අදත් අසිකිත මුද්දක් ඕන් ගෙනාව... ;) හැමදාමත් වගේ මේ මෙව්ව එක කියවන්ට ත් කලියෙන් කන් ටික ශුද්ධ කොරගෙන හිටියනම් මොකෑ... අද පබ්ලිස් කොරන්ට උන්නෙ මේ පොස්ට් එක නෙවෙයි හැබෑ. නියම පොස්ට් එක පබ්ලිස්කොරන්ට කලින් දැක්ක පොස්ට් එකක් නිසා ඒක මෙව්ව කොරන්ට කලියෙන් මේක ලියල අහවර කොරොත් හොදා කියල හිතුණා... ඒ තමා අර කතන්දර මාම ලියල තිබුණු සමලිංගිකත්වය ස්වාභාවික ප්රවනතාවයක්ය කියන මෙව්වා එක.
ඉතින් කොකින් හරි මේ මාතෘකාව නම් බොම පිළිකුල් සහ ගත එකක් නොවැ. සාපේ කාලෙ අපේ ක්ලාස් එකෙත් හිටිය කෙල්ලෙක්, අපි කිණ්ඩියට කිව්වෙ ආප්ප චාප කියලා... හැක් හැක්. ඔය ලෙස්බි(අ)න් කියන්නෙත් ඕකටම තමා... ඒත් ඒවගේ දේවල් වලට තියෙන සංස්කෘතික මතවාද ඇරෙන්ට ඒකෙ වරදක් නම් පේන්ට නෑ. මෙතන තියෙන එකම වරද අපේ ග්රාහක ඉන්ද්‍රීන් වල නොවැ. අපි හැම දෙයක්ම බලන්නෙ වල් සහගත දෘෂ්ටි කෝණයෙන්. (ඒකනෙ මේ අහිංසක ඇඟිල්ලත් වල් ඇඟිල්ල කියල නම් පට බැදල තියෙන්නෙ...)
කතන්දර මාමා, ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ගේ මෙව්ව එක් ඇසුරෙන් ලියද්දි මට හිතුණ ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නිරුවත් වානරයා ඇසුරින් මං මේ මාතෘකාව ගැන ලිව්වොත් හොදා කියා. (කොමත් විජ්ජා මුද්දෙයි අසිකිත මුද්දෙයි ඡේදන කුලයට නිරුවත් වානරයා සම්බන්ධයි නොවැ..) මිනිස්සුන්ගෙ සමගිලිංගිකත්වය ගැන කතා කොරන්ට කලින් තිරිසන් සත්තුන්ගෙ සමලිංගිකත්වය ගැන කතා කොරොත් හොදානේ...
ඇත්තටම මිනිස් සතා වගේම තිරිසන් සතා ළඟත් ලිංගික ආශා තියෙනව නොවැ. අපි තිරිසනාට සාපේක්ෂව වඩා වල් එක වෙනම කතා වක්. අපි නිකන් විහිළුවට වගේ උදාහරණෙට ගමු බලු වලියක්... ඒ වගේ අවස්ථාවක වඩා ශක්තිමත් බල්ලට අනිකා පරාද වීගෙන එනකොට ඌ සහවාසයට ආරාධනා කිරීමේ මුද්‍රාවකට එනවා.. ඒක අපි ගොඩක් වෙලාවට දැකල තියෙන දෙයක් නෙ. ඒත් වැඩේ කියන්නෙ අපි දන්නෙ නෑ ඒ මුද්‍රාව මොකද්ද කියලා.. ඒ වගේ වෙලාවට අර චංඩි බල්ලා ගේ ශ්‍රවය වෙමින් තියෙන අඩ්රිනලීන් හෝමෝනෙට අනුරූප බලු හෝමොනය නිෂේධනය කොරගෙන උගේ ඇඟේ ලිංගික හෝමොන ස්රාවය වෙන්ට පටන් ගන්නවා.. ඒකින් ඒ චංඩි බල්ල දමනය වෙනව. හැබෑ කෙනෙක්ව දමනය කොරන්ට පුළුවන් එකම ක්‍රමයවත් සාර්ථකම ක්‍රමයවත් නොවෙන විත්තිය අමතක කොරන්ට එපා. ලිංගික ආරාධනා මුද්‍රාවක් පෙන්නල කෙනෙක්ව දමනය කොරනව කියන්නෙ බොහොම ප්‍රාත්මික ගණේ ප්‍රයෝගයක්. :) මෙතනදි සමලිංගිකම වෙන්ට ඔනි නෑ. විශමලිංගිකයෙකුටත් මේ විදියට දමනය කොරත හැකි. අර සුප්ප දේවිය චංඩ සිංහයව දමනය කොරා වගේ.. කෝම හරි මුලින් ගත්තු බලු උදාහරණෙ දි වගේ දමනය කිරීමේ උපක්‍රමයක් විදියට තමා මේ සමලිංගික සේවනය විකාසනය වෙන්නේ. ඒක ප්‍රාථමික සමලිංගිකත්වය..
ම්ම්ම්ම් අපි තවත් බලු උදා හරණයක් ගමුකො. අපේ අඛණ්ඩ පැවැත්මට අපේම මිත්තනිය විච්ච ස්වභාවධර්මය ගත්තු එක උපක්‍රමයක් තමා මේ ලිංගික ආස්වාදය කියන්නේ. ගොඩක් වෙලාවට ක්ෂීරපායීන්ගේ. ඉතින් කූඩුවක තනි වෙලා ඉන්න පිරිමි බල්ලො දෙන්නෙක් ගත්තොත් සමහරක් වෙලාවට උන් උන් සමලිංගිකව හැසිරෙනව දැකල ඇති.ඒ සමලිංගිකත්වයේ ද්විතිය යොදා ගැනීමක්. අහ් අර කොළ වදුරෙක් එක්කල සුද්දියෙක් මොනාදො මංද කොරන්ට ගිහින් අර ඇච් අයි වී ත් අපි අතරට ඇවිත් තියෙන්නෙ. එතන ලිංග දෙක් උණාට මේ ද්විතික සමලිංගිකසේවනේට සමාන ක්‍රියාවක්. කැලේ ඇතුලෙදි මොකො බල්ලන්ට බලු කුඩුව මොකො. ;)
හැබෑ ත්‍රීතික යොදාගැනිම ගැන කතා කොරන්න නම් මනුස්ස ලොකෙට එන්ට වෙනවා. ඔය තිරිසන්නු අතර නැති අවස්ථාවක් තමා ත්‍රීතික සමලිංගිකත්වය කියන්නේ. ආචාර්ය ග්රැන්විල්කතා කොරල තියෙන්නෙ ඔය තෘතීය බාගෙ ගැන. මේවගේ දෙයක් තිරිසන් සත්තු අතර නැති අපි අතරෙ ඇති වෙන්ට හේතුව මං කලින් මෙව්ව එකක කියල ඇතිනේ.
ඉතින් මේකෙ තියෙන වැරැද්ද තමයි ප්‍රශ්නේ. ලිංගික කට යුත්තක ප්‍රධානම අරමුණ වෙන්ට ඔනි තම වර්ගයා බොකිරිම. ඒත් මෙතනදි වෙන්නෙ නැත්තෙම ඕකනේ. ඒක නිසා මේක කාමයේ වරදවා හැසිරීමක් වෙනවා.. ඒත් මං කලියෙන් කිව්වනේ සංස්කෘතික මතවාද ඇරෙන්ට මේකෙ වරදක් නෑ කියලා.. ඩෙස්මන් මොරිස් ඒකේ වරදක් නැති විත්තිය ජීව විද්‍යනු කූලව ඔප්පු කොරල තියේ. ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ඒකෙ වරදක් නැති විත්තිය මනෝවිද්‍යාවට අනුව ඔප්පු කොරල තියේ. එතනින් එහාට කතා කොරන්ට යන්නෙ නෑ. හේතුව එහෙම කතා කොරන්ට ගියොත් අයෙ සැරයක් උබේ අම්ම මැරිලද කියල කමෙන්ට් වැටේවි. :)
සමලිංගික සේවනය ගැන කතාකරල අහවර වෙද්දිම කතා නොකර බැරි මාතෘකාවක් තියේනේ. ස්වයං වින්දනය. ඒකත් ඉතින් කලින් කිව්ව වගේම තාවකාලික ව හො තෘප්තියක් ලැබෙන ඒවගේම ලිංගිකත්වයේ මූලික අරමුණ ඉෂ්ට නොවෙන, ප්‍රජනන ශක්තිය අපතේ යැවෙන ක්‍රියාවක් නේ. හෑබෑ ඒකත් කාමය වරදවා හැසිරීමක්ද නැද්ද කියන එක ගැන නම් කතා නොකරම බැරි වගේම මං කතා නොකරම ඉන්න දෙයක්. හැක් හැක්.කොව්ව උණත් බඩගින්නට දත් මිටි කෑවට කන්ට දෙයක් ලැබුණම ඔය දත්මිටි කෑම ඉබේ නතර වෙනවලු නේ.. මට නම් තාම කන්ට දෙයක් ලැබිල නෑ. තාම දත් මිටි තමා. අනික අපි අහල තියෙන්නෙ ළිදෙන් වතුර අදින්ට අදින්ට තමයිලු උල්පත් මතුවෙන්නේ. ;)
ප.ව.
දමනය කිරිම ගැන කතාකරද්දි "අඩ්රිනලීන් වලට අනුරූප බලු හෝර්මොනය" කියල කිව්වෙ ඇඩ්රිනලීන් කියන්නෙ මානව හොමොනයක්. ඊට අනුරූප වෙන බලු හොර්මොනෙකුත් තියේ. එක මං දන්නෙ නෑ. එකයි අරෙම්ම ලිව්වෙ. අහ් ඒ දමනය කිරිමේ ප්‍රාත්මික විදියක් කියල කිව්වනෙ. ඔයිට වඩා ගොඩක් දියුණු ක්‍රමයක් තමයි අපේ බුදු හාමුදුරුවො නාලාගිරි ඇතාව දමනය කරන්ට යොදා ගත්තේ. එතනදි ඇඩ්රිනලීන් අනුරූප අලි හෝමොනෙට නිශේධකයක් විදියට යොදාගෙන තියෙන්නෙ මෛත්‍රියේ හෝමොනය හෙවත් Oxytocin කියන හොමොනෙ වෙන්ටෑ. කොක වෙතත් බුද්ධ ශීර්ෂය ඇතුළෙ ස්රාවය උණු Oxytocin නාලාගිරිගෙ ඔළුව ඇතුළෙ නිශේධකයක් විදියට ක්‍රියා කොරේ කියන එකනම් ප්‍රශ්නයක් තමා. ඒක අපි හීන් සීරුවෙ හොයල බලමුකෝ...
Monday, August 29, 2011
ආප්ප, ගේ සීන් වල විද්‍යාත්මක පදනම෴
සලකුණු තිබ්බෙ
pavithra weerapperuma
@
2:19 PM
මුදු
කාලීන,
තුන්කල් මුද්ද,
මානවයා,
වල් | අසිකිත,
විජ්ජා මුද්ද

18 comments:
ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]
@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.
Subscribe to:
Post Comments (Atom)
පුද්ගලයෙක් ආරම්භයේ සිටම සමලිංගික වීමත්, හිරගෙය, පැවිදි දිවිය වැනි සීමා සහිත තැනකදී තාවකාලික ක්‍රියාවන්ට පෙළඹීමත් එක ගොඩේ ලා සැලකිය නොහැකි බව මගේ අදහසයි!
ReplyDeleteඕල් ද බෙස්ට් හිච්චි ඇගිල්ලෝ අර බ්ලොග්කරන තරගාවලිය දිනන්න පුල් සප් එක දෙනවා ............
ReplyDeleteතවත් වල් කටාවක්.. මේකනම් තේරුනා..වියාකරන භාවිතේ පොඩ්ඩක් දියුනු වෙලා..සතුටුයි..
ReplyDeleteඔව්!කතන්දරගේ අදහසට මටත් එකඟ වෙන්න වෙනවා වගේ! පලවෙනි අවස්ථාවේ ඒක ඒ පුද්ගලයාගේ මනෝවිද්්යාත්මක හා හෝමෝනමය දෙයක්!දෙවන අවස්ථාව(පැවිදි,හිරගෙවල්) අසහනයෙන් මිදෙන්න කරකියාගන්න දෙයක් නැති නිසා කරන දෙයක්!
ReplyDeleteඇයි බං උඔ බල්ලවම උදාහරණෙට ගන්නෙ? ගොඩක් ඔයවගේ පෝස්ට්වලට උඔ උදාහරණෙට අරං තියෙන්නෙ බල්ලව. :-?
ReplyDeleteබැන්න එකේ අඩුපාඩුවක් වෙලා නෑ... එලට ලියල තියෙනවා... නිරුවත් වානරයත් එක්ක නිරුවත් ගැහැනියත් කියවලා ඒකට අනුපාන විදියට ජැක් ලන්ඩන්ගෙ මුහුදු වෘර්කයා ත් බලල මදි නම් අපූ ත්‍රිත්වයත් බලපන්... නැත්නම් ඔලුව පිස්සු වෙනවා...
ReplyDeleteහැමොන්ටම බොම ඉස්තුතියි. විශේෂයෙන් කියන්ට දෙයක් තියෙන්නෙ කතන්දරයටයි සිතල අයියට යි. කතන්දරයගේ මෙව්ව එකට ආවට ගියාට උත්තරය්ක් දෙන්ට අමාරුයි, තව අබීන්දක් කරුනු හොයන්ට වෙනවා.. :) එහෙම කොරල අයෙ උත්තරයක් දෙන්නම්..
ReplyDeleteඔව් සීතල අයියෙ. එකතාව මට ප. ප. ව කෑල්ලට දාන්ට බැරි උනා. අපේ ගෙදර සිඟිතියට පවත්වාගෙන යන බලු අනාතාගාරයක් තියේ. දැනට ඔය පාරෙ දාල ගිය බල්ලො 7 දෙනෙක් විත්ර ඉන්නව. ගෑණු පාර්සවයි පිරිමි පාර්සවයි එකට දාල නෑ. හේතුව ඉතින් අපිට උනත් නඩත්තු කිරිම අමාරුයිනේ. ඒක නිසා මට මේ වගේ මාතෘකා වලදි උදාහරනෙට ගනෙනෙ ඒ ඈයොම තමා. මොකද දැන් මයේ සහොදරියත් මා එක්ක නැති එකේ සහොදර සහොදරියන් විදියට මට ඉන්නෙ ඒ සත්තු ටික විත්රයි.. :)
දැන් මලයා උඹ සමලිංගික සේවනය කියන එක අනුමත කරනවද, හිතට එකඟව කියපං ..........
ReplyDeleteඔ ඔ... මේ පොස්ට් එකට අතුලත් කොල යුතු ඒ වගේම අතුලත් නොකරපුම දේ නෙ ඔයික. ඉස්සර නම් මත් මගේ අනික් පොස්ට් වල ඔයවගෙ මගේ මතයත් දානවා... ඒත් එහෙම දැම්ම හැමොන්ගෙන්ම කුනු කතා අහ්න්න වෙන්නෙ මට. එක නිසා මං දැන් ලියන පොස්ට් වල මයෙ මතය ලියන්නෙ නෑ. අහන්ත් එපා..
ReplyDeleteඅනේ බං.. ලියද්දි පෝස්ට් එක පොඩ්ඩක් තේරෙන්න ලියපංකො... අග ටික විතරයි මට නම් හරියට තේරුණෙ... මුල ටික තේරුනේ මහ අමුතු විදිහට.. අනේ මන්ද...
ReplyDeleteතමන් ගෙ බුද්ධිමට්ටම නෙව.....සමනැණ ඇතිවුන් පිළිගනීවි...අනිත්උන් පිළිකුලෙන් පිටව යාවි...
ReplyDeleteමලය කියල තියෙන කරුණු වලට මම එකඟතාවය දක්වනව. මම එහෙම කරන්නෙ ඔය බරසාර මනෝ. වි. පොත් පත් කියවලවත් .. උගතුන්ගෙ අදහස් සැළකිල්ලට ගැනීමෙන්වත් නෙවෙයි.
ReplyDeleteඅවංකවම මට හැඟෙන දේ..
ඔය කෙල්ලො කෙල්ලො ඕක කළාට අප්‍රසන්න ගතියක් මට දැනුන් නැති වුනාට .. කොල්ලො කොල්ලො ඒක කරන එකනම් ටිකක් අප්‍රසන්නයි වගෙයි දැනෙන්නෙ... සමහරවිට මමත් ගතානුගතිකව වැරදි විදිහට හිතන නිසා වෙන්න ඇති. නමුත් ... ඔය හැමෝම [අසම්මත සහ සම්මත] ආකාරයට ලිංගික සැප විඳීම පිළිබඳව මගෙ අමනාපයක් නැහැ.[ කාටවත් හානියක් නොකර]
මම නම් හිතන්නේ සමලින්ගිකත්වයට කියන්නේ ස්භාවික දෙයක් නෙමෙයි කියල. විශේෂයෙන් පිරිමි සමලිංගිකත්වය ඇතිවෙන්න්නේ නම් මොකක් හරි විකෘති තාවයක් මත වෙන්න ඕනේ.
ReplyDeleteහැබැයි කාන්තා සමලිංගිකත්වය නම් මීට වඩා ගොඩක් ගැඹුරුයි කියල හිතෙනවා. බය හිතෙන වැඩේ කියන්නේ මට මුණගැහිලා තියන කෙල්ලන්ගෙන් (පෙම්වතියො නොවෙයි යාළුවො ) 40% වඩා සමලිංගිකත්වයට බරයි.:( ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ lesbian නෙමෙයි Bisexual කියල තමයි කියන්න පුළුවන්. මේක හරි භයානක තත්වයක් කවුද යකෝ කැමති bisexual කෙල්ලෙක් බඳින්න. මෙහෙම වෙන එක ගැන මගේ නම් මතයක් තියනවා. එත් ඒ ගැන මුකුත් මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැද්ද ?
මොනවා උනත් ඇත්තම කියනවා නම් gays නම් මහ අප්පිරියයි , එත් lesbian නම් නරකම නැහැ.
කියල තියෙන ඒව ඔක්කොමට එකඟ නැතත් කියවන්න කම්මැලි නැති විදියට ලියල තියෙනව.
ReplyDeleteවර්ගයා බෝ කිරීම අරමුණු නොකර ලිංගික ක්රියාවේ යෙදීම කාමයේ වරදවා හැසිරීමක් නම් උපත් පාලනයත් කාමයේ වරදවා හැසිරීමක් වෙන්න ඕනෙ නේද ?
gay අප්පිරියයි lesbian නම් කමක් නෑ කියන අයට කියන්න තියෙන්නෙ ඉතින් such hypocrites කියල තමා.
මම මේ ලිපිය නියවන්නෙ මේක දාල ගොඩක් කාලෙකට පස්සෙ. දැන් මේ දේවල් මෙහෙම දැම්මට දකිවිදවත් දන්නැ....සියට දෙසීයක් මම කළු පූස එක්ක මේ ගැන එකගයි. පිරිමි සමලිංගිකත්වය කාන්තා සමලිංගිකත්වය සමානනම් මොන රෙද්දටද ඒදෙක බටහිර රටවල්වලදි වර්ගීකරන දෙකකින් (වර්තමාන සමලිංගික බලය වැඩි රටවල්) හැදින්වෙන්නෙ. මම මේ මාතෘකාව ගැන ලියවුන ලිපියක් කියවනකොට දැකපු දෙයක් තමයි ඒවට පති චාර දැක්වුව සමලිංගිකයො හැසිරැනේ හරිම පරචන්ඩ ව්දියට. ඒකෙන්ම තේරෙනව තව කාලයක් මේවිදිහට ගියොත් අළුයට ගිනිපුපුරැ මතුවෙලා හොද සෙල්ලන් බලන්න අපිට හම්බවෙයි. මුලින්ම ඔවුන් අපිට නිදහසේ ජීවත්වෙන්න අපට වෙන කිසිදෙයක් අවශ්‍ය නැහැ කිවුවත් ටිකෙන් ටික අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරයි. නමුත් මෙකෙද් අපිට ඔවුන්ට කෙලින්ම එරෙහි වෙන්නත් බැරි ඔවුන්ට ඔවුන්ගෙ ජීවිත ගතකිරී පිලිබද නිදහසට ඇගිලි ගැසීම සදාචාරාත්මක නොවෙන නිසයි. නමුත් ඒ නිදහසම ඔවුන් වැරදියට තේරැන් අරගෙන සමාජයෙ ඔවුන්ට පිළිගැනිමක් උවමනා වුනොත් මේ සහයෝගය පවත්වාගෙන යන්න බැරිවේවි විශේෂයෙන්ම මේ වගේ රටක බැරිවේවි. මට කියන්න තියෙන අනිත් දෙය පිරිමි හා ගැහැනු සමලිංගිකත්වය. lesbian and gay මේ ක සිංහලට පරිවර්තනය කලාම සරලතම තේරැම තමයි කාන්තා සමලිංගිකත්වය හා පිරිමි ස.ලි පිරිමි සමලිංගිකයන් කයනදේ සාපේක්ෂව පිලිකුල් සහගත බව අපේ කළු පූසා කියනදේ එක්ක මමත් එකගවෙනව.සාපේක්ෂව ගැ .ස සාපේක්ෂව ඔවුන් හදුනාගන්න පහසු වුනත් එහෙම අදුනගන්න අපහසු පුද්ගලයනුත් ඉන්නව.තිත්ත කතාවක් වුනත් පුර්ෂයන්ට මේ වගේ අයත් එක්ක එදිනෙදා සාමාන්‍ය ඇසුර පැවැත්වීම අසීරැ දෙයක්. මම හිතන්නෙ ගොඩක් පිරිමි ස. මේ ගැන දන්නව ඒනිසා ඔවුන්තුල සාමාන්‍ය පිරිමි ගැන ඒතරම් සුහදශිලි හැගීමක් නැහැ. සාමාන්‍ය අයට මේ පිරිස ගැන තියෙන්නෙත් මීට නොදෙවිනි අදහසක්.නමුත් කාන්තාවන් බොහෝ දෙනෙක් මේක කරන්නෙ විෂම ලිංගිකත්වය පිලිකුල්වීම නිසා නෙමයි
ReplyDeleteදැන් මන් මෙක වැඩිය ලියන්නෙත් නැති එකෙ අහම්බෙන් වගෙ කමෙන්ටුව දැක්කේ! මේක විතරක් නෙවෙ උඩින් දාලා තියෙන කමෙන්ට් ටික දැක්කෙත් දැන්.. වෙලාව 12 පහුවෙලා.. නිදිය ගන්ට ඔනෑ... වෙලාවක් ලැබුනු වහාම පිලිතුරු ලියන්නම්.. :)
Deleteඅවු දෙකකට පස්සෙයි මේ comment එක දාන්නෙ, වැදගත් දේවල් දකින්නෙ පහුවෙලානෙ, හරි කොහොමහරි කියන්න තියෙන්නෙ මෙච්චරයි, සමහර ඈයො ඕක කපල තියනො, සමහර ඈයො ඕක නරකක් නෑ කියනො, ඔය දෙකෙන් එකක් තෝරනවනං මං තෝරන්නෙ ඕකෙ වරදක් නෑ කියල, හේතුව සම්මතයෙම මතයන් කුණුකරන මෝඩ තරුණයො නෙවෙයි අපි, පෝස්ට් එක කියවපු ඈයො ඒක බුද්ධියේ පරිණත බාවය අනුව පිලිගැනීම සිද්ධ වේවි, ඒත් ඕක පිලිගත්ත ඈයොම ආයෙත් කියල තියනව gay අප්පිරියයිලු ඒහින්ද හොද නෑලු, ඒත් lesbian එලලු ඒකෙ වරදක් නෑලු, කොල්ලොන්ට lesbian හොදයි gay නරකයි කියල හැගේවි, කෙල්ලොන්ට lesbian නරකයි gay හොදයි කියල තේරේවි, ඉතින් බලන්න එතනත් තියෙන්නෙ ලිංගික ආශාව නෙවෙයිද කියල,,
ReplyDeleteමොන හුත්තක්ද බං දන්න එකෙක් කියපං ඕනම කෙල්ලෙක් වැඩියෙන් ෆීල් උනොත් සමලිංගිකව හැසිරෙනවාද ඕවා පිලිකුල් කරන කෙල්ලෝ ඉන්නවාද
ReplyDelete