Wednesday, June 11, 2014

මෝචරියක වැඩ කිරීමට සුදුසුකම් ඇත.

කොහොම හරි නිකම වගේ නිකාං ඉන්න කොට ඉදලා හිටලා හරි මොනවා හරි ලියලා යන්ටෙපැයි.
පටන් ගන්න කලින් තවත් දෙයක් මතක් උනා.. දවසක් මයෙ යාළුවෙක් මට කියපු කතාවක්.. මිනිහා මගෙන් ඇහැවා ඇයි උබ දැන් බ්ලොග් එක ලියන්නැත්තෙ කියාලා. මයෙ "වෙලාවක් නෑ බං සහ කම්මැලී" කියන උත්තරේට මිනිහාගෙ ප්‍රතිඋත්තරේ උනේ "අනේ නිකන් පලයං බං. පඩයක් ගියත් පේස් බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරනවා. බ්ලොග් ලියන්න වෙලාවක් නෑ?" කියන එක... ඇත්තම කියනවනං පේස් බුක් ස්ටේටස් එකකුයි බ්ලොග් පෝස්ට් එකකුයි අතරේ ලොකූවෙනසක් තියෙනවා.. බ්ලොග් පොස්ට් එකක් උනාම හරවත්, නැනවත් හොඳ මං කලින් ලියපුවා වගේ ගුණාත්මක බාවයෙන් යුතු වෙන්ඩ ඔනෑ.. හා නැද්ද..
කොහ්මින් හරි ඒ කතාව ඉවරයි..

ඕං මෙට්ටේ අස්සේ කැරපොත්තො වගයක් බෝවෙලා නිසා පොඩ්ඩක් අස්පස් කරන්ඩ හිතාගෙන ඇඳ යට තියෙන බඩු ටික අදිද්දි පැන්සල් පෙට්ටියක් හම්බුනා.

මං පොඩිම කාලෙන් පස්සෙ 6, 7, පන්තිවලට එනකොට පැන්සල් පෙට්ටි පාච්චිය නැවැත්තුවා. අන්තිමටම පාවිච්චි කලේ ටයිටෙනික් නැව ඇඳලා තියෙන තට්ටු දෙකේ නිල්පාට පැන්සල් පෙට්ටියක්. එකත් 5 වසරටත් කලිං. පස්සෙ 5, 6 පන්ති වලදි අම්මා මහලා දුන්න "පෙන්සිල් කේස්" තමා ඉස්කොලෙ ගෙනිච්චේ.. පස්සෙ 7 පන්තියට එනකොට යෞවනෝදයත් එක්කලා  වටේ පිටේ ඉන්න එවුන් විහිළුකරන්න ගත්තා ගෑණු පර්ස් පාවිච්ච් කරනවා කියලා.. ඒක තමයි මං ඉස්කොලෙට "පෑන් පැන්සල් රදවන ආදාරකයක්"  ගෙනිච්ච අවසානය. (පස්සෙ වරින් වර කව කටු පෙට්ටි අනම් මනං වයෙ ගෙනිච්චට එවා වැඩි කාලයක් තිබුනෙ නෑ.) පෙට්ටි ගැන කතා කලේ අද අස්පස් කරද්දි හම්බුන පෙට්ටිය මං පාවිච්චි කරපු එකක් නොවන නිසා.. :D

අපේ ඉස්කෝලේ ළමයි ගහනය වගේ දෙගුණයක් කාක්කෝ ඉන්නවා.. ඒ වගේ දෙගුනයක් මීයෝ ඉන්නවා. කොළඹ තදාසන්න ප්‍රදේශයක තියෙන හැම ඉස්කොලේකම තත්වය ඕක වෙන්නැති මට හිතෙනේ..

කොහොම හරි අපි ඉස්කොලෙට ඇතුල් වුනායින් පස්සේ මීයන්ගේ මළ කුණු කියන්නෙ එච්චර දුර්ලඹ දර්සනයක් නෙවෙයි අපිට. :D ඒත් දවසක් 7 හරි  8 හරි පන්තියෙ ඉන්දිද්දි මගේ ඇහැ ගැටුනා ලස්සන මී කුණක්. :D ඇත්තම කියනවන්ම් ඌ මොන හේතුවක් නිසාද කියන්න බෑ (සමහර විට පෑගිලා වෙන්ටැති) ඌ කරෝල වෙලා.. අර හූණො ජනේලේට තියලා තදකරාම වගේ ඇට සැකිල්ල ඉතිරි වෙන විදියට ඌ චප්ප වෙලා මමී කරණය වෙලා. මට තාමත් ඒකේ ලස්සන ඇස් පියාගත්තාම හිතේ මවාගත්තෑකි.  ඉතින් මට ඔනෑ උනා මූව ගෙදර එක්කරගෙන යන්ඩ. ඒ වෙලාවෙ හැටියට වෙන හිතට අදහසක් ආවේත් නෑ. ටග්ගලා මීයව අරගෙන පන්තියට ගියා. ඇත්තම කියනවනම් ග්‍රවුන්ඩ් එකේ දි තිබ්බ ප්‍රස්සන භාවය ඌව පන්තියට අරන් යනවත් එක්කම නැති උනා. පන්තියට යන පඩිපෙළ නගින්න නගින්න ගඳ වැඩි උනා.. ග්‍රවුන්ඩ් එකේ විවෘත අවකාසෙ ගඳ හොදට පැතිරිලා ගියාට පංතිය ඇතුලෙ එහෙම පැතිරිලා තුනීවෙලා යන්ඩ ඉඩක් නැති නිසා වෙන්ටැති. කොහොඅ හරි මට ආයෙ විසික් කරන්නත් හිත දුන්නෑ. මං කලේ ඌව පොඩ්ඩකට පැත්තකින් තියලා අල්ලපු පන්තියෙ මේසයක් උඩ තිබ්බ පැන්සල් පෙට්ටියක පෑන් පැන්සල් ටික හලලා ඒ පෙට්ටියට මීයව දාල බෑග් එකට දාපු එක. එතනින් පස්සෙ සාමකාමීව පාසල් වැඩ නිම උනා.

ඊගාවට ඉතිං වෑන් එකේ ගෙදර එන වෙලාව.. මටත් ඉතින් නිකා ඉන්න බැරි කමට අර පංසල් පෙට්ටිය එලියට ගත්තා..
මුලින්ම පෙට්ටිය උස්සපු එක මාට්ටු.. අල්ලපු පංතියෙහිටියට වෑන් එකෙ මගෙත් එක්ක ම හිටපු එකාගෙයි පැන්සල් පෙට්ටිය. :D
අරූ පෙට්ටිය ඉල්ලුවාම මං මීයාව අතට අරන් පෙට්ටිය ඌට දුන්නා.. මිනිහා තොම තියා ගනින් කියලා අයෙ මට පෙට්ටිය දුන්නා.. කොහොම උනාත් ඒත් එක්කම වෑන් අංකල් මහ සද්දෙන් බෙරිහන් දෙන්න ගත්තාමයි මට මතක් උනේ, පන්තිකාමරේට වඩා වෑන් එක ගොඩක් පුන්චී කියලා..  මුලු වෑන් එක ඇතුලම එකම ගන්දස්කාරයයි.. :3


https://www.flickr.com/photos/33572408@N00/8598700057/
https://www.flickr.com/photos/33572408@N00/8598700057


ප.ව.
වෑන් කාරයා බනිද්දි මෝචර්යක වැඩකරන්ඩද ආසා කියලා ඇහුවා මතකයි.. අර එදා අරූ එපා කියපු පෙට්ටිය තමයි අද මට ඇඳ යට තිබිලා හමුබුනේ.. ^_^

සැ. යු.
මං කැමරාවක් ගත්තු දවසකට මේක ඇතුලු අනික් පොස්ට් වලටත් ඇත්ත පින්තුර දානං. එතකං ඉන්ඩ බැරි එකක් ඉන්නවනම් කැමරාවක් අරදියං. ඇයි යකෝ මුන් චුල්ලසෙට්‌ටි ජාතකේ මී කුණ විකුණලා පොහොසත් වුනා කියද්දි ආනේ සාදු කියනවා. අපි දෙයක් ලිවාම තමා මුන්ට පොටො ඔනෑ. මේ බලව කැමරාව තිබ්බ කාලෙ ලිව පොස්ට්.! (ටු දෙමල 'න' යන්නා, නලීන් අයියා)

Thursday, May 8, 2014

දකුණ තියෙන්නෙ ලංකාවේ නෙවේ ලංකාවෙ අතන...

ඔන්න මිත්‍ර වරුනි පොරොන්දු විච්ච විදියටම මං ආවා.. වෙසක් ළඟ ළඟ එන හන්දා ඒකටත් ලෑස්ති වෙන්ට තියේ.

පහු ගිය ටිකේ මං දැක්ක ඔය බුකි පැත්තෙ ඉද්දි ඉහත නමට සමාන නමක් තියෙන පේජ් කෑල්ලක්. ඒත් එක ගැන නෙවෙ පොස්ට් එක ලියන්නෙ. ඒත් එක නිසා තමයි මට අද කියනවා වගේ කාරණා ටිකක් හිතුණේ.

විනෝදෙටත් එක්ක අදාළ පේජ් එක පොඩ්ඩක් බලමුකො..

ඉස්සර රේඩියො එකට ලිවුන් දැම්මා. (ඉස්සරම ටෙලි ග්‍රෑම් වගේ එව්වා පාවිච්චි කරාද දන්නෑ.) පස්සෙ පෝන් එක පොදු පරිහරන්යට ආවායින් පස්සෙ ලිවුන් පොස්කාඩ් ටික ටික පැත්තකට යන කොට රේඩියො ටිවි වල වැඩසටහන් වලට පොන් කෝල් දෙන සිස්ටම් එකක් ආවා.. දැන් දැන් ෆේස් බුක් එකෙන් එව්වාට අදහස් දක්වන අතරේ ලියුං පොස්ට් කාඩ් වලට විච්ච දෙයක් නෑ...
ටිවි රේඩියො උදාහරණෙට ගත්තෙ මේ දවස්වල පේස්බුක් එකෙත් හොඳ ජනප්‍රිය මාතෘකාවක් හන්දා.
කොහොම හරි පේස් බුක් කියන එක දැන් මිනිසුන්ගේ මේවා එකක් නේ.. ඒ අතරින් පේජ් ගෲප් එහෙම ගත්තාම යුදමය වටිනාකමක් හිටං තියෙනවා..

දැන් මං කලින් කිව්ව පේජ් එකේ නම ගැන කියනවනම් මට මතක "දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවෙ පුකේ" කියලායි... ඒත් ලංකාවෙ හරියටම පුක හරියෙ තියෙන්නෙ හම්බන්තොට වගේ. ඔව් මාගම්පුර අර කැට ඇරිලා වගේ තියෙන්නෙ ගුද මාර්ගෙ වගේ හරිය. එතකොට ගාල්ල හරිය තියෙන්නෙ ඉස්සරහට වෙන්න... මුත්‍ර මාර්ගය හරිය විවෘත වෙන්නෙ ඒ හරියෙන්.

අදාළ පේජ් එකේ අන්තර්ගතය බැලුවාමත් ඒ නමට හොඳට ගැල පෙනවා. ඇතුළෙ තියෙන එව්වා හරියට මොනාද කියලා දාන්න මං අද ඒ පේජ් එක හෙව්වා මට ඒක හොයාගන්න නම් බැරුව ගියා.. කොහොම හරි ඕකේ තිබ්බා ඔය කවුද අපේ මහින්ද මමා වගේ ශ්‍රේෂඨ පාලකයෝ එහෙන් බිහි උනාය කියලා.. බලන්න ඒ කතාව කොච්චර හරිද කියලා. ඒ වගේ නායකයො බිහි වෙන්නෙ එහෙන් තමයි.. මොකද කියනවනම් අපේ ලංකාව හාන්සි වෙලා නෙවේනෙ ඉන්නේ හිටගෙන.. ඉතින් ඔක්කොම සාරය බහින්නෙ පල්ලෙහාට. එකනේ අර ලංකාවෙ යට හරිය හොඳ පෘෂ්ටිමත්ව වැඩිලා තියෙන්නේ.

ඒ පේජ් කෑල්ල ගැන කිව්වා හොදටම වැඩී. එහෙනම් ප්‍රස්තාවනාව දැන් අපි ඇත්ත කතාව දිහාට හැරෙමුකෝ.

කියවන ඔබ ලියන මම ඇතුලුව අපි හැමොම මොකක් හරි බෙදුම් වාදියො. හෝව්.. කැති මන්නා ගන්නෙපා සේපෙ හිතලා බලන්න. අපි හැම තිස්සෙම බලනවා මොන විදියකින් හරි බෙදෙන්න.. හැබැයි ඒකත් හෙන ආතල් සහ ගත වැඩක්...

මම දැක්ක උදාහරණ ටිකක් කියන්නම්,
දැන් ඔන්න අලියෙක් ගහක් පෙරළලා කඩලා දානවා. මනුස්සේක් ගහක් කපනවා..
ම්ම් කුරුල්ලෙක් ගහක කූඩුවක් හදනවා. මනුස්සෙක් කොහෙ හරි ගෙයක් හදනවා..
අලියෙක් පෙරළන ගහයි කුරුල්ලෙක් හදන කූඩුවයි ස්වාභාවිකයි. මනුස්සෙක් කපන ගහයි හදන ගේයි කෘතීමයි. මනුෂයා කියන්නෙත් මනසෙන් උසස් සතෙක් නම් ඌ කරන වැඩ කෘතිම වෙලා අනික් එව්වා ස්වාභාවික වෙන්නයි හේතුව මොකද්ද. මිනිස්සු ගාව තියෙන බෙදුන්වාදය නැත්තන් වෙන මොකද්ද.
මං කියන්න ගියෙ එහෙමයි කියලා අපි ගස්කපන එක හොදයි කියලා නෙවෙ... එතන තියෙන බෙදුන්වාදේ නැත්තන් එක්කො අපිත් තාම ගෙවල් නැතුව කූඩු හදනවා. :D

දැන් ගොඩක් ප්‍රසිද්ද සීං එකක් ගැන බලමු.
ජාතිවාදේ. මිනිස්සු තමන්ගේ ජාතිය හොඳම එකයි කියලා කියලා බෙදෙනවා.. තමන්ට හොදම එක නෙවෙයිනම් තමන් තව දුරටත් ඒ ජාතිකයෙක් විදියට ඉන්නෑනේ.
ඔය අතරෙ ජාතිවාදෙ එපයි කියලා කට්ටියක් කෑගහනවා. හොදට බැලුවොත් ඒගොල්ලොත් බෙදිලා.

මේක නිකනක් පොකුරු බෝම්බයක් වගේ.. නැත්තන් ඡේදන කුලක, තුල්‍ය කුලක, කුලක මේලය ඔය වගේ සිය දහස් ගනන් කුලක ජාතිවලට බෙදිලා බෙදිලා දයනවා මේ බෙදුන් වාදයක්..

ජාති වාදී ආගම්වාදී, (ගොඩක් වෙලාවට මේ දෙකම එකකට එකක් උපකුලක) සර්වාගමික,  රාජපක්ෂ වාදී, රාජපක්ෂවිරෝදී, යූඇම්පී, වාමාන්ශික, එතකොට හේතුවාදි, නලීන් වාදී දකුණු වාදි කොළබ වාදි, ග්‍රාමීය, නාගරික, උගත් නූගත්.... ඔහොම ඔහොම ඇදිලා යනකොට...



නන්දාමාලනීට උමාරා එක්ක හැරෙන්න පුලුවන් බැරි, නර්ස්ලාට සූතිකා පුහුනුව දෙන්ඩ ඔනෑ එපා ඔය වගේ බෙදුම් ටිකකුත් තියෙනවා...

ප.ව.
දැන් මං පොඩ්ඩක් මඩෙන් එලියට ආපු නෙළුම වගේ එලියෙ ඉදන් පොස්ට් එක ලිව්වාට ඔය අතරින් පතර මඩ ගෑවුන තැන් එහෙමත් ඇති.. කොහොම කරත් අපේ අභිමතය මත අර උඩ කියපු ලයිස්තුවෙන් කැමති කැමති බෙදීම් ටිකක් කැමති ප්‍රමාණෙන් අරගෙන හොඳ සංකලනයක් කරලා පට්ට වාදියෙක් වෙන්න පුළුවන්.

ප.ප.ව.
දකුණ ගැන ගොඩක් ගොඩක් දේවල් වර්ණනා කළ හන්දා අනික් පැතිවල කට්ටිය තරහා ගන්නෙපා.. මං ඉතින් එහෙම කිව්වෙ අපේ ඥාති හිතාදින් ගොඩක් ඒ පැත්තෙ ඉන්න නිසා..නැතුව මගේ ගම අමතක වෙලා නෙවේ. අපි ඉන්නෙ ලංකාවෙ අක්මාව හරියෙනේ. :D මං කිව්වනේ මාත් අර ඉහත ලයිස්තුවෙන් කෑලි කෑලි අරන් හදාගත්තු පට්ට වාදියෙක්..
------------------------------------------------

ප්‍රේක්ෂක ප්‍රතිචාර හා පසුව මතක් වුන කරුණු අනුව ඉහත බෙදුම් ලයිස්තුවට එක් කර යුතු වෙනත් බෙදුම්,

ඕපන් සෝස් වාදී-කෝකත් එකයි වාදී, බොලිවුඩ් වාදි, හොලිඋඩ් වාදී,
PMC ඔනෑ කියන කට්ටිය එපා කියන කට්ටිය, කැසිනෝ හරි ශෝක්,
එතකොට ගනිකා වෘතිය නීති ගත කරන්ට ඔනෑ/එපා
බ්ලා බ්ලා..  (2014.05.10)





Saturday, April 26, 2014

පොස්ට් එකක් නෙවේ!

කලින් මාස 4කින් පහකින් මුණ ගැහෙමු කිවට ඔන්න අද තමයි එන්ට පුලුවන් උනේ. ඒකත් පොස්ටුවක් දන්ට නෙවේ.. නිකන් ඉන්නවා කියලා මතක් කරලා යන්න. :D

මෙහෙම එකක් දාන්ට ලොකුම හෙතුව, අහවල් අවුරුදු උත්සවේදි "I AM A BLOGGER" කියලා ටී ශර්ට් එකක් ඇඳන් ඉද්දි එකියෙක් ඇවිත් පිටට ගහලා ඇහුවා මල්ලි ඔයා ඔහොම ලියං හිටියට අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ කවද්ද කියලා... කවුරුත් එහෙම හිතන්න හරි නෑනේ.. වෙලාවක් තියෙන වෙලාවට අපි ඇවිත් මේ වගේ හරවත් නැනවත් ගුණාත්මක පල දායී පොස්ට් එකක් දෙයියනේ කියලා දාලා යනවා... නැද්ද!

ප. ව.
හෙට අනිද්දට මීට වඩා දිග එකක් දානවා හොඳේ! 

Friday, March 7, 2014

නිවසෙදීම සජීවීව duck hunt ගහන්න | නවනිපයුමක්

මට කොහොමත් මෙ කෘමි සත්තුත් එක්කලා එකාලෙ ඉදන් පොඩි තරහක් තිබා! කලින් පාර නව නිපැයුමත් මදුරුවන් මර්දනය කරන්න හදපු එකක්නේ!.. :D

මෙදාපාර ඊටවඩා සැහෙන්න වැඩි දියුනු වුන නව නිපයයුමක්... කාලෙකට කලින් හොයාගත්තට තක-හනියක් අදම ලියන්න හිතුන හේතුවත් කියලා ඉන්නම්කො... 

පොඩි කාලෙ මන්දපොසනෙට මට ත්‍රිපොසා කන්න දිලා තාමත් එව්වා නැතුවම බෑ.. ඔන්න හැමදාම උදේට ත්‍රිපොසා කකා කොම්පියුටරෙ ඉදිද්දි කිබොඩ් එක උඩට එහෙම සිනි ඇට පොල් කුඩු කෑලි ත්‍රිපොස කැලි එහෙම වැටෙන්නෑ කියන්නම බෑනේ... :D මිටකලින් දවසකත් ඔහොම වැටිලා එව්වා කන්න ආපු රතු කූබි කලා යන්නෙ නැතුව කීබෝඩ් එක ඇතුලෙම ජනාවසා හදාගෙන සැර ගේමක් දිලා එවුන්ව එලෝ  ගත්තෙ.. ඇයි අවුරුදු කොච්චරක්ද පදිංචිය තහවුරු කරාම සින්නකරවම ලියොගන්න පුලුවනේ! එවුන් කිබොඩ් එකෙ බොත්තන් ඇතුලු පැත්තෙ බිත්තරත් දාලා! එවා අයින් කළේ ඉරටු කෑල්ලකින්... කොහොම හරි එදා එහෙම එලොලා දැම්මා.. මෙන්න අද බලද්දි ආයෙමත් ලට්ට ලොට්ට අරගෙන ඇවිත් ආයෙ පැල පදියම් වෙලා.. මෙව්වා කාට කියන්නද.. ඔහොම ඉද්දි කල්පනා උනෙ ජිවකට උනත් හොද කරන්න බැරි කර්ම රෝග කියලා ජාතියක් තිබ්බ විත්තිය.. 

ඇත්තටම මෙක මං පෙර කර කරුමයක් වෙන්නැති කියලා හිත හිත ඉද්දි ඔන්න මට මතක් වෙනවා කාලෙකට කලින් මම හොයාගත්තු අද කියන්න යන නව නිපැයුම... 

මෙ නවනිපැයුම හිතුනෙ මෙහෙමයි.

දවසක් කොමඩ් එකෙ ඉදගෙන වැඩෙ කරද්දි මෙන්න අර ඇරලා තිබ්බ පැන්ලයිට් එකෙන් කොහෙදො යන අසම්ජ්ජාති මැස්සෙක් ඇතුලට ඇවිත් එහෙ මෙහෙ පියාඹනවා.. මං ඉතින් ක්‍රියෙටුවු මිනිහනේ... මැස්සා දැක්ක ගමන් හිතෙ කොළ පාට බලුප් එක පත්තු උනා! කොමඩ් එකෙ ඉදලා අතෙ දුරින් එයර්ෆ්‍රෙශ්නර් එක තියෙන්නේ... එක ගත්තා අතට. ඔන්න තරගෙට නිතියකුත් දාගත්තා.. කොමඩ් එකෙන් නැකිටින්නැතුව වෙඩි තියන්න ඔනෑ කියලා.. නැතුව මැස්සට අසාදාරනයිනේ.. වෙඩි තියනවා කිව්වෙ එයර්ෆ්රෙශ්නර් ඉහිනවට හොදේ.. අර වටෙටම ඉහෙන පැත්තට නොසල් එක හදලා ඔන්න මං මැස්සට ඉලක්ක කරලා වෙඩි තියනවා.. :D ඔහොම ඔහොම වෙඩි 5ක් 6ක් තියද්දි මැස්සා බිමට වැටුනා.. ඔන්න ඔහොම වැසිකිළිය තුලදි තමයි මගෙ නව නිපැයුමට අඩි තාලම වැටුනේ..  


ඔන්න හෝදගෙන කරගෙන එලියට ඇවිල්ලා කල්පනා කරද්දි මට මතක් උනේ ඩක් හන්ට් ගේම් එක.. අර චුටි කාලේ ටිවි එකට ගහලා තාරාවන්ට වෙඩි තියන්නේ. ඉතිං ඉස්සර මං ඔක ගහද්දි තාත්ත බනිනවා මොනාද ඔය පවුකාර වැඩ කියලා.. මං එක ඇත්තටම ගැහුවෙ ගෙම් එකට තිබ්බ ආසාවටමත් නෙවේ.. මට හෙන අවුලකට තිබ්බෙ කොහොමද එලියෙ ඉදන් වෙඩි තිබ්බාම විදුරුව හරහා ගිහින් තාරවට වදින්නෙ කියලා.. එත් තාත්තා තුවක්කුව කියන්නෙ ළමා මනස මෙව්වා කරන සෙල්ලන් බඩුවක් නිසා එක හන්ගලා තිබ්බා.. -_- 

කොහොම හරි ඒ ඇරියස් එකටමද මං දන්නෑ මම ලයිවු ඩක් හන්ට් ගේම් එකක් හැදුවා.. 

අපෙ අල්ලපු ගෙදර හතු වගාවක් තියෙනවා... එකෙ අයින් කරන ද්‍රව්‍ය විධිමත් ආකරයට බැහැර කරන නිසා අපෙ ගෙදර මුදුලෙ එක කෙළවරක මැස්සො හෙන බහුලයි... කොහොමින් හරි අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරින් සපයගෙන ඒ මුල්ලට ගේම් එක ගහන්න තියෙන්නෙ දැන්.. අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියනවනම්, හෙයර්ස්පේරෙ එකක්. ( ආදේශකයක් විදියට නිකන් ස්ප්‍රේ මැශින් එකකට තිනර්, ටර්වන්ටයින් බ්ලා බ්ලා බ්ලා ඇවිලෙන ද්‍රවයක් දාලා හදාගන්න පුලුවන්. කොහොම උනත් වැඩෙ පිළිවලට කරගන්නනම් සීල් ටයිප් ස්ප්‍රේ එකක් ගන්න එක තමයි හොද.. wd-40ක් උනත් කමක් නෑ.) ලාන්පුවක් හෝ ලයිටරයක් වගෙ දෙයක්.. අර මම හදපු ලයිටරෙ වගෙ එකක් බෑ. 

ඉතින් කරන්න තියෙන්නෙ මැස්සො ගහන තැනට ගිහින් ලාම්පුව පත්තු කරලා එකට ස්ප්‍රේ එක අල්ලන එක මැස්සන්ට ඒම් කරලා.. :) ඉලක්කෙ හරිනම් කිසි කතාවක් නෑ මැස්ස බිම! *මැස්සො ගහන තැන කිව්වෙ බහුල ප්‍රදේශය කියන අර්ථයෙන් හොදේ!
ඔන්න ඔකයි නිපැයුම. කොම වෙතත් ඔය කරපුවා දැන් පඩිසම් දෙනවා කියලා තමයි දැන් හිතෙන්නේ...


ප.ව.
පවු වැඩ රස කර කර කියැවිමෙන් ඔබත් එම පවම අනුමොදන් වූ වගයි.. ආයෙත් මාසා 4කින් 5කින් හම්බෙමු.. (y)  

Tuesday, December 17, 2013

ගෙදරදීම ලයිටරයක් සදාගන්නේ මෙහෙමයි..

වෙනදා වගේ නෙවෙයි ඕන් ඉඔක්මනටම ඊලඟ පොස්ටුවත් අරගෙන ආවා... නාකිවෙලාවත්දෝ කියලා හිතුනාට තාම අත්දැකීම් කියලා තියෙන්නෙ ඒලෙවල් ඕලෙවල් කාලෙ අත්දැකීම් විතරයි... එවගෙනුත් බහුතරයක් කියන්නෙ ඔක්කොම වගෙ ඉස්කොලෙදි හම්බුවිච්චා...


මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ  මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.

ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ!

අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3

කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...

අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.

කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...

වයරින් වැඩ සදහා විමසන්න!
ටික වෙලාවක් කල්පනා කොරන කොට මට වැඩේ තේරුනා.. අපෙ මිත්‍රයා ලයිටරේට වැඩේ දීලා කියලා.. පන්තියෙ කිප දෙනෙක්ට කරන්ට් එක වදින කෑල්ලකින් ආතල් දෙනවත් මම හවස් වරුවෙ දැක්කා.. :D

ඔය අතරෙ තමයි මයෙ මොලෙට ක්‍රියෙටිවු අයිඩියර් එකක් ආවේ... කට්ටිය අතේ තියෙන එකෙන් මොළේ තරම පේනවා කියලා කිව්වාට තාම මයෙ මොළේ කුරොල්ලු වෙලා නැති නිස්සා එහෙන් මෙහෙන් ක්‍රියෙටිවු අයිඩියාස් එනවා..


කොහොමත් පන්තියෙ ඉලෙට්‍රික්‍ බාස් මම! :D
ගත්තා තිනර් පොගොලා අත පිහ පිහ උන්නු රෙදි කැල්ල.. ගැහුවා ප්ලග් එකට මල්ටි මීටරේ ප්‍රොබ් දෙකේ ජැක් දෙක... රෙදිකෑල්ල බිම තියලා ප්‍රොබ් දෙක එකට ගෑව්වා විතරයි මෙන්න ගින්දර! 



ප.ව..
තාම මොළේ නං පොඩ්ඩක්වත් කුරවල්ලු වෙලා නැති උනාට  ඒවා මේවා පානය සෞක්‍යට අහිත කරයි කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.. :)

මල්ටි මිටරේ ප්‍රොබ්ස් කියන්නෙ මෙව්වට

Friday, December 13, 2013

RIP ඉංගිරීසි...

යක්කු ගස් නගින්නටත් කිට්ටු වෙන වෙලාවේ නිදි මතක් තැපෑලෙවත් එන්නැති හංදා මේ පැත්ත මතක් උනා.. :3

 හර බර එව්වා තේරෙන්නැති එව්වා අර කතා මේකතා නානාක්ප්‍රකාරේ කතා ලියද්දි අතරින් පතර සුවිට් මෙමරියක් බෙදා හදා ගන්න කොටත් පොඩි ගතියක් තියෙනවා නෙවැ.. :D අනික ඉතිං කිවන උන්දගෙ ඉදන් ලියන උන්ද වෙනකන් කොයි කවුරුත් කැමතිනෙ ඔය මසබාල්දි හෝදන්න!

දැන් කතාවට බහිමු ඔන්න... අර කතාවට කියනවනේ ඕලෙවල් කාලෙ තමයි සුංදරම කාලෙ කියලා.. මටනම් ඉතිං ඉදපු හැම කාලයක්ම සුදරයි.. :D කොහොමින් හරි මෙ ඔලෙවල් කාලෙ විච්ච ස්ටෝරියක්..

බ්ලොග් පොස්ට් කීපයකම කාරිය මං මයෙ කඩ්ඩෙ මුවහත් බාවය ගැන කියලා ඇතිනේ.. කොටින්ම කියනවන්ම් මගෙ ඉංගිරිසි දැනුම 0යි.. :D කොව්වා කොහොම උනත් අනිත් විශයන් කෑලි ටික යන්තන් ගැටගහන් හිටියා ඒ දවස් වල... ඒ දවස් වල අපේ සෙට් එකේ අපි ශ්‍රම විභජනයක් කරන් තමයි උන්නේ.. ඒ කියන්නෙ මොකක් හරි පන්තියෙ වැඩක් හදන්න දුන්නාම අපේ පුලුවන් එකා කරලා අනික් උන් එක්ක ශෙයර් කරගන්නවා... ඕක ඉතිං දැන් ප්‍රාථමික පංතියේ ඉදං ළමයි කරන දෙයක්නේ..

ඔන්න අපේ සෙට් එකේ හිට්යා මාර බුවෙක්.. මිනිහට කඩ්ඩ නතින්... අනික් එව්වා නැත්තටම නතින්... :3 කොහොමද කියනවනම් මිනිහාගෙ පහු කාලීන ඔලෙවල් රිසාල්ට් එක A එකයි Fවා අටයි... A එක කඩ්ඩට. ඉංග්‍රීසි වලට  A එකක් තිබ්බාට මහා ප්‍රාග්ඥයෙක් නෙවෙයි වෙන්නැති! ඒත් කොහොමින් හරි කඩ්ඩ මටවඩා සෑහෙන්න මුවහත්...

ඕන් දවසක් දා ඉංග්‍රීසි පාඩම...

ඉංවිටේශන් කාඩ් ගැන කියලා දෙනවා... මාත් ඉතිං ටීචර් කියන එව්වා අතරින් පතර අහන් ඉන්නවා... කොහොම හරි ඔය අතරින් පතර කන වැකුනා "පැමිණීම දන්වන්න" ද "එන්නැත්තන් කියන්නද" කොහෙද අන්තිමට ලියනවා වෙනුවට ලියන කෙටි යෙදුමක් ගැන.. කෙටි යෙදුම මට ඇහුනට ඔලුවට ගියේ නෑ අර වාක්‍ය කෑල්ල විතරයි මතක හිට්ටේ...
ඔන්න අපිට ඉන්විටේශන් එකක් හදන්න අපිට ටීචර් පැවරුවයි කියමුකෝ.. මං ලොවෙත් පොත් පෙන්නනේ නෑ ඒත් ඉතින් නිකන් ආතල් එකට වගෙ ඉංවිටේශන් එකක් හැදුවා පොතේ.. :D අර මගෙ කඩ්ඩ පුළුවන් මිතුරු තෙමේ ගෙන් උදවු අරගෙන! ඇත්තටම මම කලේ ඌ ලියන එක එබි එබි බල බලා මාත් ලිවීමයි.. යමක් කමක් තේරෙන ක්‍රීයෙටිවු මෙව්වා එක දාලා වාක්‍ය සෙන්ටර් කරලා බෝල්ට් කරලා ඉටලික් කරලා පාට පෑන් වලින් ලියලා උගේ එකම නව මුද්‍රණයක් ලෙස එලි දක්කොපු එක...

අන්තිමේදි අරූට වඩා ටිකක් වෙනස් වෙන්නත් එපැයි කියලා අර "පැමිණිම දන්වන්න" කියලා ලියන කෙටි යෙදුමත් දාන්න හිතුවා.. එක දන්නෙ නැති නිසා අරූගෙන්ම අහගෙන දැම්මයි කියමුකෝ...

ඔන්න ඉතින් දැන් මාත් කියො කියො විකාර කර කර කර ඉන්නවා.. මව පොඩ්ඩක් මැඩම් ට නෝට්ද කොහෙද.. මයෙ වොලිවුම් කොන්ට්‍රෝල් එකත් සෑහෙන්න අවුල්නේ.. එහෙමයි කියලා කියවිල්ල නවත්තන එකක් යෑ! ඔන්න මැඩම් පුළුටු මූණ දාගෙන මයෙ ලඟට ආවා... වැඩේ ඉවරද ඇහැව්වා.. මාත් ඉතිං කිංඩි හිනාවක් දාලා පොත දුන්නා.. :D මෙන්න ගෑණි මූණ පුක කරගෙන පොත විසික් කරා කියාහංකෝ...

කනින් අල්ලලා පොඩ්ඩක් හෙලෙව්වා..  එයාගෙන් මං පහුකාලිනවා ගුටිත් කාලා තියෙන නිසා දැන් කනෙන් ඇල්ලිල එච්චර ගානක් නෑ! :D

මං ඒ පීරියඩ් එක ඉවර වෙනකන් අරූගෙන් මොකො උනේ අහන්න බලන් හිටියෙ, මාව ඉස්සරහට ගත්තු නිසා... නැතුව කතා කරන්න බයකට නෙවෙයි... ඕන් පීරියඩ් එක ඉවර උනත් හරි පන්තියෙම හූ එකයි.. :D අනික් ඔක්කොම ළමයි මයෙ පොත ඇහිදන් කියො කියො එකිනෙකට පාස් කරනවා.. අර ඉස්සර අපි වැල මගසින් පාස් කරනවා වගේ :D

පහු පහු වෙනකොට වැටහුනේ අරූ ආතල් එකටත් එක්ක ඉන්විටේශන් එක හදනවා කියලා හදලා තියෙන්නේ ඉංග්‍රීසි වැල පත්‍රීකාවක්.. ඒ මදිවට අන්තිමේදි අර අහපු පැමිණීම දන්වන්න කියන එකට මොකද්ද කියන්නෙ කියලා උගෙන් ඇහුවාම ඌ ජොගියට කියලා තියෙන්නේ RSVP වෙනුවට RIP කියලා!



ප.ව.

කොටින්ම කියනවනම් මං මේ මෑතක තමයි ඉංග්‍රීසියෙන් Paul ලියන්න ඉගන ගත්තෙත්.. ඉතිං මයෙ කඩුවෙ මුවහත ආයෙ කියන්න ඔනෑ නෑනේ... අනික ඔලෙවල් වලින් පස්සෙ ඒලෙවල් වලදි ඉංගිරිසි පිරියඩ් එකක ඉන්නවා තියා ඒ මැඩම් මාව අදුරන්නෙවත් නැති ගානට (කොටින්ම කියනවනම් ඉදලා හිටලා පන්තියට ගියාම යන්න කියනවා අල්ලපු පන්තියෙ කියලා හිතලා) ඉංග්‍රිසි විශයෙන් ඈත් වෙලා උන්නු නිසා දැන් ඒ කාලෙ තරන්වත් දැනුමක් නෑ.. :3 ආයෙ මුල ඉදං පටන් ගන්න ඔනේ -_-


ප.ප.ව.

මට මේ කියපු පොත මෑතකදි හම්බුනා.. ඒලෙවල් ඉවර කරලා ඒ පොත් ටික රාක්ක ගත කරද්දි ඒ රාක්කවල අහුමුළුවල තිබ්බ ඕලෙවල් පොත් අයින් කරද්දි තමයි හම්බුනේ.. කැරපොතු බෙටි වලින් හොදටම ජරාජීරනය වෙලා තිබ්බ පොතේ ඒ ඉන්විටේශන් එක පොටො එකක් ගත්තෙම බ්ලොග් එකට දානවයි කියලා.. අවාසනාවන්තලෙස පොත විසික් කරා.. පොන් එකේ තියෙන නිසා.. පෝන් එක මේ ඊයෙ පෙරෙදා නැති වෙලා නෙව.. :3 මට දුක ඒම සුවිට් මෙමරියක් නැත්තටම නැති වෙලා ගිය එක..





Sunday, December 8, 2013

දෙකෙලැවරවල් මැදින් තව කෙලැවරවල් තියෙනවද?

ඒලෙවල් ලියනකන් උන්නේ ඉවර කරලා බ්ලොග් ලියනවා... අරවා කරනවා මේවා කරනවා කියලා. අන්තිමේ ඒලෙවලුත් ඉවරයි. ක්ලාස් ගිහිල්ලත් ඉවරයි. ඒත් ලියපු බ්ලොග් පොස්ට් එකකුත් නෑ කරපු අරකකුත් නෑ කරපු මේකකුත් නෑ! ගෙදෙට්ටම නාකි උනා කියලත් හිතෙනවා...

කොහොමින් හරි තටමලා තටමලා කාලෙ කන්න ක්‍රමයක් නැතිම තැන තමයි මේ දිහාවට අවිත් මේ පෝස්ටුව ලියන්නේ.. ලිව්වට මොකද මේක වෙනදා ලියන හැමොම ආසකරන කැටගරිවලට අයිති පොස්ට් එකක් නෙවෙයි.. කොටින්ම කියනවනම් බෝරින් ටොපික් එකක් ගැන ලියන්නේ.. ඒත් මේ දවස් ටිකේම හිතේ කැකෑරි කැකෑරි තිබුණු ටොපික් එකක් තමයි මේක...



මට මේක මතක්වුණේ නිවාඩු කාලේ ඇවටාර් ටිවි සෝ එක බලද්දි... ඇත්තටම එක කාර්ටූන් එකක් උනාට මොකො මොළේ නිවුරෝනයක් නිවුරෝනයක් ගානෙම හිතන්න වටින කාරණා එහෙමත් තියෙනවා. යින්-යැන්ග් සංකල්පය ගැන එහෙම :D  

යින් යැන්ග් කිව්වාම ඉතින් ඔනම කෙනෙක්ට කියන්න පුළුවන් කළු - සූදු කියලා... ඒත් ඒකේ ගැබුරට ගියොත් අපිට පේනවා කළුපාට තීරුව ඇතුළේ සුදු පාට තිතකුයි සුදු පාට තීරුව ඇතුළේ කළු පාට තිතකුයි තියෙනවා. හැමතිස්සෙම වගේ අපි කළුපාටින් කියන්නේ නරක, ඈක්කා, චීය, දුක, කළුවර බ්ලා බ්ලා බ්ලා වගේ එව්වනේ.. එතකොට සුදු පාටින් කියන්නේ හොඳ, ආලොකය අනම් මනම්...
යින් යැන්ග් එකේදි කියවෙන්නෙ ඇත්තටම ඈක්කා, චීයා ඔය අතරින් හොද කියන එකත් සුදුපාට මැද්දෙන් කළුපාටත් ටිකක් හරි මුසු වෙලා තියෙනවයි කියලා වගේ සංකල්පයක්...
එතනින් එහාට ගියාම තවත් කියන්න පුලුවන් ඒ යින් යැන්ග් රවුම හැදෙන්න කළු සහ සුදු දෙකම ඔනෑ! ඒකත් කලින් කිව්ව උපමේය වලට ආදේශ කරගන්ට...

ඔය මං කිව්වෙ සම්පූර්ණ වචයෙන් මගේ හිතේ ඇඳුණු කරුණු ටික! කොටින්ම කියනවනම් යින් යෑන්ග් කියන චයිනිස් වචන දෙකේ තේරුන් වත් මං දන්නෑ. ඒක නිසා ඔය රවුම හදපු උදවිය ඕකට දුන්නු තේරුම මං කිව්වාට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්.. ඒක නිසා ඒ කිව්ව ටිකෙ වැරැද්දැක් තිබ්බොත් දන්න කෙනෙක්ට නිවැරැදි කරන්න බාරයි!

ඒත් මෙච්චර වෙනකන් අපි කතා කරේ කෙළවරවල් දෙකක් ගැන නේ.. අපි සමාන්‍යයෙන් කතා කොරද්දි එහෙම නිතරම කෙළවරවල් දෙකක් ගැන තමයි කතා කරන්නේ.. උදාහරණෙකට කිව්වොත් සැප- දුක, කළු- සුදු, එළිය- අඳුර.... ඕම ඕම නානාප්‍රකාරෙ මතෘකා ගැන කෙළවරවල් දෙකක් තියලා අපි කතා කරනවා... අපි කිව්වෙ මම ඇතුළුව හැමොම වගේ දන්නවා ඔය දෙක අතර මැද තවත් සංක්‍රාණ්ති තියෙන විත්තිය!
හරියට වැස්ස වෙලාවට අඳුරුයි. ඒත් රෑට ඊට වඩා අඳුරුයි. රෑට වහිනවනම් අමාවකනම් ඊටත් වඩා අඳුරුයි... ඔහොම ඔහොම අඳුරේ ප්‍රබේද තියෙනවා.. ඒළියෙත් එහෙම්මමයි... ඔය වගේ තමයි මේ ලෝකෙ තියෙන ගොඩක් වා මායිම් ලකුණු කරන්න බැ මහේක්ෂිය වියට බැලලා. ඒකට කමක් නෑ ඉතින් අපිට දැනට ඒ මකේක්ෂිය අන්වීක්ෂීය කතන්දර වැඩක් නෑ!

දැන් පොඩ්ඩක් තර්ක ශාත්‍රය පැත්තට හැරුනොත් අපිට හම්බෙනවා තර්ක ක්‍රම කිහිපයක්... ද්වීකෝටික තර්ක ක්‍රමය, ත්‍රිකෝටික තර්ක ක්‍රමය, චතුර්කොටික තර්ක ක්‍රමය. (ත්‍රිකොටික කියලා එකක් නම් ඇත්තටම තියෙද දන්නෑ.. මං හැදුවේ ) ද්විකොටික තර්ක තමයි ගොඩක් වෙලාවට පවිච්චි වෙන්නෙ අපි අතරෙ.. ඔව් නම් ඔව් නැත්තන් නෑ, සිං නම් සිං දොං නම් දොං ඔය වගේ.. ඒක සරළව පැහැදිළි කරන්න පුළුවන්... චතුර්කොටික් තර්ක ක්‍රමය නම් එහෙම සරළව විස්තර කරන්න අමාරුයි.. කාලෙකට කලින් ඔය එක එක පොස්ට් දාද්දි මං අඩවන් කරපු දුරක් ගැන එහෙම කතා කලා මතකද?
මෙහෙමයි. අඩවන් කරපු දොරක් තියෙනවා.. දැන් දොර ඇරලාද.. නෑ. ඒත් දොර වහලත් නෑ.. ගොඩක් කට්ටිය පාවිච්චි කරාට උඩ කියපු ද්වීකෝටික තර්ක කරමයෙන් මෙව්වට උත්තර දෙන්න බෑ! ඒවගෙ වෙලාවකට යන්න වෙනවා චතුර්කෝටික තර්ක ක්‍රමයට!
දොර ඇරලා ඇත.
දොර වසා ඇත.
දොර ඇරලා සහ වහලා ඇත.
දොර ඇරලවත් වහලවත් නැත. 
මුල් කාලෙ මාත් නිතරම හිතුවෙ අන්තිමට කියලා තියෙන කරුණු දෙකම එකයි කියලා. ඒකයි මං අර උඩින් ත්‍රීකොටික කියලා එකක් මංම හදාගත්තා කියලා කිව්වේ... ඒත් තවට් ටිකක් පතුලට හිතුවොත් ඔප්ශන්ස් 4ක්ම තියෙනවා කියලා පේනවා. පෙනුනට මොකො ඒක තේරුම් ගන්න සහ තේරුම් කරන්න හෙනම අමාරුයි... අපිට එහෙම උනාට ඒදවස් වල මුවා පස්සෙ ගිය දේවානම් පිය තිස්ස රජ්ජුරුවොනම් ඒක සුටුස් ගාලා තේරුම් අරන් තියෙනවා... මිහිදු හාමුදුරුවන්ගේ අඹ ප්‍රස්නය නෑදෑ ප්‍රශ්ණය ඔය ඔක්කොම කොන් තුනද 4ද කෙසේ වෙතත් ද්වීකොටිකයෙන් එහාට ගිය එව්වා...

ඇත්තටම අපි තාමත් පාවිච්චි කරණ නීතිය හැම දෙයක්ම වගේ ද්විකොටික තර්කය පදනම් විච්චා.. මේ 21 සියවස.. කියන්න ඔනෑ උනේ   අපිත් එකමත් එක කාලෙක් ඔයිට වඩා දිවුණු තර්ක ක්‍රම පාවිච්චි කාලා තියෙනවයි කියලා.. :3

ප.ව.
කොහොමින් හරි අන්තිමට පුරුදු විදියට මං වන්සේකබල්ගාන තැනට ආව... අඹ ප්‍රශ්ණය නෑදෑ ප්‍රශ්ණය එව්වා අමුතුවෙන් කියන්න ඔනෑනේ හැමදාම කාලීන බණට හාමුදුරුවො කියන්නෙ ඕකනේ.. :D

අවසාන වශයෙන් යිං යැං වන්දනා කරුවන්ගෙන් මං ප්‍රශ්ණයක් අහන්නම්...

කළුසුදු හැර වෙනත් පාටවල් තිබේද? :)
Related Posts Plugin for WordPress, Blogger...