස්කෝල කෑල්ලෙ සර්වරාත්‍රික පිරිත්දේශ්නයකට අපි තුමන්ලත් සම්මාදම් වෙලයි වුන්නේ... ධානෙ ගෙයක් පිරිත් ගෙයක්, මල ගෙයක්... ඔනිම එකකට නයිට ගහන්න කියාපු බෙහෙතනෙහ් ඉතින් ඩී එක කියන්නෙ.... ඕන් මන් තුමත් ජීවිතෙ පළවෙනි වතාවට එහෙම පෑණියක් ගහලා නයිට ගහන්න සැරසුනා ඕන්...

ඉතින් ඔහොම රැය පහන් වෙන අතර තුරේ පාසල අවට බිත්ති කැටපත් පවුරක් කොරන්ට හේමත් අපි අමත කොරේ නෑ... ඉතින් අපි තුමන්ලා බොරැල්ල හන්දියෙ අපේ ඉස්කොලෙ ලඟ ඉදන් බොරැල්ල කනත්ත පැත්තට පිය නෑගුවෙ අපේ සහෝදර පාසලේ බිත්ති ටික වුනත් අපේ සිත්තම් පුවරුව කරගෑනීමෙ පරම පිවිතුරු චේතනාවෙන්.... ඉතින් ඔහොම පියමන් කරන අතර තුරේ අතන ලාෆ් එක හරියෙ බිත්තියක කුරුටු ගී වල අකුරු අමුණද්දි හොද හෙඩ් ලයිට් එලියක් වදිනව දැනුනත් එක්කම අපි ටික පෙරලා පාසල බලා දිව්වෙ පණියෙ බලෙන්දෑ කියලත් මට හිතුනා... කොහොම හරි පොලිස් මාමලාට අපි අහු නොවී අපි නිරුපද්‍රිතව පාසලට අවයි කියමුකො.... අපේ එහා පන්තියෙ ඩයල් කීප්යක් හෑබැ ඒ මාමලාගෙ ග්‍රහනයට අහුවෙලා තිබුනා කියලත් අපිට අහන්න ලෑබුනා...පහුවෙනිදා ඉස්කෝලටම අවිත් අපිව කුදලගෙන ගිය එක වෙනම කතාවක්... ඒත් අපි ඒ මාමලාට අහු වුනේ නෑ නොවෑ... හැක් හැක්... ඔය කියපු සිද්දිය කතාවට අතුරු කතාවක්... හොදම හරිය තියෙන්නෙ පිරිත ඉවර වෙලා ගෙදර ආපුවාම...

ඕන් මන්තුමා ගෙදර අවිල්ලා නා කා අහවර වෙලා පොඩ්ඩක් නිදා ගන්න කියල හිතාගෙන අදට ගියේ නයිට ගහුවා මඩිවට පන්දර කරපු ඇස්සසයිස් වලටත් හරියන්ට කියලා... ඉතින් කොහොමින් හරි ඒ නිදාගෙන අහක්කලා ආයෙ නෑගිට්ටෙ රාත්‍රී කෑම කන්ට... ඕන් ඔහොම කාල කරල දවස් තුනකින් විත්‍ර හෑකර අත හෙලෙව්වෙත් නෑති එකේ ඕන් ඈඳට ගියවහාම තුවක්කුව සුද්ද කොරන්ට පටන් ගත්තා.... අනෙ අම්බෝ... මට වගේම මේ වගේ දෙයක් ඔයාලට වුනොත් මට එවෙලෙ දෑනුනු හෑගීම අනිවාර්යයෙන් ඔයාලටත් දෑනෙනවාමයි.... හොලවනව හොලවනව... ම්ම්ම්ම්හු.. මල්ලියට හොදටම නින්ද ගිහිල්ලා... මූ නෑකිටින්නෙම නැහැ... විනාඩි පහක් 10ක් විත්‍ර මල්ලියව ඈහෑරව ගන්න නානාක් ප්‍රකාරයේ උත්සහ ගත්තා... ඒ එකකින්වත් ප්‍රතිපලයක් උනේ නෑ... හප්පා... ඒ වෙනකොට මයෙ දාඩිය නොදාපු තැනක් නෑති තරම්....  ටික වෙලාවක් ඉදලා කල්පනා කරා... එතකොට තමයි මතක් උනෙ කලින් දා රාත්‍රියෙ පාවිච්චි කරපු තහනම් උත්තේජකය ගෑන... පළවෙනි දවස එව්ව ගහපු... මට නෙවෙද... තවත් ටිකක් කම්පනා කරලා බෑරිම තෑන් දුවල ගිහින් කොමා ඔන් කරා... අපි ඉතින් ලජ්ජ බයට හෑදිච්ච කොල්ලෙ විච්චි ඔය ජහ ජරාව හාර්ඩ් එකේ තියා ගන්නෙ නෑ... ඉතින් කොහොම හරි පටස් ගාලා එවෙලෙ ඔන්ලයින් උන්නු අයියා කරගෙන් සයිට් එකක් ඉල්ලගෙන නිකමට වගේ මීටරේ චෙක් කොරා.... අම්මපා එතකොට තමයි ඈඟට ලේටිකක් ඉනුවේ... :) හ්ම්ම්ම්...

ප. ව.
කොව්ව උනත් එහෙම මීටරෙ ටෙස් කොර ගන්න බෑලුවට කමක් නෑ ඉතින්... ඒත් ඕන් කිව්ව මඣ්නම් එහෙම හදිස්සි අවශ්ය තාවයකට අරෙන්නට බලන්නෙ නැ... නිකන් වෑරෝලිසම් කියල මානසික රොගයක රොග ලක්ශන පෙන්නන ඔනි නෑනෙ... :)

ප. ප. ව.
ඕන් කාන්තා පර්ශවය හොරෙන් කියෝල කෑත කතා කියනව කියල මට බනින්නෙ හේම නෑ... හරිය.. ඕකයි මන් කලින්ම කිව්වෙ පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි කියලාඅ... හැක් හැක්...

Thursday, September 29, 2011

මූ තාමත් ඩෝන්ට් කෙයාර්...!!!

හ්ම්ම්.. අපරාදෙ මයෙ කොමාව.. හෙ හෙ.. එව්වයෙන් වැඩක් නෑ අප්පේ... හිච්චියි කියලා කිව්වට මොකො ඕන් දැන් පුත්තරයගෙ නම බොරැල්ලෙ පොලිසියේ දෙවැනි පාරත් ලිය වෙලා... හැක් හැක්...



පළවෙනි පාරනම් ඔය ඇබිත්ත්යා කාලේ තාප්පෙක ඉස්ප්‍රේ කොරන්ට ගිහින් පහුවදා ඉස්කොලෙටම ඇවිත් පොලිස්මාමලා කුදලගෙන ගියපු සිද්දියක්.. ඉස්කූල් යුනිපොම් එකේන් හිටපු නිසයි ඉස්කොලෙට අල්ලපු වැටේ පොලිසිය තිබුනු නිසයි කිසිම ආතල් එකක් තිබුනෙ නෑ ඒ පොටේ... හැබෑ ඉතින් මෙදා පොටේ අනෙ අම්බෝ.. පන් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ....

හරියටම ගිය අඟහරුවාදා... සුදු කොක්කු රෑන සේ කියල ගෙයින් එලියට බහිද්දි පියා කියාපි අදනම් ඉස්කොලෙ යන පාටක් පේන්ට නෑ කියලා... හැක් හැක්... නමෝවිත්තියෙන් සුබ වැඩකට ගෙයින් එලියට බහිද්දි ඔහොම අව කැපෙන කතා අහන එක හරිද මං අහන්නේ? හැබෑටම ඉස්කොලෙ නොයන එක වෙනම කතාවක්.... හැක් හැක්.. කොවුව කොහොම හරි ඕන් බොරැල්ලේ වයි ඇම් බී ඒ කෑල්ලෙ මෙව්වා එකට ගිහින් ඇදුම් මාරු කරගෙන අහවර අපිලා ගිනිදෙවි පුදල ඕන් වැඩ ඇබරුවා. අබරන්ට කොයින්ද බොලැ පස්පංගුව..? පස්පංගුව ගන්ට ඉතින් පාර්මාසියක්ම හොයන් යන්ට වෙනවනෙ අප්පා...

අහ්.. මේ පාර කුලක උනේත් යටගියදවස පිරිත් ගෙදරක සැට් වුනු උදවියම තමා.. ඔතන උන්නා චරිත් කියලා හාදයෙක්.. ඔව් ඔව් අර එදා මං බයික් එකේ ගියේ ඌ එක්කලා තමයි. මගේ බයික් එකේ යෑමෙ හිරි ඔතප් බින්දෙත් මෑන්ස්ම තමයි. ඉතින් කොහොමින් හරි පස්පංගුව වෛද්‍යසහතිකයකින් තොරව දෙන පාර්මාසියකට බොරැල්ලටම තිබ්බෙ මැගසින්රෝඩ් එක අස්සෙ තිබුනු ඉස්පොට් එකක්... ඉතින් අර චරිය කියන හාදයයි මමයි  ඉතින් අහල දන්න කියන බයික් සේල් අයියා කෙනෙක්ගෙන් බයික් කෑල්ලක් රෙන්ට් එකට ඉල්ලගෙන ඕන් ඉස්පොට් එක බලා පිටත් උනා..කොකත් කියල ඒ අයියගෙන් හෙල්මට් ඈලි දෙක් ඉල්ල ගත්තෙ අතන සයිකල් බසාර් එක ගාවින් හරවන තැන පොලිස් අන්කල් කෙනෙක් ඉන්න නිසායි.

ඉතින් අපි සාමාන්‍ය විදියට එතන පාරින් හැරොලා හෙල්මට් දෙක ගලෝල මං එව්ව දෙක අතට ගත්තා. ඒ හැටි ලොකු පාරක් නෙවේ නිසා ඕන් අපි අරූගේ මධ්‍ය වේගයෙන් 80ට විත්‍ර යනවා... යන අතරෙ මෙන්න බොලෙ බඩු මාලු පාන් විය. ඉස්සරහින් පොලිස් ජිප් එකක්! ඒයාල අපිට හෙඩ් ලයිට් ගහල නවත්තන්ට සිග්නල් එක දුන්නා.... අපිත් ඉතින් ලැජ්ජා බයට හැදුනු කොල්ලො විච්චි බයික් එක ඉස්ලෝ කරා... දැන් ජිප් එකත් එක්ක ඒ හැටි දුරක් නෑ.. ජිප් එක හැඩේට නවත්තලා තිබුනේ. ජිප් එකේ පිටිපස්සෙ තුන් හුලස් හැඩේට තාප්පෙත් එක්ක ගැප් එක්  තියේ.. බයික් එකේ හැඩල් එක ගෑවී නොගෑවී යන තරමට ඇති. හෙනයක් ගැහුවා වගේ නිවුටන් ගෙ දෙවන නියමය අරූ සිහි කරගෙනම බයික් එකට උපරිම ත්වරනයක් දුන්නා... ඒත් එක්කම දකුණු අත පැත්තෙන් තිබුනු තාප්පේ කපරාදුව පසාරු කොරගෙන ගියා. වම් අත පැත්තෙ ජිප් එකේ පිටිපස්සෙ ලයිට් එක් බිදුනා..  හැබෑ අරූ නිවුටන්ගෙ දෙවැනි නියමය සිහි කොරාට මොකො මට තුන් වෙනි නියමෙකුත් තියෙන විත්තිය මතක් උනේ මාව බයික් එකෙන් වැටුනයින් පස්සෙ..

මගේ එක කකුලක් බයික් එක උඩ. අතේ තිබුනු හෙල්මට් දෙක දෙපැත්තට රෝල් උනා. එහෙම්ම ඉන්න ගමන් මං එක හෙල්මට්ටුවක් අල්ල ගත්තා... අනික් හෙල්මට්ටුව ජිප් එකෙන් බැහැපු පොලිස් මාම කෙනෙක් මට ඇහිදල අතට දුන්නා.. අහ් අතටම නෙවේ.. උරහිසට.. ඉහික්.... දිපු එකත් දුන්න හොදට දුන්නා.. අර අංගම්පොර එකේද මොකේද තියෙන නිලවලට ගහන මෙව්වා එක වගේ මුලු ඇඟම හරහා විදුලියක් ගලාගෙන ගියා... හැබෑට එතනත් නියලක් ලුනේහ්... එහෙම්මම මාව වැටෙනවත් එක්කම අරූ බයික් එක අද්හලා ගියා... ඒ යනකොටම තමයි උට මාව වැටුනා කියල මතක් වෙලා තියෙන්නේ.. ඌත් ක්ෂණික ගියාට මොකො මාව වැටුන දැක්කාම ඌ නැවැත්තල පොලිස්මාමලාට බාර උනා... අහ් අපරාදෙ කියන්න බෑ බිම වැටුනු මාව කෙලින් කොරන්ට එතන උන්නු අනික් පොලිස් මාමලා ගොඩාක් උත්සහ ගත්තා.. හැබෑ එයාලගෙ පොඩි අසාර්තකත්වෙකට තිබ්බේ, කෙලින් හිටපං කියල විසිවෙන්න කනට ගහන එක තමමා.. ඔය අතරෙදි අරූත් ගැහුවලු.. මට ඒ හැටි මතකයක් නෑ... මගේ කනේ අර්ධ චක්‍රාකාර නාලා ත්‍රිත්වය අස්සෙ තිබුනු තරලය හෙල්ලිච්ච නිසා මගේ සමබරතාවය පොඩ්ඩක් අප්සට් ගහල තිබුනේ..  පස්සෙ එහෙම්ම අපිව පොලිස් ජිප් එකට දාගත්තා. අපි දෙන්න මූනට මූන හිට්න්න. මයේ දෙපැත්තෙ පොලිස් මාමලා දෙන්නයි. ඉස්සරහා අරූයි. උගේ දකුණු පැත්තේ වෙන කුඩු සීන් එකට අල්ල ගත්තු මාම කෙනෙකුයි උට වම් පැත්තෙ තවත් පොලිස් අන්කල් කෙනෙකුයි තමයි ඉස්තාන ගත උනේ. නැගල අහක්කලා අපිට කිවා ශර්ට් ගලෝන්ට කියලා. ඉතින් අපි දෙන්නත් එහෙම කොරා. පස්සෙ අරූගේ එක අතක් පුරෝලා මෙව්ව පටි. එව්ව ටිකත් එක අන්කල් කෙනෙක් කිසිම හිතක් පපුවක් නැතිව කපලා දැම්මා...

ඉතින් ඇත්තටම බොහොම සුගද ශීලි විදියට අපිට ජිප් එක ඇතුලෙදිත් ආහාර පාන සපයන්ට ඒ මාමලා අමතක කරේ නෑ. මට වෙලාවකට හිතුනා අර ආතර් සී ක්ලාක් මාමාගේ අනාගත විශ්ව ගම්මාන සංකල්පය යටතේ මේ වෙනකොට අපේ අම්මලාගෙ තාත්තලාගෙ දත් වයිබ්‍රේට් වෙනව ඇති කියලා... ඇයි අපිත් නිකා හිටියෑ... අපිට සලකපුවට අනුලෝමිකව ඒ ඒ අයගෙ අම්මලගෙත් දත් වයිබ්‍රේට් වෙන්ටෑ..

හැක් හැක්. කොහොමින් හරි අපේ නිශ්චල වෙමින් තිබුනු කර්ණශංක තරලය අනුයාත පහරවල් මගින් සොලවන්ට අපිත් එක්ක ගිය පොලිස් මාමලා අමතක කරේ නෑ..

මැගසින් රොඩ් අස්සෙ ඉදන් බොරැල්ලෙ පොලිසියට යනට ඒ හැටි දුරක් නොතිබුනාට මොකො අපිටනම් එතෙන්ට හද්ද වෙලාවක් ගියාවගේ දැනුනා.. පස්සෙ හද්ද වෙලාව ගෙවල අහක්කලා අපි පොලිසිය ඇතුලට ගියයි කියමුකො.. එත්ගනදිනම් පෙර සේ  'හොඳට' සැලකුවෙ නැති උනාට මොකො සලකුවෙ නැත්තෙමත්  නෑ.. කොහොමින් හරි අපිට එතන හිටපු ලොකු මාමා ගෙවල් දැනුවත් කොරන්ට කිව්වා... අනේ ඉතින් මගේ සුපුරුදු බොදල මූන දාගෙන බෑම කියල මං කිව්වා.. එතකොට මාත් එක්ක උන්නු හාදය එතන මට කෑ ගහනවා 'පොඩ්ඩක් හිටහන්කො බං මුන්ට මෙව්ව එක නොදී...' ඒක අර එතන උන්නු මාමලාට ඇහුන විත්‍රයි පුත්‍රයට සැලකුවෙ "මූ තාමත් ඩෝන්ට් කෙයාර්..." කියලා.. හැක් හැක්... ඔය විදියට සංග්‍රහ පිට සංග්‍රහ ලබමින් අපි තුමන්ලා සතුටින් සැපෙන් කල් ගෙවන කොට අරූගේ වාරෙ ආවා ගෙවල් දැනුවත් කරන්ට.. අහ් මගේ වාරේ ඒ අන්කල්ට අමතක වුනා ඩොන් කෙයර් සීන් එකෙන්... ඉතින් අරූ උන්ලගේ පියාට කොල් එකක් දුන්නයි කියමුකො එහෙනම්.. පස්සෙ අයෙ මගේ වාරේ මතක් වෙලා... දැන් මට ගෙදෙට්ට ගන්ට කියනවා... මං බෑ කියනවා.. අයෙ මට සලකනවා ගන්ට කියනවා... පස්සෙ වැඩෙ හරියන්නෙ නැති නිසා ඒ ලොකු මාමා පොන් එක අරන් ගෙදර නොම්මරේ හොයලා ගන්ට යනවා.. මං එපා කියල කෑ ගහනවා.. එතන එක විකාරයයි. කොහොම හරි ඒ මාමා ගන්ට කලින් ඕන් කෝ ඒ මාමගෙ රාජකාරි මෙව්ව එකට කෝල් එකක් එනවා..! :D :D :D

හැක් හැක්.. කතාවට ගෑණියෙක් පිරිමියෙක් කිකරන්ට බෑ කියල කිව්වට මොකො බල්ලෙක් පුතෙක් කරන්ට බෑ කියල කතාවක් නැත්තෙ මොකො දන්නෙ නෑ... කොහොමින් හරි ඒ කොල් එකෙන් පස්සෙ බල්ලෝ පුතාලා විය. පුතාල කාලද...? අත තුවාල වෙලාද? අත රිදෙනවද? බඩගිනිනම් මොනා හරි කැන්ටිමෙන් අරන් දෙන්ටද? අනේ මංදා ආතර් සී ක්ලාක්ගෙ වර්තමාන විශ්ව ගම්මාන මෙව්වා එකේ ඓශ්චර්යය තමයි ඉතින් වෙන මොකද්ද?

ඉතින් පස්සෙ අපේ මිත්‍රයගෙ පියා එතෙන්ට වාර්තාකරා කොහොම හරි. ඒ ලොකු මාමත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉදලා ඒ මාමා බයික් එකේ යතුර අරූගේ පියාගෙ අතට පත්කරා.. හැක් හැක්... පස්සෙ ඒ මාමා ඉස්සරහම උගේ පියා ඌ අතට යතුර දීල අනික් දවසෙ හෙල්මට් එක දාගෙන යන්ට කියල කිව්වා.. කොව්ව උනත් අපි ලැජ්ජ බයට හැදුනු කොල්ලොනෙහ්.. ඒකනිසා අපි එතන අපිට නන් අයුරින් සලකපු හැම පොලිස් නිලදාරි මහත්මේක්ගෙම පාද පද්ම නම්ස් කාරල නමෝ විත්තියෙන් අඟේ පතේ වේදනාවද මැඩගෙන බයික් එකේම අවශ්‍ය අවශ්‍ය තැන් කරා යාත්‍රා කරා... :)


 ප.ව.
ටියුබ්ලයිට් ඈයන්ට, ආසර් සී ක්ලාක්ගේ අනාගත විශ්ව ගම්මාන සන්කල්පේදි කියල තියෙන්නෙ සංනිවේදන උපකරන කොච්චර පුංචි වෙනවද කියනවනම් දතක් සිදුරු කරලා ඒ හිල අස්සෙ උපකරනේ දාන් යන්ට ඇහැකි ගානට පුංචි වෙනවයි කියලාලු. එතකොට කොල් ගන්නෙ එන්නෙ? අහ් ගන්නෙ, ගත යුතු කෙනා ගැන මෙනෙහි කරලා.. එනකොල් එක දැනගන්නෙ ඒ මෙව්ව එක වයිබ්‍රේට් වෙලා.. හොද වෙලාට ඔය අනාගතෙ වෙන දෙයක්.. දැන් උනානම් ඉතින් පොලිස් මාමලාගෙ දෙමාපියොයි අපේ දෙමා පියොයි බලයි මොකො මේ  දත් වයිබ්‍රේට් වෙන්නෙ කියලා.. නැද්ද මං අහන්නේ... ;)

Sunday, August 21, 2011

ගඟ හත් ගවුවක් තියාගෙ කෙල්ලන්ව 'මෝල්' කරන්ට එපා..!

හැක් හැක්... අත්දුටුවයි ඈ... ;) ඔහ් මෝල් කිවම මොන කුණුහබ්බයක් හිත්වද මන්දා... මේ මෝල් කිව්වේ Moll, මෝල් නෙවේ හරිය...? :O මේ මෝල් කියල කිව්වෙ ඉතින් දන්නෙ නැද්ද අප්පා... ඇත්ත කෙසේවෙතත් කතාවට කාන්තාවන්ගේ රාගී බව තියෙන්නෙ හැන්ගිලාලුනෙහ්. ඊස්‍ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් කියල ලිංග හෝමෝන 2කක් ගෑනුන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දීලත් ඔය හැන්ගිච්ච එව්වා එලියට ගන්න හෙන ගේමක් දෙන්ට ඕනිලු...කොව්ව කොහොම වුනත් මෙතන මෝල් කියල අර්ත දක්වලා තියෙන්නෙ අන්න ඒ හැන්ගිච්ච එව්ව එළියට ගන්න එක හරිය...?

හැබෑ ඔන් මේ පොස්ට් එකේ ප්‍රදාන චරිතෙ මං නෙවේ ඕන්.. මයෙ මිත්තරයෙක්ට උනු ඇබැද්දියක්..

ඕන් යට ගිය දවසක එකතරා රාත්‍රියක මයෙ මෙව්ව එකට මැසේජ් එකක් එනවා...
"අඩො හෙට කොටුවක් පනින්න වරකෝ...."
හ්ම්ම්... කොටුවක් පනිනව කියන්නෙ ඕන් අපි තුමන්ලගෙ ප්‍රාදේසීය ගැමි වහරේ එන වැචන කුලකයක් නොවැ. විවිදා කරයේ අය විවිද තැන් වලට ඔයික භාවිත කොරනවා...  සමහරුන්ට අනුවන්ම් තමන්ගේ ගෑණු ළමයගෙ ගෙදෙට්ට ඒ පාර්ශවයේ මවු පියන්ට හොරෙන් රින්ගන එකට තමා ඕන් කොටුවක් පනිනව කියන්නෙ. ඔතනදි මවු පියන්ට වෙන්න ඔනිත් නෑ. ඒ ගෑණු ළමයගේ ස්වාමි පුරුශයාට හොරොන් ගෙට පණින සිද්දිත් අපිට වාර්තා වෙලා තියෙනවා.. මෙව්ව ඉතින් ඉස්සර ඉදන්ම විකසනය වුනු සංසිද්දි.. (ඒ දවස් වල අර අළු කුල්ලෙන් ගහන චාරිත්‍රෙකුත් තිබිල තියෙන්නෙහ්. ඇයි දස්කොන් පැනපු කොටුව ගැනත් මං කලින් කිව්වෙ..) හැක් හැක්.. මේ ඉතිහාස පාඩමක් නොවෙන හින්දා කොටු පැනීම දැන් ඇති.  ආයෙ කතාවට එමු.

උගේ කෑල්ලගෙ ගේ තියෙන්නෙ නුවර පාර අයිනෙ ලු. ඉතින් ඌ වගේ එකෙක් තනියම ගිහින් ඔය ගෙවල් අස්සෙ රින්ගන්න ගියාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්ට ඔනි නෑනේ.. අවට ගෙවල් වල ඈයොත් ඇස්ගෙඩි ඇරන් නොවැ ඉන්නේ ඔයවගේ සීන් එකක් වෙනකන්...හැක් හැක්.. ඉතින් මයෙ මිත්‍රයගේ ප්ලෑන් එක තව කීප දෙනෙක් එකාහු කරන් කොටුව පනින්න. අපි තව 3න් 4 දෙනෙක් එක්ක ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් යනවා.. මූ මිසින්... ඒ කියන්නෙ මූ ක්ශණික අරකිලාගෙ ගෙදරට රින්ගනවා.. අපි ඉතින් යනවා.. :)

දැන් ඕන් කතිකා කොර ගත්තු විදියට මාත් ගියා උදේ පාන්දර 8ට විත්‍ර කුලක වෙන්ට කතිකා උනු තැනට.. හැක් හැක්... (මං ඉතින් වෙලාවට වැඩ නොවැ.. 7.30ට එන්ට කිව්වෙ) ඒත් කියපු තැන එකෙක් වත් නෑ. කොහොම හරි ඌත් පැය භාගයක් විත්‍ර යන කොට ඈදගත්තා... එතකොට තමා උගේ අම්මා තාත්ත ගැන මතක් වෙන්නේ... ආපු ගමන ඌ කියන අඩෝ ඒකිගෙ අම්ම අද ගෙදරලු බං යන්න වෙන්නෙ නෑ කියල.. දැන් අද ක්ලාස් නෑ කියල මං ගෙදර යන්නද... ඔහොම හිච්ච වෙලාවක් අපි දෙන්න උනුසුම් වචන හුවමාරු කොරගනිමින් ඉන්න අතරෙ ආයේ අරූගෙ 4න් එකට මැසේජ් එක් එන්වා,
පනේ... මං ඔයාව ගේ පිටිපස්සෙන් ඇතුලට ගන්නම්.. අම්මා තව ටිකින් එලියට යනවා.. ඔයා දැන් අපේ ගේ පිටිපසට ඇවිත් ඉන්න..  :*
 දැන් අර කිරි සප්පයව තනි පංගලමෙ යවපන්කො... කොහොමින් හරි කොටුව මනින්න එනවයි කියපු උන්ටිකත් ගිහින් අරකි මුලින් එන්න එපා කියපු නිසා... දැන් අරුයි මායි විත්‍රයි.. අනික ඌත් එක්ක ගියාය කියල මොකො මාත් ගේ අස්සෙ රින්ගන්න යෑ...

හැක් හැක්.. ඒකිලායෙ ගේ ගවින් හරි මූව දමල යනව කියල හිතාගෙන ඕන් කොහොමින් හරි ගේ පිටිපස්සට ගියා.. යකො ගේ ඉස්සර නුවර පාර වගේම තමා ගේ පිටිපස්සෙ කොච්චි පාර.. හෙන ගහනව.. බැරි වෙලා හරි මාට්ටුවෙලා දුවන් එද්දි කෝච්චියක් ආවොත්.. :O චැහ්.. මූසල කතා හිතන්ට හොද නෑනොවැ...  ඉතින් අපිල මේකිගෙ අම්ම ගෙදරින් ගියාම අරකි පිටිපහ දොර අරිනකන් ඕන් බලා ඉන්නව... හැක් හැක්.. පැයකුත් ගියා... ම්ම්ම්හු.. ඒකි ජනේලෙන් තාම නෑ කියනවා යනවා...  ටික වෙලාවකින් මැසේජ් එක් එනවා අරූට...
පනේ.. අද අම්මා ලෑස්ති වෙලා ඉන්නේ යන්ට.. දැන් යාවි.. ඔය ලැස්තිවෙලා ඉන්ට..  ඩොන්ට් රිප්ලයි
දැන් අරූ නම් ඒ අස්සෙ රින්ගයි.. එතකොට මඥ්.. මටත් රින්ගන්න පුලුවනෑ.. එහෙම උනොත් අරූගේ කාර්ඩ් කුඩු වෙනවනේ.. ;) එහෙම කැත වැඩ කොරන්න හොද නෑනේ.. මං එතන්ට වෙල ඉන්නම් උබ පලයන් අස්සට කියල කියල කතා වෙනකොටම, පිටිපහ දොර ඇරෙනවා...
 පනේ අම්ම ගියේ නෑ. ඒත් දැන් නිදි.. ඔයා ටග්ගාල මෙතනින් බාතෲම් එක අස්සට යන්ට...
 ඈ හත් වලාමේ... ක්ලාස් එකෙදිවත් මූත් එක්ක මූන දිහා කෙලින් බාලාගෙන කතා කරන්නෙ නැති මේකිට අම්ම ගෙදර ඉදිද්දි ම අරූව ඇතුලට ගන්න කොයින්ද බොලැ මෙච්චර ගඩ්ස්...  මෝලෙ බලේ තමා ඉතින්... ;) මේ කලින් දා රාත්ත්‍රියෙ මං අල ගලවන්නම්... මං අල තම්බන්නම්* කියල ඒකිව මොල් කරලා... හැක් හැක්.. දැන් ඉතින් ඇතුලට ගිහින් ගලෝපන්කො නැන්දම්මගෙ අල.. හැක් හැක්.. ඌව කොහොම කරි තාප්පෙ උඩින් ඒ පැත්තට පටෝලා මාත් රේල් පාර අයින්ට වෙන්ට ඉදන් උන්න අරූ වැඩේ කොරගෙන එනකන්... ඔහොම විනාඩි 15ක් යන්ට උනේ නෑ.. ගේ අස්සෙන් සද්දය්ක් ඇහෙනවා...
හැතිරි.. එලියට වර එළියට වර.... තෝ අපේ මූනේ දැලි ගෑවා...
කියල.. අම්ම ගහයි බැට් එකෙන්..  මට දැන් දුවලත් බෑ නොදුවත් බෑ... යකො ඒකිට තාම 17 සම්පූර්න වෙලාව්ත් නෑ.. ලැගපියකො අරුත් එක්ක් කුඩුගනනෙ.. ඔහොම විනාඩි කිපයක් විවිදාකාරෙ උනුහුම් වචන ඇහෙද්දි මං නිකමට වගේ අරූට කොල් එකක් ගත්ත.. ම්ම්හු.. කට් කරනවා... ඒත් එක්ක උගෙන් මැසේජ් එක්, පවිය පොඩි අවුලක් ය කියලා... ඔනි ලබ්බක් ව්න්ට කියලා මාත් උන්න..

බලන් ඉදලා ඉදලා බැරිම තැන අරුට මං යන්නද කියල අහල මෙව්වා එකක් යාලා මං ගියා ඉතින්...

ඊලඟට ඉතින් අයෙ මුගෙ කටහඩ ඇහෙන්නෙ හැන්දෑවේ.. ඒ කොල් එකකින්...

මූ කොහොමින් හරි බාතෲම් එකට් නිරු පද්‍රිතව රින්ගලා.. අරකිත් නාන්න යනව කියල බතෘම් එකට ඇවිත්... ඔන්න ඔහොම කලින් දා කතිකා කොර ගත්තු විදියට අල ගලවල අල තම්බද්දි තමා ඕන් නැන්දම්මා මෙව්ව එකෙන් ඔලුව දාල තියෙන්නේ... මං නම් ඕන් හරිම විරුද්ද දෙයක් තාමා බතෲම් වලට අර පෑන් ලයිට්ද මොනාද කියන එව්ව තියන එක.. අන්න එව්ව එකකින් කෙල්ලගෙ අම්ම ඔලුව දාලා.. ඒවෙලාව ඒ ඇන්ටිගෙ කටින් පිට උනු සුන්දර නෑවුම් වචන ටික තමා මට ඇහිලා තියෙන්නෙ... පස්සෙ මෝල් ගහත් උස්සගෙන ඇන්ටි බාතෲම් එකේ දොර ඉස්සරහලු... හැක් හැක්...  ඒ අස්ස අරකි අරූගෙන් අහනවලු පනේ ඔයා මාව අමතක කරන්නෙ නෑ නේද? කියලා. . අරූ මේ ඝනව හුජ්ජ පිට වෙන්ට ඔන්න මෙන්න තිබිච්චි අරකි මගුල් කතා කරනවා... මෝලෙ බලේ තමා... ඉතින් පස්සෙ ඕන් ඒකිලායෙ තාත්තත් ඇවිත්... මොනා උනත් අන්කල් කාරයනම් නිවිච්ච ඩයල් එක් ලු.. ඌ ඉතින් පුතේ එලියට එන්ට එන්ට කියල බටර් පාර ගාලා තමා මුන් ඩබලව එළියට අරන් තියෙන්නෙ.. අපේ එකා ඉතින් දැක්ක ගමන් හිත උනු වෙන අහින්සක ඩයල් එක...  කොහොම හරි ඌ යන ක්ලාස්, ඕලැවල් රිසාල්ට්, ඕලෙවල් කාලෙ ගිය ක්ලාස්, අම්ම තාත්තගෙ විස්තර, සහොදර සහොදරියන් ගැන විත්‍රක් නෙවේ තියෙන වාහනේ මොකද්ද ඒකෙ අංකෙයි ඔක්කොමත් අහගෙන අරූව නිරු පද්‍රිතව එලියට දාලා.. :D අන්කල් හොද නිසා බේරුනා... නැත්නම් ඉතින් අරූට ගලෝපු අල තම්බන්න වෙන්නෙ ඇන්ටිත් එක්ක එකතුවෙලා.... ;)

ප.ව.
*කතුවරයා  අල තම්බන්නම් අල ගලවන්නම් ලෙස දක්වා ඇත්තේ පෙර කලෙක අවජාත කතුවරයෙකු විසින් රචිත, " කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්..." යන ගීතයේ "ඉරපායන කොට ඉර බැසයනකොට කිරි අල ගලවන්නම්.. ගලෝලා_ තම්බන්නම්.." යනුවෙන් දවා ඇති කොටස ආභාශයට ගනිමින් බව කිවමනාය...

ප.ව.ව.
මේ අයෙම අප්ඩේට් කොරේ 8 වෙනි මාසෙ දාපු පෝස්ට් එකම තමා... පොස්ට් එක දැනටත් කස්ටිය ඇවිත් කියොලා යනවා.. ගොඩක් අඩුපාඩු සහිතයි, තේරෙන්නෙ නෑ කියලා ප්‍රතිචාර වැටිලා තිබුනු නිසා අයේ අප්ඩේට් කොරේ... :) දැන් එක කොහොමද කියලත් කිව්වනම්... :D

Sunday, August 7, 2011

මං කැමැතී ඒකිට... ඒකි කැමැති නෑ මට.....

ආදරණීය ඒකි,
මතකද?
ඒ දවස් වල මං ඔයත් එක්ක
කතා කරන්න කාපු කාපු කට්ට...

ඇයි දවසක්,
ඔයාගේ හිච්චි ඇඟිල්ල මෙව්වා වෙලා
මාත් ඇඬුවා...
ඔයාට නම් ඒවා මතකත් නැතුව ඇයි....

ඇයි තවත් දවසක්,
ඔයාට කින්ඩියක් දාන්ට ගොහින්
ඔයාගෙ අයියගෙන් අම්බානෙට
මං ගුටි කෑවේ....
ඒත් මං ඔයාවම හෙව්වා....
ඔයා මට අකමැති එක වෙනම කතාවක්
ඒත් මං හැමදාමත් කැමැතී....

මා එක්ක තරහට,
ප්‍රොපයිල් එක අක්‍රීය කොරාට
කමන්නේ නෑ...
ඒත් නිකමට හරි මේල් එකක් දන්ට.....

මං ප්‍රොමිස් කිව්වට ඉතින්
ශුවර් නෑනේ.....
ඒත් මට පොරොන්දු වෙන්න බෑ
අයේ බොන්නේ නෑ කියලා
ඔනිනම් ඔයාට ආරංචි නොවෙන්න
බොත හැකි.....

ඒ කොව්ව උනත් දැන් වැඩක් නෑ....
ඔයා සැරයක් නෙවේ
දෙසරයක්ම අකමැතී කිව්වනේ...
ඒත් මඥ් ඔයාට ආදරේයි.....
 ප.ව.
සිකුරාදා රාත්තිරියේ මේ කවි සැට් එකම මං පොස්ට් එකක් දාල තිබ්බා....... ලියපු වෙලාවෙ මං මොන ලොකෙක උන්නද කියල මටවත් මතක නෑ... පොඩ්ඩක් වැඩි උනානොවැ.. හැක් හැක්.. අකුරු අඩුපාඩු හෙනට තිබ්බ නිසා අයේ මේක අද එඩිට් කොරා.. :D :D :D මෙව්ව කියවල මාව කින්ඩියට ගන්නව හෙම නෙවේ!!!

Monday, August 1, 2011

ඩී එකයි කාඩ් එකයි දෙන්න......

දැන් තමයි ඕන් පෙරේද හැන්දෑවෙන් පස්සෙ බොඳ නොවී අවට මෙව්ව එක බලන්නේ... ඒත් තාම ශීර්ෂ භ්‍රමනම් තමා.. හැක් හැක්..

පෙරේදා රාත්තිරියෙ මයෙ බෙස්ම ප්‍රෙඩාගෙ ගෙදර පිරිතක්... නයිට ගහන්න ඉතින් අපි ඔක්කොමල සැට් උනා.. නයිටක් ගහන්නනම් ඉතින් නැතුවම බැරි මෙව්ව ටිකක් තියෙනවනේ... එව්ව ගන්ට ඕන් තවකෙකුත් එක්ක මං පර්මාසියට ගියා... හැක් හැක්.. ඌත් මයෙ යලුවෙක්. ඌ දන්න කියන පර්මාසියක් හොයාගෙන උගේම බයික් එකෙන් තමයි ගියේ... පර්මාසියෙ උන්නෙ අයියකෙනෙක්.. ඉහික්...
වැඩි කතාබහක් නෑ.. ගියා.. 500 කොලයක් දුන්න.. "ඩී එකයි කාර්ඩ් එකයි දෙන්න" කිව්වා.. ගත්ත.. ආවා..

ඩී කියන්නෙ කොරෙක්ස් ඩී හෙවත් පැණිය. කාර්ඩ් එක කියන්නෙ ටැමඩෝල් නොහොත් ටැබා... හදුන් කූරු එහෙම ගන්ට අපි මහන්සි උනේ නෑ.. පිරිත්ගෙදර ඉන්න එකා පෙට්ටියක් ලෑස්තිකරල තියෙන්නෙ තිබුනා.. :D :D ඉතින් කොහොමින් හරි පිරිත් ගෙදර වීඩියෝ කට යුතු මට භාර වෙලා තිබුනා.. අර බයි එකේ ආපු ඩයල් එකට එහෙ රියනියාමක කටයුතු හේම භාර වෙලා තිබ්බ..

ඉතින් අපි 12 විත්‍ර වෙන කොට සියලුම විශ වර්ග 3දෙනා අතරෙ සම සේ බෙදාගත්තා.. හැක් හැක්.. 3 දෙනා කිව්වෙ, පිරිත් ගෙදර අයිති ඩයල් එකයි, බයික් එකේ ආපු ඩයල් එකයි, මමයි.. හරිය.. අහ් සමසේ බෙදා ගත්ත කිව්වට සමසේමත් නෙවේ... පිරිත්ගෙදර ඩයල් එක පැණිය දැම්මෙ නෑ.. හේතු ඌට ඔය රෑවෙනකොට එහෙම එන මැති ඇමැති මාමල පිලිගැනීමේ කටයුතු තිබුනා... ඕන් අළුයම 1 විත්‍ර එනකොට.. බබා එනව තැපෑලේ... මං කකුල උස්සනවා.. ඒත් ඉස්සෙන්නෙ නෑ.. ඔහොම යන කොට හදුන් කූරු එහෙමත් ඉවර වෙලා.. පෙට්ටියක් ඇතිදෑ නයිටක් ගහන්න... ;) දැනට පොඩ්ඩක් හරි කෙලින් ඉන්න පුලුවන් අර බයික් එක තියෙන ඩයල් එකට විත්‍රයි. ඌ සුවෙච්චාවෙන් ඉදිරිපත් උනා "මං ගිහින් නයිට් කඩයක් නැත්නම් කඩයක් ඇරල හරි බට ගේන්නම්" කියල.. මත් ඉතින් කටපියන් ඉන්න බැරි හෝතම්බුවනේ.. පැනපු ගමන් "අඩෝ චරියා මාවත් එක්කම් පල.. කම්මැලී මෙහෙම ඉන්න..." කිවා... (චරිය කිව්වෙ බයික් කෑල්ලෙ අපු එකා)

හෙල්මට් නැත. ස්පීඩ් ලිමිට් නැත.. පාරේ වාහනද නැත.. වෙලාව තුනට විත්‍ර ඇති. මෙව්ව එකේ ජාතියනම් මොකද්ද කියල දන්නෙ නෑ.. කොහොම හරි අර වේගෙන් යන ජාතියෙ එකක්.. ඌ නැග්ගා.. මාත් ඉතින් වීරය වගේ නැග්ගා..  "පවිය හරියෙන් අල්ල ගනින්.. පොලිසිය හිටියොත් මං නවත්තන්නෙ නෑ.. " කියල අරූ කිවා මම උත්තරේ දෙන්ට කලින් මූ ගියා.. දැන් නුවර පාර... වාහන එක්වත් නෑ.. පට්ට.. ක්ෂණික ඇස් ලගින් එළියනව පේනවා... අරුත් යනවා... ටික දුරක් යන කොට ඇඌ මයෙන් අහනව, "අඩෝ පවිය.. පිටිපස්සෙ හුලන් නැද්ද බං.. ගැස්සෙනව නේද?.." කියලා.. සිරාවටම ගැස්සි ගැස්සි තමයි ගියේ.. ඒ කියන කොටම වගේ ඇරපු කඩයක් පාස් උනා.. මූ දෙපැත්තවත් නොබල හැරෙව්ව අනික් පැත්තට... එහෙම්මම නැවැත්තුව කඩේ ලඟ.. මාත් බැස්සා.. බස්සට බැසුනා වගේ තේරුනේ.. හැක් හැක්.. අරූ බැහැල රෝද වල හුලන් තියෙද කියලත් බැලුවා... ම්ම් හු එහෙම අවුලක් නෑ...  හුලන් පුල්.. පස්සෙ කඩේට සුටුස් ගාල ගියා.. බට 10ක් ගත්තා.. 2ක් පත්තු කරන් ආපහු හැරෙන කොට ඇතුලෙ හිටපු අංකල් කෙනෙක් අහනවා පුතාලද අර බයික් එකේ ආවේ කියලා.. ඉහික්.. අපි ඇහුන්නෙ නෑ වගේ ඇවිත් බයික් එකට නැග්ගා.. නැගලා තරමක් හෙමින් යනවා.. නැත්නම් හුලඟට බටේ ඉවර වෙනව නොවැ.. හැබැයි ඉතින් හෙමින් කිව්වට හෙමිනුත් නෙවේ.. 70 -80 සීමාවේ වගේ... :D :D :D ඔහොම යනකොට අයේ පිටිපස්ස හෙල්ලෙන්න ගත්තා... ඒතකොට තමයි අපි දෙන්නටම මීටර් උනේ ගැස්සෙන්න හේතුව.. මයෙ කකුල් දෙක පට පට ගාල වෙවුලනවා... හැක් හැක්...

අහ් ඒ අස්සෙ අපි සාපේක්ෂව හිමිනොවැ ගියේ... ඒ යනකොට බස් කාරය 3දෙනෙක් විත්‍ර අපිව පස් කරල ගියා.... ඒත් එක්කම අරූ තනිඅතින් අල්ලන් ඉන්න ගමන් පොඩ්ඩක් අයින් වෙලා උගේ ස්පීඩ් එක පෙන්නනවා... එතකොට තිබ්බා 85ට විත්‍ර... අපි 85ට යද්දිත් පස් කරන්න අර බස් ඊටවඩා වේගෙන් යන්ට එපෑ.. හැක් හැක්.. ඒත් එක්කම අරූ බීල ඉවර උනු පිල්ටරේ විසික්කරල මට හයියෙන් අල්ල ගනින් කියනවත් එක්කම ඇද්දුවා... මයේ අතේ තිබ්බ එක ඉවර වෙලා තිබ්බෙත් නෑ,, පට ගාල විසික් කරල මෙව්ව එක අල්ලගත්තා... ඒ ගිය වේගෙත් මට අරූ ටික් අයින් වෙලා පෙන්නුවා.. ඒත් හරිය සිහියෙන් නොහිටපු හින්ද හරියට දැක්කේ නෑ... කොහොම හරි කලින් අපිව පස් කරපු බස් 3මයි අපි කඩේ නවත්තල තියෙද්දි ගිය බස් එකකුයි කඩවතට එන්න කලින් ඉස්සර කරා.. කොහොම හරි 3ට දෙඅරින් පිටත් විච්ච එක 3යි 20 වෙද්දි ඇවිත්තිබුනා ආයේ... අපි ගියේ කඩවතට යනව කියල නිසා විනාඩි 20ක් කියන්නෙ හොදටම පරක්කුයි. පිරිත් ගෙදරට ආපහු එනකොට මයේ 4න් එකේ මිස් කොල් 13ක්..

කොහොම හරි අන්තිමේ ගෙනාපු හදුන්කූරුත් පත්තු කරලා පහුවදා 7 විතර වෙනකොට ඩී එකේ සැර බැහැල තිබ්බා.. එතකොට තමා මඩ ව්‍යාපාරෙ සෙට් වෙන්නේ.. ඔන්න පිරිත් ගෙදර ඩයල් එක පටන් ගන්නවා..
"පවිය උබදන්නවද එකෙක් ඉන්නවා.. ඌ සුදනා.. අපි බයික් වල යද්දි අඩෝ ටෝද දෙකට ජීවිතේ භාරඩෙන්න එපා බං කියලා.. ඒත් ඌ අද පාන්දර තුනට විත්‍ර චරියත් එක්ක බයික් එකේ යන්න පැනල ඉදිරිපත් උනේ..." හැක් හැක්.. ඔහොම ඔහොම මඩ පහර පිට පහර එනකොට තමයි ආරන්චි උනේ, අර බයික් එක තිබුනු ඩයල් එක්කත් එක්ක මෙච්චර කාලෙකට ඌ කතානොකර බයික් එකේ යන්ට ඉදිරිපත් වෙලා තියෙන්නෙ මං කියලා.. හැක් හැක්.. පැණියෙ පවර් එක තමා.. අනික් එක ඌත් එක්ක වැඩිම වේගෙන් ගියගමනට සහබාගිවෙලා තියෙන්නෙත් මං ලු.. හැක් හැක්.. ඌම කියනවා උගේ බයික් එක 120 පැන්නුවම කොන්ට්‍රෝල් නැතිවෙනවලු.. ඒත් අපි අර බස් ඔක්කොම ඉසර කරල තියෙන්නෙ 120පන්නලා..  ඒ වා ඇහුවම මං ශේප් එකේ මගේ අත පය අතාඅල බැලුවා ඇත්තටම මෙතන මං ඉන්නවද, නැත්නම් මනෝකායවත්ද මේ ඉතුරුවෙලා තියෙන්නෙ කියලා...

ප.ව.
පිරිත්ගෙදර ඩයල් එකගෙ අයිය ටික් අවුල් පේවගේ සීන්වලට.. හැක් හැක්.. කොහොම හරි උබේ අයියට අපි මොනාද කරේ කියලා හිතාගන්නවත් බැරිවෙන විදියට ගානට සැට් උනා.. මොකො පැණියට කියලා ගදක් තියෙන එක්යෑ....

Sunday, July 24, 2011

ගෑණුන්ගේ/ පිරිමින්ගේ 'තෙලේ'...........

ඕන් අදත් ආව වල් කැටගරියේ පොස්ට් කෑල්ලක්....  ලියන්ට හිතුනු විසේස හේතුව ඉසැල්ල කියල ඉන්නම්කෝ........

අපි ඉතින් ඉන්නේ බෝම සශ්‍රීක භූමි ප්‍රදේසයක.. ;) ඒ කිව්වෙ ඉතින්.. එහා ගෙදර ඉන්නෙ කෙල්ලො ඩබලක්..  දෙපලම  මයේ වයස ට්වීන්ස්ලා... හැක් හැක්, මාසෙට ගනන් හැදුවොත් මට අක්කල වෙන එක වෙනම කතාවක්.. එත් ඉතින් කෙල්ලොනේ බොලවු.. ඉහික් ඉහික්... ඊයේ හැන්දෑවේ ඒකුන්ගෙන් එකියෙක් කොල්ලෙක් එක්ක කතා කොර කොර ඉන්නව අපේ අම්මිය දැකලා... මට ගෙදර ඉන්ටත් නෑ.. ඔය අතරේ තමා පෝස්ට් එකට හොද බඩ්ඩක් ලියන්ට මතක් උනේ... පියා එහෙන් බනිනවා 'උන්ට තෙලේ...!' කියලා.... අම්මපා මොකෑ මේ තෙලේ කියන්නේ....? එකතමයි අද මෙව්ව එක...

සමහරක් විට ඔයා 'ගාය' කියන්නෙත් 'තෙලේ' කියන මෙව්ව එකට පර්යාය පදයක් වෙන්ටෑ.. කොක වෙතත් අපේ පියා අර ගෑණු දැරිවිට 'තේලේ' කියල කිව්වෙ ඒකෙ තේරුම දැනගෙන උනත් නොදැනගෙන උනත් ඒ වචනෙට විජ්ජාත්මක හේතුවක්නම් තියෙනවා...

ඔය ලිංග හෝමෝන කියල ජාතියක් තියෙනව කස්ටිය අහලත් ඇතිනේ.. ද්විතීය ලිංගික ලස්සන පාලනය කොරන්නෙ එහෙමත් ඔය හොමෝන වලින් නේ.,... ඊස්ට්‍රජන්, ටෙස්ටෙස්ටරෝන් වගේ මෙව්ව හෝමෝන වලට කියන්නේ ලීපීඩ කෘත හෝමෝන කීයල.. තෙල් කියන්නෙත් ඔය ලිපීඩ ජාතියක් නොවැ.. ඉතින් තෙල් වැඩි උනාම ඒ වැඩිවීම අනියම් ආකාරයෙන් ඔය ලිංගික ලස්සන මෙව්ව වෙන්න බලපානවා...

ඉතින් ද්වීතිය ලිංගික ලස්සන කැටගරියටම තමා ඔය මල් කැඩීමට පෙල බීම, ඔය අරෙව්ව මෙව්ව සෙල්ලම් එහෙම කිරීම අයිති වෙන්නේ.. ඉතින් තේලේ වැඩි උනාම ඔයිව වැඩි වෙන එක අහන්ත් දෙයක් යෑ.... ;)

ඒවගේද., අපේ පියා බයෝ නෙකෙරුවට.. දෙයක් කියන්නෙ හොදට හිතල මතලා... හැක් හැක්...


ප. ව.
මටත් හිච්චි ඇස්පීරියන්ස් එකක් තිබේ,
බඩේ දැවිල්ලද මොකද්ද කියන කරුමක් කාර ලෙඩේ මාස කීපයකට විත්‍ර තිබ්බ.. ඔක හැමොන්ටම කියල ගෙවල්වල එවුන් කුලප්පු කොරන්ට ඔන්මි නැති නිසා සිග්මන් ප්‍රොලොයිඩ් ගොයිය කිව්වත් වගේ හිටීරියාව ධනාත්මකව යොදෝලෙ ලෙඩේ හොද කොරෝ ගත්ත තනියමම. පල විපාකෙ උනේ බඩේ දැවිල්ල නැති උනත් සතියක් දෙකක් යද්දි ආහාර ගැනීමට නොහැකි වීම.. හැක් හැක්.. ඒකත් දනාත්මක හිස්ටීරියා ක්‍රමෙන් විසද ගත්තා.. ඒකත් ඉවර උනු තැන මග යන්ට පන නැතිව ඇඳගෙන වැටෙන්ට ගත්ත.. හැක් හැක්.. ඊටපස්සෙ තමා ඩොකා ගාවට ගියේ... ;) ඒක වෙනම කතාවක්නෙ.. පස්සෙ මැන්ස් කිව්ව ඇඳ විරේකේ ගන්ට කියල.. ඒක ගන්ට කොට තමා ලිපීඩ වල වැදගත්ත කම තේරුනේ..
පියා උනත් තෙලේ තෙලේ කියල අරුන්ට බැනට තෙලේ නැති උනාම තම වැඩේ...
අතනම් වැඩ කරනවා... ෆැක්ටරියෙ බඩුත් නෑ... මීටරේ කෙලින් වෙන්නෙත් නෑ.. පැට්ටරිය සුද්ද නොකොර දවස් 4ක් හිටිය ඔන්....

Saturday, July 16, 2011

මිතුරු කෙල කුලක විය෴

ඉහික් ඉහික්.. හරියටම ඇහැක මහේ පුං පෝය දා  තමයි දවස... මං ප්‍රදාන සංවිදායක තුමා(ලු) උනාට මොකො මටමතක් උනෙත් බොලේ එළි උනාට පස්සෙ.. වෙලාව 9 විත්‍ර අති. ඉහික්... අම්මා කතා කරනව පංසල් යන්ට... දවල් මෙව්ව එකක් බාරගෙන....
වෙලාව 10ට 10ක් විත්‍ර ඇති.  යන තැනක පංසල් ගිහින් යන්ට කියල පියා කිව්ව.. යකො කට්ටිය 10  වෙනකොට ගොල්පේස් එකට වඩිනව කිව්ව. විනාඩි 10න් පංසලුත් ගිහින් පලකො ගොල් පේස්.. මොක්කා කොරන්ටද... පියා කිව්වනෙ ඉතින්.. කොරන්ටම වෙනව. කොහොමින් හරි 10 වෙනකොට පංසලත් ගිහින් සුටුස් ගාල ඇවිත් වැලිමඩ ඉදන් එන බස් කෑල්ලක එල්ලුනා..  අහ්.. පංන්සලේ ඉදිද්දි තමයි උදියගෙන් මෙව්ව එකක් ආවේ.. මාත් ඉතින් හරි මචන් මට පැය බාගයක් දියන් කියල ශේප් උනා.. ;)

ඉතින් මොනා උනත් බස් කොන්දොස්තරමාමට පින්සිද්ද වෙන්ට ඉස්සරහ දොරේ ඉදන් මෑන්ස් මං එල්ලුන පිටිපස්සෙ දොර පැත්තට ආවේ නෑ.. ඒවිත්‍රක්දෑ... විනාඩි 20ට ආමර් ස්ට්‍රීට් වලටත් ආව.. ඇවිත් නැවැත්තුවා මරලතෝනියක් එක්ක... මලකෙලියයි.. මිනිහෙක් හැප්පිලා... ලොකු ඩැමේජ් එකක් නෑ... ඒත් හැප්පිච්ච තැඅන එච්චර හොද නෑ... එතන හිටපු ලොකු මාමල බස් මාමට නාක වචන් කියල බනින්ට ගත්ත.. ඉතින් ඔව්වට කන් දෙන්න මං තාම පොඩි එකා නිසා ශේප් එකේ වෙඅන් මෙව්ව එකක නැග්ගා... එහෙම්මම කොටුවට ගිහින් වායුමය හීල් දානෙකුත් අරගෙන පානද්‍රේ බස් එකේ නැඟල ඔන්න ආව මෙව්ව එක ලඟට.. හැබෑනේන්නම් "හෝ..." ගානව... ඇමතුවා මලියව...
මං :- මචන් උබ කොහිද ඉන්නේ?
ඌ:- අර ජාතික කොඩියක් තියෙන්නේ... අර අඩි 50ක්ද හැටක්ද උස...
මං:- අහ්.. අර උසම උස එක නේද? ;)
ඔහොම දෙබස ගොහින් මාත් අර උසම උස එක දිහාට පියවර තබන්ට උනා.. නිකමට වගේ වට පිට බැලුවත් ටග්ගාල බිම බලාගත්ත.. ඇස් නිලන්කාර වෙනවනේ... ඉහික්... ඔහොම යනොකොට ඕන් අර මෙව්ව එක ලඟට සම්ප්‍රාප්ත උනා.. ම්ම් හු.. ... මං මලියව මීටකලින් දැකල නෑ නොවැ... කොහෙ හොයන්ටද? ඉහික්.. ඉතින් අයෙ ගත්ත මෙව්ව එකක්.. කත කර කරම ටිකක් වට පිට බලැඋවා... ඉහික්.. මෙන්න ඩයල් දෙක... මං මවන් උන්නු චිත්ත රූපවලට අනුව ඒ දිලියා සහ උදියා... (උන් හොරවැඩක් කරන්ට දන්නෙ නෑ කිඅය්ල මං කියන්නෙ නෑ) උදියා මහ හයියෙන් මං දිහා බලාගෙන කෑ ගහනව අයියෝ..  ඌ දැක්ක බං.. කියල.. ඒක දිලියට රහසින් කිව්වනම් මත් මුන්දෙපල අදුරගන්ට වෙන්නෙ නෑ.. ඉතින් දැන් ඔක්කොමලා ඇවිල්ලු...

ඕන් හරි.. මාත් එක්ක සූ ගාල 8 දෙනයි.. (මං පුල් එකක් හරිය..?) 

ඉතින් මං පිළිවලට එකිනෙකාව මෙව්ව එකට මෙව්ව එක දීල අඳුර ගත්තා.. මුලින්ම මලිය, දෙකට සාටරයා, ඔහොම ඔහොම ගිහින් එකවර ස්ට්‍රක් උනා.. ඉහික්.. දන්න තරමින් එනවයි කිව්වෙ එක ගෑනු පරානයයි.. අඩේ තවත් පරානයක් ඇවිත්නේ.. ඉහික්..  තිබුනු මෙව්ව කමකට නෙවේ ඉතින්.. එක එකාගෙන් මේ කවුද කියල අහන්නෙ නැතුවා.. ඕන් මෙව්ව එක දුන්න හදුන ගන්ට.. :D  :D මලකෙලියි.. ඒ අර ADK කොලුවගේ වෙන්ඩ බිරියලු.. ඉතින් ඔන්න මට මඩ ගැසීමෙ මෙව්ව එක එතනින් ඇබරුනා..

ඉතින් ඒ අස්සෙ මලියගේ උපන් දිනේට සුබ පතන්ත් අපි අමතක කරේ නෑ ඕන්... ඒ සුබ පැතුම් වලට ප්‍රති මෙව්ව එකක් විදියට මලිය අපිට මින්ටොස් එක ගානේ දුන්න... (මං දෙක් ගත්තා...) 

ඉතින් අපේ ADK කොලුවට ස්තූති කොරන්ට ඔනි මලියගෙ බර්ත් ඩේ පර්ටිය එයාගානේ අපිට දුන්නට.. (මලියා සහ කොලුවා අතර මුකුත් තියෙද දන්නෙ නෑ..)

ඉතින් ඒ අයිය අරන් දුන්නෙ ඉස්සො වඩේ සහ කක්කුටු වඩේ කාල හැමොන්ටම අත පිහින්න මයෙ ලේන්සුව දීල මාත් ඒ අයට නන් අයුරින් උපකාර කොරා ඕන්.. අන්තිමේ දිල්පය එකට නැප්කින් එකක් කියල මෙව්ව එකකුත් එව්ව..

ඊල්ඟට මටමතක් වෙන්නෙ අර සුපාට පසුබිමේ රතු බූල බූල ජංගිය... ඉහික්..  ඒ ඒක පට්ට ඕයි.. හිරවෙන එක් මං ඇදල උන්නෙත් නෑ. නැකිටගත්තො නිදිකොරො ගන්ට බැරි නිසා මං ඉතින් අහක බලන් උන්නා... ඒක බලන්ට ගිහින් මං කෝක් එක ඇඟේහලාගත්තු එක වෙනම කතාවක්... ඉතින් ඔහොම අක්කලගෙ මෙව්ව බලල අහක්කලා අපේ ඈයො විසිර යන්ට තීරණය කොරා.... අන්තිමේ අර ADK අයිය යි එයයිගෙ බ්ලා බ්ලා එකයි සිරොසි අක්කයි ඔන් අයියගෙ බෲම් එකේ පිටත් වෙලා ගියා...

අන්තිමේ ඉතුරු... මමයි, දිලියයි, උදියයි, මලියයි, සාටරයයි... අප්පට සිරි සාටර් කිව්වම මතක් උනේ.. ඌත් ආවනොවැ.. ඌ නම් අපරාදෙ කියන්ට බෑ... හොදට හිරි ඔතප් තියෙන කොලා... පිසිස් ක්ලාස් යනගමන් නෙව ඇවිත් තීන්නේ...

ඉතින් ඕන් අර තෙපලව පිටත් කරල ඇරියයි කියමුකෝ... ඊලඟට ඉතින් අපි දවල් දානෙ ගන්ට කතිකා කොරගත්ත... ඉතින් ඇවිදන් ඇවිදන් ගිහින් හිච්චි කඩ කල්ලකට මලිය ගොඩ වෙලා, අර 22කේ මෙව්ව 5ක් ගත්තා... කඩේට යන්න කලින් උදිය කට කැඩෙනකන් කිව්වට හරියටම අරූ මෙව්ව ගෙනාවට ගින්දර අරන් ඇවිත් තිබ්බේ නෑ.. දැන් ඉතින් ගින්දර සොයා යාත්‍රාව...

විවර වෙලා තිබුනු ජනේලකට ඔලුව දාලා,
මම:- මචන් ගිනිපෙට්ටියක් තියෙද?
ඇතුලෙන්:- නෑ බං.. අපිත් මේ ගින්දර හොය හොය ඉන්නේ...

මත් ශේප් වෙලා ආවා... ඉතින් පස්සෙ තවත් කිලොමිටර් 3ක් විත්‍ර ඇවිදලා උදිය සික්කෙගෙන් ලයිටර් කෑල්ලක් ඉල්ලගෙන් පත්තු කොරගත්ත... අන්තිමේ ගිනිදෙවි පූජාව අවස්න් කොරල මට බෑග් කෑල්ලක් ගන්ට පිටත් උනා...

කොහොමින් හරි විල්සන් කට්ටක් අරගෙන ආවා.. .. ඇවිදපු ඇවිදිල්ලට හිලව්වෙන්න මයෙන් රුපියල් 100ක් මලිය කඩා ගත්තා... ඒකට මොනා උනාද දන්නෙ නෑ... මං විසිරයම වෙනකන් උන්නෙ නෑ...
කොමහරි ඕන් 154 මෙව්ව එකේ නැගලා ගෙහ්ඩරබලා පිටත් උනා.. පිටත් වෙල අහක්කලා ගෙදරට සම්ප්‍රාප්ත් වෙනවත් එක්ක.... හදිස්සි හේවක් මත ප්‍රදාන පාලක මැදිරියට යොමුවෙමි.

ප. ව.
දිලීප විදපුව ආදී එව්ව මෙව්ව අනික් උන් කියල තිබ්බ නිසා මං කියන්ට ගියේ නෑ ඔන්. අහ්.. තෙපල පිටත් කරල ඇරලා, ඉතුරු උනු ඈයො මුහුදෙ නාන්නම් කතිකා කරන කොට මං පත්තුනු අපහසුතාව මංනෙ දන්නෙ.. (යට මුකුත් ඇදල උන්නෙ නෑ) හොද වෙලාවට නාන්න ගියේ නැත්තේ... ;)
කියන්ටම ඔනි එක.. මං ආපු වෙලා ඉදල නොට් කරන් උන්නේ.. දිලීපය එහාට පනිනව, මෙහාට පනිනවා..  ඔඅස්සෙ ගෲප් පොටො එක දැක්කම මීටර් උනේ... ඉස්පයිඩර් මෑන් වගේ අත තියාගෙන ඉන්නවා..

Thursday, June 30, 2011

කාලෙකට පස්සෙ ජොකෙක් ඇන්දෙමි. | හැදු අම්මගෙන් කුඩ අම්මාට෴

අපෙ අප්පේ සයිබර් මෙවුව එකට පය තිබ්බේ ඔන් දවස් දෙකට පස්සෙ...  හ්ම්ම්ම්... ඕන් මේක වල් කැටගරියේ පොස්ට් එකක්නම් නෙවේ.... ජොකා කියල ටොපියෙ තිබ්බට. හැක් හැක්....  කාලෙකින් ජිකෙක් ඇන්ද කිවුවෙ ඉතින් දැන්  ඇඟිල්ලා පෙරලා ඉස්කොලේ යන්ට පටන් අරන් නිසා. සාපේ ඉවර උනත් හරි ජොකෙක් කියල ඇන්ද එකක් යෑ. මොකො මේ සයිබරේ ඇවිද්ද කියල බහිනවද මං අහන්නෙ....? ;) හැක් හැක්...

මට පරන ඉස්කොලෙන් දොට්ට යන්න වෙන විත්තිය කලියෙන් කිවුව නොවැ. ඉතින් ඕන් දීර්ග නිවාඩුවකට කොමා එක තියලා ඇඟිල්ලා ගිය සදුද ඉදන් ඉස්කොලෙට වාර්තා කොරා ඔන්...

ඇත්තටම හරිම දුකකින් තමා සුසමෙන් අයින් උනේ(සුසමෙ කියන්නෙ සුසමයවර්දන විද්‍යාලය එකේ කෙටි මෙවුව එක). හේතුව එක නම් බයො කරන්ට ළමයි නැති වීම. මං ඉතින් ඔය විත්තිය කලියෙනුත් කිවුව නොවැ. හේතුව දෙක තමා ඉතින් ගෙදර ඈයන්ගෙ කරච්චලේ. දැන් ඉතින් එවුව මෙවුව වලින් නම් වැඩක් නෑ නොවැ. දැන් කොහොමින් කොහොම හරි අලුත් මෙවුව එකට ගියානේ...... ඒක නෙවේ වැඩේ....

හරියටම අඟහරුවාදා... සදුද ඉස්කොලෙට ගත්තට නිල වසයෙන් බදවා ගත්තෙ අඟහරුවාදා.. හැක් හැක්.. ඉතින් ඕන් ගියා පංතියට. කවුරුත් නම් හිටන් හිටියේ නෑ. ඔක්කොමල ඉදගෙන පොත් දිග ඇරගෙන එක්කො කියවනවා. එක්කො ලියනව. අම්මප මං පංතියෙ ටීචර් කෙනෙක් ඉන්න වෙලාවෙදිවත් ඔහොම ළමයි ඉන්නව දැකල නෑ. සොරි.. එහෙ ටීචර්ල නෙවේ ඉන්නෙ. මැඩම් ලා..!!! ඉතින් පිටිපස්සෙ හරියෙ පොලිමක් ලඟට ගිහින් ඉදගන්නත් හදල, අළුතින් ආවම පොල්ලෙන් ගැහුව වගේ අහන්නෙ කොරන්නේ නැතුව ඉදගන්ට එක හොද නෑ නොවැ. ඒක නිසා මං එකෙක්ගෙන,
"අඩෝ... මෙතන කවුරුත් ඉන්නවද....??"
කියල ඇහුව. අනේ දෙවියනේ.. හීනෙකින්වත් නොහිතපු දෙයක්... ඌ මං දිහා අඬන්න වගේ බලන් ඉන්නව.... මං ඉතින් මුකුත් කියන්ට ගියේ නෑ.. ශේප් එකේ වෙන හිස් පොලිමකින් බෑග් එක තිල ගියා. අඩෝ කිවුවම මෙහෙම වෙනවනම් අංගම්මන සුමන ජාතික ගීය කිවුවනම් මූට මොනවා වෙයිද කියල මට හිතා ගන්ට අමාරුයි. ඉතින් කොහොමින් කොහොම හරි ඕන් ගාථ කියන්න කියල පොලින් ගස්සනවා... මාත් ඉතින් ගොහිල්ල අදුරන ඩයල් එකක් හිටපු තැනකින් හිට ගත්තා. ඕන් විනාඩි 5ක් විත්‍ර ගාථ කියල විනාඩි 10ක් විත්‍ර නිවුවස් කියල පොඩි විකාරයක් නටුවා. ඊලඟට ඔක්කොන්ටම බිම ඉද ගන්ට කිවුව සිස්ස නායක අයියල ඇවිත්. ඔක්කොමල ඉද ගත්ත. ටික වෙලාවකින් කියපි අත උස්සන්න කියල. මල හුට්ටපරයයි. ඕන් අතත් ඉස්සුවා. මං ඒත් හිතුව මේක ඒ ඉස්කොලේ පොදු නීතිය වෙන්ඩෑ කියල. ඒත් බැලින්නම් අනික් ඔක්කොමලව යවල. මං උන්නු පොලිම විත්‍රයි එහෙම කොරල තියෙන්නෙ. එදා දවසෙ තව අලුතින් කස්ටිය ආව කියල කවුරු හරි කියලද මංද උන් කිවුව අලුතින් ආපු ළමයි ඉන්නවනම් නැකිටින්න කියල. ඕන් ඉතින් මාත් නැකිට්ට. ඊට පාසෙ උන් මයෙන් අහනව මොකද්ද කරපු වරද කියල? ඊඟට තමා මටත් මීටර් උනේ... මං ගිහින් හිටගෙන තියෙන්නෙ එක එක සීන් වලට මාට්ටු විච්ච උන් ඉන්න පොලිමක කියල. හැක් හැක්..

දැන්නම් එහෙම මිස්ටේක් වෙන්නෙ නෑ. දැන් ඉතින් ගිහිල්ල දවස් 3ක් විත්‍ර පරනයි නොවැ. කූඩැල්ලව කොට්ටෙ උඩ තියන්ට බෑ කියනව වගේ ඕන් ඊයෙ කෙමිස්ට්‍රී පීරියඩ් එක හිච්චි කටක් ගැහුවා.... කොවුව උනත් දැන්නම් මට මෝල් (ඩබල් ඇල් නෙවේ)වගේ....

ප.ව.
දෙ දොහකින් මේ පැත්තෙ එන්ට බැරි උනු නිසා තමයි ඉතින් ටිබ්ලයිට් එක වගේ පෙරේදා උනු සීන් දැන් කිය්යන්නෙ.. හැක් හැක්... තව ඉතින්බ් කියන්න නම් දේවල් ඔනි තරම්  තියෙනවා... මොනා උනත් දැන් ඒක මයෙ ඉස්කොලෙනෙ. (ඒත් තාම  ඒවිදියට අන්ච්චානුගව හැඟෙන්නෙ නෑ..) ඒක නිසා එවුව ටිකක් තනුක කොරල පස්සෙ කියන්නම් ඔන්.....

Friday, June 24, 2011

365 දොහේ ලිපි෴

හැක් හැක්.. අපෙ අප්පේ... බ්ලොගියෙ තැන තැන ත කොළත් වැවිලා.. කොහෙද ඉතින් මේ ඌ පේ අස්සෙ බ්ලොගියක් රන් කොරනව කියන්නෙත් සුළු පටු දෙයක් යෑ. ඒත් ඉතින් බැඳ ගත්තනම් ඉතින් බෙරේ ගහන්නත් එපැයි කියල ඔන්න ඔන්හේ ගහනවා... හදිස්සියෙම ඊයේ ගිය අවුරුද්දෙ පොකැට් කැලැන්ඩරේ අරන් බලද්දි තමා දැක්කෙ අද දවසේ විසේ සත්වෙ. අද කිවුවෙ 24 හොදේ. හැක් හැක්.. අදට මේ මයේ සිංහල බ්ලොග් ජීවිතයට අවුරුද්දයි. කොහොමද වැඩේ.. හැක් හැක්. ඒත් මේ බ්ලොග් එක පටන් ගත්තෙනම් ඕන් 2010 ජුනි 26 වෙනිද. ඇත්තටම කියනවනම් ඉතින් මේ බ්ලොග් කෑල්ල පටන් ගත්තෙ වැරැදිල. හැක් හැක්... කලින් පටන් ගත්තෙ pavithra94.blogspot.com කියන යූ ආර් ඇල් එකෙන් තමයි මං බ්ලොග් අවකාසෙට ඔලුව දැම්මෙ. කොවුව උනත් ඒ හැටි මාර්ගෝපදේශයකින් නෙවේ බ්ලොග් එක පටන් ගත්තෙ. ඊට කලින්ය්ත් එක එක ඊ මේල් හදාගෙන බ්ලොග් පටන් අරන් ඇති 10ට වඩා.. කොවුව උනත් ඉදල ඉදල පටන් ගත්තු බ්ලොගිය.


ඒ පටන් අරගෙනත් ලියන්න පොස්ය් එකක් නෑ. පේස් බුකියෙ ඇවිදිනකොට කවුදො මන්ද ශෙයර් කරපු බ්ලොග්  එකට ගියා. ඒකෙ තිබුනා පට්ටා පොස්ට් එකක්. “ෆෙන්ග් ෂුයි” – තත්වය බරපතළ වීමට පෙර…. කියල පොස්ට් එකක්. ඔය ලිපි වල අයිතියක් ගැන ඉතින් මං දන්නෙ නෑ. ඔන්න ඔහේ ඒක කෙලින්ම ගෙන්නල්ල මයෙ බ්ලොග් එකේ නිවු පොස්ට් එකක් විදියට දැම්ම. මාතෘකාව විත්‍රක් වෙනස් කොරා "මිත්‍ය දෘශ්ටිය" කියල. හැක් හැක්.. පබ්ලිශ් කොරල පැයක් යන්න උනේ නෑ.. කමෙන්ට් 8ට වැඩිය වැටිල... අඩො ඔය දමිත් අයියගෙ පොස්ට් එක නේද??? ඔහොම කිය කිය. හැක් හැක්... දැන් ඉතින් මොනා කරන්නද.. කොටින්ම කියනවනම් ඒ දවස් වල මං පොස්ට් එක මකල දාන්නවත් දන්නෙ නෑ. හැක් හැක්. ඉතින් මකන්න දන්නෙත් නැති නිසා තමයි අලුත් බ්ලොගියක් පටන් ගත්තෙ.. :D :D :D

ඒතමයි මේ.... හැක් හැක්... කොක වෙතත් මං මේ බ්ලොගිය ජුනි 26 වෙනිද පටන් ගත්තට මං මේකෙ උපන් දිනේ සමරන්නෙ අද.  :D :D :D මොකද අර වගේ කලින් බ්ලොගියක් පටන් නොගත්තනම් අර වගේ කොපි කරේ නැත්නම් බ්ලොගින් ගැන ඒ හැටි උනන් දුවක් ඇතිවෙන්නෙ නෑනෙ. අනික මට එදා ඒ කමෙන්ට් වලින් තේරුම් ගියේ බ්ලොග් ලියන ඈයො ඈයො අතර තියෙන අන්තර් සම්බන්දයත් අලුතෙන් පටන් ගත්තු බ්ලොග් එකක් උනත් කියවන්න කස්ටිය ඉන්නව කියන එකත් තමා... හැක් හැක්....


ඉතින් ඕන් මේ බ්ලොගිය පටන් අරගෙනත් ලියන්න දෙයක් නෑ. කොහොම හරි ඔන් දන්න කියන කුණු හරුප කවි කතන්දර දාල ආයේත් පොස්ට් කීපයක් දැම්ම ඒ දවස ඇතුලතම. ඔහොඅම ඔහොම කිසිම අරමුණක් නැතුව පටන් අරගෙන අරමුණක් නැතිවම ක්ලාස් වල ටියුට් වල පිටිපස්සෙ තුබුනු වැඩකට ඇති කවියි, මේස වල, කක්කුස්සි වල ලියල තිබුනු කවියි, ඔය හැම මගුලම දාල මේ බ්ලොග් එක පටන් ගත්තෙ. හැක් හැක්. ඊලඟට ඉතින් SBU එකටත් ඇප්ලයි කොරා. මෙන්න බොලේ උන් දවස් කීපයකින් ඊමේල් එක් එවනවා මයෙ බ්ලොගියෙ අසැබි දෑ තියෙනව ඒව ඉවත් කොරන්න කියල. හැක් හැක්. ඉතින් ආයෙමත් හොයලා හොයලා ඩිලිට් කොරන තැන කොහොම හරි ඕන් ඩිලිට් කොරල අයෙ SBU එකට ඉල්ලුව. පස්සෙ ඔන් ඒකත් ඇතුලත් කොර ගත්ත...


එහෙම තමා ඕන් මේකෙ ආරම්භය සිද්ද වෙන්නෙ. ඒදවස් වල වැඩිපුරම වැටුනු කමෙන්ට් එක තමා "අකුරු අඩුපාඩුනම් එමටයි. දෙසරයක් කියොල පබ්ලිශ් කොරන්න"  හැක් හැක්. දැනටත් ඔය කමෙන්ට් එක නොවැටෙනවාම නෙවේනෙ. :D :D :D :D

කොහොමින් කොහොමින් හරි බ්ලොගිය මේ තත්වෙට ඇවිල්ල තියෙනවනෙ. අඩු ගානෙ සුළැඟිල්ල කිවුවම ආ අර "පුකේ ඇඟිල්ලද?" කියල අහන තත්වෙට හරි ඇවිත් තියෙනවනෙ. (සැ යු: පුක යනු කුණුහරුපයක් නොවේ)
දැන් නම් ඇති. මේ අවුරුද්ද ඇතුලත් බ්ලොග් එක සම්බන්දයෙන් උනු සිද්දිනම් පොස්ට් දටවත් ලියල ඉවර කොරන්න බෑ. රත්ගමය මැරුනා. ලොල්ය කෑල්ලත් ඉවර උනා.... ඔහොම ඔහොම අම්බානෙට ඇති. ඔවුව කතා ටික ඉතින් දන්නො දනිතිනෙ.. හැක් හැක්... වැඩත් තියෙනව නොවැ. අපි ගියාවෙ.... ;)

ප.ව...
පොස්ට් එකේ මෙවුව මෙවුව ගතියක් තියෙනම් සම වෙන්න. අද ලියන්න උන්නෙ වල් කැටගරියට පොස්ට් කල්ල. පොස්ට් එක ලියන්න කොමා ඔන් කොරනවත් එක්කම තරමකට සුබ තරමකට අසුබ ආරංචියක් ආව. ගෙදර අයටනම් නිකන් මං සක්විති රජ උනා වගේ. හැක් හැක්.. එක ගැනත් ඉස්සරට ලියන්නම් කො... සුබාරන්චියට ලෑස්තිවෙන්න තියේ.... ට ටා හොදේ...... ;)

ප. ප. ව.
ස්තූති කතාව මතක උනානෙ... :D සිංහල කොටන්න කියල දුන්නු හසිත ජයසූරිය අයියටත් ( ඌ දැන් බ්ලොග් ලියන්නෙ නෑ), හෙදට හිය් වෙන පොස්ට් ලියන්න කියා දුන්නු රත්ගමයා මහතාත් ඇතුලු එකී මෙකී නොකී හැමෝන්ටම බොම ස්තූතියි..

Friday, June 10, 2011

කොල්ලට 25යි, කෙල්ලට 95යි.........

"ඈ බං... 95හේ කෙල්ලොත් ඉන්නවද???" කියල දැන් බොල මයෙන් අහයි. කන්‍යාභාවයට හානියක් වෙලා නැත්නම් වයස කීය උනත් ඒකි කෙල්ල තමා... හැක් හැක්.. මං මේ කියන්න යන්නෙ කලින් කිවුව වගේ ක්‍රිපු බරගනන් වල එකක් නෙවේ. මේ මෑතක උනු සත්‍යය සිද්දියක්...

මයෙ අතිජාත මිතුරු අය්යිය කෙනෙක්. මෑන්ස් ට අවුරුදු 25ක් විත්‍ර.. හොද නාබර වයස. දැන් මිනිහ කෙල්ලෙක් හොයනව බඳින්න... :D :D ඉතින් අපිත් එකතුවෙලා දැන් මංගල සේවය අතිරේක කියොනවා... මෙන්න බොලේ වැඩක්...

බොදු ගොවි අසූකෙලක් දනය ඇති වයස අවුරුදු 95ක තරුන යුවතියකට සුදුසු මනාලයෙක් හොයනු ලැබේ. විමසීම්:07xxxxxxxx
මාත් ඉතින් කින්ඩියට වගේ ඔය අතිරේකෙ අරූට පෙන්නුව. අප්පට සිරි. මූ ගෑණු ප්‍රේතයට වඩා සල්ලි ප්‍රේතයා... මූ අනික් පත්තර ඔක්කොම විසික් කොරල කෑ ගැහුවෙ නැතෑ. මූට ඇවිත් ටොප් අයිඩියා එකක්. :D :D ඒ තරුන යුවතියට අවුරුදු 95යි. ඒ කිඅය්න්නෙ වලපයයි ගොඩපයයි. ඉතින් අප්පේ ඔය ගෑනි නොබැද මැරිල ගියොත් නිකන් අර අසූකෙලක් දනය රාජ සන්තකවෙනව. අපරාදෙ නොවැ. අරූට ආපු ටොප් අයිඩියා එක තමා ඒ ආච්චිව බැඳල ටික කාලයක් ඉන්නව. කොහොමත් අවුරුදු 2කක් 3ක් යන්න කලියෙන් මැරෙන බව දන්නවනේ. අන්තිම ටිකේ සල්කගෙන ඉදල මැරුනම අර දේපල ඔක්කොමත් අරගෙන වෙන කසාඳයක් බැද ගන්නව... :D කොහොමද අයියගෙ ටිකිරි මොලේ...? ;)

දැන් ඉතින් අපිල මෑන්ස්ට මගුල් කතා කොරන්න ගියයි කියමුකෝ ආච්චිලාගෙ ගෙදරට. :D අඩෙ අප්පේ.. ඒ ක ඇවිල්ල ගෙයක් නෙවේ මෙවුව එකක්. මෙවුව එකක් කිවුවෙ මේ මාලිගාවකට.. :D :D ඒ ආච්චි බල්ලෙක් දැක්කම ගහන්නෙත් සල්ලි කොල ගුලිකොරලලු. දැන් වගේ නෙවේ ඒදවස් වල. 5000 කුරුලු කොළැ හේමත් නෑ නොවැ. තිබුනෙ මොනර විත්‍රයි. කොක හරි දැන් වෙඩිම තීන්දුත් කොරගෙන ඉවරයි.

ඔන්න වෙඩින් දවසත් ආව. :D :D එතනදි ඉතින් දෑඟිලි බැදල එවුව මෙවුව කොරල හෙන විකාරයක් නටල ඔන්න ආව අපි ආසාවෙන් බලන් උන්නු විසේසාංගෙට.. ඔවු බං ඒ හනිමුන්... :D :D :D ආ..........ශයි නෙහ්.. ;)

ඉතින් කස්ටිය ප්‍රසිද්ද හොටලේක කාමරයක් අරගෙන දැන් ගියා හනිමුන් (හොටලේ නම කියන්න බෑ. විසේශ හේතුවක් නිසා) ඉතින් ඊට පස්සෙ කමරේ ඇතුලෙ උන දේවල්නම් මට නිස්චිතව කියන්න බෑ ඔන්.. මොකො අපි ඔය යතුරු හිල්වලට ඇස් තියන්න යන එකක් යෑ.. :D :D :D


හ්ම්ම්ම්... දැන් නම් හිනා උන්නා ඇති වගේ... කොහොමත් හිනාවක් එක්කම කදුලකුත් එනවලුනේ.... දැන් ඊට පහුවෙනිද....  හරිම කාල ගොට්ටිය... හොටලේට පොලිසියෙන් ඇවිල්ල. කාමරේ වටේ රිබන් පටිත් ඇඳල... හරියට කවුරු හරි මැරිල වගේ... වගේ නෙවේ ඒකතමා වෙලා තියෙන්නෙ... (එහෙම මලගෙයක් උන හින්ද තමයි මං හොටලේ නම කිවුවෙ නැත්තේ.. පස්සෙ හොටලේට සෙනග නැතිවෙනවනේ) හැබැයි ඒක දැනගත්තම නම් මට ලාවට සිනහ පහල උනා. මටත් වඩා අර අයියගේ දෙමාපියො පස්වනක් ප්‍රීතියෙන් පිනායන්න ඇති. ඇයි ඉතින් අසූ කෙලක් දනය එක දවසින් උටනේ...
ඒත් ඒ හිනව ටිකකින් නැති වෙලා ගියා.. අර ආච්චි වැලහින්නක් වගේ අඬාගෙන එනව. මල කෙලියයි අයිය මැරිල....
ඉතින් දැන් අර අයියලගෙ අම්මලා අක්කල අර ආච්චිව කන්න හදනව.. අයියව මරාගත්ත කියල. ඒ මදිවට තව කීපදෙනෙක් මයෙ ඇඟටත් කඩා පාත්වෙනව මං අර මංගල දැන්වීම පෙන්නුවයි කියල. 
ඔය අතරේ තමා අයියගෙ මරන සහතිකේ එන්නෙ... :D :D 
මරණයට හේතුව: කල් ඉකුත්වූ කිරි වර්ගයක් පානය කිරීම හේතුවෙණි෴

Monday, June 6, 2011

විලි රුදාව අපිට එපා | උත්ගෝශිකාවෝ කියත්...

මේ ඇඟිල්ලට කිරිස්තු වර්ශ 2050, 2100 හේම වැද පුදාගන්න ලැබුන බව ඔලැයිල දන්නව ඇතිනේ.. :D :D අද ඔන් කියන්න යන්නෙ කිස්තු පුර්ව බර ගනන් වල කතාවක්...

බර ගනන් කියන්නෙ බරම බරගනන් හරිය..? ඒදවස්වල සර්ව බලදාරී දෙවියන්වහන්සෙත් ඔන් පේන්න තමා උන්නේ... 

ඔන්නදවසක්  කොටුවෙ පිකටින් එකක්... අවුරුද්දනම් මතක නෑ..බර ගනන් නොවැ. හැබැයි මාර්තු 8ද කොහිද.. :D  පොලිස් මාමලත් කදුලු ගෑස්, වගේ අවි අමෝරාගෙන ඉන්නව.  අදවගේම තමා නීතිය එදත්. ගෑනු ඈයන්ව අත්තඩංගුවට ගන්න පොලිස් ඇන්ටිලම ඉන්න ඔනි. ඉතින් හැබැයි අවි අමෝරාගෙන උන්නු පොලිසියේ ඈයො ගාව නෑ එක කාන්තා නියොජනයක්වත්. ඔක්කොමල පිකටින් එකේ... 

ඩොක්ටර් ඇන්ටිල, ප්‍රොක්ටර් ඇන්ටිලා, පොලිස් ඇන්ටිල, ටීචර් ඇන්ටිල... ඔහොම ඔහොම නානාප්‍රකාරේ ඇන්ටිල හෙන සැට් එකක් පිකටින් එකේ... මාත් ඉතින්  රබර් ඇහැ දාල බැලුව මොනාද ඔය බෝඩ් කෑලි වල ලියන් ඉන්නෙ කියල... නොදකින්, හිරිඔතප් බිදෙනවා අප්පා ඒව කියෙවුවම. 

විලි රුදාව අපිට එපා!!!
ඔන්න ඔහොම එක එක කුනුහබ්බ තියෙනව.  කුනුහබ්බ කිවුවට ඉතින් කුනුහබ්බමත් නෙවේ.. මං කිවුවනෙ ඔවුව සාමාන්‍ය දේවල් කියල. ඒත් ඔයි කාලෙ මං ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නිරුවත් වානරය කියෝල තියල අහලවත් තිබුනයෑ. කොහෙ අහන්නද එයැයි ඉපදෙන්නෙත් 1928 නොවැ... :D :D ඒක නිසා මාත් හිතන් උන්නෙ "විලි" කිවුවම කුනුහරුපයක් කියල. :D :D කොක වෙතත් එතන උන්නු පොලිස් මාම කෙනෙක් මට කියල දුන්න විලි රුදාව මොක්ද්ද කියල. ඒ කියන්නෙ ඔය බබ්බු හම්බෙන කොට එන රිදිල්ලලුනේ. රිදිල්ල කිවුවට ඒක එසේමෙසේ රිදිල්ලක් නෙවේලු. ලොකේ තියෙන දරුනුම වේදනා අඩුවෙන පිලිවලට පෙළැගැස්සුවම උඩින්ම එන්නෙ ඔය රුදාවලුනේ... අනේ ඔවුව මං නම් දන්නෙ නෑ... අර පොලිස් අන්කල් කෙනෙක් තමා මට කියල දුන්නෙ.

ඉතින් මාත් රබර් ඇහැ දාල නතර උනේ නෑ. පොඩ්ඩක් රබර් කනත් දාල බැලුව මොකෑ කියන්නෙ කියල. මල හත්තිලවුවයි. ඒතන ඊටවඩා කුනුහබ්බ.

"සමානාත්ම තාවය කියන්නෙ මේකද?? ළමයි හදන්න අපි වගේම පිරිමිත් වග කියන්න ඔනි. හරියට අපි තනියම හදාගන්නව වගේ. කොහොම උනත් විලි රුදාව අපිට එපා. ඒක අයින් කරන්න බැරිනම් පිරිමින්ටත් ඒ රුදාව දැනෙන්න ඔනි....."
ඔහොම පටන් ගත්තු එක කොයින් කෙලවර උනාද මන්ද... දෙයියගෙ උයනෙ පලතුරු කාපු කතායි, නයෙක් කියපු හින්ද කෑව කතායි ඔහොම ඔහොම සුරන්ගනා කතා හෙන ලොට් එකක් කිවුව...

ඔන්න ඔය වෙලාවෙ තමා දෙයියන් වහන්සෙගෙ පාණ්ඩකම්බල ශෛලාසනය උනු වෙන්නෙ නිකන් හොට් ප්ලේට් එක වගේ.. ඔන්න ඊලගට මහ පොලෝ කපා කොරගෙන එනව දෙයිය. මං හිතන්නෙ ඒ කපා විල්ලට කොටුවෙ කොච්චි දෙකකුත් පරක්කුවෙලා.
ඉතින් දැන් අර ඇන්ටි කලින් රෙකොඩ් එකම දෙයියන්වහන්සෙට කියන්ව....  හ්ම්ම්ම්... කොහොම හරි පයකීප්යක සාකච්චාවකින් පස්සෙ දෙවියන් වහන්සෙ ඔන්න අවසන්තීරනය දෙනව.
"ගෑනුන්ගෙ විලි රුදාව අයින් කොරන්නත් බෑ. එහෙම කොරොත් ගහන තුල්‍යතාවය නැතිවෙනවා. ඒක නිසා අද සිට ක්‍රියාත්මක වෙන පරිදී පිරිමි අයටත් විලිරුදාව උරුමයි"
හ්ම්ම්ම්... මලකෙලියයි. ඒත් මක්ක කොරන්නද... දේව කැමැත්ත නොවැ.  ඉතින් එතනින් පිකටින් එක ඉවරයි...
___________________________________________________ 
ඔන්න දන් කාලයක් ගත වෙලා...  දවස්ක් එක පවුලක කුනුදුල් දරු උපත සිද්ද වෙන්න යන්නේ... අප්පට සිරි. තාත්ත දැන් අම්බානෙට බයවෙලා. ඇයි ඉතින්.. දේවකැමැත්තනේ. කොහොම හරි දැන් බබා හම්බෙන්න තියෙන් එදින රාත්‍රි 8. දැන් ඉතින් ඒ පවුලෙ අනික් නෑදෑයො ගෙදර ඇවිත් ඔන් ලෑස්ති වෙලා ඉන්නේ.. බබා හම්බෙන්න.. :D :D ඉතින් ඔන් කස්ටියම ඉස්පිරිතාලෙට ගියයි කියමුකෝ.. දැන් 8ට කිට්ටුයි. අම්මට වඩා තාත්ත බයවෙලා.  කොච්චර බයවෙලාද කිවුවොත් බඩේ අමාරුවකුත් ඇතිවෙලා. මං හිතන්නෙ හිස්ටීරියාව වෙන්ඩෑ. කොහොම හරි ඉතින් තාත්තටත් නොන්ඩියනෙ ඔය ඉස්පිරිතාලෙ ටොයිලට් එකට යන්න. එහෙම ගියොත් අම්ම පස්සෙ කාලෙක තාත්තව ජින්ඩියට ගන්න නිසා දුරදක්නා නුවන ඇති තාත්ත පොඩි වැඩවගයක් තියෙනව කියල ගෙදරට ගියාලු/ දැන් ඔන් 7.55යි. තව විනාඩි 5යි හරිය..??
ඉතින් දැන් ඒ තාත්ත හොදටම බයවෙලා. ඔන්න කණුවකුත් බදාගෙන විලි රුදාවට සැරසිලා ඉන්නෙ.. :D :D

7.59යි.. දැන් ඔන්න ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන දත කට පූට්ටු වෙයි කියල පැන්සල් කෑල්ලකුත් ගහගෙන ලෝකෙතියෙන දරුනුම රිදිල්ල විදින්න සැරැසිලා ඉන්නවා... ඔව්.. තව තප්පර 10...,9...,8,...,7...,6...,5...,4...,3...,2...,1.......................

ඒත් එක්කම එහා ගෙදරින් මරලාතෝනියක් ඇහෙනවා.................... :D :D :D

ප. ව. 
දරුවන් අපේක්ෂිත අම්මලා, තාත්තලා වත් අනික් අයවත් බයවෙන්න එපා... මේ වගේ නීතියක් නිසා පවුල් කඩාකප්පල් වෙන නිසා ජන හිතැති දෙවියන් වහන්සේ විසින් ඔය නීතිය ටිපෙස් කොරල මකල දාල තියෙන්නෙ. කබල වෙන්න එපා හරිය...?? ;)

ප. ප. ව.
මේම පොස්ට් එක හුදෙක් විනොදයක් ලැබීම සදහා පමණක් බව ත් කිසිදු ආගමක් විවේචනය කිරීමට හො මාතෲත්වය හා පීතෲත්වයට අගෞරව කිරීමට හො නොවනබවත් සැලැකුව මනාය.

Related Posts Plugin for WordPress, Blogger...