Showing posts with label පද්‍ය මුද්ද. Show all posts
Showing posts with label පද්‍ය මුද්ද. Show all posts

Sunday, September 25, 2011

මට සමාවෙන්න! බොක්කෙන් ආදරය කරන්න මට බොක්කක් නෑ෴

ආදරණීය ඒකි,

මතකද?
ඔයා මුලින්ම මට
කැමැති වුනෙත්
මේ බ්ලොග් එකේ
පොස්ට් එකක් කියෝලා

ඒත්...

මේකෙ ලියන
පොස්ටුත් එක්ක
වණදැසියන් පස්සෙන් යන
වනචරයෙක් වගේ
හිතෙනවා ඇති නේද?

එහෙමත් නැත්නම්,
මේ තරහ උනේ මගේ
බෙබදු කමටද?
හ්ම්ම්... ඔව්, 'සුරාසොඬා!'

ඒත් මතකද
අපි ඒ දවස් වල
බේබදු කමයි ආදරය ගැනයි
කතා කරා..?

අර මං කිව්වේ
දුකේදිත් සැපේදිත්
අතේ සල්ලි තියේනම්
විත්‍රක් ලඟ ඉන්න කෙල්ලන්ට
වඩා අරක්කු හොඳය කියලා..
ඒත් ඔයා එහෙම නෙවෙයි...!

ඇයි අර ප්‍රශ්නෙහ්..?
මං බීල කණුවක් පල්ලේ
ඇඳන් වැටිල උන්නොත්
කොල්ලෙක් මිසක් කෙල්ලෙක්
ගෙදරට ගිහින් දාන්නෙ නෑ
කිව්වේ...

ඔව් මම දන්නවා...
ඔයාට වුනත් ඒ දේ
කරන්ට අමාරු විත්තිය..
ඒ කොව්වා උනත්
මං එක දෙයක් දන්නවා,
ඒ ගෙදර ගිනිහින් නොඇරලුවට
වෙරි හිදෙනකන් මයේ ලඟට වෙලා
ඉන්න විත්තිය......

ඒත් දැන් එව්වා මුකුත් නෑ..!
මනුස්සේක්ට හැදෙන්න
එක අවස්තාවක් හොදටම ඇති..
ඒත් ඔයා මට අවස්තා කීයක් දුන්නද?
ඒ ඔයා මට බොක්කෙන්ම ආදරේ කරපු නිසා..........

අනේ මට සමා වෙන්න!
මට එහෙම අදරය කරන්න බොක්කක් නෑ..
එදා ඉදන් ඒක දියවෙනවා...


ප.ව.
මේක රසාත්මක වාක්‍ය සමූහයක් හෙවත් කවියක් නෙවේ.. නිස දෙසකුත් නෙවේ.. බ්ලොග් ලියන ඇපිට මේ බ්ලොග් වලින් ඇති වුනු ගොඩාක් වටිනා දේවල් වගේම නැති වුනු ගොඩාක් වටිනා දේවලුත් ඇති. ඒත් වටිනා දේ බ්ලොග් එකෙන්ම ලැබිලා ඒක බ්ලොග් එකෙන්ම නැති වෙනවා කියන්නෙ තරමක් දුකින් වැඩි දෙයක්... ඒත් ඒකට කරන්න ඔනි දේ නම් මං දන්නේ නෑ... කොව්ව වුනත් බ්ලොගියට කොමාවක් තියන්න හිතුවා... :)

Saturday, September 3, 2011

පෙම්වතෙක්ද මං?

ආදරණීය ඒකි,
අරයගෙ කොල්ලා
එයාට ගොඩක් ආදරෙයි නේද?
එයා සෝසමලක් වගේ කියලත් කියනවලු

එතකොට
අරයගෙ කොල්ලා
ඒ දෙන්නත් කිරියි පැණියි නේද?
එයා රත්තරන් වගේ කියලත් කියනවලු..

ම්ම්ම්ම්....
ඒත් අපි දෙන්නා...?
මට ඔයා සෝසමලක් වගේ පේන්නෙ නෑ..
මට සමා වෙන්ට..!
මට ඔයාව රත්තරන් වගේත් පේන්නෙ නෑ..
ඒකටත් සමා වෙන්න...

මට ඔයා වාමාවර්ත කස්කුරුප්පුවක් විතරයි...........

Tuesday, March 15, 2011

විහඟුන් ඉගිලී ගියා වේ.....


මඟබලමින් සිටියෙමි සය වසරක්ම
නැහැ තව ආවේ විහඟුන් සිත සිපගන්න
අහසක් නැතුව තරුවට බෑ පිපිලා ඉන්න
අරුනෝදය අරන් ඉක්මනටම මාවෙත එන්න


පුර-පස අදයි, අයි හඳ අහසට නොඑන්නේ
කදුළු කතරයි, ඈ එනතුරු මසිත ඉකිබිදින්නේ
කළු ගල් වගේ, ඇයි ඇගෙ හද උනු නොවෙන්නේ
සිත්රුක මගෙයි, කවදද විහඟුන් කැදැලි තනන්නේ


පිවිතුරු විහඟ ගී තව නෑ ඇහෙන්නේ
පිපුනු තරුව දැන් කඳුළැලි සලන්නේ
ඈ එනතුරු මගෙ සිත මඟ බලන්නේ
පාළුව දැනී මම රහසේ ඉකි බිදින්නේ

෴


සැ යූ:- මේක මගේ බ්ලොගියට දාපු පලවෙනි මගේම කාව්‍යමය නිර්මානය. වැරැදි අඩු පාඩු නම් එමට ඇති. :D තාම සුළැඟිල්ල නොවැ. හික් ය.

Monday, February 21, 2011

කවුද මගේ බොලේ පෙරල පෙරලා මිදුලෙ හිටියේ.....???


හිකිzzz.. මොනාද මේ ළමා ගීකියන්නෙ... රොස මලේ නටුවෙ කටූ..., පුංචි බලු රාලේ වගේ සිංදු හැමොම වගේ අහල ඇතිනෙ. ඔව් මම මේ කියන්න යන්නෙ ඒ වගේ සිංදු ගැන. ඉතින් හැමෝම දන්න විදියට නම් මේවා ළමා ගී. ඒත් මට නම් ඒව පේන විදිය වෙනස්. සමහරක් විට මෙ සුළැඟිල්ලෙ තියෙන වලත්ත කමට මෙහෙම හිතෙනවද දන්නෙ නැ. කොහොම හරි අපි බලමුකෝ කලින් කිය්ව වගේ ළමා ගී වල තේරුම...

අපි හැමෝම මෙහෙම ලොකු මිනිස්සු වගේ හිටියට කාලයක් ඉතින් රොසමලෙ කිය කිය හිටියනෙ. එක නිසා මම මුලින්ම රොසමලේ සිංදුවෙන් පටන් ගන්නම්..

රෝස මලේ නටුවෙ කටූ
වනබබරෝ ඔහොම හිටූ

නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පණි උරමී
ඔහොමනෙ අපි අහල තියෙන්නෙ. සාමන්‍යවිදියට නම් මේ සිංදුව පොඩි එකෙක්ගෙ බොලද අදහසක්... ඒත් මේකෙ මීට වැඩිය ලොකු අදහසක් ව්‍යන්ග වෙලා තියෙනව. ඔය පලවෙනි පද දෙක කියන්නෙ වැඩිහිටියෙක්.. තවත් සල්ළාල තරුනයෙක්ට. කොහොමත් අපි දන්නවනේ එහෙම ස්ල්ලාල තරුනයන්ට බඹර කියල කියනව කියල. ඉතින් මේ ව්න බබරට අර වැඩිහිටිය කියන්නෙ රොසමල හෙවත් කාන්තව.. (එහෙමත් නෑත්තන් වෛශ්‍යාවක් වෙන්නත් පුලුවන්) පස්සෙන් යන්න එපා.. ඒකෙ කටු තියෙනව කියල. ඒ ටික දැන් ඔයාලට තෙරෙනව ඇතිනෙ. ඉතින් අන්තිම පද දෙකෙන් කියන්නෙ ඒ වන බඹර එහෙමත් නැත්තන් අර සල්ලාල තරුනය. උපහාසත්මක විදියට. ඇත්තටම කතාවනම් ඇත්ත.. කවුරු උනත් ඇඟට නොදනෙන්න ඇත්ත කියල තියෙනව.

දැන් අපි බලමු තවත් ළමා කියල ලේබල් කරපු සිංදුවක්.. ඔව් අපි හැමෝම හාල තියෙනවනෙ පුංචි බලුරාළේ... සිංදුව/කවිය.

පුංචි බලු රාළේ
මම ගෙදර නති වෙලේ
කවුද මගෙ බොලේ
පෙරල පෙරලා මිදුලෙ හිටියෙ...??


ඉතින් මේකත් බැලූ බැල්මට පොඩි එකෙක්ගෙ බොලද සිතුවිල්ලක් වගේනෙ පේන්නෙ. මන්ද සුළැඟිල්ලට නම් පේන්නෙ මේ විදියට. මේක කියන්නෙ සැමියෙක්. ඒතකොට සැමිය ආරුඪකරගෙන තියෙන්නෙ පුංචි ළැමයගෙ චරිතය. ඉතින් පුන්චි පිරිමි ළමයෙක්ට තියෙන ලොකුම, වටිනාම වස්තුව තමයි බොලය. ඒතකොට සැමියෙක්ට තියෙන වටිනාම වස්තුව...? ඒ තමා තමන්ගෙ බිරිද...! ඉතින් මේ සැමිය ඩේලි වැඩට යන ජාතියෙ ඩයල් 1ක්. ඉතින් මැන්zz ට පොඩි සැකයක් ඇතිවෙලා තියෙනව තමන්ගෙ බොලෙ ගැන.. එහෙමත් නැත්තන් තමන්ගේ බිරිද ගැන. තින් මේ සැමිය ගෙදර ඉන්න බළුපැටියගෙන් අහනව මෙහෙම... මෙතනදි මිදුල කියල උපමා කරල තියෙන්නෙ ගේ ඇතුලට වෙන්න පුලුවන්. මොකද පුන්චි ළමයි සෙල්ලන්කරන්න මිදුලට ක්මතී වගේම වැඩිහිටියො කැමති ගේ ඇතුලටනෙ.. හෙ හෙ ලොල්ය.

හිකිzz දැන් මේව කියවල අම්මල තාත්තල ළමයින්ට මෙව කියල දෙන්නෙ නතුව ඉදෙද දන්නෙ න. කොක වෙතත් මම කිවුවෙ මගෙ හිතට ආපු දේ. ඒක මගෙ වල් කමද දන්නෙත් නෑ...


Sunday, February 13, 2011

බත් සහ කිරි රස දෙකම නොදන්නෝ.... මිනිසත් බව ලැබ කුමට උපන්නෝ...??



හිකිzzz.. අද පොස්ට් එක සින්දුවක්... පියසෙනහසට කවි ලිය උනාමදී කියල කිවුවට අපිට අම්මෙක් තාත්තෙක් වගෙ ඉන්න ගවය ගැන සින්දුවක් තමා මේක. ඔන්න බල්ලන්කෝ..

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියෙ හිරගෙයි නැග එන්නේ.
පිහියේ මුවහත ගෙල සිපගන්නෙනේ
උදයම මේ කය නිසසල වන්නේ

ඇගේ කිරෙන් බෝදිය දෝන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ...//
උන්ගෙම හම බෙර හමට බදින්නේ
උන්බැදි ගැල් නැග පංසල් යන්නේ

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ...

කිරි රස දන්නෝ මවු හදුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ...//
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ.....

ලේකිරි අයිතිය වහුපැටියන්නේ
දම්සක් වල ගල වැදී බිදෙන්නේ
ඒ කිරි උදුරා... බිවු මිනිසුන්නේ
හිත්වල ඇයි කල ගුන නොරැදෙන්නේ
.....///



අද වැල් වලට ජීවයක් එක්කෙරේ සුනිල් එදිරි සිංහ මහත්මා
කැමති අය ඉන්නවනම් මෙ සිංදුව මෙතනින් බාගන්න පුලුවන්...

Monday, January 24, 2011

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ...

දිගුකාලයක් තිස්සේ ඒකාකරී ලිපි පෙළකට පසුව අද දේසවනට නොවැටෙන තරම් වූ ගීතයක් ඔබ වෙත් ගෙන ඒමට සිතුවෙමි.


අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ...
මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ...

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ....
මොන රජ දරුවද පැලකට වැඩියේ....

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......





මේ ගිතයට කැමැති අයට මෙතනින් බාගත කර ගන්න පුලුවන්.

ගයනය: ටී. ඇම්. ජයරත්න මහතා

Friday, December 24, 2010

පද්ම මාල හංස තුඩින් තැලෙන ලියේ..

























හැමදාම ගද්‍ය ලිපි ලිපි ලියල ලියල එපා වෙලා තියෙන්නෙ... ඊයෙන් උදාඋනු වසන්තයෙ අලුත් විදියෙ පොස්ට් 1ක් ලියන්න හිතුව. අලුත් කියුවට අලුත්ම නැ. මගෙ බ්ලොග් 1ට අලුත්...


ඔබේ නමින් සැය බදිමි
විමානයෙන් බසිනු මැනැවි
ස්වර්නමාලියේ.. රූබර ස්වර්ණමාලියේ
ස්වර්නමාලියෙ..//

ඔබේ නමින් සැය බදිමි....


උනා නීල වර්ණ වරල
දැලේ මල් ගැවැසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ලැමැද කිනිහිරි පෙති
රත්න තිලක පැලැදි ලියේ
සිනාසිසී විමානයෙන්
බසින්න.. ස්වර්නමාලියේ
රූබර ස්වර්න මාලියේ.....

අතේ ගිගිරි නාද සලබ
නරා හඩින් හදන ලියේ
කරේ පද්ම කැකුලු මාල
හන්ස තුඩින් තැලෙන ලියෙ
කනේ තෝඩු මිණි ඝන රන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න.. ස්වරන මාලියේ...

බාල චන්ද්‍ර පටු නලලට
කලක අඳුන් අඳින ලියේ
ආලවඩන දන්ත කැකුළු
කුන්ඩ සමන් පිපෙන ලියේ
දැල දැල ස්වර්ණදාම
තාල හඩට කනන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ....

ඔබේ නමින් සැය බදිමි....



මේ සින්දුව ඇත්තටම කියන්නෙ ඩබ්. ඩි. අමරදේව මහතා උනාට, දුටු ගැමුණු රජ්ජුරුවො රුවන් වැලි මහා සැය බදින්න කලින් එතන අරක් අරන් හිටපු දේවතාවියට තමයි මෙහෙම කියල තියෙන්නෙ. ඇත්තටම කියනවනම් මේ සිංදුවෙන් ඇය ගැන පූර්න වර්නනාවක් කරල තියෙනව.!!

Monday, July 12, 2010

දර්ශනන් චිත්‍ය වෛකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරණන් තූර්‍යයන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී!!!



දර්ශ්නයෙන් පවා සිත වියරු කරවන
ස්පර්ශයකින් පවා ධනය නැතිකරවන
යහන් ගතවීම මරණය බදු වු ඇය
ස්ත්‍රිය හෙවත් යක්ශනියයි!!!
...

Sunday, June 27, 2010

නයන

මගෙ ඇසෙ කළු ඉංගිරියාවේ
ඔබේ දෑස සිතුවම්ව තිබේ
මගේ දෑස කැඩපතින් බැලන විට
ඔබේ දෑස ඒ මතින් පෙනේ
Related Posts Plugin for WordPress, Blogger...