Monday, August 15, 2011

හැම ගහම හැදෙනකොට දෙපෙත්තෙන් දැනෙනවද...??

හැක් හැක්... මේක මේ නිකන් ඉන්න බැරුවට හිතුන දෙයක්...පඩ ගැන ප්‍රස්තාව පිරුළු ලොට් එක් කිව්වට මොකො මේ වගේ ප්‍රස්තාව පිරුලක් ගැන කියන්ට බැරි උනා නොවැ....  ලොල්ය... අපේ සාහිත්‍යේ මේවගේ ප්‍රස්තාව් පිරුළු එමටව තීනව නොවැ.. අපි හැමොම අහල අඑතිනේ,
"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.."
කියන මෙව්ව එක... කිව්වට මොකො ඔයිකේ තේරුම ඉගන ගත්තෙ මාත් මේ මෑතක... (ඒක කියාදුන්නෙත් කඩේ හාමිනේ හෙවත් අපේ අනුවා තමා...ඒක වෙනම කතාවක්කිතින් ඔකේ තේරුම හැබට මොකද්ද?

ඔය ගහක් හේම හැදෙන කොට පියලි දෙකක් එනව අපි දැකල තියේ නේ.. ඔන්න ඔය කතාව තමා මේ මෙව්ව එකේ කියන්නේ. ඒ කියන්නේ ඒ පියල දෙක ආවෙ නැත්නම් ගහ හැදෙන්නෙ නෑනේ.. ඉහික්.. ඒකත් හොද තර්කයක් තමා.. හැබෑ ඉතින් මේ ළමය හොදට හැදෙන එකෙක්ද කියල බලන්ට පියල දෙක හේම බලන්ට යනව නෙවේ ඕන්.... ;)

මේ මෙව්ව එකේ තේරුම ඔයික උනාට පොඩි පරහක් තියෙනවා... ඔය ගස් ගැන කතා කොරද්දි ගස් පැළෑ වෙන ආකාර දෙක් තියෙනවනේ. එකක් අපිභෞම ප්‍රරෝහනය. අනික අධෝභෞමි ප්‍රරෝහනය. අපිභෞම කියන්නෙ පොළොවෙන් උඩ, අධෝභෞම කියන්නෙ පොළොවෙන් යට... ඈ හැබෑට... ඔහොම පියැලි දෙකක් එලියට පනින්නේ ඔය අපිභෞම ප්‍රරෝහනය වෙන ගස් කලිවල නේ... අනික ද්වීබීජ පත්‍රී ශාක වල ඇටේ තමා පලු දෙක් තියෙන්නෙ.. ඒක බීජ පත්‍රී ගස්වල ඇටේ කොයින්ද පලු දෙක්.. ? හැක් හැක්.. පොල් ගෙඩිය ලෙලි ගහල පොල් ඇටේ දෙකට පලන එක වෙනම කතාවක්.. අපි මේ කතා කොරන්නේ පියළි ගැන නොවැ...

අම්මපා.. එතකොට හැදෙන පොල් ගස් දෙපැත්තෙන් දැන්නෙ නෙ නෑ නොවැ... එහෙමෙයි කියල පොල්ගස් හැදෙන්නෙ නැතෙයි...??? කෙනෙක්ට හිතෙයි ප්‍රස්තාව පිරුළෙ වරදක් ය කියල.. ඉහික්.. එහෙමත්ම හිතන එක අන්තගාමි වැඩිද මන්ද... කොයික වෙතත් ගොඩක් ගස් හැදෙන කොට දෙඇත්තෙන් දැනුනට පෙළක් ගස් පෙන්න පෙන්න හැදෙන්නෙ නැති විත්තිය අමතක කොරන්ට හොද නෑ.. හරිය...?

ප.ව.
අද පෝස්ට් එක ගොඩාක් කෙටී... ටොපියක් ළමේක්ගෙ අතට දීල ටොපි කොලෙත් ගලෝල දෙන්ට ගියාම ඌ මොට්ට වෙනව නොවැ... ඒක නිසා ඕන් කියවන ඈයොඉ මොට්ට කොරන්නෙ නැතුව ඕන් මං ටොපිය දුන්නා.. ලිහාගෙන කන එකයි තියෙන්නෙ... හැක් හැක්...

17 comments:

  1. ඈහ්..ඔන්න ලෙහාගෙන කෑව

    ReplyDelete
  2. ගොනා බල්ල බූරුව හරක උලම හාල් පාරුව පිස්ස ඉදිබුව......
    හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ නෙමේ...
    බොලා මුලිං ලියල තියෙන්නෙ එහෙම....
    ඕකෙ හරි එක හැදෙන ගහ දෙපෙත්තෙං දැනේ........

    ReplyDelete
  3. ලියයෙ බොහොම ස්තූතියි, වරද පෙන්නල දුන්නට.. :) වෙලා තිබුනු ලොකු වරදක් නිවැරැදි කරේ.. :D

    ReplyDelete
  4. හික්ස්! දෙපෙත්තෙන් හැදෙන ගහ දැනෙනවා නම් මං අද මීට වඩා ලස්සන තැනක බං!

    ReplyDelete
  5. ටොපි කොලෙත් කාලා දැම්මා !!!! :)

    හැමදාම වගේ මං හිතන් හිටියේ 18+ කතාවක් කියලා. බලාගෙන ගියාම මේක එහෙම එකක් නෙමේ නේ.

    ReplyDelete
  6. පොල් ගගට දෙපෙත්තක් නැති හන්දා වෙන්ඩැ අපේ අම්මා මට කියන්න අලුත් ප්‍රස්තාව පිරුලක් හොයා ගෙන තියෙන්නේ"උඹ පොල් ගහ වගේ උස යනවා විතරයි මේලෝ වැඩකට නෑ " :D :D :D :P

    ReplyDelete
  7. ලොල්ය.. ඒකනෙ කියන්නෙ.. ටොපි කොලේ ගලොගත්තනම් ඕන් මෙයිකෙ තියෙන 18ධන ගතියත් පේනවා... ;)
    හැමදාම ලියපු පොස්ට් වලයි මේකෙයි වෙනස කොලෙ ගලොපු නැති එක විත්‍රයි.. හරය එකම තමා.. ඉහික්..

    ReplyDelete
  8. මේකට මන් දාපු කමෙන්ට් එක වැටිල නෑනෙ පින්කියෝ :( :( මොනා කරන්නද?එදා මාව මරන් කන්න හැදුව මන් කියපු එක වැරදි කියලා,හිකිස් දැන් ඒක ගැනම දාල අහම්බෙන් ඉඳලා ඉඳලා ආවෙ බ්ලොග් පැත්තෙ මේකට තමා මුලින්ම ඇවිත් තියෙන්නෙ.මෙන්න බොලේ මාත් ඉන්නවා..හැබැයි ඔය බයෝ ටෝක් මට තෙරෙන්නෙ නැ‍තෝ

    ReplyDelete
  9. කොහොමටත් දැන් කන ටොපි වල කොලේ විතරනේ තියෙන්නේ.
    ටොපි නෑනේ.

    ReplyDelete
  10. ඕකට මුල ජන කතාවක්. එක නරියෙක් කැලේ බොගක් දාන්න ගියාම කොළ දෙකක් විතරක් තිබ්බ කහඹිලිය පැළයක් ගෑවිල අම්ම මුත්ත නැතුව කහන්න ගත්තලු. ඉන් පස්සෙ නරිය තමයිලු කිව්වෙ "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙ" කියල. ඒ කියන්නෙ කොළ එක දෙක ලියලනකොටම වැඩ පෙන්න්වන ගස් ගැනයි ඔය කියවෙන්නෙ, නැතුව මේ පියලි දෙකේ විද්‍යාවක් නෙමෙයි!

    ReplyDelete
  11. ඔය හැදෙන්නේ අපුරු ගහක්...

    ReplyDelete
  12. මට නම් ටොපි කොළෙ ලිහා ගන්න බැරුව ගියා.

    ReplyDelete
  13. කාලෙකට පස්සේ කොලුවො මේ බොල්ග් අවකාසේ පෑත්තේ ආවේ,සෑහෙන්න වෙනස් වෙලා නොවෑ,උඹේ ඇගිල්ලත් හිච්චි ඇගිල්ල වෙලා නේ බන්......එල එල....

    ReplyDelete
  14. අර කහඹිලියා කතාව නම් ෆට්ට. හිනාව නවත්තගන්න බැරියෝ..

    ReplyDelete
  15. හැක් හැක් අනූවෝ... :) මරන් කන්ට හැදුවට කෑවෙ නෑ නොවැ... මං බීෆ් කන්නෙ නෑ නොවැ... ;)

    ඉන්දික අයියේ.. ඔය තියෙන්නෙ මේ ප්‍රස්තාව පිරුළෙ නිදාන කතාව වෙන්ටෑ.. ඔයික් අපේ තාත්තත් මට කිව්වා.. හැබැයි ඔය නරියගේ පුකේ ගෑවිල තියෙන්නෙ කහබිලිය කොල දෙක් නෙවේනේ...? අර කහබිලිය ගහ හවෙදෙනකොට එන පියැලි දෙක නේද ගෑවිල තියෙන්නෙ?

    ReplyDelete
  16. සිරා සිරා......

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...