Friday, January 7, 2011

අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස II

මම මීට පෙර ඉදිරිපත් කර "අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස I" ලිපිය යටතේ මිනිස් වර්ගයා පිළිබද කෙටි හ්දින්වීමක් කළෙමි. එම මාතෘකාවෙ දැවැනි කොටස මෙසේ දිග හැරෙන්නේ එකී මිනිසා තුල වූ සදාචාරය පිලිබද කෙටි වියරනයක් කිරීමටයි.

දාචරය (moraltiy) යන්න සම්පූර්ණ විග්‍රහයක් කිරීමට නොහැකි තරම් පුලුල් තේමාවකි. එය විග්‍රහ කිරීම මෙන්ම අවබෝද කර ගැනීමත් දුශ්කර කාර්යකි. මෙවන් සදාචරය පිලිබද කෙටි අවබෝදයක් ලබාගැනීමට සරළ උදහරනයක් ලෙස පෙරපාසල් දරුවන් ගත්හැකිය.


ඔව්න් පන්තිකාමරය තුල ඉගන ගන්නා විට කැම නොගනිති. එ එය වැරැද්දක් බව සිය ගුරුවරයා උගන්වා ඇති නිසාය. මේ නීතිය ඉවත් කොට පන්තිය තුල කැම ගැනීමට ගුරුවරයා ඉඩදුන හොත් ඔව්න් වඩාත් සතුටු වෙනු ඇත. නමුත් මෙසෙම ඒ ගුරුවරයා ළමයෙක් තවත් අයෙකු පුටුවෙන් තල්ලු කිරීම අනුමත් කල හොත්...?

මේ අවස්
තාවේදේ ළමයා මදක් චංචල බාවයට පත්වෙයි. "නැහැ.. ටිචර් එහෙම කියන එක හරි නැ...." යනුවෙන් ඔව්න් පවසනු ඇත. ඒ කුඩා දරුවන් තුල ස්වාභාවයෙන්ම පවතින හොඳ නරක තෝරා ගැනීමෙ හැකියාවයි. මෙහි තවත් පැත්තක් ඇත. ළමයෙකු තවකෙනෙකුට පහර දෙයි. මෙහිදී ඔහු එය වරදක් බවට නොසිතයි. වැඩිහිටිකෙනෙකු එය වරදක් බව පෙන්වන තුරු ඔහු එම වරදේ දිගින් දිගටම යෙදෙයි. මෙම න්‍යාය සොරකම්, මිනීමැරුම් ආදියටත් සත්‍යකි. නමුත් වරදෙහි යෙහෙන පුද්ගල්යාගෙන් පුද්ගලයාට යටකී පෙන්වාදීමේ විදිය වෙනස් කල යුතුය. ඊට හෙතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සදාචාරය තෙරුම් ගැනීමෙ ස්වාභාවය වෙනස් වන නිසාය.

මිනිසාට කරුනාව හා දයාව
පහල වෙයි. මට කෙනෙකු හිරි-හැර කල විට මට රිදෙනවානම් මා ඔහුට හිරි-හැර කලවිට ඔහුටත් රිදෙන බව අපිට දැනෙයි. මෙය අප මහා බුදුරජානන් වහන්සේ දෙශනා කර ඇති "අත්තානං උපමන්කත්වා..." න්‍යායට බොහොදුරට සමානය. මෙම න්‍යාය අනිකුත් සත්වයින් නිතර බාවිත කරද මිනිසා තුල ඇති ස්වාභිමානය නිසා මෙය නිතර බාවිත නොකරයි.

අපිට වඩා පරිනාමිකව පහල සතුන් කෙරෙන් දයාව, අනුකම්පාව ප්‍රතීයමාන වන නමුත් මානවයාගෙ දයානුකම්පාව වෙළෙද ව්‍යාපාර තරගය හමුවේ බිද වටී ඇත. අප හම දෙයක්ම කරන්නෙ තවත් ලාභයක් අපේක්ශාවෙනි. අද කෙනෙකුට සන්ග්‍රහ කරන්නෙ හෙට තවත් ලාභයක් අපෙක්ශාවෙනි. කන්ගාටුදායක් කරුන නම් එකී පිලිකුල් සහගත් ලභාපෙක්ෂිත න්‍යායම මිනිසාගෙ දියුනුවට හෙතුවී ඇති බවයි.



~මතු සම්බන්දයි~

Sunday, January 2, 2011

අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස I

ලැබුවා වූ මෙම නව වසරෙ විස්තරාත්මකව ලියන පලමුවන ලිපිය මෙතකින් අරබමි.

ඇතැමෙක් උන්මද්දකයෙකු ලෙස මිනීමරයි. තවකෙකු මුලුමහත් ලෝකයටම කරුනාව වපුරයි. මෙම අන්ත දෙක අතර වෙනස කුමක්ද? මෙම ප්‍රශ්නයට විද්‍යාත්මක පිලිතුරක් ආරෝපනය කිරීමට පසුගිය දා TIME සඟරාව සිය ප්‍රදාන අතිරේකය වෙන්කරතිබිනි. එනම් 2007 දෙසැම්බර් 03 දින පිට උනු Time සඟරාවේ මාතෘකාව වූයේ "What Makes Us Good/ Evil" යන්නයි. අද කඩවත නිව්ටන්ගේ තුන්වන ඇස යොමුවන්නේ එම මාතෘකාව දෙසටයි.

නමුත් මෙම මාතෘමාව වනාහි අතිශයින් පුලුල් එකකි. එමනිසා මෙය කොටස් කීපයක් වශයෙන් පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීමට මම සිතීමි. ඒ අනුව අදමෙසේ ඩිග හැරෙන ලිපිය අවදාරනය කරන්නෙ මිනිසත් භාවය පිලිබදවයි.

මේ මිහි තලය මත අපූර්වතම චරිතයකි. හෙ මෙ මිහිකත් නිර්නයන්ට අභියෝග කරමින් මිහිතලය තුල සිහ සුන හොබවයි. සැබැවින්ම ඒ අරුම පුදුම චරිතය මිනිසා බව ආඩම්බරයෙන් කිව යුතුය.

සදාචාරය, කරුණාව මෙන්ම පළිගැනීම, වෛර්ය එකම ජාන තුල ඇත. මින් වාඩා ඉස්මතුවන ලක්ෂනය අදාල පුද්ගලයා තුලින් ප‍්රතීයමාන වේ. එනම් එම ජාන තුල අදුරත් ආලෝකයත් අයන අන්ත දෙකම පිහිටයි. මිනිසා සමග ගත්කල අනිකුත් සත්ව විශේෂ සමග එකට පරිනාමයෙන් පහල වුවද සිය වර්ගයා කෙරෙහි මෙතරම වෛරකරන්නේ වත් සමූල ඝාතනය කරන්නේවත් නැත. එය මිනිසා අන් සතුන්ගෙන් වෙන් කරන තවත් නිර්නයක් බව කන්ගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.

ගතවන සැම නිමේශයක් තුලම හොඳ මෙන්ම නරක ගතිගුනද ජනිත වෙන්නේ මිනිසා තුල පමනි. මිනිසා තවකෙකු රැකබලා ගනී. අනෙකා වෙනුවෙන් හඩා වැලපෙයි. මේ අතරම දස්ගනන් සිය වර්ගයාටම මිනීවලවල් කපීමටද හෙ පසුබට නොවේ.

මෙ ලෝකය තුල සිදුවන සියලුම ක්‍රූර ක්‍රියා හා දරුනතම අපරාද සිදුවන්නෙ ඒ සුවිශේෂී චලන දැක්විය හැකි මහපට ඇඟිල්ලක් සතු මිනිස් හස්තයෙනි. ලැජ්ජාවෙන් හා කණගාටුවෙන් සිහිපත් කරයුතු කාරය නම් මිනිසා හැර මෙතරම් ලේපිපාසිත සත්ව කොට්ඨාශක් මෙ මුළු මිහිතලය මත නොමැති බවයි. :'(


(අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස II කොටස තව නොබෝදිනකදී ඉදිරිපත් කරනු ඇත.)


වසරක චිතකය

ම්ම්... 2011 ලබිල එහෙමත් නැත්තම් 2010 ඉවර වෙලා දවස් 3ක් වෙන්න තියෙන්නෙ තව පැය බාගයයි.
ඔන්න එහෙනම් මම මුලින්ම සුබ පතල ඉන්නම් කො!

මගෙ මෙ බ්ලොග් අඩවියට පැමිනි ඔබ සැමට සුබම සුබ නවවසරක් වේවා කියල මම එක සිතින් ප්‍රාර්තනා කරනවා!!

හැබැයි මම එහෙම සුබ පැතුවට මෙ අලුත් අවුරුද්දට පයතබන්නෙනම් චුට්ටක් වීතර දුකින්... මොකද මම මෙ බ්ලොගිය පටන් ගත්තෙත් ඒ වගෙම වැඩිම යාලුවො සංඛ්‍යාවක් සම්බන්ද වුනු මුහුනු පොතට ඇතුලත් වුනෙත් මෙ පහුගිය අවුරුද්දෙනෙ... එහෙමෙයි කියල ඉතින් මට ඒ අවුරුද්දට සමු නොදී ඉන්න පුලුවන්ද? මම හිතනව මට වගේම ඔය හැමෝටමත් සුන්දර මතකයන් එ පහුගිය අවුරුද්දෙ ඉතුරුවෙලා ඇති කියල. ඒත් මම විශ්වාස කරනව එ පහුගිය අවුරුද්දට වැඩිය මෙ ලැබූ අවුරුද්ද මට වගේම ඔය හැමෝටමත් අතිශයෙන් වැදගත් වෙන්න කියල.

Monday, December 27, 2010

නළ තාත්තලා පිරිමින්ට තර්ජනයක්ද?


ජිවයේ අකණ්ඩත්වය හා ජන්මාණු අතර ඇත්තේ අපූර්ව සම්බන්දයකි. එවන් වූ එම ජන්මාණු සොබාදහමේ නිර්නයන් අභිබවා කෘතීම ලෙස නිර්මාණය මල හැකියැයි අපි සිහිනෙකින් වත් නොසිතුවෙමු. නමුත් පසුගියදා නිව්කාසාසල විශ්වවිද්‍යාලයෙහි මාහාචාර්ය කරීම් නයෙ(ර්)නියා විසින් මානව පුං ජන්මාණුවක් විද්‍යාගරයේ නොහොත් නළයක් තුල කෘතීමව නිර්මානය කරමින් මුලුමහත් ජිව විද්‍යා ක්ෂෙත්‍රයෙහි නව සන්දිස්තානයක් සනිටුහන් කරන ලදී. මෙසේ වූ එම කෘතීම ශුක්‍රානුව පිලිබද විවිධා කරයෙ මතිමතාන්තර අතර දොශ දර්ශනද නැතුවාම නොවේ. ඒ පිළිබද කෙටි විවරනයක් කිරීමට මම කැමැත්තෙමි.
මෙම අරුම පුදුම ශුක්‍රාණුව දුටු ඇතැමුන් කීවෙ මෙය මුලුමහත් පිරිමි සන්හතීයේම අවසානය බවය. තවද ඇතැම් සාමාජ විද්‍යාඥයන්ගේ මතය වූයේ මෙම තාක්ෂනය ස්ත්‍රීන් සමලිංගිකත්වයට පෙලබවීමට අනියම් ආකාරයෙන් දායක වන බවය.මෙම ගැටළුවලට නයෙර්නියා පිලිතුරු දුන්නේ මෙසේය.

"මෙම බහිර්‍රෝපණ ක්‍රමය කිසිසේත්ම පිරිමින්ගේ අවසානය වෙන්නේ නැහැ. මෙ IVD (invitro derived) තාක්ෂණයේදී පිරිමියෙක් අත්‍යාවශ්යයි. එනම් මෙම IVD ශුක්‍රානුවක් නිපැදීම ශහා Y සෛල සහිත හෙවත් පිරිමි මූලික සෛල අතිශයින් අවශ්‍යයි. ඒ විතරක් නෙමේයි, මේ ක්‍රමය කිසිම අයුරකින් මානවයා සම ලිංගිකත්වයට උසි ගන්වන්නේ නැහැ. මේම ක්‍රමයේදී කොහෙත්ම කියන්නෙ නැහැ ගැහැනු දෙන්නෙකුටවත්
පිරිමි දෙන්නෙකුටවත් ජනිතයක් බිහිකර හැකි බව. දෙදෙනාම අත්‍යාවශ්‍යයි."

තවද එතුමා මෙහි ප්‍රායොගිකත්වය පිලිබද අදහස් දැක්වුවේ මෙසේය;

"IVD පුරුශ බීජයොදාගෙන දරුවන් බිහිකරන්න දැම්ම අපිට බැහැ. හැබැයි ඒකින් කියන්නෙ නැහැ මේ ශුක්‍රානු වලට ජනිතයන් බිහිකල නොහැකි බවක්. සෛදාන්තිකව සැලකූවිට මේවාට නව ජනිතයන් බිහිකිරීමෙ පුර්න හැකියාව තියෙනවා"
යනුවෙනි.

තවද මෙම ක්‍රමය ප්‍රයෝගිකව යොදා නොගැනිමාට හේතු වශයෙන් නයෙනියා තවදුරටත් අවදාරනය කරේ එක්සත් රාජදානියේහි නිතිමාලාව සම්බන්දවය. එනම බ්‍රිතාන්‍ය නීතිය අනුව මේ ආකාරයේ ජනිතයන් බිහිකිරීම තහනම්. නමුත් ඔහු මෙම ප්‍රික්ෂන ප්‍රයෝගිකව සිදුකිරීම සම්බන්දයෙන් තවමත් බ්‍රිතාන්‍ය රජය සමග සාකචාඡා කරමින් පවතිනවා. මහාචාර්ය නයෙ(ර්)නියාගේ බලාපොරොත්තුවනම් ඉදිරි දශකය තුල නීතිමය හා සමාජීය ගැටලු මග හැරුන හොත් එම කාලය වඳ පිරිමින්ට සුබ කලයක් වන බවය.

මෙම කරුනු කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥය මතය වන්නේ මෙම "නළ ශුක්‍රානු" කිසිසේත්ම ශුක්‍රානු ලෙස හැදින්විය නොහැකි බවයි. ඒ අනුව ඔව්න්ගෙ මතය මේවා වෛරස් සෛල බදු ජිවයත් අජීවයත් අතර දොලනය වන ද්‍රව්‍යයක් යන්නයි.මේ අයුරින් නිතිමය හා සදාචාරත්මක ගැටළු මග හරුනු විට තවත් ක්ශේත්‍රයෙ විද්වතුන්ගේ විවෙචනවලට මුහුණදෙමින් මෙම "නල පියවරුන්" යන දුර සම්බන්දව පෙරයිම ලකුණුකර හැක්කේ කාලයට පමණි.

(*විදුසර පුවත්පත හා වෙනත් මූලාශ්‍ර ඇසුරිනි)

Friday, December 24, 2010

පද්ම මාල හංස තුඩින් තැලෙන ලියේ..

























හැමදාම ගද්‍ය ලිපි ලිපි ලියල ලියල එපා වෙලා තියෙන්නෙ... ඊයෙන් උදාඋනු වසන්තයෙ අලුත් විදියෙ පොස්ට් 1ක් ලියන්න හිතුව. අලුත් කියුවට අලුත්ම නැ. මගෙ බ්ලොග් 1ට අලුත්...


ඔබේ නමින් සැය බදිමි
විමානයෙන් බසිනු මැනැවි
ස්වර්නමාලියේ.. රූබර ස්වර්ණමාලියේ
ස්වර්නමාලියෙ..//

ඔබේ නමින් සැය බදිමි....


උනා නීල වර්ණ වරල
දැලේ මල් ගැවැසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ලැමැද කිනිහිරි පෙති
රත්න තිලක පැලැදි ලියේ
සිනාසිසී විමානයෙන්
බසින්න.. ස්වර්නමාලියේ
රූබර ස්වර්න මාලියේ.....

අතේ ගිගිරි නාද සලබ
නරා හඩින් හදන ලියේ
කරේ පද්ම කැකුලු මාල
හන්ස තුඩින් තැලෙන ලියෙ
කනේ තෝඩු මිණි ඝන රන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න.. ස්වරන මාලියේ...

බාල චන්ද්‍ර පටු නලලට
කලක අඳුන් අඳින ලියේ
ආලවඩන දන්ත කැකුළු
කුන්ඩ සමන් පිපෙන ලියේ
දැල දැල ස්වර්ණදාම
තාල හඩට කනන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ....

ඔබේ නමින් සැය බදිමි....



මේ සින්දුව ඇත්තටම කියන්නෙ ඩබ්. ඩි. අමරදේව මහතා උනාට, දුටු ගැමුණු රජ්ජුරුවො රුවන් වැලි මහා සැය බදින්න කලින් එතන අරක් අරන් හිටපු දේවතාවියට තමයි මෙහෙම කියල තියෙන්නෙ. ඇත්තටම කියනවනම් මේ සිංදුවෙන් ඇය ගැන පූර්න වර්නනාවක් කරල තියෙනව.!!

Thursday, December 23, 2010

වසන්තය

හ්ම්ම්ම්ම්, සාපෙත් ඉවරයි... දැන් ඉතින් අඩවසක වසන්තයක් ඇවිල්ලනෙ තියෙන්නෙ... මොනා කරන්නද කියල හිතා ගන්නත් බැ.. ඒත් ඉස්සර ඉදන්ම තිබිච්ච බලාපොරොත්තුවක් විදියට බ්ලොග් 1ක වෙනස් කර. නම, තීම් 1ක ගොඩක් දෙවල්... කොහොමින් කොහොමින් වසන්තයත් ආවනෙ....!!!



සාපෙ ගැන කියද්දි මතක් උනෙ... හැම වැඩිහිටියෙක්ගෙම බලාපොරොත්තුව තමන්ගෙ ළමයි සතුටින් තියෙන එකනෙ.. ඒත් ඇයි ඒ ගොල්ලන්ට බැරි ළමයින්ගෙ හිත තේරුම් ගන්න.. අද(23 OL ඉවර උන දවස) හැම ඉස්කොලයක් ලගම කොච්චියො දාල.. අනෙ මන්ද අපෙ රටෙ පොලිසියට ගිය කල... අවෘදු 11ක් කට්ටකාල ඒ කට්ටට මාස කීපයකට තිත තියන්න හදන අපි පාරෙ පොඩි පිස්සුවක් කෙලින 1ක අකැපයි. පාරෙ ලොකු ලොකු එව්න් කරන ඔක්කොම කුපාඩි වැඩ කැපයි... අනෙ මෙහෙම රටක්...
මොනා උනත් අද ඉස්කොල ලඟට පොලීසියෙන් දාල කරපු වැඩේනම් කැතයි. කැතම කැතයි...
මම දුක් වෙනව මෙ ආපු වසන්තයේදිම කැත වඩක් ගැන ලියන්න වීම ගැන්.. නමුත් මේව නොලියත් බැ...!


එහෙනම් මම අද ලිපියත් ඉවර කරනවා... සැමදෙනාට විශ්වාසනීය වෙනසකින් යුතු සුබ අනාගතයක්...

Tuesday, October 26, 2010

සිංහල එපා කියන පොත

මෙ බ්ලොග් එක හදනකොටනම් හිතුවෙ තාක්ෂනය , කාලීන පුවත් වගේ හැමෝන්ටම පොදු දෙවල ලියන්න කියල! ඒත් දැන් මෙ අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි කියල එදිනෙදා සිදුවන පෞද්ගලික දෙවල් ගැනත් නොලියත් බැ!

ඉතින් ඒකනිසා මම හිතුව අද , මීට ටික දවසකට කලින් මට උනු සීන් එකක් ගැන කෙටියෙන් කියන්න... සමහරක් විට මේ වගෙ දෙයකට ඔය ගොල්ලන්ටත් මූන දෙන්න වෙල ඇති..
මගෙ මෙ බ්ලොග් එකට එන යන හැමකෙනෙක්ම වගෙ ඉන්නවනෙ ෆෙස්බුක් එකෙ. ඉතින් මම ත් ඔකෙ ඉන්නවා (...) මෙ දැන් දවසකට කලින් මම සුපුරුදු විදියට කොම්පියුටරෙ ඉස්සරහ ඉදගත්තෙ ඉතින් IT ප්‍රැක්ටිකල් වගයක් කරන්න හිතාගෙන.. අවසනාවක මහත් එදත් උනෙ වෙනද වෙන දේමයි. නිකමට වගෙ නිකම්ම මුහුනු පොත පැත්තෙ ගිය. ගියාකියල කියුවට ගියේම නැ ඉබේ යැව්නා. ඉතින් ඔන්ලයින් ගිහිල්ල ටික වෙලවක් යන්න හම්බ උනෙ නැ භාග්‍ය අයිය චැට් කරන්න සෙට් උන! හැබැයි වෙනද වගෙ නෙවේ! එය පටන් ගත්ත ගමන් ඇහුවෙ මල්ලියෙ අර නොටිෆිකේට්ශන් එක දැක්කද කියල! ඉතින් මම ත් හොයල බැලුව! කිරි අප්පට කපුටො කොටපි~ හැබැ නෙන්නන්! එක්කක් තිබුන fb එකෙන් එවපු! ඉතින් මමත් උඩින් පල්ලෙන් කියවල බලල ටග්ගල භාග්‍යයගෙන්ම ඇහුව මොකක්ද සීන් එක කියල. ඊට පස්සෙ එයතම සෙරම විස්තරෙ තෙරුම් කරල දුන්නේ. මෙන්න එහෙනම් ඔයගොල්ලොත් බලන්නකො.....
"
Please Update Your Name on Facebook
To help reduce spam and increase authenticity in the Facebook community, please take a moment to:
  • Make sure your profile name does not include characters from more than one alphabet
  • Remove any special symbols (e.g., $#@!✩ℂ) used in your name on Facebook
If you'd like to list your name in a second language, please use the Alternate Name field in your Account Settings."

මම කරයි අප්ඩෙට්! පස්සෙ තම දැනගත්තෙ fb එකෙන් මෙවගෙ නීති දාල spam කරුවන්ව ආයින් කරන්න යනව කියල! එතකොට අපි අපෙ භාශාවෙන් නම ලිවීම ස්පැම් ක්‍රීයාවක් හුහ්!!!!
කොකින් කොහොමහරි මමනම් නම වෙනස් කරන්නෙ නැ.. මම හිතන්නෙ සින්හලෙන් නම ලියල තියෙන අය හැමෝන්ටම මේවගෙ fb එකෙන් කියන්න ඇති! මාක් ගෙ ආච්චිට හාල්ගරන්න කියල එහෙම වොරින් මැසෙග් ආපු මම වගෙ හැමෝම නම වෙනස් නොකර හිටියනම් වැඩෙ ගොඩ!

ඔන්න මම එහෙන්ම් නවතිනව. මම හිතන්නෙ මෙ මම OL ට කලින් ලියන අන්තිම පොස්ට් එක වෙන්න ඇති. මම අයි හමුවෙන්නෙ මගෙ සයිට් එකෙ තවත් වෙනස් කම රැසක් එක්කක! හැමදෙනාටම විශ්වාසනීය වෙනසකින් යුතු සුබ අනාගතයක් පතනව~~~~~~
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව.. මම Jආලය අතර සැරිසරද්දි මාක් ශූකර් ගැන ලියල තිබුනු පැදිපෙලක් මට හම්බ උනා ( උපුටා ගත්තෙ http://nirapeksha.wordpress.com එකෙන්)

අඳුනන නාඳුනන

හැමෝම එකතුවෙන

හැමෝගෙම කාලය

අනුභවයට

උදව් දෙන

හැමෝම බලන නිසා

මාක් ගේ සාක්කුව

බර වෙන

වැඩිම පි‍ටු ගනන ඇති

මාක් පෙරලූ

ලෝකයම යටවූ

ලෝකයේ ලොකුම පොත

මාක් ගේ

“මූනු පොත”




නවතම වෙනස් කම් රැසකින් පස්සෙ නැවත් හමු වෙමු-
මීට් කඩවත නියුටන් (පවිත්‍ර)
Related Posts Plugin for WordPress, Blogger...