Tuesday, September 24, 2013

මර දූවරු වගෙද බුක්ෆෙයාර් එක!

රෙස්ට් කරනවා කියාපු සතිය ඉවරායි... දැන් ඉතින් සුපුරුදු විදියට වැඩේ පටාන් ගමු...

ඒලෙවල් ඉවර කරලා ට්‍රිප් ගියා! රස්තියාදු ගැහුව්වා... ඔක්කොමත් කාරිය ඉවර කරලා ටෙම්පරි ජොබ් කට්ටකුත් කරා... බුක් ෆෙයාර් එකේ සේල්ස් වැඩක්... 
සේල්ස් කිව්වාට සේල්ස් ඇර අනික් හැම දෙයක්ම කරා... පොත් ඇද්ද. බැනර් එල්ලුවා. ලයිට් දැම්මා... අතුගෑවා.. ඔයිට අමතරවා බිල් ගහන උන් කන්ට ගියාම බිලුත් දැම්ම... සේල්ස් ඇරෙන්න කියාල කිව්වෙ මේකයි... 
කස්ටමස්ලා අහන ප්‍රශ්න සහ මගේ පිළිතුරු

-අහවල් පොත තියෙනවද? 
           නෑ සාර්.. සරසවි එකෙ බැලුවෙ නැද්ද?
-මේව්වා ගැන පොත් නැද්ද?
           නෑ මිස් ගුණසේන එකේ බලන්ට.
-පුතා මේ පොත දෙන්න.
           ම්ම්ම් සර් අපි සුරස නෙවෙයි. අකුරු පැටලිලා... :)

ඔය අතරෙ...
-අයියෙ මේ පොත් කොහෙද තියෙන්නෙ?
           [පැණි හිනාවක් දාලා] අනේ නංගියො අපි ඒලෙවල් පොත් නම් කරන්නෙ නෑනේ... ;)

ඒත් ඉතින් ඔය එකියෙක්වත් අපිව පඩේකට ගනන් ගත්තෙ නෑ..... මොකද ඉතින් අපි සේල්ස්ලානේ.. එයාලා කස්ටමර් නොනලයි මහත්තුරුයිනේ... :D

කොහොමින් කොහොමින් හරි අපි පොත් නොවික්කෙමත් නෑ...

ඇන්ටි පාරක්- මේ රේන්ද පොත් නැද්ද?
           මිස් රේන්ද පොත්නං නෑ... ම්ම්ම් ලස්සන වැසිලිස්සා දෙන්නද.. :P
එනවා මෙතන ඒයි මේයි ගාන්ට!

නානාප්‍රකාරෙ සිද්දි අතරෙ හොඳම සිද්දිය ඒකමත් නෙවේ.. ඒ කලින් කියපු ඇන්ටි පාර ඇතුලු ඇන්ටි, අක්කා, නංගි, ආච්චි ආදි කන්තා පාරවල් ගැනයි කියන්ට තියෙන්නෙ...


පෝය දවසෙ පංසලකට යන්නැතුව කරත්ත රෝදෙට පට්ටම ගැහුව්වා වගේ ඇඳන් එනවා කාරිය... එහෙන් සැම්න් ටින් එක වගේ හිර වෙනවා... මර දූවරු ආවත් ඉවසන්නම්. ඒත් මෙව්වා! අයි දෙයියනෙ අපිත් මස්-මාළු කනවනේ....

ප.ව.

බුක් ෆෙයාර් එකෙන් විච්ච හොදම දේ කාලයක් තිස්සෙ හොයාපු 'නිරුවත් ගැහැණිය' හම්බුනා.
තව එකක්...

 ජිවිතෙට කරපු පළවෙනි රස්සව සහ පළවෙනි පඬිය... :D

19 comments:

  1. හපෝ.සැක්.මාර දූවරු ඔන්නෑ.නිකම් "හොඳ" කෑල්ලක්වත් ටෝක් කලේ නැද්ද.……පඩියනම් හොඳා වගෙ හෑ. ;)

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ බං.. අර මෙව්වා එක එල්ලන්.. බුක්ශොප් එකෙ ටී එක ගහන් ඉද්දි අපිව පඩේකට ගනන් ගත්තෙ නෑ එකෙක්වත්...

      Delete
  2. මේ පාර ගියෙ නැහනෙ.. ගියා නම් බොලාගෙ ස්ටෝල් එකෙන් පොතක් උස්සනවා !

    ReplyDelete
    Replies
    1. පොත් උස්සන උන්ව අල්ලන වැඩෙත් කරා... ඒත් අත්තානන් උපමං කත්වා කියලා ඇති උනු අහින්සක අනුකම්පාවට එකෙක්වත් ඇල්ලුවෙ නෑ.. අපරාදෙ උබටත් එන්න තිබ්බේ...

      Delete
  3. කොලුවා මුණ ගැහුණා. සුබ අනාගතයක්.

    ReplyDelete
  4. මරු ජොබ් එක ඈ... බලං යනකොට ඕකෙ මෙලෝ පොතක් තිබිල නෑනේ.. අහන අහන ඔක්කොම නැතිලු

    ReplyDelete
    Replies
    1. අන්න එකට තමයි කියන්නෙ ස්වාමි- සේවක මෙව්වා එක කියාලා!

      Delete
  5. ආ බං පළවෙනි පඩිය ගත්තම අපිට ඔහොමද සලකන්නේ?

    කෝම උනත් සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. යකො තාම මෙකින් ටොපියක්වත් කෑවෙ නෑ!

      Delete
  6. පඩිය පරිස්සම් කර ගනින්! ටිකක් ඉතුරු කරපන් දැන්ම!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං හිතන් ඉන්නෙ... මං ව්‍යවසායකයෙක් වෙනවා මේකින්.. :3

      Delete
  7. පලවෙනි පඩියෙ ඉඳන්ම කීය කීය හරි ඉතුරු කරහන්. අම්මලටත් අරන් දියන් මොනව හරි. ඒකත් එත රස්සාව නෙව. ඇන්ටිලා, නැන්දලා, මාමලා, අක්කලා , නංගිලා යකෝ පාරෙදි දැකත්කමවත් අහක බලන් යන එකේ ඔහොම හරි කතාවට ඈඳාගන්ඩ ඇහැක්නේ.

    ReplyDelete
    Replies
    1. මුලු පඬියම අම්මට බං දුන්නේ... ටෙලිෆොන් බිලේ ඇරියස් ගෙවලා දාලා නෙට් අන්ලිමිටඩ් කරලා දෙන්ට කියලා...

      Delete
    2. හෙහ් ඉතින් යකෝ අම්මට දීලත් උඹේ වැඩක්නේ කොරන් තියෙන්නේ.

      Delete
    3. යටි අරමුනක් නැතුව මොකාද බං වැඩක් කරන්නෙ!

      Delete
  8. මාත් එතනින් පොත් කීපයක් සල්ලි දීලම ගත්තා..ඒත් ඕනයා කිව්වහමයි මීටර් උනේ..

    ReplyDelete
    Replies
    1. ගන්න වෙලේ අයියාව ගම්බුනානම් වැඩිපුර ඩිස්කවුන්ට් එකක් දාල දෙන්ට තිබ්බා.. මාත් එවලෙ ඉදලා නෑනෙ මං හිතන්නෙ!

      Delete
  9. මම ආවනේ බං, සැක් ..නිකමටවත් උබව දැක්කේ නැහැනේ ..,දැක්කනම් උබේ බිලට කියලා පොතක් ගන්න තිබුනා ..

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...