Monday, October 17, 2011

ආදරේ අලුත්ම පාට මොන පාටද?

හූග දාසකින් මේපැත්තෙ ආවද මංදා.. වැඩ රාජකාරී බහුල සමයක මෙහෙම හරි පොස්ට් කෑලක් ලියාගන්ට කාලයක් ලැබුනු එකනම් පට්ටා... :D ‍දැන් ඉතින් බහිමුකො මෙව්වා එකට...හ්ම්ම්.. ආදරණීය මෙව්වා එකක්....!

අලුත් පරණ කතන්දරේ වැඩක් නෑ. හැබට ආදරයේ පාට මොකද්ද? එහෙම ඇහුවම කිසි ගතියක් නෑ මයෙ හිතේ. මොකො ආදරය කියන්නෙ මේ පංච ඉන්ද්‍රීන්ට ගෝචර වෙන එකක් යෑ පාට කියන්න. එහෙම නෙවෙයි. දැන් අපේ රටේ ජාතික වෘක්ෂය මොකද්ද? නා ගස.. හැක් හැක්... එතකොට ලංකාවෙ ජාතික පාට මොකෑ... ඕන් ඒකනම් ඇඟිල්ලගෙන් අහනට එපා.. ඉතින් කොහොමින් හරි දැන් පේනවනෙහ් එක එක එව්ව වලට ඔය සංකේත තියෙන විත්තිය.

ආදරේ ගැන කතාකොරොත් ඉතින් ඒකටත් තියෙනවා නොවැ විවිදා කාරයේ සංකේතයොදාගන්නවා... ඔව් හාර්ට් එක.. හි හි හි... අපිටනම් ඉතින් මොන හාර්ට් ද? ඩී එකක් කාර්ඩ් එක් තිබුනොත් හොදටම ඇති. එව්වයෙන් වැඩක් නෑ නොවැ. හැබෑට ආදාරය සංකේතවත් කරන පාට මොකද්ද කියලා ඇහුවොතින් දෙන උත්තරේ මොක්ද්ද? ම්ම්ම් කෙනෙක්ට හිතෙන්ත් පුලුවන් රතුරෝස මලකින් ආදරේ සංකේතවත් කිරීමේ කලාවක් තියෙන නිසා ඒ පාට රතු පාටය කියලා.. හැක් හැක්.. අනික හාර්ට් එක අතුලෙ දුවන්නෙත් රතු ලේ නොවැ... ඒත් පොඩි අවුලකට තියෙන්නෙ ඉතින් ජපන්නු තමන්ගෙ රටේ කොඩිය මැද්දෙ රතු පාට තිතක් තියාගෙන උන්නෙ නම් ආදරේ සංකේතවත් කරන්ට නොවෙන විත්තිය. මටනම් හිතෙන්නෙ ඔය රතු පාට හොද ආදරේ පුරකාශ කරන වැඩේට වඩා ඒ වගේ ශෝකය ප්‍රකාශ කරන තැන් වලට කිය්ලයි... තාම හිච්චි මොළේ හින්ද එහෙම හිතෙනවද මන්දන්නෙත් නෑ.... ;)


අහ් මේ.. අර දම්පාට හැන්දෑවක් ගැන කවුදෝ කියනව අහල තියෙද? ආන් මාතෘකාවට ආව. අහල නැති කෙනෙක් නැතුවෑති. ඉතින් කවුරු හරි දැකල තියෙද මං අහන්නෙ දම්පාට හැන්දෑවක්? අනිව ඔය කියන්නෙ අහස දම්පාට වෙලා තිබුන කියන එකනෙහ්... හැක් හැක්... හැබෑ ඔය කලුපාට වැඩි උනාමත් නිකන් දම්පාට පේනවා ඒක වෙනම කතාවක්. ඔය අස්සෙ දම්පාටින් ළා හඳත් බහින්ට පටන් අරගෙන... ඒක එක්කො වෙනින් ලෝකෙක උප ග්‍රහයෙක් වෙන්ටෑ. හැක් හැක්.. එහෙම නෙවේ ඉතින්... මනඃකල්පිත උනත් ඒ දම්පාටම ගත්තු එක කොච්චර පට්ටද නේද? :D දැන් අර සමහරක් කිව්වා වගේ රතුපාටින් ලා සඳ බැස යනවා කිව්වනම් ඉදල හමාරයි... ජපන් කොඩිය පරාදයි... දැන් මේ උදාහරණ කෑලිටිකෙන් මෙව්වා එක් ගත්තනෙහ්... මේ සිංදු කෑල්ල අහල තියෙද?
දම් පැහැ පුංචි වීදුරු වළල්ලක්
ඔබට මතක නැති
මට අමතක නැති
මං ලඟ තාම තියේ....
ඔවු අජන්තා වීරසිංහ ලියල චණ්ද්‍රානි ගුණවර්දන කියන්නෙහ්... :) හැක් හැක්... සිංදුවෙ ඇම් පී ත්‍රී කෑල්ලක් තිය ඔතනින් එහාට පද වැලවත් දන්නෙ නෑ  ඕන් මං.. ඇහැකි කෙනෙක් දාල ගියානම්... ඉතින් කොකින් කොක වෙහත් මේ සිංදුවෙ තේරුම බලමු.

දම් පාට ගැන අයේ ඔනි නේ... පුංචි... හුරුබුහුටි... :D :D වීදුරු කියන්නෙ ඉක්මනින් කැඩෙන සුළු.. ඒවගේම හොදට පරිස්සම් කරන්ට ඔනි දෙයක්...  ඉහික්.. එතකොට වළල්ල? හැක්.. මට හිතෙන විදියට නම් ඔය කියල තියෙන්නෙ ආදරේ කියන්නෙ චක්‍රීය මෙව්වා එකක් කියලා... පට්ටා බූට් සිංදුවක් නේද? බූට් උනත් මොකො අපිට ඔනි කෑල්ල තියේනෙහ්...
දම්පාට...!

ප.ව.
ඔය රතූ පාට, කොළ පාට, දම්පාට බියුටි පුල් මලක් ගැන කියල තිබ්බට මොකො ඔය මලට දම්පාටක් ගාවගෙන තියෙන්නෙ ආදරේ ගැන කියන්නමද දන්නෙ නම් නෑ... කොවුවා වුනත් ඒ මල ආදරේ පුරකාස කිරීමට නරකමත් නෑ... ඇයි බොලැ.. මේ හිච්චි ඇඟිල්ලගේ බ්ලොග් කල්ලෙ ජාතික පාටත් දම්පාටම තමා....

Tuesday, October 11, 2011

යෙහෝවා ගේ පියාගේ නම ඉරක් වුනේ කොහොමද?

හැක් හැක්... ඕන් ආයෙත් ආවා... අපි ඉතින් අශ්ඨ ලෝක මෙව්වා එකෙන් කපා වෙන්නෙ නැති හින්ද හොදා... ඕන් අද හා හා පුරා කියලා පුන්පොහෝ දා බ්ලොගර් කෑල්ලට ඇඟිල්ල ගැහුවේ වැදගත් මෙව්වා එකක් ලියන්ට හිතාගෙන. මේ බ්ලොග් කෑල්ල වුනත් විවිධ ආගම් වල ඈයෝ කියවනව වෙන්ටෑ..

මං ඇබිත්තයා කලේ ඉදන් බාල්දි පෙරලන්ට හලි රුසියා. අපි බෞද්දයෝ උනාට මොකො එහෙම අන්තවාදි නොවී පල්ලියත් එක්ක වුනත් සබදකම් තිබ්බා... ඕන් මං කිරිසප්පයා කාලේ පල්ලියේ ෆාදර් උන්නැහේ ත් එක්ක මට කතාකරන්ට අවස්තාව ලැබුනා. අපේ පියත් එතන හිටියා. මං ඒවෙලාව අවස්තාවක් කොරගත්තා මගේ මෙව්වා එක පෙරලන්ට. :D මං ඉතින් ෆාදර් අන්කල්ගෙන් ඇහපු පළෑවෙනි ප්‍රශ්නෙ වුනේ, දෙවියන් වහන්සේ අපිව මැවුවනම් දෙවියන් වහන්සේ ව මැව්වෙ කවුදෑ* කියන එක... හැක් හැක්.. ඒ ප්‍රශ්නෙ පළවෙනි එක වගේම අන්තිම එකත් උනේ පියා මගේ අත කුනිත්තපු නිසා... ;) ඉතින් ඒ පෑදිලි වුන්නහෙත් ඔය වගේ ප්‍රශනවලට උත්තර දෙන්ට කට හදාගෙන ඉන්ටෑ. දෙවියන්වහන්සේ ව කාටවත් මවන්ටවත් නසන්ටවත් බෑ..  පුතාට මේවා තේරෙන්නෙ නෑ කියල මයේ ඔලුව අතගාල කතාව වෙන අහකට හැරෙව්වා... සමහරක් විට අපේ පිආයාට හිතෙන්ටෑ මං එහෙම අහපු ප්‍රශ්නෙන් ෆාදර්ට මල පනී කියලා.. හැක් හැක්... ඒ දවස් වල කිරිසප්පයා නිසා ඒ කියපු කාතාව හැබෑටම මට තේරුනෙත් නෑ. පස්සෙ ඔය 10 පංතියට එද්දි ශක්ති සංස්තිථි නියම ඉගන ගන්නවත් එක්ක ඔය දෙවියන් වහන්සේගේයි ශක්තියයි අතරේ සම්බන්දයක් මට හිතුනා. ඒගැන දවසක්දා මං කිව්වා නොවැ.

කොවුවා උනත් තාමත් ඒ ඒ ආගම් වල ඈයො කියන්නේ දෙවියන් වහන්සේව කවුරුත් මැව්වෙ නෑ කියලා... හ්ම්ම්ම්... කොටින්ම කියනවනම් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නෑ කියලා... හෑ බොලේ මටනම් හිතා ගන්ට බෑ කොහොමද තමන්ගේ ආගමික නායකයට මෙහෙම අවජාතක බවක් අමුණන්නෙ කියලා.. හැක් හැක්.. පානදුරා වාදේ එක  තැනකදි මොහොට්ටි වත්තේ ගුනානන්ද හාමුදුරුවො පෙන්නලා දෙන විදියට යෙහෝවා කියන උන්නැහේට දෙවියන් යන පදය දාල තියෙන්නෙ කුප්ප කමට.  ඔයාවගේම කුප්ප කමට කල්කාටා පැත්තේ යෙහෝවාට ඊශ්වර කියලත් කියනවලු. එහෙම ගුනානන්ද හාමුදුරුවො කියද්දි මට මතක් වෙන්නෙ රොබට් නොක්ස්කාරයා කියපු කතාවක්. ඩයල් එක කියනවා දෙවියෝ, විව්‍යලෝකය කියන වචන ක්‍රිස්තියානින්ගෙන් ණයට ගත්තු වගේම යකා, අපාය කියන වචනනම් සිංහලයන්ගෙම එව්වය* කියලා.. එවුන්ගෙන් නයට ගත්තුවද නැත්නම් උන් අපෙන් උස්සපුවද කියලන ටික් හිතන්ට වෙයි වගේ.. ;)


දැන් එව්වා නෙවෙයි ඕනි. අපි මේ යන්නේ යෙහෝවාගේ ජාතකේ හොයාගෙනනෙහ්... ඒකට ප්‍රවේශය ගන්ට කලියෙන් ක්‍රිස්තුපූරව ගන්වල උන්නු දෙවිවරු ගැන ටික් බලා ඉදිමු. දැන් ග්‍රීක දෙවි වරු ගත්තොත් ඒ හැම කෙනෙක්ම ග්‍රීක පිරිමි විදියට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ.. එතකොට මිසර දෙවිවරු ගත්තත් එහෙම්මමයි. ඒ දෙවි වරුන්ගේ ගාවතිබුනෙ මිසර පිරිමි ඈයන්ගේ ඇඟේ තිබුනු කළුපාට. හැක් හැක්... ඔයවගේ තමයි ඉතින්... අස්පයන්ට දෙයියෙක් උන්නොත් එයා අස්ප හැඩේ ගන්නවා...  අහ්.. ටින් ටින් බල ල තියෙනම් ඔය වගේ සිද්දියක් තියෙනවා. අර යෙටී ඉන්න කතාවෙදි ඉස්නෝවි ටින් ටින්ගෙන් පනිවිඩයක් පංසලට අරන් දුවද්දි බිම වැටිලා තියෙන මස් කට්ටක් දකින්නෙහ්.. එතකොට දෙවි වරු දෙන්නෙක් එනව. නැහ්. දෙවියො එකයි යස්සයො එකයි. අන්න ඒ දෙන්නම බල්ලො දෙන්නෙක්ගේ හැඩේ ගත්තු දෙන්නෙක් නේද? :D දැන් ඇබිත්තක් බයිබලේ බල ඉදිමු. ඒකේ අර උප්පත්ති එක කියල තියෙන පිටුවෙ 27 කියල දාල මෙහෙම කියල තියෙනවා,
27 දෙවියන් වහන්සේ
තම ස්වරූපය අනුව
මිනිසා මැවූ සේක;...
ඔය කියන විදියට ඕකේ විලෝමයනම් යෙහෝවා ත් මනුශ්‍යරූපයක් ගත්තුකෙනෙක් වෙන්ට ඔනි.  හැක් හැක්... අහ් මයික්‍රොසොව්ට් මාමලා ඔපීස් පැකේජ් එකත් එක්ක එවපු  ක්ලිපීව මතකද? ඔවු ඔවු.. අර මෙලෝ වැඩක් කොරගන්ට දෙන්නෙ නැතුව මැද්දට පනින ෆයිල් කට්ට තමයි. අහ් ඇයි කාස්ට් අවේ (cast away) ෆිල්ම් එක බල තියෙනවනම් ඒකේ උන්න්ට් ටොම් අන්කල්, අර වොලි බෝලේ 'විල්සන්' කරේ... එච්චර ඕනි නෑ අනේ... ඔයාට ගෙදර ඇති කරන හුරතලේට ඇති කරන තිරිසන්සතෙක් ඇතුලෙන් මනු සතෙක් දකින්ට පුලුවන්නම් ඒකත් එක උදාහරනයක්. ඔය හැමතැනදිම උනේ මනුශත්වාරෝපණයක්.

ඉතින් මට අන්තිමට මෙච්චරයි යෙහොවාගෙ ජාතකේ ගැන කියන්ට තියෙන්නේ.  මයික්‍රෝසොෆ්ට් එකේ මාමලා  එයාලගේ විදියට 'ක්ලිපී' ව මැවුවා වගේ ඔය බයිබලේ ලියපු අය ඒ අයගේ විදියට දෙවියන්ව මැවුවා මිසක් දුවට බෑ නොවැ අම්මව වදන්ට.... ;)

ප.ව.
*සමහරක් විට දෙවියන් වහන්සේව මැව්වෙ කවුද කියල ඇහල බාල්දි පෙරලන එකින් ඒ ආගමට අපහාසයක් වෙන්ට ඉඩතියේ... එහෙම අපාහාසෙකට නෙවෙයි මං තුමා එහෙම කිව්වෙ. අනික ඒ කාලෙ දාවිත් ද සිල්වා පෑදිලි උන්නැහේට අපේ ගුනාන්ද හාමුදුරුවන්ට "මෙහෙ ඉදන් පින්දුනාම මැරුනු මිනිහ ඉන්න එහාට පිං යන්නෙ කොහොමද?" කියලා අහල කිණ්ඩි දාන්ට ඇහැකිනම් මං මෙහෙම කිණ්ඩියක් දැම්මාම මොකො ඉතින්. අහ් පස්සෙ අපේ  හාමුදුරුවො දෙහිගෙඩියක් අරන් කපලා ඒ කොටස් වලදන කොට අර පෑදිලි උන්නැහේගේ කටට කෙළ වුනපු විදියෙන් පෑදිලි කිණ්ඩියට උත්තර දුන්නලු. :) මේවගේ තර්ක විත්‍රක් ගොඩාක් පංචමහා වාච සැට් එකේ තියෙනවා. :) අපේ ගාමින්ද මලයණ්ඩිගේ බ්ලොග් එකෙන් එව්ව කියෝත හැකි. මාත් කියෙව්වෙ එතනින්.. :)

*රොබට් නොක්ස් කාරයා කිව්වාම හිත ප්‍රකම්පිත කොරගන්ට එපයි කියල දවසද්දා මං කිව්වෙ ඩයල් එක අපේ සිංහලයන්ට දාපු කිණ්ඩි නිසා. දේව, යක්ශ සීන් එක ත් එහෙමයි. අහ් ඔය කොටහ තියෙන්නෙ එදා හෙල දිවේ නීතියත් භාශාවත්, උගත්කමත් කියන 27 වෙනි පරිච්ඡේදෙ. මං ගාවතියෙන පොත 1972කේ ප්‍රින්ට් කරපු එක්. ඒකට අනුව නම් 305 පිටුව. හැක් හැක්.. ඔය සමහරක් චන්දෙ ගන්ට උජ වඩ වඩ කියන "ගොවියා මඩ සොදාගත් කළ රජකමටද සුදුසුයි" කියල තියෙන පාටෙත් රොබට් නොක්ස්ගෙම එක් නොවැ. විළි ලැජ්ජ නැතුව අපේ මහතැනුත් ඕය පාඨේ හැම තැනම කිය කිය ඇවිදිනවා හරි හැටි තේරුමක් නොදැන. ඇයි යකො මේකින් කියන්නෙ ලංකාවෙ රජකම ගන්ට දේශාපාලනය ගැන කිසිම දැනුමක් නැති ගොවියෙක්ට උනත් පුලුවන් කියන එක මුන්ට තේරෙන්නෙ නැත්තේ...?

ප.ප.ව.

අයෙම සැරයක් කියනව පොස්ටුව ලිව්වෙ ක්‍රිස්තියානින්ට අපහාසයක් කොරන්ට නෙවේ කියලා. මං මේක ලිව්වෙ එක් මනුශත්වාරෝපනය ගැන කියන්ට බලාපොරොත්තුවෙන්. අනික ඔය මිත්‍ය දෘශ්ටියෙ ඇලි ඇලී ඉන්න ඈයන්ට සම්මා දෘශ්ටියක් තියෙන විත්තියත් පෙන්නලා දෙන්ට.. :) නැත්නම් මෙහෙම ගියොත් ක්ලිපී කියයි මයික්‍රොසොෆ්ට් එක එයා මැවුවා කියලා.. නැද්ද?

Friday, October 7, 2011

අපි නොදන්න ලයිවු....

ඕන් යටගිය දවසක් ක්ලාස් එකේ... මේක ඇවිල්ල ගෙදරක් ඇතුලෙ කරන පුංචි පංතියක්. ගුරුතුමියක් තමයි උගන්නනේ.. ගුරුතුමියගේ ස්වාමිපුරුශ තැන ළමයින්ගේ ෆීස් එක්හවු කරනවා... ඔයතරේ ගුරුතුමිය ඒ අන්කල්ට ගෑ ගහනවා උයපු කෑම හරි නෑ කියලා.. :) ඉතින් අංකලුත් අනික් පැත්තට කෑ ගහනවා... කොහොමින් කොහොම හරි බහින් බස් වීම යන කොට ළමයි විච්ච අපිටත් හරි ජොලි. ඔය විදියට රඟපෑම් කටයුතු ටික නිම වෙනවා... ළමයිනුත් මේ කිණ්ඩි බලන්ට කලාස් එනවා...

හැක් හැක්. අද ටික් වෙනස් විදියකට මෙව්වා එක පටන් ගත්තේ... හැබෑටම මේ ඇත්ත කතාවක්. කාටවත් පහරක් ගහන්න හිතාගෙන නෙවේ  දැම්මේ. ඇත්තටම අද අමතර පංති කියන්නේ දේසපාලනයත් එහා ගිය දෙයක්. පාරේ යන්ට බෑ කොළ කෑලි ඇඟේ ගහනවා... මාසෙ අන්තිම දවසකට එක පංතියක් ඇරිල එළියට බහින්න බෑ විසික් කරපු කොළ කකුලේ පැටලිලා ඇඳන් වැටෙන සයිස් එකට. කොව්ව උනත් යට කි ගුරුතුමියනම් ඊටවඩා ටිකක් එහාට ගිය ද්විතීය ගනේ ප්‍රචාරන සෙල්ලමක් පටන් අරන් තියෙන්නේ. එක අතකට නම් පරිසර හිතකාමී. :D කොව්වා වුනත් බැලූ බැල්මට ලයිවු...! හැබෑ වැඩේ කියන්නේ කලින් අවුරුද්දේත් මේ වගේම සිද්දියක් වෙලා තියෙන එක තමයි. හැක් හැක්...

අද මෙව්ව එකට බැස්සේ අමතර පංති ගැන කියන්න නම් නෙවෙයි ඕන්... හැබෑට හැබෑ ලොකේ ලයිවු කියල කිව්වට මොකො අපි නොදන්න ලයිවු සිද්දි කීයක් නම් වෙනවද නේද? තරඟයක් තියෙනවා... වින්ස්ස මණ්ඩලේත් ඉන්නවා. එක්කෙනෙක් අරය හොදයි කියද්දි අනිකා නෑ මෙයා හොදයි කියනවා. අන්තිමේ'සාධාරනය' වෙනුවෙන් විනිස්ස මණ්ඩලේ ඈයො ඇන කොටා ගන්නවා.. තනිකර ලයිවු හොදේ... හැක් හැක්.. මෙව්ව හොදයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට... ඒත් ඉතින් එකම අවුල එහේම කොන්ඩෙ බැදපු චීන්නු කොටාසෙකුත් අපි අතරෙ ඉන්න එක.. ඒකනේ හත් දෙයියනේ මාර පන් කිය කිය යට කියපු ක්ලාස් වලට යන්නේ.. ;)

ප.ව.
හැතැක්ම ගන් දිග මෙව්ව ලියන්ට දැන් වෙලාවක් නෑ අප්පා. කොව්වා වුනත් කියන්ට ඔනි ටික ලිව්වා. අහ් රියැලිටි වලදිත් වෙන්නේ මේ ඇබැද්දියම තමයි.  හැබෑ රියැලිටි මෙව්ව එකක නම් අහඹු සිදු වීමක් කිසිම පිටපතක් කිසිම සංස්කරනයක් නැතිව විකාසනය වෙන්න ඔනි. ඒත්  එහෙම එව්ව තියෙද කියන එක තමයි ප්‍රශ්නේහ්... ;) හැබෑ ඉතින් ඔයවගේ මෙව්වා අතර අරවගේ ක්ලාස් එකක් තිබුනත් වරදක් නෑ නේද අප්පා...?

Monday, October 3, 2011

නා ලොවින් නයා, බුලත් ගේන කොට දුම් කොළත් ගෙනාවැයි?

කුඩුකාර, බේබදු කතා ලිව්ව ඇතියි කියල හිතුනා.... හැක් හැක්.. කොව්ව උනත් අද මෙව්වා එක ලියන්න හිතුනෙ මුක පිළිකාව ගැන පත්තරේකින් දකින්ට ලැබුනායින් පස්සේ...

අපේ රටේ සංස්කෘතියත් එක්ක ගහට පොත්ත වගේ බැඳිලා තියෙන දෙයක්නෙහ් බුලත් කොළේ කියන්නේ. විජ්ජාත්මකව නම්, Piper beetle කියලත් පාලියෙන් නාගවල්ලී කියලත් සංස්කෘත වලින් තාම්බුල කියලත් කියන්නෙ ඔයිකටම තමයි.  අහ් බුලතේ උපත ගැන කියවෙන කතා අතරින් ජනප්‍රිය එකක් නොවැ නා ලොවින් නයෙක් බුලත් කොලයක් ගෙනාපු කතාව. නොදන්න අයටත් එක්ක ආයේ කියල ඉඥ්ඥං...

අපි දන්නව නොවැ සස ජාතකය. අර හඳේ හාව ඇදුනු කතන්දරේ... සක්කරයට බඩ කින්නක් ආපු වෙලාවෙ ඒකාලෙ අපේ බොධිසත්වයන් වහන්සේ ඒ බඩගිනි නිවන්ට ගින්දරට පැන්නලු. ඊට අනුකම්පා හිතුනු සක්කරයා තමයි ඔය හඳේ  හාව ඇදල තියෙන්නේ. ඔතනින් සස ජාතකය ඉවර උනාට හොඳම හරිය අන්තිමට. කොහොම හරි ඒ සක්කරය හදේ හාවව ඇඳපු බ්‍රශ් එක නාලොවට විසිකරල තියේ. ඉතින් ඒකාලෙ මුචලිද පට්ටම* අරන් තිබුනු නාග රාජයටත් කට පියන් ඉන්න බැරි කමට ඔය විසික් කරපු බ්‍රශ් එක ගිලලා හත් දොහක් ඇතුලත් මැරුනලු. ඉතින් ඒ මැරුනු තැන  භූ මියෙන් තමයි මෙව්ව ලැබිල තියෙන්නෙ. ඒ තේරුමෙන් නොවැ බුලත් කියන නමත් හැදිලා තියෙන්නේ. ඉතින් පස්සෙ ඔය එතන වැවුනු අමුතුම ජාතියෙ ගහෙන් කොලයක් දෙකට නවල කටේ ගහගෙන එතන වුන්නු පරිවාර නාගයෙක් මනු ලොවට ඇවිත් තියෙනවා. එහෙම තමයි ඕන් පෘතුවි තලේට බුලත් ලැබෙන්නේ.ඒත් බුලත් කියන්නේ ඔය අක්කපාන වගේ කොලවලින් මුල් අදින ගහක් නෙවේනේ. පටක රෝපණයෙන් වෙන්ටෑ ඔය කොළේ පැල කොර ගත්තේ. හැබෑ අපි දන්න එකක් යෑ ඔය බුලත් ව්‍යුත්පන්න උනු වල් දර්ශකය එහෙම කොළෙන් මුල් අදින එකක් ද කියලා. ඒක නිසා අපිට මේ වගේ කතා නිකම්ම ප්‍රබන්ද හැටියට අහක දාන්ට බෑ.

කොහොමින් හරි අදත් බුලත් කන අපේ ඈයො ඔක ප්‍රබන්දයක් ය කියල හිනාඅ වෙවී හෝ නොවී වේවා බුලත් නැට්ටේ සහ අනික් කෙලවරේ නයි විෂ තියෙනවයි කියලා උපකල්පනය කරමින් ඒ කොටස් දෙක කඩලා දානවා.

අහ් ඔහොම මනුලොවට ආපු බුලත් ලංකාවට එන්නේ දැනට අවුරුදු 2600ට කිට්ටු කාලෙකට වුඩදි. අර ගෞතම බුදුහාමුදුරුවො චුල්ලොදර මහොදරලගෙ වලිය මෙව්වා කරන්ට ලංකාවට වැඩම කරපු දවස් වල. ඒ දවස් වල යක්ෂ ගොත්‍රිකයොයි නාග ගෝත්‍රිකයොයි වලිය කාලේ ඔය දෙපාර්ශ්වයම තම තමන්ගේ ගැන්සි ගෙන්නන්ට ඇති ලංකාවට. ඔය අතර ආපු නාග ලොකේ ඇත්තෙක්ගේ අතින් අමතක වෙලා ලංකාවෙ බුලත් දඬු කිපයක් වැටිල යන්ට අඑති. කොහොමින් හරි එව්වා අහුල ගත්තු උමා කියන දෙවඟන ඒ දඩූ අඹගහක් වටේ ඉන්දලා තියෙනවා. එහෙම තමයි ලු ලංකාව පුරා බුලත් ව්‍යාප්ත වෙන්නේ... 

දැන් මගේ ප්‍රශ්නෙහ්... නා ලොවින් නයා, බුලත් ගේන කොට දුම් කොළ පුවක් එහෙමත් ගෙනාවැයි? ඇත්තටම දුම් කොළ පුවක් එහෙම මනු ලොවට ආවෙ කොහොමද. නෑ මනුලොවත් ඔනි නෑ. බුලත් තදින්ම බැදිල තියෙන්නෙ අපේ සිංහල සංස්කෘතියත් එක්ක නොවැ. හැබෑට සිංහල දේසෙට කොහින්ද පුවක්, දුම් කොළ..? ඒක නම් නොවිසදුනු ගැටළුවක් මටනම්...

කොහොම හරි එදා හෙළෑ දිවේ බුලත්එක්ක දුම් කොළෑ කෑම පිලිබදවනම් තියෙන සදහන මෙහෙම,
.....සමහරු දුම්කොළ ද මත් ද්‍රව්‍යයක් සේ සලකා දුම්කොළ හැපීමෙනුදු වැළකෙති.
ඒත් එහෙමවත් පුවක් ගැන සෘනාත්මක දෙයක් සදහනක් කරලා නෑ. දැන් හරි. දැන් මුක පිළිකාව එක්ක බුලත් කෑමේ මෙව්වා එකේ සම්බන්දය බලමුකො.

අලුත් පරියේශන වලින් හොයා ගෙන තියේලු මේ පුවක් වල පිළිකා ජනක ගුනයක් තියේ කියලා... දුම්කොළත් එහෙම්මමලු. අහ් බුලත් වලට් නාරටි ආශ්‍රිතව පිළිකා ජනක රසායනික ද්‍රව්‍යක් තියේලු. ඒක තමයි මං මුලින්ම කිව්වෙ නිකම්ම නිකන් ප්‍රබන්දයි කියල ඔය නයි විෂ තියෙන කතා සලකන්ට බෑ කියලා.. ඒකනෙ අපේ ඉස්සර ඉදන්ම තිබුනු සම්ප්‍රාදායට බුලතේ දෙකෙලවර කඩලා දාන සිරිතත් ඇතුල් වෙලා තියෙන්නෙ.. අහ් ඒ පත්තරේ බාබුල් ගැනත් කියලා තියේ. ඔය හැම පැකට් කරන ලද පුවක් වල ඒ පිළිකා ජනක හැකියාව වැඩිලු.

අහ් කෑමට ගන්න හුණු ත් ඔය පිළිකාවට් දායක වෙනපලු. හැබැයි ඒ මෙහෙම. හිරිගල් වලින් එහෙම ගන්න හුණුවල තමයි ලු ඔය ගුනේ තියෙන්නෙ. අර සිප්පි කටුවලින් ගන්න හුණුවල  ඒ ගුනේ නෑලූ.  අන්න එකනිසා අපිට පොඩ්ඩක් ධනාත්මකයි. මොකද අපේ සංස්කෘතියට අනුව විට-හණු ගන්නේ වැරෑටි කියන ගංගා බෙල්ලගෙන්. :)  දැන් ඉතුරු වෙන්නෙ පුවක් විත්‍රයි. කොහොමත් රොබට් නොක්ස් කාරයා* කියන විදියට ඒ කාලෙ අපේ මිනිස්සු වෙනින් ආහාරයක් ගන්න කොට ඇරෙන්න අනික් හම වෙලාවකම විට කෑවයි කියලා.. එක එහෙම නම්, ඔය කියන විදියට පුවක් වල පිළිකා ජනක තත්වයක් තියේනම් අද වෙනකොට සිංහල මිනිස්සු බොහො දුරට වඳවෙලා ගිහින්  ඉන්ට එපෑය.

කොව්ව කොහොම වුනත් මේ එක එක අලුත් සොයා ගැනීම් නිසා අපේ පැරැණි සිරිත් විරිත් එහෙම්මම අහක දාන්ට බෑ නොවැ. :)

ප.ව.
*මුචලින්ද කියන්නෙ පට්ටමක් මිසක් එක පුද්ගලයෙක් නෙවෙයි. හරියටම ජනාධිපති පට්ටම වගේ. කාලෙන් කාලෙට ජනාධි පති මාරු වෙනවා. ඒත් එයා ඉන්න ටික කාලෙ ඉන්නෙ ජනාධිපති කියන පුග්ගලයෙක් විදියට. මුචලින්ද විත්‍රක් නෙවේ ඔය පට්ටමට අයිති වෙන්නේ. සක්කර කම කියන්නෙත් පට්ටමක්. ඔය කවුද කලින් හිටපු බුදු කෙනෙක්ගේ කාලෙ ගෞතම බොදි සත්වයන් වහන්සෙත් සක්කර පට්ටම හොබවලා තියෙන්නේ. හැක් හැක්. ඒක නිසා මුචලින්ද කියල සස ජාතකේ මැරුනු කෙනා නෙවෙයි අර ගෞතම බුදුහාමුදුරුවන්ගෙ සයවෙනි සතියේ ඉන්නේ හරිය...?

*රොබට් නොක්ස් කාරය කිව්වට කවුරුත් කලබල වෙන්ට එපා. ඒ ප්‍රින්ටින් මිස්ටේක් එකක් නෙවෙයි. මං එක ඉච්චානුගවයි කිව්වේ. :) එදා හෙළෑද්ගිව උනත් අවදානෙන් කියෙව්වොත් එහෙම කිව්වට ඒ හැටි කලබලයක් වෙන්නේ නෑ මයෙ හිතේ...

ප. ප. ව.
මුක පිළිකාව ගැන ගියේ ගිය සතියේ විදුසර පත්තරේ. :) ඒකෙ තිබුනු බාබුල් කතාව දැක්කාම ඇගේ මයිල් කෙලින් වුනා.. ඇයි හත්දෙයියනේ  ඔය පැකට් කරපු පුවක් විච්ච, බාබුල්, මාවා, පැණි පුවක්, ඈන්ස් වලින්නේ අපි ඉස්සර දවස ගෙව්වේ... :O
Related Posts Plugin for WordPress, Blogger...