ඒත් ඉතින් අපි තුමන්ලා තාම ගෙවල් වල හැදෙන උදවිය. මොකො රස්සාවක් කරන එකක්ය. අම්මලා තාත්තලා ඉතින් ඉස්සරනම් අතපුරෝලා පොකැට් මනී දුන්නට ඔය මොකක් හරි කරපු කඩුප්පුලි වැඩක් දෙකක් ගෙදරට මාට්ටු වෙනකොට ඒ දෙන පොකැට් මනී බලන් ඉදිද්දි කප්පාදු වෙන විදිය ගොඩ දෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති.. හැක් හැක්.. මං තුමංටත් ඒම තමා ඕන්.. දැන් රුපියල් 20ක් වැඩියෙන් දෙන්නෙ නෑ තව රුපියල් 2ක් ඒකට දාල ඈක්ක වැඩක් කොරාවිය කියලා.. :D ඒමෙයි කියලා ඈක්ක වැඩ නොකර ඉදිය හැකියෑ.. අපිත් ජීවත් වෙන්ටෝනිනෙහ්.. නැද්ද මං අහන්නේ..
ඒකට විකල්ප රස්සාවක් විදියට තමයි මං මේ සුළු පරිමානයෙන් ස්වයං රැකියාවක් විදියට තමා මේ ව්‍යාපාරය පටාන් ගත්තෙ.. :D මොකද්ද ඉතින් සල්ලි නොදි හොරෙන් යෑම.. හොරකමනම් ඇත්තටම පිළිකුල් සහගත වැඩක් තමා.. ඒත් ඉතින් සතෙන් සතේ එක්හවු කොරලා තමා මාත් ඉතින් ජීවත් වෙන්නේ.. මොකො රුපියල් කීපයක් මිස් උනා කියලා ඒ බස් මාමට ජීවත් වෙන්ට බැරි වෙන්න බැරි වෙන එකක් යෑ.. :D අනික එකම බං එකෙන් නෙවෙයිනෙ කරන්නේ.. එතකොට මගේ ජීවන වියදම ඔක්කොම බස් මාමලා අතරේ බෙදිලා යනවා...
මේ විදියට මං මගේ ස්වයං රැකියාව හිච්චියට කොරන් යද්දි එකකාඑත්තකින් රසවත් අනික් පැත්තෙන් දුක් මුසු සිද්දි ගනනාවක් තියේ... එව්වායෙන් කීපයක් කියන්ට තමා දැන් මේ හදන්නේ... රසවත් උනත් දුක් මුසු උනත් එව්වා මයේ ස්වීට් මේමරීස් නොවැ.. ;)
කොයින් පටාන් ගන්නද කියලා හිතා ගන්ට බෑ... අහ් මේ මුල්ම දවස් වල.. මං ද්විතීක අද්යාපනය හදාරන කාලේ.. ඒ දවස් වල 154ට බොරැල්ලෙන් නැගාම උක්කුන්බයිගොඩ තමා අපේ ගමනාන්තය වෙන්නේ.. ඒහෙම් බැස්සාම කිරිබත්ගොඩ ඉස්කීම් එකේ දුම් අල්ලන්න සාම්බ්‍රානි එහෙම ගන්නෙ ඔය 154දි ඉතුරු කර ගත්තු සල්ලි. එක එක දවස් වලට එක ප්‍රයෝග දානවා. අපි කොමත් 1.25ට ඉස්කොලෙ ඇරියට 2ට විත්ර තමයි බස් එකට නගින්නේ.. කෝමත් අර මහ පත නිල්පාට බැඩ්ජ් එකක් තියෙන ඉස්කොලෙ 1.30ට ඇරලා බොරැල්ල පහුකරනකොට 2ට විතර අති. ඉතින් අපි නගින්නෙ නිල්පාට බැඩ්වලින් සමන්විත බස් එකට. කෝමත් අපිට කලින් ඒ උන්දල ටිකට් අරන් ඉන්න හින්ද කොන්දටත් එච්චරම නෝට් නෑ අපි බොරැල්ලෙන් නැග්ගය කියලා.. ඒක හින්දා ඉතින් අපේ ඉස්කොලෙන් නගින ඈයොන්ටත් ෆ්‍රී ටිකට් ඔනි තැනකට යත හැකි.
ඒත් ඉතින් අවාසනාවක මහත සමහරක් වෙලාවට කොන්දා මාමට නිල් පාට බැඩ්ජ් එකෙයි මෙරූන් පාට බැඩ්ජ් එකෙයි පාට නෝට් උනාම අපේ ෆ්‍රී ටිකට් කැන්සල් වෙන ගැටළුව මං අවබෝද කරගත්තා.. ඉතින් ඔය ඔස්සෙ ඔය ගැටලුව නැති කොරන්ට විසදුමක් කම්පනා කරද්දි තමයි අපූරු දසුනක් මගේ ඇහැ ගැටුනේ.. ආන් අර නිල්පාට බැඩ්ජ් එක ගහගත්තු ළමයෙක් මහ පත පොතක් කියවනවා දිග ඇරගෙන.. :D ඇත්තටම උන්දැලාගෙ ඉස්කොල කෑල්ල ඉන්ගිරිසි ආරෙට හැදුන එකක් හින්දා ඒබව පෙන්නටද දන්නෙ නෑ ඒ වගේ පොතක් කියවන්නේ... කොව්වා කොහොම වෙතත් ඌ බැඩ්ජ් එක පෙන්නනෙ නැතිව ඉස්කොලෙ මොකද්ද කියලා පොතෙන් පෙන්නුවා.. ඉතින් මටත් දීප්තිමත් අදහසක් පිබුදුනා...
පහුව දා.... ඕන් මාත් බස් එකට නැගලා අහක්කල ඉඩතියෙන තැනක් බලල පටස්ගාල ඉදගත්තා.. ඉදගෙන නිකා හිටියෙ නෑ.. බෑග් එකට අතදාලා පට්ටා විසාල කඩ්ඩෙන් ලියපු පොතක් අතට ගත්තා. කවුරු හරි තට්ටු කරල පොතෙ නම මොකද්ද කියලා ඇහුවනම් තමා මට කෙළ වෙන්නේ. ඒක වෙනම කතාවක්... කොහොමින් හරි පොතේ එක පිටුවක තියෙන අකුරු ගාන නම් මං ගැන්නා... ඔන ඔහොම පොත පෙන්නලා මං බැඩ්ජ් එකේ පාට මාරු කරලා මයෙ බඩවියත රැකගත්තේ.. :D
කොහොමින් හරි 154 යද්දි මාටුවෙලානම් නෑ එකම සැරයක්වත් ටිකට් නැතිව. :D අහ් එකම සැරයක් සී ටී බී එකක මාට්ටු වෙන්ට ගිහින් බේරුනා... මං සූටිම කාලෙ ඉදන් බස් ටිකට් එක්හවු කරන පුරුද්දක් තිබ්බා.. අම්මල තාත්තලා එක්ක යනකොට ඒ අය ගන්න ටිකට් එක ටග්ගාල ඉල්ලගෙන මං මයෙ පර්ස් එකේ ඔබා ගන්නවා.. දැනටත් යාලුවෙක් මට ටිකට් එකක් ගත්තොත් ඒක ඉල්ල ගන්න සිරිතක් මං ලග තාම තියේ
එදා ටික්කංගෙන් දඩ නොකා බේරුනේ අන්න ඒ ටිකට් කලෙක්සන් එක පිහිටෙන්... එදා කෝම හරි ඕලවලට දව්ස් 30ක්වත් නැද්ද කොහෙද.. කොළඹ යට වෙලා කියලා ටර්ම් ටැස්ට් කැන්සල් කරලා.. අපියි අපේ සහෝදර පාසලේ සැට් එකකුයි එක්හවු වෙලා දැන් නැවත් ගෙවල් බලා එනවා... ගෑණු ළමයි පිරිමි ළමයි ගොඩාරියයි... අපි කස්ටියක් පාපුවරුවේ එල්ලිලා යද්දි කස්ටියක් මාලු බානව බස් එක ඇතුලේ.. කෝම හරි උන්ගෙන් සමහරක් ඒ මාළුන්ටත් එක්කලා ටිකට් අරන් තවත් සමහරකට ඒ මාළු ටිකට් අරන්.. ;) අපිනම් ඉතින් අහින්සක ඈයො විච්චි පුඩ්බෝඩ් වාහන නොදැකපු ගොඩයෝ රැල වගේ වාහන බල බලා ආවා.. කොන්දා කෑ ගහනවා ඇතුලට එන්ට ඇතුලට එන්න කියලා... අපි ඌවත් බයිට් කොර කොර ආවට මොකො වැඩි දුරක් යන්ට කලින් ටික්කො මාමිලා බස් එක නැවැත්තුවා අපි පුඩ් බෝර්ඩ් එකේ 4ක් විතර. එකෙක්ගේ සාකුවෙ පරන ටිකට් එකක් තිබිලා එක හොදටම තෙමිලා.. එදා ගංවතුර නොවැ.. ඔන්න ඔහේ ඌ එක පෙන්නලා මාරු උනා.. කොන්දටත් හිනා... අපි අනික් තුන්දෙනත් හොදටම තෙමිලා හිටියේ.. ප'ස් එකත් හොදටම තෙමිල මායේ... මම ඉතින් දාගෙන අර ටිකට් කලෙක්ශන් එක ඇතුලෙ ටිකට් එක හොයනවා.. ;) ඒ ටික්කා මාමටත් එපා වෙලා යන්න යන්න කිව්වා.. :D ඉතිරි දෙන්නත් මාව පෙන්නලා මාරු උනා.. :D එදත් එහෙම දඩ නොකා බේරුනා...
හැමදාම ඉතින් බොරුවෙන් රජ කරන්න බෑකිව්වට මොකො මගේ මේ වෑයම රජ කොරන්ට නෙවේනෙහ්.. ඒත් ඕන් දවසක් අතේම මාට්ටු. නුගේගොඩ ඉදන් 138 කොටුවට නිකා ආවට එතන ඉදන් 138 කඩවත එන එක ලේසි වැඩක් නෙවේනෙහ්... මොකද බස් එක පටන් ගන්නෙ එතනින්නෙහ්.. ඒක නිසා අපි මගකට ටිකට් ගැනීමේ ප්‍රයෝගයක් අනුගමනය කරනවා.. මේ මතක ඕන් මමත් කඩවත කොටුව බස් එකේ අසුන් අරන් හිටියේ.. කඩෝතට යන්ට. එදානම් අතේ යහමින් සල්ලි ගැවසුනු දවසක්... ඒක නිසා හොරෙන් යන්ටත් හිත දෙන්නෙ නෑ.. ඒත් විනෝදාන්ශයක් විදියට කරන් ආපු ක්රියාපටිපාටය අසන්තතික වෙනව නොවැ. ඔන්න ඔහේ කිරිබත්ගොඩට ටිකට් ගත්ත. කිරිබත්ගොඩට 22යි(ටිකට් එක හොදේ) කඩෝතට 27යි. අනේ රුපියල් 5ක වෙනස.. අර කරන් ආපු වැඩේ අත අරින්න බැරි කමට කරා මිසක් රු5ට ලොබ කමට නෙවේ කොරේ.. වෙන දවසකනම් අතේ සල්ලි නැති කමට කියලා කියත හැකි. කොව්ව කොහොම උනත් ඕන් කිරිබත්ගොඩ පාස් උනා. මෙන්න හෝල්ට් එකක් යන්න උනේ නෑ කොන්ද මං ලඟට ඇවිත් බෙරිහන් දුන්නා.. මල්ලි මොනාද මල්ලි කිරිබත්ගොඩට නේද ටිකට් ගත්තේ.. කොහෙන්ද බහින්නෙ..? අරකද මේකද කියලා.. විලිලැජ්ජාවෙ සංතොසෙ බෑ... අඩුගානෙ රු20කටවත් කෑගැහුවනම් හිතට දුකක් නෑ. රුපියල් 5ක් හොරෙන් ගියා කිව්වාම ඉතින් බල්ලො බත්කන්නෙත් නෑනේ.. දැන් මටත් කරකියා ගන්න දෙයක් නෑ.. රුපියල් 5ක් දෙන එක අවුලක් නෑ.. ඒත් නෝන්ඩිය. අනික බස් එක මැද්දෙ මං ඉදන් උන්නේ.. ඉස්සරහ දොරෙන් බැස්සත් පිටිපස්සෙ එකෙන් බැස්සත් ඔකොම බලාගෙන... දැන් මොනව කරන්නද.. උට කොන්දොස්තර කටක් තිබ්බත් ම්අයෙ කටත් එක්ක හැපෙත හැකියෑ... මමත් අනික් පැත්තට කිව්වා...
"අයියෙ බොරුවට කෑගහන්න එපා අයියේ.. රුපියල් 5ට නිකන් යන්නෙ නෑ... ඔයාට තවත් රුපියල් 5ක් ඔනිනම් ලඟට ඇවිත් හෙමින් ඉල්ලන්න තිබ්බා.. එහෙම උනානම් මං හිගන්නෙක්ට දුන්න කියලා හිතාගෙන දෙනවනෙහ්... ඔය වගේ කැතවැඩ කරන්න එපා.. ආමෙන්න ගන්නකො මේකින්..." ආදි වශයෙන් කෑ ගහල සාක්කුවට අත දාල සල්ලි කොල මිටිය ඇදලා අරන් ඒක ආසෙන් රු 10 කොලයක් අරන් දුන්නා... ඌට කට උත්තරත් නෑ.. ඌ හෙමින් සීරුවේ ඉස්සරහට ඇදුනෙ මට ලැජ්ජ නැති උනාට උට ලැජ්ජ තියෙන බව පසක් කරමින්.. ඒ අස්සෙ මයෙ එහාපැත්තෙ හිටපු ඇන්ටි මේ සිද්දිය දිහා ඇහැ ගහන් ඉදලා තියෙන්නෙ.. හොද වෙලාවට ඒ ඇන්ටි මං ටිකට් ගත්තායින් පස්සෙ මං ලඟින් ඉදගෙන තියෙන්නේ.. :D කොම හරි ඒ ඇන්ටි මට කියනවා.. "බලන්න පුතා ඕකුන්ගේ හැටි ඔහොම්මම තමා.. ඕකුන්ට ලබන ආත්මෙදිත් මේ වගේ බස් වල දුක් විදින්නම තමා වෙන්නෙ මේ කරන වැඩවලට.. හොදයි ඔහොම කතා කරපු එක. නැත්නම් වෙන ළෑමයි ලැජ්ජාවට සල්ලි දෙනවනෙ කීය ඉල්ලුවත්..." අරකද මේකද කියලා මා එක්ක බනින්නවා.. මට එතකොටනම් ටිකක් දුකත් හිතුනා මොකො ඇත්තටම වරද මගේ නොවැ.. ඒත් ඉතින් ඌ ටිකට් දුන්නෙත් නෑ.. අනික රු5 ඉල්ලන එක මං ලගට හෙමින් ඇවිත් ඉල්ලුවනම් දෙනවනෙහ්.. බස් එක මැද්දෙ කෑගහන්න වටිනවයෑ...
ප.ව.. මෙව්ව ඉතින් වීර ක්‍රියා නොවෙන විත්තිය මම දන්නවා.. ඒත් ඉතින් මයෙ ස්වීට් මෙමරීස් නොවැ මෙව්වා.. ඒකයි දැම්මේ.. ඒත් මං අර මුලින්ම කිව්වා වගේ කොන්දලාගට ආවෙ නැත්නම් ඩ්‍රයිවර්ට සල්ලි දීලා යන මිනිස්සුන්ට ගරුකරනවා ඉතින්.. :) මේ වගේ බස් එක ඇතුලෙ උනු තවත් පට්ටා සිද්දි ගොඩාරියක් තියේ... දැන් තියෙන තත්වෙ අනුව පාටකයන් අතරෙ එව්ව බෙදා ගන්න සුදුසු නෑ.. පස්සෙ වෙලාවක දාමුකෝ... :D
අහ්.. පළපුරුද්ද නැති අය මේවා අත්හදා බැලීමෙන් වලකින්න.. මොකද මේ වගේ වැඩ කරන්නත් හොද පුහුනු වීමක් අත්‍යාවශ්‍යයි...
ප. ප. ව.
මට ලැජ්ජ නැති උනාට කොන්දොස්තර මහත්වරුන්ට ලැජ්ජා ඇති බව අවසාන වසයෙන් දැනුම් දෙමි... :D