හික් ය. ඕන් අද කතාව කියන්න යන්නෙ ඈනුම් යන මාතෘකාවක් ගැන.. ලොල් ය. අනුමක් එහෙම ආවොත් කටට අතතියල අරින්න කියල අමුතුවෙන් කියන්න ඔනි න නෙ.. :P නෑ නෑ..
මේ කියන්න යන්නෙ ඉතිහාස කතාවක් උනාට කෙළ හල හල අහන් ඉන්න පුලුවන් 1ක්.. ;) මේක වෙන්නෙ අපේ ලංකාවෙ සෙන්කඩ ගල රාජදානි කාලෙ. :D හරියටම කිවුවොත් ශ්‍රි වීර පරාක්‍රම නරෙන්ද්‍ර සිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ..

ඉතින් ඕන් අපේ රජතුමාටත් ගොඩක් අයන්ට වගේ අන්තඃපුරයක් හිටියලු. ඒකෙ ඉතින් ලස්සන ලස්සන බිසෝවරු හිටියලු.. ආශයි නේ.. ;) ලොල්ය.. ඒ අන්තඃපුර බිසෝවරුන් අතරින් ලස්සනම ඒ වගේම හිච්චිම කුමාරි තමයි ප්‍රමිල කියන්නෙ. ඒ කාලෙ ඉතින් අපේ රජතුමාට ලස්සන කෑල්ලක් පේන්න බෑනෙ. :P ගේනව අන්තඃපුරේට. හික් ය. ඉතින් කොහොමින් හරි මේ ප්‍රමිලා ඒ අන්තඃපුරේට ව්එලා උන්නෙ ඒහැටි ක්ඇමැත්තකින් නම් නෙවේ. මොකද රජ්ජුරුවන්ට අවුරුදු 80ටත් කිට්ටු උනාට ප්‍රමිලට තාම 16වත් නැති තරම් ලු. දැන් තේරෙනවනෙ ඉතින් තත්වෙ. අන්න ඒක නිසා ප්‍රමිල බිසව අන්තඃපුරේට වෙලා ගොඩාක් දුකින් තමා උන්නෙ.
ඕන් එක දවසක් අපේ ප්‍රමිල බිසව ටිකක් එලියට පෙහෙලියට බැහැල ඉන්න වෙලාවක තමා ඔතනින් දස්කොන් කියන රජ්ජුරුවන්ගෙ ඇමති තුමා ගියේ. මිනිහටත් හැබැයි ඒ හැටි වයසක් නෑ. ඉතින් මෑන්ස් ඔතනින් ඇබලය වගේ එ මේ අත යන්න ගත්තලු. දැන් ප්‍රමිලටත් වැඩේ මීටර්.. හික් ය. ඉතින් දවස් කීපයක් ම මේ වගේ දස්කොන් අපේ ප්‍රමිල බිසවට ලයින් දැම්මලු. කොහොමත් හැම දාම රජ්ජුරුවන්ට ප්‍රමිලව බලන්න වෙන්නෙ නෑනෙ. අන්තඃපුරේ බිසවු 100ක් උන්නොත් ප්‍රමිලව බලන්න එන්න වෙන්නෙ අඩුගානෙ දවස් 100ක්වත් ගොහින් නොවැ. ඒ බව ඉතින් ප්‍රමිලයි, දස්කොනුයි දෙන්නම් දන්නවනෙ. :D ඉතින් කොහොමින් හරි දැන් කීපදවක් ප්‍රමිල බිසවට දස්කොන් ඇමතිය ලායින් පාර දාගෙන යනව.
දැන් ඉතින් දස්කොන්ගෙත් අලේ මෝරනව.. :D ප්‍රමිලගෙත් එහෙමයි. ;) ඕන් දස් කොන් ඉවසලා ඉවසලා බැරිම තැන ප්‍රමිල බිසවට ඇහෙන්න කවියක් කියනවලු....
රන්මාලය පැලිදි ගත සුවි පුල්ලා
ඉන් ආලය වඩයි මගෙ හිත නුබ පල්ලා
පන්දහසකට දැද තිබුනත් උඩ එල්ලා
රන්භාජනය නොවිදිත විදිනා ගුල්ලා...
ඉතින් ඕන් මේක ඇහුනු අපේ ප්‍රමිල බිසවත් නිකන් උන්නෙ නෑ. කිවුව රිප්ලයි කවියක්. :D
යන්නෝ මෙමග රෑ දහවල තොරවෙද් ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙද් ද
බොන්නෝ මෙදිය බොර කරලා බොද් ද
දන්නෝ උපා මිනිදොර ඇර නාරිද් ද
ටිවුබ්ලයිට් අයන්ට දැන ගන්නත් එක්ක ඕන් මම අරුතත් පැහැදිලි කොරඤ්ඤංකො... හික් ය. මේකෙ පළවෙනි පදෙන් කියන්නෙ ඒ ප්‍රමිලට ලයින් දානෙ දස්කොන් විත්‍රක්ම නෙවේ කියල නොවැ. ඊට පස්සෙ කෑල්ලෙ තේරුම ප්‍රමිල බිසවත් දස්කොන්ට කැමතී.. ඒත් ඉතින් ඒව පස්සෙන් ගිහින් කියන එවුව නෙවේ.. කියල. :P ඊලග පදේ දි කියන්නෙ නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවන්ට අහුනොවෙන්න වෙඩේ අනා නොගෙන කරන්න ඔනි කියලනෙ.. ඕන් දැන් තමා අන්තිම පදේට ආවෙ.. ඒ පදේටනම් තේරුම් ගොඩායි.. එකක් දෙක කියන්නම්.. සමහරු කියනව මෙතනදි කියන්නෙ අපේ බිසවගෙ කාමබරේ දොර ගැන කියල. එහෙම කිය්න කස්ටිය හිතුවද දන්නෙ නෑ මේ දොර මැනික් අල්ලල තිබ්බ කියල.. :P ඒත් මට තියෙන්නෙ ඔයිට වඩා වෙනස් අදහසක්.. ඕන් කුනුහබ්බ කියනව කියල හිතන්න එපා... මම මේ කියන්නෙ මට හිතුනු දේ.. මේ කවි පදේ මිණි දොර කියල අදහස් කරල ඇත්තෙ මණිමේකලාව කියන ඇදුම වෙන්ඩෑ.. එක විදියකට ඉතින් එකත් දොරක් නොවැ. ඊට වඩා මේ පදේ මට හිතෙන විදියට පැහැදිලි කොරොත් මේ බ්ලොග් එකට සමහරු කක්ක කියල බනී... ඒක නිසා විස්තර නොකර ඉන්නම්.. :D
ඊතින් කෝකකොහොම වෙතත් දැන් දෙන්න සැට්.. :D ඉතින් මේ දෙන්න දැන් ප්‍රේමයෙන් වෙලි වෙලී හරියට ගැරඬි දෙන්නෙක් වගේ ඉන්නව. :D රජ්ජුරුවන්ට 1කදවසයි. දස්කොන්ට දවස් 99 යි. ප්‍රමිලට 100යි. :D බලාහල්ලකො ඒකෙත් හැටි.
ඉතින් දැන් මේ දෙන්නගෙ (දස්කොන් + ප්‍රමිලා) අලේ මෝරනවා.. ඉතින් ඔහොම ඉන්නකොට ප්‍රමිල ආයෙ අපේ දස් කොන්ට කවියක් ලියනව මෙහෙම....
රාත්‍රිය අපේයි දස් කොන්
තවත් නෑ සිතේ අස් කොන්
පෙම්සිනා තෙපුල් ඇස් කොන්
ආදරේ රහයි දස් කොන්....
ඉතින් ඔහොම කියද්දි ඒ පාර දස් කොන් රිප්ලයි එකක් යවනව මෙහෙම...
ආදරේ දෙපුල් පිරිලා
වද මලින් ගෙතූ මල් මාලා
තිස් පැයේ පෙනේ මැවිලා
ආදරේ රොදුයි ප්‍රමිලා...
මේකත් ඉතින් තේරුම් කරන්න ඔනි නනෙ.. මෙවුව තේරුම් කරද්දි බ්ලොග් එකත් එක්ක කක්ක වෙනව.. :/
ඉතින් ඔහොම කාලය ගෙවිලා යනව. දැන් ප්‍රමිලට අර දවස් 100 න් එක දවසක් හරි රජ්ජුරුවොත් එක්ක ගතකරන්න වෙන එකට මාර අප්සට්.. ඔහොම අප්සට් ගහල ඉන්න කොට ප්‍රමිලට උන සන්නියක් හැදුන. ඉතින් දැන් රජ්ජුරුවොත් කලබල වෙලා... ටිහින් දැන් මේ උන සන්නිය දුරු කරන්න බලියක් නටවන්න යන්නෙ. බලිය කියන්නෙ මොකද්ද කියල දනන්වනෙ.. :D ආතුරයගේ හැඩරුවට සමාන පිලිමයක හදල කරන පූජාවක් වගේ සීන් එකක්. ඉතින් දැන් රජ්ජුරුවො මූර්ති ශිල්පියෙක්ව ගෙනල්ල ප්‍රමිලව අබන්න කිවුවලු.
දැන් ඕන් අඹල ඉවරයි. රජ්ජුරුවන්ට් යමක් පෙන්නන කලින් ඇමති ඒකෙ අඩුපාඩු බලන එකනෙ සිරිත. ඉතින් ඕන් රජ්ජුරුවන්ගෙ ඇමති ගොල්ලො ප්‍රමිලගෙ පිලිමෙ දිහා බල ලා අර මූර්ති කාරයටත් ප්‍රශ්න්සා කොරල යන්න යනව ලු. දැන් ඕන් දස් කොන් පරික්ෂාකරන අවස්තාව. දස් කොන් මේ පිලිමෙ බලල "ඔක්කොම හොදයි පොඩි අවුලක් තියෙනව... "
කියාගෙන කලුපාට තීන්ත තවරපු පින්සලකින් ප්‍රමිලගෙ පිලිරුවේ කලවෙ උපන් ලපයක් ඇන්දලු. හික් ය... ඉතින් දැන් රජ්ජුරුවො බලන අවස්තාව...
ඉතින් රජ්ජුරුවො ඒක බලල ගොඩාක් කලබල උනා ලු... එක පාරට අර මූර්ති ශිල්පියව අල්ලගෙන නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවො මෙහෙම අහනව... "තෝ කොහොමද අර උපන් ලපේ දැක්කෙ...???" ඊට පස්සෙ මුර්තිකාරයටත් පුල් හොලමන්. ඇයි දෙයියනෙ ඌ ඇදපු එකක් යෑ.. ඉතින් ඌ රජතුමාට මෙහෙම කියනව.. "දෙයි බුදුවෙන්න.. බලු ගැත්තට අනුකම්පා කර මැනවි. ඔය උපන් ලපේ තිබ්බෙ මම නෙවේ අර දස්කොන් අමති තුමා...."
ඉතින් දැන් දෙන්නගෙ ලවු එක අතේ මාට්ටු......... අන්තිමේදි දස්කොන්ට උනෙ වදමල් දාගෙන දන්ගෙඩියට බෙල්ල තියන්න....................