Wednesday, March 16, 2011

මැදැයි කොලා | සුළැඟිල්ල හා සාපය෴


හික් ය. ඔන්න ද ලියන්න යන්නෙ ඔයාලටනම් කිසිම වැඩකට නැති පොස්ට් එකක්. ඒත් ඉතින් හිච්චක් විත්‍ර සතුටුයි. කොහෙන්දෝ මන්ද ඇඟිල්ලට විසිස්ට සාමාර්ථ කීපයක්ම ලැබිල තියෙන්නෙ. මොනා උනත් අදුරන ඇයෝ ගොඩාරියකටම දිලිහි දිලිහි "ඒ" කැලි 9ක්ම තියෙනව. ඒ අයට වගේම 2010 සාපෙ වැදුනු හැමෝන්ටම හොද ලකුණක් ලැබිල ඇතැයි කීල හිතන.

කොහොමින් හරි අද රිසාල්ට් අවුට් උනා කියල ආරන්චිය ආවෙ ඊයෙ රාත්තිරියෙ. ඒත් ඉතින් නැට්ට පිටින් අලි මැරෙද්දි ඕව මොනාද කියල මම හිත හදාගෙන හිටියෙ ඒක බොරුවක් කියල වෙන්ඩැ.. කොහොම හරි මේ සැන්තැසිය උනේ අද!(16)

මගේ රිසාල්ට අවිත්. මගේ විත්‍රක් නෙවේ.. ඔක්කොගෙම අවිත්. හික් ය. මාත් එක්ක එකට හිටපු අපේ සෙට් එකේ ඇයො ඔක්කොම පාස්.. මම *....! එක පාරට මවුස් 1ක් යනව.. අනික් පැත්තෙන් රවුටරේයනව.. ගෙදර එකම කාල ගෝට්ටියයි..

එතකොට,
අම්ම..: අර උබත් එක්ක එකට පන්ති තහනම් කර ළමයා.. ඒ ළමයට ඒ 7ක් තියෙනව.. $#@!✩ℂ$#@!✩ℂ

තාත්ත: සස්පේන් කරපු එකට කමක් නැකියල් මුට සමාව දුන්න.! විබාගෙහරියට කර ගනී කියල.. තව කම්පියුටරේ ඔබනව.. (රවුටරේ පොල් ගසමින්...) දැන් පලකො ඉන්ටර්නෙට්...

ඒත් එක්කම මම එපා කියගෙන නැකිට්ට.. හ්ම්ම් ඔව් එක හිනයක්... ඒත් දවස ඇරබුනේම මහ කාල කන්නි විදියට.. ඕක තමා පලවෙනි අසුබ නිමිත්ත...

හැන්දැවෙ...(තැතකොට රිසාල්ට් අවුට් වෙලා.. ඒක බලල ඇත්තටම)

බයෝ කල්ස් ඒකේදි.
මම වමත් කාරය නිසා හැමදාම කොන් වෙලා කොන් වෙලා ගිහින් නවතින්නෙ කෙල්ලන්ගෙ පෝලිමට ආසන්නයෙන්. අනේ එහෙම කොන්වෙන්නෙ වල් කමකට නෙවෙ ඉතින්. මම අනික් පැත්තෙන් ඉදගත්තොත් අනික් ඇයන්ට කරදරයි නොවැ. කොම හරි ක්ලාස් පටන් අරන් තිබුනෙ නැ. බලන බලන හැම කෙනාගෙම මූනු අමුතුයි. කොල්ලෙක් කෙල්ලෙක් කියල නැ. මගේ පෝලොමේම හිටපු ඕක්කොටම නම් කලියෙන් කිව්ව වගෙ ඔකෝන්ටම ඒ කැලි තියෙනව. කොවුව උනත් මමත් පේල් නැ නොවැ. ටිකක් යද්දි "ස්ස්..." කියල සද්දයක් එනව කෙල්ලන්ගෙ පැත්තෙන්... යකෝ මුන් කොල්ලන්ට අන්තයිනෙ. රිසාල්ට් එක අප්සට් ගහල තිබුනු නිසා මගෙත් මූන ටිකක් විත්‍ර අප්සට් වෙලා තිබුනෙ. ඒත් ඉතින් කෙල්ලෙක් කතාකරම කොහොමද මූන බෙරි කරන් ඉන්නෙ..?? ඉතින් සුටුස් ගාල මූන ෆික්ස් කොරන් ඒපැත්ත බලුව. ඒකි අහනව "රිසාල්ට් කොහොමද.. නයින් ඒස් නේ...??" කියල.. යකෝ ජීවිතෙට දැකල නැති කෙල්ලෙක් රිසාල්ට් අහද්දි මොනාදමන්ද....

කියන්න කට අරිනකොටම මෙකි කිව්වෙ නැතැ... "ඔයාට නෙවේ අනේ.. ඔයාගෙ අනික් පැත්තෙ එක්කෙනාගෙන් ඇහුවෙ." කියල. තු තු නොදකින්.. නොදෝ...මකින්.. බයිට් කරනවයි කියල එහෙම කරන එක හොද නැනෙ. මමත් ඉතින් නිකන් හිටියෙන් නැ.. "ආ එයාගෙද..?? එයාට නයින් ඒස්...ය." කියල ඉස්සර හැරුන. ඒත් ඉතින් නෝන්ඩිය වහ ගන්නෙ කොහොමද..?? ඔක්කොම හිනාවෙනව. :/ ඒක තමා දෙවනි අසුබ නිමිත්ත

ඉතින් ඔය බයිටත් කාගෙන... කොහොම හරි ක්ලාස් එක පටන් ගත්තයි කියමුකෝ.. ඒත් මොනාද ඉගැන්නුවෙ කියන එකනම් මට හරියට මතක් නැ.. හරියට නෙවෙ වැරැදියටවත් මට මතක නැ. මොකද මම ඒ වෙනකොට හීනයක් දැක දැක හිටියෙ. කී බෝඩ් එකේ කීස් සී සී කඩ...!! අනේ මන්ද... ඒතකොට මාටිය..( පේපර් බෙදන අන්කල් කාරය) එනව පේපර් ටික බෙදාගෙන බෙදාගෙන...!! සමහරු සතුටින් ඒක ලියාගෙන ලියාගෙන යනව.. මම උඩ බලාගෙන බලාගෙන ඉන්නව.. ඒත් එක්කම සර් එහා කෙලවරෙ ඉදන් අපි ලියනව බලගෙන බලාගෙන එනව. ඉතින් මාත් පටාන් ගත්ත ලියාගෙන ලියාගෙන යන්න.. එච්චර අමාරු ප්‍රශ්න නෙවේතිබුනෙ..

Q1.) හරිත ලවයේ හා මයිට්‍රකොන්ඩ්‍රියාවේ වෙනස් කම් විස්තර කරන්න..

ඕන් මමත් අතදිග අරල ලියන්න් ගත්ත. මොනාද??

A1.) හරිත ලව තුල හරිතලව ඇතිනමුත් මයිට්‍රකොන්ද්‍රියා තුල ඒවා දක්නට නොහැක......

සර් ලග!! අනික් ලමයි 3වෙනි ප්‍රශ්නෙත් ලියල. මම තාම මෙතන.
නැකිටින්න කිව්ව. 1ක් ගැහුව. පන්තියටම ඇහෙන්න කියවන්න කිවුව. මම කියෙව්ව.. හුටා.. ලිව්වෙ මොකද්ද..? හරිතලව තුල කොහෙන්ද තවත් හරිතලවයක්..?? පන්තියම හිනාවෙනව. කලින් බයිට් කරපු කෙල්ලත් ඔය බඩ අල්ලන් හිනාවෙන්නෙ. ඒදාතමා මම පන්තියක විශයකරුනක් වැරදිම නිස ගුටිකාපු, බැනුම් අහපු පලවෙනි දවස. සර්ල බයිට් කරල... කෙහෙල් ලෙලි, මැරිච්ච මකුලුවො කොලවල ඔතල සර්ලට යවල ගුටිකාලනම් ඇති. ඒත් මෙහෙම සීන් 1ට මම ගුටි කාලම නැ. කොහොම හරි අසුබ නිමිත් ගොන්නක් එක්ක ක්ලාස් ඇරිල ගෙදරට සම්ප්‍රාප්ත උනා. :/ කෝකටත් කියල ආයි බැලුව. හ්ම්ම්ම් කතාව නම් ඇත්ත. යන්තමින් වගේ පාස්.. හික් ය. කරපු පිස්සු හැටියට මෙයින් ගියා මැදෑ කියල දැන් නම් හිත හදන් ඉන්නෙ. :D


ඒත් පොඩි දුකකට කිතියෙන්නෙ යාලුවෝ ගැන. මේච්චර කාලයක් එකට කතාකරපු ගොඩාක් ඇයො මට වඩා ගොඩාක් හොදට පාස් වෙලා. ඒ අය දැන් වැඩිය කතකරන්නෙ නම් නැ.. ඉතින් කොහොමද එයාලට යාලුවො කියන්නෙ..??

"ඇතිදා ලඟ හුන් මිතුරන් විලසින්... මතු සසරෙදි හමු වෙන්න එපා..." කියල ඉන්න තමා තියෙන්නෙ.. :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

අනික සිකීම් මහින්ද හාමුදුරුවො ජාතික තොටිල්ලෙන් කියල තියෙනවනේ,

කරදර දසක් හමුවී
ඉන්ටැකිනම් සිනහ වෙවී
ඔහු මෙලෝවට පහල දෙවී
රජෙකැයි සලකණු මැනවී

කියල.. මම හිනාවෙවී ඉන්නව.. ලොල්ය.. :D :D :D :D හිනා යන්නෙ නැත්නම් ඩොපමයින් හරි බීල හිනා වෙනව. :D :D :D :D :D :D :D :D :D

22 comments:

  1. :'( jiivithe hati ohoma thami pin kiyo

    ReplyDelete
  2. ලොල්ය
    @සචින්.. හ්ම්ම්ම් ඔව් බන්.. :D මොකො උබ මයෙනම දෙකට කඩල..???

    ReplyDelete
  3. ගොන් වස්සෝ....මම පන්ති වල නෝන්ඩි උන හැටි තෝ දන්නේ නෑ...අපේ අදුරන එකෙක් ඉන්නව නම් අහලා බලාපන්...
    මමත් වමත් තමා යකෝ..ඒත් මම ගිහින් වාඩි වෙන්නෙම අනිත් පැත්තේ...ඒ කිව්වේ අතෙන් අනිත් උන්ට කරදර වෙන පැත්තේ..මොකද ඒ පැත්තේ තමා කෙල්ලෝ වාඩි වෙලා ඉන්නේ...කෙල්ලො මාත් එක්ක කතාවට බයයි නෝඬි වෙන නිසා,,,
    මමත් ඔය පොඩි ලෙවල් එක හරියට පාස් නෑ බොල...උඩ ලෙවල් එකත් පලවෙනි පාර හුටුස් උනා...මම සැලුනද...නෑ නේ...මේ ඉන්නේ ඉකේයියා කියාගෙන....

    ReplyDelete
  4. මොකක්ද යකෝ මේ පිස්සු කෙලින්නේ...තෝ ගොඩනන් එච්චරයිනෙ... දැන් ඉතින් මන් වගේ ඒ.ලෙවල් අනාගන්නැතුව කරන් පලයන්... මැත වගේ නෙමේනෙ බයෝ... ගින්දර බන්... එලටම කරපන්... ජය මචෝ!

    ප/ලි:
    ගිය අවුරුද්දෙ අපිත් ඔය අත්දැකීම් වින්දනෙ බන් :-(

    ReplyDelete
  5. ලොල්ය... ඒකතාවත් ඇත්ත රත්තො... සාපෙ එක අතකින් පුන්චි ලෙවල් 1ක් තමා. :P අහන්නත් සන්තෝසයි උබත් වමත් කියන එක. :P ඒත් කුප්ප වැඩ අපි ගාව නැනෙ. කාටවත් කරදරයකින් තොරව අනික් පැත්තෙන් ඉදගන්නව.. :D

    @හසිය.. මොන පිස්සුද බන්.. :P බයෝනම් ගින්දර තමා... ඒත් මේ නශ්ටික පිපිරීම නිසා ගින්දරට බයයි.. :/

    ReplyDelete
  6. මලේ o/L වල තියන A පාස් ගාන නෙමේ වැදගත් කොලුවෝ.. දැන් තමයි පටන් ගන්නේ වැටෙන්න එපා කවුරු මොනා කිවුවත් ඉස්සරහටම යමන්.. උබ බයෝනෙ කරන්නේ.. බයෝ කරලා ඇනගත්ත ලොකු උන් උන්ට බැරි උන එක උබලටත් බැ කියලා පඩි ටෝක් දෙයි එවට සැලෙන්න එපා... උබ උබේ පාඩුවෙ ඉගන ගනින් හරියට පාඩම් කරහන් එක පාරින්ම ගොඩ යන්න... අනිත් දේ දැ O/L ඉවරයි ආයෙ උබට ඕක වෙනස් කරන්න බෑනෙ ඒ ගැන හිතන්න එපා.. උබ දැන් A/L ගැන හිතපන්.. අනිවා උබ ඩොකෙක් වෙනවා මන් තුන් හිතින්ම පතන්නෙත් ඒකමයි(මමයි/ මගේ ගෑනු ළමයි දෙන්නයි උන් දෙන්නගෙ හිතත් මන් ලගලු ;) [විහිලුවක් හොදේ])
    උබ ඩොකෙක් උන දවසට මං එන්නම් බේත් ගන්න( මට නෙමේ ඔය ඉරුවට ඌට පොඩි අසනීපයක් තියනවලු උගේ වයිෆ් තමයි කිවුවෙ)

    ReplyDelete
  7. ඒ ලෙවල් කරදිදි හිරාන් අමරසේකරගෙ ක්ලාස් එකේ කෙල්ලො ඉන්න ෆෑත්තෙන්ම වාඩි වෙයන්, අනිත් උන්ට ෆොස්සක් කරදර උනහම මොකො බන්, හෑබෙයි දෙව් රුවන් අල්විස්ගෙ ක්ලාස් එකේ එහෙම කරන්න එෆා, ටිකක් වසයි, අහ්හ්හ්හ් ... අමිත් පුස්සෑල්ලගෙ ක්ලාස් එකේනම් මොනවත් කරන්න යන්න එෆා, උබ යවන මකුලුව උබේ කකටම දාල ගෙදර එවයි,, ( මාත් වමත් - එ/ල් ෆේල්)

    ReplyDelete
  8. හිකිය... ඇත්ත අයියෙ මම ඔව්ව නම් ගනන් ගන්නෙ නැ. හික් ය. ඔව් ඔව් මටත් ආරන්චියක්නම් ආව ඉරුවට් භගන්දරාබාදයක් තියෙනව කියල. හික් ය.

    ලොල්ය අනේ දගයෝ.. පුස්සගෙ ක්ලාස් එකෙ නම් මකුළුවෝම තමා යවන්න වෙන්නෙ. ඊයෙත් මගේ පිටිපස්සෙ පෝලිමේ හිටපු 1ක්ව ගෙදර යැව්ව කාර්ඩ් එක අරන්.. :D මම බයෝ යන්නෙ හිරන් ගාවට් නෙවෙ බන්.. තිස්සය ගාවට.. :D

    ReplyDelete
  9. උ‍ඹේ කතාව කියවල මට පිස්සු වගේ.... o/l මහ ලොකුවට හිතන්න එපා බන්. A 10 ක් තිබුන මගෙ යාලුව A/L ෆේල්. ලාවට ගොඩ ගිය උන් කැම්පස් ගියා..අනිත් එක දිනන්නා හා පරදින්නා අතර තියෙන්නේ නහයක දුර කියනවා. ඒ කියන්නේ පොඩි වෙනසයි(සමහර විට කාලයෙන් ,දුරින්, හැකියාවෙන්)ඒක නිසා ඔය උඩ යන උන් තව අවුරුදු 2 කින් පු- බිම ඇනගෙන ඉන්න හැටි උඹට දකින්න ලැබෙයි. හැමෝම කරන දේ නෙමෙයි තමන් ආස දේ කරන එක තමයි හොදම දේ. (එතකොට ජීවිතේ වැරදුනත් කැමති දේ කරලා කියල සතුටු වෙන්න පුළුවන්)

    අනිත් එක ආත්මාර්තකාමී විදියට එ ලෙවල් කරපන්.. හැමෝ යන ක්ලාස් වලට යන්න එපා. ගියත් තමන්ගෙ වැඩ කරලා අනිත් අයගෙ වැඩ කරපන්.

    ReplyDelete
  10. ලොල්ය...යානිව ගීතික අයියෙ... බොහෝම ස්තූති ප්‍රතිචාරයට. :D :D :D

    ReplyDelete
  11. මචෝ ඕව ගනන් ගන්න එපා.
    මම සාපෙ ගොඩ ගියේ යන්තම්, උපෙ 1 වෙනි පාර ෆේල්. දෙවෙනි පාර එලම රිසල්ට් එකක් දාගත්ත. ඉතින් මම 1වෙනි පාර පිස්සු කෙලින් නැතුව කරා නම් කියල පස්සෙ හිතුන. වැඩ පස්සට දාන්න එපා. එදා වැඩ එදාම කරන්න. උපෙදි කිසිම පාඩමක් අතඅරින්න එපා. උපෙ වෙනුවෙන් මගේ සුබ පැතුම්. ලද දෙයින් සතුටු වෙන්න. මේක ලැබිච්ච හොඳ අවස්ථාවක් වැරදි හදා ගන්න. සුබ අනාගතයක්(ඇඩ් එකක් නෙවෙයි).

    ReplyDelete
  12. @මගේ සිතුවිලි... හුහ්.. මුදල් ගෙවාද ප්‍රචාරය කොරේ.. අහ්??

    ReplyDelete
  13. aioo owa ganan ganna epa..o/l kiyanne jeewitaya nemei...owa gana ganan ganna epa idiriyata editarawa muhuna denna...yaliwo nam wadak naha eka atta..anika kawadawat yaluwo wishwasa karannat epa...e gollo inne sapedi witarai dukedi naha

    ReplyDelete
  14. හ්ම්ම්ම් ඔව් මහේශි.. අර යාලුවත් එහෙම තමා... පොස්ට් එකෙ යලුවො කියල වැරදීමකින් දාල තියෙන්නෙ. එක යාලුවයි එහෙම කරේ..

    ReplyDelete
  15. දුක් වෙන්න එපා යාළුවා.. ගොඩක් දෙනෙක් දැන් හිතන්නෙ ඔහොම තමයි.. දැන් ගිය දෙවල් ගැන හිතල වැඩක් නැහැ... ඉදිරිය ගැන සුභ වාදිව හිතන්න...

    ReplyDelete
  16. හික් ය. ඔව් බන් දිනේශ්...
    ෆීනික්ස් කුරුල්ල වගේ අලුගසල දාල ආයි අපි නැකිටිනව. හැබැයි ඒනැකිටින ෆීනික්ස් කුරුල්ල කලින් හිටපු කුරුල්ලට වඩා ගොඩාක් ශක්තිමත්.. :D :D :D

    ReplyDelete
  17. හැමදේම වෙන්නේ හොදටයි මල්ලියා... ඔහොම හරි තියෙනවානේ...ආයේ කරන්න උනා නම් තමයි මල වදේ... ඊලග ලෙවල් එක දෙමු හොදට...

    ReplyDelete
  18. හ්ම්ම් ඔව් අක්කෙ... ඒත් අර අසුබ නිමිති උනේ හොදට නෙවේ නෙ.. :/

    ReplyDelete
  19. මචෝ . . . උඹට දාන්න තියන කොමෙන්ට් එක එහෙම්පිටිංම මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට තියනව. ඒකනිසා ඒපැත්තෙ ගිහිංම කියවපං. http://ornaya.blogspot.com/2011/03/blog-post_17.html

    ReplyDelete
  20. සා/පෙ A දාන ගොඩක් උන් උ/පෙ අනා ගන්නවා මලේ.දෑන්ම ගේමට බෑහෑපන්.හිත ඈත්නම් මේ ලොකේ කරන්න බෑරි දෙයක් නෑ.උබට ලොකු ලයින් දාපු උන්ටත් උබ කවුද කියලා පෙන්නපන්.
    …ජය වේවා

    ReplyDelete
  21. සුළැඟිල්ල කොම හරි පාස් නොවැ ඒ මදැය්..මාත් 2010 සාපෙ වැදුන ඇත්තෙක් තමා..කොහොමින් හරි ලොකු විබාගේ ගොඩ දාගන්නකො..පුස්සැල්ල සර් කියනව වගෙ"මොන බාධක ගැටලු ආවත් 2013 විබාගය ඉහළින්ම සමත් වෙනවද වෙනවමයිද? වෙනවමයි..හිහි සුබ පැතුම්

    ReplyDelete
  22. ලොල්ය.. ඔව් බන් ඔනයෝ.. මම ඕක දැක්ක. යාලුවගෙ කතාවට 1000% එකග වෙමි. ලොල්ය.

    ඈබන් හිච්චි හිත..? උබත් පුස්සගෙ ක්ලාස් එනවැයි..?? අනිව බන් කරනවාමයි.!!!

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...