මඟබලමින් සිටියෙමි සය වසරක්ම
නැහැ තව ආවේ විහඟුන් සිත සිපගන්න
අහසක් නැතුව තරුවට බෑ පිපිලා ඉන්න
අරුනෝදය අරන් ඉක්මනටම මාවෙත එන්න
පුර-පස අදයි, අයි හඳ අහසට නොඑන්නේ
කදුළු කතරයි, ඈ එනතුරු මසිත ඉකිබිදින්නේ
කළු ගල් වගේ, ඇයි ඇගෙ හද උනු නොවෙන්නේ
සිත්රුක මගෙයි, කවදද විහඟුන් කැදැලි තනන්නේ
පිවිතුරු විහඟ ගී තව නෑ ඇහෙන්නේ
පිපුනු තරුව දැන් කඳුළැලි සලන්නේ
ඈ එනතුරු මගෙ සිත මඟ බලන්නේ
පාළුව දැනී මම රහසේ ඉකි බිදින්නේ
෴
සැ යූ:- මේක මගේ බ්ලොගියට දාපු පලවෙනි මගේම කාව්‍යමය නිර්මානය. වැරැදි අඩු පාඩු නම් එමට ඇති. :D තාම සුළැඟිල්ල නොවැ. හික් ය.
ඉලව් ලව්.....
ReplyDeleteඅගේට හිටිය එකා, මේකත් ඒ පාර කවි ලියන්න අරන්.
ReplyDeleteවසන්තයේ මල් පොකුරු නෙලා
ReplyDeleteඔබ මා දෝතට වඩින තුරා....
මග බලමින් මා සිටියා...
සොදුරු වසන්තය ගෙවෙන තුරා.....
ඕවා ඔහොම තමයි
@රත්ගමය... අඩේ මුට ලියන්න පුලුවන් වල් ලව් ගැන්, මම ලව් ගැන ලිව්වම තම ඉලවු වෙන්නෙ. කුප්පය. :P
ReplyDelete@ඔබ්ස'වර්... ඇතියන්තන් මේක කවියක් විදියට ඔයැයි වත් දැක්ක. තැන්කූ අහ්!!!
@ගීතික.. වසන්තයේ මා පැමිණි විට..
ඔබ කිවා මේ සිසිර බව..
දැන් කොව්වද ඔහොම..?? ලොල්ය.. ප්‍රතිචාරයට ස්තූතියි.
ලොල්ය වෙන මුකුත් නැත්නම් ලොලේ ලොල්ය...
ReplyDeleteලක්සනයි බං ;)
@මාර්ලන්.. හික් ය. තැන්කූ.. ඒවගේම මගේ බ්ලොගියට සාදරයෙන් පිලිගන්නව ඕන්.. ලොල්ය.
ReplyDeleteහේ පලවෙනියටම දාපු (කවි + නිසදෙස්+ සින්දු)වට ප්‍රතිචාර හොයි නොවැ. :D :D :D :D
සය වසක් පෙම්කොට ගත්කත....වුයේ අන්සතු...
ReplyDeleteකෝ ඒ සයවසක ප්‍රේමය ඈතුල...ඈට නොගිය ඒ ප්‍රේම ය..
ඔහුට කෙලවලා ගියා මතකද???
ඔහු:කාලගෝල
ඇය:දික්තලා..
වැඩක් නෑ. සාටර්/ එක්කො හිට්ලර් මාම ගැන ලියන්න. නැත්තන් විද්‍යාත්මක දෙයක් ගැන ලියන්න. මම පෝස්ට් එක කියෙව්වෙත් නෑ. දැක්කහම එපා වෙනව. :(
ReplyDelete@ඉන්දි... හැ.... ඔහු කිවුවෙ මටදැ...?? මම සුළැඟිල්ල උනාට එච්චර කොට නැ හරිය....???
ReplyDelete@ඈස්‍ට්‍රෝ.. මට බැ නෙ තනි රාමුවකට කොටුවෙන්න..
හරිම ලස්සනයි මල්ලියා
ReplyDeleteවිහගුන් නොආවට මගේ ලොකේට ...
නුඹ ඉන්නවා තනි රකින්න හැමවිට,,
සද තරු පුර -සද වුවද අහිමි වුනද ...
දන්නවා නුඹ හිදිනවා තනි නොතනියට...
@නිමේශා.. හික් ය බොහෝම ස්තූති අක්කන්ඩි.. :D
ReplyDeleteඒත්,
විහඟුන් නොමැති තැන....
ලොවක් වෙන්නේ කොහොමද???
මටත් පරණ මතකයක් අළුත් උනා...
ReplyDeleteසිරා මලයන්ඩියෝ දිගටම ලියන්න. උපෙ වැඩ නම් අතාරින්න නම් එපා..
@මගේ සිතුවිලි.. එල එල අනිව අයියංන්ඩි.. උපෙත් ගොඩ.. අනික් ඒවත් ගොඩ..
ReplyDelete