ඕන් අද ආව අනුවේදනීය කතා පුරෝර්තියක් අරන්... හුග කාලෙකින් නොවැ ආවේ... ඕන් අලුත් අවුරුද්දෙ ඉදන්වත් සතියකට එක මෙව්වා එක ගානෙ ලියන්ට හිතා ගත්තා.. එව්ව නෙවේ අද මෙව්ව එක මෙන්න...
මේ පෝස්ට් කෑල්ල ලියන්ට හිතුනෙත් තැන් කීපයකම තිබුනු මාතෘකා දැකලා... ඔය ඈ ලැවල් ලකුණු අප්සොට් එකත් එක්ක මේ මාතෘකාවත් ඕන් නැගලම යනවා... බුකියෙත් එහෙමයි කියෝන කියෝන් බ්ලොග් එකෙත් එහෙමයි..
ගොඩදෙනෙක් කෑ ගහනවා පී ඇම් සී එක එපා කියන්න එපා කියලා.. :D පී ඇම් සී කියන්නෙ ඔය ප්‍රයිවට් මැඩිකල් කොලේජ් කියන එක නොවැ. සමහරක් කියනවා පී ඇම් සී එක එපා කියන්න හරි හමන් තර්කයක් නෑය කියලා... මයේ හිච්චි මෝළෙට හිතුනු තර්ක මෙහෙම කියන්ට හිතුවා.. අහන්නෝ අසත්වා...
අපි කිණ්ඩියට වගේ හිතමුකෝ ඔයා බයෝ කරේ... ඕන් රිසාල්ට් ඇවිත්.. (මෙවර උ පෙළ ප්‍රතිපල අප්සට් එක නොසලකා හරින්න) ඉතින් z ලකුණු තියෙන්නෙ කටෝෆ් මාර්ක් එකේ. අපි නිකමට හිතමු 1000ක් මැඩිකල් පැකලටි එකට ගන්නවයි කියලා. ඔයාගෙ අයිලන්ඩ් රෑන්ක් එක 1001.. ඉතින් ඔයාගේ අම්මලා තාතලට දෙවැනිසැරයක් ක්ලාස් පීස් ගෙවන්න තරම් මූල්‍යමය හැකියාවක් නැති වෙන්න පුලුවන්. (කේන්ති ගන්න එපා හොදේ) ඉතින් ඔයා මහ දොස්තර කෙනෙක් වීමේ සිහිනයට තිත තියලා දත් දොස්තර කෙනෙක් වෙන්න යනවා. ම්ම් ඕන් හෙනට සල්ලි තියෙන තවත් කෙනෙක් ඔයත් එක්කම විභාගෙ ලියලා ඒ හැටි පාසුත් නෑ. ඒත් ඉතින් පාස් නොවැ. පී ඇම් සී යන්ට අවශ්‍ය සුදුසුම්ටික සපුරලා තියෙන්නෙ.. ඇයි යන්තන් හරි ඒ ලෙවල් පාස්. ඔනිතරම් වියදම් කරන්න සල්ලි තියෙනවා... ඉතින් සුදුසු කම් ටික සැපිරිලා. ඉතින් ඒ ළමයා ඕන් පී ඇම් සී ගිහින් කෝම හරි මහ දොස්තර කෙනෙක් වෙනවා. ඔය අතරෙදිනෙ ඔයා ඩෙන්ටල් ගියේ.. ඉතින් අර ළමයා මහ දොස්තර වෙද්දි ඔයා දත් දොස්තර වෙනවා.
මං දන්නවා ඔයා එහෙම අනුන්ට ඉර්සියා නොකරන විත්තිය. :D ඒක නිසා ඔය දෙන්න අතරේ ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. ඒත් ඔයදෙන්න අතරෙ අවුලක් නැති උනාට ඔයදෙන්න්ගෙන් බෙහෙත් ගන්න එන ලෙඩ්ඩුන්ට පොඩි හරි අවුලක් වෙනවා නේද.. ඔව් ඔයා ගාවට එන ලෙඩ්ඩුන්ගෙ දත් ඔයා හොදට ගලෝනවා. ;) ඒත් අර දොස්තර මහත්තයා ගාවට එන ලෙඩ්ඩු??
මංදා මට හිතෙන විදිය... පතේ පොතෝ දැනුමෙන් විත්රක් නම් ලංකාවේ ඒ ලෙවල් කරන්ට බෑ. කරන්ට ඇහැකි ඉතින්. ඒත් සී තුනකට එහා යන්න නම් අමාරුයි.. :) ඔයා කටෝෆ් මාර්ක් එකට වෙනකන් හරි ලකුණු ගත්තේ ඔයාට පතේ පොතේ දැනුම විතරක් තියෙන නිසා නිවේ.. ඔයාගේ ආකල්පත් හොදට හැදිලා තියෙන නිසා. ඉතින් මංට හිතෙන්නෙ එහෙම ආකල්ප හොදට හැදුනු කෙනෙක් දත් දොස්තර කෙනෙක් වෙද්දි ඒ තරම්ම ආකල්ප හොදට හැදුනු නැති කෙනෙක් මහ දොස්තර කෙනෙක් වෙන එක මහා අපරාදයක් කියලා...
ඔය වගේ උනාම තමයි තමන්ගෙන් බෙහෙත් ගන්න එන ගෑණුන්ගෙන් ආතල් අරන් මරලා දාන දොස්තරලයි, බඩේ ගල අහක් කරගන්න අපු ලෙඩාගෙ වකුගඩුයි ගලෝගෙන ගෙදර අරින දොස්තරලයි බිහිවෙන්නේ..
ඒ කතාව එහෙම අහක් වෙනකොට දැන් අර පාරේ කෑගගහ යන මැඩිකල් ඉස්ටුඩන්ට් ලට තියෙන කැහිල්ල මොකද්ද කියලා සමහරු අහල තිබානේ. අනේ මං ඒ අයගෙන් ගොහින් ඇහුවේ නෑ පී ඇම් සී දැම්මාම ඇයි කහන්නෙ කියලා... මට හිතෙන විදියට මේකයි ඒ අයට කහන්න හේතුව...
එකක් ඒ අයත් එක්ක සමකාලීනව තමයි දැන් පී ඇම් සී එකේ ඉගන ගන්න ඈයොත් දොස්තර මහත්තුරු වෙලා එළියට එන්නේ. ඉස්සර සෞක්‍ය ඇමතිට මාද්‍ය සාකච්චා වලදි කතා කරන්න උනේ ඉන්ජක්සන් බෝතලේ හිටපු ගුල්ලා ගැන උනාට අනිවාර්යයෙන්ම ඒ අය එළියට බැස්සාම සෞක්‍ය ඇමතිට කතා කරන්න වෙන්නේ ලංකාවේ අවයව වෙලදාම වගේ දේවල් ගැන තමා... ඉතින් ඒ තත්වෙට ලංකාවත් වැටුනාම මේ දොස්තර පී ඇම් සී, මේ දොස්තර ජී ඇම් සී කියල වෙනසක් නෑ. ඔක්කොම දොස්තරලට තමයි ඒ කැළැල එන්නේ. ඉතින් එහෙම වෙනකොට මෙච්චර කාලයක් ලංකාවෙ තිබ්බු පට්ට වෛද්‍ය සේවයට මොකෑ වෙන්නේ? ඒක එකක් වෙන්ටෑ ඔය කැසිල්ලට හේතුව... :)
ඒකෙනුත් ලොකුම පාඩුවක් වෙන්නෙ අහින්සක ලෙඩ්ඩුන්ට නොවැ. කොහොමත් වෙන මනුස්සෙක්ට වෙන අසාදාරනේකට තවත් මනුස්සේක් කතා කරනකොට එක්කො උට බඩේ ඇම්මක්.. නැත්නම් කැසිල්ලක්.. :D
දෙවැනි කාරනේ ගත්තො ඒ අසාදාරනේ කෙලින්ම වෙන්නෙ ජී ඇම් සී වල ඉගන ගන්න මැඩිකල් ඉස්ටුඩන්ට්ලටමයි. මේකයි ඕවල උගන්නන ප්‍රොෆිසර් සීයලා. සීයා උනත් ඩයල් දස්සයෝ.. ඒත් ඉතින් වලපයයි ගොඩපයයි නොවැ ඒ මිනිස්සු ඉන්නේ. සාමාන්‍යයෙන් රජයෙන් ලැබෙන්නෙ ඒ උන්දන්ට රුපියල් 70000ක විතර පඩියක්.. ඉතින් පී ඇම් සී එකේ උගන්නන ඈයන්ට ඇබෑර්තු තියේ. පඩිය ලක්ෂ 2කේ සිට ඉහලට.. :D ඌ ප්‍රොෆා උනත් පෘතග්ජන මිනිහෙක්. අනික වලපයයි ගොඩපයයි. කෙස්ස පැහෙනකන්ම ඒ මනුස්සයා ලංකාව ඇතුලෙ උගන්නලා එයාට අදාල යුතු කම කරලයි තියෙන්නේ. ඉතින් මේ අන්තිම ටික කාලෙ රුපියල් 70000ට පයින් ගහලා ලක්ෂ 2ක පඩියකට පි ඇම් සී එකට යන එක සාදාරනයි. ඒත් එහෙම නොයන ප්‍රොෆාලා ඉන්නවා කියලත් කියන්න ඕනි. කොව්ව උනත් එහෙම අපේ මැඩිකල් පැකලටිය දාල ප්‍රොෆාල ගියාම ඒකෙන් හොදටම පාඩුව වෙන්නෙ ඒකෙ ඉගන ගන්න මැඩ්කල් ඉස්ටුඩන්ට්ලට නේද?
ඒ ප්‍රොෆාල විශයේ කෙළ පැමිණි ඈයො. සමහරක් ඔපරේශන් කරලා ඇක්ස්පීරියන්ස් එක තියෙන්නෙත් ඒ උනදන්ට විතරයි. එහෙවු කෙනෙක් අරවගේ ගියාම වෙන්නෙ මොකද්ද? හැක් හැක්...
පී ඇම් සී එකේ අයෝ "මේක කැපුවාම මෙහෙම වෙනවා" කියලා ඉගන ගනිද්දි හරි විදියට ඒ ලැවල් පාස් උන්නු ඈයෝ "මේක කැපූ වාම මෙහෙම වෙනවලු" කියල ඉගන ගන්නවා.
මම මේ කිව්වෙ මම විහිළුවට හරි මැඩිකල් පැකලටියේ උන්නොත් මට කැහිල්ලක් ඇති වෙන්න හේතුව... :D
මෙහෙමවත් කැහිල්ලක් තියෙන් ඈයි නැති උනොත් හිපක්රොටික්ස්ගේ ආචාර්යදර්ම වලට මොනවා වෙයිද දන්නෙ නෑ..
ප.ව.
පෝස්ටුව අහවරයි. සුදු හංසි අක්කගේ පෝස්ටුවක් දැකලා තමයි මටත් මේක ලියල දැම්මේ.. :D
Tuesday, December 27, 2011
නෝ පී ඇම් සී...! | no PMC...!
25 comments:
ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]
@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.
Subscribe to:
Post Comments (Atom)
මල්ලි කියන කතාව ඇත්ත තමයි ඒත් ඉතින් එක ප්‍රශ්ණයක් දිහා පැති ගොඩකින් බලන්න පුළුවන්.. නියම ප්‍රමිතිය තියෙනවනම් හොඳයි කියලයි මම නම් කියන්නේ
ReplyDeleteහ්ම්ම්ම්... අක්කටම කියලායි මේ පෝස්ටුව ලිව්වේ... :D
ReplyDeleteඅක්ක කියන දේ ඇත්ත. පි ඇම් සි එපා කියලා කෑ ගහන්නෙ නෑනෙ අක්කෙ හරි හමන් ප්‍රමිතියකින් පී ඇම් සී එකක් දැම්මනම්...ඔය දාල තියෙන පී ඇම් සී වල ගාන පොඩ්ඩක් අඩු කරලා ඕකට ගන්න ළමයින්ගේත් රිසාල්ට් එකට මුල් තැනක් දුන්න නම් කවුරුත් පිකටින් කරන්නෙ නෑ.. :)
කොහෙද බොලේ ගිහින් හිටියෙ?
ReplyDeleteමං උන්නා.. මාව දමා මගේ ගෑණි ගියා. දැන් අලුත් ගෑණියෙක් ගත්තා... :D දැන් ඉතින් අයෙ මෙයා යන එකක් නෑ.. 3 එයර් වොරැන්ටි.. :D
ReplyDeleteබය වෙන්ට එපා බොල ජ්‍යාමිතික සමීකරනයෙන් ස්කෝර් එක හැදුවම ඔක්කෝම ගොඩ. අවුරැදු ගාණකට කලින් විභාගේ කරපු මාත් විස්ස විද්‍යාලයේ...
ReplyDeleteමේ පැත්තේ ආවමයි..ජය ශ්‍රී කිව්වා
ඕකට පොඩ්ඩල් ලිඳෙන් එලියට ඇවිත් බැලුවම උත්තර හම්බ වෙනවා..ඔය කියන පෞ.වෛ.වි නැත්තේ රටවල් බොහොම පොඩි ගනනක...ලංකාවෙයි මාලදිවයිනෙත් (නැද්ද කොහෙද)ඇරුනම දකුනු ආසියාවේ හැම රටකම තියනවා..මං ඉන්න රටෙත් ඇතුලුව..ඔය කියන රටවල රාජ්‍ය වි.වි කඩා වැටිලත් නෑ අධය්‍යාපන ක්‍රමය කඩා වැටිලත් නෑ මෙච්චර අවුරුදු ගානක් ඕව පැවතිලත්! මේ රටවල ඉන්නේ අපේ රටටත් වඩා දුප්පත් මිනිස්සු...පොඩ්ඩක් දූපත් මානසිකත්වයෙන් එලියට ඇවිත් බැලුවම පේනවා යකා හිතන තරම් කලු නෑ කියලා...
ReplyDeleteනිදහස් අද්යාපනය කියන්නේ වරප්‍රසාදයක් මිසක් අයිතියක් නෙවෙයි....දැන් රාජ්‍ය වි,වි වල අය හිතන් ඉන්නේ ඒක එයාලගේ අයිතියක් කියලා...එයාල විඳීන වරප්රසාදයම අනිත් අයට ලැබෙනවට එයාලා අකමැති..යන එකා කොහොමත් පිට ගිහින් වැඩේ කරන් එනවා....එහෙව් එකේ ඒ සල්ලි ටික ලංකාවේ නවත්තගන්න වැඩපිලිවලකට ඇයි මෙයාලා මෙච්චර අකමැති!
දොස්තර කම විතරක් නෙවෙයි ඔබේ තර්කය අනිකුත් පාඨමාලා වලටත් වලංගුය කියන පදනමෙන් මම මේ සටහන් කරන්නේ ,
ReplyDeleteඔබතුමා කරන පලවෙනි වැරැද්ද පුද්ගලයෙක්ගෙ දක්ෂතා සහ ආකල්ප විභාගයකට කොටු කරන එක . ඒක සම්පූර්ණයෙන්ම වැරදියි . ලෝකය වෙනස් කරපු අයිස්ටයින් , තෝමස් අල්වා එඩිසන් ඇතුලු චින්තකයො විභාග වලින් ජයගත්ත මිනිස්සු නෙවෙයි . විභාග වලින් ජයගන්නව තියා හරියකට පාසල් යාගන්නවත් බැරිවුනු දක්ෂ ජීවිතය ජයගත්ත මිනිස්සු ලෝකේ ඕනි තරම් ඉන්නව . ඒ වගෙම උසස් පෙල හෝ කිසිම විභාගයක ලකුණ මත පුද්ගලයෙක්ගෙ දැනුම් ප්‍රමාණය තීරණය කරන්න බැ , විභාගයක පැය තුනකදි මතුනොවෙන දක්ෂයින් ඉන්න පුලුවන් . ඒ නිසා තමයි සැම විභාගයකම සමාර්ථ ලකුණ ඉක්මවා ගිය අය ඉන් ලැබෙන ප්‍රථිපලයට සුදුස්සන් වෙන්නෙ , සැම උසස් පෙල සමතෙක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුයි කියන එක ලංකාවේත් ඇතුලුව මුලු ලෝකෙම තියන නිර්නායකයක් . ලංකාවේ තියන විශ්ව විද්‍යාල පහසුකම් අඩු නිසා තමයි ඉහලම ලකුණු තියන අය විතරක් ගන්නෙත් , ලකුණු වලට ප්‍රමුඛතාවය දීල උපාධිය තෝරන්නෙත්.(අනික් රටවල තමන්ගේ කැමැත්ත අනුව තමයි උපාධිය තෝරන්නේ , දත් දොස්තර කමට වඩා අනික් දොස්තර කමය ලොකුය , බයෝ ඩිග්රියට වඩා දොස්තර කම ලොකුය කියල එකක් නැ ) ඒ නිසා සාමාන්‍ය එස් සමාර්ථ තුන ගත්ත කෙනා උපාධියකට නුසුදුසුය කියන්න ඔබට කිසිම අයිතියක් නැ . එතනින් එහාට වෘත්තීය ජිවිතය තිරණය වෙන්නෙ උපාධි පාඨමලාව තුල දක්වන දක්ෂතා සහ තමන් ඇති කර ගන්න වෘත්තිමය කුසලතා අනුව . මේ ගැන මොරටුව විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගම් බ්ලොග් එකේ ගිය වාදයකදි එක් පාඨකයෙක් තමන් ලංකාවේ ප්‍රකට සමාගමක මානව සම්පත් නිලධාරියෙක්ගෙ වැඩමුලුවකදි අහපු දෙයක් සටහන් කරල තිබුනා .මම පහත පල කරල තියෙන්නෙ ඒ අදහස .
no one really cares whether you got a first class or not. it's what your predecessors from this university has proven that counts... and you have to be equally able-bodied to live up to those standards... the brightest and the best people I know who graduated from y'all do not even have a class'.
ඔයිට සමාන අදහස් මම කිහිප වතාවක්ම අහල තියනව අදාල ක්ෂෙත්ර වල ප්රවීනයින්ගෙන් සහ ඔය ගැන ශාස්ත්‍රිය අධ්‍යයනයන් කරපු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙන්
මෙන්න ඒ ලිපිය
http://efsuuom.blogspot.com/2011/12/f3.html
බුවා සමග එකඟයි...ලංකාවේ විභාග ක්රමයේ වැරැද්ද කියලා මං ලිපියක් ලියල තියනවා කාලෙකට කලින්.ඒකෙදි මං බුවා කියපු අදහස් යම් තාක් දුරකට මතු කරල තියන්නවා..උසස් පෙල කියන දේ තුල ඒ පැය තුන සීමාව තුල සැබෑ දක්ෂයා එලියට එන්නේ නෑ! විභාගේ අසමත් උන එකා අදක්ෂයා වෙන්නෙත් නෑ!
ReplyDeleteඋපාධිය ගත්ත තැන නෙමෙයි අවුල . . . උපාධියේ ස්ටෑන්ඩඩ් එක සහ උපාධිය ගත්තට පස්සෙ උං වැඩ කරන විදියෙයි කතන්දරේ තියෙන්නෙ. පිටරටවලට ගිහිල්ල සල්ලි ගෙවල ඉගෙනගෙන උපාධිය අරං ලංකාවෙ රස්සාව කරන ඩොකාල අම්බානක ඉන්නව . . . උඹ කියන විදියට උං මේ වෙනකොට හෙන අවයව ගානක් රට පටවල තියෙන්න ඕනෙ. (?????)
ReplyDeleteමම ආයෙත් කියනව උපාධිය දුන්න තැනට වඩා උපාධියේ සාර්තකත්වය රඳා පවතින්නෙ උපාධිධාරියාගේ "ආකල්ප" උඩ
//ඔය වගේ උනාම තමයි තමන්ගෙන් බෙහෙත් ගන්න එන ගෑණුන්ගෙන් ආතල් අරන් මරලා දාන දොස්තරලයි, බඩේ ගල අහක් කරගන්න අපු ලෙඩාගෙ වකුගඩුයි ගලෝගෙන ගෙදර අරින දොස්තරලයි බිහිවෙන්නේ..//
මේ විදියෙ දොස්තරල ලංකාවෙ ඉන්නවද ???? ඉන්නවනං උං බිහිවෙලා තියෙන්නෙ පී.ඇම්.සී.ය බිහිවෙන්න කලිං නේද මල්ලි ????
ත්‍රී ඉයර්ස් ද අලුත් ගෑණිගෙ වොරන්ටිය.... ?? ඊට කලින් බ්රේක් ඩවුන් එකක් උනොත් ෆ්‍රී රෙපෙයාර්ද... ?? නැතිනම් සල්ලි ගන්නවද ?? සල්ලි ගන්නවනම් කියපං මම ෆ්‍රී රෙපෙයාර් කොරනවා...
ReplyDeleteමට සුදු හංසි ලියපු පෝස්ට් එකක් මේ වෙලාවේ සිහියට එනවා. ඕකේ පැති කීපයක් තියනවානේ. හැම පැත්තක් දිහාම එක ඇහැකින් බලන්ට බැරි එක තමයි වැඩේ.
ReplyDeleteඔය අවස්තාව ලංකාවේ නොලැබුනොත් ඒ ලමයි කරන්නේ තමන්ගෙ සල්ලි වියදම් කරලා බන්ග්ලා දේශ් හරි, පකිස්තානේ, හෝ රුසියාවේ හරි විශ්ව විද්‍යාලයකට ගිහින් අපේ රටේ සල්ලි වියදම් කරලා ඇවිත් ආපහු අපේ රටේ දොස්තරලා වෙන එකමනේ. ඒ රටවල ගන්න උපාධි කොහොමට ඇද්ද?
ම්ම්ම්... පී ඇම් සී එකේ වරදක් නෑ ඒක හරි හමන් පී ඇම් සී එකක් උනානම් අප්පා.. ඒකයි මම කියන්නේ...
ReplyDeleteකිව්වත් වගේ විභාගයකින් දක්ශන තොරන එක සාර්තක වැඩක් නෙවේ.. ඒ ඒක නේද කරන්න පුලුවන් හොදම විදිය. :)
අනික් එක දියුනු රටවල තියෙන්නෙ පි ඇම්සි කියන ඈයොත් ඉන්නවා... :D හැක් හැක්... ඔව් ඉතින් ඔය දියුනු රටවලයි අපේ රටෙයි වෙනස ඕකයි... ඒ රටවල දොස්තරකම කියන්නෙ වෘතියක් විත්රයිනෙහ්... :)
ඔව් බං ඔර්නයෝ.. මම දන්න තරමින් නම් එහෙම ඉස්සර අවයව වෙලදාමක් නම් තිබිලාඅ නෑ... හැබැයි අර ලංකා නෙට් එකේද කොහෙද දොස්තර කෙනෙක් කෙල්ලෙක්ව දූශනය කරපු සිද්දියක් දාල තිබ්බේ.. අන්න ඌ නම් ලංකාවෙ ඉගන ගත්තු එකෙක් නෙවේ ලු. ඇම් බී බි ඇස් තිබුනට වෛද්යසබාවෙ ලියාපදින්චි නොවුනු එක්කෙන්ක්..
//ඇම් බී බි ඇස් තිබුනට වෛද්යසබාවෙ ලියාපදින්චි නොවුනු එක්කෙන්ක්..//
ReplyDeleteරජයේ රෝහලක ?????
නෑ බොල... ඌ ප්‍රවට් ඩිස්පැන්සරියක් දාගෙන ඉදල තියෙන්නෙ...
ReplyDelete@ සබිත් -දකුණු ආසියාවෙ රටවල් වල ගජරාමෙට එකක් වැහෙද්දි තවැකක් දැම්මට දියුණු රටවල්වල PMC නෑ ළු , රුසියාවෙ නෑ , ලංකාව වගේ සෑහෙන ගුණයක් විශාල ඕස්ට්‍රේලියාවෙ දෙකයි , එංගලන්තෙ එකයි . ඒ රටවලත් දැං සිසුන් නිදහස් අධ්‍යාපනේ ඉල්ලලා කෑ ගහනවා. ඉගෙන ගන්න සල්ලි නැතුව ගණීකා වෘත්තියෙ යෙදෙනවා , අපේ රටවල් දැන් ඉන්න පාලකයොන්ගෙ බූරු වැඩ හින්දා ආයි ආපස්සට යන කොට මැදැගිල්ල තමා මතක් වෙන්නෙ . හොද පෝස්ට් එකක් සුළැගිල්ල .
ReplyDeleteබණ්ඩක්කා - එංගලන්තයේ තියන රාජ්‍ය විශ්ව විද්‍යාල කිසිම එකක නොමිලේ උගන්වන්නේ නැනේ , වාණිජ වශයෙන් උසස් අධ්‍යාපනය දෙන නිසා තමයි ඒවායේ ගුණාත්මක රැකගෙන තියෙන්නෙ , නවීකරණය වෙච්ච පාඨමාලා තියෙන්නෙ , උපරිමයෙන් පහසුකම් තියෙන්නෙ , පර්යේෂන සිද්ධ වෙන්නෙ . හොඳ ආචාර්යවරු ඉන්නේ.ආර්ථික අර්බුධයත් එක්ක ගැටලු මතුවෙලා තිබුනත් ලංකාවේ වගේ පිනට දෙන උසස් අධ්‍යාපනයකට තල්ලු වෙන්න තරම් ඒ රටවල් මෝඩ නැ . හැමදේම නිකන් කාල පුරුදු ලංකාවේ , රජය මුදලට උසස් අධ්‍යාපනය දෙන්න ගියා නම් දැනටත් එහා මට්ටමෙන් විරෝධතා ඇති වෙන්නෙ . රජයකට නොමිලේ උසස් අධ්‍යාපනය දෙන්න පුලුවන් සිමාවක් තියනව . ලංකාවේ ආචාරයවරු පිටරට යන්නේ , පර්යේෂන නොකෙරෙන්නෙ , පහසු කම් හරියාකාරව නැත්තේ ඒ නිසා . ලෝකයේ තියන සුපිරිම විශ්ව විද්‍යාල වෙච්ච හාවඩ් ,MIT වගේ ඒවා පුද්ගලික විශ්ව විද්‍යාල බව අමතක කරන්න එපා . හොඳම ක්‍රමය රාජ්‍ය අංශය මැදිහත් වෙලා වාණිජ උසස් අධ්‍යාපනය දෙන එක , දෙවැනි එක ලාභ අරමුණු කර නොගත් වාණිජ උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීමට මුල් වීම . පලවෙනි එක කරන්න ශිෂ්‍යයො ඉඩ දෙන්නෙ නැ . දෙවෙනි එක කරන්න තරම් ඕනි කමක් රටේ දේශපාලකයින්ට නැහැ
ReplyDeleteඔආ මුල ඉදලම පොට වරද්දගෙන නේ මල්ලී. දැන් ලන්කාවේ යන්නේ 1000යි නම්, ඒ යන්නේ හොදම 1000 නෙවේ නේ, කොලඹින් A3 ගන්න කෙනා යන් නැති වෙන කොට, නුවර එලියෙන් C3 අරගෙනත් යනවනේ, එතකොට අර කොලඹ, නුවර A3 ගන්න කෙනාට නිකම් job එකක් කරන්ඩ යන එක කොඉ තරම් සාධාරනද කියලා හිතුවේ නැද්ද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@බණ්ඩක්කා- මැඳගිල්ලා සුළැඟිල්ලා මාරුවෙයිද දන්නෙ නෑ.. :D :D
ReplyDelete@බුවා- අපි සැත්තැම්බර් 23වෙනිදත් එහෙනම් අර සමරනැත්තෙ මහ මෝඩයගේ අනුස්මරණ උත්සවයක් වෙන්ටෑ... මම දන්නෙ නෑ ඔයත් නිදහස් අධ්‍යාපනේන් කොච්චර දුරට ඉගන ගත්තද කියන්න. ඒත් පිනට දෙන්නවත් විකුණන්නවත් අද්යාපනය කියන්නෙ වෙළද බාන්ඩයක් නෙවේනෙහ්... :) ඒක ගැනත් පොඩ්ඩක් හිටහ්ලා කතා කරන්න. පී ඇම් සී ඕනි කිව්වත් හිතට දුකක් නෑ නිදහස් අද්යපනය හෑල්ලු නොකර...
@අනෝ- අනේ සමාවෙන්න මට ඒක ගැන කතා කරන්න බැරි උනා... ඒත් ඉතින් මේ පොස්ට් එක පී ඇම් සී ගැන ලිව්වා මිසක් ලංකාවේ ඒ ලැවැල් අසාදාරනේ ගැන ලිව්ව එකක් නෙවේනෙහ්.. :)
කන්නග්ගර මහත්තය නිදහස් අධ්‍යාපනය හඳුන්වාදුන්නේ අවුරුදු පනහකට කලින් , ඒක ඒ කාලයේ හැටියට යුගයේ අවශ්‍යතාවයක් , කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන්න ඕනි . දශක ගණන් පරන ප්රපත්තිවල හිරවෙලා ඉඳල හරියන්නේ නැ . කාලයෙන් කාලෙට ප්‍රතිපත්ති ගේනවා අදාල අරමුණු ඉටුවුනාම ඒවා සංශෝධනය කරනව , එහෙමයි කටයුතු සිද්ධවෙන්න ඕනි . සමජාවාදී ආර්ථික ප්‍රතිපත්ති වල හිටපු ගොඩක් රටවල් ධනවාදි ක්‍රමයට මාරුවීම එක උදාහරණයක් , යුද්ධය කාලයේදී අනුගමය කරපු ආරක්ෂක ප්‍රතිපත්ති දැන් ඉවත් කරල තියන එක තව උදාහරණයක් .ද්විතියික අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය ලබාදීම ඉතාම වැදගත් රටේ සාක්ෂරතාවය වැඩි වෙන්න වගේම උපාධිදාරින් නොවන වෘත්තිකයින්ගේ ගුණාත්මක භාවය වැඩිවෙන්න , ශ්‍රම බලකායේ අ අගය ඉහල යන්න වගේ ගොඩක් දේවල් ඒ තුලින් ලැබිල තියනව . නමුත් උසස් අධ්‍යාපනය පැත්තෙන් වර්ථමානයේ නිදහස් අධ්‍යාපනය තුල ගැටලු තියනව . එක පැත්තකින් රටට අවශ්‍ය කරන මුලු දොස්තරල ගාන රට තුල හදාගන්න බැරිවෙලා තියෙත්දි අනික් පැත්තෙන් උපාධි අරන් රැකියා නැතුව ඉන්න දහස් ගාණකුත් බිහිවෙලා තියනව ,වැඩිදුර අධ්‍යාපනයට විදේශ ගත වීම් නිසා බුද්ධිගලනය අධික වෙලා තියනව , පාඨමාලා අලුත් වෙලා නැ , ආචාර්යවරුන්ට නියමිත වැටුප් ගෙවාගන්න බැ ඔවුන් රටෙන් පිටවෙනව .ලෝකයේ අලුතින් ඇතිවෙන ක්ෂේත්‍ර හෝ එකම ක්ශේත්‍රයක් යටතේ විවිධාංග කරණය වෙච්ච පාඨමාලා ලංකාවේ නැ . ලංකාවේ විශ්ව විද්‍යාලයක් එක්ක වෙනත් රටක විශ්ව විද්‍යාලයක් සංසන්දනය කරල බලන්න කොයිතරම් ප්‍රමණායක් පාඨමාලා අපේ රටේ ඇත්තෙවත් නැද්ද කියල . පූර්න කාලීන් පශ්චාත් උපාධි අධ්‍යාපනය ලංකාවේ ඇත්තෙම නැති තරම් ,පර්යේෂන සිදුනොවෙන තරම් ( නාථ දෙවියන්ගෙන් අහගෙන කරන ඒවා හැරුණාම ) , පර්යේශන කරන ඒවායෙත් ගෞරවය යන්නෙ යන්නෙ වෙනත් රටවලට (මහ වෙදනා ගේ ලිපියක් ඇති මේ ගැන ) . මේ සියල්ල පිටිපස්සෙ තියන හේතුව රජය දෙන ආධාර මත පමණක් උසස් අධ්‍යාපනය රඳා පැවතීම . තියන විදිහට ඇදෙගෙන යනව මිසක් ලොකු වෙනස් කම් කරන්න හැකියාවක් ලංකාවේ රජයට නැ . ඒ නිසා උසස් අධ්‍යාපනය පිලිබඳ ප්‍රතිපත්ති වෙනස් වෙන්න කාලය හරි
ReplyDeleteඔව් අයියේ ඔයා කියන දේ හරි... ඒත් නියම ප්‍රමිතියකින් ඔය දාන පෞද්ගලික මෙව්වා එකක් දැම්මනම් කිසිම අවුලක් නෑ..
ReplyDeleteඋදාහරණයක් මෙහෙම ගමුකෝ.. පි ඇම් සී එකක් දැම්ම කියලා හිතමු. ඒකෙ මිල ටිකක් වත් අඩු කරන්න ඕනි. ඊට අමතරව ඔය කට් ඕෆ් මාර්ක් එකේ ඉන්න එහෙමත් නැත් නම් දිස්ත්‍රික්ක ප්‍රශ්නෙ නිසා අසාධාරනයක් උනු ළමයින්ට ඉස්කොල් එකක් වගේ දීල හරිහමන් විදියට විස්ස විජ්ජාලෙ හදන්න ඕනි... :) එහෙම උනා නම් මගේ බ්ලොග් එකේ උනත් මේ වගේ පෝස්ට් එකක් නොලියවෙන්න තිබ්බා... :)
එහෙම ශිෂ්‍යත්ව , ණය ක්‍රම වගේ එව්වා දෙනව කියලනේ එස්.බී මාම කියන්නේ (කරයිද කියල නම් නොදනි ) . කොහොම උනත් ඔය ගේන්න හදන පනත වගේ එකකින් නීතිගත කලොත් .z අගය අනුව සහ ආර්ථික තත්වය අනුව යම් කිසි සිසුන් ප්‍රතිශතයකට ශිෂ්‍යතව දෙන්න (එස්.බී කියන්නෙ 20%ක් අරන් දෙනව කියල ) කියල අනිවාර්ය කිරීමක් කරන්න බැරි කමක් නැ . මම සංකල්පයක් වශයෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට සහ ඒවා නියාමනයට ගේන පනතට කැමතියි . කොහොම කෙරෙයිද කියන එක ප්‍රශ්නයක් . මොකද ලංකාවේ ඉතාම හොඳ වැඩක් වුනත් වැරදියට කරන එකයි ප්‍රවණතාවය
ReplyDelete@ බුවාගේ සිතුවිලි - පිනට උගන්නන එක නං අවුල , අපි මෙහේ නිදහස් අධ්‍යාපනය අහෝසි කරමු , PMC දාලා ආණ්ඩුවෙ කැම්පස් ටිඅක් වැහෙන්න අරිමු. මෙහෙ එවුන්ටත් කියමු ඉගෙනගන්න සල්ලි නැත්තම් පිනට ගන්න බලං ඉන්නෙ නැතුව එංගලන්තෙ වගේ ගණිකා වෘතියේ යෙදිලා සල්ලි හොයං එන්න කියලා. ගමේ අහිංසක අම්මලාගෙ තාත්තලගෙ දුප්පත් දරුවො ගැන වද වෙන එකත් නවත්තමු , උන්ට මොන කැම්පස් ද ? උන්ට සල්ලි නෑ නේ ඉතින් උන් දක්ශත් නැතුව ඇති
ReplyDeleteහනේ බන් හීන් ඇගිල්ලෝ ඇස් බී මාමට පෙන්නපු මැදැගිල්ලයි , අහිංසක සුළැගිලි පොඩ්ඩයි එහෙම මාරු වෙනවද හා ? :P :P
ReplyDeleteමම හිතුවෙ උඹ ඔය කියන්නෙ අර මීගමුවෙද කොහෙද කෙල්ලෙක්ව රේප් කරල ඉස්පිරිතාලෙ බිල්ඩිමක උඩම තට්ටුවෙං බිමට දාල කෙල්ලව මරල රිමාන්ඩ් එකේදි බෙල්ලෙ වැල දාගෙන මැරුන දොස්තර ගැන කියල . . . සොරි ඈ . .
ReplyDelete