0 comment! හුහ්! මෙච්චර අමාරුවෙන් බර වචන ටිකක් ගැට ගහල පොස්ට් 4ක්ම ලිව්ව. කෝ.... කමෙන්ට්??? නැ. මම හිතන්නෙ මෙ කමෙන්ට් ඌනතාවයට ප්‍රදාන හේතුව මීට කලින් ලියපු ලිපි ලියල තියෙන භාශාව. ඒව හැම එකක්ම වගේ ලියල තිබ්බෙ ලිඛිත භාශවෙන් නොවැ. මම හිතන්නෙ ඒක තමා කමෙන්ට් නැති වෙන්න ඇත්තෙ. ඒක නිසා මම හිතුවෙ මේ ලිපියෙ ඉදන් ඉදිරියට ලියන ලිපි සාමන්‍ය අපි කතාකරන භාශවෙන් ලියන්න. :D
ඉතින් අද මාතෘකාව තමා
නොදුටු සත්තු. මුලින්ම කියන්න ඔනෙ මේ ලිපිය ලියන්න බැකප් එක ගත්තෙ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරල තියෙන කොඩෙටා වංශය(
Phylum Chordate) කියන පොතෙන්. දැන් ඉතින් ලිපිය පටන් ගමුකෝ..
අපි හිතනවට වඩිය මේ ලෝකෙ මාර ලොකුයි. ඉතින් මේ ලොකෙ ඇතුලෙ අපි තමා ඉතින් මෑන්zzල! ;) මොකද අපිටනෙ ඉතින් පිළිමල් හැකියාව තියෙන මාපට ඇගිල්ලකුයි, සාපේක්ෂව විශාලතම මොළේකුයි තියෙන්නෙ. ඒත් ඉතින් අපි නොදන්න කොච්චර සත්තු මේ ලෝකෙ ඉන්නවද...? හොයාගෙන නැති සත්තු ආයින් කරන්නකෝ.. එත් අපි ඉතුරු සත්තු ටිකවත් දන්නවද? අද කඩවත නිවටන්ගේ තිනෙත යොමු වෙන්නෙ ඒ වගේ සත්තු කීප දෙනෙක් දිහාට.
ඔන්න මමනම් 10 වසරෙ හිටිය. ඉතින් අපිට විද්‍යාවට තිබිච්ච පලවෙනි පාඩමට තමා උභය ජීවීන් ගැන තිබ්බෙ. ඒත් හැම තැනම වගේ අපිට කියල තිබුනෙ උභය ජීවියෙක් කියල ඉතුරුවෙලා ඉන්නෙ ගෙම්බා විතරයි කියල. ඒත් තත්වෙ වෙනස්. බලන් ගියාම අපි නොදන්න ගොඩාක් උභය ජීවීන් ඉන්නව.
සලමන්දරා
ඇත්තටම සල මන්දරා කියන්නෙ හෙකනැලයෙක් වගේ සතෙක්. ඒත් හෙක නලයට වඩා ටිකක් වෙනස්. මොකද මූට ජලක් ලෝම තියෙනව. අන්තිමම සලමන්දරා ලංකාවේ ඉදල තියෙන්නෙ 1998 වසරෙ. දැන් උන් ලන්කාවෙ නැ. :/ මොකද කියනව නම් අපේ ගොන් මිනිස්සු හිතන් ඉන්නව උන්ගෙ ඇගේ අමුතු ඖශදීය

ගුනයක් තියෙනව කියල. එක ඇත්තටම මිත්‍යාමතයක්. ඒත් එක නොදන්න අපේ කාලකන්නි මිනිස්සු ඒ සත්තුන්ව මරල දනව. ලංකාවෙ විතරක් නෙවෙ, මුලු ලෝකෙම මෙ ගොන් මිත්‍යාමතය තියෙනව. ලංකාවෙ වගේම ලෝකෙන්ම මේ වගේ සලමන්දර ශේෂ ගණනාවක්ම හොයගෙන තියෙනව. කීප දෙනෙක්ගෙ විද්‍යාත්මක නාම කියන්නම්.
Ambystoma tigrinumDesmognathus fuscus (මෙතන රූපෙ තියෙන්නෙත්මේ සතා තමා)
ගාත්‍ර රහිත ඇම්පිබියාවන්

මෙන්න තවත් උභය ජීවියෙක්. හැබැයි මෙයාට කියන සාමන්‍ය නමක් නම් මේ පොතෙ සදහන් වෙල නැ. මමත් දන්නෙ නැ. අපෙ අම්මනම් කිව්වෙ ගැඩවිලෙක් කියල. ඒත් මෙයා ගැඩවිලාට වැඩිය හාත්පසින්ම වෙනස් සතෙලක්. විද්‍යාත්මක නමනම්
Ichthyophis glutinosus. මෙයාගෙ තියෙන විශේශත්වය තමා පාද නැ. ඒත් මෙය රෙප්ටීලිය කෙනෙක් නම් නෙවෙ. මෙයා චූටි කලෙ ගතකරන්නෙ ඉස්ගෙඩි අවදියෙ. ඒකියන්නෙ සුහුබුලෙක් වෙන්න කලින් සම්පූර්න ජලජ ජීවිතයක් ගතකරනව. බිත්තරනෙ දන්නෙ. :D දැනට නම් ඉන්නෙ ඇමසන් වනාන්තරයෙ විතරයිලු. මම බය නැතුව තැන කියන්නෙ අපෙ ගොන් මිනිස්සුන්ට මුන්ව හොයන් ඇමසන් යන්න බැරි නිසා. :D
ඔන්න එහෙනම් අදට ඇතිනෙ. තවත් මේවගෙ අමුතු සත්තුගැන මේ පොතෙ තියෙනව, ඉස්සර්හට ලියන ලිපියකින් උන් ගැනත් ලියන්නම් කෝ..
පද ගැන්නුම:- පවිත්‍ර වීරප්පෙරුම