Thursday, December 29, 2011

මේ වෑයම රජවෙන්න නෙවේ, ජීවත් වෙන්ට..

වල් කතා කැත කතා අස්සෙ බර කතාවකුත් ලිව්වා එහෙනම්.. ;) දැන් ඔය කෝකටවත් අදාල නැති මෙව්ව කතාවක් කියන්ටෝනේ කියලා හිතුවා. බස් එකේ ඊලඟ හෝල්ට් එකට යනකොට කොන්ද සල්ලි ඉල්ලන් ලඟට ආවෙ නැත්නම් රුපියල් 7 ඩ්‍රයිවර් ට දීල යනව සහපත් සමාජෙක මං මේ වගේ පෝස්ට් කෑල්ලක් ලියන එකනම් අබ්ලික් වැඩක්... ඔන්න ඔහේ අලුත් අවුරුද්ද ලබන්ට කලින් ලියලා දානවා..

ඒත් ඉතින් අපි තුමන්ලා තාම ගෙවල් වල හැදෙන උදවිය. මොකො රස්සාවක් කරන එකක්ය. අම්මලා තාත්තලා ඉතින් ඉස්සරනම් අතපුරෝලා පොකැට් මනී දුන්නට ඔය මොකක් හරි කරපු කඩුප්පුලි වැඩක් දෙකක් ගෙදරට මාට්ටු වෙනකොට ඒ දෙන පොකැට් මනී බලන් ඉදිද්දි කප්පාදු වෙන විදිය ගොඩ දෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති.. හැක් හැක්.. මං තුමංටත් ඒම තමා ඕන්.. දැන් රුපියල් 20ක් වැඩියෙන් දෙන්නෙ නෑ තව රුපියල් 2ක් ඒකට දාල  ඈක්ක වැඩක් කොරාවිය කියලා.. :D ඒමෙයි කියලා ඈක්ක වැඩ නොකර ඉදිය හැකියෑ.. අපිත් ජීවත් වෙන්ටෝනිනෙහ්.. නැද්ද මං අහන්නේ..

ඒකට විකල්ප රස්සාවක් විදියට තමයි මං මේ සුළු පරිමානයෙන් ස්වයං රැකියාවක් විදියට තමා මේ ව්‍යාපාරය පටාන් ගත්තෙ.. :D  මොකද්ද ඉතින් සල්ලි නොදි හොරෙන් යෑම.. හොරකමනම් ඇත්තටම පිළිකුල් සහගත වැඩක් තමා.. ඒත් ඉතින් සතෙන් සතේ එක්හවු කොරලා තමා මාත් ඉතින් ජීවත් වෙන්නේ.. මොකො රුපියල් කීපයක් මිස් උනා කියලා ඒ බස් මාමට ජීවත් වෙන්ට බැරි වෙන්න බැරි වෙන එකක් යෑ.. :D අනික එකම බං එකෙන් නෙවෙයිනෙ කරන්නේ.. එතකොට මගේ ජීවන වියදම ඔක්කොම බස් මාමලා අතරේ බෙදිලා යනවා...

මේ විදියට මං මගේ ස්වයං රැකියාව හිච්චියට කොරන් යද්දි එකකාඑත්තකින් රසවත් අනික් පැත්තෙන් දුක් මුසු සිද්දි ගනනාවක් තියේ... එව්වායෙන් කීපයක් කියන්ට තමා දැන් මේ හදන්නේ... රසවත් උනත් දුක් මුසු උනත් එව්වා මයේ ස්වීට් මේමරීස් නොවැ.. ;)

කොයින් පටාන් ගන්නද කියලා හිතා ගන්ට බෑ... අහ් මේ මුල්ම දවස් වල.. මං ද්විතීක අද්‍යාපනය හදාරන කාලේ.. ඒ දවස් වල 154ට බොරැල්ලෙන් නැගාම උක්කුන්බයිගොඩ තමා අපේ ගමනාන්තය වෙන්නේ.. ඒහෙම් බැස්සාම කිරිබත්ගොඩ ඉස්කීම් එකේ දුම් අල්ලන්න සාම්බ්‍රානි එහෙම ගන්නෙ ඔය 154දි ඉතුරු කර ගත්තු සල්ලි.   එක එක දවස් වලට එක ප්‍රයෝග දානවා. අපි කොමත් 1.25ට ඉස්කොලෙ ඇරියට 2ට විත්‍ර තමයි බස් එකට නගින්නේ.. කෝමත් අර මහ පත නිල්පාට බැඩ්ජ් එකක් තියෙන ඉස්කොලෙ 1.30ට ඇරලා බොරැල්ල පහුකරනකොට 2ට විතර අති. ඉතින් අපි නගින්නෙ නිල්පාට බැඩ්වලින් සමන්විත බස් එකට. කෝමත් අපිට කලින් ඒ උන්දල ටිකට් අරන් ඉන්න හින්ද කොන්දටත් එච්චරම නෝට් නෑ  අපි බොරැල්ලෙන් නැග්ගය කියලා.. ඒක හින්දා ඉතින් අපේ ඉස්කොලෙන් නගින ඈයොන්ටත් ෆ්‍රී ටිකට් ඔනි තැනකට යත හැකි.
ඒත් ඉතින් අවාසනාවක මහත සමහරක් වෙලාවට කොන්දා මාමට නිල් පාට බැඩ්ජ් එකෙයි මෙරූන් පාට බැඩ්ජ් එකෙයි පාට නෝට් උනාම අපේ ෆ්‍රී  ටිකට් කැන්සල් වෙන ගැටළුව මං අවබෝද කරගත්තා.. ඉතින් ඔය ඔස්සෙ ඔය ගැටලුව නැති කොරන්ට විසදුමක් කම්පනා කරද්දි තමයි අපූරු දසුනක් මගේ ඇහැ ගැටුනේ.. ආන් අර නිල්පාට බැඩ්ජ් එක ගහගත්තු ළමයෙක් මහ පත පොතක් කියවනවා දිග ඇරගෙන.. :D ඇත්තටම උන්දැලාගෙ ඉස්කොල කෑල්ල ඉන්ගිරිසි ආරෙට හැදුන එකක් හින්දා ඒබව පෙන්නටද දන්නෙ නෑ ඒ වගේ පොතක් කියවන්නේ... කොව්වා කොහොම වෙතත් ඌ බැඩ්ජ් එක පෙන්නනෙ නැතිව ඉස්කොලෙ මොකද්ද කියලා පොතෙන් පෙන්නුවා.. ඉතින් මටත් දීප්තිමත් අදහසක් පිබුදුනා...
පහුව දා.... ඕන් මාත් බස් එකට නැගලා අහක්කල ඉඩතියෙන තැනක් බලල පටස්ගාල ඉදගත්තා.. ඉදගෙන නිකා හිටියෙ නෑ.. බෑග් එකට අතදාලා පට්ටා විසාල කඩ්ඩෙන් ලියපු පොතක් අතට ගත්තා. කවුරු හරි තට්ටු කරල පොතෙ නම මොකද්ද කියලා ඇහුවනම් තමා මට කෙළ වෙන්නේ. ඒක වෙනම කතාවක්... කොහොමින් හරි පොතේ එක පිටුවක තියෙන අකුරු ගාන නම් මං ගැන්නා... ඔන ඔහොම පොත පෙන්නලා මං බැඩ්ජ් එකේ පාට මාරු කරලා මයෙ බඩවියත රැකගත්තේ.. :D

කොහොමින් හරි 154 යද්දි මාටුවෙලානම් නෑ එකම සැරයක්වත් ටිකට් නැතිව. :D අහ් එකම සැරයක් සී ටී බී එකක මාට්ටු වෙන්ට ගිහින් බේරුනා... මං සූටිම කාලෙ ඉදන් බස් ටිකට් එක්හවු කරන පුරුද්දක් තිබ්බා.. අම්මල තාත්තලා එක්ක යනකොට ඒ අය ගන්න ටිකට් එක ටග්ගාල ඉල්ලගෙන මං මයෙ පර්ස් එකේ ඔබා ගන්නවා.. දැනටත් යාලුවෙක් මට ටිකට් එකක් ගත්තොත් ඒක ඉල්ල ගන්න සිරිතක් මං ලග තාම තියේ
එදා ටික්කංගෙන් දඩ නොකා බේරුනේ අන්න ඒ ටිකට් කලෙක්සන් එක පිහිටෙන්...  එදා කෝම හරි ඕලවලට දව්ස් 30ක්වත් නැද්ද කොහෙද.. කොළඹ යට වෙලා කියලා ටර්ම් ටැස්ට් කැන්සල් කරලා.. අපියි අපේ සහෝදර පාසලේ සැට් එකකුයි එක්හවු වෙලා දැන් නැවත් ගෙවල් බලා එනවා... ගෑණු ළමයි පිරිමි ළමයි ගොඩාරියයි... අපි කස්ටියක් පාපුවරුවේ එල්ලිලා යද්දි කස්ටියක් මාලු බානව බස් එක ඇතුලේ.. කෝම හරි උන්ගෙන් සමහරක් ඒ මාළුන්ටත් එක්කලා ටිකට් අරන් තවත් සමහරකට ඒ මාළු ටිකට් අරන්.. ;) අපිනම් ඉතින් අහින්සක ඈයො විච්චි පුඩ්බෝඩ් වාහන නොදැකපු ගොඩයෝ රැල වගේ වාහන බල බලා ආවා.. කොන්දා කෑ ගහනවා ඇතුලට එන්ට ඇතුලට එන්න කියලා... අපි ඌවත් බයිට් කොර කොර ආවට මොකො වැඩි දුරක් යන්ට කලින් ටික්කො මාමිලා බස් එක නැවැත්තුවා අපි පුඩ් බෝර්ඩ් එකේ 4ක් විතර. එකෙක්ගේ සාකුවෙ පරන ටිකට් එකක් තිබිලා එක හොදටම තෙමිලා.. එදා ගංවතුර නොවැ.. ඔන්න ඔහේ ඌ එක පෙන්නලා මාරු උනා.. කොන්දටත් හිනා... අපි අනික් තුන්දෙනත් හොදටම තෙමිලා හිටියේ.. ප'ස් එකත් හොදටම තෙමිල මායේ... මම ඉතින් දාගෙන අර ටිකට් කලෙක්ශන් එක ඇතුලෙ ටිකට් එක හොයනවා.. ;) ඒ ටික්කා මාමටත් එපා වෙලා යන්න යන්න කිව්වා.. :D ඉතිරි දෙන්නත් මාව පෙන්නලා මාරු උනා.. :D එදත් එහෙම දඩ නොකා බේරුනා...



හැමදාම ඉතින් බොරුවෙන් රජ කරන්න බෑකිව්වට මොකො මගේ මේ වෑයම රජ කොරන්ට නෙවේනෙහ්.. ඒත් ඕන් දවසක් අතේම මාට්ටු. නුගේගොඩ ඉදන් 138 කොටුවට නිකා ආවට එතන ඉදන් 138 කඩවත එන එක ලේසි වැඩක් නෙවේනෙහ්... මොකද බස් එක පටන් ගන්නෙ එතනින්නෙහ්.. ඒක නිසා අපි මගකට ටිකට් ගැනීමේ ප්‍රයෝගයක් අනුගමනය කරනවා.. මේ මතක ඕන් මමත් කඩවත කොටුව බස් එකේ අසුන් අරන් හිටියේ.. කඩෝතට යන්ට. එදානම් අතේ යහමින් සල්ලි ගැවසුනු දවසක්...  ඒක නිසා හොරෙන් යන්ටත් හිත දෙන්නෙ නෑ.. ඒත් විනෝදාන්ශයක් විදියට කරන් ආපු ක්‍රියාපටිපාටය අසන්තතික වෙනව නොවැ. ඔන්න ඔහේ කිරිබත්ගොඩට ටිකට් ගත්ත. කිරිබත්ගොඩට 22යි(ටිකට් එක හොදේ) කඩෝතට 27යි. අනේ රුපියල් 5ක වෙනස.. අර කරන් ආපු වැඩේ අත අරින්න බැරි කමට කරා මිසක් රු5ට ලොබ කමට නෙවේ කොරේ.. වෙන දවසකනම් අතේ සල්ලි නැති කමට කියලා කියත හැකි. කොව්ව කොහොම උනත් ඕන් කිරිබත්ගොඩ පාස් උනා. මෙන්න හෝල්ට් එකක් යන්න උනේ නෑ කොන්ද මං ලඟට ඇවිත් බෙරිහන් දුන්නා.. මල්ලි මොනාද මල්ලි කිරිබත්ගොඩට නේද ටිකට් ගත්තේ.. කොහෙන්ද බහින්නෙ..? අරකද මේකද කියලා.. විලිලැජ්ජාවෙ සංතොසෙ බෑ... අඩුගානෙ රු20කටවත් කෑගැහුවනම් හිතට දුකක් නෑ. රුපියල් 5ක් හොරෙන් ගියා කිව්වාම ඉතින් බල්ලො බත්කන්නෙත් නෑනේ.. දැන් මටත් කරකියා ගන්න දෙයක් නෑ.. රුපියල් 5ක් දෙන එක අවුලක් නෑ.. ඒත් නෝන්ඩිය. අනික බස් එක මැද්දෙ මං ඉදන් උන්නේ.. ඉස්සරහ දොරෙන් බැස්සත් පිටිපස්සෙ එකෙන් බැස්සත් ඔකොම බලාගෙන... දැන් මොනව කරන්නද.. උට කොන්දොස්තර කටක් තිබ්බත් ම්අයෙ කටත් එක්ක හැපෙත හැකියෑ... මමත් අනික් පැත්තට කිව්වා...
"අයියෙ බොරුවට කෑගහන්න එපා අයියේ.. රුපියල් 5ට නිකන් යන්නෙ නෑ... ඔයාට තවත් රුපියල් 5ක් ඔනිනම් ලඟට ඇවිත් හෙමින් ඉල්ලන්න තිබ්බා.. එහෙම උනානම් මං හිගන්නෙක්ට දුන්න කියලා හිතාගෙන දෙනවනෙහ්... ඔය වගේ කැතවැඩ කරන්න එපා.. ආමෙන්න ගන්නකො මේකින්..." ආදි වශයෙන් කෑ ගහල සාක්කුවට අත දාල සල්ලි කොල මිටිය ඇදලා අරන් ඒක ආසෙන් රු 10 කොලයක් අරන් දුන්නා... ඌට කට උත්තරත් නෑ.. ඌ හෙමින් සීරුවේ ඉස්සරහට ඇදුනෙ මට ලැජ්ජ නැති උනාට උට ලැජ්ජ තියෙන බව පසක් කරමින්.. ඒ අස්සෙ මයෙ එහාපැත්තෙ හිටපු ඇන්ටි මේ සිද්දිය දිහා ඇහැ ගහන් ඉදලා තියෙන්නෙ.. හොද වෙලාවට ඒ ඇන්ටි මං ටිකට් ගත්තායින් පස්සෙ මං ලඟින් ඉදගෙන තියෙන්නේ.. :D කොම හරි ඒ ඇන්ටි මට කියනවා.. "බලන්න පුතා ඕකුන්ගේ හැටි ඔහොම්මම තමා.. ඕකුන්ට ලබන ආත්මෙදිත් මේ වගේ බස් වල දුක් විදින්නම තමා වෙන්නෙ මේ කරන වැඩවලට.. හොදයි ඔහොම කතා කරපු එක. නැත්නම් වෙන ළෑමයි ලැජ්ජාවට සල්ලි දෙනවනෙ කීය ඉල්ලුවත්..." අරකද මේකද කියලා මා එක්ක බනින්නවා.. මට එතකොටනම් ටිකක් දුකත් හිතුනා මොකො ඇත්තටම වරද මගේ නොවැ.. ඒත් ඉතින් ඌ ටිකට් දුන්නෙත් නෑ.. අනික රු5 ඉල්ලන එක මං ලගට හෙමින් ඇවිත් ඉල්ලුවනම් දෙනවනෙහ්.. බස් එක මැද්දෙ කෑගහන්න වටිනවයෑ...

ප.ව.. මෙව්ව ඉතින් වීර ක්‍රියා නොවෙන විත්තිය මම දන්නවා.. ඒත් ඉතින් මයෙ ස්වීට් මෙමරීස් නොවැ මෙව්වා.. ඒකයි දැම්මේ.. ඒත් මං අර මුලින්ම කිව්වා වගේ කොන්දලාගට ආවෙ නැත්නම් ඩ්‍රයිවර්ට සල්ලි දීලා යන මිනිස්සුන්ට ගරුකරනවා ඉතින්.. :) මේ වගේ බස් එක ඇතුලෙ උනු තවත් පට්ටා සිද්දි ගොඩාරියක් තියේ... දැන් තියෙන තත්වෙ අනුව පාටකයන් අතරෙ එව්ව බෙදා ගන්න සුදුසු නෑ.. පස්සෙ වෙලාවක  දාමුකෝ... :D
අහ්.. පළපුරුද්ද නැති අය මේවා අත්හදා බැලීමෙන් වලකින්න.. මොකද මේ වගේ වැඩ කරන්නත් හොද පුහුනු වීමක් අත්‍යාවශ්‍යයි...

ප. ප. ව.
මට ලැජ්ජ නැති උනාට කොන්දොස්තර මහත්වරුන්ට ලැජ්ජා ඇති බව අවසාන වසයෙන් දැනුම් දෙමි... :D

Tuesday, December 27, 2011

නෝ පී ඇම් සී...! | no PMC...!

ඕන් අද ආව අනුවේදනීය කතා පුරෝර්තියක් අරන්... හුග කාලෙකින් නොවැ ආවේ... ඕන් අලුත් අවුරුද්දෙ ඉදන්වත් සතියකට එක මෙව්වා එක ගානෙ ලියන්ට හිතා ගත්තා.. එව්ව නෙවේ අද මෙව්ව එක මෙන්න...

මේ පෝස්ට් කෑල්ල ලියන්ට හිතුනෙත් තැන් කීපයකම තිබුනු මාතෘකා දැකලා... ඔය ඈ ලැවල් ලකුණු අප්සොට් එකත් එක්ක මේ මාතෘකාවත් ඕන් නැගලම යනවා... බුකියෙත් එහෙමයි කියෝන කියෝන් බ්ලොග් එකෙත් එහෙමයි..

ගොඩදෙනෙක් කෑ ගහනවා පී ඇම් සී එක එපා කියන්න එපා කියලා.. :D  පී ඇම් සී කියන්නෙ ඔය ප්‍රයිවට් මැඩිකල් කොලේජ් කියන එක නොවැ. සමහරක් කියනවා පී ඇම් සී එක එපා කියන්න හරි හමන් තර්කයක් නෑය කියලා... මයේ හිච්චි මෝළෙට හිතුනු තර්ක මෙහෙම කියන්ට හිතුවා.. අහන්නෝ අසත්වා...


අපි කිණ්ඩියට වගේ හිතමුකෝ ඔයා බයෝ කරේ... ඕන් රිසාල්ට් ඇවිත්.. (මෙවර උ පෙළ ප්‍රතිපල අප්සට් එක නොසලකා හරින්න) ඉතින් z ලකුණු තියෙන්නෙ කටෝෆ් මාර්ක් එකේ. අපි නිකමට හිතමු 1000ක් මැඩිකල් පැකලටි එකට ගන්නවයි කියලා.  ඔයාගෙ අයිලන්ඩ් රෑන්ක් එක 1001..  ඉතින් ඔයාගේ අම්මලා තාතලට දෙවැනිසැරයක් ක්ලාස් පීස් ගෙවන්න තරම් මූල්‍යමය හැකියාවක් නැති වෙන්න පුලුවන්. (කේන්ති ගන්න එපා හොදේ)  ඉතින් ඔයා  මහ දොස්තර කෙනෙක් වීමේ සිහිනයට තිත තියලා දත් දොස්තර කෙනෙක් වෙන්න යනවා. ම්ම් ඕන් හෙනට සල්ලි තියෙන තවත් කෙනෙක් ඔයත් එක්කම විභාගෙ ලියලා ඒ හැටි පාසුත් නෑ. ඒත් ඉතින් පාස් නොවැ. පී ඇම් සී යන්ට අවශ්‍ය සුදුසුම්ටික සපුරලා තියෙන්නෙ..  ඇයි යන්තන් හරි ඒ ලෙවල් පාස්. ඔනිතරම් වියදම් කරන්න සල්ලි තියෙනවා... ඉතින් සුදුසු කම් ටික සැපිරිලා.  ඉතින් ඒ ළමයා ඕන් පී ඇම් සී ගිහින්  කෝම හරි මහ දොස්තර කෙනෙක් වෙනවා. ඔය අතරෙදිනෙ ඔයා ඩෙන්ටල් ගියේ.. ඉතින් අර ළමයා මහ දොස්තර වෙද්දි ඔයා දත් දොස්තර වෙනවා.

මං දන්නවා ඔයා එහෙම අනුන්ට ඉර්සියා නොකරන විත්තිය. :D ඒක නිසා ඔය දෙන්න අතරේ ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. ඒත් ඔයදෙන්න අතරෙ අවුලක් නැති උනාට ඔයදෙන්න්ගෙන් බෙහෙත් ගන්න එන ලෙඩ්ඩුන්ට පොඩි හරි අවුලක් වෙනවා නේද.. ඔව් ඔයා ගාවට එන ලෙඩ්ඩුන්ගෙ දත් ඔයා හොදට ගලෝනවා. ;) ඒත් අර දොස්තර මහත්තයා ගාවට එන ලෙඩ්ඩු??

මංදා මට හිතෙන විදිය... පතේ පොතෝ දැනුමෙන් විත්‍රක් නම් ලංකාවේ ඒ ලෙවල් කරන්ට බෑ. කරන්ට ඇහැකි ඉතින්. ඒත් සී තුනකට එහා යන්න නම් අමාරුයි.. :) ඔයා කටෝෆ් මාර්ක් එකට වෙනකන් හරි ලකුණු ගත්තේ ඔයාට පතේ පොතේ දැනුම විතරක් තියෙන නිසා නිවේ.. ඔයාගේ ආකල්පත් හොදට හැදිලා තියෙන නිසා. ඉතින් මංට හිතෙන්නෙ එහෙම ආකල්ප හොදට හැදුනු කෙනෙක් දත් දොස්තර කෙනෙක් වෙද්දි ඒ තරම්ම ආකල්ප හොදට හැදුනු නැති කෙනෙක් මහ දොස්තර කෙනෙක් වෙන එක මහා අපරාදයක් කියලා...
ඔය වගේ උනාම තමයි තමන්ගෙන් බෙහෙත් ගන්න එන ගෑණුන්ගෙන් ආතල් අරන් මරලා දාන දොස්තරලයි, බඩේ ගල අහක් කරගන්න අපු ලෙඩාගෙ වකුගඩුයි ගලෝගෙන ගෙදර අරින දොස්තරලයි බිහිවෙන්නේ..

ඒ කතාව එහෙම අහක් වෙනකොට දැන් අර පාරේ කෑගගහ යන මැඩිකල් ඉස්ටුඩන්ට් ලට තියෙන කැහිල්ල මොකද්ද කියලා සමහරු අහල තිබානේ. අනේ මං ඒ අයගෙන් ගොහින් ඇහුවේ නෑ පී ඇම් සී දැම්මාම ඇයි කහන්නෙ කියලා... මට හිතෙන විදියට මේකයි ඒ අයට කහන්න හේතුව...

එකක් ඒ අයත් එක්ක සමකාලීනව තමයි දැන් පී ඇම් සී එකේ ඉගන ගන්න ඈයොත් දොස්තර මහත්තුරු වෙලා එළියට එන්නේ.  ඉස්සර සෞක්‍ය ඇමතිට මාද්‍ය සාකච්චා වලදි කතා කරන්න උනේ ඉන්ජක්සන් බෝතලේ හිටපු ගුල්ලා ගැන උනාට අනිවාර්යයෙන්ම ඒ අය එළියට බැස්සාම සෞක්‍ය ඇමතිට කතා කරන්න වෙන්නේ ලංකාවේ අවයව වෙලදාම  වගේ දේවල් ගැන තමා... ඉතින් ඒ තත්වෙට ලංකාවත් වැටුනාම මේ දොස්තර පී ඇම් සී, මේ දොස්තර ජී ඇම් සී කියල වෙනසක් නෑ. ඔක්කොම දොස්තරලට තමයි ඒ කැළැල එන්නේ. ඉතින් එහෙම වෙනකොට මෙච්චර කාලයක් ලංකාවෙ තිබ්බු පට්ට වෛද්‍ය සේවයට මොකෑ වෙන්නේ?  ඒක එකක් වෙන්ටෑ ඔය කැසිල්ලට හේතුව... :)

 ඒකෙනුත් ලොකුම පාඩුවක් වෙන්නෙ අහින්සක ලෙඩ්ඩුන්ට නොවැ. කොහොමත් වෙන මනුස්සෙක්ට වෙන අසාදාරනේකට තවත් මනුස්සේක් කතා කරනකොට එක්කො උට බඩේ ඇම්මක්.. නැත්නම් කැසිල්ලක්.. :D

දෙවැනි කාරනේ ගත්තො ඒ අසාදාරනේ කෙලින්ම වෙන්නෙ ජී ඇම් සී වල ඉගන ගන්න මැඩිකල් ඉස්ටුඩන්ට්ලටමයි. මේකයි ඕවල උගන්නන ප්‍රොෆිසර් සීයලා. සීයා උනත් ඩයල් දස්සයෝ.. ඒත් ඉතින් වලපයයි ගොඩපයයි නොවැ ඒ මිනිස්සු ඉන්නේ. සාමාන්‍යයෙන් රජයෙන් ලැබෙන්නෙ ඒ උන්දන්ට රුපියල් 70000ක විතර පඩියක්.. ඉතින් පී ඇම් සී එකේ උගන්නන ඈයන්ට ඇබෑර්තු තියේ. පඩිය ලක්ෂ 2කේ සිට ඉහලට.. :D ඌ ප්‍රොෆා උනත් පෘතග්ජන මිනිහෙක්. අනික වලපයයි ගොඩපයයි. කෙස්ස පැහෙනකන්ම ඒ මනුස්සයා ලංකාව ඇතුලෙ උගන්නලා එයාට අදාල යුතු කම කරලයි තියෙන්නේ. ඉතින් මේ අන්තිම ටික කාලෙ රුපියල් 70000ට පයින් ගහලා  ලක්ෂ 2ක පඩියකට පි ඇම් සී එකට යන එක සාදාරනයි. ඒත් එහෙම නොයන ප්‍රොෆාලා ඉන්නවා කියලත් කියන්න ඕනි. කොව්ව උනත් එහෙම අපේ මැඩිකල් පැකලටිය දාල ප්‍රොෆාල ගියාම ඒකෙන් හොදටම පාඩුව වෙන්නෙ ඒකෙ ඉගන ගන්න මැඩ්කල් ඉස්ටුඩන්ට්ලට නේද?

ඒ ප්‍රොෆාල විශයේ කෙළ පැමිණි ඈයො. සමහරක් ඔපරේශන් කරලා ඇක්ස්පීරියන්ස් එක තියෙන්නෙත් ඒ උනදන්ට විතරයි. එහෙවු කෙනෙක් අරවගේ ගියාම වෙන්නෙ මොකද්ද? හැක් හැක්...
පී ඇම් සී එකේ අ‍යෝ "මේක කැපුවාම මෙහෙම වෙනවා" කියලා ඉගන ගනිද්දි හරි විදියට ඒ ලැවල් පාස් උන්නු ඈයෝ "මේක කැපූ වාම මෙහෙම වෙනවලු" කියල ඉගන ගන්නවා.

මම මේ කිව්වෙ මම විහිළුවට හරි මැඩිකල් පැකලටියේ උන්නොත් මට කැහිල්ලක් ඇති වෙන්න හේතුව... :D

මෙහෙමවත් කැහිල්ලක් තියෙන් ඈයි නැති උනොත් හිපක්‍රොටික්ස්ගේ ආචාර්‍යදර්ම වලට මොනවා වෙයිද දන්නෙ නෑ..

ප.ව.
පෝස්ටුව අහවරයි. සුදු හංසි අක්කගේ පෝස්ටුවක් දැකලා තමයි මටත් මේක ලියල දැම්මේ.. :D
Related Posts Plugin for WordPress, Blogger...